'මම' ඉන්නේ කොහෙද?

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මට ඔබතුමාගෙන් SERIOUS ප්‍රශ්ණ දෙකක් අහන්න තියනවා ?

    1. පිටිදුවේ සිරිධම්ම හිමි අනාගාමී යයි කියන්නේ ඇත්තද ?

    2. ඔබතුමා රහත් වූ පසු ඔබතුමාට ප්‍රාතිහාර්ය පෑමේ බලයක් ලැබුනාද ?

    yaluwa, pitiduwe unnahata mokak unaama apita moko?? ewa hoyanna epa!! eyata mokadda wela thiyenne kiyalath oyalatama danaganna mama okkoma kiyala dennam... anika rahath unaa kiyala prathihaarya paanna labenawaamayi kiyala ekak kohethma naa!!! thrividyawa pahalwenawa kiyana eka nam wenawa. sansaara kathaa okkoma iwarayi neda kiyana eka nam thithatama therenawa!!! mata prathiharya nam baa... habayi atha diga arala watetama nelaagena nelaagena yanna nam hakiyawa labuna ;) ohoma yanko...
     

    amilanuwanamara

    Well-known member
  • Dec 6, 2007
    1,009
    101
    63
    623501-20100523094240.jpg
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    << Previous

    මේ ඔලුව විකාර වෙච්ච, මොලේ කොලොප්පන් වෙච්ච, පිස්සෝ රැලක් 'සියල්ල දත් දෙවියෙක්' කියල සංකල්පයක් හදාගෙන, ඒ කියන්නේ, නැති කෙහෙල්මලක් උපකල්පණය කරගෙන, නැහෙන්න යනවා!!! ඒත්, ඒ 'දෙවියව මවාපු පිස්සෝ' දන්නේ නෑ, බුදුරජාණන්වහන්සේ 'බෝධි සත්වයෙක්' හැටියට බුද්ධත්වය උදෙසා පෙරුම්පුරන්න පටන් ගත්තේ මේ ලෝකේ හැදිච්චි කාලෙටත් වඩා බොහෝම දුර ඈත කාලෙක ඉඳන් බව!!!

    මේ ඉන්න සියලුම 'මහා' කට්ටිය, ඒ කියන්නේ, මහා විද්‍යාඥයෝ, මහා දාර්ශනිකයෝ, මහා උගත්තු සේරම, මේ ලෝකේ ගැන දන්නේ / කතා කරන්නේ, (ඔය සැහෙන 'ලොකු තොරණක්' බලලා ගොතා ගත්ත big bang කතන්දරේ එහෙම) මේ මහා භද්‍ර කල්පයේ ලෝකය සකස් වෙච්ච තැන ඉඳලයි!!! ඔය 'පරිණාම වාදය' කියන මහා බොරුව (ලොකුම තොරන් case එක!) ගොතාගෙන එන්නෙත් මේ මහා භද්‍ර කල්පයේ ලෝකය හැදෙන්න පටන් ගත්ත තැන ඉඳල, 'මෙහෙම වෙන්න ඇති... අරහෙම වෙන්න ඇති...' කියල උපකල්පණය කරලයි!!! හැබැයි, බුදුහාමුදුරුවෝ දිවැසින් දැකල තියෙනව, මේ පෘථුවිය සහිත සක්වලම එහෙමපිටින් විනාස වෙලා යනවා.... ආයේ අලුතෙන්ම හැදෙනවා... ආයේ විනාස වෙනවා... ආයේ හැදෙනවා... ඒක ඉවරයක් නැති චක්‍රයක්!! repetitive process එකක්!! කියන බව!!! පෘථුවිය එහෙම විනාස වෙන්න ලං වෙනකොට සත්වයෝ සේරමල 'ආභස්සර' නැත්නම්, 'පොඩි පොඩි ආලෝක' වගේ සත්වයින් බවට අනුවර්තනය වෙනවා... (නිකම්, කනා මැදිරි එලි වගේ!! ඒත් සත්වයෙක් පේන්න නෑ... ආලෝකය විතරයි!!! මොකද ගල් / පස් පවා, වාෂ්ප වෙලා යන තරමේ විශාල ගිනි ගහන රස්නයක් ලෝක විනාසයේදී ඇති වෙනවලු!!! ඉතින් සත්වයොත් ඒ රස්නෙන් හානි නොවෙන ස්වභාවයකට පරිවර්තනය වෙනවලු!!!) ආයේ ලෝකය නිර්මාණය උනාට පස්සේ, උන් ආයේ හිටපු හිටපු ස්වාභාවයන්ටම පත් වෙනවා... කියල බුදුහාමුදුරුවෝ අත්දැකීමෙන්ම දන්නවා!!! ඒ කියන්නේ, ලෝකේ විනාස උනත් සත්වයා විනාස වෙලා ඉවරයක් වෙන්නේ නෑ!!! අනික් එක, කාලෙන් කාලෙට ලෝකයේ සත්ව වර්ග වඳවෙලා යනවා... අලුත් වර්ග හැදෙනවා... හැබැයි මනුස්සය, මනුස්සයා හැටියටම පැවතගෙන ඇවිත් මිසක්, එවුන් වානරයන්ගෙන් නැත්නම් මාළුන්ගෙන් පරිණාමය වෙලා නෑ!!! තේරුණයි???

    ඊළඟට, බුදුහාමුදුරුවෝ පෙරුම්පුරාගෙන ආව කාලේ අවුරුදු 7ක් එක දිගට මයිත්‍රී භාවනාව වඩලා, ඒකෙ ආනිසංස හැටියට 'සංවට්ට විවට්ට කල්ප 7ක්', ඒ කියන්නේ, වරක් ලෝකය හැදුනට පස්සේ විනාසවෙලා යන්න ගතවෙන කාලය (කල්පයක්) + ඒ විනාස වෙච්ච ලෝකය ආපහු හැදෙන්න ගතවන කාලය (කල්පයක්) + ආයේ විනාසවෙන්න ගතවෙන... + ආයේ හැදෙන්න... + විනාසවෙන්න... ඔය වගේ කල්ප 7ක්, දිව්‍ය ලෝක වලින් බ්‍රහ්ම ලෝක වලට... ආයේ බ්‍රහ්ම ලෝක වලින් දිව්‍ය ලෝක වලට... මාරු වෙවී ඉඳල තියනව!!! පහල වෙනවා... චුත වෙනවා... පහල වෙනවා... චුත වෙනවා... (හැබැයි, ඒ මාරු වෙවී... පහලවෙවී/චුතවෙවී... කියන්නෙත් ඉපදි ඉපදී, මැරි මැරී කියන එකම තමයි!!!)

    බුදුරජාණන්වහන්සේට ඔය විදියට, හිතාගන්නවත් බැරි තරම් දීර්ඝ කාලයක් තිස්සේ ඉපදිච්ච ඉපදිච්ච ජීවිත වලදි ලබපු අත්දැකීම්, 'අහල / දැකල / විඳලා දැනගත්තු දේවල්' මහා ගොඩාක් මතක් කරගන්න හැකියාව තිබුණා!!! ඒ වගේම දීර්ඝ කාලයක් තිස්සේ සසර ගමනේ යෙදෙමින් සම්පූර්ණ කල පාරමිතා බලයෙන් දසබල ඥාණ, විශාරද ඥාණ, අභිඥ්ඥා උපදවා ගන්නත් පුළුවන් උනා!!! අන්න එහෙම මහ විසාල පසුබිමක් ඇතුවයි බුදුරජාණන්වහන්සේ සියලු දෙවි මිනිසුන් හට ධර්මය කියා දුන්නේ!!! "අභිඥ්ඥාහන් භික්ඛවේ ධම්මං දෙසිස්සාමි, නෝ අනභිඥ්ඥාය" (විශිෂ්ඨ ඥාණයකින් යුතුවයි මම ධර්මය කියන්නේ, විශිෂ්ඨ ඥාණයක් නැතුව නොවේ) "සනිදානං භික්ඛවේ ධම්මං දෙසිස්සාමි, නෝ අනිදානං" (මම ධර්මය කියන්නේ කරුණු සහිතවයි, කරුණු රහිතව නොවේ) "සප්පාටිහාරියන් භික්ඛවේ ධම්මං දෙසිස්සාමි, නෝ අප්පාටිහාරියන්" (ප්‍රාතිහාර්ය සහිතවයි මම ධර්මය කියන්නේ, ප්‍රාතිහාර්ය නැතුව නොවේ) කියල උන්වහන්සේ ඒ බව පැහැදිලිවම කියල තියෙනවා!!!

    එහෙව් එකේ, අලුතෙන්ම හැදුන කෙනෙක්, නැත්නම් එක් වරම පහල වෙච්ච කෙනෙක්, සේරම දන්නවා කියල කිව්වොත් ඒක මහා 'ගොං කතාවක්ම' විතරයි!!! ඇයි ඒ?? චුට්ටක් හිතන්න බලන්න... එහෙම කොහොම දැනගන්නද?? මේ අපිට උනා වගේම නේ හැම සත්වයෙකුටම වෙන්නේ??? තමන්ම, අහල / දැකල / විඳලා / හඳුනගෙන එපාය සේරම දැනගන්න!!! ඉතින්, අලුතෙන්ම පටන් ගනිද්දී 'දන්න' කිසිම දෙයක් නෑ!!! එහෙනම්, '0' න් පටන් අරන්, 1 2 3 කියල, 'අ' යනු 'ආ' යනු කියල, නැත්නම් a b c d කියල, ඉගෙන ගෙන තමයි පටන් ගන්න ඕනේ!!! ඒ හන්ද සංසාර ගමනක් / නැවත නැවත ඉපදීමක් මොකුත් නැතුව, කවුරු හරි කෙනෙක් 'සියල්ල දැනගෙන එක වරම පහල උනා...' කිව්වොත්, ඒක හෙණ ගොබ්බ කතාවක්!!! අන්න ඒක නිසා ඔය 'මවපු දෙයිය' ගැන ආයේ කතාකරන්නවත් එපා!!! ඒක පිස්සෙක් කියපු එකක්!!!

