'මම' ඉන්නේ කොහෙද?

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    බුදුරජාණන්වහන්සේ මේ කය 'සංඥා ආයතන' හැටියට බෙදා වෙන්කරලා දක්වන්න පටන්ගත්තේ ඇහෙන්!! ඒත් මං අල්ලගත්තේ දිවෙන්... මොකද, ඇහෙන් / කණෙන් සිදුවෙන දේ එකපාර හිතාගන්න non-technical අයට අමාරුයි!! ඒවට බුද්ධිමත් කම කෙලින්ම බලපානවා. ඒත් කනබොන ඒවා ඕනෙම කෙනෙකුට තේරෙනවා නේ... ඉතින් ආරම්භයට දිව හොඳයි කියල තීරණය කළා. අනික කෑමට බීමට අකමැති කවුද? අපි වටෙත් ඉන්න ගොඩ දෙනෙක් 'කන්නම බලාගෙන' ඉන්න උදවිය!! හැබැයි, මිනිස්සු 'කෑම දාසලා' වීම මහා නස්පැත්තියක්!!! 'ආහාරයේ පිළිකුල' කියල, මේ 'රස විඳීම' සම්බන්ධයෙන් තියන භයානක මුලාවෙන් මිදීමේ අවශ්‍යතාවය ගැන බුදුහාමුදුරුවෝ වෙනමම කියල දුන්න... අන්න ඒක හන්ද ඉස්සෙල්ලම අපි හොඳට දිරවන කම් දිව 'කාල' ඉමු!! මේක තේරුම්ගන්න ලේසියිත් එක්ක...

    Tongue.gif

    ඔන්න පින්තූර කෑල්ලකුත් හොයාගෙනම පටන් ගත්ත. මේ තියෙන්නේ දිවෙන් වෙන දේ විද්‍යාක්ඥ ඇහින් දකින විදිය!! හැබැයි මේකෙත් පේනවා රස විඳින්නේ 'අපි' නෙවෙයි බව!! රස විඳින්න කට්ටිය පිල් බෙදිලා සැදී පැහැදී ඉන්නේ දිවේ!! ඒත් දිව, සතරමහා ධාතුන්ගෙන් හැදිච්ච අනිත්‍ය දෙයක්!! දිව විනාසවෙලා යන එකක්... දිව විනාසවෙලා යනවත් එක්කම තමන්ට රස දැනෙන එකත් නැතිවෙලා යනවා මයි!!! බයවෙන්න එපා!! මොකද බය උනයි කියල දිව තමන්ට ඕනේ විදියට තියාගන්නත් බෑ!! ඒක අනාත්මයි... තමන්ගේ නෙවෙයි...

    බුදුහාමුදුරුවෝ දිවේ වෙන දේ කියල දුන්නේ මෙන්න මෙහෙමයි!! 'ජිව්හාච පටිච්ච රසේච උපජ්ජති ජිව්හා විඥාණං, තින්නං සංගති ඵස්සෝ' දිවට රසයක් වැටුණු විට දිවේ විඥාණය හටගනී, දිවත්/රසයත්/දිවෙහි විඥාණයත් යන කරුණු තුනෙහි එකතුව දිවේ ස්පර්ශයයි!!! මේ... මෙතන දිවෙහි විඥාණය හටගනී කිව්වම මහා බරපතල, අද්භූත දෙයක් සිදුවෙනවා එහෙම නෙවෙයි!!! මෙතැනදී විඥාණය කියන්නේ දැනගන්නවා කියන එකටයි කියල බුදුහාමුදුරුවෝ කියලා දුන්න!! ඉතින්, හොඳට මතක තියාගන්න... දිවේ විඥාණය හටගනී කියන්නේ 'දිවෙන් දැනගනී' කියන එකටයි!!! ඊළඟට දිවේ ඉස්පර්ශය කියන්නේ ඔය කරුණු තුනේම එකතුව කියලා කිව්වේ, මේ දේවල් සේරම එකතුවෙලා තමයි අවසන් ප්‍රතිඵලය ඇතිවෙන්නේ!! මොකද දිව වෙනම තිබුනට රස දැනෙන්නේ නෑ... රස වෙනම තිබුනට ඒ දැනෙන්නෙත් නෑ... දිවේ රස ගෑවුනට දිව සජීවී නැත්නම් ඒත් දැනෙන්නේ නෑ... (මැරිච්ච දිවක් කොහොමද රස දැනගන්නේ?) ඔය තුනම එක්වෙලා තමයි අවසන් ඵලය හැදෙන්නේ... තේරුණාද??

    මේ... ප්‍රශ්ණයක්!! දිවේදී ඇත්තටම වෙන්නේ ඔච්චරයි!!! දිවට රසයක් ගෑවුනාම දිව ඒ රසය දැනගන්නවා. ඊළඟට ඒ දැනගත්තු රසයට අදාලව යම් ප්‍රතිඵලයක් හැදෙනවා!! එච්චරයි!!! රස විඳිල්ලක් කියල මොකවත් මෙතන වෙන්නේ නෑ!!! පැහැදිලිද?? ඔච්චරමයි වෙන්නේ!!! දිව කියන්නේ සංඥා ආයතනයක් නේ... ඒකෙන් තමයි සත්වයා දැනගන්න තරමක් රස දැනගන්නේ... හැබැයි මේකේ රසවිඳිනවා, ආස්වාදයක් තියනවා, කියල මොකවත් නෑ!!!

    තේරෙනවා මදි මදි නේද?? ටිකක් ඇතුලට බැහැල බලමු!! දිවේ තියනවා නේ පැණිරස, ලුනුරස, ඇඹුල්රස, තිත්තරස වෙන වෙනම හඳුනාගන්න පුළුවන් ප්‍රදේශ... අන්න ඒවාට අදාළ රසය තියන මොනවා හරි ගෑවුනම ඒ ප්‍රදේශයේ උත්තේජනයක් ඇතිවෙනවා!! පැණිරස දැනගන්න ප්‍රදේශය උත්තේජනය වෙන්නේ පැණිරසට විතරයි!!! ඒ කොටසේ ලුණු ටිකක් ගෑවට දැනෙන්නේ නෑ!! ලුණු දැනෙන ප්‍රදේශයේ ඇඹුල් දෙයක් ගෑවුනාම ඒ දැනෙන්නෙත් නෑ!! ලුණු තමයි ඒ ප්‍රදේශයට දැනෙන්නේ... හරිද? ඊළඟට ඒ ඇතිවන උත්තේජනයේ ප්‍රමාණයට අනුව යම් ඵලයක් ඇතිවෙනවා. ඒ ඵලය ඇත්තටම නම්, ඉතා සියුම් වෝල්ටීයතාවයක්... (signal voltage). අපි එහෙම නැතුව මෙන්න මේ විදියට හිතමු!!
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    දිවෙන් කෙරෙන කාර්යය පක්ෂ හතරක් ඉදිරිපත්වෙලා ඉන්න 'චන්ද විමසීමක්' කියල හිතමු... දිව කියන්නේ චන්ද කාර්යාලය! එක එක කෑම ජාති කියන්නේ රටේ එක එක පළාත්වලින් ලැබෙන චන්ද! හරිද? ඉතින් චන්ද කාර්යාලයෙන් මොකද්ද කෙරෙන්නේ?? එක එක පළාතේ චන්ද තෝරලා, ගණන් කරලා, සංඛ්‍යාත්මකව මෙච්චරයි... මෙච්චරයි... කියල ප්‍රකාශ කරනවා විතර නේ?? දිවත් කරන්නේ ඕකමයි!!! එක එක කෑමජාති කනකොට ඒවායේ තියන පැණිරස, ලුනුරස, ඇඹුල්රස, තිත්තරස ප්‍රමාණයන් වෙන වෙනම දක්වනවා!!! ඕක තමයි දිවේ ඉස්පර්ශය!!!

    හැබැයි දිව, රස ප්‍රමාණයන් මෙහෙමයි මෙහෙමයි කිව්වට, දිවේ ඉස්පර්ශය ඇතිවුනාට, එතනින් එහාට වෙන දේවල් කිසිදේකට දිව සම්බන්ධ නැහැ!!! මතක නේ, අර සත්වයාගේ ක්‍රියාකාරීත්වය නැත්නම්, නාම කියල අඳුන්වපු වේදනා, සංඥා, චේතනා, ඵස්ස, මනසිකාර කියන වැඩපිළිවෙල?? මේක සිද්ධවෙන අනුපිලිවෙල අනුව ගත්තාම, අර දිවේ ඇතිවෙච්ච ඉස්පර්ශය මනසිකාර කලොත් තමයි විඳීම ඇතිවෙන්නේ!! ඒ විඳින දෙය තමයි හඳුනා ගැනෙන්නේ!! ඒ හඳුනාගන්න දේට අනුව තමයි චේතනා පහල වෙන්නේ!!! පැහැදිලියිද?? දිවට දැනෙන දේ ගැන අවධානය යොමුකලොත්, දැනෙන රස ගැන කල්පණාවෙන් උන්නොත්, තමයි රස දැනෙන්නේ!! එහෙම රස දැනගත්තාම තමයි කලින් විඳලා තියන රසයක් නම් දැනගන්නේ... ඒ දැනුන රසය තමන්ට ප්‍රිය මනාප නම්, තමන් ඒ රසයට කැමතිනම් තමයි ඔන්න පිස්සු හැදෙන්න පටන්ගන්නේ!!! ෂා... මරු මරු... රසයි රසයි... මාර රහයි... කිය කියා දිවේ බැහැගෙන හිටියොත්, තව තවත් ඒ රසය විඳින්න ඕනේ... දිගටම විඳින්න ගොඩගහගන්න ඕනේ... කියල හිතුවොත් තමයි වැඩේ ඇනීගන ඇනීගන යන්න ගන්නේ!!!

