අපි කවුරුවත් 'ලොකු' නෑ!! අන්තිම අසරණ පිරිසක්!! අඬාගෙන ඉපදිලා, අඬ අඬා සමුගන්න ආපු පිරිසක්!!! ඔන්න ඔය බව මතක් වෙන්න / මතක තියෙන්න ඕනේ!!! හිතෙන හිතෙන දේ කියන්න කරන්න පුළුවන් කම, ඕනේ දෙයක් කන්න බොන්න පුළුවන් කම, හිතේ හැටියට ඕනේ තැනක යන්න එන්න පුළුවන් කම, හැමදාම තියෙන්නේ නෑ!!! 'යව්වන මදය' නැත්නම් තරුණකම හන්ද, 'කික් එකේ' ඉන්න එක ලෙඩක්!! තරුණ කම නිරෝගී කම හැමදාම තියෙන්නේ නෑ!!! 'දුක' තමන්ව යට කරගන්න කලින්, 'දුක' තේරුම් අරන්, දුකෙන් ගැලවෙන්න try කරන්න ඕනේ...
ඉතින්, මේ 'ඇඟ' සකස්වෙච්ච, අනිත්‍ය දෙයක් උනාට ස්වභාව ධර්මයේ අරුම පුදුම නිපැයුමක්!! හරිම advance, hi-tech නිර්මාණයක් බව දන්නවා නේ?? ඒකෙ පැවැත්මට, ආරක්ෂාවට සකස්වෙච්ච වැඩපිළිවෙලවල් ගොඩකුත් ඔය ඇඟ අස්සේ සිද්ධ වෙනවා. රුධිර ධාවන පද්ධතිය, ආහාර ජීර්ණ පද්ධතිය, ශ්වසන පද්ධතිය, බහිශ්රාවීය පද්ධතිය කියල, කීයක් ඒවා තියනවද? නේද?? ඒත් අහල තියනවද කවුරුවත් කියනවා, 'මම ලේ ගමනාගමනය කරනවා...' 'මම ආහාර දිරවනවා...' වගේ කතා මොකවත්?? ඒ උනාට, මොකද්ද හුස්ම වැටෙන එක සම්බන්ධයෙන් වෙලා තියෙන්නේ?? ඒක නම්, 'මම' හුස්ම ගන්නවා! 'මට' හුස්ම වැටෙනවා! නේද?? අනාගෙන!! එතැනදී සත්වයා රැවටිලා!! හුස්ම ගැනෙන එක මේ ශරීරයේ ඉබේ සිද්ධවෙන සිදුවීමක්, automatic process එකක්!! එහෙම නොවුනා නම් මෙලහට මැරිලා තියෙන්න එපාය, හුස්ම ගන්න අමතක වෙලා?? හැබැයි හුස්ම ගැනෙන එක සම්බන්ධයෙන් අපිට මැදිහත්වෙන්න පුළුවන් කමක් තියනවා (manual override). චේතනා පහල කරලා හයියෙන් හරි හිමින් හරි හුස්ම ගන්න, ගැඹුරට හුස්ම ගන්න, හුස්ම අල්ලන් ඉන්න, එහෙම පුළුවන් වෙලා තියෙන්නේ ඒකෙන් නේ?? හැබැයි, එහෙමයි කියල හුස්ම ගන්න එකට රැවටෙන්න එපා!! ඒක 'මං' ඉඳල කරන එකක් නෙවෙයි... තමන් කරන එකක්, තමන්ගේ මැදිහත්වීමෙන් කෙරෙන දෙයක් නෙවෙයි!!!
ඔය සිදුවීම අපි මේ 'ඇඟට රැවටෙන්න' හෙතුවෙච්ච එකක්!!! මේ 'මම'...ය, මේ 'මං' වෙන්න ඇති...ය කියල හිතුනේ ඔය සිදුවීම් නිසයි. බුදුහාමුදුරුවෝ මේ ආශ්වාස ප්‍රශ්වාසයට කිව්වේ, කාය සංස්ඛාර කියලයි!!! හොඳට දැනගන්න... ඒක තමන් කරන දෙයක් නෙවෙයි!! හුස්ම ගැනීමට, ඇඟට 'තමන්ගෙන්' වැඩක් නෑ!! ඒකෙම අනික් පැත්ත, ලෙඩක් දුකක් හැදිලා, හදිසි අනතුරකට වගේ භාජනය වෙලා වගේ හුස්ම ගන්න අමාරු උනොත් එහෙම, 'බොට ඕනෙනම් ගනින්... නැත්නම් නිකං හිටපන්...' කියල අල්ලලා දාල හිත හදාගන්නවා මිසක්, කණගාටුවෙන්න එපා!! මේ ඇඟ අපේ නෙවෙයි... ඇත්තටම නම්, මේකේ අපිට කරන්න පුළුවන් දෙයක් නෑ!!! අනාත්මයි... තමන්ට උවමනා විදියට තියෙන්නේ නෑ!!! තමන්ට උවමනා විදියට තියාගන්නත් බෑ!!!
