'මම' ඉන්නේ කොහෙද?

conservative

Active member
  • Sep 30, 2010
    493
    96
    28
    [FONT=&quot]දැන් අපි ආසාවන් ගැන කතාකරමු[/FONT]

    [FONT=&quot]ආසාවන් කියන ඒවා කවදාවත් විඳලා ඉවර කරන්න බෑ. කොච්චර වින්දත් ඒවා ආයේ විඳින්න හිතෙනවා. සංසාරේ පුරාවට අපි මෙච්චර ඇවිත් තියෙන්නෙත් එක නිසා තමයි. [/FONT]

    [FONT=&quot]උදාහරණයක් ලෙස අපිගමු[/FONT], [FONT=&quot]ඉතා රස කෑමක් "ශා!!!! හරි රහයි"නේ කියා කියා කනවා[/FONT], [FONT=&quot]මාසයක් තිස්සේ කෑවම එක අපිට එපා වෙනවා. එත ඊට කාලෙකට පස්සේ ආයෙත් ඕන වෙනවා[/FONT], [FONT=&quot]එතකොට ආයෙත් රහයි. ඊට පස්සේ ආයෙත් එක එපා වෙනවා. ඔන්න ඕකයි තත්වේ. [/FONT]

    [FONT=&quot]ගිරිමානන්ද සූත්‍රයේ ඕකට කියල තියෙන්නේ[/FONT], [FONT=&quot]අටිටියති කියලා. ඒ කියන්නේ බල්ලෝ සූප්පු කරන මස්කටු ගොඩක් වාගේ කියලා. බල්ලෝ කොච්චර ඒ ඇට සූප්පු කරත් එපා වෙන්නේ නෑ. ඌට එපා වෙනකන් සූප්පු කරනවා[/FONT], [FONT=&quot]ඊට පස්සේ නවත්වනවා. ඊට පස්සේ ආයෙත් මස්කට්ටක් හම්බවුනොත් සූප්පු කරනවා[/FONT], [FONT=&quot]ඕක ඉවරයක්‌ වෙන්නේ නැහැ. ඊට වඩා හොඳයි ආසාවන් පස්සේ යන්නේ නැතිව ඉන්න එක.[/FONT]

    [FONT=&quot]තමන්ට ඉවසගන්න බැරි ආසවක්‌ එනවා නම මෙහෙම හිතන්න[/FONT],[FONT=&quot]අපි හිතමු සිගරට් කියලා[/FONT]

    [FONT=&quot]මම කොච්චර සිගරට් බීලා එකේ ආශ්වාදය ලබලා තියෙනවද[/FONT]? [FONT=&quot]එත ආයෙත් මගේ සිත මේ ආශ්වාදය ඉල්ලනවනේ[/FONT], [FONT=&quot]මේවා නිසි නෑ[/FONT], [FONT=&quot]අනිසි. එක හින්ද මේවා පස්සෙයන්න හොඳ නෑ. අන්න එහෙම හිතන්න[/FONT][FONT=&quot]”[/FONT]

    [FONT=&quot]මොනාද මේ ගැන හිතන්නේ [/FONT]
     
    maxpro

    Member
    Aug 15, 2010
    424
    16
    0
    mm... eya podi pu_amaaruwak thiyana menek!! religeous section eketh oya amaaruwa thiyana aya muna gahuna. oka aththatama nam loka swabhawayak!!! kalabalawenna uwamanaawak naha!!

    eyage kathaawa deveni paratath dammama mata click una porage uwamanaawa!! ekayi math repeat ekakma daala nikam hitiye... oya wage aya buruthu pitin aawath mata gaanak wath naha!!!

    thread eka tikak disturb weyi... ekata uwamanaawen balana aya, kalpanaawen posts thoragena balala, awashya prayojanaya ganna!!!

    uba kiyala akek nehe inne aka po___yek a tho thama pu__ ara gannethuvahitahan pa__o gon lolla pissu buva :yes::yes::yes::yes::yes::yes::yes:
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    mm... eya podi pu_amaaruwak thiyana menek!! religeous section eketh oya amaaruwa thiyana aya muna gahuna. oka aththatama nam loka swabhawayak!!! kalabalawenna uwamanaawak naha!!

    eyage kathaawa deveni paratath dammama mata click una porage uwamanaawa!! ekayi math repeat ekakma daala nikam hitiye... oya wage aya buruthu pitin aawath mata gaanak wath naha!!!

    thread eka tikak disturb weyi... ekata uwamanaawen balana aya, kalpanaawen posts thoragena balala, awashya prayojanaya ganna!!!

    රහතන්වහන්සේ ට ආයෙත් මල පැනල වගේ.
    එක්කෝ ඔබ රහත් වෙලා නැ කියන්න එහෙම බැරිනම් ඔය පු- අමාරු කතා නොකිය ඉන්න.
    රහතන් වහන්සේලා මෙහෙම කතා කරන වා කියන එක අනිවාර්යයෙන්ම ලෝකයේ තියන අවිහිංසා වාදී ම දහම වන බුදුදහම ට කරන අපහාසයක්.
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    RaneNat said:
    ඔයා කියන විධියට...

    maxpro said:
    mata pennenam...

    uba kiyala akek...

    mama uba dan...

    121221 said:
    රහතන්වහන්සේ ට ආයෙත්...

    amaaru kaarayo saahena...
    eth madi... hondatoma madi!!
    thawa kiyanna... amaaru hondawena kanma kiyanna!!:D

    religeous section ekedith oya amaaruwama thiyana aya dakala dakalama, mata nam dan gaanak nathuwa gihilla thiyenne...
    habayi ithin dan thawa mewage aya buruthu pitin aawath karanna puluwan thread eka disturb karana eka witharayi!!!
    nawathwanna baha!!!:no:

    aththatama, meka thamayi loka swabhawaya!!!
    mama karana deyin prayojanayak ganna udawiya mewayin kalabalawenna uwamanaawak naha!!!
    kalpanaawen posts thoragena balala, awashya prayojanaya ganna!!!

    nathnam methana click karanna.
     
    මට සමහර වීට අමාරුවක් තියෙන්න පුළුවන් ,
    ඒත් ඔබතුමා රහතන්වහන්සේ කෙනෙක් කියලා කියාගන්න කලින් .
    පන්සිල් රකින්න , සිත, කය, වචනය, සංවර කරගන්න , අනිකුත් ප්‍රශ්න දිහා උපේක්ෂ වෙන් බලන්න .
    මත් පැන් බීම නවත්වන්න උත්සහ ගත්තොත් හොදයි නේද ?

    තෙරුවන් සරණයි .
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    According to the Buddhist scriptures, Buddha himself rejected to answer the question of what happens when a person who has attained nirwana died...He said its an unneccessary question.

    මම මේ වගේ ලොකු talks වලට උත්තර දෙන්න යන්නේ නැහැ!!
    හුඟාක් එවුන් 'බුදුහාමුදුරුවෝ කිව්වා...' කියල ගල්පැලෙන බොරුත් ගහනවා... 'සාසන භක්ෂක' උදවියත් කියනවා ඇහෙනවා!!
    කර්ම හා කර්ම විපාක ගැනත් එක එක ජාතියේ කතන්දර ඇහෙනවා... ඒවා නම් නොතේරුම් කමට කියමුකෝ.
    බුදුහාමුදුරුවෝ 'කම්ම විපාකෝ අචින්තියෝ' කිව්වේ උන්වහන්සේට වත් හිතල ඉවරයක් කරගන්න බැරි තරම් ඒවා සංකීර්ණ හන්දයි!!
    එහෙව් එකේ මේ ලපයි සිපයි කොහොමද කරුම ගැන විග්‍රහ කොරන්න යන්නේ??
    ඒ වගේ වැඩ කරන්නේ අතිපන්ඩිත කම හන්ද!!!
    තව, මහඑවුන් කරපු 'කොඩිවිනේ' කුත් තියනවා 'චුති චිත්තේ' හන්දයි සේරම වෙන්නේ...' 'මොහොතක් මොහොතක් පාසා මැරී මැරී ඉන්නේ...' වගේ ගොං කතා කියල!!!
    මේ සේරටම මුල 'ශ්‍රද්ධාවක් නැති' කම!!!
    දැන් මට අහුවෙච්ච වෙලේ, මං නෙලනවා ඔය සේරම එකට තියල, ඇට්ටි නෙවෙයි වලු පිටින් හැලෙන්න!!! !!! !!!

    මට මොකෙක් වත් හදන්න උවමනාවක් නැහැ!!
    මගේ එකම උවමනාව මේ බොරු බේගල් හන්ද අතරමං වෙලා, මොකද්ද හරි මොකද්ද වැරදි කියල හොයාගන්න වත් බැරුව අසරණ වෙලා ඉන්න අහිංසක මිනිස්සුන්ට උපකාරයක් වෙන්න!!! ඒ අය අතරේ අපේ අයත් ඉන්නවා... ඒකයි. 'ලොකු පොරවල්' (මහේශාක්‍ය උදවිය) ගැන මම එච්චර worry වෙන්නේ නෑ... උන්ට කිව්වට තේරෙන්නේ නෑ... තේරෙන්න හොට බිම ඇනෙන්නම ඕනේ!! ඒවා වෙන විදියකට වේවි... මට අදාළ නෑ.

    අපේ හාමුදුරුවෝ (උන්වහන්සේ වගේ උත්තමයෝ හරී අඩුයි!!!) ලස්සන කතාවක් කිව්වා...
    බුදුරජාණන්වහන්සේ පලවෙනි ධර්ම දේශනය කලේ පස්වග තවුසන්ට. දන්නවා නේ?
    හැබැයි අවබෝධ කලේ කොන්ඩඤ්ඤ තාපස තුමා විතරයි!! ඇයි ඒ???
    පුංචි සිදුහත් කුමාරය දැක්ක දවසෙම, 'මේ නම් බුදුවෙන කෙනෙක්මයි!!!' කියල විශ්වාසයෙන්ම ප්‍රකාශ කලේ කොන්ඩඤ්ඤ තාපස තුමා විතරයි!!
    එතුමා මංගල ධර්ම දේශනාවම ඇහුවේ, බුදුරජාණන්වහන්සේ ගැන පැහැදීමෙන්!!! විශ්වාසයෙන්!!! බුදුරජාණන්වහන්සේගේ අවබෝධය අදහාගෙන!!! ශ්‍රද්ධාවෙන්!!!
    ඉතින් අහපු ගමන් තේරුණා... අවබෝධ කරගත්තා!!