    ඒත් දැන් දිව සම්බන්ධයෙන් ඇත්ත දැක්කා නේ... පැණිරස/ලුනුරස/ඇඹුල්රස/තිත්තරස විදියට ඇතිවෙන ඵල හතරක එකතුවයි, ඊටත් අමතරව සීතල/රස්නේ ගතිය, සැර/දැවිල්ල ගතිය, ගඳ/සුවඳ සේරම එකතුවෙලා හැදෙන 'ඵල සම්මිශ්‍රණයකට' තමයි මේ සත්තු ටික පිස්සු හදාගෙන තියෙන්නේ රසයි... රසයි... කියල!!! ඒ ඇරෙන්න ඇත්තටම නම්, මෙච්චර කාලෙකට කාපු කිසිම කෑම ජාතියකින් එක අංශු මාත්‍රයක් වත් තමන්ට ලැබිලා නෑ!!! අර... මුලින් කියපු පණ තියන සත්වයා දැල්වෙන ඉටිපන්දමක් වගෙයි... පණ නැත්නම් නිවිච්ච ඉටිපන්දමක් වගෙයි... කියපු එකේදීත් තේරුණා නේ 'තමන්' දැල්ල වගෙයි කියන බව?? කයේ උපකාරයෙන් 'තමන්' පවතිනවා මිසක්, කයයි 'තමනුයි' අතරේ වෙන සම්බන්ධයක් නැති බව?? ඉතින් මේ කන තරමක් ඇඟට!!! ඇඟේ පැවැත්මට ආහාරය අත්‍යවශ්‍යයි... එච්චරයි!! ඒත් රසය වැඩක් නෑ!!! නොදන්නා කමට රසය කියන 'බොරුව'ට වහල්වෙලා, මුලාවෙලා උන්නට, දැන් ඇත්ත දැනගත්තාම තව දුරටත් ඒ මුලාවේම ඉන්න ඕනෙද??? ඕනේ නෑ!!! අල්ලලා දාන්න...

    තවත් 'රසය' කියන මාතෘකාව සම්බන්ධයෙන් පිස්සු කෙලින්න එපා!!! ඒක ආස්වාදයක් නෙවෙයි... නිකම්ම නිකම් හීනයක් වගේ දෙයක් විතරයි!!! මෙතන සිද්ධ වුනේ 'මෝඩ බල්ලෙක් මස් කට්ටක් කනවා වගේ' වැඩක්!! මස්කට්ටේ මොකුත් නැති බව බල්ලට නොතේරුණාට ඔය උදවිය දන්නවා නේ... ඒත් බල්ලා ඒක නොදන්නා නිසා මස් කට්ට අර හක්කට, මේ හක්කට මාරු කර කර චර බර ගාල හපනවා!! ඒකෙන් උගේ දත් කැඩෙනවා... කට තුවාල වෙලා ලේ එනවා... ඉතින් ලේ රහ දැනෙනකොට බල්ලා හිතනවා, 'අඩේ අප්පා! මරු නේ!!' කිය කියා... ඉතින් තව තව දාගෙන හපනවා!! අන්තිමේ ලැබිච්ච දෙයක් නෑ!! බල්ලා ඌවම කාල විතරයි!! හොඳටම හෙම්බත් වෙලා... පස්සේ කට තුවාල වෙලා, කන්න බොන්න බැරුව, කෙඳිරි ගගා ඉන්නත් වෙනවා!! මෝඩ බල්ලෙක් නොවුනා නම් කිසිම අවුලක් වෙන්නේ නෑ!!! බුදුරජාණන්වහන්සේගේ ආර්ය ශ්‍රාවකයෝ මෝඩ නැහැ!!! රස තෘෂ්ණාව කිසිම තේරුමක් නැති දෙයක්... ඒ මත්තේ නැහෙන්න ඕනෙම නෑ!!! ඇත්ත නොදැන, වැරදි කල්පණාවලින් ඔලුව අවුල්කරගෙන රස මත්තේ නැහෙන්න ගියායින් තමයි අවුල ඇතිවුනේ... හීනයක් වගේ දෙයක් නිසා අමතක කරලා දාල නිකම් ඉන්න... කිසිම අඩුවක් පාඩුවක් මොකුත් වෙන්නේ නෑ!!! ඒ වෙනුවට තමුන්ට 'රස තෘෂ්ණාව' කියන මලවදෙන් ගැලවෙන්න පුළුවන්... හරි සැහැල්ලුවෙන් ඉන්න පුළුවන්... අවුල එහෙමපිටින් ලිහෙන්න ගන්නවා!!!
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඉතින් ඔන්න සංඥා ආයතන හැටියට බැලුවාම දිව කියන ආයතනයට සම්බන්ධ සේරම, අලගිය/මුලගිය/වැලගිය ඔක්කොම, දැන් දන්නවා එහෙනම්!! හරි නේ??? බුදුහාමුදුරුවෝ ප්‍රඥාව තියෙන්නේ අප්‍රමාදී වෙන්නයි කියල කිව්වේ, අප්‍රමාදීව මේ සත්‍ය අවබෝධ කරගන්න කියලයි!!! ඔන්න දැන් ඒ කොටස කළා!! දැන් මේ සත්‍ය ආරක්ෂා කරගන්න!! වෙන වෙන බොරු කතා විශ්වාස කරන්න, පිළිගන්න එපා!!! දිව, රසය සම්බන්ධ සේරම මෙච්චරයි!! වෙන අද්භූත දේවල් මොකුත්ම නෑ!!! ඉතින් තේරෙනවා නේද, රස පිළිබඳව තිබුණු තන්හාව නිෂ්ඵල දෙයක්, නිකම්ම නිකම් හීනයක් වගේ දෙයක්, හිතෙන් හදාගත්තු වැඩකට නැති දෙයක් බව?? වැඩකට නැති ඒවා මොකට තියාගන්නවද??? අත හරින්න!! ත්‍යාගය (චාගෝ) තියෙන්නේ අතහැරීමටයි!!! රස තෘෂ්ණාව වැඩක් නෑ!!!

    ඊළඟට සන්හින්දීම තියෙන්නේ පුහුණු වීමටයි!! ඒකත් කරමු... හරි ලේසියි... ඔබට කටට රසට කන්න ලැබෙනවා නම් ඒ ඔබ දුන්නු නිසා ලැබෙනා දෙයක්... ඕනේ තරම් කන්න! අවුලක් නෑ. හැබැයි කන වෙලාවට විතරයි... කෑවා!! අමතක කළා!!! රසයක් වින්දොත් වින්දා විතරයි... එච්චරයි!!! ආයේ ආයේ ඒ ගැන හිතන්න, එක එක්කෙනත් එක්ක ඒ කාපුවා ගැන කියන්න, ආයේ ආයේ ඒ කෑම හොයන්න තියාගන්න එපා!!! අනාගතේදී තව තව කන්න බලාපොරොත්තු තියාගන්නත් එපා!!! මේ හොඳටම ඇති කියල සෑහීමට පත්වෙන්න!! 'මෝඩ බල්ලෙක්' වගේ වෙන්න ඕනේ නැහැ නේ... ඊළඟට, තමුන්ට කටට රහට කන්න නොලැබුණා කියල කණගාටු වෙන්නත් එපා!!! අහාරය උවමනා මේ කය පවත්වාගන්න විතරයි!! බඩගින්නට කෑවා නම් ඇති... කුසගිනි නිවෙන්න යන්තම් තිබුනා නම් ඒ හොඳටෝම ඇති!! අපි ගෙවාගෙන ආව සංසාර ගමනේදී කුසගින්නෙන්, පිපාසයෙන් හාමත්වෙලා මැරිච්ච වාර අනන්තයි!!! ඉතින්, කෑම මේ ජීවිතේට ප්‍රශ්ණයක් කරගන්න එපා!!!

    බුදුහාමුදුරුවෝ කෑම ගැන / ආහාරය ගැන කිව්වේ, නේව දවාය (ජවය පිණිස නොවේ) න' මදාය (මත්වීම පිණිස නොවේ) න' මන්ඩණාය (හැඩවැඩ වීම පිණිස නොවේ) ඉති පුරානන්ච වේදනං පටිගහතාය (පුරාණයේ හටගත් වේදනා දුරුකර ගැනීම පිණිසය) නවන්ච වේදනං නූප්පාදාය (අලුත් වේදනාවල් හට නොගැනීම පිණිසය) යාව ජීව ඉමස්ස කායස්ස තිථියාය (සසර දුකින් එතෙරවීම පිණිස යහපත් දිවිපැවැත්ම සඳහා කය පවත්වා ගැනීම පිණිසය) කන්න ඕනේ ඔන්න ඔහොමයි!!! ජීවත් වෙන්න කන්න... කන්න ජීවත්වෙන්න එපා!!! ඉතින් මෙන්න මෙච්චරයි අපිට දිව හා රසය ගැන දැනගන්න තියෙන්නේ!!! හැට පාරක් හරි කියවන්න... මේ කරුණු බොක්කටම වදිනකම් කියවන්න!!!
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඔයාලත් ඔය එක එක කෑම ජාති කනකොට, ඒ කන කන දේවල් වල රස මත්තේ ඇලීගන / නැහීගන ඉන්නේ නැතුව, වෙන වෙන දේවල් මොනවා හරි හිත හිතා කාල බලන්න!! එතකොට රස දැනෙන්නේ නෑ!! ආයේ, 'මම මේක කන්නේ බඩගින්නට නේ...' කියල හොඳින්ම තේරුම් අරන් කනවා නම්, මෙලෝ රහක් නැති දෙයක් උනත් කිසිම අවුලක් නැතුව කන්න පුළුවන්!! කරලාම බලන්න... ඊළඟට, මුලදි මුලදී හිත පාලනය කරගන්නම බැරි නම්, අරවා කන්න ඕනේ! මේවා කන්න ඕනේ! කිය කියා 'හිත' ඔයාව ඇදගෙන යනවා නම්, කොච්චර කෑවත් ඇතිවෙන්නේ නැත්නම්, අන්න ඒ වෙලාවට 'බලුබෙටි සිඟිත්තක සුවඳ' 'මැරිලා කුණුවෙච්ච සතෙකුගේ සුවඳ' වගේ දෙයක් ගැන චුට්ටක් හිතන්න!! කෑම ඉල්ල ඉල්ල ඔයාට වදදෙන 'හිතට' පොල්ලෙන් ගැහුවා වගේ වැඩක් ඒක!!! 'අසනීපෙ' පටාස් ගාල හොඳ වෙනවා!! කරලාම බලන්න... ඔහොම කාලයක් යනකොට ඔයාටත් 'රස' කියන එක නොවැදගත් දෙයක් බවට පත්වේවි!!! ඔයා 'දිවෙන්' නිදහස් වේවි!!!

    දැන් තේරුණාද 'ජීවිතාවබෝධය ලැබීමයි' සංසාර ගමනෙන් නිදහස්වීමයි, කෑම බීමයි අතරේ සම්බන්ධය?? 'සත්‍ය' අවබෝධ කල, 'අවිද්‍යාව දුරුවෙච්ච' කෙනා කෑමට / බීමට ඇලෙන්නේ නෑ!! 'මට අරවා කන්න ඕනේ...' 'මට අහවල් ඒවා තාම කන්න ලැබුණේ නෑ...' 'මුං මට රහට කන්න හදල දෙන්නේ නෑ...' වගේ විකාර අදහස් මොකුත්ම නෑ!!! කොටින්ම එයාට 'රස' කියන එක වැඩක් නැහැ!!! එයා දන්නවා මේ ඇඟවල් වල ඇත්තටම වෙන්නේ මොකද්ද කියන එක හොඳටෝම!!! එයා ඉන්නේ ඇත්ත ඇති හැටියෙන්ම දැකල!!! 'යථාභූත ඥාණය' පහලවෙලා!!! හරිද? තේරුණාද??

    ඉතින් කෑම බීම තෝරන්න උවමනාවක් නෑ!! කෑමෙන් බීමෙන් පරිස්සම්වෙන්න ඕනෙත් නෑ!! තමන්ට ඕනේ නම් ඕනේ දෙයක් කන්න පුළුවන්!! 'නිවණත් දැකලා' ඉවරයි නම්, වෙන කරන්නය කියල දේකුත් නෑ!! කැමතිනම් නොකා ඉන්නත් පුළුවන්... මොකද කය පවත්වන්න උවමනාවකුත් නෑ!!! දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන, යුතුකම් වගකීම් නොපිරිහෙලා ඉටුකරමින්, ආයුෂ ගෙවිලා යනකම් ඉන්න තමයි තියෙන්නේ!! උදාහරණයකින් කිව්වොත්, 'පඩි හම්බවෙනකම් බලන් ඉන්න' තමයි තියෙන්නේ!!!

    හැබැයි, මස් මාංස කන්න ලැබුණොත් / කන්න උනොත්, තමන් වෙනුවෙන් මරපු සතෙකුගේ කියල දැනගන්න ලැබුණොත් ඒවා කන්න එපා! තමන් වෙනුවෙන් මරුවා කියල අහන්න ලැබුණොත් ඒ කන්නත් එපා! දන්නේ නැතත්, අහන්න ලැබුණේ නැතත්, සතා මැරුවේ තමන් උදෙසාද කියලා සැකයක් තියනවා නම්, ඒ කන්නත් එපා! ඇත්තටම අපි මොකටද මේ වැඩකට නැති කයක් පවත්වන්න තව කෙනෙක්ව මරාගෙන කන්නේ?? අන්න ඒකයි ඇත්ත.
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    කොල්ලෝ මම මේ ත්‍රඩ් එක හොය හොය හිටියේ මෙන්න මගෙ පලමු හරස් ප්‍රශ්න ටික

    මේ ශරීර එකම විදියට තියෙන්නේ නැහැ! ස්ථිර නැහැ!! වෙනස් වෙන සුළුයි!! කියන එක හුඟ දෙනෙක් දන්නවා නේ නේද?? අන්න ඒ ලක්ෂණයට තමයි 'අනිත්‍යය' කියන්නේ!!! (හැබැයි ඒකට වෙන වෙන තේරුම් පිළිගත්තොත් 'හුටා':baffled: වෙනවා!). දැන් ඔය 'හිත' කියන එක ගැන, මහා වැල් වටාරම් හිතන්නේ නැතුව, 'හිත' කියන්නේ මේ කයේ ක්‍රියාකාරිත්වය හන්ද හටගත්තු ඵලයක් කියල ගන්නකො... (ඇත්තටම වෙන්නේ ඒකයි!!)
    ඕබෙ නිර්වචනය බුදුදහම අනුම වැරදි එකක් ඕබ කියන විදිහට කය නිසා හිත හට ගන්න ඕනැ (නමුත් ඇත්ත එක නෙමෙයි කයෙ කිසිදු ක්‍රයාවකින් තොරව වුනත් සිතක් පවතිනවා) අපි දන්නවා නාමය නිසා රුපයත් රුපය නිසා නාමයත් හටගන්නවා කියලා නමුත් මුලින්ම හටගත්තෙ කුමක්ද කියන එකට බුදුදහම නිහඩයි! (එහෙම නොවෙ නම් නිවැරදි කරන්න)