ආයේ, අපේ කටවල් තිබුනට, ඒක ඉබේටම ඇරිලා, වචන පිට කරගෙන පිට කරගෙන යනවද? whole sale එකේ?? හොඳට හිතල බලන්න... මූට දෙකක් කියන්න ඕනේ... මෙහෙම කියන්න ඕනේ... කියල හිතල, චේතනාවක් පහල කරලා නේද, අපි යමක් කියනවා නම් කියන්න ඕනේ?? ඒත් කට්ටක් ඇනුනොත් 'ඌයි' ගෑවෙන්නේ... අත පිච්චුනාම එහෙම 'ආහ්...' 'ඌහ්...' ගෑවෙන්නේ, ඒත් හිතලද?? නෑ!! ඒකට හිතන්න දෙයක් නෑ!! ඒකත් මේ ඇඟේ සිද්ධවෙන ස්වභාවික, ස්වයංක්‍රිය සිදුවීමක්!!! හැබැයි එතනදිත් අපිට මැදිහත්වෙන්න පුළුවන් කමක්, manual override තියනවා!! ඒකෙන් නේ ඔය පිරිසක් මැද්දේ එහෙම මොකුත් උනාම ලැජ්ජාවට කට පියාගෙන, කාගෙන, තද කරගෙන ඉන්නේ?? ඒ උනාට අපිට හිතෙන්නේ, අපි කියන්නේ කොහොමද? 'මට' කෑගැහුන... 'මට' ඌයි කියවුන... හරිද?? නෑ!! වැරදියි!!
ඕකත් අපි මේ 'ඇඟට' රැවටිච්ච තැනක්!! බුදුහාමුදුරුවෝ කියල දුන්නේ, වචී සංස්ඛාර එහෙම නැත්නම් විතක්ක / විචාර කියල!!! තැති ගැනීමක් (excite) සිදුවෙච්ච වෙලාවට, shock උනාම, ඔහොම ප්‍රතිචාර ඇතිවෙන එක මේ ඇඟ හැදිලා තියන විදිය මිසක්, ඒ දේවල් කරන්න ඇඟට 'මමෙක්' වැඩක් නෑ!!! මේ ඇඟ නිකම්ම නිකං මැෂිමක් විතරයි!!! 'මම' නෙවෙයි!!! ඒකෙ සිද්ධවෙන දේවල් වලට අහුවෙන්න එපා... ඕව නොදැන උන්න නිසයි අපි මේ 'මම' කියල රැවටුනේ!!!
ඊළඟට තියනවා, සංඥා / වේදනා කියල. ඒ ටික බුදුරජාණන්වහන්සේ හඳුන්වල දුන්නේ චිත්ත සංස්ඛාර කියල. මේ කියන්නේ, විඳීමයි හඳුනාගැනීමයි ගැන!! ඒක තනිකරම මේ ඇඟ කියන මැෂිමේ ක්‍රියාකාරිත්වය!! 'මමෙක්' ඕනේ නෑ ඒකට!!! පණ තියනකම්, ජීවය තියනකම් ඕක සිද්ධ වෙනවා!! සංඥා ආයතන 6ක් මෙතන තියනවා නේ... ඔය කොයි ආයතනයෙන්ද සංඥාවක් ලැබෙන්නේ, හිත 'පටස් ගාල' ඒකට යොමු වෙනවා. auto select කිව්වා නම් හරියටම හරි! ඉතින් එහෙම වෙච්ච ගමන් විඳීම ඇතිවෙනවා, ඒ සැනින් හඳුනා ගැනෙනවා!!! අපිට හිතල කරන්න දෙයක් නෑ!! ඔය ලොකු සද්දයක් ඇහිච්ච ගමන් ගැස්සිලා යන්නේ... කකුලේ කට්ටක් එහෙම ඇනිච්ච ගමන් කකුල ඉබේම උඩට ඉස්සෙන්නේ... රත්වෙච්ච මොකක් හරි ඇඟේ ගෑවුනොත් 'පටස් ගාල' ඒකෙන් ඈත්වෙන්නේ... අන්න ඒ සේරම සිද්ධවෙන්නේ ඔය චිත්ත සංස්ඛාර තියන නිසයි!! හැබැයි, ඒ අපි කරන මොකක්වත් නෙවෙයි... ඒක, මේ ඇඟේ සජීවී බව!!!
