පද පේලි .....

Status
Not open for further replies.

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    පාලුව ත‍නිකම කුටියට අවුදින්..
    සඳ තරු නිහඬයි ගහකොල නිසලයි
    මුලු ලොව සැතපෙයි
    හදවත විතරක් අවදි වෙලා

    පියා නුවන් යුග නිවා හැඟුම් සිත සැතපෙන්නට වෙර දරන පැයේ
    පාලුව ත‍නිකම කුටියට අවුදින් හදවත අවදි කලා..


    මවා නුවන් ඔබ ඔබේ තෙපුල් සර සිහිනයකින් මෙන් ගලා රැයේ
    සෙනෙහස හඬවා මතකය ඉකි බිඳ හදවත අවදි කලා..
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    කියන්න බැරි දේ.. ලියා එවන්නම් කියවා.. හඩනු එපා..

    සිත තුල සිරවී.. සිදලනු නොහැකී..ආදර හැගුමන්..

    ලියා එවන්නම්.. කියවා හඩනු... එපා..

     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    මන්දාරම් අදුර මැදින්
    හිරිපොද වැහි වැටෙන වෙලේ
    මා හා ඇවිදන් යන්නට
    ඔබ සිටියා නම් //

    තනිවම වත් යන්නට මදි
    කුඩේ යටින් ඔබේ ලගින්
    නොතෙමී තෙමි තෙමි සතුටින්
    යන්නට තිබුනා ///

    මග යන එන අයට හොරෙන්
    ඔබෙ දෑසට එබී බලා
    කොපුලේ වැහි බිදුවක රස
    බලන්න තිබුනා///
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔය ඇස් පියාන ඔ‍හොම ඉන්න
    ‍රහසක් තියනව කියන්න
    රහස ඉවර වුණත් එපා
    මං යනතුරු ඇස් අරින්න

    ලැජ්ජයි බයයි ගැහෙයි
    හදවත දෙතොල වියලිලා
    දෑත සීතලයි සිහියත් අඩක් අඩුවෙලා
    වැඩක් පලක් කරන්න බැරි
    නින්ද ඇතත් නිදන්න බැරි
    මේ අරුමය ද ආදරේ

    ඔය ඇස් පියාන .....

    ස්නේහෙන් නුවන් සැලෙන
    පිළිතුරු ඔබෙන් එනතුරා
    ප්‍රේම කෝඩුවෙන් තනිවෙයි
    හදත් ගොළුවෙලා
    මාන්නයට හඬන්න බැරි
    තව කෙනෙකුට කියන්න බැරි
    මට නොලැබේ ද ආදරේ

    ඔය ඇස් පියාන .....

    ගායනය :- කිත්සිරි ජයසේකර
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කඳුළ නිවන්නම් නෙත නොතෙමනවා නම්
    තනියට ඉන්නම් තනි නොකරනවා නම්
    මතකයෙ ඉන්නම් අමතක නොම වේ නම්
    සෙනෙහෙ පුදන්නම් හිත නොරිදනවා නම්

    මල් පූදින්නෙ දෑඟිලි අතරේ
    තැලී පෙලී මියදෙන්න නොවේ
    සෙනෙහෙ පුදන්නේ සෙනෙහෙ ලබන්නයි
    හිත රිදවා හඬවන්න නොවෙයි

    කඳුළ නිවන්නම් .........

    සඳ පායන්නේ හිරු නැති ලෝකේ
    ගණඳුර දුරුකරවා ලන්නයි
    සෙනෙහෙ පුදන්නේ අඳුරේ තනිවූ
    හිතකට එළියක් ලැබ දෙන්නයි

    කඳුළ නිවන්නම් .........


    ගායනය :- ප්‍රියානි ජයසිංහ
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    කුරුටු ගෑ ගී‍ පොතේ කුරුටු ගී කෑ ගසා
    ගිලන් හද පාරවා ගෙනේ වද වේදනා...
    කුරුටු ගෑ ගී පොතේ...

    ඔබෙන් පෙරදා උගෙන කවිකම් ලියූ කවි ගීතිකා...
    ඔබේ නාමෙන් හැඩූ කදුලින් ගයමි මම කිවිදුනේ...

    කුරුටු ගෑ ගී පොතේ...//

    මියුරු කවිවැල් කුරිරු ස්ව‍රයෙන් ඇසේ රෑ යාමයේ
    නොලැබ කිවිදුන් කුමට කවිකම් කිවිද මට කවිලොවේ...

    කුරුටු ගෑ ගී පොතේ...//

    images

     

    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    සුසුමක උණුසුම නොම විඳි හදකට
    සුසුමක් වුණේ ඔබයි..
    කඳුලක සිසිලස නොහැඟුණු නෙතකට
    කඳුලක් වුණේ ඔබයි..//

    මිහිමත සැඟවුණු විසිතුරු ලොවකට
    පියවර ලකුණ ඔබයි..
    විසිතුරු මිහිමත සැඟවුණු රුදු ලොව
    හෙළිකල දෙනෙත ඔබයි..

