මොරා CSE නේද? IT නෙමේනේ?
Mama iT . Ape unwa 1.20ta wage yanawa horai.. batch ekaka 10-20knam 1 pannala yanawa normally. Samanyen ape un godak yanne 80-90 thama

Last edited:
මොරා CSE නේද? IT නෙමේනේ?

A. සිරියා;21456159 said:matath ekek kiwwa Virtusa eken mora IT ekewa 120 ta gaththa kiyala..
maybe bullet ekak wenna athi
naththan mora it ochchara loku offer walata yanawa adui mama danna hatiyata
ලංකාවේ වැඩියෙන්ම අය ඉන්න IT කොම්පැනි එකක් තමයි Virtusa (Virtusa-Polaris) කියන්නේ. Virtusa කියන්නේ ලංකාවේ තියන ලොකුම IT කොම්පැනි එකක්. මම අද කියන්න යන්නේ Virtusa එකෙන් කරන මහා පරිමාණ බලු වැඩක් ගැන.
![]()
![]()
මුලින්ම කියන්න ඕන මේක මහා ලොකු රහස් හෙලිදරව්වක් නෙමෙයි. Sri lankan IT industry එකේ ටික කාලයක් හිටපු ඕන කෙනෙක් මේ ගැන දන්නවා. ඒත් අලුතින් industry එකට එන ගොඩක් අය (අලුතින් out වෙන නංගිලා මල්ලිලා) මේ සිද්ධිය ගැන දන්නේ නැතුව මෝඩ තීරණ ගන්නවා ඇස් දෙකෙන් දැකපු නිසාම මේ ගැන දාන්න ඕන කියල හිතුවා.
කියන්න ආපු එක කියන්න කලින් virtusa එක ගැනත්, ඒකේ වැඩ වෙන හැටි ගැනත් පොඩි විස්තරයක් කියලා ඉන්න ඕන කියල හිතුනා.
virtusa එකේ ක්‍රමය අනිත් කොම්පැනි වලින් වෙනස් වෙන විධි කිහිපයක් තියනවා. පළවෙනි එක තමයි virtusa එකේ තියන vacancy තොගේ. හැමදාම වගේ මුන්ගේ recruitment යනවා. මේකට හේතුව තමයි නිතරම employeesලා අයින් වෙන එක. ඒක නිසා virtusa එකේ කට්ටිය නිතරම මාරු වෙනවා. අද දැකපු එකා හෙට නෑ. අලුත් මූණක්.
අනික තමයි මේකේ projectවල වැඩ කරන විදිය. සාමාන්‍යෙන් අලුතින් ගියාම internal exam එහෙම ලියලා සෙට් වෙන්න ඕන. ඊට පස්සේ ඇතුලේ project වලට සෙට් වෙන්න වෙනමම interview තියනවා! සමහර වෙලාවට ඇතුලේ ප්‍රොජෙක්ට් එකට යන්න වෙනම document (පොලිස් සහතික, ග්‍රාම සේවා සහතික ) ඉල්ලන්නත් පුලුවන්.
මේ ඇතුලේ interview වලින් project සෙට් උනේ නැති අයට කියන්නේ bench එකේ ඉන්න අය කියලා. මේගොල්ලන්ට කරන්න ලොකු වැඩක් නෑ. bench අය වැඩ කරන්න ඕන පැය 6යි. 9ට ආවනම් 3 ට යන්න පුලුවන්. කිසි ප්‍රශ්නයක් නෑ.
අනික තමා පඩිය. එකේ ඉන්න බහුතරේකට ගෙවන්නේ අඩු පඩියක්. සාමාන්‍යෙන් අලුතින් QA කෙනෙක් ගන්නේ 25-30k කට වගේ. ASE කෙනෙක් 40-50k කට වගේ.
හැබැයි වෙනම සෙට් එකක් ඉන්නවා, ඒ ගොල්ලොන්ට වෙනමම ගෙවනවා අර අඩු පඩි ගෙවන උන්ට හීනෙන්වත් හිතන්න බැරි ගණන්. ඔය ලොකු පඩි ගෙවන සෙට් එකේ QA කෙනෙක්ට පටන්ගනිද්දී 150k + ගන්න පුලුවන්. SE නම් 200k + පුලුවන්. අර පහලම අයයි මම දැන් කියපු අයයි අතරත් කට්ටියක් ඉන්නවා හැබැයි අඩුවෙන් ඉන්නේ. ඒ වගේම තව ඉතාම සුලුතරයක් ඉන්නවා මාසෙට ලක්ශ 20-30ට වැඩි පඩි ගන්න සෙට් එකකුත්.
දැන් බලමු මොකක්ද මුන් කරන බලු වැඩේ කියලා. virtusa එකෙන් client project ගත්තම ඒවයේ budgeting කරද්දී ලොකු employee count එකක් පෙන්නනවා. මෙහෙම කරන්නේ developer cost එක වැඩි කරලා client ගෙන් ගාණ කපාගන්න. සාමාන්‍යෙන් අපිට ගෙවන ගාණ වගේ 10 ගුණයක්වත් දාල තමයි ලොකු ලොකු කොම්පැනි වල costing හදන්නේ.
ඉතින් employee count එක ලොකු කරලා පෙන්නන තරමට මුන්ට වාසියි. ඉතින් count එක නිකම්ම on paper පෙන්නලා හරියන්නේ නෑ නෙ. ඒකට හරියන්න කට්ටියත් කොම්පැනියේ ඉන්න එපැයි.
ඉතින් දිගට හරහට කට්ටිය ගන්නවා. හැබැයි හිඟන පඩියට. උන් ඉහිටියද නැද්ද කියන එක, ඔතෙන්ට ආවට පස්සේ උන්ගේ career වලට මොකද වෙන්නේ කියන එක virtusa එකට අදාල නෑ.ගොඩක් වෙලාවට මෙහෙම low salary එන්නේ අලුතින් එන අය. මේගොල්ලගෙනුත් බොහොම ටික දෙනෙක් තම මේ ගොල්ලා තියාගන්නේ. වැඩ මදි අය bench දාල තියාගන්නවා. හැබැයි කවදාවත් අයින් කරන්නේ නම් නෑ. පල නොකියා පලා බෙදනවා.ඉතින් අරුන් නිකන් උඩ බලන් ඔෆිස් එකට වෙලා ඉන්නවා. වෙන ජොබක් සෙට් උනාම යන්න යනවා!
මම මුලින් කිව්වනේ අර ලොකු ලොකු පඩි වලට ගන්නවා කියලා. උන් තමයි ඔතෙන්දී client proect ගේම handle කරන්නේ. වැඩ කරන්නේ අර මැද මට්ටමේ උන්. ඕක තමයි කතාව.
ඉතින් කැම්පස් අවුට් උන ගමන් පටස් ගාලා virtusa සෙට් වෙන්න පුලුවන්. හැබැයි ගන්නේ ගොඩක් අඩු පඩියකට නම් දෙපාරක් හිතලා බලන්න. ඔබටත් මම කලින් කියපු එක වෙන්න පුලුවන්. ගොඩාක් අය virtusa කියන නමට ඒකට යනවා පඩිය ගැන හිතන්නේ නැතුව. ගිහින් අනාගන්නවා. ඉස්සර කාලයක් තිබුනා තමයි virtusa එකේ වැඩ කරා කිව්වමත් ජොබ් වලට ගන්න. ඒත් දැන් එහෙම තත්වයක් නෑ කියල හොඳට මතක තියාගන්න. ජොබ් වලට ගියාම කියන්න වැඩකරපු ප්‍රොජෙක්ට් තියෙන්න ඕන. බෙන්ච් එකේ හිටියා කියලා කියන්න බෑනේ.
මම කියන්නේ නෑ virtusa යන්න එපා කියලා. ඇත්තටම ඒක experience ගන්න හොඳ කොම්පැනි එකක්. හොඳ work culture එකක් තියනවා. සෙට් උනොත් යන්න, හැබැයි බෙන්ච් තියනවනම් ඉක්මනට අයින් වෙන්න. පොඩි කොම්පැනියක් උනත් වැඩ තියනවනම් නියමෙට experience සෙට් වෙනවා.
අනික virtusa යනවනම් se, ase, qa වගෙ යනවා මිසක් ඔය PEGA අනන් මනම් වලට යන්න එපා. අනාථයි. නාථයි.
මම මේ කියපු දේවල් අදාල වෙන්නේ fresh out උන සාමන්‍ය මට්ටමේ knowledge අයට මිසක් class තියාගෙන out උන වැඩ්ඩන්ට නෙමෙයි හොඳේ. අනිත් අය මේවා හිතන්න එපා.
මට virtusa එකත් එක්ක තරහක් නෑ. මාත් virtusa වැඩ කරපු කෙනෙක්. මම කියන්නේ ඔය බලු වැඩේට අහුවෙන්න එපා කියලා විතරයි.
හම්මේ අත රිදෙනවා ටයිප් කරලා! IT සෙට් එකට බලාගන්නත් එක්ක bump එකක්, දූශණයක් දාගෙන යන්න.
EDIT PS: අලුතින් තොරතුරු ටිකක් දැම්මා 4 වෙනි පිටුවේ ඒකත් බලන්ට. link to post