    අනික් උදවිය ධර්මය ඇහුවේ, කවුද දන්නේ මෙයා ඇත්තටම බුදුවෙලද? නැද්ද? කියල... අපි කොහොමද දන්නේ මෙයා කියන ඒවා හරිද? නැද්ද? කියල... මෙයා කවුද? අපිට බණ කියන්න... වගේ බුදුරජාණන්වහන්සේ ගැන සැකයෙන්!!! කියන දේ, 'ශ්‍රී සද්ධර්මය' ගැන සැකයෙන්!!! වැරදි හොයන්න, කොන් අල්ලගන්න බලාගෙන!!! ඒ හන්ද මොකුත් තේරුණේ නැහැ!!!
    බොලා හුඟ දෙනෙකුටත් වෙන්නේ ඒකම තමයි!!
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    ඔබතුම ට තේරුනේ නැතුව ට මමත් කියන්නේ ඕකම තමයි . කොහොමද කිරිබත්ගොඩ හාමුදුරුවෝ "ඔය පු_අමාරු නැති අය මේ බන අහන්න" වගේ කතාවක් කිව්වොත් . එහෙම උනා නම ඔබතුම උනත් උන්වහන්සේගේ කතා විස්වාස කරන එකක් නැ. ඔබතුම රහත් ද නැද්ද කියන එක මටඕදාල නැ .
    ඔබතුමාගේ මෝඩ කතා හින්ද ඕව ඇත්ත උනත් ගොඩක් අය විස්වාස කරන්නේ නැ.

    බුදුහාමුදුරුවෝ සංගය සම්බන්ද ගොඩක් විනය නීති පැනවුවේ දර්මය දේශනා කරන අය පිලිබඳ මිනිසුන්ගේ විස්වාසය ඇතිකරන්න .
     
    conservative

    Active member
  • Sep 30, 2010
    493
    96
    28
    [FONT=&quot]දැන් අපි ආසාවන් ගැන කතාකරමු[/FONT]

    [FONT=&quot]ආසාවන් කියන ඒවා කවදාවත් විඳලා ඉවර කරන්න බෑ. කොච්චර වින්දත් ඒවා ආයේ විඳින්න හිතෙනවා. සංසාරේ පුරාවට අපි මෙච්චර ඇවිත් තියෙන්නෙත් එක නිසා තමයි. [/FONT]

    [FONT=&quot]උදාහරණයක් ලෙස අපිගමු[/FONT], [FONT=&quot]ඉතා රස කෑමක් "ශා!!!! හරි රහයි"නේ කියා කියා කනවා[/FONT], [FONT=&quot]මාසයක් තිස්සේ කෑවම එක අපිට එපා වෙනවා. එත ඊට කාලෙකට පස්සේ ආයෙත් ඕන වෙනවා[/FONT], [FONT=&quot]එතකොට ආයෙත් රහයි. ඊට පස්සේ ආයෙත් එක එපා වෙනවා. ඔන්න ඕකයි තත්වේ. [/FONT]

    [FONT=&quot]ගිරිමානන්ද සූත්‍රයේ ඕකට කියල තියෙන්නේ[/FONT], [FONT=&quot]අටිටියති කියලා. ඒ කියන්නේ බල්ලෝ සූප්පු කරන මස්කටු ගොඩක් වාගේ කියලා. බල්ලෝ කොච්චර ඒ ඇට සූප්පු කරත් එපා වෙන්නේ නෑ. ඌට එපා වෙනකන් සූප්පු කරනවා[/FONT], [FONT=&quot]ඊට පස්සේ නවත්වනවා. ඊට පස්සේ ආයෙත් මස්කට්ටක් හම්බවුනොත් සූප්පු කරනවා[/FONT], [FONT=&quot]ඕක ඉවරයක්‌ වෙන්නේ නැහැ. ඊට වඩා හොඳයි ආසාවන් පස්සේ යන්නේ නැතිව ඉන්න එක.[/FONT]

    [FONT=&quot]තමන්ට ඉවසගන්න බැරි ආසවක්‌ එනවා නම මෙහෙම හිතන්න[/FONT],[FONT=&quot]අපි හිතමු සිගරට් කියලා[/FONT]

    [FONT=&quot]මම කොච්චර සිගරට් බීලා එකේ ආශ්වාදය ලබලා තියෙනවද[/FONT]? [FONT=&quot]එත ආයෙත් මගේ සිත මේ ආශ්වාදය ඉල්ලනවනේ[/FONT], [FONT=&quot]මේවා නිසි නෑ[/FONT], [FONT=&quot]අනිසි. එක හින්ද මේවා පස්සෙයන්න හොඳ නෑ. අන්න එහෙම හිතන්න[/FONT][FONT=&quot]”[/FONT]

    [FONT=&quot]මොනාද මේ ගැන හිතන්නේ [/FONT]

    bump
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඔබතුම ට තේරුනේ නැතුව ට මමත් කියන්නේ ඕකම තමයි . කොහොමද කිරිබත්ගොඩ හාමුදුරුවෝ "ඔය පු_අමාරු නැති අය මේ බන අහන්න" වගේ කතාවක් කිව්වොත් . එහෙම උනා නම ඔබතුම උනත් උන්වහන්සේගේ කතා විස්වාස කරන එකක් නැ. ඔබතුම රහත් ද නැද්ද කියන එක මටඕදාල නැ .
    ඔබතුමාගේ මෝඩ කතා හින්ද ඕව ඇත්ත උනත් ගොඩක් අය විස්වාස කරන්නේ නැ.

    බුදුහාමුදුරුවෝ සංගය සම්බන්ද ගොඩක් විනය නීති පැනවුවේ දර්මය දේශනා කරන අය පිලිබඳ මිනිසුන්ගේ විස්වාසය ඇතිකරන්න .