    අන්න ඒ 'හිතට' අනන්‍ය තාවයක් තියනව!!! ඒ හිතේ කෙනෙක් අහපු, දැකපු, විඳපු, කල්පනා කරපු, හඳුනගත්තු, දැනගත්තු 'මතකය' (දත්ත/data, කියමු) සේරම ගබඩා වෙලා තියනවා!!! කොහෙද?ඔන්න ඔය data ටික තමයි මේ 'සත්වයා' කියල කියන්නේ... මේ දත්ත්ගාමඩාවටද සත්වයා කියන්නේ? :confused: ඒක තමයි ඔය දිගින් දිගට පැවතගෙන පැවතගෙන යන්නේ... දත්ත ද?දැන් මොනවද හිතෙන්නේ?? ඕක කොහොමද තියෙනවා ඇත්තේ??

    ඕබෙ අදහස් ස්ම්පුර්න්යෙන්ම වැරදියි :yes::rolleyes:
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    පුතෙ ඔයා මට කෙටියෙන් කියන්න "මම" කියන්නෙ කාටද? එහෙම නැතිනම් අනාත්මයි කියලා කියන්න තියෙන සාදක විදිහට දක්වන්නෙ මොනවා ද?

    අනික් ප්‍රශ්නය තම්යි අපි හිතමු ඕය මමත්වයෙන් මිදුනා කියලා එහි ලක්ශන මොනවාද?

    අනාත්ම සන්කල්පය හා කර්මය පි‍ටු පසින් එනවා කියන සන්කල්පය ඕබ දකින්නෙ කෙසෙද
    ?
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    There is no way to describe what I experience without a soul that transcends the personality. There is something in us which is more than my habits, limitations and combined past.

    According to Christianity and Islam we each have an immortal soul. According to Hinduism we have a soul (atma) that will reincarnate till we grow enlightened (or awake) enough to not need to reincarnate any further. Buddhism agrees on the reincarnation, but some Buddhists believe that what reincarnates changes too much to be called a soul (anatma). Psychologists agree we have a personality, but don't know about what happens after we die.
     
    OPEN-

    Member
    May 24, 2011
    334
    20

    According to Islam We Don't Have Top:D:D:D
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    Vacchagotta comes to the Buddha and asks:

    'Venerable Gotama, is there an Atman?

    The Buddha is silent.

    'Then Venerable Gotama, is there no Atman?

    Again the Buddha is silent.

    Vacchagotta gets up and goes away.

    After the ascetic has left, Ananda asks the Buddha why He did not answer Vacchagotta's question. The Buddha explains His position:

    'Ananda, when asked by Vacchagotta, the Wanderer: 'Is there a Self?, if I had answered: 'There is a Self'. Then, Ananda, that would be siding with those recluses and brahmanas who hold the eternalist theory (sassata-vada).'

    'And Ananda, when asked by the Wanderer: 'Is there no Self?, if I had answered: 'There is no Self', then that would be siding with those recluses and brahmanas who hold the annihilationist theory (uccedavada)'.

    'Again, Ananda, when asked by Vacchagotta: 'Is there a Self? If I had answered: 'There is a Self', would that be in accordance with my knowledge that all dhammas are without Self?

    'Surely not, Sir.'

    'And again, Ananda, when asked by the Wanderer: 'Is there no Self?', if I had answered: 'There is no Self', then that would have created a greater confusion in the already confused Vacchagotta. For he would have thought: Formerly indeed I had an Atman (Self), but now I haven't got one.' (Samyutta Nikaya).

    The Buddha regarded soul-speculation as useless and illusory. He once said, 'Only through ignorance and delusion do men indulge in the dream that their souls are separate and self-existing entities. Their heart still clings to Self. They are anxious about heaven and they seek the pleasure of Self in heaven. Thus they cannot see the bliss of righteousness and the immortality of truth.' Selfish ideas appear in man's mind due to his conception of Self and craving for existence.
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    Mr. DK please answer my questions

    uththara denne kohomada kiyalaa thamayi me maath daha athe kalpanaa kara kara inne!!

    Y2K Baappe,
    oyaa wade ehempitin anaagena kiyalayi mata therenne... as dekayi, kan dekayi nathwa ipadenna unaa nam oyaata jeewithaawabodhaya labaa ganeema meeta wadaa lasi wenna ida thibuna!!! oya maha godaak jaathi igena gena, lokooo ugathek wechcha nisayi oyaata wade anilaa thiyenne...

    seriously Dharmayata unanduwak thiyanawaa nam api balamu muna gahila kathaa baha karalaa wath yamak karanna. oyaa Dharmaya ahuwena seemawen eliye inna kenek! wate yana kenek! oyage route eka change karaganne nathuwa oyaata Dharmayen kisima palak prayojanayak ganna bari wevi!!!
     
