ගමුකෝ පොතක්! ඕං ඒකෙ තියනවා කවියක්!! ... මොකද්ද?? ... කවියක්!!! ... තියෙන්නේ කොහොමද?? ... පොතේ, අකුරු වලින් ලියපු, නැත්නම් print කරපු, 'වචන' ටිකක් හැටියට තමයි තියෙන්නේ!!! හරිද?? පැහැදිලිද?? හරි! දැන්, කෙනෙක් ඕක බලාගෙන හයියෙන් කියවනවා කියමු!! ... මොකද්ද අනික් අයට ඇහෙන්නේ??? ... කවියක්!!! ... අර පොතේ තියන කවිය!!! ... ඒත්, ඇහෙන්නේ කොහොමද??? සද්දයක් හැටියට, අර 'වචන' ටිකමයි ඇහෙන්නේ!!! ... බාහිර පරිසරයේ / අවකාශයේ විහිදිලා, පැතිරිලා යන ස්වරූපයකින්, අර පොතේ තියන 'වචන' ටිකමයි ඇහෙන්නේ!!! හරිද?? තේරුණාද??? මේ එකම දෙයක් නේද?? 'එකම වචන ටික' නේ!!! ඒත්, තියෙන්නේ කොහොමද?? දෙවිදියකට... ස්වරූප දෙකකින්... ස්වභාවයන් දෙකකින්... එහෙම නේද?? අන්න case එක!!! තේරුණයි??? විඥාණය / පංච උපාදානස්කන්ධය කියන දෙකේ කතන්දරයත් ඔච්චරම තමයි!!! කරුණු හැටියට ඒ දෙකේම අඩංගු වෙන්නේ එකම දෙයක් මයි!!! !!! !!! නමුත් ඔය දෙක පවතින්නේ ස්වරූප දෙකකින්!!! 'පංච උපාදානස්කන්ධය' කියන ස්වරූපය වැහුණු පරිසරයක ක්‍රියාත්මක වෙද්දී, 'විඥාණය' කියන ස්වරූපය අවකාශයේ විහිදෙන / පැතිරෙන ස්වභාවයෙන් යුක්තයි!!! එච්චරයි.
ඊළඟට ගමු අර 'පංච උපාදානස්කන්ධය!!' බුදුහාමුදුරුවෝ ඒක අර්ථ දැක්වුයේ මෙන්න මෙහෙම. **- අතීත වූද, අනාගත වූද, වර්තමාන වූද, තමා ගේ යයි සලකන්නා වූ හෝ තමාගෙන් බාහිර ලෙස සලකන්නා වූ, ගොරෝසු වූ හෝ සියුම් වූ, ළාමක (හීන) ස්වරූපයෙන් පවත්නා වූ හෝ උසස් (ප්‍රණීත) ස්වරූපයෙන් පවත්නා වූ, දුරින් පවතින්නා වූ හෝ ළඟින් පවතින්නා වූ යම්කිසි රූපයක් ඇත්ද, එය රූප ස්කන්ධය නමින් හඳුන්වනු ලැබේ. යම් කිසි වේදනාවක් ඇද්ද, එය වේදනා ස්කන්ධය නමින් හඳුන්වනු ලැබේ. යම් කිසි අරමුණු හඳුනා ගැනීමක් ඇද්ද එය සංඥා ස්කන්ධය නමින් හඳුන්වනු ලැබේ. යම්කිසි සංස්ඛාරයක් ඇද්ද එය සංඛාර ස්කන්ධය නමින් හඳුන්වනු ලැබේ. යම්කිසි විඥාණයක් ඇද්ද එය විඥාණ ස්කන්ධය නමින් හඳුන්වනු ලැබේ. -** දැන් මේ කියල තියෙන, අතීතයේ ඉඳන් මේ වෙනකම් ඔය එක එක්කෙනා දැකපු / අහපු / විඳපු / හඳුනා ගත්තු / චේතනා පහල කරලා හිතපු, කියපු, කරපු / දැනගත්තු සේරම, ඒ කියන්නේ පංච උපාදානස්කන්ධයේ අතීතයේ සිට මේ දැන් වෙනතෙක් කොටස, තමයි ඔය තම තමන්ට තියන මතකය!!! ඊළඟට, ඔය උදවියට මෙතැන් සිට ඉදිරියට කරන්න පුළුවන් ඒ පැරණි මතකය ආවර්ජනය කිරීම සහ ඒ මතකය ඇසුරෙන් තව තව දේවල් කල්පණා කිරීම / අනාගත බලාපොරොත්තු ඇතිකර ගැනීම, තමයි ඔබේ සිතීමේ ක්‍රියාවලිය!!! ඔන්න ඔය දෙකේම එකතුව, නැත්නම් 'සත්වයා' කියල ගන්න තියන සේරම, අර... 'මම' වෙන්න ඇති! 'මගේ ආත්මය' වෙන්න ඇති! කියල හිතාගන හිටිය case එක, තමයි ඔය පංච උපාදානස්කන්ධය කියන්නේ!!! කොටින්ම, 'සත්වයෙක්' කියල හඳුන්වන එකාගේ තියන 'ඔක්කොම' වචන තුනකින් කිව්වා වගේ වැඩක්!!! ඕනෙම මනුස්සයෙක් අරන් බැලුවොත් ඒ මනුස්සයගෙයි කියල කියන්න තියන 'ඔක්කොම ටික' ඔය පංච උපාදානස්කන්ධයේ තියනවා!!!
දැන් ඔය පංච උපාදානස්කන්ධය තියෙන්නේ කොහෙද?? තමුන්ගේ හිතේ!!! ඔන්න ඕක තමයි තමුන් ළඟ තියන 'පොත...' ඕක වෙන සාමාන්‍ය උදවිය කාටවත් පේන්නෙත් නෑ!! කියවන්නත් බෑ!! තමුන්ටම තමයි ඕක කියවත හැක්කේ... (හැබැයි, බුදුකෙනෙකුට නම් ඕනෙම කෙනෙකුගේ ඕනෙම පොතක් කියවත හැකියි!!! හිත දියුණු කරපු උදවියටත් සැහෙන දුරකට පුළුවන් වෙයි... ඒත්, ඒවා මෙතනට අදාළ නෑ!!) ඉතින්, දැන් ඔය හිතේ තියන ඒවා තමුන් කියව කියවා හිටිය කියමු... "මගේ නම අමල්. මම ඉන්නේ කොළඹ. මගේ අම්ම කමලා. මගේ තාත්ත විමල්. මම ඉස්කෝලේ ගියේ නෑ. මම බණ අහන්න ආසත් නෑ. මගේ විනෝදාංශය බණ කියන එවුන්ට බණින එකයි. මම ආසම කෑම ගම කෑමයි." කිය කිය. ඕක ඔහොම කියවද්දී, හතර වටේටම ඇහෙනවා!! සද්දෙන් කිව්වොත්, හතර දිග්බාගෙටම ඇහෙනවා!!! දැන්, ඔහොම කියව කියව ඉන්න අතරේ තමුන් මැරෙනවා!!! තමුන් හබක්... ඉවරෙටම ඉවරයි!!! ෆිනිතෝ!!! ආයේ නෑ!!! ඒත්, මෙන්න බොලේ කාලෙකට පස්සේ අල්ලපු ගමේ ඔය කියපුව 'අහගෙන හිටපු එකෙක්' ඉපදිලා, ඔය මැරිච්ච එකා කියවපු ටිකම කියවන්න ගන්නවා!!! ඌ වෙන එකෙක්... අලුතෙන්ම හැදිච්ච එකෙක්!!! ඒත් කියවන්නේ පරණ කතාවක්!!! අනික, 'වෙන එකෙක්ගේ' එකක්!!! !!! !!! "මගේ නම අමල්. මම ඉන්නේ කොළඹ. මගේ අම්ම කමලා. මගේ තාත්ත විමල්. මම ඉස්කෝලේ ගියේ නෑ. මම බණ අහන්න ආසත් නෑ. මගේ විනෝදාංශය බණ කියන එවුන්ට බණින එකයි. මම ආසම කෑම ගම කෑමයි." කිය කිය. මොකද වෙන්නේ??? ඌ කියන ඒවා අහන එවුන් සේරම රැවටෙනවා, 'මෙන්න බොලේ අර අල්ලපු ගමේ හිටිය අමල් මැරිලා මෙහෙ ඉපදිලා...' කියල!!! අර අලුතෙන් හැදිච්ච එකාට මොකද වෙන්නේ??? ඌ දන්නෙත් නෑ නේ, මොකද්ද මේ වෙච්ච 'හරුපේ' කියල... ඌත් රැවටෙනවා, 'අඩේ, එහෙමනම් 'මම තමයි' කලින් අර අහවල් ගමේ ඉපදිලා ඉන්න ඇත්තේ... ඒ කාලේ 'මගේ අම්ම' තමයි කමලා කියන්නේ... ඒ කාලේ 'මගේ තාත්තා' තමයි විමල් කියන්නේ...' එහෙම කියල!!!
මොකද්ද එතකොට මේ වෙලා තියෙන්නේ??? මෝඩ සත්වයෙක්, ඌට මතක තියන දේවල් බදාගෙන, ඒවා ගැනම කල්පණා කර කර, ආසාවල් පොදි බැඳගෙන, බලාපොරොත්තු ගොඩ ගහගෙන, පින් කර කර පෙරුම් පුරාගෙන, තව ඕනේ... තව ඕනේ... කිය කියා හිටියා !!! මේ ඇඟවල් අස්සේ සිද්ධවෙන කතන්දරේ ස්වභාවය නිසා, ඒ මෝඩයට මතක තිබිච්ච සේරමයි, ඌ හිත හිත හිටපු කුණුගොඩවල් සේරමයි, තවත් ස්වරූපයකින් විශ්වය පුරා පැතිරුණා!!! එහෙම පැතිරුණු එකෙන්, තවත් තැනක අලුත් සත්වයෙකුගේ උපතක් සිදුවුනා!!! ඒ හැදෙන ඇඟේ 'මතක හිටින ගතිය' නිසා, පරණ එකාට තිබිච්ච මතකයි, ඌ හිත හිතා හිටිය කුණුගොඩවල් සේරමයි 'කුට්ටිය පිටින්ම' අලුත් එකාට මතක හිටියා!!! කලින් ඒකා මලා!!! ඌ ඉවරයි!!! උගේ මතකයට රැවටිච්ච අලුත් එකා, 'මං පරණ එකාම වෙන්න ඇති!!' කියලා, එහෙම්පිටින්ම ගොනාට ඇඳගත්තා!!! !!! !!! ** උගේ මතකයට කිව්වම, 'මැරිච්ච පරණ එකාගේ මතකය' කියල හිතුවත්, 'අලුත් එකාට ලැබිල තිබුණු (copy වෙලා තිබුණු) මතකය' කියල හිතුවත්, අවුලක් නෑ!!! මේක මේ නොදන්න කමට වෙච්ච 'රැවටිල්ලක්' 'මුලා වීමක්' විතරයි!!!
බැලුවාම මෙච්චර කාලයක් තිස්සේ මුළු සත්ව සංහතියටම වෙලා තියෙන්නේ ඔන්න ඔය කෙහෙල්මල තමයි!!! සත්වයා සංසාරේ ගිහිල්ල නෑ!!! !!! !!! උන්ට සංසාරේ යන්නත් බෑ!!! !!! !!! බුදුහාමුදුරුවෝ කිව්වේ, එක ජීවිතයකින් තව ජීවිතයකට 'මොකුත්ම යන්නේ නෑ!!' කියලා නේ!!! බැලුවම වෙලා තියෙන්නේ, සත්වයා සංසාරේ ගිහින් නෑ!!! ඒකා ඇඳගෙන හිටපු ජංගිය නැත්නම්, ජොකා සංසාරේ ගිහිල්ලා වගේ වැඩක්!!! කල්ප කල්ප බර ගාණක් තිස්සේ හැදිච්ච හැදිච්ච සත්වයෝ රීපුව / හුජ්ජ කරපුව සේරම ගෑවිච්ච පරණ ජංගියක් / ජොකෙක් ඇඳගෙන අලුතෙන් සත්වයෙක් හැදිලා!!! කාලයක් ගිහින් ඌත් මැරෙනවා!!! ඊළඟට ඌත් රීපු / හුජ්ජ කරපු ඒවා ගෑවිච්ච ජංගිය / ජොකා ඇඳගෙන තා අලුත් එකෙක් හැදෙනවා!!! ඔන්න ඔහොම 'කතන්දරේ' දිගින් දිගටම යනවා!!! !!! හැබැයි ඉතින් 'ධර්මය' අවබෝධ කරනකම් මොකෙක්වත් දන්නේ නෑ, තමුන් ඇඳන් ඉන්නේ අනුන්ගේ ගූ / හුජ්ජ ගෑවිච්ච හද්ද පරණ ජංගියක් / ජොකෙක් කියලා... 'මගේ ජංගිය' / 'මගේ ජොකා' කියල බොහොම ආදරෙන් වැළඳගෙන, බදාගෙන ඉන්නවා!!! !!! !!! උඹලට තේරුණාද??? මේක මීට වඩා ලස්සනට කියලා වැඩක් නෑ!!! මේ සංසාර කතාව මහා ගූ ගොඩක් මයි!!! !!! !!!
මේ සංසාර ගමන අනන්ත සංඛ්‍යාවක් සත්වයෝ දායක වෙලා දුවපු relay එකක් වගෙයි!!! අර එකෙක් 'පොල්ල' ගෙනත් දුන්නම, ඒක අරන් ඊළඟ ඒකා දුවන්නේ... අන්න එයින් එකක්!!! සත්වයෝ මොකෙක් වත් සංසාරේ ඇවිත් නෑ!!! ඒ හැම එකාම මැරිලා!!! ඉස්සරහට ඉස්සරහට ඇවිල්ල තියෙන්නේ පොල්ල විතරයි!!! දැන් තමුන් මේ ජීවිතයේ මනුස්සයෙක් හැටියට ඉපදුනේ, කලින් හිටිය මොකෙක් හරි සංසාර කතන්දරේ නොදැන හිටිය එකෙක්ගේ පංච උපාදානස්කන්ධය, සරලවම කිව්වොත් 'මතකය' නිසයි!!! නැත්නම් අම්මයි තාත්තයි හම යනකම් එකතු උනත් උඹව ඉපදෙන්නේ නෑ!!! මතක නේ? බුදුහාමුදුරුවෝ ඇහුව, විඥාණයක් බැස ගත්තේ නැත්නම් කලලයක් සකස්වෙයිද? කියල. ඊළඟට ඔය උඹව හදන්න දායක වෙච්ච එකා හැදුනේ, ඊට කලින් එකෙක්ගේ මතකයක් නිසයි!!! හරි නේ?? හැබැයි, මුලින්ම සංසාරෙට බැස්ස එකා, 'අ' යනු 'ල' යනු 'අල' විතරක් දැනගෙන මලා කියමු... ඊළඟ එකා ඉපදෙනකොටම, ඌ 'අල' දන්නවා!!! ඌ 'බතල' 'ඉන්නල' දෙක අලුතෙන් දැනගෙන මලා කියමු... ඊළඟ එකා ඉපදෙනකොට 'අල' 'බතල' 'ඉන්නල' තුනම දන්නවා!!! ඒකා 'මඤ්ඤොක්ක' 'පිපිඤ්ඤා' 'කන්කුන්' ටික අලුතෙන් දැනගෙන මලා නම්, ඊළඟ එකා ඉපදෙනකොට 6ක් ම දන්නවා!!! ඔන්න ඔය විදියට මේ මතකය නිරන්තරයෙන් update වෙවී තමයි ඉස්සරහට ඉස්සරහට ඇවිල්ල තියෙන්නෙත්!!! පැහැදිලියි නේ??? ඔන්න ඔය විදියට දැන් තම තමන්ව හදන්න හෙතුවෙච්ච මතකයේ, රජ වරු / සිටුවරු / දෙවි වරු / මහන වෙලා හිටිය එවුන් කරපු / කියපු දේවල් මහා හුඟාක් ඇති!!! හරක් / ඌරෝ / කුකුල්ලු / බල්ලෝ / පූසොනේගේ ඒවා ඇති!!! පෙරේතයෝ / නිරිසත්තුගේ ඒවා ඇති!!! හැබැයි ඒ එකක්වත් උඹගේ ඒවා නෙවෙයි!!! !!! !!! උඹ ඒ කුනුගොඩට වගකියන්න ඕනේ නෑ!!! ඒවා උඹම කරපු / කියපු දේවල් කියල උඹ රැවටුනොත්, අන්න උඹ අමාරුවේ වැටෙනවා!!! උඹට තියෙන්නේ, උඹට මතක තියෙන කාලයේ ඉඳන් වෙච්ච ඒවා ටික විතරයි!!! පැහැදිලියි නේ???