    බුදුහාමුදුරුවෝ ගොඩාක් විනය නීති පනවලා තියන නිසා තමයි ශ්‍රී සද්ධර්මය යම් ප්‍රමාණයකට හරි සුරැකෙන්නේ!!! අනික 'ආර්ය සංඝ' පරම්පරාව හැඳින්වුයේ 'පින් කෙත' කියල... ඒ මිනිස්සුන්ට පින් රැස් කරගන්න!! යමෙක් සීලයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන් උසස් වෙන තරමට තමයි ඒ පුද්ගලයාට සැලකීමෙන්, වන්දනාමාන කිරීමෙන් ලැබෙන ආනිසංස වැඩිවෙන්නේ!!! අන්න ඒකට අවශ්‍ය විදියටයි බුදුහාමුදුරුවෝ කටයුතු කලේ.

    'සංඝයා වහන්සේලා' කිව්වම ඉතින් පිටින් එක වගේ තමයි... ඒත්, 'සබ්බ දුක්ඛ නිස්සරණ, නිබ්බාන සච්චිකරනත්ථාය...' කියල සිවුර ඉල්ලගන්න උදවිය, තමන් ඒ කියපු විදියටම වැඩකරනවද? නැත්නම් කරන්නේ බොරුවක්ද? කියල එයාලම දන්නවා ඇති!!! බුදුහාමුදුරුවෝ, "සිවුර ගලවල ගෙදර යවන්න!" කියපු ජාතියේ අයත් තොග පිටින් ඉඳගෙන සාසනය වළඳනවා!!! අපිට කිසි ප්‍රශ්නයක් නෑ ඒකෙ... තමන් ආර්ය සංඝරත්නයටත් නිග්‍රහ වෙන විදිය වැඩ කරන කෙනෙක් නම්, 'රත්වෙච්ච උලක් උඩ ඉඳගෙන ඉන්න කෙනෙක්' කියලයි බුදුහාමුදුරුවෝ කියල තියෙන්නේ...

    මම නම් කාටවත් මට වැඳලා, ඇප උපස්ථාන කරලා, පින් රැස්කරගන්න කියල කීයටවත් කියන්නේ නැහැ!!! මට කාටවත් පෙන්න සිල් රකින්නෙත් නෑ... මට කාටවත් පෙන්වන්න සිල්වතෙක් වෙන්න කිසිම උවමනාවකුත් නැහැ!!! මම හදන්නේ පුළුවන් තරම් පිරිසකට ඇත්ත පහදලා දෙන්න... උඹල වගේ මොට්ට මොල්ලුන්ගෙත් මොලේ පාදන්න බලන්න!!! කියල දීමේ හැකියාව තියෙන්නේ මා ළඟ... දැන් එහෙම කියල දෙන්න දන්නෙත්, මම ඉස්සෙල්ල කරගත්තු හන්ද!!! වෙන කෙනෙක් බෑ කියනවා නම්, ඒ එයා මොකවත් දන්නේ නැති නිසා... එයාට බැරි නිසා... මට ඒක අදාළ නැහැ!!!

    හැබැයි කවුරු කොහොම කිව්වත් පිළිනොගන්න එකා පිළිගන්නේ නැහැම තමයි!!! හාමුදුරු කෙනෙකුට කියලත් වෙනසක් නැහැ... උඹල වගේ අය ඒ උදවියටත් 'ඇනේ' වෙනවාම තමයි!!! ඒ වෙලාවට හාමුදුරු කෙනෙකුට නම් නිස්සද්ද වෙන්න වෙනවා... මොකද 'ආර්ය සංඝයා වහන්සේලා' තත්වෙට, තනතුරට නොගැලපෙන දේවල් කරන්නේ නැහැ!!! මට ඒවා අදාළ නෑ... මම නම් උඹ වගේ එවුන්ට දෙන්න වෙච්ච වෙලාවට, ධෙනවා දුං විසිවෙන්න!!!:growl::growl::yes::lol:

    හැබැයි පොඩි case එකක් තියනවා... උඹලා මාව විශ්වාස කරාවිද? පිළිගනීද? දන්නේ නැහැ...

    ඒත් මම මෙන්න මේක හොඳටම දන්නවා!!! මම ඉස්සර ඉඳල උඹ වගේ හුඟාක් එවුන්ට කියලත් තියනවා...
    බුදුරජාණන්වහන්සේව විශ්වාස කළා නොකලා කියල, පිළිගත්තා නොගත්තා කියල, බුදුරජාණන්වහන්සේට කිසිම ගැටළුවක්, අවුලක්, අඩුවක් මොකුත් නැහැ!!!
    ශ්‍රී සද්ධර්මය විශ්වාස කළා නොකලා කියල, පිළිගත්තා නොගත්තා කියල, ශ්‍රී සද්ධර්මයට කිසිම අඩුවක්, පාඩුවක් මොකුත් වෙන්නේ නැහැ!!!
    මාව විශ්වාස කළා නොකලා කියල, පිළිගත්තා නොගත්තා කියල, මටත් කිසිම ගැටළුවක්, අවුලක්, අඩුවක්, පාඩුවක්, ප්‍රශ්ණයක් මොකුත් නැහැ!!!

