The Hobbit කියන්නේ The Lord of the Rings කතා ත්‍රිත්වයේ මුලාරම්භය සිද්ද වෙන කතාව කිව්වොත් නිවැරදි. මේ කතාව චිත්‍ර පටියක් විදිහට 2012 දි තිරගත කරන්න දැන් කටයුතු කටගෙන යනවා. මේ දැවැන්ත නිර්මාණයට දැනට ගණන් බලල තියන විදිහට ඇමෙරිකානු ඩොලර් මිලියන 150 ක් විතර වැය වෙයි කියල දැනට ගණන් බලල තියනවලු. මේ කතාව කොටස් දෙකකකින් තිරගත කරන නිසා මුලු ව්‍යාපෘතියටම ඇමෙරිකානු ඩොලර් මිලියන 400 ක් විතර යනවා ලු.
මෙහි නිෂ්පාදනය කරන්න දැවැන්ත සමාගම් දෙකක් වන New Line Cinama සහ Warner Bors කැමැත්ත පල කරලා තියනවා. The Lord of the RIngs චිත්‍රපටි අධ්‍යක්ෂණය කරපු Peter Jakson මේ චිත්‍රපටිත් අධ්‍යක්ෂණය කරනවා. කලින් චිත්‍ර පටිවල රගපාපු නළු නිලියෝ මේ චිත්‍රපටි වලත් රග පන්න නියමිතයි.
ලබන වසරේ පෙබරවාරි මාසයේ මේකේ වැඩ පටන් ගන්නවා. නවසීලන්තයේ හෝ එංගලන්තයේ පටිගත කිරීමේ කටයිතු සිද්ද වේවි.





