මචන්, උබ ඔය කාර්1 හොදට study කරපන්. AMW උන් ඕක ගෙන්නන්නේ basicම options ටිකක් එක්ක WagonR Premium කියල brand කරලා. අඩු ගානේ Japanese domestic basic කාර් එකක තියන සමහර options වත් උන් ගෙන්නන model එකේ නැ. සරලව ගනින්කෝ head-up display එක. ඔය කාර් එකේ meter panel එක මැද්දෙන් එන හින්ද head-up display1 හැම model එකටම standard කරල තියෙන්නේ (drive කරද්දී ලේසි වෙන්න). එත් මුන් එකත් ගලෝල තමයි ඕක ගේන්නේ. අනික domestic කාර්1 safety package කියල එකක් හැව්. ඒකට උන් auto break, lane departure alerts, parking assistance rear camera (steering guides එක්ක), traction control වගේ features ටිකක් දීල තියනව. ඔය එකක්වත් ඔය ගෙන්නන එකේ නෑ.
අනිත් සීන් එක තමයි ඔච්චර late වෙන්න හේතුව,,,, reality එක ඇවිල්ල මුන්ගේ එක shipment එකකට අරුන් authorize කරන්නේ limited quantity එකක්. මොකද උන් ඉල්ලන කාර් එක Japanese production line එකේ නැති හින්ද. ඉතින් බං එක පාරකට පොඩි quantity එකක් ගේද්දී 200, 300 වගේ line up ඉන්නකොට late වෙනවා. අනික මෙහෙට ආවට පස්සේත් මුන් තව පොඩි පොඩි වැඩ වගයක් අදිනවා. reverse camera, emblem එක, සෙටප් එක... etc. ඔය ඔක්කොම අල්ලලා තමයි date දෙන්නේ. තවත් දෙයක්, මුන් කියන්නේ ලංකාවේ උන් ලගට එන මිනිස්සුන්ගේ standard1 අදුරගෙනලු තියෙන්නේ. නොකිය කියන්නේ අපේ උන්ට power steering එක්ක ABS තිබ්බනං හොදටම ඇති වගේ සීන් එකක්. ඉතින් ඔක්කොම අරන් බැලුවොත් උන්ට කාර්1කින් යන්න පුළුවන් උපරිම profit margin එකකට මේකෙන් යනවා.
උබට මට කියන්න තියෙන්නේ, AMW උන් market කරන price එකට Japanese domestic 0 millage + safety package එක්කම කාර් එකක් ගෙන්නන්න පුළුවන්. ලොකු ගානක් යට කරලා කාලයක් දුවන්න ගන්න එකේ හොදට කල්පනා කරලා තීරණයක් ගනින්.
*හැබැයි, මෙහෙම දේකුත් හැව්. AMW විතරයි Suzuki Authorized dealer ලංකාවේ. ඉතින් උන්ට විතරයි brandnew එහෙමත් නැත්තන් Original කියල පොතේ වදින විදිහට වාහනයක් ගෙන්නන්න පුළුවන්. උබ 10/20 km දුවපු (0 millage) කාර් එකක් private import කරත් recondition විදිහට තමයි ලංකාවේ register වෙන්නේ.
උබට ජය !