    විශ්වාස කරන, පිළිගන්න උදවිය තම තමන්ට යහපතක් කරගනීවි!!! නැති අයට මොකුත් වෙනසක් විශේෂයක් නැහැ... කිසිම අඩුවක් වෙන්නෙත් නැහැ...
    ලෝක ධර්මතාවය කාටත් එක විදියට ක්‍රියාත්මක වෙනවා... ඔහේ කාල බීල ජොලියේ ඉන්නයි තියෙන්නේ!! ලෙඩ වෙන වෙලාවට ලෙඩ වෙයි... වයසට යයි... කූරිය ගහයි... ඊළඟ සැරේ හරකෙක්, කුකුලෙක් උනොත් මරාගෙන කයි... ඔන්න ඔහේ වෙන දෙයක් වෙයි බං... මට ඒවායින් වැඩක් නෑ...
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka

    මට සමහර වීට අමාරුවක් තියෙන්න පුළුවන් ,:yes::yes::lol:
    ~
    මත් පැන් බීම නවත්වන්න උත්සහ ගත්තොත් හොදයි නේද ?

    හපොයි භෑ

    මේ... 121221, ඔයාට පුලුවන්ද කකුස්සි වලකට බැහැල ඒක ඉහින්න... නැත්නම් කුනුවෙච්ච මිනියක් එම්බාම් කරන්න... අමාරුයි නේද? හැබැයි ඒවා කරන අය ඉන්නවා... ඒත් මිනිස්සු! උනුත් ඒවා කරන්නේ පිළිකුලෙන්! කරන්න ඕනේ නිසා!! ඉතින් හුඟාක් වෙලාවට දෙකක් දාගෙන තමයි ඒ වැඩ කරන්න පටන්ගන්නේ. වෙන මොකකටවත් නෙවෙයි... පිළිකුල ටිකක් හරි අඩුකරගන්න!!!

    ඔයා දන්නවද?? ඔයා වගේ අයට බණ කියන, උපදෙස් දෙන එකත් කකුස්සි වලක් ඉහිනවා වගේ, කුනුවෙච්ච මිනියක් කපනවා වගේ, වැඩක්!! හරිම පිළිකුල්!!! ඒත් ඔයාල පව් නේ... ඉතින්, ඔයාලට බණ කියන්න තමයි දැන් මට බොන්න වෙලා තියෙන්නේ... දැන් නම් මේ office වෙලාව. ඒත් කමක් නෑ... ඉන්න මම දෙකක් දාගෙනම එන්නම්...
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    ඇයි මේ ටික මකල දැම්මේ

    ඒත් ඔබතුමා රහතන්වහන්සේ කෙනෙක් කියලා කියාගන්න කලින් .
    පන්සිල් රකින්න , සිත, කය, වචනය, සංවර කරගන්න , අනිකුත් ප්‍රශ්න දිහා උපේක්ෂ වෙන් බලන්න .

    තෙරුවන් සරණයි .
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    හපොයි භෑ

    මේ... 121221, ඔයාට පුලුවන්ද කකුස්සි වලකට බැහැල ඒක ඉහින්න... නැත්නම් කුනුවෙච්ච මිනියක් එම්බාම් කරන්න... අමාරුයි නේද? හැබැයි ඒවා කරන අය ඉන්නවා... ඒත් මිනිස්සු! උනුත් ඒවා කරන්නේ පිළිකුලෙන්! කරන්න ඕනේ නිසා!! ඉතින් හුඟාක් වෙලාවට දෙකක් දාගෙන තමයි ඒ වැඩ කරන්න පටන්ගන්නේ. වෙන මොකකටවත් නෙවෙයි... පිළිකුල ටිකක් හරි අඩුකරගන්න!!!

    ඔයා දන්නවද?? ඔයා වගේ අයට බණ කියන, උපදෙස් දෙන එකත් කකුස්සි වලක් ඉහිනවා වගේ, කුනුවෙච්ච මිනියක් කපනවා වගේ, වැඩක්!! හරිම පිළිකුල්!!! ඒත් ඔයාල පව් නේ... ඉතින්, ඔයාලට බණ කියන්න තමයි දැන් මට බොන්න වෙලා තියෙන්නේ... දැන් නම් මේ office වෙලාව. ඒත් කමක් නෑ... ඉන්න මම දෙකක් දාගෙනම එන්නම්...

    ඔබතුමා කියන විදිහට මත්පැන් කියන්නේ රහතන්වහන්සේලා ඇතුළු බොහෝ දෙනෙකුට අත්‍යවශ්‍ය දෙයක්. එහෙම නේද? පස්චාත් මරණ පරීක්ෂණ කරන දොස්තරල, රෝහල වල සනීපාරක්ෂක කම්කරුවන්, වගේ අයට්ත් බොන්න කියලද ඔබතුම කියන්නේ
     
    Last edited:

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    thread එකේ මුල ඉඳල දාපු posts හුඟක වැදගත් කරුණු ගොඩාක් ලියල තියනවා. මම මේ ලියන තරමක් ලියන්නේ මතකයෙන්!!! ඒත් බලන ඔයාල කාටවත් ඒ දාල තියන ඒවා මතක නැහැ නේද? අන්න ඒක තමයි මේ වැඩෙන් මොකුත්ම ප්‍රයෝජනයක් නොවුනා නම් ඒකට ප්‍රධාන හේතුව!! හැබැයි, හැමෝම ගැන නම් මං කියන්න දන්නේ නෑ, මොනවා හරි අවබෝධ කරගන්න උත්සාහයක ඉන්න උදවිය ඉන්නවනේ නේද?? මම කියන හන්ද නෙවෙයි... හිත යටින් හරි තමන්ටම උවමනාවක් තියන උදවිය?? අන්න එයාල මේ මං දාන කරුණු සටහන් කරගන්න. ඒවා පාඩම් කරගන්න. මොකද එහෙම නැතුව ඉස්සරහට යන්න බැහැ!!

    සුතා (අසා/කියවා දැනගැනීම) ධතා (ධාරණය කරගැනීම, මතක තබා ගැනීම) වචසා පරිචිතා (වචනයෙන් පුහුණු කිරීම, කටපාඩම් කිරීම) කියන්නේ බුදුහාමුදුරුවෝ ධර්මාවබෝධයට කටයුතු කරන්නය කියපු පිළිවෙල!!! උන්වහන්සේගේ උපදෙස් වලට පිටින් ගිහින් මේවැඩේ කරන්න, short cuts දාන්න බෑ!!! තමුන්ගේ මතක තබා ගැනීමේ හැකියාව ඉතා හොඳ නම්, වචසා පරිචිතා එච්චරම වැදගත් නෑ! හැබැයි අවසානයේදී අද අහන කරුණත්, තව මාසෙකින් අහන කරුණත් දෙකම එක විදියට මතකයෙන් සිහිකරන්න පුළුවන් හැකියාව හදා ගන්න ඕනේ!! ඒ කිව්වේ, මේ කියන මුළු සිදුවීම් මාලාවේ හැම අස්සක් මුල්ලක් නෑර මතකයේ තියෙන්න ඕනේ!!! ඕනෙම කරුණක් ගැන හිතපු ගමන්, ආ 'ඒක උනේ මෙහෙම වෙච්ච නිසානේ...' 'මෙහෙම උනා නම් ඕක වෙන්නේ නැහැනේ...' වගේ පට් පට් ගාල හිතට එන්න ඕනේ!! කරුණු මතක නැතුව මග හිරවෙන්න බෑ.

    කරුණු මතක තබා ගන්න එච්චර බුද්ධිමත් කමක් ඕනේ නැහැ!! පොඩි ළමයි චක්කර පාඩම් කරන්නේ... අන්න ඒ ණුවන හොඳටම ඇති. ඊළඟට තියෙන්නේ මනසානුපෙක්ඛිතා (ණුවනින් විමසීම) සහ දිට්ඨියා සුප්පටිවිද්ධා (පැහැදිලි ලෙස අවබෝධ කරගැනීම, පිරිසිඳ අවබෝධ කරගැනීම) එහෙමත් නැත්නම් හොඳටම 'දිරවීම'. ඔන්න ඔතනට ආවම තමයි වැඩේ වරදින්නේ... මොකද යෝනිසෝමනසිකාරය කියන, නිවැරදිව කල්පණා කිරීමේ හැකියාව මිනිස්සු හුඟදෙනෙකුට නෑ. එතකොට අවබෝධයක් ඇතිවෙන්නේ, තේරෙන්නේ නැහැ!! වෙන වෙන දිහාවල යැවෙනවා... වෙන වෙන විකාර කල්පණා වල හිරවෙලා, වැඩේ එපා වෙලා, නැති අවුල් හැදිලා නවතිනවා. ඒත් අහිංසකව, ඔලුව උදුම්ම ගන්නේ නැතුව, කල්‍යාන මිත්‍රයෙක්ගේ උපකාරය ලබා ගත්තොත්, ඔය අවුල් ඇතිවෙන්නේ නැහැ!! තමන්ට අවශ්‍ය ඉලක්කයට යන්න ලැබෙනවා!!! මේ කරන්න හදන්නේ ඒක. හැබැයි, හුඟ දෙනෙක් ලොකු ලොකු උදවිය නිසා උදව් ඉල්ලන, ගන්න එකක් නැහැ!! ඒත් මම whole sale එකේ දෙනවා!!:)

    මෙතැනදී කතා ගොඩක් real life උදාහරණ වලින් පෙන්වන්නම්!! කියන ඒවා ඒ විදියටම පිළිගන්න වෙන තැන් පෙන්වන්නම් (ශ්‍රද්ධාව අවශ්‍යවෙන තැන්), ණුවනින් කල්පණා කරන්න ඕනේ තැන් කියන්නම්. කල්පණා කරන්න ඕනේ විදිය කියන්නම්... කල්පණා කරන්න ඕනේ දේත් කියන්නම්... කැමති උදවිය තමන්ගේ කොටස කරගන්න!!! ආයි නිකම් එක එක්කෙනාගේ කතා අහල අනාත වෙන්න ඕනේ නැහැ!!! හැබැයි හුඟ දෙනෙක් ඉන්නේ ඔලුව ඉදිමිච්ච, මඩගහන්න, නින්දා, අපහාස කරන්න, වාද කරන්න බලාගෙන ඉන්න උදවිය නිසා, එයාල මේ වැඩේ කඩාකප්පල් කරන්න දිගින් දිගටම try කරාවි!!! ඒවා ගණන් ගන්න එපා!!!
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    අපිට කතන්දරේ පටන්ගන්න තියෙන්නේ ඉපදිච්ච තැනින් කියලා කිව්වා, මතක නේ? ඊළඟට බුදුහාමුදුරුවෝ අපිට මේ විශ්වයේ ඕනෙම තැනක උපතක් සිද්ධ වෙනවා නම්, ඒ සිදුවීම වෙන ආකාර 4ක් තියෙන බවත් සොයා දැනගෙන කියා දුන්නා, මතක නේ? අපි ඒ 4 ආකාරයෙන්, අපිට අදාළ එකේ වෙන්නේ කොහොමද කියල බලමු! අපි බිහිවුනේ මවු කුසින්... ඒ කියන්නේ 'ඔක්කන්ති' ජාතියේ උපත්! එතැනදී වෙනවා කිව්වේ, 1. ඛන්දානං පාතුභාවෝ (පංච උපාදානස්කන්ධය බැස ගැනීම) 2. ආයතනානං පටිලාභෝ (ආයතන 6 ලැබීම). හැබැයි, අනික් කියපු උපත් ජාති 3 දීත් වෙන්නේ ඕකම බවත් බුදුරජාණන්වහන්සේ ප්‍රකාශ කළා... මතක තියාගන්න!

