Toyota Townace (Lotto)

ASR

Active member
  • Feb 21, 2007
    741
    241
    43
    ape gedara thiyenneth okak thamai. 59 numer ekak. aluthen 4c engine ekak tibba. 2i ganak giya wedeta. kisima awulak thama avith ne. parts ona tharam thiyenawa. ona thenakin repair karaganna puluwan. hodata pavichchi karapu ekak balala ganna.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,396
    10,997
    113
    Kandy
    උඩින් තිබ්බ පෝස්ට් නම් කියෙව්වෙ නෑ මචන්. මම දන්න ටිකත් කියන්නම්. ඕක මචන් නියම වාහනයක්, ඩිලිවරි සර්විස් එකකට. අවේනික ලෙඩක් කියල ඇත්තෙම නෑ. අපේ ගෙදර තිබ්බෙ 96 ෆ්ලැට් රූෆ්, ටූ වීල් දොර හතර මැනුවල් එකක්. අවුරුදු 14ක් තිබ්බා. කවදාවත් වදයක් දීල නෑ, ඒත් මචන් මම ඩිලිවරි කතාව කිව්වෙ ඇයි දන්නවාද, ඕකෙ සැපක් කියල මෙලෝ දෙයක් ඇත්තෙ නෑ. මුල් දවස් වල නම් අවුලක් නෑ. ඒත් දැන් කාලෙ තියෙන ට්‍රැෆික් එකයි රස්නෙයි එක්ක ඕකෙ ඒසී එක නම් හොඳටම මදි. ඩුවල් ඒසී එක නම් සමහරවිට හොඳ ඇති. අනිත් එක මචන් පස්සෙ යන එක අපා දුකක්, ගල් රෝලක යනව වගේ. නමුත් පුතා ඉස්සරහ නම් නම් බබා වගේ තමයි සස්පෙන්ෂන් හොඳ නම්. පස්ස ඉතින් කරන්න දෙයක් නෑ. මේන්ටෙනන්ස් ස්පෙයාර් පාර්ට්ස් රෙපෙයා ගැන නම් වොරි වෙන්න එපා. හන්දියෙ කඩෙන් බඩු අරගෙන ජෑම් ගහ යට ගරාජ් එකෙන් හදා ගන්න පුලුවන්. ඩීසල් ගහල තෙලුයි වතුරයි බැලුවනම් වාහනේ දුවයි.
    අනිත් එක දෙපැත්තෙ බොඩිය හොඳට බලපන් (බ්‍රෑන්ඩ් නිව් එකක් බලනව වගේ නෙවේ) ඕකෙ තියෙන රැලි නම් මෙලෝ වැඩ්ඩෙකුට කෙලින් කරන්න බෑ. සමහර වෙලාවට කැතට පේනවා.
    අනේ මචන් අරගෙන බොකු වීල් දාල, ඉනිමං හුඩ් රැක් ගහල, ස්ටිකර් ගහල කන්න නම් එපා. ඔරිජිනල් විදියටම තියාගන්න. සල්ලි අතේ වගේ තමයි, ඕනි වෙලාවක දෙන්න පුලුවන්. අපේ එක විකුණන ආරන්චියට එකෙක් අරන් ගියා 22.5 කට ගිය සුමානෙ. නමුත් වෑන් එකක් විදියට හොඳටම තිබ්බා.
    ලොකු සැපක් බලාපොරොත්තු වෙන්නෙ නැත්තම් ගන්න, අඩු වියදම් හොඳ වාහනයක්. ඩුවල් ඒසී එකක් පොඩ්ඩක් බලන්න 'ජීඑල්' එකක් වගේ. අපේ ගාව තිබ්බෙ ඩීX එකක්.