    පුතෙ ඕබ ඇයි ප්‍රශ්නයෙන් පැන යන්නේ බෞද්ධ දර්ශනය හොදින් දන්න කෙනෙකුට ඔයාගෙ බණ විහිලුවක් හිත්න්න එපා ඔයා මමමත්වය තැතිකරගෙන ලොකයම ජ්යගත්තුකෙනෙක් කියලා එහෙම නම් එ තම්යි ඕබෙ වැටිමේ අරම්භය

    උත්තර දෙන්න ආමරුම නම් උත්තරයක් නැ කියන්න මම එක පිලිගන්නම්
    :yes:
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    පුතෙ ඕබ ඇයි ප්‍රශ්නයෙන් පැන යන්නේ බෞද්ධ දර්ශනය හොදින් දන්න කෙනෙකුට ඔයාගෙ බණ විහිලුවක් හිත්න්න එපා ඔයා මමමත්වය තැතිකරගෙන ලොකයම ජ්යගත්තුකෙනෙක් කියලා එහෙම නම් එ තම්යි ඕබෙ වැටිමේ අරම්භය

    උත්තර දෙන්න ආමරුම නම් උත්තරයක් නැ කියන්න මම එක පිලිගන්නම්
    :yes:

    aththatama yaaluwaa බෞද්ධ දර්ශනය හොදින් දන්න udawiya ambaanata innawa. e aya digin digatama sansaare yanawaa!!! eka echcharayi!!!

    Budurajaananwahanse danna seka, mama nodannemi!!! kiyala ahinsakawa Buduhamuduruwo kiyalaa deepu dewal walata anuwa thamange gana hoyana, thamange gana balana kenaa witharak jeewithaya awabodha karagena sansaara duken ethera wenawaa!!!

    oyaata kiyanna one karanne, ඔයාගෙ බණ විහිලුවක් හිත්න්න එපා ඔයා මමමත්වය තැතිකරගෙන ලොකයම ජ්යගත්තුකෙනෙක් කියලා nam, eka thawa lokuuu akuren, paata paatin daalaa hitha hadaaganna!!! wena karanna deyak naa!!!
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    Dear Y2K,
    puluwan nam, oyaa meeta kalin oluwata daagaththa dewal serama tika kaalekata hari amathaka karalaa daala, me thread eke mula indalaa mama daapu karunu ekin ekata balamin, satahan karagena, mathaka thiyaagena, kalpanaa karala balanna kiyana ewaa kalpanaa kara kara balamin digatama follow karanna. oyaa 'lokkek' kiyana maanasikathwaya athaharalaa, man kiyana widiyata balagena aawoth oyaatath jeewithaya dakinna, Dharmaya awabodhakaranna man udaw karannam!!! mata dan kagewath loku kam walin wadak naa!!! tharahaa wenna epa honde... mawa follow kaloth eka oyage yahapatha pinisa hethu wevi!!! echcharayi.
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    පුතෙ ඔයා මට කෙටියෙන් කියන්න "මම" කියන්නෙ කාටද? එහෙම නැතිනම් අනාත්මයි කියලා කියන්න තියෙන සාදක විදිහට දක්වන්නෙ මොනවා ද?

    අනික් ප්‍රශ්නය තම්යි අපි හිතමු ඕය මමත්වයෙන් මිදුනා කියලා එහි ලක්ශන මොනවාද?

    අනාත්ම සන්කල්පය හා කර්මය පි‍ටු පසින් එනවා කියන සන්කල්පය ඕබ දකින්නෙ කෙසෙද
    ?

    :confused:කරුනාකර මේ ප්‍රශ්නව්ලට උත්තර දිලා ඉන්නකෝ
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    :confused:කරුනාකර මේ ප්‍රශ්නව්ලට උත්තර දිලා ඉන්නකෝ

    කෙනෙක් 'මම' කියල හිතාගෙන ඉන්නේ පංච උපාදානස්කන්ධයට 20 ආකාරයකින් ඇතිවෙච්ච මුලාවකටය කියන එක බුදුහාමුදුරුවෝ පැහැදිලිවම තෝරලා දීල තියෙනවා!!! එක උපාදානය කරගත්තු දෙයකට 4 ආකාරයකින්, 5 ටම 20 ආකාරයකට වෙච්ච මුලාවක්!!! මම ඕක තව පැහැදිලිකරලා පෙන්වන්නම් ඉස්සරහට.

    සංකල්පයක් කියන්නේ යම් දෙයක් 'මෙහෙම මෙහෙම වෙනවා ඇති...' කියල (උපකල්පණය කරලා) ගන්න එකටනේ... ඒත් අනිත්‍යයි, අනාත්මයි කියන්නේ එහෙම අමුතුවෙන් හිතාගන්න අවශ්‍ය දේවල් නෙවෙයි!!