    දැන් ඔය සිදුවීම සිද්ධවෙන ස්වභාවික පසුබිම කොහොමද? ඒ බවත් බුදුරජාණන්වහන්සේම කියා දුන්නා!! ඒ 1. ඍතු වෙන කාන්තාවක් වෙන්න ඕනේ (දරුවන් ලැබීමේ හැකියාව තියෙන කෙනෙක්) 2. ඒ කාන්තාව පුරුෂයෙක් සමග එකතු වෙන්න ඕනේ 3. විඥාණයක් බැසගන්න ඕනේ.

    දැන් ඕකේ, මුල කාරණා දෙක ඉතින් හැමෝම දන්නවා නේ... අනික් එක කාටද පේන්නේ? පේනවද?? තමන්ට පේන්නේ නැති නිසා, 'නෑ... නෑ... ඒක එහෙම නෙවෙයි මෙහෙමයි වෙනවා ඇත්තේ!!' කියල පණ්ඩිත කම් කියවන්න යනවද? එහෙම උනොත් නම් sorry වෙනවා!!! මොකද, මේවා සාමාන්‍ය මිනිස්සුන්ට ගම්‍ය වෙන, අහන්න දකින්න පුළුවන් ඒවා නෙවෙයි!!! අන්න ඒවගේ කරුණු දැනගන්න අපිට තියෙන්නේ බුදුරජාණන්වහන්සේ නමකගේ පිළිසරණය විතරයි!!!

    ඔය කාටවත් පියවි ඇහින් 500m දුරින් ඉන්න කුහුඹියෙක්ව දකින්න පුලුවන්ද?? බුදුකෙනෙකුට නම් 500m දුරින් නෙවෙයි ආලෝක වර්ෂ 500ක් දුරින් ඉන්න එකෙක්ව උනත් මේ ඇහැ ළඟ ඉන්නවා වගේ දකින්න පුළුවන්!!! ඒ හැකියාවට කියනවා, 'දිබ්බ චක්ඛු ඥාණය' කියල. දුර තිබෙන දේවල් දකින ණුවන!! ඊළඟට දැන් මම මේක ලිය ලියා ඉන්න ගමන් 'හූවක්' තිබ්බොත් ඔයාලට ඇහෙනවද?? බුදුරජාණන්වහන්සේට නම්, විශ්වයේ ඈත කෙළවරක ඉඳන් 'රහසක්' කිව්වත් අහන්න පුළුවන්!!! ඒකට කියනවා 'දිබ්බ සෝත ඥාණය' කියල. දුර ඇති ශබ්ද ඇසීමේ හැකියාව!! ඔයාලට දෙවියෝ, පෙරේතයෝ පේනවද? ඔයාලට පේන්නේ නැති නිසා, 'මොන පිස්සුද? එහෙම අය නැහැ!!' කියල කියනවද?? එහෙම උනොත් නම් sorry වෙනවා!!! මොකද, සාමාන්‍ය මිනිස්සුන්ට නොපෙනෙන දෙවියෝ, පෙරේතයෝ වගේ අය විතරක් නෙවෙයි, ඕනෙම දෙයක් දකින්න බුදුකෙනෙකුට පුළුවන්!! බුදුකෙනෙක් තමන් සතු හැකියාවල්, ලබාගත් අවබෝධය පාවිච්චි කරලා කරුණු විමසනකොට, 'බුදු නෙතින් බලනකොට', නොපෙනෙන දෙයක් නැහැ!!!

    බුදුකෙනෙකුගේ හැකියාවල් වලින් සොයා දැනගෙන කරුණු දක්වන කිසිම දේකට challenge කරන්න පුලුවන් කවුරුවත් ශ්‍රමණ, බ්‍රාහ්මණ, දිව්‍ය, මාර හෝ බ්‍රහ්ම පිරිස් අතරේ නැහැ!!! දිව්‍ය, බ්‍රහ්ම කියන මිනිස්සුන්ටත් වඩා උසස් තත්ත්ව වල ඉන්න උදවියටත් බැහැ කියන්නේ... මිනිස්සු, කොයි තරම් මහා දාර්ශනිකයෝ, මහා විද්‍යාඥයෝ උනත්, බුදුරජාණන්වහන්සේ නමක් හෙළි දරව් කරන තොරතුරු ඇත්තද? නැද්ද? හරිද? වැරදිද? වෙන්න පුලුවන්ද? කියල හොයන්න කොහෙත්ම බැහැ!!!
     
    Last edited:

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    වැදගත්ම කරුණ තමයි, බුදුකෙනෙක් ලෝකයට පහල වෙන්නේ මේ ඉපදෙන මැරෙන ස්වභාවයට යටත්වෙලා, සතර අපායේ වැටෙන ස්වභාවයෙන් ගැලවෙන්න බැරුව, අනන්ත දුකකට පත්වෙලා, අසරණ වෙලා ඉන්න, දෙවි මිනිස් ලෝක සත්වයන්ට දුකින් නිදහස් වෙන්න උපකාර කරන්න!!! මිනිස්සු මොන මොන විදිය ඇදහිලි ඇතුව හිටියත් බුදුහාමුදුරුවෝ දන්නවා ඇත්තටම වෙන්නේ මොකද්ද කියල... ඇයි කියනවා නම් අපිට මේ ජීවිතේට එන්න කලින් උනේ මොනවද, හිටියේ කොහෙද, කලේ මොනවද වගේ කිසි දෙයක් මතක නැති උනාට, බුදුහාමුදුරුවොන්ට, ගෙවාගෙන ආව සංසාර ගමනේ හැමදේම මතකයි!!! ජාතක කතා හැටියට කියල දීල තියෙන්නේ එහෙම ආව ගමනේ විශේෂ අවස්ථා ගැන තමයි!!!

    බුදුන්වහන්සේ ප්‍රකාශ කරලා තියනව අදහපු නැති ආගමක් නැහැ කියල!!! කරපු නැති යාගයක්, කරපු නැති පුජාවක්, කරපු නැති යාතිකාවක් නැහැ කියල!!! ඒ එකකින් වත් දුකින් එතෙර වෙන්න බැහැ කියල උන්වහන්සේ අත්දැකීමෙන්ම දන්නවා!!!

    ඊළඟ ප්‍රධානම කරුණ තමයි උන්වහන්සේ නිකෙලෙස්!!! අරහත්!!! රාග, ද්වේශ, මෝහ අරමුණු නැහැ!!! ඒ නිසා බොරු කියලා කාවවත් රවට්ටන්නේ නැහැ!!! තමන්වහන්සේ ප්‍රසිද්ධ වෙන්න නැති දේවල් තියනවා! කියල, තියන දේවල් නැහැ! කියල නැහැ!! ඇත්ත ඇතිසැටියෙන් මයි දේශනා කරලා තියෙන්නේ.

    ඉතින් දෙපාරක් හිතන්න දෙයක් නැහැ!! තමන්ට දුක කියන එක තේරෙනවා නම්, ඒකෙන් ස්ථිරවම ගැලවෙන්න ක්‍රමයක් දන්නෙත් නැත්නම්, දුකෙන් නිදහස් වෙන්නත් ඕනේ නම්, එකම විසඳුමයි තියෙන්නේ... ඒ බුදුරජාණන්වහන්සේගේ අවබෝධය අදහා ගෙන, උන්වහන්සේගේ ශාස්තෘත්වය පිළිඅරගෙන, බුදු උපදෙස් අනුව වහ වහා ක්‍රියාත්මක වෙලා, තමන්ම තමන්ගේ ගැලවීම සලසා ගන්න එක විතරයි!!! හැබැයි ඔය සේරම තමන්ට ඕනේ නම්, තමන්ගේ උවමනාවෙන්, තමන්ගේ කැපවීමෙන්, තමන් තනියෙන්මයි කරගන්න තියෙන්නේ. කාටවත් බැහැ තමන්ව ගලවන්න!!!

    බුදුහාමුදුරුවෝ ඇත්ත තත්වය පහදලා දෙනවා... දුක තෝරලා දෙනවා!! දුකට හේතුව තෝරලා දෙනවා!! දුකෙන් නිදහස් වීම තෝරලා දෙනවා!! ඒ දුකෙන් එතෙර වීමට මාර්ගයක් කියලා දෙනවා!! බුදුරජාණන්වහන්සේ නමක් කරන්නේ ඔච්චරයි!!! වෙන බොරුවැඩ මොකවත් කරන්නේ නැහැ!!!

    අපිට බුදුහාමුදුරුවෝ විසින්ම ප්‍රකාශිත පිරිසුදු බුද්ධ දේශනා, ඒ ආකාරයෙන්ම, අපිට තේරෙණ ආකාරයෙන් අහන්න අපේ හාමුදුරුවෝ අවස්ථාව හදලා දුන්නා!!! අපිට ඒ පිරිසුදු බුද්ධ දේශනා අහගෙන අහගෙන යනකොට, අපි ඉන්නේ කොච්චර අසරණ තත්වයක්ද? කියලා තේරුණා... නිදහස් වෙන්න උවමනා උනා... අපි දෙහිතක් නැතුව බුදුරජාණන්වහන්සේගේ අවබෝධය අදහා ගත්තා!!! දේශනා අහලා අහලා අවශ්‍ය කරුණු දැනගත්තා... අදාළ දේ ගත්තා... අදාළ නැතිදේ බැහැර කළා... ඒ අනුව ක්‍රියාත්මක උනා!!! අපි අපේ අවශ්‍යතාවය සපුරා ගත්තා!!! පැහැදිලියි නේ එතකොට, මොකද්ද? කොහොමද? වෙලා තියෙන්නේ... කියලා??

    දැන් කතන්දරේ දන්නවා!!! අනික් උදවිය ගැන පව් කියල, අනුකම්පා හිතෙනවා... හුඟ දෙනෙක් යන්නේ කැළෑ පාරවල් වල කියලත් තේරෙනවා... වැඩේ තියන බරපතල කමත්, අමාරු කමත් දන්නවා... කෙරෙන්න ඕනේ දේත් දන්නවා... අදාළ දේත්, අදාළ නැති දේත් දන්නවා... ඉතින් මෙහෙම ඇවිල්ල කියනවා!!!

    උවමනාවක් තියන අය, මේ කරුණු දැනගෙන, කියන විදියටම කෙරුවොත්, අනිවාර්යයෙන් ප්‍රතිඵල ලබනවා මයි!!!