youtube රෙසිපියකට මස් හැදුවා..

BuLaTha

Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    එහෙම කරන්න එපා බන් රහ නෑ. හොදට තෙල් රත් උනාම මිරිස් තුනපහ දාල බැදගන්න. රෙසිපියට තෙල් එපා නන් වෙනම කබලකට දාල බැදගන්න. එච්චර අමාරු නෑ විනාඩි 5ක් යයි.
    හොඳට උයන්න පුළුවන් කොල්ලෙක්.. උඹ බෝඩිම් වල එහෙම ඉද්දි ඉවුවද?
     
    • Like
    Reactions: Solo Rider

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,804
    113
    Homagama
    උන්ගේ මස් එක...

    1ZRFdb8.png


    මගේ මස් එක...

    O2c5mu2.png


    ඇයි බන් එහෙම....
    😣😣😣😣😣
    හින්දලා නැ.
    උබ ගත්ත මස්වල කොලිටිය මදි
    වතුර වැඩියි
    උබ දාපු මිරිස් තුනපහ බදිලා මදි
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,410
    100,344
    113
    හොඳට උයන්න පුළුවන් කොල්ලෙක්.. උඹ බෝඩිම් වල එහෙම ඉද්දි ඉවුවද?
    නෑ නෑ ගෙදර තමා. උයන එක හෙන ෆන් වැඩක්. වැඩ වැඩි උනාම ස්ට්‍රෙස් රිලීස් කරගන්නෙ ඕක කරල තමා.
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඉන්දියන් එවුන් නම් දාන්නේ kashmiri chilli powder. එව්ව නම් පට්ට රතුයි
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    යූටියුබ් එකේ ඕනෙ එකෙක්ට උයන්න පුළුවන් මොකෝ රහ බලන්න විදිහක් නෑනේ බලන උන්ට :P
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,222
    113
    Gotham City
    ගින්දර විනාඩි 15 ක් කිව්වාට පොඩ්ඩක් එහාට මෙහාට වෙනවා .
    මොකද පාවිච්චි කරන ගෑස් ලිපෙ ප්‍රෆොර්මන්ස් අනුව ,එතකොට පාවිච්චි කරන භාජන අනුව තාපය උරාගැනිම වගෙ කාරණා වලදි හොද්ද ගානට එන එක ඩිපෙන්ඩ් වෙනවා.

    මාත් මස් කරිය හදනවා ඔය පාටටම එනවා .

    ඔය පාට ගන්න කරන්න තියෙන්නෙ මෙච්චරයි මුලින්ම මස් ටික කපාගෙන හොඳට හොදලා (උබෙ මස් කරිය බැලුවහම තෙරෙන්නෙ හරියට සුද්ද වෙලත් නැත්ද මන්දා )
    මස් කරියටම විශේෂ බැදපු තුනපහ (කඩෙ තියෙනවා පැකට් එහෙම දැන් ඔනි තරම් ) කුඩු තියෙනවා
    ( තුන පහ කිව්වාට එකෙ කොත්ත මල්ලි අනං මනං ගොඩක් දෙවල් අඩංගු වෙනවා )
    හොඳට ඒ තුනපහ වල මික්ස් කරලා ඔනි නම් මිරිස් කුඩු ටිකකුත් වැඩිපුර තව දාලා සීසන් කරගනින් (හොඳට අනපන් මස් වල තැවරෙන්නම )
    ටික වේලාවක් තියාගනින්.

    ඊට පස්සෙ තෙල් ටිකක් දාලා තාච්චියට මස් ටික බැද ගනින් .
    ලුණු ,ලූණු ,රම්පෙ කරපිංචා එහෙම යහමින් දාපන් .
    පොඩ්ඩක් මස් ටික බැදී ගෙන ආවායින් පස්සෙ වතුර ටිකක් දාපන් .
    විනාඩි 20 ක් විතර තියපන් පොඩ්ඩක් හිඳෙනකන් .

    ඔය ක්‍රමෙටම තමා මාළු හොද්ද, සැමන් හොද්ද හදාගන්නෙත් .
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,586
    86,930
    113
    ආශ්චර්යමත් රටක
    පලවෙනි පාර මෙහෙම වුනාම ආයේ කරන්න හිතෙන්නෙත් නෑ බන්. 😣


    මේකේ අයිස් තිබ්බෙම නෑ බන්., අර කපල දෙන පොට් එකකින් ගෙනාවේ.


    වතුර කෝප්පයක් දාන්න කිව්වේ, ඉතින් දැම්ම කෝප්පයක්. 🤔

    ඔව් බන් උන් වෙන මොකක් හරි සීන් එකක් හංගලා කරනවද මන්දා. 😣


    බැදපු තුනපහ දාන්න තිබ්බා. මම දැම්ම ඉතින් අර කඩෙන් ගේන බැදපු තුනපහ. එව්වා ආයේ බදින්න ඕන නෑනේ. 🤔
    අනික වීඩියෝ එකේ උන් පොල් තෙල් රත් වෙන්න දාල එනසාල් කරාබු නැටි දාල තමා තුනපහ මිරිස් කුඩු දාන්නේ. එතකොට පොල්තෙල් එකත් එක්ක මිරිස් කුඩු මික්ස් වෙලා ඉස්ම ගතිය එනවා. ඒ වුනාට මම දැම්මම පොල්තෙල් සේරම උරාගත්තා. කිසිම ඉස්ම ගතියක් නෑ. වේලිලා ආවේ. 😣


    පොඩි නෑ බන් ලොකු කෑලි. 🙄

    නෑ බන් මොන පොල් කිරිද. වතුර විතරයි දැම්මේ.

    හින්දෙන්නේ නෑනේ බන් කොච්චර ගින්දරේ තිබ්බත්.

    මේ කෑවේ ඉතින්.

    බැද්දේ නෑ බන් තුනපහ. බැදපු තුනපහ පැකට් එකක් දැම්මේ.

    බැද්දේ නෑ බන් තුනපහ. බැදපු තුනපහ පැකට් එකක් දැම්මේ. මට තක්කාලි දාන්න අමතක වෙලානේ. තක්කාලි කපලා තිබ්බේ දාන්න අමතක වෙලා. ආයේ හවස ඒකත් දාල හින්දෙන්න තිබ්බ. තව විනාඩි 10-15ක් තිබ්බත් හිඳිලා නෑ ලොකුවට. 😣

    Colour eka nam godakma enne badapu miris kudu walin. Thel tika uragattata kamak na tikak badenna denna ona kalu wenna. Thel tika uragattata passe chicken wala tiyena wathuren isma gathiya hadenawa.
     

    KissMass

    Well-known member
  • Jan 28, 2011
    950
    1,181
    93
    Negombo
    උන්ගේ මස් එක...

    1ZRFdb8.png


    මගේ මස් එක...

    O2c5mu2.png


    ඇයි බන් එහෙම....
    😣😣😣😣😣
    අඩෝ, පුළුවන් දේවල් තියෙනවා, බැරි දේවල් තියනවා....
    ඔය youtube චැනල් එක කරන එකාට, මස් ටිකක් යවලා හදා ගෙන කෑවා නම් ඉවරයි.

    උඹ හිතන්නේ අපේ එලකිරියේ උන්, උඹට ඔය මස් කරිය ගොඩ දාලා දෙයි කියලද?

    උඹේ අම්මත් එක්ක උබ තරහද? අම්මගෙන් ඉස්සෙල්ලා අහලා බලපන්..
    Online ඇවිල්ලා හැම ලබ්බම අහන්නතුව