Wanni Operation(copy)

66000V

Well-known member
  • Jan 6, 2013
    2,247
    1,209
    113
    වන්නිමෙහෙයුම පිළිබඳව....

    මෙහෙම POST එකක් දාන්න බලාපොරොත්තුවක් තිබ්බෙ නෑ.නමුත් ගොඩක් අය මේ දේ වැරදියට දකින්න ඉඩ තියනවා,
    අදහස් වලට කන්දෙන්න සූදානම්.

    ගොඩක් අයගෙ කතාව "වන්නි මෙහෙයුම" ගැන මේ දවස් වල, ඒක ගැන තමා කියන්න යන්නේ,මොකද ඒක නිසා "Game Developer" කෙනෙක් වෙන්න
    හීන දකින කෙනෙක් තමන්ගෙ හීනය අතහරින්න පුලුවන් මොකද Wanni Operation, Cancel කල නිසා.

    සමහර අය මේ DLC කතාවක් කියනවා, නමුත් ගොඩක් අය දන්නේ නෑ ඒ මොකක්ද කියලවත්, මොකද පාසල් අධ්‍යාපනයෙන් ලබා දෙන ආකල්ප එක්ක
    දෙයක් හොයලා බලන්න ඒ තරම් හිතෙන්නේ නෑ.

    DLC කතාව සරලව තේරුම් ගන්න බලමු මුලින්.

    කවුරුත් 3 Wheel වල ගිහින් තියනවනෙ, මුලින්ම 3 Wheel එකක් ගත්තම කට්ටිය කර වැඩක් තමා තමන්ට ඕන පාට ගාල ඒක ලස්සන කරගන්න එක.
    ස්ටිකර්,එක එක අලංකරණ උපාංග දාලා ඕක ලස්සන කරනවා.ඔහොම ස්ටිකර් ගහන එක අවංකව 3 Wheel එක ප්ලෑන් කරලා, නිර්මාණය කරනවට වඩා ලේසි බව කවුරුත්
    දන්නවනෙ, මම කියන්නෙ නව තාක්ෂණය යොදාගෙන අලුතෙන් හිතලා ප්ලෑන් කරලා ඕක හදන එක ගැනයි...හිතලා...
    දැන් ස්ටිකර් වැඩේ හරිනෙ ? දැන් ස්ටිකර් ගහපු කෙනා ඕක ලස්සනට හදනවා හිතාගන්න අමාරුයි අර 3 Wheel එකමද මේ කියලා.
    දැන් එයාට කියන්න පුලුවන්ද මේ 3 Wheel එක මම තනියම හදපු එකක් කියලා ? ඒක කොයිතරම් සාධාරණද ?

    දැන් DLC එක ස්ටිකර් ටිකක් ගහලා පාට මාරු කරපු 3 Wheel එක නම් , කවුරුත් කතාකරන ARMA 2 තමා 3 Wheel එක.

    දැන් අහන්න එපා "කාටත් ඕක පුලුවන්ද ?" කියලා, මම අහන්නම් "දනගාන්නවත් උත්සහ නොකර ඇවිදින්න බෑ කියන එක සාධාරණද ?" කියලා.
    මොනා කරන්නත් උත්සහ කරන්න ඕන.ස්ටිකර් ගහන එක 3 Wheel එකක් හිතලා ප්ලෑන් කරනවා වගේ අමාරුද ? නෑ !.
    නමුත් ඒක කරන විදිය හොයන්න ඕන.නිකම් 3 Wheel එකයි, ස්ටිකර් ටිකයි,Paint එකයි තියන් උඩ බලන් ඉඳපුවාම කියන්න බෑ නේ මම ගෑවොත් පාට ගෑවෙන්නෙ නෑ කියල ?

    3 Wheel වගේ නෙවෙයි Game වල, DLC එකක් හැදුවොත් ඒක අපි Game එක හදපු ආයතනයට හෝ පුද්ගලයාට යවන්න ඕන.
    ගොඩක් Gamer ලා නොදන්න දෙයක් තමා Steam කියන්නෙ , ඒක Game Online sell කරන තැනක්, ඒකෙ ඉන්න අයට Steam Workshop කියලා Tool එකක් දෙනවා Game
    හදන අය,මේකෙන් තමා ස්ටිකර් ගහන්නේ, පාට කරන්නේ එහෙම.

    උදාහරණයක් :
    Elder Scroll V : Skyrim වලට Bethesda Studios, Creation Kit කියලා Tool එකක් දෙනවා තමන්ට කැමති Game එකක් හදාගන්න,කැමති කෙනෙක් එහෙම හදලා
    Bethesda ට Steam හරහා යවපුවම එයාල ඒක අනෙක් අයටත් යොදාගන්න පුලුවන් වෙන්න වෙනම Nexus කියලා වෙබ් එහෙකට දානව,එහෙම නැත්නම් අර හදපු එක තනි Game එකක් විදියට දෙන්න ක්‍රමයක් නෑ.
    (මෙකෙන් නම් තනිකරම Game එක අලුත් කරන්න පුලුවන් )

    කවුරුත් දන්න Farcry Game වලත් Map Editor කියලා එකක් තියනවනෙ...ඒකෙනුත් තමන්ට කැමති Level හදාගෙන ගහන්න පුලුවන්, ගොඩක්ම Multiplayer කරන අයට තමා මේක ඕන,මොකද Story එකක් හදන්න
    බෑ.

