පටිච්චසමුප්පාදයේ දැනට අපි කතාවෙච්ච කොටසට අදාලව බුදුහාමුදුරුවෝ කියල දීල තියන කරුණු ටිකකුත් ගලපලා බලමු... එහෙම බලනකොට තමයි මේක හොඳට තේරෙන්න ගන්නේ... තණ්හාවෙන්ම පටාන් ගමු! තණ්හාව කියලා තනිවචනෙන් තිබ්බට, ඒක ජාති 3ක එකක්... 3 in 1 එකක්!! හැබැයි, වේදනාව ඇත්නම් තණ්හාව වේ... වේදනාව උපදින විට තණ්හාව උපදී... වේදනාව නැත්නම් තන්හාව නැත... වේදනාව නැතිවනවිට තණ්හාව නැති වේ... හැටියට තමයි ඒකෙ ඇති වීමත් නැති වීමත් තියෙන්නේ. දැන් ඔයා මේක කියව කියව ඉන්න කොට, ඔයා ආසම කරන කෑම ජාතිය ගැන තණ්හාවක් තියනවද?? ආ... අන්න කෑම ජාතිය මතක් උනා = මනසට අරමුණක් ආව => මනසේ විඥානය හටගත්ත => මනසයි, කෑම ජාතිය පිලිබඳ අරමුණයි, මනෝ විඥාණයයි එකතුවෙලා මනසේ ඉස්පර්ශය අතිඋනා => විඳීම ඇතිඋන = කෑම ජාතිය මතක් වෙලා දැන් කටට කෙලත් උනනවා!!! තේරුණාද?? හැබැයි ඉතින් හිත දියුණු නැති කෙනෙකුට අහුවෙන්නේ නැති තරම් high speed කතන්දරයක් ඕක... ගණන් ගන්න එපා!!
කොහොම හරි දැන් චුට්ටකට කලින් ඔයා මේක ගැන අවධානයෙන් කියවගෙන ආව නම්, ඒ වෙලාවේ ඔයාට කෑම ජාතිය ගැන තණ්හාවක් තිබ්බේ නෑ!!! ඒක මතක් උනේ කොයි වෙලේද? අන්න 'සුටුස් ගාල' කෑම ගැන තණ්හාව ඇති වෙනවා!! කොහොමද, විදුලි වේගෙන් නෙවෙයිද වැඩේ වෙන්නේ?? මේ, දැන් ඔයාට ඔයාගේ ගෙදර ගැන / ළමයි, නෝනා, මහත්තය නැත්නම් අම්ම, තාත්ත, සහෝදර සහෝදරියෝ ගැන / වාහනේ / computer එක / mobile phone එක / මාලයක්, මුද්දක්, සාරියක් මොකක් හරි ගැන තණ්හාවක් තියනවද?? දැන් නම් ඇති... හැබැයි, මීට මොහොතකට කලින් නම් තිබ්බේ නෑ!!! මතක් කලාමයි trigger උනේ... ඒ කියන්නේ, මතක් උනාමයි, මනසින් විඳීමක් ඇති උනාමයි, ඒ දේවල් ගැන තණ්හාව ඇති උනේ!!! අපි මහා ලොකුවට දකින මේ ජීවිත වල සිද්ධවෙන්නේ ඔය කතන්දරේ තමයි!!! නමුත් කිසි කෙනෙකුට බැලු බැල්මට ඕව තේරෙන්නෙ නෑ!!! තමුන් මේ දේවල් 'පට් පට් ගාල' තේරෙණ, click වෙන කෙනෙක් නම්, කියල වැඩක් නෑ!! හොඳ මීටරයක්!!!
මේ... දැන් දාඩිය දාගෙන ඉන්න වෙලාවක්, සීතල හුලන් පාරක් වැදීගන යනවා... නැත්නම්, කොහේ හරි කෑමක් හදන සුවඳක් දැනීගන යනවා... ඒත් නැත්නම්, ආසම කරන සින්දුවක් ඇහෙනවා... මොකද උනේ?? 'පටස් ගාල' අවධානය ඇඟට, නහයට නැත්නම් කණටයොමු උනා නේද?? දැන් ඉතින් ඇත්තටම හුලන් පාරක් වැදුනොත්, කෑම සුවඳක් තිබුනොත්, සින්දුව ඇහුනොත් ඒවාට තණ්හාව ඇවිස්සෙයි!! එහෙම නැතුව මේකට අවධානයෙන් දිගටම කියව කියව උන්න නම්, එහෙම වෙන්නේ නෑ!! ඇයි, කයේ ඉස්පර්ශය / නාසයේ ඉස්පර්ශය / කණේ ඉස්පර්ශය තිබුනට ඔයාල අවධානය යොමු කරන් උන්නේ ඇසේ ඉස්පර්ෂයට!! නැත්නම් මනසේ ඉස්පර්ශයට!! මතකනේ, පටිච්චසමුප්පාදයේ ඵස්ස පච්චයා වේදනා කියල තිබුනට, ඇත්තටම නම් ඵස්ස (ඉස්පර්ශය) මනසිකාර කලොත් විතරයි විඳීම ඇතිවෙන්නේ!!!
*** නමුත් අපි කතාවෙච්ච කාය සංස්ඛාර, වචී සංස්ඛාර, චිත්ත සංස්ඛාර මතක නේ?? automatic කතන්දර ටික... අන්න ඒවා ක්‍රියාත්මකව තියන තාක්, ආයතනයක ඉස්පර්ශයක් ඇතිවන වත් එක්කම, අවධානය ඒකට යොමු වෙනවා!! ඉතින් ඉබේටම ඉස්පර්ශය මනසිකාර වෙලා විඳීම ඇති වෙනවා => තණ්හාව ඇතිවෙනවා!! ඔයාල හිත දියුණු කරලා, අවධානය එහෙමෙහෙ යන්නේ නැතුව තමන්ට අවශ්‍ය දේට යොමුකරගන ඉන්න දක්ෂ නම්, ඉස්පර්ෂ වෙච්ච පලියට විඳීමක් වෙන්නේ නැති බව තේරේවි!! ඒ වගේම තමයි, තණ්හාවක් ඇවිස්සිලා හිත කුලප්පුවෙලා දඟලන්න ගත්තොත් එහෙම, ඊට අදාළ ආයතනය ගැන අවධානය යොමු නොකර, වෙන එකකට අවධානය යොමුකරන් ටික වෙලාවක් ඉඳල බලන්න... නැත්නම් මොකක්වත් හිතන්නේ නැතුව, මනසිකාර කරන්නේ නැතුව, ඉඳල බලන්න... තණ්හාව, ආසාව නැතුව යනවා!! ඕව තමයි පුහුණු කරන්න තියෙන්නේ!! ආයේ නෑ, නිරෝධ සමාපත්තියටම දියුණු කරන්න පුළුවන්!!!
ඊළඟට, අර බුදුහාමුදුරුවෝ ඇහුවේ, ඔය අහලවත් නැති, දන්නෙවත් නැති, කවදාවත් විඳලා වත් නැති රූප / සද්ද / සුවඳ විලවුන් / කෑම ජාති / පහස වල් නැත්නම් අරමුණු වලට තණ්හාවක් ඇතිවෙනවද? කියල... අන්න ඒත් මේ හේතුව නිසාම තමයි. විඳීමක් තිබුනොත් විතරයි තණ්හාවක් ඇතිවෙන්නේ. කවදාවත් විඳලත් නැති, අහලත් නැති, දන්නෙත් නැති දෙයක් කියන්නේ ඔයාට ඒ ගැන කිසිම විඳීමක් නෑ!! එතකොට, 'වේදනාව නැත්නම් තණ්හාව නැත!' හරි නේ? ඒ හන්ද තමන් කවදාවත් නොවින්ද, නොදන්න දෙයක් සම්බන්ධයෙන් තණ්හාවක් ඇතිවෙන්නේ නෑ!!!