'මම' ඉන්නේ කොහෙද?

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    << Previous

    බුදුහාමුදුරුවොන්ටත් කට්ටිය කියාගෙන ආව ඔය 'දෙයියෙක් මැව්වා...' කියන කතාව. බුදුහාමුදුරුවෝ ගත්තු කටටම ඇහුවේ, "කවුද? ඒ මවපු දෙවියම ඇවිල්ල කිව්වද??" කියලයි. ආයේ තව කට්ටිය කියාගෙන ආව, 'ස්වර්ගෙට යනවා...' කියල. බුදුහාමුදුරුවෝ ඇහුව, "ස්වර්ගය තියන තැන දන්නවද?? යන විදිය දන්නවද???" කියල!!! මොකද බුදුහාමුදුරුවෝ දන්නවා ඕව මහ ගොං කතාවල් කියල!!! !!! !!! උන්වහන්සේ බුද්ධත්වය වෙනුවෙන් පාරමිතා සම්පූර්ණ කරන්න, සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක්ම, අනන්ත දුක් විඳ විඳ මැරි මැරී ඉපදි ඉපදී ආව ගමනෙදි, 'අදහපු නැති දෙයියෙක් නෑ!!!' කිව්වා... 'නොකරපු පුද පූජාවක්, නොකරපු යාග හෝමයක් නෑ!!!' කිව්වා... එහෙම කරලා, 'දැන් ඉතින් සේරම හරි!! මං දැන් safe!! දෙයියන්නාන්සේ මාව බලාගනීවි!!!' කියල හිතන් හිටියට බලනකොට ආයෙම තා තැනක ඉපදිලා!!! !!! !!! ඒ කරපු දේවල් වල හැටියට, "තමන්ව බේරගන්න පුළුවන් සර්ව බලධාරී දෙවි කෙනෙක් හිටියා නම්, මෙහෙම ආයි ආයි ඉපදෙන්න විදියක් නෑ!!!" කිව්වා. මොකද මේ එසේ මෙසේ වාර ගණනක් වෙලා තියන කතාවක් නෙවෙයි... පූජා වට්ටි තියපුව එකතු කරලා, ගොඩක් ගහල උඩට නැග්ග නම්, හඳ අල්ලන්න තිබ්බ... පොල් ගහපුවයේ කටු එකතු කරලා මුදට දැම්ම නම්, මූද ගොඩ කරන්න තිබ්බ... ඒත්, එච්චර කරලත් වැඩක් වෙලා නෑ!!! ඉපදෙනවා... මැරෙනවා... ඉපදෙනවා... මැරෙනවා... ඉපදෙනවා... මැරෙනවා... ඉවරයක් නෑ!!! මොකද, 'case එක' තියෙන්නේ වෙන තැනක!!! !!! !!!

    හැබැයි ඉතින් අපිටම දකින්න / අහන්න / අල්ලලා, අතපත ගාල බලන්න / විඳින්න නොලබිච්ච දෙයක් වෙන කෙනෙක් ගෙන් අහල දැනගන්න ලැබුණ පලියට විශ්වාස කරන්න අමාරුයි තමයි... ඒත් එහෙමනම්, 'මැරි මැරී ඉපදි ඉපදී දීර්ඝ සංසාර ගමනක් ඇවිල්ල තියනවා...' 'දෙවියෙක් මැව්වා!' 'මැරුණම දෙයිය ගාවට යනවා...' 'ස්වර්ගෙට යනවා!' 'judgement day එක එනකම් සාමදානයේ සැතපෙනවා...' වගේ කතා ඔක්කොම 'එකම විදියට' විශ්වාස කරන්න අමාරු වෙන්න ඕනේ!!! මොකද ඔය කිසි එකක් තමන් experience කරලා නෑ නේ??? නිකම්ම නිකම් තව කෙනෙක් ගෙන් අහපු දෙයක්, නැත්නම් තව කෙනෙක් ලියපු පොත් පත් වලින් කියවපු දෙයක්ම විතරයි නේ??? 'අරක වැරදියි... අපේ එක තමයි හරි!!' කියල නිකමට හරි කිව්වොත්, අන්න තමන්ගේම හිත තමන්ට පෙන්වන තොරන් වලට අහුවෙච්ච කෙනෙක්!!! හිත-විඥාණය දෙකේ මායාවට රැවටිච්ච කෙනෙක්!!! නැත්නම් තේරෙණ භාෂාවෙන්, real බුරුවෙක්!!! කිව්ව නේ, 'ඕකට රැවටෙන්නේ නැති එකේ නෑ!!!' 'ඕකට මුලා වෙන්නේ නැති එකෙක් නෑ!!!' කියල... ඔය සිද්ධියටම තමයි ඔය 'දෘෂ්ඨි ගත වෙනවා...' 'පාට කණ්නාඩි දාගෙන බලනවා...' කියල කියන්නෙත්!!! එක එක්කෙනාගේ perception එක!!!

    දැන් මේ නොදන්නා දෙයියෙක් බදාගෙන නැහෙන්න හැදුව... දෙයිය 'මවනවා' තමුන් ගිහිල්ල බලන් හිටිය නම්, 'ඇයි උඹ මාව මැව්වේ?' 'මොකටද මැව්වේ?' 'තොට වෙන වැඩක් නැද්ද? මේ එක එක එවුන් මව මව ඉන්නේ??' කියල අහල දැනගන්න උනා නම්, ඔන්න පිළිගන්න / විශ්වාස කරන්න තිබුන!!! ඇයි කවුරුවත් කියපු පලියට ඕව විස්වාස කලේ?? උඹලට පිස්සුද??? දැන් ඕව අම්ම / තාත්තගෙන් අහල දැනගන්න ලැබුණම, එයාලට ඔය මොකුත් අසනීපයක්, නිකම් 'පිස්සු වගේ' එකක් තිබ්බ නම්, දැනගන්න තිබුන!! සීයල / ආච්චිලගෙන් දැනගත්ත වෙන්න පුළුවන්... එයාලටත් මොකුත් 'අසනීප තත්වයක්' තබ්බා නම්, ඒත් දැනගන්න තිබුන!! ඒත් ඔය පොත් වල 'කෙනෙක් : xxxx' 'තව කෙනෙක් : xxxx' 'තවත් කෙනෙක් : xxxx' කිය කියා කතන්දර ලියල තිබ්බ පලියට, මොකටද පිළිගන්න ගියේ?? උඹලට පිස්සුද??? කවුද ඒ?? උඹලගේ බාප්පලද?? මහප්පලද?? උන්ගේ medical reports තිබුනද??? ඒවා check කලාද???

    ආයේ මේ ස්වර්ගෙට යන කතන්දරේ... ඒක කිසිම map එකක වත් නෑ!! call එකක් වත් දීල එන හැටි අහගන්න එහෙ contact numbers මොකුත් නෑ!! තියන තැනක් මොකුත්ම දන්නේ නැතුව කොහේ කියල යන්නද??? අනික flights වැඩකරනවා කියලද?? bus service එකක් වත් තියනවා කියලද?? එහෙම්පිටින් පිස්සු කතාවක් නේ??? ඇයි උඹල ඕව විශ්වාස කරන්න ගියේ?? උඹලට පිස්සුද??? හැබැයි කාටවත් ඇඟිල්ල දික් කරන්න බෑ!!! මොකද, මොකා කොහොම කිව්වත්, අහන එකා කල්පණාවෙන් අහන්න ඕනේ!!! අහපු අහපු බයිලා බීරො / පොට්ටයෝ වගේ අදහන්න ගිහින් උඹලමයි ගොං වැඩේ කලේ!!! අනික ඉතින් ඔය තමයි ලෝකේ ස්වභාවය!!! මිනිස්සු අවිද්‍යාවෙන් (මෝඩ කමෙන්) වැහිලා ඉන්නේ!!! පිරිසුදු බුද්ධ දේශනා අහන්න, අහල අවබෝධ කරගන්න අවස්ථාවක් නොලැබෙන තාක් ගොඩ යාමක් නෑ!!!

    ආයි මේ 'සම්ප්‍රදායික බෞද්ධ' කියන, නැත්නම් 'බුද්ධාගම් කාරයෝ' කියන, පිස්සු හුටල්ලෝ ටික!!! උන්ට සංසාරේ නිකම් අම්මගේ අප්පගේ බූදලේ වගේ වෙලා!!! උන් හිතන් ඉන්නේ සිය පවුල පිටින්, නෑදෑයෝ පිරිවරන්, පින් කර කර සංසාරේ යන්න!!! මෙලොව ජීවිත... පරලොව ජීවිත... සේරම සැපවත් කරන්, දෙවි මිනිස් සැප කෙලවර අමාමහ ණිවන් සැපත් ලබන්න!!! උන් හිතන් ඉන්නේ ඒ 'යන එක' උන්ට ඕනේ ඕනේ විදියට කරගෙන යන්න පුළුවන් එකක් කියල!!! බුදුහාමුදුරුවෝ මේ කෙහෙල්මල් සංසාර ගමනේ හැටි දැකල, මේක දුක 99.9999999999999999% සැප 0.0000000000000001% වගේ case එකක් නේද? කියල හොඳටම තේරිලයි, ඉක්මනටම මේ 'ගමන' නතර කරන්න කියල උපදෙස් දුන්නේ!!! ඒකත් උන්වහන්සේට ඇති වැඩකට නෙවෙයි... මේ මෝඩ 'සත්වයෝ' කන පරිප්පුව දැකල, ඒකෙන් ගැලවෙන්නයි උදව් කලේ!!! ඒත් එකෙකුටවත් 'නවත්තන්න' හිතිලා නෑ... උන්ට ඕනෙම වැඩේ කල් දදා තව තව 'යන්න'. හිටහල්ල, මං යවන්නං...

    මේ එක එකා ඉපදිලා පෙර ආත්ම ගැන කියවන ඒවා whole sale එකේ අහන්න දකින්න තියනවා... 'මං එළුවෙක් වෙලා හිටිය!' 'මං හරකෙක් වෙලා හිටිය!' 'මං අපායේ දුක් වින්ද!!' කියල කියන එවුන් ඉන්නවා... මෝහනය කරලා බැලුවොත් හුඟාක් එවුන්ගේ පෙර ජීවිත ගැන දැනගන්න පුළුවන්... මැරෙන්න දඟලන එවුන් විලාප ගගහ කියන එව්වා අහන්න ලැබෙනවා... උඹල හිතුවේ ඒවා jokes කියල නේ??? උඹල හිතුවේ මේ ජීවිතේ full ආතල් case එකක්... හොඳට කාල / බීල jolly කරන්න තියන එකක්... බය වෙන්න කිසි දෙයක් නෑ! අපිව බලාගන්න අය ඉන්නවා!! කියල නේ???

    කට්ටිය මට කියන්න ආව 'ගිහින් doctor කෙනෙක් හම්බ වෙන්න!!' 'ඔය අසනීපෙට ඔහොම වෙනවා!!' කිය කිය. තව එවුන් මගේ medical reports check කරන්න ආව!!! තව එවුන් මට medical reports issue කරන්නත් ආව!!! දැන් බොලාට තේරෙනවද මොකාටද පිස්සු කියල???

    බුදුහාමුදුරුවෝ, ලෝකයේ ඉන්න මිනිස්සුන් ගෙන් සත්‍ය දැක්ක / දකින මිනිස්සුන්ව ප්‍රමාණ කරලා දැක්වුයේ 'මුළු මහපොලවේම පස් ප්‍රමාණය' : 'නියපොත්තකට ගන්න පුළුවන් පස් ප්‍රමාණය' හැටියට!!! එච්චර seriously කිව්වේ, billion 700 කටම බැලුවත් දෙතුන්සීයක් වත් නැති තරම් කියලයි!!! අන්න ඒක නිසා, අද කාලේ නම් ඇත්තටම ජීවිතේ දිනපු එවුන් ඇත්තේ අතේ ඇඟිලි ගාණටත් අඩුවෙන්!!! !!! !!! මේ මම කතාවට set වෙච්ච තැන්වල නම් 'මම'ම විතරයි!!! !!! !!!