    ඕවා තමන්ගෙ Game එකත් එක්ක එනවා, Farcry 3 තියන අය, Game එක තියන Folder එකේ බලන්න,Editor එක ඇති.

    දැන් ටිකක් තේරෙනවා කියලා හිතනවා.

    දැන් "වන්නි මෙහෙයුම" ලංකාවේ කෙනෙක් තනියම සුපිරි 3D Game එකක් හදලා, ඒක Release කරන්න රජයෙන් ඉඩ දෙන්නෙ නෑ කියලනෙ කියන්නෙ ?
    අපි හිතමු ඔන්න ඔයාලගෙ ඉල්ලීම සලකලා ඕකට අවසර දුන්න.

    දැන් හරි විදියට නම්, එයා ඕක ARMA II Publisher, Microsoft එකට දෙන්න ඕන.එයාල ඕක අනික් ARMA වල Play කරන්න පුලුවන් වෙන්න හදලා Steam එකෙ දමයි.
    දන් ඔයාල ඒක සල්ලි වලට ගන්න ඕන.ARMA 2 නම් දැන් $12 වගේ වෙන්නෙ.DLC එයාල Free දෙන්නෙ නැත්නම්, ඒක ගන්න වෙනවා වෙනම.

    සරලවම, ඕක තනි Game එකක් කරන්න බෑ.

    ඉතින් ඔයාලට ඕක දෙන්න ක්‍රම නැත්තෙ නෑ. arma එකට දීලා, වැඩ කරන DLC එක අරන්,අන්න ඒක Crack කරලා, Cracked ARMA 2 එක්ක ඕක එලියට දමන්න පුලුවන්.
    සාමාන්‍යයෙන් ගත්තොත් මේක කම්බ හොරෙක් ගෙ වැඩක්, තමන් හදපු එක තමන් තව එකක් එක්ක හොරකම් කරන එක.අහුවුණොත් ඉවරයි :D

    පොඩ්ඩක් කියවන එක නවත්තලා, www.google.lk ගිහින් ARMA 2 Sniper කියලා Search කරලා බලන්න, දැකලා පුරුදු රූප ඇති.

    ඉතින් ඔය කියනව වගේ අපේ කොල්ලෙක් තනියම් පට්ටම Game එකක් හැදුවා කියන්න පුලුවන්ද ?
    ඔන්න හැදුවා කියමු, අපිට හමුදාවේ මානුශීය ලක්ශණ පෙන්වන්න සිවිල් වැසියන් බේරා ගැනීම දමල ඕක හදන්න පුලුවන් කියපු අය ඉදියනෙ.
    ARMA එකේ නම් බෑ. :) , සරල විදියට රජයෙන් උනත් අවුල් දැම්මා නම්, එකපාරට දමන්නෙ නෑ නෙ? ඕකෙ LOGO වෙනස් කරලා ඕක Release කරන්න ඕන කියලා
    හිතාගන්න ඒ කාලය හොඳටම ප්‍රමාණවත්. බුද්ධියක් තියෙන්න එපැයි.ඒවා එහෙම කලත් අපි දන්නවනෙ කාටද කවුද ගහන්නෙ කියලා ;)
    LOGO වෙනස් කරන්න අපිට මාසයක් වගේ යාවි.(Low Quality Textures නිසා)....අනික්වා කොහොම හරි වෙනස් කරන්න පුලුවන්.....

    නොකරන්න හේතුවක් ඔයාලම හිතාගන්න ;)

    ====================================================================================================================

    දැන් ප්‍රශ්නය...කොහොමද Game එකක් හදන්නෙ කියලා නේ ?

    මෙ වැඩේට Game Engine එකක් භාවිතයට ගැනීම හෝ නිර්මාණය අවශ්‍ය වෙනවා. හොඳ 3D එකක් හදන්න අතිශය සංකීර්ණ Engine එකක් නිර්මාණය කරන්න් වෙනවා,
    තනියම නම් අවුරුදු ගානක් යාවි...අඩුම අවුරුදු 10ක් නමුත් ඒක 75% වත් අර අනික් ඒවා වගේ කියන්න බෑ,මොකද කොයි තරම් මග ඇරුනු දේවල් තියද දන්නෙ නැති නිසා.
    Game Engine හදන්න C++/DircetX/Scripting Languages/Maths ගැන ඉතාම විශාල දැනුමක් අවශ්‍යයි....(අර ARMA එක වගේ ගන්න නම් ;) )
    අනික Coding පවා ලෙහෙසි නැහැ...Software Engineer කෙනෙක් වුනා කියමු....ඒත් නිකම් බැහැ....ඒක වෙනම ලෝකයක් ;), පුදුම විදියට තනියම දේවල් අත්හදා බලන්න ඕන...
    ඒනිසා තමා Game Developer ලා අඩු ;)
    Sims 4 එකේ Engine එක EA ලා වෙනම හැදුවා.අවුරුදු 3ක් ගියා,
    වැඩේට ඉදපු ප්‍රමානය බලාගන්න පුලුවන්, කොයිතරම්ද .කියලා...ඉතින් ඔයාල කියනවනම් අපේ එකෙක් එක පාරට අහම එකක් කලා කියලා...ඔන්න ඔය Witcher 3 හදපු අය කොහොමට ඇතිද ?
    Tomb Raider 2013 එහෙම ????

    Game Engine එකක් වුනත් ඉගෙනගන්න ඕන...නිකම් හැදෙන්නෙ නෑ...ඒක ARMA එකෙන් වෙනස් වෙන්නෙ, ඒකෙ අහම හදපු දේවල්(Level Editor) එහෙම නෑ...
    ඒව ඕන නම් තනියම හදාගන්න ඕන....ඒක ලේසි වැඩක් නෙවෙයි....ඉතාම හොඳ දැනුමක් ඕන...සහ ව විශාල මහන්සියක්.ඔයාල දකින සරල දෙයක් උනත් අතිශය සංකීර්ණ බව මතක තියාගන්න.
    අන්න එහෙම ඕක කලානම්...ඔය කියන දේ කියන්න වටිනවා. Game එකක Detail ගන්න ගොඩක් කල් යන.වා...ඔය හදපු වගේ එකක් තනියම නම් බෑ.....

    ====================================================================================================================

    දැන් කියවලා ඉවරයිනේ ??? :D

    ඔන්න මගෙන් අහන මුල්ම ප්‍රශ්නෙට උත්තරය දෙන්නම්...

    "උඹට අඩුම ගානෙ DLC එකක්වත් හදාගන්න පුලුවන්ද ? අඩුම Mini Game එකක් ? අඩුම Game එකක Coins hack කරන්න පුලුවන්ද ?"

    කියන්න තියෙන්නෙ , යකාට බය නම් සොහොනෙ ගෙවල් හදන්නෙ නෑ කියලා විතරයි...
    නොදැන කියන්නෙත් නෑ.

    අවසානයේ කියන්න තියෙන්නේ...වන්නිම් මෙහෙයුම එක්ක කිසි ප්‍රශ්නයක් නෑ...ඒක එනවට අපිත් කැමතියි....
    නමුත් මේ යවන බොරු ප්‍රචාර වැරදියි....

    නීත්‍යානුකූලව Games Develop කරන්න,කවුරුවත් තහනම් කරන්න එනේකම් නෑ.එහෙම වෙලත් නෑ....
    ඔයාල නොදන්නවා උනාට අවුරුදු ගනන් මහන්සි වෙලා සේරම කැප කරලා Game හදන අය ඉන්නවා..ඒ ජීවත් වෙන්න....
    ඒක Black Art(හූනියම්) කලාවක් නෙවේ...ලංකාව තවම එතෙන්ට ආවෙ නැත්තෙ නම් මේ වැඩකට නැති Education System එක නිසා...
    ඉතින්
    >>>>>>Game හදන්න හීන දැකපු, ඒක පටන් ගත්තෙ නැති අය මේ විකාර නිසා අවුල් වෙන්න එපා...එහෙම හීන නොදැක මෙතෙන්ට එන්න බැහැ ;)

    අදහස් දක්වන්න පුලුවන් :) [නිකම් කියවන්න කලින් අඩුම ගානෙ Google කරන්න :) ]
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,937
    16,542
    113
    දැන් මම game වලට interest එකක් නැහැ..පොඩි කාලේ තමා පිස්සුව තිබ්බේ..බම්ප්
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    athkota crack karana games??
    Awata permission na nada??
    Crack version dvd ekka DLC aka sri lankawa release kara nam awlak wanna na nada?

    Awulak nam naha eth ewa reddak adagena promote karanna puluwanda ape game ekak kiyala.

    owa launch karaddi Army eke aya awot, e ayat horu wenawa.

    Fun ekata hadala anonymous release karanna wenne
     

    Hasitha CJ

    Active member
  • Jan 14, 2015
    361
    51
    28
    ගෙදර
    Im a game developer too. Aththa katawa bn umba kiyala thinne. Oka hqdapu awun boru kiyala publicity aran dan wade awul wela. Anduwata baninawa. Kokath thile wage. Ewatq ahuwela choon wena. Awun tikakuth innawane. Lankawata kela uneth oka thama
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    දන්න දේ කිවට පින් බං !
    අපේ උන් බැන බැන යනවා
    මං මේක දන්නෙත් අද !