'මම' ඉන්නේ කොහෙද?

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,450
    22,107
    113
    Gotland
    moko uba dan chanden paraduna wage :lol::lol::sorry:

    wenawa kivva ekak wath une na :lol:

    lokuwata sadde damma, tharjanaya kala :lol:

    p** iragannawa kivva (anthimata uba ira gatta) :lol::sorry:

    ube sadde witharai ban :yes:

    uba cyber weerayek witharai :nerd:

    ubata puluwan mokak hari wachana set ekak methana post karala wadakaru wage inna :lol:

    mama karapu abiyoga ekak wath uba baragatte na. :nerd:

    ubata kisiwak ba. :rolleyes:


     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මෙන්න තවත් චන්ද ප්‍රතිඵලයක්...

    rep2c.png
     
    • Like
    Reactions: maduranga_it

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    << Previous

    අපිට කරකැවෙන මෝටරයක, එහෙම නැත්නම් මෝටරයකින් කරකැවෙන වෙන ඕනෙම දෙයක, දකින්න ලැබෙන්නේ ඒක කැරකෙන වේගය අඩුවැඩි වීම විතරක් උනාට, මෝටරයක් ඇතුලේ සිද්ධවෙන දේ ගැන නිවැරදි දැනීමක් තිබුනොත්, 'ආ... මෙහෙම නේ වෙන්නේ... ' නැත්නම්, 'මේකනේ මේ වෙන්නේ...' කියල ණුවනින් විමසල, ඒ කියන්නේ කල්පණා කරලා බලල තේරුම්ගන්න පුළුවන් වෙනවා!! තමන් පැහැදිලිවම, නිවැරදිවම දන්න කරුණු ආශ්‍රයෙන්, තවත් දෙයක් ගැන ණුවනින් කල්පණා කරලා අවබෝධ කරගන්න පුළුවන් වෙනවා!! මේ කරන්න යන්නෙත් ඒකම තමයි... අන්න ඒකයි මේකට ප්‍රඥාව අත්‍යවශ්‍ය වෙන්නේ!!!

    ඉතින්, මං බොහොම සරලව කිව්වා මෝටරයක් ඇතුලේ සිද්ධ වෙන කතාන්දරය. අපි ඒකට විදුලිය සැපයුවාම, ඒ විදුලි ධාරාව සන්නායක දඟර (coils) හරහා යනකොට චුම්බක ක්ෂේත්‍රයක් (magnetic field) ගොඩ නැගෙනවා. ඒ චුම්බක ක්ෂේත්‍රයේ ගතිලක්ෂණයක් වන ආකර්ෂණ/විකර්ෂණ (attract/repel) ක්‍රියාවලිය නිසා මෝටරය කැරකෙනවා. ඊළඟට ඒක කැරකෙනකොට, සන්නායක දඟර (coils) චුම්බක ක්ෂේත්‍රය හරහා ගමන් කිරීම නිසා විදුලි ධාරාවක් ඉපදිලා (ප්‍රේරණය වෙලා) එලියට එනවා. හරි නේ?? ඇත්තටම, මේවා කියවන ඔයාල අතරේ මෝටර් ගැන මීට වඩා ගොඩාක් දේවල් දන්න අය ඇති... ඒත් ඒවා මෙතනට අදාළ නෑ!!! මොකද අපි මේ යන්නේ motor හදන්න නෙවෙයි!!! අපි හදන්නේ මේ මෙච්චර කාලෙකට නොතේරිච්ච 'මහා පටලැවිල්ලක්' ලිහාගන්න!! අපේ එකම අවශ්‍යතාවය එච්චරයි!!! ඒකට අපි බොහොම සරලව මයි හිතන්න ඕනේ... ඕනෙවට වඩා හිතන්න ගියොත් නැති අවුල් ගොඩාක් හැදෙනවා මයි!!! 'පණ්ඩිතයට ඒ දණ්ඩේ යන්න බෑ...' කියන්නේ ඒකයි!!

    මුලින් අපි බැලුවේ, අපේ අවධානය යොමු කලේ, කරකැවෙන මෝටරයක පිටින් බැලුවම දකින්න පුළුවන් දේවල් ගැන. එතකොට ඉතින් දකින්න තියෙන්නේ කරකැවෙන වේගයේ අඩු වැඩි වීම විතරයි. හැබැයි අපි දැන් දන්නවා, මෝටරයේ කරකැවීම සිදු උනේ අභ්‍යන්තරයේ ගොඩනැගුන චුම්බක බලය නිසා!! විදුලිය ප්‍රේරණය උනෙත් චුම්බක බලය නිසා!! පැහැදිලියි නේ? ඒ කියන්නේ, මෙතැනදී 'මොටරයේ' වේගය වැඩි වෙනවා නම්, ඒ චුම්බක ක්ෂේත්‍රයේ බලය වැඩි වෙච්ච නිසා!! වේගය අඩුවෙනවා නම්, ඒ චුම්බක ක්ෂේත්‍රයේ බලය අඩු වෙච්ච නිසා!! පැහැදිලියි නේ?? තව විදියකින් කිව්වොත්, මේ කැරකෙන වේගයෙන් පෙන්නුම් කෙරිලා තියෙන්නේ චුම්බක ක්ෂේත්‍රයේ බලය!!! හරි නේ?

    ඊළඟට, මුලින්ම මේ මෝටරය හදපු ගමන් කැරකෙන්න ගත්තේ නෑ!! නිකම් තිබ්බනම් ඔහේ තියෙයි... කවදාවත් කැරකෙන්න ගන්නේ නෑ!!! හැබැයි මේකේ විශේෂ ලක්ෂණ දෙකක් තිබුන. එකක්, A කියමු!, කරකැව්වොත් විදුලිය හැදෙනවා... අනික් එක, B කියමු, විදුලිය ලැබුනොත් කැරකෙනවා... ඒ කියන්නේ මේ ක්‍රියාකාරිත්වයන් දෙකට එකතුවෙන්න ඉඩක් ලැබුනොත්, එකිනෙකාගේ උපකාරයෙන් ඔය ක්‍රියාකාරිත්වයන් දෙකට දිගින් දිගට පවතින්න පුළුවන්!!! A උපකාරයෙන් B තියනවා... B උපකාරයෙන් A තියනවා... පැහැදිලියි නේ?? ඔන්න ඕක තමයි බුදුරජාණන්වහන්සේලා ණුවනින් විමසලා විමසලා අවබෝධකරගන්නා ස්වභාවධර්මයේ 'රහස'. චුම්බක ක්ෂේත්‍රයේ උපකාරයෙන් විද්‍යුතය පවතිනවා... විද්‍යුතයේ උපකාරයෙන් චුම්බක ක්ෂේත්‍රය පවතිනවා... බුද්ධ වචනයෙන්, විඥාණ පච්චයා නාමරූපං... නාමරූප පච්චයා විඥාණං...

    මේ දෙක අන්‍යෝන්‍ය උපකාරයෙන් පවතින්නේ කොහොමද කියලත් පොඩි උදාහරණයක් කියන්නම්. අපි දන්නවානේ පාපැදියක් පදින්න කකුල් දෙකම පාවිච්චි කරන්න වෙනවා නේ? එක කකුලකින් වට භාගයයි, අනික් කකුලෙන් තමයි ඉතුරු භාගය. මාරුවෙන් මාරුවට ඔය විදියට කරනකොට රවුමටම කැරකෙනවා!! මේ අපි ගත්ත උදාහරණයේදීත් එහෙමමයි!! ක්‍රියාවලි දෙක, මාරුවෙන් මාරුවට නොකඩවා සිද්ධවෙනවා... අන්න ඒකයි ඔය මොටරේ අතින් කරකවල පටන් ගත්තම නොනැවතී දිගින් දිගටම කැරකෙන්නේ. මං මුලින් ඉඳලම 'විශේෂිත ආකාරයකට සකස්වෙච්ච පරිසරයක්' කියල කිව්වේ ඔන්න ඔය ගැන තමයි!! පටන් ගත්තද, ඉවරයක් වෙන්නේ නෑ!!! ඕක තමයි අපිටත් වෙලා තියන case (feedback loop) එක!!! ඉවරයක් දකින්න නම් කවදා හරි මේ විඥාණයේත්, නාමරූපවලත්, අන්‍යෝන්‍ය උපකාරයෙන් පැවතීම කඩල බිඳලා දන්න ඕනේ!!! loop එක break කරන්න ඕනේ!!!

    ආයි ඉතින් අපිට කරකැවෙන කතාවල් ඕනේ වෙන එකක් නෑ!!! මේ කියපු විඥාණ / නාමරූප කතාන්දරය තව ටිකක් විස්තර කරලා, අපේ ජීවිත වලට සම්බන්ධ වෙන විදිය පෙන්වලා, මේ එක එක නම්වලින් බුදුහාමුදුරුවෝ කියල තියෙන්නේ මොනවා ගැනද, ඒවා අතරේ තියන සම්බන්ධකම් මොනවද කියල පෙන්නුවාම, සංසාරේ 'අතුරුදහන්' වෙනවා!!! ආයි ඉතින් 'සංසාරේ යන්න' ඉස්සෙල්ලම, යකඩෙන් / සිමෙන්තියෙන් මොනවහරි වලින් 'සංසාරයක් හදාගෙන ඉන්න' වෙනවා!!! අර... 'අහවල් දිහාවේ' යන්න, 'අහවල් එක්කෙනා' ගාවට යන්න, ඔය හැමදේටමත් අලුතෙන් 'ක්‍රම' හොයාගන්න වෙනවා!!! කතා ඕනේ නෑ... කාලයක් යනකොට තේරෙයි!!!
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,107
    113
    Gotland
    moko uba dan chanden paraduna wage :lol::lol::sorry:

    wenawa kivva ekak wath une na :lol:

    lokuwata sadde damma, tharjanaya kala :lol:

    p** iragannawa kivva (anthimata uba ira gatta) :lol::sorry:

    ube sadde witharai ban :yes:

    uba cyber weerayek witharai :nerd:

    ubata puluwan mokak hari wachana set ekak methana post karala wadakaru wage inna :lol:

    mama karapu abiyoga ekak wath uba baragatte na. :nerd:

    ubata kisiwak ba. :rolleyes:
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    << Previous

    දැන් අපි මෝටරයක් අස්සෙ රිංගල, හොයල බලල දැනගෙන ආව 'විඥාණ පච්චයා නාමරූපං... නාමරූප පච්චයා විඥාණං...' කතන්දරේ ඔයාලට හොඳටම පැහැදිලි වෙන්න ඇතිය කියල හිතනවා!! මේවා මගේ පොඩි ඩබලට (අවුරුදු 10-13) නම් හොඳට තේරෙණවා... ඒ හන්ද, ගොඩ දෙනෙකුට හරියන්න ඕනේ!! ඔය උදවියගේ තේරුම් ගැනීමේ හැකියාව / ප්‍රඥාව මට දැනගන්න බැරි එක විතරයි ප්‍රශ්ණේ... බුදුහාමුදුරුවෝ හිටියානම්, එක එක්කෙනාට හරියන්න වෙන වෙනමම කියල දේවි!!! ඒත්, අපි කවුරුවත් එහෙම අහන්න තරම් පින් කරලා නැහැ නේ... ඒ හන්ද try එකක් දාල අල්ලගන්න බලන්න. අනික, එකපාරටම නොතේරුණත්, කතාව ඉස්සරහට යනකොට හුඟක් දේවල් තේරෙන්න ගනීවි!!! මේ දාල තියන කරුණුත් ඕනේ වෙලාවක නැවත නැවත බලන්න පුළුවන් නිසා මොකුත් අඩුවක් වෙන එකක් නෑ.

    ඉතින්, මේ 'විඥාණ පච්චයා නාමරූපං... නාමරූප පච්චයා විඥාණං...' කතාව සත්ව ජීවිත වලට සම්බන්ධ වෙන විදිය නම් හරිම සංකීර්ණ එකක්!!! ප්‍රධාන තැන් දෙකක, දෙවිදියකට, මේ කතන්දරේ අපි හැමෝගෙම ඇඟවල් වල ක්‍රියාත්මක වෙනවා!!! 'කොහොමද එහෙම වෙන්නේ??' කියල අහන්න එපා!! ඒක එහෙම තමයි වෙලා තියෙන්නේ!!! අපි හොඳටම දැනගන්න ඕනේ, එහෙම වෙච්ච එකෙන් වෙන්නේ මොනවද කියන එක ගැනයි!!! නිවණ අවබෝධ කරගැනීම දුෂ්කර ඒකයි... ප්‍රශ්ණයයි උත්තරෙයි සේරම තියෙන්නේ එක තැනක... ඒත් සියලු ලෝක සත්වයෝ උත්තර හොයන්නේ වෙන වෙන දිහාවල!! ඉතින් හරියන්නේ නෑ!!! ඒකයි මේ වැඩේට සිල් රැක රැක ඉඳලත් හරියන්නෙ නැත්තේ. මේක තනිකරම මොලේ කල්පණා කරලා, කරගන්න තියන දෙයක්!! නිවැරදිව, හරි ඉලක්කයටම කල්පණා කරන්න ඕනේ!! හැබැයි ඉතින් මේ යන්නේ 'කැලේ සුද්ද කරගෙන', සේරම ගස්/ගල්/කුණුගොඩවල් 'ඩෝසර් කරගෙන' යන ගමනක්... ටික කාලෙකින් ඔක්කොම හරියාවි!!!

    අපිට තව එක කරුණක් මෝටරේ කතාවෙන් බලාගන්න තියනවා... දැන්, එහෙම මෝටරයක් මුලින්ම අතින් කරකවල අතහැරියාම, ටිකෙන් ටික ඒකෙ වේගය වැඩි වෙලා, යම්කිසි නියත මට්ටමකට ඇවිත්, ඒක එකම ගණනකට, නියත වේගයකින් දුවන්න ගන්නවා!! එහෙම වෙන්නේ කැරකෙන කොටස් වල බර, කරකැවීමට බාහිර පරිසරයෙන් ඇතිවෙන බාධා, ප්‍රතිරෝධය වගේ දේවල් නිසයි!! ඒත් එහෙම බාධා කිසිවක් නැති, අන්‍යෝන්‍ය උපකාරය (feed back loop) පාලනය කිරීමකුත් නැති මෝටරයක් උනොත්, මේකෙ ක්‍රියාකාරිත්වය මහා අවිනිශ්චිත තත්වයකට පත්වෙනවා!!! ඒ කියන්නේ, විදුලිය නිපදවෙන ප්‍රමාණය සීමාන්තිකව වැඩිවෙන්න ගත්තොත්, ඒ නිපදවෙන විදුලියට අනුරූපව චුම්බක ක්ෂේත්‍රයත් එන්න එන්නම වැඩි උනොත්, කැඩිලා විසිවෙන ගණනටම මේක කැරකෙන්න ගන්නවා!! මොකක් හරි ප්‍රශ්ණයක් / අබාධයක් වෙලාම තමයි නවතින්නේ!!

    චුම්බකත්වය නැත්නම් චුම්බක ක්ෂේත්‍රයක් ගොඩනැගීම පාලනය කරන්න ක්‍රමයක් නෑ කියමු... ඒත් විදුලිය නිපදවෙන එක පාලනය කරගන්න පුළුවන් කමක් තිබුණා නම්, කිසිම අවුලක් වෙන්නෙත් නෑ!!! අපිට ඕනේ ඕනේ ගණනට මෝටරේ කරකැවීම පාලණය කරන්න තිබුණ!!! ඕනේ නම් නතරකරලම දාන්නත් තිබුණ!!! ආයි කොච්චර කරකවන්න හැදුවත් වැඩක් වෙන්නේ නැති තත්වෙටම පත්කරන්න තිබුණ!!! ඒ කියන්නේ චුම්බක ක්ෂේත්‍රයක් ගොඩනැගෙන්නේ නැති තත්වෙටම පත්කරන්න තිබුණ!!! පැහැදිලි ඇති නේ??
     

    natta_gahe

    Active member
  • Jan 5, 2011
    422
    53
    28
    සැහෙන බරපතල ප්‍රශ්නයක් තියනවනේ... මම කියල කෙනෙක් නැද්ද? මම කියල කෙනෙක් ඉන්නවද? මම කියල කෙනෙක් නැත්නම් ණිවන් දකින්නේ කවුද? එහෙම කියල... නේද?

    මේ ප්‍රශ්න ඔයාලටත් ඇති උනා නම්, ඒවාට පැහැදිලි පිළිතුරක් ලැබුණද??

    මම අහල තියන විදියට scientists ලා නම් මේ bodies කිරල බලලත් තියනවා පණ තියෙද්දියි, මැරුණමයි මේකෙන් මොනවා හරි එලියට යනවද බලන්න...:confused: joke එකක් වගේ...

    ඒත් ඇත්තටම නම් 'මම' කියල කෙනෙක් ඉන්නවා!! නැත්නම් කොහොමද එක්කෙනෙක්ගේ සංසාර ගමනක් ගැන කතා කරන්නේ?? අනික කියනවත් වගේ කාවද ණිවන් දක්වන්නේ 'කෙනෙක්' නොහිටියා නම්?? ඉතින් කෙනෙක් ඉන්නවා කියන එකේ සැකයක් නැහැ!! sure එකටම ඉන්නවා!!!:yes::yes:

    ඕකා කොහෙද ඉන්නේ? අන්න ඒකයි මගේ ප්‍රශ්ණේ??


    මෙතනදී බුදු දහමට අනුව මම කියල කියන්නෙ මේ ආත්ම භාවයේදී ඔබ භෞතිකව ලබා ඇති කයයි....නමුත් සංසාර ගමනේදී දිගින් දිගටම පැමිණෙන්නේ එක් විඤ්ඤානයක් පමණයි..... මම කියල කෙනෙක් නෑ කියල කියන්නෙ ස්ථීර වශයෙන් භෞතිකව මම කියල කෙනෙක් නෑ...ඒ කියන්නෙ යම් දවසක අපි හැමෝම මැරෙනවනෙ...අපි කවුරුත් ඉච්චසේ නෑ....උදාහරනයක් විදියට මේ භවයේ දී ඔබ "දමිත් කාරියවසම්" වුවත් පෙර ආත්ම භව වලත් ඔබ දමිත් කාරියවසම් නෙමෙයිනේ...මේ ආත්ම භාවයෙන් පසුත් එලෙසමයි. ඒකයි කියන්නෙ මම කියල කෙනෙක් ස්ථිර ලෙස නෑ කියල...ඔය දැන් මම කියල කියල හදුන්වන්නෙ තමන්වමනේ....ඒ කොහොම උනත් සසර පුරාම පැමිණෙන්නේ ඔයාගේ විඤ්ඤානයයි අන්න එයාවයි අපි නිවන් යවන්න ඕනෙ.....අනිත් එක තමයි විඤ්ඤානයට බරක් නෑ මනින්න....කරපු කුසල් හා අකුසල් පමණයි...එම නිසා ලැබූ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්න...මනුස්ස ආත්මයක් ලබන්නේ බොහෝම කලාතුරකින් කරපු කියපු දේවල් අනුව