දිවෙන් කෙරෙන කාර්යය පක්ෂ හතරක් ඉදිරිපත්වෙලා ඉන්න 'චන්ද විමසීමක්' කියල හිතමු... දිව කියන්නේ චන්ද කාර්යාලය! එක එක කෑම ජාති කියන්නේ රටේ එක එක පළාත්වලින් ලැබෙන චන්ද! හරිද? ඉතින් චන්ද කාර්යාලයෙන් මොකද්ද කෙරෙන්නේ?? එක එක පළාතේ චන්ද තෝරලා, ගණන් කරලා, සංඛ්‍යාත්මකව මෙච්චරයි... මෙච්චරයි... කියල ප්‍රකාශ කරනවා විතර නේ?? දිවත් කරන්නේ ඕකමයි!!! එක එක කෑමජාති කනකොට ඒවායේ තියන පැණිරස, ලුනුරස, ඇඹුල්රස, තිත්තරස ප්‍රමාණයන් වෙන වෙනම දක්වනවා!!! ඕක තමයි දිවේ ඉස්පර්ශය!!!
හැබැයි දිව, රස ප්‍රමාණයන් මෙහෙමයි මෙහෙමයි කිව්වට, දිවේ ඉස්පර්ශය ඇතිවුනාට, එතනින් එහාට වෙන දේවල් කිසිදේකට දිව සම්බන්ධ නැහැ!!! මතක නේ, අර සත්වයාගේ ක්‍රියාකාරීත්වය නැත්නම්, නාම කියල අඳුන්වපු වේදනා, සංඥා, චේතනා, ඵස්ස, මනසිකාර කියන වැඩපිළිවෙල?? මේක සිද්ධවෙන අනුපිලිවෙල අනුව ගත්තාම, අර දිවේ ඇතිවෙච්ච ඉස්පර්ශය මනසිකාර කලොත් තමයි විඳීම ඇතිවෙන්නේ!! ඒ විඳින දෙය තමයි හඳුනා ගැනෙන්නේ!! ඒ හඳුනාගන්න දේට අනුව තමයි චේතනා පහල වෙන්නේ!!! පැහැදිලියිද?? දිවට දැනෙන දේ ගැන අවධානය යොමුකලොත්, දැනෙන රස ගැන කල්පණාවෙන් උන්නොත්, තමයි රස දැනෙන්නේ!! එහෙම රස දැනගත්තාම තමයි කලින් විඳලා තියන රසයක් නම් දැනගන්නේ... ඒ දැනුන රසය තමන්ට ප්‍රිය මනාප නම්, තමන් ඒ රසයට කැමතිනම් තමයි ඔන්න පිස්සු හැදෙන්න පටන්ගන්නේ!!! ෂා... මරු මරු... රසයි රසයි... මාර රහයි... කිය කියා දිවේ බැහැගෙන හිටියොත්, තව තවත් ඒ රසය විඳින්න ඕනේ... දිගටම විඳින්න ගොඩගහගන්න ඕනේ... කියල හිතුවොත් තමයි වැඩේ ඇනීගන ඇනීගන යන්න ගන්නේ!!!
ඒත් දැන් දිව සම්බන්ධයෙන් ඇත්ත දැක්කා නේ... පැණිරස/ලුනුරස/ඇඹුල්රස/තිත්තරස විදියට ඇතිවෙන ඵල හතරක එකතුවයි, ඊටත් අමතරව සීතල/රස්නේ ගතිය, සැර/දැවිල්ල ගතිය, ගඳ/සුවඳ සේරම එකතුවෙලා හැදෙන 'ඵල සම්මිශ්‍රණයකට' තමයි මේ සත්තු ටික පිස්සු හදාගෙන තියෙන්නේ රසයි... රසයි... කියල!!! ඒ ඇරෙන්න ඇත්තටම නම්, මෙච්චර කාලෙකට කාපු කිසිම කෑම ජාතියකින් එක අංශු මාත්‍රයක් වත් තමන්ට ලැබිලා නෑ!!! අර... මුලින් කියපු පණ තියන සත්වයා දැල්වෙන ඉටිපන්දමක් වගෙයි... පණ නැත්නම් නිවිච්ච ඉටිපන්දමක් වගෙයි... කියපු එකේදීත් තේරුණා නේ 'තමන්' දැල්ල වගෙයි කියන බව?? කයේ උපකාරයෙන් 'තමන්' පවතිනවා මිසක්, කයයි 'තමනුයි' අතරේ වෙන සම්බන්ධයක් නැති බව?? ඉතින් මේ කන තරමක් ඇඟට!!! ඇඟේ පැවැත්මට ආහාරය අත්‍යවශ්‍යයි... එච්චරයි!! ඒත් රසය වැඩක් නෑ!!! නොදන්නා කමට රසය කියන 'බොරුව'ට වහල්වෙලා, මුලාවෙලා උන්නට, දැන් ඇත්ත දැනගත්තාම තව දුරටත් ඒ මුලාවේම ඉන්න ඕනෙද??? ඕනේ නෑ!!! අල්ලලා දාන්න...
තවත් 'රසය' කියන මාතෘකාව සම්බන්ධයෙන් පිස්සු කෙලින්න එපා!!! ඒක ආස්වාදයක් නෙවෙයි... නිකම්ම නිකම් හීනයක් වගේ දෙයක් විතරයි!!! මෙතන සිද්ධ වුනේ 'මෝඩ බල්ලෙක් මස් කට්ටක් කනවා වගේ' වැඩක්!! මස්කට්ටේ මොකුත් නැති බව බල්ලට නොතේරුණාට ඔය උදවිය දන්නවා නේ... ඒත් බල්ලා ඒක නොදන්නා නිසා මස් කට්ට අර හක්කට, මේ හක්කට මාරු කර කර චර බර ගාල හපනවා!! ඒකෙන් උගේ දත් කැඩෙනවා... කට තුවාල වෙලා ලේ එනවා... ඉතින් ලේ රහ දැනෙනකොට බල්ලා හිතනවා, 'අඩේ අප්පා! මරු නේ!!' කිය කියා... ඉතින් තව තව දාගෙන හපනවා!! අන්තිමේ ලැබිච්ච දෙයක් නෑ!! බල්ලා ඌවම කාල විතරයි!! හොඳටම හෙම්බත් වෙලා... පස්සේ කට තුවාල වෙලා, කන්න බොන්න බැරුව, කෙඳිරි ගගා ඉන්නත් වෙනවා!! මෝඩ බල්ලෙක් නොවුනා නම් කිසිම අවුලක් වෙන්නේ නෑ!!! බුදුරජාණන්වහන්සේගේ ආර්ය ශ්‍රාවකයෝ මෝඩ නැහැ!!! රස තෘෂ්ණාව කිසිම තේරුමක් නැති දෙයක්... ඒ මත්තේ නැහෙන්න ඕනෙම නෑ!!! ඇත්ත නොදැන, වැරදි කල්පණාවලින් ඔලුව අවුල්කරගෙන රස මත්තේ නැහෙන්න ගියායින් තමයි අවුල ඇතිවුනේ... හීනයක් වගේ දෙයක් නිසා අමතක කරලා දාල නිකම් ඉන්න... කිසිම අඩුවක් පාඩුවක් මොකුත් වෙන්නේ නෑ!!! ඒ වෙනුවට තමුන්ට 'රස තෘෂ්ණාව' කියන මලවදෙන් ගැලවෙන්න පුළුවන්... හරි සැහැල්ලුවෙන් ඉන්න පුළුවන්... අවුල එහෙමපිටින් ලිහෙන්න ගන්නවා!!!