    සුසුමක උණුසුම නොම විඳි හදකට..

    හදවත පිරිමැද සිතිවිලි පොබකළ
    පැතුමක අරුණ ඔබයි..
    වදනට නොනැගෙන සිත තුළ ගොනුවන
    නොපිපෙන පැතුම ඔබයි..

    සුසුමක උණුසුම නොම විඳි හදකට..

     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    අසුරු සැනින් එක මොහොතක දී
    කාලය නැවතී යළි ඇරඹී
    විශ්වය අළුතින් බිහිවේවා
    ඔබේම වී මා මගේම වී ඔබ
    අපේම වී අප ඉපදේවා..
     
    • Like
    Reactions: maheshsenadheera

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    දෑස වසාගමි ඔබ නොපෙනෙන්නට
    සිහිනෙක දැවටී ඔබ එනවා
    සිත හිර හරගමි ඔබට නොඑන්නට
    සිතුවිල්ලක් වී ඔබ එනවා...................
    :(
     
    • Like
    Reactions: thilzz

    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    තව දිනක් ගෙවුනා
    පෑල දිග අහසේ..
    හුදකලා වී ඔහේ පාවෙන
    වළාවක් බඳු ජීවිතේ..
    තව දිනක් ගෙවුනා..

    ඔබෙන් තොර අයාලේ යන ජීවිතේ..
    තව දිනක් ගෙවුනා..

    පෙරත් ජාතීහී පතාගෙන
    ආ හැටිද අපි දෙන්නා..
    දෛවයෝගය මේ නම්..

    යළිත් හමුවන වරම් අහිමිව
    හිතේ කෙඳිරිලි ලොවට සඟවා
    තවත් දවසක් කල්ප කාලය
    ගෙවමු තනි තනියෙන් තනිවම

    සරත් සමයේදී.. වැටී කොඳ
    සුළන් වැද පාවෙන්නා..
    සොබාදහමත් මේ නම්

    වසන්තය යළි ඒද නේවිද
    සානුකම්පා මන්ද මාරුත
    හිතේ ගින්දර නිවා සනහා
    අප දිහා හෙට හෝ බලාවිද

    තව දිනක් ගෙවුනා
    පෑල දිග අහසේ..
    හුදකලා වී ඔහේ පාවෙන
    වළාවක් බඳු ජීවිතේ..
    තව දිනක් ගෙවුනා..

    ඔබෙන් තොර අයාලේ යන ජීවිතේ..
    තව දිනක් ගෙවුනා..
     

    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    විසේකාර අරුමැත්ති...
    නෙතින් කතා පවසන්නී...
    සුමුදු වදන් තෙපලන්නී...
    ගමේ පුංචි හැඩකාරී...
    හිතේ සතුට මාගේ ඔබමයි
    ඔය මුහුණට ලොබ බැන්දේ...
    ගයන ගීය මාගේ සැමදා
    ඔයාටමයි මගේ කෙල්ලේ...
    විසේකාර අරුමැත්ති...
    නෙතට හොරා පැනයන්නි...
    කෝල වදන් මුමුනන්නි...
    මගේ පුංචි හැඩකාරී...



    මගේම ආදරණීය රත්තරන් කෙල්ල වෙනුවෙන්....
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ජීවන විල මැද වැජඹෙන කැකුළකි රූබර වූ යුවතී
    තී මට තී මට කියමින් ඹිඟු පෙළ ඇය අවට ම රඟතී
    ජීවන විල මැද වැජඹෙන කැකුළකි රූබර වූ යුවතී

    ලහිරු රැසින් පිබිදෙන පියුමින්
    රොන් බී මත්වුණ බඹරා
    මියුරු හඬින් කී ගී නවතා යයි
    පියුමේ හද අඹරා
    නෑ එන පාටක් නෑ එන පාටක්
    ලතවෙයි පියුම අනේ
    හා මට කෑමක් හා මට කෑමක්
    තවකෙක් බඳිති සෙනේ
    ජීවන විල මැද වැජඹෙන කැකුළකි රූබර වූ යුවතී

    අවරට යන හිරු සවසට බැස යයි
    ගුම් නඳ දැන් නොඇසේ
    රසයට රැවටුණු නෙලුම ද හැකිලෙයි
    පුන්සඳ දැක අහසේ
    ඒකයි දෛවය මෙලොවේ ඒක ද
    යුවතියගෙත් දෛවේ
    දාකයි දෙකකයි පමණයි විසිතුර
    එය ජීවන මහිමේ

    ජීවන විල මැද .............


    ගායනය :- සුජාතා අත්තනායක
     

    mi5

    Junior member
  • Jan 14, 2008
    654
    19
    18
    on earth
    හිත මිතුරු සුළඟ ළඟ එන වැහි වලාවට කියන්
    අද නොපැමිණ අන් දිනයක වැසි රැගෙන එන ලෙසින්
    දිගු කාලෙකින් ඈ මුණගැසේවි හසගනක් ලෙසින්........
    වැසි වැටුනොත් ඒ සොඳුරු මොහොත අඳුරු වෙයි සැනින්
     

    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    අවසර නැත.. මට ඔබෙ අත ගන්නට
    බැමි බැඳ ඇත.. ලොව සතර දෙසේ
    එනමුදු උපදින හැම බවයකදිම
    මතු ඔබ හිමි කර.. ගනිමි ලඳේ

    බමරෙකු වන්නට.. නොහැකිව ලතවෙන
    මා අබියස.. ඔබ නෙළුම නොවේ
    උල්පත වන්නට.. නොහැකිව ලතවෙන
    මා අබියස.. ඔබ සයුර නොවේ

    ඔහු රිදවන්නට.. ඔහු හඬවන්නට
    බැරි කම මිස ඔබෙ.. සිහින ලොවේ
    ඔබ කැඳවන්නට.. ඔබ සතපන්නට
    මා හද තුල ඉඩ.. නැතිව නොවේ

    අවසර නැත.. මට ඔබෙ අත ගන්නට
    බැමි බැඳ ඇත.. ලොව සතර දෙසේ
    එනමුදු උපදින හැම බවයකදිම
    මතු ඔබ හිමි කර.. ගනිමි ලඳේ :love:
     
    Last edited:
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ඔබේ දෑතින් අල්ලං මා එක්කන් යන්නම් ආයේ
    ඔබේ දෑසින් කදූලැල් නම්.. ගිලිහෙන්නේ නෑ ආයේ
    සුදු දියමන්ති මාලේ.. ඔබේ ගෙලෙහී රදවාලා
    ගෙනයන්නම් ඔරුවෙන් මා...මේ සිත රෑ යාමේ

    ඔබේ දෑතින් අල්ලං මා.. දිවගෙන යන්නම් ආයේ
    මගේ දෑසින් කදූලැල් නම්.. ගිලිහෙන්නේ නෑ ආයේ
    ඒ ඔරුවේ නැග ඔබහා.. උණුහුම් තුරුලේ හැංගීලා
    සැනසුම් සුසුමන් ලන්න මා මේ සිත රෑ යාමේ

    මෘදු මීදුමෙන් පිරි කදුයායේ..
    ඔබහා කිව් ගී මතකයි.. මතකයි මට
    ඇවිදන් යනකොට ගිම්හානේ..
    ඔබහා කිව් ගී මතකයි oh noooonoooooo

    සීත මදපවනැල් දසතින්.. හබා එද්දී
    ඔබේ සිරුරේ දැවටිච්චී ooooohoo
    සිහියට එන්නේ ඒ කාලේ
    ඔබ මා හා සුරතල් වෙච්හී..
    mmmmmMmmmmmMMmmmmm

    ඔබේ දෑතින් අල්ලං මා.. එක්කන් යන්නම් ආයේ
    ඔබේ දෑසින් කදූලැල් නම්.. ගිලිහෙන්නේ නෑ ආයේ
    ඒ ඔරුවේ නැග ඔබහා.. උණුහුම් තුරුලේ හැංගීලා
    සැනසුම් සුසුමන් ලන්න මා.. මේ සිත රෑ යාමේ

    ගෙනයන්නම් ඔරුවෙන් මා මේ සීත රෑ යාමේ
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,946
    12,282
    113
    Behind u :p
    ආයෙත් මොනවත් ලියන්නෙ නෑ නුඹ වෙනුවෙන්...
    කිසිවක් කියන්නෙ නෑ ආයේ...
     

    thanujaka

    Well-known member
  • මීන නුවන් යුග කදුලු සදාගෙන දුරු කතරේ තනි වූ යුවතී......
    නිදි නැති රෑ සුසුමන් පවනේ...ගැයු ගී මී බදුනේ රැදුනේ.....
    ගැයු ගී මී බදුනේ රැදුනේ........

    බාලෙ ඉදන් පෙම් සිතුවම් ඇදි....
    අද වෙන් වී ඔබ හිම පියසේ....
    කාල වලා නැග එන්න නොබෝ ගැබ......කාල වලා නැග එන්න නොබෝ ගැබ......
    බොද වී යයි මුදු වදන් මෙදා..බොද වී යයි මුදු වදන් මෙදා..


    සීත රටේ තනි මලට ලොබින්...
    ඈත සිටන් ආ බඹරින්දූ......
    දෑසේ වෙලී සැග වෙන්න වගෙයි අද...දෑසේ වෙලී සැග වෙන්න වගෙයි අද....
    මාලවිකා මා බාලලියේ...මාලවිකා මා බාලලියේ...
     
    Status
    Not open for further replies.