බුදුරජාණන්වහන්සේ නමක් හෙළිදරව් කරලා දෙන අපේ ජීවිත ගැන මේ ඇත්ත විස්තර දැනගන්න කලින් අපි හිටියේ කොච්චර 'මැටි මෝල්ලු' හැටියටද?? මේ 'මම', මේ 'මගේ' අත, මේ 'මගේ' කොන්ඩේ, මේ 'මගේ' කකුල කිය කිය මේ භෞතික ශරීරය (ඇහින් දකින්න පුළුවන්, අල්ලලා අතපත ගාල බලන්න පුළුවන් ඇඟ) බදාගෙන උන්න මිසක් අපි වෙන මොකවත් දැනගෙන උන්නේ නැහැ නේ!!! ඒ තත්වයෙන් ඉන්න කෙනෙකුගේ කල්පනාව හරි පටුයි... ඇඟ පරිස්සම් කරගන්න / ආරක්ෂා කරගන්න, නඩත්තු කරන්න, ඒක පිනවන්න, හැඩවැඩ කරන්න, ඒක උලුප්පල පෙන්වන්න, අනික් උදවිය අතරේ තමන්ගේ එක කැපිලා පේන්න තියාගන්න, මුළු ජීවිත කාලයම කැපකරනවා මිසක් වෙන නම් ගන්න කියල දෙයක් නෑ!! හැබැයි, ඔය කොච්චර කලත්, මේ මහපොළවෙ සාරය උරාගෙන, සතරමහා ධාතුන්ගෙන් හැදිච්ච මේ ඇඟ අනිත්‍යයි!!! ජරාවට පත්වෙලා, විනාසවෙලා යනවාමයි!!! ඒ ශරීරයේ ස්වභාවය තමයි ලෙඩවෙන එක!!! බුදුහාමුදුරුවෝ කිව්වේ, "මේ කය, ලෙඩ නමැති කුරුල්ලෝ කූඩු හදන තැනක්!" කියලයි!!! ඉතින් ඕක බදාගෙන ඉඳලා හරියනවද???
හැබැයි කවදා හරි, බුදුරජාණන්වහන්සේ නමකගෙන් හෝ උන්වහන්සේගේම ආර්ය ශ්‍රාවකයෙක් ගෙන්, මේ ශරීර පිළිබඳව, අපේ ජීවිත පිළිබඳව, 'පරම සත්‍ය' දැනගන්න ලැබෙනා තෙක් සියලුම සත්වයෝ අනාතයි!!! අපි ඒ ශ්‍රී සද්ධර්මයෙන් තමයි දැනගත්තේ, මේ 'අපි'ය කියන්නේ ඔය ඇඟට නෙවෙයි... ඇඟ තනිකරම සතරමහා ධාතුන්ගෙන් හැදිච්ච, වැඩකර කර තියන සංඥා ආයතන 6ක එකතුවක් විතරයි... ඒ ආයතන 6යේ ක්‍රියාකාරිත්වය, 6 ආකාරයක විඥාණය තමයි මේ අපි හැමෝටම 'මම' හැටියට දැනිලා තියන්නේ!!! 'මම' හැටියට තේරිලා තියන්නේ!!! කියන බව. දැනටත් මේ සත්‍ය නොදන්නා මිනිස්සු 'ග්‍රහ අපල' වලට කිය කියා එක එක දේවල් කරනවා, බෝධි පූජා තියනවා... කොඩි වැල් එල්ලනවා... බාර හාර වෙනවා... එක විකාරයයි!!! ඔව්ව කරලා හරියන්නේ නෑ!!! මේ ශරීරය අනිත්‍යයි... අනිත්‍ය නිසා මේක දුකක්!!! ඉතින් තමන් දුක 'බදාගෙන' ඉඳගෙන, දුකෙන් නිදහස් වෙන්න කියල වෙන වෙන විකාර කරලා හරියනවද??? 'දුක' අතහරින්න ඕනේ!!! තමන් දුක අතහැරලා තමයි දුකෙන් නිදහස්වෙන්න තියෙන්නේ!!!
ඊළඟට තව කරුණක්, බුදුරජාණන්වහන්සේව නොදන්න, උන්වහන්සේව පිළිනොගන්න, විශ්වාස නොකරන උදවියට ලෝකය ගැන දැනගන්න වෙන්නේ බොහොම චුට්ටයි!! එයාලට විශ්වය අනන්තයි!!! (අපිට නම් විශ්වයම අතේ තියන tennis බෝලයක් ගානයි... ජීවිතාවබෝධය සම්පූර්ණ කරගත්තොත්, ඕනෙම කෙනෙකුට ඒකෙ ඇත්ත නැත්ත තේරෙයි!!) විශ්වයේ කොහෙවත්, තව කෙනෙක්ව දුකින් ගලවගන්න පුළුවන් පුද්ගලයෙක්, දෙවියෙක්, කිසිකෙනෙක් නෑ!!! බුදුරජාණන්වහන්සේ උනත් කරන්නේ, ගැලවෙන්න ක්‍රමය හොයාගෙන, තමන්වහන්සේත් ගැලවිලා, අනික් උදවියටත් ගැලවෙන්න ක්‍රමය කියල දෙන එක විතරයි!!! ඉතින්, 'කෙනෙක් ඉන්නවා... එයා එළියක් හැටියටයි ඇවිත් තියෙන්නේ... farther, forgive them...' වගේ කතා එපා!!! ඒ සේරම මේ, 'මම' 'මගේ ආත්මය' වගේ හිතාගෙන ඉන්න, රැවටිලා ඉන්න එකක් විතරයි!!! මුලාවක් විතරයි!!! ඊළඟට, බුදුරජාණන්වහන්සේට උනත් පුද පූජා තියතිය, වැඳ වැඳ, තමන්ව දුකින් ගලවන්නය කියල ඉල්ලා හිටින්නත් එපා!!! ඒකෙනුත් වැඩක් වෙන්නේ නෑ... තමන්මයි ගැලවෙන්න ඕනේ!!! උන්වහන්සේ ඒ වෙනුවෙන් කරන්න පුළුවන් උපරිමයෙන්ම උපකාර කළා!!! අපිට අවශ්‍යදේවල් සේරම කියල දුන්න... දැන් වැඩේ තියෙන්නේ තනිකරම තමන්ගේ අතේ!!! දැන්, අන්න ඒ 'වැඩේ' කරමු.