    දැන් ඔයා වයසට යනවා නේ? ඔයා කැමති වෙන්නේ නැහැ නේ අතපය වාරු නැතුව, හැරමිටියකින් යන්න වෙනවට? වෙන කාගෙහරි උපකාරයක් නැතුව පස්ස පැත්ත වත් හෝදලා සුද්ද කරගන්න බැරි වෙනවට?? එහෙම නේද??? ඒත් ඒක ඔයාට ඕනේ විදියට වෙන්නේ නෑ!!! ඔයත් අනිවාර්යයෙන් නාකිවෙලා හොට බිම ඇනෙන දවසක් එනවා!!! (ඊට කලින් වලකජ්ජ ගැහුවේ නැත්නම්) ඉතින් ඔහොම කාලයත් සමග සිදුවෙන වෙනස් වීමට කියනවා අනිත්‍ය තාවය කියල!!! ඒක සංකල්ප කතන්දරයක් නෙවෙයි... ලෝක ස්වභාවයක්!!! ඊළඟට තමන්ට කොච්චර උවමනා උනත් තරුණ කම දිගටම තියාගන්න බැරි ස්වභාවයට, තමන්ට පාලනය කරගන්න, තමන්ට උවමනා විදියට තියාගන්න, බැරුව වයසට යන්නම සිද්ධවෙන ස්වභාවයට කියනවා අනාත්මයි කියල!!! ඒ කියන්නේ තමාට උවමනා විදියට බෑ... තමන් කැමති විදියට බෑ... කියන එකයි!!! ඉතින්, ඕක තේරුම්ගන්න අමුතුවෙන් සාධක ඕනෙත් නැහැනේ... ඔයාම වයසට යනකොට බලාගන්න පුළුවන් නෙව:D

    මමත්වයෙන් මිදුනා කියන්නේ කයෙන් මිදුනා කියන බව ඔයාට තේරේවි thread එක හොඳට බැලුවොත්!! ඒක කියල ඇත්තේ... සත්වයාට කයක් නැතුව පවතින්න බැහැ!!! ඒ නිසා 'මම' කියල කතාවත් තියෙන්නේ කයේම තමයි. මම ඒවා ඉස්සරහට කියන්නම්. අනික් එක කර්ම කතන්දරේ එහෙම නම් මේකේ එහෙම්පිටින්ම ලියන්නයි ඉන්නේ... හදිස්සි නැතුව ඉන්න.

    දැනට ඔයා මෙන්න මේක විතරක් හොඳට හිතට ගන්න!!!

    මට මේ කරුණුවල අවුල්, ගැටළු මොකවත් නැත්තේ මම මේ මාතෘකාවේ පරතෙරටම ගිය නිසයි!!! නැත්නම් මෙහෙම සෙල්ලම් දාන්න බැහැ කීයටවත්!!! ඔයාට තාම අවුල්, ගැටළු තොග ගනනට තියෙන්නේ ඔයාට නිවැරදි ආකාරයට ධර්මය අවබෝධ වෙලා නැති නිසයි!!! අන්න ඒක තේරුම් නොගෙන, ඔයා ලොක්කෙක් කියලා හිතාගෙන, 'මම කියන ඒවා වැරදියි!!' 'ඔහොම නෙවෙයි මෙහෙමයි වෙන්නේ!!' වගේ කතා කියන්න තියාගත්තොත් ඔයාට මේකෙන් සත පහකවත් වැඩක් වෙන එකක් නෑ!!! මේ තමයි සම්පූර්ණ ඇත්ත කතාන්දරය... අන්න ඒක නිසා, මීට පිටින් ගිහිල්ල ඔයාට සංසාරෙන් එතෙරවීමකුත් නෑ!!! තේරුණාද??
     
    මොකො බන් ප්‍රශ්න ටික මකලා කමෙට් කරලා තියෙන්නෙ ..... හරි හරි මට තෙරුනා ..... අපෙ සර් කෙනෙකුත් හිටියා ඕබතුමා වගේ එයා උත්තර දන්නෙ නැති ප්‍රශ්නයක් ඇහුවොත් අපිව පන්තියෙන් එලියට දානවා කියනවා මෙකත් එවගෙ දෙයක් තමයි මචන් බුදුහාමුදුරුවොත් කියලා තියෙන්නෙ එතුමා කියනවාටවත් පොත්වල තිබුනාටවත් මේ අපෙ බක පන්ඩිත කාරියචසම් කියනවාටවත් කිසිම දෙයක් පිලිගන්න එපා කියලා

    පුතෙ අපෙ ඒ සිතිවිල්ල ඕබට කරදරයක් වගෙ පෙනෙනවාද? මමත්වය නැති කරන්න ක්‍රම කිහිපයක් තියෙනවා මම එක පස්සෙ කියලා දෙන්නම් ඔබ තුමාට (අවශ්සත් නැ ඕබ සොවාන් වේලා වගෙ නේ)
    :lol: