බුදුන් වහන්සේ ලා සහ රහතන් වහන්සේලා ගැන මට පුදුම ගෞරවයක් ඇති වෙනවා. මොකද අපි මන වඩන රූපයක්, මන වඩන සුවඳක්,මන වඩන ශබ්දයක්, මන වඩන රසයක් එහෙම දැනුනාම අපි ඒවායේම පස්සේ යනවා, ලැබුනේ නැතිකොට දුක වෙනවා. සමහර විට දිවි නසා ගන්න පවා උත්සහා කරනවා. එත් මුන් වහන්සේලා ඔයවගේ දේවල් තඹ සතේකට ගණන ගන්නේ නෑ. මට උන් වහන්සේලා ගැන ඉතා ආඩම්බරයි. හරි ශ්‍රේෂ්ඨ යි.
ඒ ආර්යයන් වහන්සේලාට මේ පංච කාම වස්තු වල සතයක වටිනා කමක් නෑ. මම පොඩි උදාහරණයක් කියන්නම්. මේ උදාහරණය අති පූජනීය වහරක අභයරතනාලංකාර හිමිපාණන් ගේ උදාහරණයක්. මමත් එහෙං මෙහෙන් add කළා. නමුත් ප්‍රඥාවෙන් බලන කල මේක මටත් හොඳට වැටහෙනවා.
දැන් අපි හිතමු ඉස්සර ඔයාට රෝද තුනේ බයිසිකලයක්, එහෙමත් නැත්නම් සෙල්ලම් කාර් එකක් නැත්නම් teddy bear කෙනෙක් ගෙනත් දුන්නොත් ඔයා කොච්චර සතුටු වෙනවද? එකේම තමයි ඇලීම, ඒක කැඩුනොත් හරි දුකයි, එකම තමයි ජීවිතය. ඔයා ඒ කාලේ පතන්නේ ඔය ලොකු වුනාම ඒ වගේ ඒවා සීයක් වුනත් ගන්න මානසිකත්වයෙන් තමයි ඉන්නේ.
නමුත් දැන්?? මම ඔයාට කිව්වොත් "ආ!! මේ අර සෙල්ලන් කාර් ඒක නැත්නම් අර රෝද තුනේ බයිසිකල 100 ක් ගන්නවා කිව්වා නේද? ආ දැන් ගන්නකෝ? කියල කිව්වොත් මොකද? ඔයා කියයි "අනේ පිස්සු නැතුව ඉන්න මට ඒවා ඕනනේ නෑ, මට ඒවා දිහා බැලුවම කිසිම ආසාවක් හිතෙන්නේ නෑ" කියලා.
මම කිව්වොත් "එහෙනම් මම මේවා ඔයාට නොමිලේ දෙන්නද" කියලා එතකොට ඔයා කියයි " අනේ මේ මට නොමිලේ වුනත් එපා, ඕව හරයක් නැති දේවල්"
අන්න ඒවගේ තමයි බුදු, පසේ බුදු, අරහත්, අනාගාමී උත්තමයන් වහන්සේලාට ඔය පංච කාම වස්තු. ඔයාට සෙල්ලම් බඩු වලට දැනෙන හැගීම ම තමයි ඒ උත්තමයන් වහන්සේලාටත් දැනෙන්නේ මම හිතන හැටියට. ඕව කිසි හරයක් නැති දේවල් හැටියටයි උන් වහන්සේලා ඒවා ගණන ගන්නේ.