කරුමෙටම ඔන්න ඔය සිදුවීමටත් අපිට මැදිහත්වෙන්න පුළුවන් කමක් ලැබිල!! ඒකටත් manual override පහසුකම ලැබිල!! අනික් ආයතන අමතක කරලා තමන්ට උවමනා ආයතනයක් තෝරාගෙන, ඒකෙන් එන විඳීම් දිගින් දිගට විඳ විඳ ඉන්න පුළුවන්... කැමති එකකට අවධානය වැඩිපුර යොමුකරලා වැඩිපුර විඳින්න පුළුවන්... නැත්නම් ගණන් නොගෙන ඉන්න පුළුවන්... ඉතින්, ඕක තමයි හැමෝම කර කර ඉන්නේ!!! හැබැයි හිතාගෙන ඉන්නේ, 'මම' විඳිනවා... 'මම'යි විඳින්නේ... 'මම'යි හඳුනාගන්නේ... කියල!!! එහෙම්පිටින්ම ගොනාට ඇඳලා!!! හොඳට කල්පණා කරලා බලන්න... හරියට තේරුණොත්, 'චිකේ, මොන කෙහෙල්මලක්ද මේ ජීවිතේ??' කියල හිතෙනවා!! තමන් ගැනම ලැජ්ජ හිතෙනවා 'මොනවද මෙච්චර කල් කලේ??' කියල!! හැබැයි, හිතන්න ඕනේ!!! හිත හිත, කල්පණා කර කර බැලුවොත් මිසක්, නැත්නම් මේ මොකුත් තේරෙන්නේ නෑ... එහෙම උනොත්, එදත් මී හරක අදත් මී හරකා වෙනවා!!
ඉතින්, අපි නොදැනුවත් කමටයි මේ ඇඟට රැවටිලා, ඒක බදාගෙන මෙච්චර කාලයක් ඉඳල තියෙන්නේ... 'අපි' ඒකෙ නෑ!!! ලස්සන රූප බලනවයි කියල, මිහිරි සද්ද අහනවයි කියල, රස කෑම ජාති කනවයි කියල, මිහිරි සුවඳින් / ලස්සන ලස්සන ඇඳුම් පැළඳුම් වලින් / සුව පහසු ඇඳ-ඇතිරිලි කොට්ට-මෙට්ට වලින් සැප විඳිනවයි කියල මේ කරලා තියෙන්නේ කිසි තේරුමක් නැති වැඩක්!!! ඒ ඔක්කොම දීල තියෙන්නේ ඇඟට... කිසි දෙයක් අපිට ලැබිල නෑ!!! මට බැන්න, මට රැව්ව කියල කේන්ති අරන් තියෙන්නෙත් මේ සතරමහා ධාතුන්ගෙන් හැදිච්ච ඇඟට කියපු කරපු දේවල් වලට... කේන්ති ගන්න ඇත්තටම 'අපි'ට මොකුත් වෙලා නෑ!! තේරෙනවද? ඔය තියෙන්නේ රාග, ද්වේශ, මෝහ කියන එව්වා නේ?? බැලුවම ඒ සේරම හිස්, පුහු දේවල්!!! කිසි වැඩකට නැති දේවල්!!! අතහැරලා දාන්න... මේ ඇඟ පවතින තාක් කාය සංස්ඛාර, වචී සංස්ඛාර, චිත්ත සංස්ඛාර කියන ඒවත් දිගටම තියේවි... ඒවත් ඔහේ තිබිච්චාවේ... ඒවාට රැවටෙන්න, මුලාවෙන්න එපා!! ඒවා මත්තේ නැහෙන්න යන්නත් එපා!! කිසිම තේරුමක් නෑ... මේ ඔක්කොම අතහැරලා දාල නිදහස්වෙන එක විතරමයි හොඳ!!!