    හැබැයි මේ සක්වලේ, ඇත්තටම ඔය 'මවපු කතාව' කියන කෙනෙකුත් ඉන්නවලු... එයාට කියන්නේ 'මහා බ්‍රහ්මයා' කියලයි!!! ඒ ඇවිල්ල මේ සක්වලේ ස්වභාවයෙන්ම ඇතිවෙලා තියන තනතුරක්!!! සක්‍ර දේවේන්ද්‍රයා, යම රජ්ජුරුවෝ, බුදුරජාණන්වහන්සේ, මාරය වගේම තනතුරක්!!! සංසාරේ සැරිසරන සත්වයෝ, කාලෙන් කාලෙට ඔය තනතුරුවලට පත්වෙනවා... ඒ අයගේ කාලය හමාර උනාම එයාල චුත වෙනවා... ඒ වෙනුවට තව අය පත්වෙනවා... ඒක ලෝක ධර්මතාවයක්!!! !!! !!! ඉතින්, ඔය මහා බ්‍රහ්මයා කියන තනතුරට පත්වෙන පුද්ගලයාගේ විශේෂය තමයි, එයාට මහා දීර්ඝ ආයුෂක් තියන එක!!! කොච්චර දීර්ඝ ආයුෂක්ද කියනවා නම්, එයා ජීවත් වෙන කාලේ වැඩි කමටම, එයාට 'මුල' අමතක වෙනවලු!!! එයා දකින්නේ, හැම කෙනෙක්ම ඉපදෙනවා... මැරෙනවා... ඉපදෙනවා... මැරෙනවා... ඒත් එයා එහෙම්මමයි!!! ඉතින් 'මෑන්ස්' හිතනවලු, 'මං තමයි සත්තුන්ව මැව්වේ!! මවන්නේ!!' කියල. මොකද, එයත් 'තොරන් දකින' කෙනෙක්!!! ගෞතම බුදුරජාණන්වහන්සේ ජීවමානව වැඩ සිටිය දවස්වල, ඔය දැන් ඉන්න මහා බ්‍රහ්ම උන්නැහැත් 'මමයි මැව්වේ!' කියල පිස්සුවක් කෙලින්න ලැස්ති උනාලු... බුදුහාමුදුරුවෝ ඒ බව දැනගත්ත ගමන් 'මෑන්ස්ව' හම්බවෙන්න ගිහින් කියල තියනවා, "පිස්සු කෙළින්නැතුව හිටහන්... මාත් ඔය තනතුරේ 7පාරක්ම ඉපදිලා උන්න!!" කියල!!! මොකද එහෙම මවපු කතාවක් මේ බූරු මිනිස්සුන්ට නිකමට හරි ඇහුනොත්, උං ඒක අල්ලගන්නවා හුටස් ගාල!!! එතකොට උන්ව ණිවන් දක්කන්න තවත් අමාරුවෙනවා!!! මාත් මේක කිව්වේ ඒකමයි!!! !!! !!! 'මවපු' කතාවක් ලෝකේ කොහේ හරි තියනවා නම් තියෙන්නේ ඔය බ්‍රහ්ම උන්නැහැ පිස්සු කෙලින එකෙන් තමයි!!! හැබැයි ඒ කතාවත් එහෙම්පිටින් බොරු!!! මොකද ගෞතම බුදුරජාණන්වහන්සේ මහා බ්‍රහ්මයා හැටියට ඉපදිලා ඉඳලම දන්නවා එහෙම මැවිල්ලක් කරන්න බැරි බව!!!

    හරි! දැන් මේ සේරම කිව්වේ, ඕනෙම කෙනෙකුට, මේ සත්වයින්ගේ නැත්නම් 'අපි'ලගේ ඉතිහාසය, ඉතිහාස පොතේ තියන ගානට නෙවෙයි... අනන්තයටම යනකම් බැලුවත්, මෙවුන් මැරි මැරී, ඉපදි ඉපදී, ඇවිත් තියන කොට්ඨාසයක් මිසක්, මොකෙක්වත් මවපු, එහෙම නැත්නම් අලුතෙන්ම හැදුන අය නෙවෙයි කියන එක හොඳටම පැහැදිලි වෙන්නයි!!! හැබැයි ඉතින් 'මේවා විශ්වාස කරන්නම ඕනේ!' කියල... 'මේවා විශ්වාස කරපිය! නැත්නම් මරනවා!!' කියල... එකක් නෑ!!! අකමැති අය විශ්වාස නොකර ඉන්න!!! !!! !!! මොකද කවුරුවත් විශ්වාස කරනවද නැද්ද කියන එක ගැන ස්වභාවධර්මය චුට්ටක් වත් care කරන්නේ නෑ!!! !!! !!! බුදුරජාණන්වහන්සේ නමක් ලෝකයාට කියන්නේ දර්ශණයක් / සංකල්පයක්, මොකක්වත් නෙවෙයි!!! බුදුරජාණන්වහන්සේ හෙළිදරව් කලේ ලෝක ධර්මතාවය ගැන!!! මේ nature එක!!! ස්වභාවධර්මය!!! ඒ මිසක් බුදුහාමුදුරුවොන්ගේ කෙහෙල්මලක් නෙවෙයි. උන්වහන්සේත් ඒකට අහුවෙලා, මැරි මැරී, ඉපදි ඉපදී, ගොඩාක් දුක් විඳ විඳ ඇවිල්ල තමයි අන්තිමේ ගැලවෙන්න ක්‍රමය හොයාගෙන උන්වහන්සේත් ගැලවිලා, අපටත් ගැලවෙන්න කියා දුන්නේ!!!
     
    Last edited:

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ආ... අනික, බුදුහාමුදුරුවොත් බෝධි සත්වයෙක් හැටියට පෙරුම්පුරාගෙන සංසාරේ ආවේ මේ සාමාන්‍ය සත්වයෙක් හැටියටමයි!!! එතකොට බෝසතානන් වහන්සේයි සාමාන්‍යයෙන් පින්වත් / ගුණවත් / සිල්වත් මනුස්සයෙකුයි බැලුවොත්, ඒ දෙන්නම එකයි!! එකම වෙනස, අර සාමාන්‍ය මනුස්සයා 'වටේ යන' කෙනෙක්!! ඒ කියන්නේ කිසිම අරමුණක් නැතුව, ඔහේ යන්නන්වාලේ යන ගමනක, සංසාරේ අනාගෙන කාලෙකට ඉහලට ඉහලට 'මනුස්ස / දිව්‍ය ජීවිත ලබන', වැඩි කාලයක් පහලට පහලට 'පෙරේත / තිරිසන් / නිරිසත් ජීවිත ලබන', අනාත ගමනක යෙදෙන කෙනෙක්!! ඒත් බුදුවෙන්න පෙරුම්පුරන සත්වයා, අඟලෙන් අඟල හරි උඩ අතටම විතරක් ගමන් කරන කෙනෙක්!!! බුද්ධත්වයට පත්වෙන්න අවශ්‍ය ප්‍රමාණයට පින් බලය, කුසල ශක්තිය, එක්රැස් වෙනකන් මොනම හේතුවක් නිසා වත් ආපහු හැරෙන්නේ නැතුව, එකම ඉලක්කයකට ගමන් කරන කෙනෙක්!!! (හැබැයි බෝධි සත්වයෙක් ඒ යන ගමනේදී 'මං මේ බුදුවෙන්න යනවා...' කියල අඬබෙර ගහගෙන යන කතාවක් ගැන නම් බුද්ධ දේශනා වලින් අහන්න / කියවන්න ලැබුණේ නෑ!!! ඔය දැන් 'හිටිවන' බුදුවෙන්නේ, 'පහලවෙන්නේ' පෙත්ත ගන්න අමතක වෙච්ච, බෙහෙත් වැරදිච්ච, බෙහෙත් මාරුවෙච්ච අය විතරයි!!!)

    බුදුකෙනෙක්ගේ සුවිශේෂත්වය ඇතිවන්නේ උන්වහන්සේ මාර බලවේග පරාජය කොට බුද්ධත්වයට පත්වන රාත්‍රියේ සිටයි!!! එතන ඉඳලා පිරිණිවන් පානා මොහොත දක්වා උන්වහන්සේ යමක් කිව්වොත්, අන්න ඒක නම් ඉතින් එච්චරම තමයි!!! !!! !!! ඒ කියපු විදියටම මිසක්, වෙන විදියකට කිසිවක් සිද්ධවෙන්නේ නෑ!!! බුදුරජාණන්වහන්සේට 'තථාගත' කියල කියන්නෙත් අන්න ඒකයි!!! තමන් වහන්සේ බෝධි සත්වයෙක් හැටියට පෙරුම් පුරාගෙන සංසාරේ ආව කාලේ, "මං මෙහෙම මෙහෙම ඉපදිලා උන්නා..." "මම මේ මේ ජීවිත ගතකලා..." "මම මේ මේ දේවල් කිව්වා... කළා..." කියල හිතන් හිටියට, 'විවේකයෙන් ඉන්න වෙලාවල පොඩි එවුන්ට කතන්දර කියල දෙනවා' වගේ 'ජාතක කතා' හැටියට ඒ අතීත සිදුවීම් ගැන ශ්‍රාවක සංඝයා වහන්සේලාට කිව්වට, 'මං' සංසාරේ ඇවිල්ල නැහැ නේද??? ??? ??? ඇවිල්ල තියෙන්නේ 'මේ මතකයක්' විතරයි නේද??? ??? ??? කියල උන්වහන්සේ දැනගත්තේ බුද්ධත්වයට පත්වෙද්දී මයි!!! ඒක දැනගන්නවත් එක්කම උන්වහන්සේගේ අවිද්‍යාව කුඩේ කුඩු වෙලා ගියා... සිතේ සංස්ඛාර ඇතිවන ස්වභාවය නැත්තටම නැතුව ගියා... තණ්හාව ක්ෂය වෙලා ගියා... හැබැයි උන්වහන්සේට සුදුසුකම් සම්පූර්ණ කරගත්ත, spirit එක වගේ 'පොරවල්'ට මිසක්, 'මෝඩ පහේ' උදවියට මේ 'සංසාර ගමන' කියල වෙච්ච 'කෙහෙල්මල' මොකද්ද??? ඒ ඇත්තම ඇත්ත කතාව මොකද්ද??? කියල තෝරලා දෙන්න විදියක් තිබුනේ නෑ!!! !!! !!!

    හැබැයි, වනගතව භාවනානුයෝගීව කල් ගතකල, ධ්‍යාන වැඩු, තම තමන්ගේ පෙර ජීවිත ගැන සිහිකරන්න හැකියාව තිබු, 30 නමක් සංඝයා වහන්සේලාට උන්වහන්සේ ඔය 'කතාව' 'ටක්කෙටම' කිව්වා!!! බුදුහාමුදුරුවෝ කලේ, ඒ අයට ඒ අයගේ පෙර ජීවිත සිහිකරන්න කියල, හරක් හැටියට ඉපදිලා බෙලිකැපුම් පාර කාල මැරිච්ච වෙලාවල ගලපු ලේ ප්‍රමාණය කොච්චරක්ද බලන්න... ඌරෝ, එළුවෝ, කුකුල්ලු හැටියට ඉපදිලා මැරුම්කාපු වෙලාවල ගලපු ලේ කොච්චරක්ද කියල බලන්න... මිනිසුන් හැටියටම ඉපදිලා අම්ම මැරිච්ච වෙලාවල, තාත්ත මැරිච්ච වෙලාවල, හඬපු කඳුළු ප්‍රමාණය කොච්චරක්ද බලන්න... කිය කිය අතීතය සිහිගන්වලා, ඔය තරම් දුක් කන්දරාවක් විඳින්න හේතුව මොකද්ද කියල දන්නවද??? අහල, "ඔබට ඔය තරම් මහා දුක් කන්දරාවක් විඳින්නට උනේ, පංච උපාදානස්කන්ධය 'මගේ' යයි ගත් නිසයි!!!" කියලා, මේ 'හේතුව' කියල දීපු එක විතරයි!!! ඒ හාමුදුරුවරු 30 නමම එතනම අරහත්වයට පත් උනා!!! !!! !!! දැන් උඹලටත් වෙන්න යන්නේ ඒකම තමයි!!! හැබැයි දැන් ඉන්නේ 'ධ්‍යාන වඩපු' වෙනුවට, මොලේ උඩ වාඩිවෙච්ච / මොලේ 'තියල වාඩිවෙන්න' පාවිච්චි කරන, එවුන් නිසා, අහන පරක්කුවෙන් කී දෙනෙක් රහත්වෙයිද කියන එක sure නෑ!! ඒත් අනිවාර්යයෙන් සැහෙන පිරිසක් ඉඳියි!!! කොහොමත්, වෙන්න ඕනේ දේ නම් අනිවාර්යයෙන් වෙයි...

    එහෙමනම් අපි මේ සංසාර කතාව ඉවරයක් කරලා දාමු!!! මෙයින් මතුවට 'ගෞතම බුද්ධ රාජ්‍යය' පවතින තාක් කල් උපදින උපදින මනුස්සයෝ 'ණිවන් යනවා...' මිසක් ආයේ 'සංසාරේ යනවා...' කියල එකක් වෙන්න බෑ!!! කීයට වත් වෙන්න බෑ!!! !!! !!!

    මේ මාතෘකාව බුදුරජාණන්වහන්සේ ගේ!!! !!! !!! පරක් තෙරක් / කොනක් පොටක් හොයාගන්න බැරි මේ ජීවිත කතාව නිරවුල්ව අවබෝධ කරගෙන ජීවිතේ දිනන්න, අපි ඕනෙම කෙනෙකුට තියන එකම පිළිසරණය (එකම anchor එක) උන්වහන්සේ විතරයි!!! !!! !!! උන්වහන්සේ සියලු ලෝක අවබෝධ කළා!!! !!! !!! ඉතින්, ජීවිතය අවබෝධ කරගැනීම කියල අපිට කරන්න තියෙන්නේ, උන්වහන්සේ කියල දීපු දේ ඒ විදියටම තේරුම් ගැනීම විතරයි!!! !!! !!! මෙතනට වෙන කිසිම කෙනෙකුගේ අදහස් / මත / අලුත් අර්ථ දැක්වීම් කිසිම දෙයකින් කිසිම වැඩක් නෑ!!! !!! !!! බුදුහාමුදුරුවෝ සේරම කියල දීලයි තියෙන්නේ!!! !!! !!!

    ඇත්තටම නම් මම කලින් කරපු technical expression එකෙන් මේ කතන්දරය එහෙම්පිටින්ම ලෝකෙට එලිකලා!!! හැබැයි, 'වියයුතු දේ' අනිවාර්යයෙන් සිදුවෙන විදියට, ඒ වගේම හැම කෙනෙකුටම තේරෙණ විදියට, විශ්වාසයෙන් / උවමනාවෙන් බලන ඕනෙම කෙනෙක් මේ ජීවිතයෙන්ම සංසාර දුකින් නිදහස්වෙන විදියට, අවශ්‍ය කරුණු කියල දෙන්න එතකොට මට තේරුණේ නෑ!!! පස්සේ කල්පණා කරගෙන කරගෙන යනකොට, පාරක් නම් 'පේන්න' ගත්ත... කියල වැඩක් නෑ!!! එලම එල!!! ඒත් ඒකෙදිත් අහුවෙන වැදගත්ම point එක technical උදවියට technically ම කියනවා මිසක්, සාමාන්‍ය උදවියට තෝරලා දෙන්න විදියක් මට 'පෙනුනේ' නෑ!!! වැඩේ හරියටම හරි කියල හොඳටම තේරිච්ච නිසා, කොහොම හරි කියන්න විදියක් දහ අතේ කල්පණා කර කර ඉන්දැද්දී, මේ කතාවට 'තිතටම හරියන' උදාහරණය මේකයි කියල hint එකක් දීලා, මේ වැඩේ අනිවාර්යයෙන්ම කෙරෙන තැනට සේරම වැඩ සැලැස්සුවේ නොපෙනෙන ලෝකයේ කල්‍යාණ මිත්‍රයින් පිරිස තමයි!!! ඇත්තටම සංසාරේ සුන්නද්දුලි වෙලා ගියේ එදයි!!! !!! !!! දැන් සැහෙන දවසක් වෙනවා...

    විසාලා මහනුවරට බුදුරජාණන්වහන්සේ වැඩම කරද්දී ධාරානිපාත වැහි වැහැලා, මල කුණු / මල ජරාව සේරම සේදිලා ගියා වගේ, අපේ හාමුදුරුවෝ පරම පිවිතුරු බුද්ධ වචනය නැවත ලෝකයාට හෙළි කරද්දී, ධර්මය නමින් තියන සත්වයා සංසාර දුකටම ඇදලා දමන 'කුණුහරුප වැඩ පිළිවෙල' ලෝකෙන් අතුගාලම දාන්න තිබුණු දරුණු උවමනාවටයි, ජාති / ආගම් වගේ barrier ඔක්කොම කඩාගෙන ගිහින් බේරන්න පුළුවන් හැම එකාම මෙතැනින්ම බේරලා දාන්න බොක්කෙන්ම ආව උවමනාවටයි, කතාව පිළිවෙලට plan කරගෙන, යුතුකම් / වගකීම් හැටියට කරන්න වෙන දේවලුත් කරගෙන, මේක ලියාගෙන එන්න සෑහෙන කාලයක් ගතඋනා මිසක්, කතා බහ කරන්න ලැබුණු සැහෙන දෙනෙකුට දැනටමත් මේවා කියල දීල ඉවරයි!!! මුලින්ම මේ සේරම කියල දුන්නෙත් ලොකුම ලොකු එක්කෙනාට, මාර තුමාට තමයි!!! හිතාගන්න වත් බැරි වෙයි... හිතන්න යන්නත් එපා!!! මටත් වෙලාවකට මං ගැන හිතා ගන්න අමාරුයි... ගණන්ගන්න එපා!!! මම හිතන්නේ 'මේ ගෞතම බුදුරජාණන්වහන්සේ ගේම අධිෂ්ඨානයක් වෙන්න ඇති...' කියල විතරයි!!! ඉතින්, මේ 'අද කාලේ රහත්වෙන්න බෑ!!' 'ණිවන් දකින්න බෑ!!' 'ධර්මය අවබෝධ කරන්න අමාරුයි!!' 'කාටවත් මාර්ගඵල දෙන්න බෑ!!' කියන කතන්දර සේරම අමූලික බොරු!!! !!! !!! අල්ලලා දාන්න... දැන් ඔයාල ලෑස්ති වෙන්න, රහත්වෙන්න!!! මම සේරමලා / ඔක්කොමලා සෝතාපන්න කියන barrier එකෙන් එහාට පන්නලා, පුළුවන් එවුන් සේරම අනාගාමී කරලයි නතර කරන්නේ!!! !!! !!! මම කියපු වචන මොකවත් කට කහනවට කියලා නෑ!!! දැන් control එක මගේ අතේ... මම භාග්‍යවත් ගෞතම බුදුරජාණන්වහන්සේගේ... ඒ කියන්නේ, දැන් ආයේ සෑහෙන කාලෙකට, මුළු විශ්වයම භාග්‍යවත් ගෞතම බුදුරජාණන්වහන්සේගෙ මයි!!! !!! !!!
     
    Last edited:
    • Like
    Reactions: maheshsenadheera

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඉතින් මෙන්න මෙහෙමයි වැඩේ... අපි ඉපදුනේ නැත්නම් මේ මොන පුකක්වත් නෑ නේ??? ලෙඩ වෙන්නේ / වයසට යන්නේ / මැරෙන්නේ / දිරවන්නේ නැති එවුන් එක්ක set වෙන්න වෙන්නේ / fit එවුන්ගෙන් වෙන් වෙන්න වෙන්නේ / 'මට ඔය දේවල් වෙන්න එපෝ!' කිව්වට හරියන්නේ නැති නිසා, දුක්වෙන්න වෙන්නේ විතරක් නෙවෙයි... ඉගෙන ගන්න චාටර් වෙන්න වෙන්නේ / රස්සා හොයන්න, රස්සා කරන්න චාටර් වෙන්න වෙන්නේ / බණ අහන්න, සංසාරයක් ගැන හොයන්න, දෙයියෙක් ගැන හොයන්න වෙන්නේ / ළමයින්ගේ, නෑයින්ගේ වැඩ වලට චාටර් වෙන්න වෙන්නේ / ලයිට් බිල්, වතුර බිල් ගෙවන්න වෙන්නේ මොකුත් නෑ නේ... ඉපදුනේ නැත්නම්??? ඉපදෙන එකමයි මේ සේරටම හේතුව!!! case එක!!! එතකොට, කොහොමද ඉපදෙන්නේ???

    බුදුහාමුදුරුවෝ තමයි ඔය subject එක master කරපු කෙනා!!! !!! !!! අපිට තියෙන්නේ උන්වහන්සේගෙන් අහගන්න විතරයි!!! උන්වහන්සේ, එක දේශණාවක දී, ඔය 'උපත' නැත්නම් ඉපදීම කියන එක තෝරලා දුන්නා මෙන්න මේ විදියට!!! "ජාති... සන්ජාති... අභිනිබ්බන්ති... ඔක්කන්ති... ඛන්දානං පාතුභාවෝ... ආයතනානං පටිලාභෝ... මෙන්න මේක තමයි උපත!!" කියල!!! බුදුහාමුදුරුවෝ ඉපදිලා ඉපදිලාම දන්නවා මේ ලෝකේ හතර විදියකට ඔය 'උපත' 'උපදිනවා' කියන එක සිද්ධ වෙන බව!!! ඒ තමයි 1- අණ්ඩජ (බිත්තරයක් අස්සේ උපදිනවා) 2- ජලාබුජ (මව් කුසක උපදිනවා) 3- සංසේදජ (තෙත් පරිසරයක උපදිනවා. ** ඔය සමහර මාලු එහෙම ඉන්නේ, ගෑනු සතා බිත්තර දාගෙන දාගෙන යනවා... පිරිමි සතා ඒවා උඩින් හලාගෙන හලාගෙන යනවා... අන්න ඒ ජාතියේ case තමයි ඔය 'සංසේදජ' උපත් කියන්නේ) 4- ඕපපාතික (හිටිවනම පහළවෙනවා. ** මේ තමයි නිරි සතුන්, පෙරේතයින්, දෙවියන්, බ්‍රහ්මයින් උපදින ක්‍රමය. පරිසරයේ ඉතාම සියුම් තත්වයෙන් තියන (වාෂ්ප තත්වයෙන් තියන) රසායනික කොටස් එකතුවෙලා, හිටිවනම සියුම් ශරීරයක් නිර්මාණය වෙනවා කියල හිතන්න... ඒ හොඳටෝම ඇති!! එතන ඉඳල සත්වයා!!) ඉතින්, බුදුරජාණන්වහන්සේ උපත තෝරලා දීපු දේශණාවෙන්, 'ජාති / සන්ජාති / අභිනිබ්බන්ති / ඔක්කන්ති' හැටියට කියල තියෙන්නේ ඔය උපත් ජාති / වර්ග 4 ගැනයි!!!

    ඊළඟට උන්වහන්සේ කියල තියෙන්නේ ඔය උපත් ජාති 4න් කොයි එකකින් උපතක් සිදුවුනත්, ඒ උපතේදී වෙන්නේ මොකද්ද?? කියන දේ ගැනයි!!! ඉතින් එතකොට, ඔය දේශණාවට අනුව, 'උපත කියල සිද්ධවෙන්නේ පංච උපාදානස්කන්ධයක් බැස ගැනීම, සහ ආයතන 6ක් ලැබීම විතරයි නේද??' කියන බව හැමෝටම පේනවා නේ?? නේද??? වෙන කතන්දර මොකුත්ම එපා!!! අපිට ඕනේ බුදුහාමුදුරුවෝ කියපු ටික විතරමයි!!! දැන්, ඔය ආයතන 6ක් කියන්නේ, ඇස / කණ / නාසය / දිව / කය / මනස කියන set එකට!! ඒ කියන්නේ තව සතරමහා ධාතුන්ගෙන් හැදෙන ඇඟක්!!! ඒ හන්දා, මේ ඕනෙම උපතකදී වෙන්නේ, 'අලුතෙන්' ඇඟක් හම්බවෙන එක, නැත්නම් 'අලුතෙන්ම' කයක් හැදෙන එකයි, ඒ ඇඟට / කයට පංච උපාදානස්කන්ධයක් බැසගනීමයි විතරයි!!! හරි නේ?? කරුණු දෙකයි... ඇඟක් අලුතෙන් හැදෙනවා!!! පංච උපාදානස්කන්ධයක් බැහැගන්නවා!!!

    දැන් අපි ගමු, බුදුහාමුදුරුවෝ මේ අපේ මනුස්ස ජීවිත වල හටගැනීම (ඉපදීම) සම්බන්ධයෙන් හා 'විඥාණය පවතින්නේ නාමරූප සමගමයි!! විඥාණය නාමරූප වලින් තොරව / වෙන්ව පවතිනේ නෑ!!' කියන එක තෝරලා දෙන්න සිදුකරපු තවත් සංවාදාත්මක බුද්ධ දේශනාවක්!!! ඒකෙදිත් උන්වහන්සේ උපතක් සිදුවීමට අවශ්‍ය කරුණු ගැන කියනවා... හැබැයි වෙනස් විදියකට!!! මෙතැනදී උන්වහන්සේ මනුස්ස උපතක් සිදුවීම සඳහා අවශ්‍ය කරුණු 3ක් ගැන කියා දෙනවා. 1- සරු කාන්තාවක් වෙන්න ඕනේ, 2- ඒ කාන්තාව පුරුෂයෙක් සමග එක්වෙන්න ඕනේ, 3- විඥාණයක් බැසගන්න ඕනේ, කියල. හරිය???

    බුදුරජාණන්වහන්සේ ඔය දේශණාවේදී ඇහුවා, "සරු කාන්තාවක් උන පලියට, ඒ කාන්තාව පුරුෂයෙක් සමග එක්වුණු පලියට, විඥාණයක් බැසගත්තේ නැත්නම්, 'කළලයක්' සකස් වෙනවාද??" කියල. මේ... හැබැයි මෙතනට ඔය tubes වල blocks තියන ඒවා, ජාන විකෘතිතා වගේ නවීණ විද්‍යාත්මක කතා හරියන්නේ නෑ!!! මේ, බුදුරජාණන්වහන්සේ මීට අවුරුදු 2600 ගණනකට උඩදී කරපු දේශණාවක්!!! ඉතින්, එතැනදී ඇත්තටම උත්තරය 'කළලයක් සකස් වෙන්නේ නෑ!' කියන එක විතරයි!!! ඊළඟට උන්වහන්සේ ඇහුවා, "විඥාණයකුත් බැසගෙන කළලයක් සකස් උනා කියමු... අතර මගදී විඥාණය කළලයෙන් චුත උනොත්, කළලය උපතක් දක්වා වර්ධනය වෙයිද??" කියල. වෙනවද?? ම්හු... නෑ!! ඔය 'මළ දරු උපත්' කියල අනන්තවත් වෙන්නේ... අන්න ඒ වගේ, මැරිච්ච කළලය ඉබේම අයින් වෙනවා හරි අරන්දාන්න හරි වෙනවා මිසක්, දරුවෙක් උපදින්නේ නෑ!!! ඊළඟට බුදුහාමුදුරුවෝ ඇහුවා, "ඉපදුන දරුවෙකුගේ විඥාණය චුත උනොත්, ඒ දරුවා තව දුරටත් වර්ධනය වෙනවාද??" කියල. වෙන්නේ නෑ නේ?? පොඩි පෙට්ටියක දාල, වලදාන්න හරි පුච්චලා දාන්න හරි වෙනවා නේ?? ඊළඟට උන්වහන්සේ ඇහුවා, "නාමරූප නැත්නම් විඥාණයට ජරා-මරණ කියල දෙයක් තියනවද??" කියල. තියනවද??? ඔය ජරාවට පත්වෙන්නේ, ඊළඟට පණ ගියහම වලලන්න හරි පුච්චන්න හරි වෙන්නේ, මේ හතරමහා ධාතුන්ගෙන් හැදිච්ච ඇඟ විතර නේ?? කවුරුවත් 'විඥාණය' පුච්චන්නේ / වළලන්නේ නෑ නේ?? ඉතින්, මේ ඇඟ නැතිඋනා නම් විඥාණයට ජරා-මරණ කියල එකක් නෑ!!! ඉතින්... ඒ දේශණාව ඔය ඇති.

    ඔතනින් අපිට ගන්න ඕනේ වෙන්නේ, උපතක් සිද්ධ වෙන්න අවශ්‍ය කරුණු ටික විතරයි!!! ඒ කියන්නේ, 'ගෑනියෙකුයි මිනිහෙකුයි එකතුවෙන්න ඕනේ!! විඥාණයක් බැසගන්න ඕනේ!!' කියන ටික විතරයි. හරි නේ?? එතකොට, කලින් එකේදි වගේමයි... මෙතනත් කරුණු දෙකයි!!! හරි! දැන් ඔය දේශණා දෙකේදීම බුදුහාමුදුරුවෝ පෙන්වලා දීල තියෙන්නේ, උපතකට අවශ්‍ය කරුණු 2යි කියල නේ?? එහෙම නම් ඔය කරුණු වල මොකක් හරි සම්බන්ධයක් තියෙන්නම ඕනේ!!! ඔය දෙවැනි එකේ, ගෑනියි මිනිහයි දෙන්න කරන්නේ ඇඟක් හැදෙන්න අවශ්‍ය බීජ, 'මූලික සතරමහා ධාතු' සැපයීම බව තේරෙණවා නේ?? ඒ කියන්නේ, අර කලින් එකේදි ආයතනානං පටිලාභෝ කියපු එකම තමයි!!! ඔය කියන්නෙත් උපතේදී ඇඟ හැදෙන / කය සකස්වෙන එක ගැනමයි!!! ඔන්න... එක කරුණක් නම් ගැලපුනා!!! තව එකක් ඉතුරුයි. ඒක ගැන එක දේශණාවකදී බුදුරජාණන්වහන්සේ කිව්වේ, පංච උපාදානස්කන්ධයක් බැසගන්නවා කියල!!! මේ අනික් එකේදි කියනවා විඥාණයක් බැසගන්නවා කියල!!! මොකද්ද මේ කියන්නේ??? මේ දෙකම එකක්ද??? නැත්නම් දෙකක්ද??? ඒත් නැත්නම් මේ මොකද්ද??? ??? ???

    දැන් බලන්න, බුදුහාමුදුරුවෝ මේ මාතෘකාව master කරපු කෙනා!!! උන්වහන්සේ මේවයේ නොදන්න දෙයක් නෑ!!! !!! !!! දැන් ඔය උපත ගැන කියල / තෝරලා දෙන්න, 'විඥාණයක් බැසගන්නවා...' 'පංච උපාදානස්කන්ධයක් බැසගන්නවා...' කියල තැන් දෙකකදී, කතන්දර දෙකක් කියන්න උන්වහන්සේට පිස්සු නෑ!!! හැබැයි මේ කියල තියෙන්නේ ජාති දෙකක් ගැන නම්, දේශණා දෙකේදීම ඔය දෙකම උවමනා බව කියවෙන්නත් ඕනේ!! මෙන්න මේක බලන්න... තේ එකක් හදන්න පිටියි සීනියි දෙකම ඕනේ කියමු!! එහෙම නම් එක තැනකදී තේ හදන්න පිටි විතරක් දාන්න... තව තැනදි සීනි විතරක් දාන්න කියල කියන්නේ නෑ නේ?? තැන් දෙකේදීම පිටියි / සීනියි දෙකම ඕනේ බව කියවෙන්න ඕනේ!! ඒ කියන්නේ මේ පංච උපාදනස්කන්ධයයි, විඥාණයයි කියන්නේ දෙකක් උනා නම්, දේශණා දෙකේදීම පංච උපාදනස්කන්ධයයි, විඥාණයයි දෙකම බැස ගන්නවා කියන්න ඕනේ!!! ඒත්, බුදුහාමුදුරුවෝ එහෙම කියලත් නෑ!!! ඒ කියන්නේ, මේ වෙන වෙනම ජාති දෙකක් නම් නෙවෙයි!!! !!! !!! හැබැයි ඔය දෙකම එකක් උනා නම්, නම් දෙකකින් අඳුන්වන්න ඕනේ වෙන්නෙත් නෑ!!! මොකද, බුදුහාමුදුරුවොන්ට පිස්සු නෑ... දේශණා දෙකේදීම එකම විදියට කියාවි!! නේද?? තේරිලා නැත්තේ උඹලටයි!!! !!! මේ උන්වහන්සේ හොඳටම දන්න දෙයක් ගැන කියන්නේ!!! බුදුවරු හැමෝම අවබෝධ කරගන්නේ මේක තමයි!!! ඉතින්... මොකද්ද මේ??? ??? ???
     
    Last edited:

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ගමුකෝ පොතක්! ඕං ඒකෙ තියනවා කවියක්!! ... මොකද්ද?? ... කවියක්!!! ... තියෙන්නේ කොහොමද?? ... පොතේ, අකුරු වලින් ලියපු, නැත්නම් print කරපු, 'වචන' ටිකක් හැටියට තමයි තියෙන්නේ!!! හරිද?? පැහැදිලිද?? හරි! දැන්, කෙනෙක් ඕක බලාගෙන හයියෙන් කියවනවා කියමු!! ... මොකද්ද අනික් අයට ඇහෙන්නේ??? ... කවියක්!!! ... අර පොතේ තියන කවිය!!! ... ඒත්, ඇහෙන්නේ කොහොමද??? සද්දයක් හැටියට, අර 'වචන' ටිකමයි ඇහෙන්නේ!!! ... බාහිර පරිසරයේ / අවකාශයේ විහිදිලා, පැතිරිලා යන ස්වරූපයකින්, අර පොතේ තියන 'වචන' ටිකමයි ඇහෙන්නේ!!! හරිද?? තේරුණාද??? මේ එකම දෙයක් නේද?? 'එකම වචන ටික' නේ!!! ඒත්, තියෙන්නේ කොහොමද?? දෙවිදියකට... ස්වරූප දෙකකින්... ස්වභාවයන් දෙකකින්... එහෙම නේද?? අන්න case එක!!! තේරුණයි??? විඥාණය / පංච උපාදානස්කන්ධය කියන දෙකේ කතන්දරයත් ඔච්චරම තමයි!!! කරුණු හැටියට ඒ දෙකේම අඩංගු වෙන්නේ එකම දෙයක් මයි!!! !!! !!! නමුත් ඔය දෙක පවතින්නේ ස්වරූප දෙකකින්!!! 'පංච උපාදානස්කන්ධය' කියන ස්වරූපය වැහුණු පරිසරයක ක්‍රියාත්මක වෙද්දී, 'විඥාණය' කියන ස්වරූපය අවකාශයේ විහිදෙන / පැතිරෙන ස්වභාවයෙන් යුක්තයි!!! එච්චරයි.

    ඊළඟට ගමු අර 'පංච උපාදානස්කන්ධය!!' බුදුහාමුදුරුවෝ ඒක අර්ථ දැක්වුයේ මෙන්න මෙහෙම. **- අතීත වූද, අනාගත වූද, වර්තමාන වූද, තමා ගේ යයි සලකන්නා වූ හෝ තමාගෙන් බාහිර ලෙස සලකන්නා වූ, ගොරෝසු වූ හෝ සියුම් වූ, ළාමක (හීන) ස්වරූපයෙන් පවත්නා වූ හෝ උසස් (ප‍්‍රණීත) ස්වරූපයෙන් පවත්නා වූ, දුරින් පවතින්නා වූ හෝ ළඟින් පවතින්නා වූ යම්කිසි රූපයක් ඇත්ද, එය රූප ස්කන්ධය නමින් හඳුන්වනු ලැබේ. යම් කිසි වේදනාවක් ඇද්ද, එය වේදනා ස්කන්ධය නමින් හඳුන්වනු ලැබේ. යම් කිසි අරමුණු හඳුනා ගැනීමක් ඇද්ද එය සංඥා ස්කන්ධය නමින් හඳුන්වනු ලැබේ. යම්කිසි සංස්ඛාරයක් ඇද්ද එය සංඛාර ස්කන්ධය නමින් හඳුන්වනු ලැබේ. යම්කිසි විඥාණයක් ඇද්ද එය විඥාණ ස්කන්ධය නමින් හඳුන්වනු ලැබේ. -** දැන් මේ කියල තියෙන, අතීතයේ ඉඳන් මේ වෙනකම් ඔය එක එක්කෙනා දැකපු / අහපු / විඳපු / හඳුනා ගත්තු / චේතනා පහල කරලා හිතපු, කියපු, කරපු / දැනගත්තු සේරම, ඒ කියන්නේ පංච උපාදානස්කන්ධයේ අතීතයේ සිට මේ දැන් වෙනතෙක් කොටස, තමයි ඔය තම තමන්ට තියන මතකය!!! ඊළඟට, ඔය උදවියට මෙතැන් සිට ඉදිරියට කරන්න පුළුවන් ඒ පැරණි මතකය ආවර්ජනය කිරීම සහ ඒ මතකය ඇසුරෙන් තව තව දේවල් කල්පණා කිරීම / අනාගත බලාපොරොත්තු ඇතිකර ගැනීම, තමයි ඔබේ සිතීමේ ක්‍රියාවලිය!!! ඔන්න ඔය දෙකේම එකතුව, නැත්නම් 'සත්වයා' කියල ගන්න තියන සේරම, අර... 'මම' වෙන්න ඇති! 'මගේ ආත්මය' වෙන්න ඇති! කියල හිතාගන හිටිය case එක, තමයි ඔය පංච උපාදානස්කන්ධය කියන්නේ!!! කොටින්ම, 'සත්වයෙක්' කියල හඳුන්වන එකාගේ තියන 'ඔක්කොම' වචන තුනකින් කිව්වා වගේ වැඩක්!!! ඕනෙම මනුස්සයෙක් අරන් බැලුවොත් ඒ මනුස්සයගෙයි කියල කියන්න තියන 'ඔක්කොම ටික' ඔය පංච උපාදානස්කන්ධයේ තියනවා!!!

    දැන් ඔය පංච උපාදානස්කන්ධය තියෙන්නේ කොහෙද?? තමුන්ගේ හිතේ!!! ඔන්න ඕක තමයි තමුන් ළඟ තියන 'පොත...' ඕක වෙන සාමාන්‍ය උදවිය කාටවත් පේන්නෙත් නෑ!! කියවන්නත් බෑ!! තමුන්ටම තමයි ඕක කියවත හැක්කේ... (හැබැයි, බුදුකෙනෙකුට නම් ඕනෙම කෙනෙකුගේ ඕනෙම පොතක් කියවත හැකියි!!! හිත දියුණු කරපු උදවියටත් සැහෙන දුරකට පුළුවන් වෙයි... ඒත්, ඒවා මෙතනට අදාළ නෑ!!) ඉතින්, දැන් ඔය හිතේ තියන ඒවා තමුන් කියව කියවා හිටිය කියමු... "මගේ නම අමල්. මම ඉන්නේ කොළඹ. මගේ අම්ම කමලා. මගේ තාත්ත විමල්. මම ඉස්කෝලේ ගියේ නෑ. මම බණ අහන්න ආසත් නෑ. මගේ විනෝදාංශය බණ කියන එවුන්ට බණින එකයි. මම ආසම කෑම ගම කෑමයි." කිය කිය. ඕක ඔහොම කියවද්දී, හතර වටේටම ඇහෙනවා!! සද්දෙන් කිව්වොත්, හතර දිග්බාගෙටම ඇහෙනවා!!! දැන්, ඔහොම කියව කියව ඉන්න අතරේ තමුන් මැරෙනවා!!! තමුන් හබක්... ඉවරෙටම ඉවරයි!!! ෆිනිතෝ!!! ආයේ නෑ!!! ඒත්, මෙන්න බොලේ කාලෙකට පස්සේ අල්ලපු ගමේ ඔය කියපුව 'අහගෙන හිටපු එකෙක්' ඉපදිලා, ඔය මැරිච්ච එකා කියවපු ටිකම කියවන්න ගන්නවා!!! ඌ වෙන එකෙක්... අලුතෙන්ම හැදිච්ච එකෙක්!!! ඒත් කියවන්නේ පරණ කතාවක්!!! අනික, 'වෙන එකෙක්ගේ' එකක්!!! !!! !!! "මගේ නම අමල්. මම ඉන්නේ කොළඹ. මගේ අම්ම කමලා. මගේ තාත්ත විමල්. මම ඉස්කෝලේ ගියේ නෑ. මම බණ අහන්න ආසත් නෑ. මගේ විනෝදාංශය බණ කියන එවුන්ට බණින එකයි. මම ආසම කෑම ගම කෑමයි." කිය කිය. මොකද වෙන්නේ??? ඌ කියන ඒවා අහන එවුන් සේරම රැවටෙනවා, 'මෙන්න බොලේ අර අල්ලපු ගමේ හිටිය අමල් මැරිලා මෙහෙ ඉපදිලා...' කියල!!! අර අලුතෙන් හැදිච්ච එකාට මොකද වෙන්නේ??? ඌ දන්නෙත් නෑ නේ, මොකද්ද මේ වෙච්ච 'හරුපේ' කියල... ඌත් රැවටෙනවා, 'අඩේ, එහෙමනම් 'මම තමයි' කලින් අර අහවල් ගමේ ඉපදිලා ඉන්න ඇත්තේ... ඒ කාලේ 'මගේ අම්ම' තමයි කමලා කියන්නේ... ඒ කාලේ 'මගේ තාත්තා' තමයි විමල් කියන්නේ...' එහෙම කියල!!!


    මොකද්ද එතකොට මේ වෙලා තියෙන්නේ??? මෝඩ සත්වයෙක්, ඌට මතක තියන දේවල් බදාගෙන, ඒවා ගැනම කල්පණා කර කර, ආසාවල් පොදි බැඳගෙන, බලාපොරොත්තු ගොඩ ගහගෙන, පින් කර කර පෙරුම් පුරාගෙන, තව ඕනේ... තව ඕනේ... කිය කියා හිටියා !!! මේ ඇඟවල් අස්සේ සිද්ධවෙන කතන්දරේ ස්වභාවය නිසා, ඒ මෝඩයට මතක තිබිච්ච සේරමයි, ඌ හිත හිත හිටපු කුණුගොඩවල් සේරමයි, තවත් ස්වරූපයකින් විශ්වය පුරා පැතිරුණා!!! එහෙම පැතිරුණු එකෙන්, තවත් තැනක අලුත් සත්වයෙකුගේ උපතක් සිදුවුනා!!! ඒ හැදෙන ඇඟේ 'මතක හිටින ගතිය' නිසා, පරණ එකාට තිබිච්ච මතකයි, ඌ හිත හිතා හිටිය කුණුගොඩවල් සේරමයි 'කුට්ටිය පිටින්ම' අලුත් එකාට මතක හිටියා!!! කලින් ඒකා මලා!!! ඌ ඉවරයි!!! උගේ මතකයට රැවටිච්ච අලුත් එකා, 'මං පරණ එකාම වෙන්න ඇති!!' කියලා, එහෙම්පිටින්ම ගොනාට ඇඳගත්තා!!! !!! !!! ** උගේ මතකයට කිව්වම, 'මැරිච්ච පරණ එකාගේ මතකය' කියල හිතුවත්, 'අලුත් එකාට ලැබිල තිබුණු (copy වෙලා තිබුණු) මතකය' කියල හිතුවත්, අවුලක් නෑ!!! මේක මේ නොදන්න කමට වෙච්ච 'රැවටිල්ලක්' 'මුලා වීමක්' විතරයි!!!

    බැලුවාම මෙච්චර කාලයක් තිස්සේ මුළු සත්ව සංහතියටම වෙලා තියෙන්නේ ඔන්න ඔය කෙහෙල්මල තමයි!!! සත්වයා සංසාරේ ගිහිල්ල නෑ!!! !!! !!! උන්ට සංසාරේ යන්නත් බෑ!!! !!! !!! බුදුහාමුදුරුවෝ කිව්වේ, එක ජීවිතයකින් තව ජීවිතයකට 'මොකුත්ම යන්නේ නෑ!!' කියලා නේ!!! බැලුවම වෙලා තියෙන්නේ, සත්වයා සංසාරේ ගිහින් නෑ!!! ඒකා ඇඳගෙන හිටපු ජංගිය නැත්නම්, ජොකා සංසාරේ ගිහිල්ලා වගේ වැඩක්!!! කල්ප කල්ප බර ගාණක් තිස්සේ හැදිච්ච හැදිච්ච සත්වයෝ රීපුව / හුජ්ජ කරපුව සේරම ගෑවිච්ච පරණ ජංගියක් / ජොකෙක් ඇඳගෙන අලුතෙන් සත්වයෙක් හැදිලා!!! කාලයක් ගිහින් ඌත් මැරෙනවා!!! ඊළඟට ඌත් රීපු / හුජ්ජ කරපු ඒවා ගෑවිච්ච ජංගිය / ජොකා ඇඳගෙන තා අලුත් එකෙක් හැදෙනවා!!! ඔන්න ඔහොම 'කතන්දරේ' දිගින් දිගටම යනවා!!! !!! හැබැයි ඉතින් 'ධර්මය' අවබෝධ කරනකම් මොකෙක්වත් දන්නේ නෑ, තමුන් ඇඳන් ඉන්නේ අනුන්ගේ ගූ / හුජ්ජ ගෑවිච්ච හද්ද පරණ ජංගියක් / ජොකෙක් කියලා... 'මගේ ජංගිය' / 'මගේ ජොකා' කියල බොහොම ආදරෙන් වැළඳගෙන, බදාගෙන ඉන්නවා!!! !!! !!! උඹලට තේරුණාද??? මේක මීට වඩා ලස්සනට කියලා වැඩක් නෑ!!! මේ සංසාර කතාව මහා ගූ ගොඩක් මයි!!! !!! !!!

    මේ සංසාර ගමන අනන්ත සංඛ්‍යාවක් සත්වයෝ දායක වෙලා දුවපු relay එකක් වගෙයි!!! අර එකෙක් 'පොල්ල' ගෙනත් දුන්නම, ඒක අරන් ඊළඟ ඒකා දුවන්නේ... අන්න එයින් එකක්!!! සත්වයෝ මොකෙක් වත් සංසාරේ ඇවිත් නෑ!!! ඒ හැම එකාම මැරිලා!!! ඉස්සරහට ඉස්සරහට ඇවිල්ල තියෙන්නේ පොල්ල විතරයි!!! දැන් තමුන් මේ ජීවිතයේ මනුස්සයෙක් හැටියට ඉපදුනේ, කලින් හිටිය මොකෙක් හරි සංසාර කතන්දරේ නොදැන හිටිය එකෙක්ගේ පංච උපාදානස්කන්ධය, සරලවම කිව්වොත් 'මතකය' නිසයි!!! නැත්නම් අම්මයි තාත්තයි හම යනකම් එකතු උනත් උඹව ඉපදෙන්නේ නෑ!!! මතක නේ? බුදුහාමුදුරුවෝ ඇහුව, විඥාණයක් බැස ගත්තේ නැත්නම් කලලයක් සකස්වෙයිද? කියල. ඊළඟට ඔය උඹව හදන්න දායක වෙච්ච එකා හැදුනේ, ඊට කලින් එකෙක්ගේ මතකයක් නිසයි!!! හරි නේ?? හැබැයි, මුලින්ම සංසාරෙට බැස්ස එකා, 'අ' යනු 'ල' යනු 'අල' විතරක් දැනගෙන මලා කියමු... ඊළඟ එකා ඉපදෙනකොටම, ඌ 'අල' දන්නවා!!! ඌ 'බතල' 'ඉන්නල' දෙක අලුතෙන් දැනගෙන මලා කියමු... ඊළඟ එකා ඉපදෙනකොට 'අල' 'බතල' 'ඉන්නල' තුනම දන්නවා!!! ඒකා 'මඤ්ඤොක්ක' 'පිපිඤ්ඤා' 'කන්කුන්' ටික අලුතෙන් දැනගෙන මලා නම්, ඊළඟ එකා ඉපදෙනකොට 6ක් ම දන්නවා!!! ඔන්න ඔය විදියට මේ මතකය නිරන්තරයෙන් update වෙවී තමයි ඉස්සරහට ඉස්සරහට ඇවිල්ල තියෙන්නෙත්!!! පැහැදිලියි නේ??? ඔන්න ඔය විදියට දැන් තම තමන්ව හදන්න හෙතුවෙච්ච මතකයේ, රජ වරු / සිටුවරු / දෙවි වරු / මහන වෙලා හිටිය එවුන් කරපු / කියපු දේවල් මහා හුඟාක් ඇති!!! හරක් / ඌරෝ / කුකුල්ලු / බල්ලෝ / පූසොනේගේ ඒවා ඇති!!! පෙරේතයෝ / නිරිසත්තුගේ ඒවා ඇති!!! හැබැයි ඒ එකක්වත් උඹගේ ඒවා නෙවෙයි!!! !!! !!! උඹ ඒ කුනුගොඩට වගකියන්න ඕනේ නෑ!!! ඒවා උඹම කරපු / කියපු දේවල් කියල උඹ රැවටුනොත්, අන්න උඹ අමාරුවේ වැටෙනවා!!! උඹට තියෙන්නේ, උඹට මතක තියෙන කාලයේ ඉඳන් වෙච්ච ඒවා ටික විතරයි!!! පැහැදිලියි නේ???
     
    Last edited:

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    කොහොම හරි, උඹව හදන්න දායක වෙච්ච එකා, ගත යුත්තක් ඇති එකෙක්!!! ඌ උඹට මනුස්ස ජීවිතයක් හැදෙන තැනට වැඩ කරපු එකෙක්!!! නැත්නම් අද තෝ නෑ!!! ඒ වගේම තමයි, තොපි බලාපොරොත්තු කොච්චර ගොඩ ගහගෙන හිටියත්, තොපිට එක මිලි මීටරයක් වත් මෙතනින් එහාට යන්න බෑ!!! හැබැයි තොපි මේ මොකුත් නොදැන පිස්සු කෙල කෙල හිටියා නම්, වෙන මොක්කු මොක්කු හරි තව කොහේ කොහේ හරි හැදෙයි!!! හැබැයි දැන් කාලේ නම් එහෙම හැදෙන හැදෙන එවුන් හැදෙන්නේ පෙරේත ලෝක, තිරිසන් ලෝක හා අපායේ විතරයි!!! මනුස්ස ලෝකේ වත්, දිව්‍යලෝක වලවත්, ඒ කිසි එකෙක් හැදෙන්නේ නෑ!!! උන් හැදිච්ච තැන ඉඳලා අම්බානට දුක් විඳියි!!! හැබැයි දැන් එහෙම වෙන්නෙත් නෑ!!! මොකද, උඹල කතන්දරේ දැක්ක නේ!!! අඩේ... ඒ කියන්නේ සංසාරේ හබක් නේ!!! ඔව්!!! හබක් තමයි!!! ඇයි යකුනේ මං කිව්වේ 'තොපිට යන්න සංසාරයක් ඉතුරු කරන්නේ නෑ!!' කියල!!! 'මං යන්න දුන්නොත් විතරයි තොපිට යන්න පුළුවන්!!' කියල!!! තොපි හිතුවේ මූ joker කෙනෙක් කියල නේ?? නේද??? ඒ උනාට මං එහෙම නෑ... බුදුහාමුදුරුවෝ සංසාරේ යන්න එපා එපා කිව්වා. තොපි ඇහුවේ නෑ!! ඒ හන්ද මම multi barrel / nutron blasters පාවිච්චි කරලා සංසාරේ සෙත්තපෝච්චි කරලා දැම්ම!!! දැන් ඉතින් පුළුවන් එකෙක් ඉන්නවා නම් පලයන් සංසාරේ!!! හූ... හූ... හූ... දැන් තොපිට යන්න තැනක් නෑ!!! දැන් යමල්ල තව හොඳ හොඳ සෙල්ලම් පෙන්නන්න!!! තව ගොඩාක් ඒවා line-up කරලා තියෙන්නේ...

    ඒයි, තොපි තණ්හාව නැතිකරගන්න බැරුව පුක ඉරාගෙන දැඟලුවා නේද බොල??? ඒ තණ්හා වලින් වැඩක් නෑ!!! !!! !!! තොපි කොච්චර තණ්හාවෙන් බලාගෙන හිටියත්, තොපිට ආයි මොකක්වත් හම්බවෙන්නේ නෑ!!! තොපි මල්/හඳුන්කූරු/පහන් පූජාකර කර... ගාථා කියා කියා වැඳ වැඳ... පින් කර කර... සංසාරේ යන්න පෙරුම්පිරුවා නේද බොල??? තොපිට එහෙම යන්න හම්බවෙන්නේ නෑ!!! !!! !!! දැන් ඉතින්, ඒ තණ්හාවල් / බලාපොරොත්තු / ප්‍රර්ථනා සේරම හොඳට හපල හපල කාපල්ලා!!! ඒ කිසි එකකින් වැඩක් වෙන්නේ නෑ!!! !!! !!! තොපිට මෙතනින් එහාට එක අඟලක්වත් සංසාරේ වත්, දෙයියෙක් ගාවට වත්, යන්න ලැබෙන්නේ නෑ!!! තොපි කිසිම එකෙකුට, කොයිම විදියකින් වත්, සදාකල් ඉන්න ලැබෙන්නෙත් නෑ!!! උඹල නැත්තටම නැති වෙනවා!!! තොපි ආයුෂ ඉවර වෙච්ච ගමන් මැරෙනවා මැරෙනවා මැරෙනවා මයි!!! !!! !!! උඹලට 'වෙලාව' තියෙන්නේ පණ යනකම් විතරයි!!! !!! !!!

    ඉතින්... 'සේරම නැතිවෙනවා!!' කියනකොට දුකයි නේද?? ගණන් ගන්න එපා මෙයාල!! මං කිව්වා නේ, 'කෙනෙකුට මූණ බලාගෙන කියන්නත් දුකයි... ඒත් අතහැරලා බෑ!! ලැබිච්ච අවස්ථාවේ ගොඩ යන්නම ඕනේ!!!' කියල. මේක එහෙම්පිටින් දුකක් බව බුදුහාමුදුරුවෝ හොඳටම දන්නවා!!! ඒකනේ උන්වහන්සේ, "සංඛිත්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛා!!" (මේ පංච උපාදානස්කන්ධය එහෙම්පිටින්ම දුකක්!!) කිව්වේ. ඒත් කොච්චර දුක උනත්, මේ ඇත්ත කතන්දරේ තිතටම දැනගන්නම ඕනේ!!! !!! !!! මොකද මේ සිද්ධවෙලා තියන වැඩපිළිවෙල හරිම භයානකයි!!! ඒකයි බුදුහාමුදුරුවෝ, "සංසාරෝඝන් මහබ්භයන්" {සංසාර ඕඝය (සැඩ පහර) මහා භයානකයි} කිව්වේ!!! අපි ඔක්කොමල 'ඔන්න ඔහේ ඉපදුනා...' මිසක්, ඔය සංසාර ගමනක් කියලා කෙහෙල්මලක් ගැන දැනගෙන ඉපදුනේ නෑ නේ??? එහෙම නොදැන ඉන්න තාක් කල් මේ සංසාර කතන්දරෙන් ගැලවෙන්න විදියක් නෑ!!! !!! !!! දැන් ඉතින් ඔයාල කතන්දරේ හොඳටම දැක්ක නේ?? ඒ හන්ද එච්චර risk එකක් නෑ!!! ඇත්තම කිව්වොත් ඔයාල දැන් ඉන්නේ (theoretical) අනාගාමී මට්ටමේ!!! මොකද, practically තත්වේ ගොඩාක් වෙනස් වෙනවා!!! හොඳට තේරුම්ගැනීමේ හැකියාව තියන අය දැනටමත් ඇත්තටම අනාගාමී / අරහත් කියන තත්වයන්ට පත්වෙලත් ඇති!!! කෝකටත්, දැනට හැමෝම ඔය 'හිත' පෙන්වන මායාවල් වලට අහු නොවී ඉන්න!!! තමන් නොකරපු, තමන්ට අදාළ නැති, විකාර දේවල් මතක් උනොත්, 'මං කරපු දේවල් නෙවෙයි නේද?' කියන බව හිතල, හිත සන්සුන් කරගන්න!!!

    තව ගොඩාක් දේවල් ලියන්න තියනවා... සේරටම කලින් පරණ සිවුරු දාගත්ත, බුදුහාමුදුරුවොන්ට වත් නැති තරම් ගෞරව / නම්බු නාම / පට්ටම් තිබිච්ච කාලකණ්නි, ධර්ම මාර්ගයේ 'රීපුව' හෝදලා, සුද්ද කරලා දාන්න ඕනේ!!! ඊළඟට කර්මය (පින් / පව්) ගැන කියලා දීල, විශ්වයේ structure එක, ඒ කියන්නේ මේ සත්වයින් බෙදිලා / වර්ගීකරණය වෙලා තියන හැටි ගැන තරමක් කියා දීල ඉවරවෙලා, මට පුළුවන් ඔයාලව කෙලින්ම confirmed සෝතාපන්න තත්වයටම උස්සල තියන්න!!! ඊළඟට අනාගාමී වෙන්නම කරුණු කියල දෙන්න!!! විශ්වාසයෙන් පිළිගන්න අහිංසක / නිහතමානී උදවියට ආයේ බයවෙන්න කිසිම දෙයක් නෑ!!! !!! !!! හැබැයි, ඉස්සරහට 'Y' junction එකක් එනවා!!! මේ සැරින් සැරේට හැමිනෙන්න ආපු / හැමිනිච්ච, කාලකණ්නි ටිකක් ඉන්නවා... අන්න උනුයි, දැන් මේ කතන්දරය හොඳටම දැනගෙන, වෙන මනුස්සයෙකුට / සතෙකුට වචන මාත්‍රයකින් හරි නරකක් / නපුරක් / අවැඩක් කරන මොට්ටයෝ හිටියොත් අන්න උනුයි, යැවෙන්නේ වෙන පාරක!!! ඒවා මට අදාළ නෑ... මම උන්ටයි, මේ ඇත්ත කතාන්දරය නොදැන හිටිය / ඉන්න එවුන්ටයි වෙච්ච දේ/විදිය, වෙන දේ/විදිය, කියන්නම්... එතකොට තේරෙයි!!! ඔය ටික නොදැන හිටිය හුඟ දෙනෙක් (හුඟ දෙනෙක් කියන්නේ 99.99% විතර!) වැඩේ එහෙම්පිටින් කා ගත්තා!!! මං කියලා දෙන්නම්... මේකේ මේ කල්දාන ඒවා, පින් කර කර ඉන්න ඒවා, හරියන්නේ නෑ!!! මං නම් උඹලට 'ණිවන් පුරේ රුවන් දොරටුව ඇරලා දීල' නෙවෙයි, තොපිව ණිවනේ ගේට්ටුව ගාවට ඇදගෙන ගිහිල්ලා, ණිවනටම විසිවෙලා යන්න පයින් පාරක් දීල, තමයි වැඩේ නවත්තන්නේ!!! තේරුණයි??
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,440
    22,098
    113
    Gotland
    ඕං කතන්දරේ දැම්ම!!! කෑලි 5ක් තියනවා...
    දැන් ඉතින් පුළුවන් එකෙක් ඉන්නවා නම් පලයන් සංසාරේ!!! :P:P:P

    dan ithin ubata karaganna bari unata api monawa karanna de hutto ?

    mama sansare yanawa. puluwan nam nawattapan

    habai mama ubawath eke aran yanwa.
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මේ සංසාර කතාව ඉවරකරන post එක highlights දාල, චුට්ටක් modify කරලා, හදල දැම්ම!! හොඳට බලන්න...
    දැන් ඉතින් ඔයාලගේ නෑදෑයෝ, යාලුවෝ, ගුරුවරු, අසල් වැසියෝ, පන්සලේ හාමුදුරුවරු සේරටම මේ ගැන කියල, මේක බලන්න යොමුකරන්න!!!
    නොකලොත් ඒක ඇත්තටම තමන් කරන ලොකු වැරද්දක්!!!
    මේ සංසාර කතාවෙන් ගැලවිච්ච එක්කෙනෙක් වත් නෑ!!! මම පෙන්නන්නම් ඒ සේරම... හුඟ දෙනෙක් ජීවිතේ ගැන අහල / දැනගෙන / හිතාගෙන ඉන්න සේරම වැරදියි!!!
    තමුන් උපරිම උත්සාහය දරල මේ ජීවිතයෙන්ම සේරම සම්පූර්ණ කරගන්නම ඕනේ!!!
    ඒ වගේම, තමුන්ට වචනයකින් හරි උපකාරයක් වෙච්ච හැමෝම මේ අනතුරින් ගලවගන්න ලොකු යුතුකමක් / වගකීමක් ඔයාල හැමෝටම තියනවා!!! ඒක පැහැර හරින්නත් එපා!!!


    නැවත සංසාර කතාව ඉවරකරන post එකට...
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,440
    22,098
    113
    Gotland
    මේ සංසාර කතාව ඉවරකරන post එක highlights දාල, චුට්ටක් modify කරලා, හදල දැම්ම!! හොඳට බලන්න...
    දැන් ඉතින් ඔයාලගේ නෑදෑයෝ, යාලුවෝ, ගුරුවරු, අසල් වැසියෝ, පන්සලේ හාමුදුරුවරු සේරටම මේ ගැන කියල, මේක බලන්න යොමුකරන්න!!!
    නොකලොත් ඒක ඇත්තටම තමන් කරන ලොකු වැරද්දක්!!!
    මේ සංසාර කතාවෙන් ගැලවිච්ච එක්කෙනෙක් වත් නෑ!!! මම පෙන්නන්නම් ඒ සේරම... හුඟ දෙනෙක් ජීවිතේ ගැන අහල / දැනගෙන / හිතාගෙන ඉන්න සේරම වැරදියි!!!
    තමුන් උපරිම උත්සාහය දරල මේ ජීවිතයෙන්ම සේරම සම්පූර්ණ කරගන්නම ඕනේ!!!
    ඒ වගේම, තමුන්ට වචනයකින් හරි උපකාරයක් වෙච්ච හැමෝම මේ අනතුරින් ගලවගන්න ලොකු යුතුකමක් / වගකීමක් ඔයාල හැමෝටම තියනවා!!! ඒක පැහැර හරින්නත් එපා!!!


    නැවත සංසාර කතාව ඉවරකරන post එකට...

    pala ponnayo yanna. owa dakkoth anith un hithai apitath thota wage pissu kiyala.

    uba oka print karala pitakotuwe wikunapan :lol:
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    එහෙම පැතිරුණු එකෙන්, තවත් තැනක අලුත් සත්වයෙකුගේ උපතක් සිදුවුනා!!! ඒ හැදෙන ඇඟේ 'මතක හිටින ගතිය' නිසා, පරණ එකාට තිබිච්ච මතකයි, ඌ හිත හිතා හිටිය කුණුගොඩවල් සේරමයි 'කුට්ටිය පිටින්ම' අලුත් එකාට මතක හිටියා!!! කලින් ඒකා මලා!!! ඌ ඉවරයි!!! උගේ මතකයට රැවටිච්ච අලුත් එකා, 'මං පරණ එකාම වෙන්න ඇති!!' කියලා, එහෙම්පිටින්ම ගොනාට ඇඳගත්තා!!! !!! !!! ** උගේ මතකයට කිව්වම, 'මැරිච්ච පරණ එකාගේ මතකය' කියල හිතුවත්, 'අලුත් එකාට ලැබිල තිබුණු (copy වෙලා තිබුණු) මතකය' කියල හිතුවත්, අවුලක් නෑ!!! මේක මේ නොදන්න කමට වෙච්ච 'රැවටිල්ලක්' 'මුලා වීමක්' විතරයි!!!!

    පිස්සෙකුට ඇර මේ වගේ ගොන් කතා කියන්න පුලුවන්ද ?
    මේ වගේ පෙර ආත්ම මතක තියන, ඒවාට රැවටිච්ච එක්කෙනෙක්වත් මේ ලෝකේ ඉන්නවද?
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    දමිත් ගේ ගිය ආත්මයෙන් copy වෙලා මේ ආත්මයට ආපු, මතකයේ හිටපු දේවල් පොඩ්ඩක් කියන්න පුලුවන්ද ?
    මේකත් දමිත් ධර්මයේ නවතම සොයා ගැනීමක්
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    මචන් දමියෝ.. උඹ හිතන්නේ මම ගිය ආත්මේ මොකක් කියලද:(මම ගිය ආත්මේ සතෙක් නම් කියන්න එපා දමියෝ:P ලොලි පොප් එකක් දෙන්නම් සූප්පු කරන්න:rofl:
     

    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    මචන් දමියෝ.. උඹ හිතන්නේ මම ගිය ආත්මේ මොකක් කියලද:(මම ගිය ආත්මේ සතෙක් නම් කියන්න එපා දමියෝ:P ලොලි පොප් එකක් දෙන්නම් සූප්පු කරන්න:rofl:
    okata pop ekata wada dildo ekak dunnanam hariyanawa oya leda okkoma:lol::lol::lol:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,440
    22,098
    113
    Gotland
    මචන් දමියෝ.. උඹ හිතන්නේ මම ගිය ආත්මේ මොකක් කියලද:(මම ගිය ආත්මේ සතෙක් නම් කියන්න එපා දමියෝ:P ලොලි පොප් එකක් දෙන්නම් සූප්පු කරන්න:rofl:

    ane manda. damith ge wife nam kiyanne mu giya athme gaaniyek kiyala :rofl: