වර්ටුසා කිව්වොත් ලංකාවේ අයිටී ඉගෙනගන්න කොල්ලෝ කෙල්ලෝ ගොඩක් දෙනා පදිරි වෙයි. ඒත් ඇත්ත ඒක නෙමෙයි. ඕකේ ඉන්න සමහර අපේ යාලුවොත් සමහර වෙලාවට කියන කතා ඇහුවහම දුක හිතෙනවා. ඔතන පඩි ගැන කියනවනම් ඇත්ත ඕක තමයි. එක අතකින් ඒක වර්චුසා එකේ වැරැද්ද නෙමෙයි. නම තියන ප්‍රසිද්ධ ලංකාවේ ගොඩක් කොම්පැනි වල පඩි කතන්දරේ ඔච්චරයි. අපේ එවුන් සෙට් එකක් ඕකේ ඉන්ටර්න් ගිහින් අයින් වුණා මාසයක් වත් ඉන්නේ නැතුව ඉන්න බැහැ කියලා. රෑ එක දෙක වෙන කං එන්න දෙන්නේ නෑලු. ට්‍රාන්ස්පෝට් දුන්නත් නෑ වගේලු. ඊටපස්සේ උන් වෙනුවට ගත්ත එවුන්ට ලොකු කාලෙකට ඇග්රිමන්ට් ගහලා තියනවා අස් වෙන්න බැරි වෙන්න. වර්චුසා ටැග් එක බෙල්ලේ එල්ලගෙන යන ගොඩක් අයට ඔතන ෆුඩ් කෝට් එකෙන් කන්න තරම් වත් වත්කමක් නෑ. ලක්ශ 10 20 දීල අයිටී ඩිග්රි ගත්ත එවුන් පව්. ඔය හේතුව නිසා ඇත්තම වැඩ්ඩෝ වුණත් ඔතනට යන්න කැමති නෑ.
ලංකාවේ කඩවල් ගානේ තියන අයි ටී ඩිග්රි ගත්ත අයට එක අතකින් ඕක හොඳ තැනක්. මොකද කතාවට වුණත් කියන්නේ බේස්ලයින් පාරේ පයින් ගියත් ඕකට ඇදලා ගනී කියලනේ. අයි ටී / පිසිකල් / ඉන්ජිනියරින් බැරිනම් එම්බීබීස් තිබ්බට් ඕකට ගනී.
අන්තිමට කියන්න ඕනේ ලංකාවේ ඕන තරම් අයිටී කොම්පැනිම තියනවා ඔයිට වැඩිය ගොඩක් හොඳට පඩි ගෙවන හොඳින් සලකන. හැබැයි ඒ වගේ තැන් වලට යන්න අයි ටී කඩේකින් ඩ්ග්රියක් විතරක් මදි. නොදැනුවත් ව කරන්නන් වාලේ අයි ටී කරන අපේ එවුන් පිලිබඳව විනාඩියක නිශ්ශබ්ධතාවයක්