    සේරමලා කලිසම් ඇඳන් ඉන්න තැනක එකෙක් සරමක් ඇඳන් හිටියොත් ඌ තමයි ගොබිල!!! ඒත් ඌ කලිසමක් ඇඳගෙන අනික් එවුන් සේරම හෙළුවෙන් ඉන්න තැනකට ගියොත් ඒත් ඌමයි ගොබිල!!! කට්ටියම හෙළුවෙන් ඉඳන් මඩ නාගෙන ඉන්න තැනක හෙළුවෙන් හැබැයි 'clean එකට' එකෙක් හිටියොත් අන්න ඌ තමයි ගොබිල!!! ඒ වගේම පිස්සෝ ගොඩක් ඉන්න තැන පිස්සෝ හිතන්නේ 'උන් තමයි හරි!!' 'උන්ට පිස්සු නෑ!!' කියලයි!!! උන් 'පිස්සා' කියන්නේ පිස්සු නැති එකාටයි!!! මොංගල් කාරයෝ තොගයක් මැද්දට මොංගල් නැති එකෙක් ආවම 'ඌ මොංගල් කාරයෙක්' කියල තමයි මොංගල් කාරයන්ට හිතෙන්නේ!!! mental disorders තියන එවුන් මැද්දට mental disorders නැති එකෙක් ආවම ඌ mental disorder පොරක් කියල තමයි mental disorder කාරයෝ හිතන්නේ!!! ඕක හරිම ස්වභාවික දෙයක් ගණන් ගන්න එපා!!! මං කලිනුත් කියල ඇති, 'මාව මෝඩයෙක් වගේ දැකපු මෝඩයන්ට...' 'මාව බුරුවෙක් වගේ පෙනිච්ච බූරුවන්ට...' 'මාව joker කෙනෙක් කියල හිතිච්ච joker ලට...' කිය කිය. මොකද දැන් මට අතින් පයින් challenge කරන බූරුවෝ මිසක්, මේ මතෘකාවේදී මට challenge කරන්න පුළුවන් මොකෙක් වත් මේ ලෝකේ නම් නෑ!!! විශ්වයේ වෙන කොහේ හරි බුදු කෙනෙක් පහලවෙලා ඉන්නවා නම් දකීවි... මයිත්‍රී බුදුහාමුදුරුවෝ ආව කාලෙක ඇහුවොත් ඒත් කියාවි... 'මූ මහ යස්ස පොරක් නේ!' කියල. එච්චරයි!!!

    හැබැයි මං බුදු වෙලා නෑ!!! බුදුවෙන්න පිස්සුවක් ඇත්තෙත් නෑ!!! මම අදටත් අපේ හාමුදුරුවොන්ගේ පිහිටෙන්, කල්‍යාණමිත්‍ර පිරිසගේ උපකාරයෙන්, ගෞතම බුදුරජාණන්වහන්සේව දැකගත්ත, ගෞතම බුද්ධ සාසනයේ සංසාර ගමන කෙලවර කර ගත්ත, තවත් එක් අහිංසක 'සත්වයෙක්' විතරයි!!! බුදුවරුන්ගේ පහල වීම ඉතාමත් දුර්ලභයි කිව්වට, දැන් 'බුද්ධර්'ලයි, 'බුදු පුත්තුයි' හතු පිපෙන්නැහේ පිපීගන පිපීගන එනවා... තව ටික කලක් යනකොට පඳුරකට පයින් ගැහුවම 'බුදුවරු' බුරුතු පිටින් විසිවෙන ගානටම එයිද දන්නෙත් නෑ!!! පිටිදුව්වේ උන්නැහැත් මොකකටද ලැස්ති වෙනවා... ඕව අපිට නවත්තන්න බෑ!! නවත්තන්න ඕනෙත් නෑ!!! මම ඊළඟ post එකෙන් 'සංසාරේ' ඉවර කරනවා!!! !!! !!!

    මම බුදුහාමුදුරුවොන්ගේ උපකාරයෙන් real-world කතන්දර 'දැකල' කරුණු කියන කොට, කට්ටියක් 'තොරන් බල බලා' මට කිව්වා, මං මැරෙනකොට මල පහ වෙයි! මං අපායේ යයි!! කියල... ඒයි, බොලාට වැරදිලා... මම පෙන්නන්නම් කාටද මල පහ උනේ / පහ වෙන්න ගියේ, කොහොමද පහ වෙන්නේ කියන සේරම!!! උඹලට මැරෙන කම් ඉන්න වෙන එකකුත් නෑ... මේක කියවගෙන යනකොට මල පහ වෙයි!!! හැබැයි මේ උත්සාහය, උඹල ලබල තියන වාසනාවන්ත මනුස්ස ජීවිතය අහවර වෙද්දී උඹලට ඇත්තටම මල පහ වෙන්න නොදී, මෙතැනින්ම ගැලවෙන්න ඕනේ සේරම දේවල් කියල දෙන්නයි!!! ඒ නිසා නිහතමානී, 'අලි ඔලු' නැති එවුන්, හොඳට උවමනාවෙන් බලල උපරිම ප්‍රයෝජනය ගන්න බලනවා!!! මං කිව්වේ 'රෙදි කරට අරන් නිවණ හොයාගෙන දුවන්නම දෙනව' කියල නේ... මම ඒක කරනවා!!! හැබැයි ආයිමත් කියන්නේ, මේ සේරම අහිංසක, නිහතමානී, ඔලුව ඉදිමිච්ච නැති, එවුන්ට විතරයි!!!

    ** මේක අද වෙනකම් ලොකු ලොකු තැන් වලට ගිහිල්ලද / නැද්ද දන්නේ නෑ!!! හැබැයි දැන් නම් ජනාධිපති තුමා ඉඳල, ඔය මල්වතු / අස්ගිරි සේරම ලොකු ලොකු ඇත්තෝ, රටේ ලෝකේ ප්‍රසිද්ධ ඇත්තෝ, මට මේ ජීවිතේදී උපකාර උන හැමෝම, මේකට එකතුවෙන්නම ඕනේ!!! අපිට ලොකු වැඩක් කරන්න / කරගන්න තියනවා!!! මේ නොපෙනිච්ච, නොතේරිච්ච කතන්දරයකට අහුවෙලා දුක් වින්ද හොඳටම ඇති!!! දැන් ඒ සේරටම තිත තියන්න ඕනේ!!! මම සේරම කියන්නම්... හැබැයි මගේ style වෙනස් වෙන්නේ නෑ!!! මොකද, පණ තියන කම් මේ 'මම' මම මයි!!! style වැඩක් නෑ... කරුණු විතරක් ගන්න!!! ලොක්කෝ බොක්කෝ ඔක්කොම එන්න!!! බුදුහාමුදුරුවෝ කිව්වේ 'පැවිද්දෙක් නම් රහත් වෙන්න... ගිහියෙක් නම් අනාගාමී වෙන්න...' කියලයි!!! ඒක බුදුහාමුදුරුවෝ කියපු විදියටම වෙන්න ඕනේ!!! !!! !!! at least, මෙයින් මතුවට, පුළුවන් උපරිම කාලයකට, උපදින උපදින මනුස්සයා අනිවාර්යයෙන් සෝවාන් කියන තත්වයට වත් පත්වෙන විදියට, මුළු ලෝකය පුරාම මේ සත්‍ය ප්‍රචාරය වෙන්න ඕනේ!!! !!! !!! ඒ හරිය ලොක්කන්ට බාරයි!!!
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    සේරමලා කලිසම් ඇඳන් ඉන්න තැනක එකෙක් සරමක් ඇඳන් හිටියොත් ඌ තමයි ගොබිල!!! ඒත් ඌ කලිසමක් ඇඳගෙන අනික් එවුන් සේරම හෙළුවෙන් ඉන්න තැනකට ගියොත් ඒත් ඌමයි ගොබිල!!! කට්ටියම හෙළුවෙන් ඉඳන් මඩ නාගෙන ඉන්න තැනක හෙළුවෙන් හැබැයි 'clean එකට' එකෙක් හිටියොත් අන්න ඌ තමයි ගොබිල!!! ඒ වගේම පිස්සෝ ගොඩක් ඉන්න තැන පිස්සෝ හිතන්නේ 'උන් තමයි හරි!!' 'උන්ට පිස්සු නෑ!!' කියලයි!!! උන් 'පිස්සා' කියන්නේ පිස්සු නැති එකාටයි!!! මොංගල් කාරයෝ තොගයක් මැද්දට මොංගල් නැති එකෙක් ආවම 'ඌ මොංගල් කාරයෙක්' කියල තමයි මොංගල් කාරයන්ට හිතෙන්නේ!!! mental disorders තියන එවුන් මැද්දට mental disorders නැති එකෙක් ආවම ඌ mental disorder පොරක් කියල තමයි mental disorder කාරයෝ හිතන්නේ!!! ඕක හරිම ස්වභාවික දෙයක් ගණන් ගන්න එපා!!! මං කලිනුත් කියල ඇති, 'මාව මෝඩයෙක් වගේ දැකපු මෝඩයන්ට...' 'මාව බුරුවෙක් වගේ පෙනිච්ච බූරුවන්ට...' 'මාව joker කෙනෙක් කියල හිතිච්ච joker ලට...' කිය කිය. මොකද දැන් මට අතින් පයින් challenge කරන බූරුවෝ මිසක්, මේ මතෘකාවේදී මට challenge කරන්න පුළුවන් මොකෙක් වත් මේ ලෝකේ නම් නෑ!!! විශ්වයේ වෙන කොහේ හරි බුදු කෙනෙක් පහලවෙලා ඉන්නවා නම් දකීවි... මයිත්‍රී බුදුහාමුදුරුවෝ ආව කාලෙක ඇහුවොත් ඒත් කියාවි... 'මූ මහ යස්ස පොරක් නේ!' කියල. එච්චරයි!!!

    මේක නම් ඇත්ත අහන ප්‍රසන වලට උත්තර නොදී මාරු වෙන එවුන්ට /chalenge කරද්දී පැනලා යන එවුන්ට challenge කරන්නේ බූරුවොම තමයි .


    දමිත් තුමා කටින් රහත් වෙලා කියලා කිව්වට හිතා ගෙන ඉන්නේ බුදුවෙලා කියලා නේද ? ගුරුවරයගෙනුත් ඉගෙන ගෙන නැ, එයාටත් chalenge කරන්න පුළුවන්, තමන් තනියෙන් හොයාගත්ත electronic ධර්මය මේ ලෝකේ වෙන කවුද දන්නේ නේද?
     
    • Like
    Reactions: mldarshana

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,890
    978
    113
    New York, USA
    ඔන්න ඕකට පාඩුවේ ඉන්න දීපල්ලා බන්.. පිස්සොත් එක්ක කතා කරලා වැඩක් නෑනෙ.
     
    • Like
    Reactions: 121221

    kasunsankalpana

    Well-known member
  • Apr 25, 2007
    10,044
    92
    48
    බුදු හාමුදුරුවන්ගෙන් බමුණෙක් ඇවිත් ඇහුවලු.... මේ පෘතුවියෙන් එළියේ මොනවද තියෙන්නේ කියලා. ඒ ප්‍රශ්නෙට බුදු හාමුදුරුවෝ උත්තර නොදී නිශ්ශබ්දව හිටියලු.. මොකද.... මේ ලෝකේ සමහර ඇතිවන ප්‍රශ්න වලට උත්තර දුන්නම... ප්‍රශ්නය අහපු කෙනාට තව ප්‍රශ්න ඇතිවෙන හින්දා.
    එදා... බුදු හාමුදුරුවෝ කිව්ව නම්... තව ග්‍රහලෝක තියෙනවා කියලා. බමුණා අහනවා... කොච්චරක් තියෙනවද.. එවායින් එහා පැත්තේ තියෙන්නේ මොනාද කියලා. ඔය ප්‍රශ්න ගැන කතා කිරිමෙන් අන්තිම ප්‍රතිපලයක් නැ... ඒත් අන්තිමට මත ගැටුම් විතරයි ඇති වෙන්නේ.:)


    :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: 121221

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka

    "බුදු හාමුදුරුවන්ගෙන් බමුණෙක් ඇවිත් ඇහුවලු.... මේ පෘතුවියෙන් එළියේ මොනවද තියෙන්නේ කියලා. ඒ ප්‍රශ්නෙට බුදු හාමුදුරුවෝ උත්තර නොදී නිශ්ශබ්දව හිටියලු.. මොකද.... මේ ලෝකේ සමහර ඇතිවන ප්‍රශ්න වලට උත්තර දුන්නම... ප්‍රශ්නය අහපු කෙනාට තව ප්‍රශ්න ඇතිවෙන හින්දා.
    එදා... බුදු හාමුදුරුවෝ කිව්ව නම්... තව ග්‍රහලෝක තියෙනවා කියලා. බමුණා අහනවා... කොච්චරක් තියෙනවද.. එවායින් එහා පැත්තේ තියෙන්නේ මොනාද කියලා. ඔය ප්‍රශ්න ගැන කතා කිරිමෙන් අන්තිම ප්‍රතිපලයක් නැ... ඒත් අන්තිමට මත ගැටුම් විතරයි ඇති වෙන්නේ."

    oya kathaawa banned kiyana bamuna ahapu ekak!!! umbalata ekawath therune nadda??? nathnam muu kohomada bamuna ahanna hitapu prashna deka kiyanne??? :P:P

    me halo, oya bayila walin wadak naa!!! oya joker lage kathaa handa thamayi umbala gonaata andagena thiyenne!!!

    meka hondata follow karanawaa!!!
     
    Last edited: