'මම' ඉන්නේ කොහෙද?

121221

Active member
  • Mar 18, 2011
    989
    34
    28
    pala kariyo yanna :angry::angry::angry:


    ලබන ආත්මයේ දී දමිත් අපාගත වීම වලක්වන්න අමාරුයි වගේ .

    ඔය රහත් කතා අත ඇරලා මිනිස්සුන්ට කතා කරන්න , මෛත්‍රී කරන්න , පන්සිල් සුරකින්න ඉගෙනගෙන යහපත් බෞද්ධයෙක් විදිහට ඉදිරි ජීවිතය ගෙවන්න උත්සහ කරන්න
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මොක්කු මොක්කු ඇවිල්ල මේ වැඩේ කඩාකප්පල් කරන්න හැදුවත්, මේකෙන් ප්‍රයෝජනයක් ගන්නා ගුණ යහපත්, පින්වත් උදවියට ඒවායින් කිසිම අඩුවක් වෙන්නේ නෑ!!! තමන්ට අදාළ නැති කුණුහරුප skip කරලා කියවන්න!!! නුවණැති මිනිස්සුන්ට අදාළ දේ අරගන්න අදාළ නැති දේ බැහැර කරන්න කියල දෙන්න අවශ්‍ය නැහැ නේ? නේද?? කරුණු ගොඩාක් ලියන්න තියනවා... මේ ටිකේ තරමක් busy. ඉතින් ඉඩ ලැබෙන ලැබෙන විදියට sketch කරන එක තමයි කරන්නේ. post එකක් හදාගන්න ලැබුණු ගමන් දාන්නම්. :):)
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    මොක්කු මොක්කු ඇවිල්ල මේ වැඩේ කඩාකප්පල් කරන්න හැදුවත්, මේකෙන් ප්‍රයෝජනයක් ගන්නා ගුණ යහපත්, පින්වත් උදවියට ඒවායින් කිසිම අඩුවක් වෙන්නේ නෑ!!! තමන්ට අදාළ නැති කුණුහරුප skip කරලා කියවන්න!!! නුවණැති මිනිස්සුන්ට අදාළ දේ අරගන්න අදාළ නැති දේ බැහැර කරන්න කියල දෙන්න අවශ්‍ය නැහැ නේ? නේද?? කරුණු ගොඩාක් ලියන්න තියනවා... මේ ටිකේ තරමක් busy. ඉතින් ඉඩ ලැබෙන ලැබෙන විදියට sketch කරන එක තමයි කරන්නේ. post එකක් හදාගන්න ලැබුණු ගමන් දාන්නම්. :):)

    skip කරන්නේ මොකටද කුණුහරප නොකිය හිටියනම් හරිනේ ,
    මම හිතන්නේ බීපු වෙලාවට කුණුහරප කියනවා , අනෙක් වෙලාවට skip කරන්න කියනවා .
    අයියෝ සාසනේ
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    << Previous

    අපි / සත්වයෝ හැදුනේ අලුතෙන්ම උනාට, අපි මනුස්සයෝ හැටියට මේ ලබල තියන ජීවිතවල නම් ආයුෂත් චුට්ටයි උනාට, මේ අපිව / සත්වයින්ව හැදෙන්න හේතු වෙච්ච 'පංච උපාදානස්කන්ධ' පැවතගන ඇවිල්ල තියෙන්නේ 'බුදු ණෙතට වත් පේන්නේ නෑ!!' කියපු තරමේ බොහෝම දුර ඈත අතීතෙක ඉඳලයි!!! !!! !!! 'ඕවට' දිගින් දිගට පවතින්න හැරියොත්, අනිවාර්යයෙන් තව කෙල කෝටි ගණන් සත්තු හැදි හැදී යනවාම තමයි!!! ඒ වැඩපිළිවෙල කීයටවත් ඉබේ නම් නවතින්නේ නෑ!!! !!! !!! ඕක නවත්තන්න නම්, 'යම් සත්වයෙකුගේ සංසාර දුක' ඉවර වෙන්න නම්, ඒ සත්වයා හටගත් පංච උපාදානස්කන්ධයේ දිගින් දිගට පැවැත්ම කවද හරි දවසක නතරකරන්නම ඕනේ!!! !!! !!! ඒ කියන්නේ, මේ දැනට තම තමන්ගේ ශරීර කූඩු අස්සේ ක්‍රියාත්මක වෙමින් තියන පංච උපාදානස්කන්ධ, මෙතනින් එහාට යන්න නොදී මෙතනදිම 'ෆ්ලැටේ ෆ්ලැට්' කරන්න ඕනේ!!! අර graph එකකින් ඇඳලා පෙන්නුවේ, රහතුන් වහන්සේ නමක් පිරිණිවන්පාද්දී වෙන විදිය... අන්න ඒ විදියට, කතන්දරේ එහෙම්පිටින්ම මෙතැනින්ම අඩුවෙලා අඩුවෙලා නැතිවෙලා යන්න හරින්න ඕනේ!!! ඉවරයක්ම කරගන්න බැරි උනත්, අඩුම ගණනේ 'at least' නතර කරන්න අවශ්‍ය 'මූලික පියවර' වත් සම්පූර්ණ කරන්නම ඕනේ!!! !!! !!! මොකද ඒක කරගන්න පුළුවන් වෙන්නේ, මේ වගේ 'ක්ෂණ සම්පත්තියක්' ලබාපු වෙලාවක, බුද්ධිමත් මනුෂ්‍යයෙක් හැටියට ඉපදිච්ච වෙලාවක කල්‍යාණමිත්‍ර සම්පත්තියෙන් ශ්‍රී සද්ධර්මය අහන්න ලැබුණු වෙලාවක විතරයි!!! ඔය වැඩේ මේ සැරෙත් හරියට කරගන්න බැරි උනොත්, ආයේ අවස්ථාවක් උදාවෙන්නේ ඔය පංච උපාදානස්කන්ධය හන්දාම කවදා කොහේදී හරි 'තවත් බුද්ධිමත් මනුෂ්‍යයෙක්' හැදිච්ච වෙලාවක, එයාටත් ක්ෂණ සම්පත්තියක් ලැබුණොත් තමයි!!! ඒ කියන්නේ ආයෙමත් මේ වගේම අවස්ථාවක් එනකම් ඉන්න වෙනවා!!! අවස්ථාව ලැබුණා කියල වැඩක් වෙන්නෙත් නෑ... මේ වගේම තමයි!!! 'මූලික පියවර' වත් සම්පූර්ණ කරගැනීම එදාටත් කරගන්න බැරි උනොත්, ආයිමත් අවස්ථාවක් එනකම් බලාගෙන ඉන්නම වෙනවා!!! හැබැයි මෙහෙම ක්ෂණ සම්පත්තියක් ලැබීම මනුස්ස ජීවිතයක් ලැබීමටත් වඩා අතිශයින් දුර්ලභ දෙයක් කියල තමයි බුදුරජාණන්වහන්සේ දේශණා කලේ!!! අන්න ඒක නිසා, මේ අවස්ථාව miss කරගත්තොත් ආයේ මෙහෙම අවස්ථාවක් ලැබෙන්න කල්ප කීයක් යයිද? දන්නේ නෑ!!! !!! !!! 'සංසාරෝඝං මහබ්භයං' (සසර සැඩපහර භයානකයි)!!! !!! !!!

    දැන් ඔය ජීවිතය අවබෝධ කරගන්න වැඩේ මෙහෙදී කරගන්න බැරි උනත්, 'පින් කරගත්තනම් දිව්‍ය ලෝකෙකදී වැඩේ කරගන්න බැරුවයි??' කියල හිතෙන්න පුළුවන්... බුදුහාමුදුරුවෝ, දිව්‍යලෝකේ දිව්‍ය ජීවිත ලබපු අය ධර්මයට යොමුවෙන හැටි ගැනත් දේශණා කරලා තියනවා!!! පිරිසක්, කැලේක අතරමං වෙච්ච කෙනෙක් බෙර හඬක් ඇහිලා ඒ හඬ ඔස්සේ ගම්මානයට යනවා වගේ ධර්මයට යොමුවෙනවා කිව්වා... තව පිරිසක්, 'දිව්‍යලෝකේ එන්න ලැබුණේ ධර්මය නිසා නේද?' කියල මතක්වෙලා ධර්මයට යොමුවෙනවා කිව්වා... තවත් පිරිසක්, අනික් උදවිය දිව්‍ය ජීවිත ලබල තියෙන්නේ ධර්මයේ හැසිරිච්ච නිසා බව අහල දැනගෙන ධර්මයට යොමුවෙනවා කිව්වා... ඔය වගේ කරුණු කිහිපයක්ම තියනවා. හැබැයි ඇත්තටම නම් ඒවා වැඩිහරියක් වලංගු වෙන්නේ සෝතාපන්න තත්වයට පත්වෙලා මනුස්ස ජීවිතෙන් සමුගත්ත අයටයි!!! **- මොකද සෝතාපන්න නැත්නම් දිව්‍යලෝකේ පැත්තට යැවෙයි කියන එක අන්තිම unsure!!! සෝතාපන්න නැති කෙනාට වෙන දේ බුදුහාමුදුරුවොන්ට වත් කියන්න බෑ!!! එච්චරට uncertain!!! පව් කර කර ඉඳල දිව්‍යලෝකේ යනවා... පින් කර කර ඉඳල අපායේ යනවා... case ගොඩායි!!! !!! (මං ඔය සේරම වෙන විදිය පෙන්වල දෙනවා!!! චුට්ටක් හිටහල්ල...) කොහොමහරි, දැන් කාලේ නම් මැරෙණ මැරෙණ එවුන් උපදින්නේ නිරය / පෙරේත / තිරිසන් ලෝකවලම තමයි!!! (ඒකත් seen එක වෙන හැටි පෙන්නන්නම් කෝ... රෙදි / සිවුරු කරට අරන් දුවන්න වෙනවා කිව්වේ ඒකයි!!!) දිව්‍යලෝකේ පැත්තට යැවුනොත් යැවෙන්නේ බොහොම කලාතුරකින් වැඩිපුර පින් ටිකක් කෙරුණු කිහිප දෙනෙක් විතරයි!!! -** බහුතරයක් දෙවි පිරිස ගැන බුදුහාමුදුරුවෝ කිව්වේ, "ශරීරයේ පැහැය දුර්වර්ණ වෙලා... දාඩිය දාලා... චුතවෙන්න හදන දෙවියාට අනික් දෙවිවරු, 'පින්වත් දෙවිය, ඔබ සුගතියේ ඉපිද උතුම්ම ලාභය ලබාගන්න' යයි පවසනවා" කියලයි!!! ඒකෙ තේරුම තමයි, දෙවියන් අතර උපදින වැඩිදෙනෙක් ධර්මයට යොමුවෙන්න තියා ශ්‍රද්ධාවට වත් ආව (භාග්‍යවත් බුදුරජාණන්වහන්සේව පිළිගත් උන්වහන්සේගේ අවබෝධය අදහාගත්) උදවිය නෙවෙයි කියන එක!!! ඒ අයත් හතර අපායෙන් නිදහස් වීමේ වැඩපිළිවෙලට ඇතුල්වෙන්න එන්නේ මෙහෙට... මේ මනුස්ස ලෝකෙට!!! ඉතින්, මෙතන තමයි වැඩේ පටන්ගන්න තියන තැන!!! තමුන්ලා දැන් ඉන්න තැන!!! miss කරගත්තොත් මේ පාරත් sorry ම තමයි!!! !!! !!!

    මේ... දැන් ඔය 'වැඩිපුර පින් ටිකක් කෙරුණොත් දිව්‍යලෝකෙට යැවෙයි...' කිව්වම, "පින් කරගත්ත නම් 'මට' දිව්‍යලෝකේ යන්න පුළුවන් වෙයි!" කියල හිතන්න එපා!!! එතැනදී වෙන්නේ, තමුන්ට මේ සැරේම පංච උපාදානස්කන්ධය තවදුරටත් පවතින එක නතරකරගන්න බැරි උනාට, මනුස්ස මට්ටම ඉක්මවල දිව්‍ය මට්ටමේ ජීවිතයක් සකස්කරන්න තරම් පින් එක්රැස්වෙලා තිබුණොත්, මේ පංච උපාදානස්කන්ධය නිසා හැදෙන ඊළඟ සත්වයා දිව්‍යලෝකෙක හැදෙන එක විතරයි!! හැබැයි ඒ තමුන් නෙවෙයි!!! !!! !!! ඊළඟට, දෙවිවරු 'සුගතියට ගිහින් උතුම්ම ලාභය ලබන්න...' කියල කිව්වට, එතන වෙන්නෙත් ඒක නෙවෙයි!!! එයාලත් කතන්දරේ දන්න අය නෙවෙයි නේ... එතැනදී වෙන්නේ දිව්‍ය ජීවිතයක් හම්බවෙලා හිටිය සත්වයාටත් පංච උපාදානස්කන්ධය තවදුරටත් පවතින එක නතරකරගන්න බැරි වෙනවා!!! ඒ වගේම, දිව්‍ය මට්ටමේ ජීවිතයක් සකස් කරන්න හේතුවෙච්ච පින් විපාක දීල අවසන් උනාම, තවදුරටත් ඒ මට්ටමේ රැඳී ඉන්නත් බැරිවෙනවා!!! ඉතින් අනිවාර්යයෙන් ඒ මට්ටමෙන් පහලට වැටෙනවා... ඊළඟ සත්වයා හැදෙන්නේ මෙහෙ, නැත්නම් මීටත් පහල තැනක තමයි!!! දෙවිවරු 'සුගතිය' කියල අදහස් කරන්නේ මනුස්ස ලෝකය. මෙහෙ ඉපදිලා ශ්‍රද්ධාව ඇතිකරන්, ධර්මය ඉගෙන ගන්න කියල නේ කියන්නේ... හැබැයි චුතවෙන දෙවියා සෝතාපන්න කෙනෙක් නෙවෙයි!!! ඒ කියන්නේ ඊළඟට මොකක්වෙයිද කියන එක unsure!!! සෝතාපන්න නැත්නම් හතර අපායේ වැටෙන ස්වභාවයෙන් මයි ඉන්නේ... ඉතින්, බොහොමයක් වෙලාවට ඒ ඊළඟ සත්වයා හැදෙන්නේ නිරය / පෙරේත / තිරිසන් ලෝක වල තමයි!!! 'සක්විති රජ උනත්, රජකම් කරලා මරණින් මතු දිව්‍යලෝකේ ඉපදුනාට, ඊළඟ වතාවේ නිරයට ඇදන් වැටෙන්න පුළුවන්!!' කිව්වේ ඒකනේ!!! අනික දෙවියා චුත වෙලා ඊළඟට හැදෙන සත්වයා මනුස්ස ලෝකෙම ඉපදුනත්, ඒ වෙනකොට බුද්ධ සාසනයක් නැතිවුනොත්?? ඒ වෙනකොට 'ධර්මය' කියල තියෙන්නේ, සාසන භක්ෂකලා වලඳපු 'කුණුහරුප බණ' විතරක් උනොත්?? කරන්න කිසිම දෙයක් නෑ... ඊළඟට හැදෙන සත්වයා අනිවාර්යයෙන් හතර අපායේ තමයි!!! තේරෙණවද case එක??? පින් කර කර හිටියට වැඩක් නෑ... නිකම් 'වටේ යාමක්' විතරයි!!! කොච්චර වටේ ගියත් වැඩේ ගැස්සිච්ච ගමන් හතර අපායේ තමයි!!! !!! !!!

    සංසාරේ දිගටම යන්න උනොත් නම්, ඒ කියන්නේ මේ පංච උපාදානස්කන්ධය දිගින් දිගට පවතින්න හැරියොත් නම්, බුදුරජාණන්වහන්සේ දේශණා කලේ 'ණියසිලට ගන්න පුළුවන් පස් චුට්ටක් තරමේ ප්‍රමාණයක් නැවත සුගතියේ (දිව්‍ය/මනුස්ස) උපතක් ලැබුවට, මැරෙන මැරෙන මනුස්සය යන්නේ නිරය / පෙරේත / තිරිසන් ලෝකවල උපත් කරායි!!' කියලයි!!! උන්වහන්සේ පැහැදිලිවම කිව්වා, 'බල්ලෙක් / පූසෙක් උනොත් තව එයින්ම එකෙක් වෙන්න, නැත්නම් ඊටත් පහලට යන්න ලේසියි!! හැබැයි උඩ අතට නම් එන්න අමාරුයි!!!' 'පෙරේතයෙක් උනොත් තව තවත් පෙරේත ආත්මම ලබන්න හරි ඊටත් පහලට යන්න හරි පුළුවන්!! ඒත් උඩට එන්න අමාරුයි!!!' කියල. ඒ කියන්නේ, නැවත නැවත උපදින්න උපදින්න සකස්වෙන්නේ සිටින තත්වයටත් වඩා පහල මට්ටමේ ජීවිතයක් කියන එකයි!!! ඉතින් එහෙම පහලට පහලට රූටගෙන රූටගෙන යන සත්වයා නිරයටම වැටෙනවමයි!! ඊලගට බුදුරජාණන්වහන්සේ පැහැදිලිවම කිව්වා, 'නිරයට වැටුනොත් නැවත මනුස්ස ජීවිතයක් ලැබීමට ඇති අවස්ථාව, කන කැස්බෑවෙක් විය සිදුරෙන් අහස දැකීමටත් වඩා අතිශයින් දුර්ලභයි' කියල!!! ඒ කියන්නේ අනන්ත අප්‍රමාණ කාලයක් නිරයේ ගතකරන්න සිදුවෙනවා කියන එකයි!!! ඉතින් එහෙම බැලුවම, මේ සත්වයෙක්ගේ සංසාර ගමන කියන්නේ එක මනුස්ස / දිව්‍ය ආත්මයකට වරක්, නිරය / පෙරේත / තිරිසන් ලෝක වල ආත්මභාව 10,000 - 15,000 විතර ලබමින් යන අන්තිම දුක්ඛිත ගමනක්!!! !!! !!! 'සංසාරෝඝං මහබ්භයං' සසර සැඩපහර භයානකයි!!! !!! !!!


    හරි! එහෙමනම් ක්ෂණ සම්පත්තියක් ලබපු මේ ජීවිතය තමයි අපිට මේ ජීවිතය අවබෝධ කරන් සංසාර දුකෙන් නිදහස්වෙන්න පුළුවන් තැන කියල දැක්ක නේ?? එතකොට මේ 'කස්ටිය' ඔය වැඩේ කරන්න පටන්ගන්නෙත් පළවෙනි පාරටද???

    සම්ප්‍රදායික විදියට කියනවා නම්, මේ මනුස්සයෝ කවුරුවත් පලවෙනි පාරට මනුස්සයෝ වෙලා ඉපදුන උදවිය නෙවෙයි!!! සත්‍ය සිද්ධිය, මේ ඕනෙම කෙනෙකුට පෙර විසු කඳ පිළිවෙල දකින ණුවන 'පුබ්බේ නිවාසානුස්සති ඥාණය' උපද්දවාගෙන තම තමන්ට ලැබිල තියන අතීත මතකයන් ආවර්ජනය කර කර බලන්න පුළුවන් නම්, ඒකෙ අනන්ත සංඛ්‍යාවක් මනුස්ස ජීවිත ගතකල සත්වයින්ගේ මතකයන් තිබෙන බව දැනගන්න පුළුවන්!!! ඒ මතකයන් සිහිකරන්න පුළුවන්!!! අර... කවුරුවත් නොකරපු විදිය අමුතු වැඩක් කරන්න ගියපු සීයා කෙනෙක්ගේ කතාවක් තියෙන්නේ... අහල / කියවල තියනවද?? සීය කෙනෙකුට හිතුනලු, තමන් මැරුණාම කවුරුවත් වළදාපු නැති තැනක තමන්ගේ සිරුර වළලන්න තිබුණානම් හොඳයි කියල... ඉතින් සීය ඒකට සුදුසු තැනක් හොය හොයා ගිහින් තෝරාගත්තේ තඩි නුග ගහක් තිබ්බ තැනක්ලු. නුග ගහක්ද කියල නම් හරියට මතක නෑ... කොහොම හරි, සීය හිතල තියෙන්නේ එච්චර විශාල ගහක් තියන තැනක කවුරුවත් මිනී වළලලා නැතුව ඇති කියලයි!! අන්න ඒ වෙලාවේ, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ සීයාගේ හිතේ ඇතිවෙච්ච අදහස 'දැකල' එතනට ඇවිල්ල කිව්වලු, 'සීයේ, සීයා මීට කලින් 16,000 වතාවක් ඔය නමින්ම, ඔතනම වලදාළ තියනව!!'යි කියල!!! !!! ඒක ටිකක් special case එකක් නේ... හැබැයි බුදුහාමුදුරුවෝ ඒ සීයටයි, සත්වයෝ / අපි හැම එකෙක්ටමයි පොදුවේ කියල තියෙන්නේ ඊට වඩා ෂෝක් කතාවක්!!!
     
    Last edited:

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    බුදුහාමුදුරුවෝ කිව්වේ, 'මේ එක්කෙනෙක් මනුස්සයෙක් හැටියට ඉපදිලා අම්ම මැරිච්ච වෙලාවල් වල අඬපු කඳුළු එකතු කළා නම් සතර මහා සාගරයේ ජලයට වැඩියි!!' 'මේ එක්කෙනෙක් මනුස්සයෙක් හැටියට ඉපදිලා තාත්ත මැරිච්ච වෙලාවල් වල අඬපු කඳුළු එකතු කළා නම්, ඒත් සතර මහා සාගරයේ ජලයට වැඩියි!!' 'රූස්ස ගහක් කපල අරන්, ඒකෙ පුළුවන් පුළුවන් හැම කොටසින්ම ගිනිකූරු තරමේ පොඩි පොඩි කෝටුකෑලි කපලා හදාගෙන, මේ මගේ මේ ආත්මේ අම්ම... මේ මගේ ගිය ආත්මේ අම්ම... මේ මගේ ගිය ආත්මෙට කලින් ආත්මේ අම්ම... කිය කියා වෙන්කරගෙන වෙන්කරගෙන ගියොත්, කෝටුකෑලි තොගේ ඉවරවෙනවා මිසක් අම්මල පරම්පරාව ඉවරවෙන්නේ නෑ!!' 'රූස්ස ගහක් කපල අරන්, ඒකෙ පුළුවන් පුළුවන් හැම කොටසින්ම ගිනිකූරු තරමේ පොඩි පොඩි කෝටුකෑලි කපලා හදාගෙන, මේ මගේ මේ ආත්මේ තාත්ත... මේ මගේ ගිය ආත්මේ තාත්ත... මේ මගේ ගිය ආත්මෙට කලින් ආත්මේ තාත්ත... කිය කියා වෙන්කරගෙන වෙන්කරගෙන ගියොත්, ඒත් කෝටුකෑලි තොගේ ඉවරවෙනවා මිසක් තාත්තල පරම්පරාව ඉවරවෙන්නේ නෑ!!' කියලයි!!! සහසුද්දෙන්ම කිව්වොත්, මේ හැම එකෙක්ම මීට කලින් අනන්ත / අප්‍රමාණ වාර ගණනක් මනුස්සයෝ හැටියටම ඉපදිලා තියනවා කියලයි!!! !!! !!!

    ඒ වගේම, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ බුද්ධත්වය සඳහා පාරමී ධර්ම සම්පූර්ණ කරමින් බෝධිසත්වයෙක් හැටියට සංසාරේ ගමන්කළ කාලය අතරතුරේ බුදුවරු 512,000 ක් ලෝකයට පහලවෙලා ධර්මය දේශණා කරලා තියන බව බුද්ධ දේශණා වල සඳහන් වෙනවා!!! ඒ කියන්නේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් තරමේ කාලයක් තුල බුදුවරු 512,000 ක් ලෝකයේ පහලවෙලා කියන ඒක නේ?? එහෙමනම්, බුදු ණෙතට වත් පේන්නේ නෑ කියපු මෙච්චර දීර්ඝ කාලයක් තිස්සේ සංසාරේ සැරිසරන බොලා / අපි කොච්චර බුදුවරු දැකල ඇත්ද??? අපිට කොච්චර බුද්ධ සාසන මුණගැහිලා ඇත්ද??? උඹල නිකමටවත් මේවා හිතුවද??? ??? ???

    විශ්වයේ කොයි සක්වලක සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් පහල වුනත්, ඒ හැම බුදුකෙනෙක්ම හැම අතින්ම සමානයි!!! උන්වහන්සේලා සියලු දෙනාම කරන්නේ, චතුරාර්ය සත්‍යය / සසරදුකින් නිදහස් වීමේ වැඩපිළිවෙල ලෝකයෙන් සම්පූර්ණයෙන්ම අතුරුදහන්ව ඇති කාලයක ලෝකයේ පහලවෙලා, තමන්වහන්සේ විසින් නැවත වරක් එම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන, ලෝකයාට හෙළිදරව් කර දීමයි!!! ඒ හැම බුදුවරයෙක්ම අවබෝධ කරගන්නේ, ලෝකයාට හෙළිදරව් කරන්නේ එකම ලෝකධර්මතාවය ගැන තමයි!!! තවත් පැහැදිලි කලොත්, සෑම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක්ම දේශණා කරන්නේ අපි මේ දැන් අහන, ගෞතම බුදුරජාණන්වහන්සේ කියා දුන්නු, මේ චතුරාර්ය සත්‍ය, මේ පටිච්චසමුප්පාදය සහ මේ ආර්යෂ්ඨාංගික මාර්ගය ගැනමයි!!! !!! !!!

    ඉතීන්... සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ, 'පිං කරපල්ලා... උඹලට පිං මදි... පෙරුම්පුරපල්ලා... පිළිවෙත් සම්පූර්ණ කරපල්ලා... කැමති බෝධියකින් ණිවන් දකින්න ප්‍රර්ථනා කරපල්ලා...' කිය කියා ගොං කතා කිව්වම, තොපි ඒවා පිළිගත්තේ, තොපි මේ පළවෙනි පාරට බණ අහන, කුලුඳුලේ ධර්මය මුණගැහුණු එවුන් කියල හිතුවද??? ??? ??? යකුනේ, බොලා / අපි සේරම ඇවිල්ල, බුද්ධ සාසනයක් මුණගැහුණු, ක්ෂණ සම්පත්තියක් හිමිවුනු වාසනාවන්ත පිරිසක් නෙවෙයි... ඇත්තටම නම්, උඹල / අපි හැමෝම, බුද්ධ සාසන දහස්ගණනක් පහුකරගෙන ආව, මීට කලින් ලැබිච්ච ලැබිච්ච ක්ෂණ සම්පත්ති හැම එකක්ම නැති නාස්ති කරගත්ත කාලකණ්නි රොත්තක්!!! !!! !!! හැම බුද්ධ සාසනයකදිම සාසන භක්ෂක කාලකණ්නින්ට අහුවෙලා, මුලාවෙලා අවස්ථාව මගහැරෙන්න ඇති... ඒකයි මේ තරම් දුරක් එන්න වෙලා තියෙන්නේ!! තොපි තාම දානයේ ආනිසංස... සීලයේ ආනිසංස... කියව කියවා හිටියට, ලෞකික ලෝකෝත්තර කෑලි අල්ලගෙන හප හපා උන්නට, තාමත් ණිවන් දකින්න පිං රැස්කරන්න දඟල දඟල හිටියට,
    තොපි හැම එකෙක්ම මීට කලින් ආත්ම බර ගණනක් තිස්සේ ඔය ටික ඔය විදියටම කරගෙන ආව... 'කුර ගෙවෙනකම්' මේ ආර්ය අෂ්ඨාංගික මාර්ගයේම ගියපු... 'පටි රෝල් වෙනකම්' මේ පටිච්චසමුප්පාදයම කියව කියව හිටපු... ගොං රැලක්!!! !!! !!! තොපි හැම එකෙක්ම බැලුවොත් කවද හරි අතීත ජන්මයක මහණවෙලා ඉඳලත් වැඩේ අනාගත්ත කාලකණ්නියෙක්!!! !!! !!! තොපි මේ බව දන්නවද??? ??? තොපි නිකමටවත් මේවා ගැන හිතුවද??? ??? ???

    අතීතයේ මහා ඉහලින් වැජඹිච්ච, පට්ටං / නම්බුනාම ඕසෙට තිබිච්ච, සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ සියලු වැඩකටයුතු ලෑස්තිකරලා තිබුණේ තොපිට ගෞතම බුද්ධ සාසනයත් කෙලවිලා යන්න බව තොපි දන්නවාද??? උං පිරිසුදු බුද්ධ දේශණා කූරුගාල, බුද්ධ දේශණා කපල කොටලා අභිධර්මය කියල අච්චාරුවක් හදල, බුද්ධ දේශණා උන්ට ඕනේ ඕනේ විදියට තෝරලා, වැදගත් කොටස් වෙනස් කරලා / අයින් කරලා, ඒ වෙනුවට පිළිවෙත් පුරන / පෙරුම්පුරන කුණුහරුප දාලා, ගණන්හදන්න calculator ඕනේ වෙන කෙලෙස් 1500 කතන්දර, කුසල්-අකුසල් සිත් / මාර්ග සිත් - ඵල සිත් කතන්දර හදලා, මෙලෝ යකෙකුට මේ කපේදී ණිවන් දකින්න බැරිවෙන්න ලස්සනට වැඩේ දීල තියන බව තොපි දන්නවාද??? ??? දැනටත් whole sale එකේ අහන්න ලැබෙන බණ කතා, ධර්ම සාකච්චා, ධර්ම දේශණා, අනුසාසනා වැඩිහරියක් තියෙන්නේ තොපිට ගෞතම බුද්ධ සාසනයෙදිත් සංසාර දුකෙන් නිදහස්වෙන්න බැරිවෙන විදියට 'පාර වහන්න' බව තොපි දන්නවාද??? ??? ???

    භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ දේශණා කලේ, "ජීවමාන බුදුකෙනෙක් ලෝකයේ පහලවෙලා ඉන්න කොට, අපාය හිස්වෙනවා දිව්‍යලෝක පිරෙනවා... ජීවමාන බුදුකෙනෙක් ලොවේ නැති උනාම, අපාය පිරෙනවා දිව්‍යලෝක හිස්වෙනවා..." කියලයි!!! උඹල දන්නවද ඇයි ඒ? කියලා?? 'සාති' කියල සංඝ කෙනෙක් බුදුහාමුදුරුවෝ ඉන්දැද්දිම, 'මට අවබෝධ උනා... මට අවබෝධ උනා... භාග්‍යවතුන්වහන්සේ කියන්නේ මේ එකම විඥාණයක් තමයි භවයෙන් භවයට ගමන්කරන්නේ කියලයි...' කියල පිස්සුවක් කෙලින්න තියාගත්තලු!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේට ඒ බව දැනගන්න ලැබුණු සැනින් ඒ සංඝයාට කතා කරලා, 'කාටද මෝඩයෝ මම එහෙම කතාවක් කිව්වේ?' කියල ප්‍රශ්ණ කරලා, වැරැද්ද හැදුවලු!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ජීවමානව වැඩ සිටිය නිසා ඒක කරන්න ලැබුණට, උන්වහන්සේ ජීවමානව නැති දවසට මොකද වෙන්නේ??? එතකොට ගොන්නු / බූරුවෝ සාසනේට රිංගලා, පැවිදිවෙලා උන්ට හිතෙන හිතෙන ඒවා කියන්න, උන්ට ඕනේ ඕනේ විදියට ධර්මය විග්‍රහ කරන්න යනවා!!! !!! !!! මේ වෙලා තියෙන්නේ ඒක තමයි... කාලකණ්නි ගොං සංඝයෝ ධර්මය වළඳලා... සාසනේ ගූ කරලා... ඒත් ඒවා නිවැරදි කරන්න, ඇත්ත මොකද්ද බොරුව මොකද්ද පෙන්නන්න කෙනෙක් නෑ!!! සංසාර දුකෙන් නිදහස් වෙන්න ඒ සඳහා කලයුතු දේ කරන්න ඕනේ!!! !!! තමන්ට හිතෙන හිතෙන කුණුහරුප කලාට සංසාරෙන් නිදහස්වෙන්න ලැබෙන්නේ නෑ!!! !!! !!! ඉතින් ඒ කුණුහරුප බණ අහන කුණුහරුප බණ පිළිපදින එවුන් මැරි මැරී දුගතියට යනවා... දිව්‍යලෝක හිස්වෙවී අපාය පිරෙනවා!!! බුදුහාමුදුරුවෝ දෙයක් කිව්වා නම්, ඒක එච්චරම තමයි!!! !!! !!!

    භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ලෝකය දුටුවේ නෙලුම් පොකුණක් වගෙයි!!! නෙලුම් පොකුණක වතුරෙන් ඉහලට මතුවෙලා පිපෙන්න බලාගෙන ඉන්න නෙලුම් පොහොට්ටු තියනවා... වතුර යට තියන පොහොට්ටු තියනවා... හැදීගන එන පොහොට්ටු තියනවා... ඉර පායන කොට, අර වතුරෙන් උඩට මතුවෙලා පිපෙන්න බලන් ඉන්න පොහොට්ටු පිපෙන්න පටන්ගන්නවා!! ඒත් අනික් ඒවා ඒ වගේ පිපෙන්නේ නෑ. ඒවා හැදෙන්න කාලයක් යනවා. ඒ වගේම පිපෙන්න ලක ලෑස්ති වෙච්ච නෙලුම් පොහොට්ටු කොච්චර තිබුණත්, හිරු පෑයුවේ නැත්නම් ඒවා පිපෙන්නේ නෑ!! පරවෙලා යනවා!!! නෙලුම් පොහොට්ටු වගේ මිනිසුන්ට සත්‍ය අවබෝධ කරගෙන පිපෙන්න 'සංසාර දුකින් එතෙරවෙන්න' උපකාර වුන සූර්යාලෝකය තමයි භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ!!! උන්වහන්සේ පුරා 45 වසක් නෙලුම් පොහොට්ටු වලට පිපෙන්න උපකාර කළා!!! ඒ කාලය හොඳටෝම ඇති මුළු පොකුණේම තියන නෙලුම් ගස්වලින් පොහොට්ටු හැදිලා ඒවා වතුරෙන් උඩට මතුවෙලා පිපෙන්න විතරක් නෙවෙයි, ගසුත් මැරිලා... පොකුණත් අනිත්‍යවෙලා... ඒක ගොඩකරලා ගෙවල් හදන්න හිට!!! ඉතින් බුද්ධ කාලේ නොපිපුණ පොහොට්ටු තිබුණා නම්, එක්කෝ ඒවා නෙලුම් පොහොට්ටු නෙවෙයි... ඒ නිකම්ම නිකම් 'ගොං' පොහොට්ටු!!! එහෙම නැත්නම්, හිරු එලිය නොවැටුන / නොවටිච්ච දිහාවල් වල තිබිච්ච පොකුණු වල හැදිච්ච පොහොට්ටු!!! (වෙන වෙන ආගම් බදාගත්තු / වෙන ජාති වලට අයත් නැත්නම් දුර රටවල් වල ඉපදිලා හිටිය අය!! ඒ අය ගැන නම් ඉතින් කරන්න දෙයක් නෑ නේ...) දැන් භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ අපි අතරේ නෑ... ඒත් උන්වහන්සේ කිව්වා, "තථාගතයානන්වහන්සේ නැති දාට තථාගතයානන්වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මය ඔබලාගේ ශාස්තෘන්වහන්සේ වනු ඇත!!" කියල...

    හරි! එහෙමනම් ඉතින් අවුලක් නෑ නේ?? ධර්මය තියනවා නම් අදටත් 'ශාස්තෘන් වහන්සේ' ඉන්නවා නේ??? ඒත්, ඇයි මේ නෙලුම් පොහොට්ටු නොපිපෙන්නේ??? ??? ??? තොපි අත් දෙකම උස්සල, නැත්නම් අත් දෙකයි කකුල් දෙකයි සේරම උස්සල පිළිගන්නවද 'අපි නෙලුම් පොහොට්ටු නෙවෙයි... අපිත් ගොං පොහොට්ටු!!' කියල??? නෑ බොල. තොපිලගේ නෙවෙයි වැරැද්ද... උඹලට හම්බ වුනේ 'නියම හිරු එලිය' නෙවෙයි!!! ඒක 'හිරු එලිය' (ධර්මය) වගේ තිබුණට, 'ධර්මය විදියටම' පේන්න හදාපු, සත්වයින් සංසාර දුකින් නිදහස්වීම වලක්වන මර උගුලක්!!! !!! !!! ඔය සාසන භක්ෂක කාලකණ්නි කූරුගාපු 'ගූ කරපු' ධර්මය අහල, කියවල, ඉගෙන ගෙන ණිවන් දකින්න බෑ!!! !!! !!! ඒවාට රැවටුනොත් සංසාරේ එහෙම්පිටින් ඇනෙනවා!!! !!! !!!
    අපේ කාලේ වෙනකොටත් ගෞතම බුද්ධ සාසනය වළඳලා ඉවර කරලයි තිබුණේ!!! !!! !!! සාසනයක් තිබ්බේ නෑ... තිබ්බේ කුණුහරුප වැඩපිළිවෙලක් විතරයි!!! !!! !!! හැම එකාම මයිත්‍රී බුදුන් දකින්න පෙරුම් පුර පුරයි හිටියේ... එකෙක්වත් මේ බුද්ධ සාසනයේ ණිවන් අවබෝධ කරන්න පුළුවන් කියල අහලවත් තිබ්බේ නෑ!!! !!! !!! අපේ හාමුදුරුවොන්ට පින්සිද්ධවෙන්න, කල්‍යාණමිත්‍ර සම්‍යක්දෘෂ්ඨික දෙවි දේවතාවුන්ට පින්සිද්ධ වෙන්න, තමයි අපිට යාන්තම්, අහම්බෙන් වගේ, ගෞතම බුද්ධ සාසනයේ පිහිට / පිළිසරණය ලබන්න අවස්ථාව උදා උනේ!!! !!! !!! නැත්නම් තොපිට බණ කියන්න ආව මාත් හබක්!!! දැන් නම් ඉතින් සංසාර අනතුර කොච්චර භයානක උනත් මං උඹල කාටවත් ආයිනම් වලේ වැටෙන්න ඉඩ තියන්නේ නෑ!!! !!! !!! හැබැයි මේ සේරම අපේ හාමුදුරුවෝ නිසයි!!! !!! !!! වඳිනවානම් බුදුරජාණන්වහන්සේගේ පින්තුරයකට / පිලිරුවකට පහලින් උන්වහන්සේගේ පිංතූරයක් තියාගෙන වැඳහල්ල අපිව බේරගත්තට!!!
     
    Last edited:
    Jun 19, 2011
    760
    60
    0
    ගිරිපුර
    මද්දහනේ බණ අහන්න බෑ බන්.. පෝය දවසට බම්ප් එකක් දාහන්කෝ.... වෙලාවක් තිබ්බොත් බලන්න බැරියැ.:P
     

    Saundiris

    Junior member
  • Nov 28, 2011
    228
    10
    18
    ඕකා කොහෙද ඉන්නේ?*@~?..>??

    සැහෙන බරපතල ප්‍රශ්නයක් තියනවනේ... මම කියල කෙනෙක් නැද්ද? මම කියල කෙනෙක් ඉන්නවද? මම කියල කෙනෙක් නැත්නම් ණිවන් දකින්නේ කවුද? එහෙම කියල... නේද?

    ඕකා කොහෙද ඉන්නේ? අන්න ඒකයි මගේ ප්‍රශ්ණේ??
    Damith Kariyawasam said:
    මේ... දැන් ඔය 'වැඩිපුර පින් ටිකක් කෙරුණොත් දිව්‍යලෝකෙට යැවෙයි...' කිව්වම, "පින් කරගත්ත නම් 'මට' දිව්‍යලෝකේ යන්න පුළුවන් වෙයි!" කියල හිතන්න එපා!!! එතැනදී වෙන්නේ, තමුන්ට මේ සැරේම පංච උපාදානස්කන්ධය තවදුරටත් පවතින එක නතරකරගන්න බැරි උනාට, මනුස්ස මට්ටම ඉක්මවල දිව්‍ය මට්ටමේ ජීවිතයක් සකස්කරන්න තරම් පින් එක්රැස්වෙලා තිබුණොත්, මේ පංච උපාදානස්කන්ධය නිසා හැදෙන ඊළඟ සත්වයා දිව්‍යලෝකෙක හැදෙන එක විතරයි!! හැබැයි ඒ තමුන් නෙවෙයි!!! !!! !!!

    මෙන්න මෙතන පොඩි හුට්ටප්පරයක් තියෙනව:confused::confused:

    හැබැයි ඒ තමුන් නෙවෙයි!!! !!! !! මේ කතන්දරේ සැප පැහැදිලි කිරීමෙදි විතරක් අදාල කරගන්නෙ ඇයි????
    :baffled::rolleyes:

    හැබැයි ඒ තමුන් නෙවෙයි!!! !!! !! නම් ඊලගට හැදෙන සංකතයා (මොකෙක් හරි ) මොන පවක් කරල නිරයේ ගිහින් මොනතරම් දුක් වින්දත් අපිට මොකද???:rofl::baffled::oo::rolleyes:

    මොන බයියෙක් හරි වෙලා කවුරු උනත් මොන ලෝකෙක ඉපදුනත් ඌට ජාති, ජරා, ව්‍යධි,.... මරණ. කියන අනිවාර්ය දුක් SET එකක් කන්න තියෙන නිසාද?
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මෙන්න මෙතන පොඩි හුට්ටප්පරයක් තියෙනව :confused::confused:

    කිසි හුට්ටප්පරයක් නෑ!!! තෝ මේ ජීවිතේ ඔහොම p.uttek හැටියට ඉපදිලා තියෙන්නෙත් ඒ වැඩපිළිවෙලට අනුවමයි!!! උඹ මීට කලින් හිටියේ නෑ... නමුත් දැන් තෝ ඉපදිලා ඉන්නේ මීට කලින් හිටපු එවුන් කරපු කියපු ඒවායේ විපාක හැටියටයි!!!
    කලින් හිටපු එවුන් ජීවත් වෙද්දී උනුත් හිතන්න ඇති, 'ඊලගට හැදෙන සංකතයා (මොකෙක් හරි ) මොන පවක් කරල නිරයේ ගිහින් මොනතරම් දුක් වින්දත් අපිට මොකද?' කියල... ඒත් දැන් කොහොමද තොට දැනෙන විදිය??? ඔන්න ඔතනයි ප්‍රශ්ණේ!!!
    මේ පැවැත්ම දිගින් දිගට යන්න ඉඩ හැරියොත්, අනාගතේදීත් අම්බානට සත්වයෝ හැදිලා 'තෝ වගේම' දුක් විඳීවි!!!


    'හැබැයි ඒ තමුන් නෙවෙයි' කතන්දරේ සැප පැහැදිලි කිරීමෙදි විතරක් අදාල කරගන්නෙ ඇයි??? :baffled::rolleyes:

    උඹගේ උවමනාවට ඉල්ලලා, දානේ දීල / පින්කරලා බලාපොරොත්තු ඇතිකරගෙන නේ 'සැප' ගන්න යන්නේ??? එතකොට ලැබෙන්නේ නෑ!!!

    කන්න වෙන එකක් නෑ... return එකක් හම්බවෙන එකක් නෑ... කියල හිතල බලුවැඩ කලාම නම්, උඹ ඉල්ලන්න / බලාපොරොත්තුවෙන්න ඕනේ නෑ!!!
    ස්වභාවධර්මය පෙරේතයෙක් / නිරිසතෙක් හදල, උඹව 'පණ පිටින් ඇදගෙන ගිහින්' ඒකට ඔබනවා වගේ ලස්සනට වැඩේ දෙනවා!!!

    ඔන්න ඔය නිසා සැප විඳින්න වෙනකොට උඹ නෙවෙයි!!! උඹ ඉල්ලුවට / බලාපොරොත්තු උනාට සැප හම්බවෙන්නෙත් නෑ!!!
    හැබැයි දුක විඳින්න වෙනකොට ඒ උඹම තමයි!!! පණ පිටින් ඇදගෙන යනවා වගේම තේරෙයි!!!


    මොන බයියෙක් හරි වෙලා, මොන ලෝකෙක ඉපදුනත්, ඒ ඉපදෙන ඉපදෙන එකාට ජාති, ජරා, ව්‍යධි, ... මරණ. කියන අනිවාර්ය දුක් SET එක කන්න වෙනවා!!! කැමති නම් කාපං!!! :growl::growl:

    PS. උඹත් මුලදී කලේ පොඩි රඟපෑමක් විතරයි, තෝත් නිකම්ම නිකම් p.uttek කියල පස්සෙ මට තේරුණා. මං එහෙම එවුන් ගැන කිසි interest එකක් නෑ!!!
     

    Saundiris

    Junior member
  • Nov 28, 2011
    228
    10
    18
    නැතො.........

    Damith Kariyawasam; ඒ වගේම said:
    ඒ කියන්නේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් තරමේ කාලයක් තුල බුදුවරු 512,000 ක් ලෝකයේ පහලවෙලා කියන ඒක නේ??[/U]
    නැතො......... :rolleyes::rolleyes:

    මෙන්න ඇත්ත කාල වකවනු....:yes::yes:


    Uploaded with ImageShack.us
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    කිසි හුට්ටප්පරයක් නෑ!!! තෝ මේ ජීවිතේ ඔහොම p.uttek හැටියට ඉපදිලා තියෙන්නෙත් ඒ වැඩපිළිවෙලට අනුවමයි!!! උඹ මීට කලින් හිටියේ නෑ... නමුත් දැන් තෝ ඉපදිලා ඉන්නේ මීට කලින් හිටපු එවුන් කරපු කියපු ඒවායේ විපාක හැටියටයි!!!
    කලින් හිටපු එවුන් ජීවත් වෙද්දී උනුත් හිතන්න ඇති, 'ඊලගට හැදෙන සංකතයා (මොකෙක් හරි ) මොන පවක් කරල නිරයේ ගිහින් මොනතරම් දුක් වින්දත් අපිට මොකද?' කියල... ඒත් දැන් කොහොමද තොට දැනෙන විදිය??? ඔන්න ඔතනයි ප්‍රශ්ණේ!!!
    මේ පැවැත්ම දිගින් දිගට යන්න ඉඩ හැරියොත්, අනාගතේදීත් අම්බානට සත්වයෝ හැදිලා 'තෝ වගේම' දුක් විඳීවි!!!




    උඹගේ උවමනාවට ඉල්ලලා, දානේ දීල / පින්කරලා බලාපොරොත්තු ඇතිකරගෙන නේ 'සැප' ගන්න යන්නේ??? එතකොට ලැබෙන්නේ නෑ!!!

    කන්න වෙන එකක් නෑ... return එකක් හම්බවෙන එකක් නෑ... කියල හිතල බලුවැඩ කලාම නම්, උඹ ඉල්ලන්න / බලාපොරොත්තුවෙන්න ඕනේ නෑ!!!
    ස්වභාවධර්මය පෙරේතයෙක් / නිරිසතෙක් හදල, උඹව 'පණ පිටින් ඇදගෙන ගිහින්' ඒකට ඔබනවා වගේ ලස්සනට වැඩේ දෙනවා!!!

    ඔන්න ඔය නිසා සැප විඳින්න වෙනකොට උඹ නෙවෙයි!!! උඹ ඉල්ලුවට / බලාපොරොත්තු උනාට සැප හම්බවෙන්නෙත් නෑ!!!
    හැබැයි දුක විඳින්න වෙනකොට ඒ උඹම තමයි!!! පණ පිටින් ඇදගෙන යනවා වගේම තේරෙයි!!!




    PS. උඹත් මුලදී කලේ පොඩි රඟපෑමක් විතරයි, තෝත් නිකම්ම නිකම් p.uttek කියල පස්සෙ මට තේරුණා. මං එහෙම එවුන් ගැන කිසි interest එකක් නෑ!!!

    ai thota wena kunu habba kiyan eke pissu huttek kiyala kiyanna bari ponnayo ?

    Damith ponna Kariya wasam
    :angry::angry: