wowමෙන්න එහෙනම් යාළුවනේ ඊලග ගීතය.... මේකට දෙන කමෙන්ට්ස් මට වටිනව. ඊලග එක දාන්න ඒක ලොකු ධෛර්යයක්....
ඔයාට මම කොච්චරනම් ආදරේ කලාද කෙල්ලෙ.... ඒක මෙච්චරයි කියල මැනල දෙන්න පුළුවන් මිනුම් දණ්ඩක් මම දන්නෙ නෑ... ඒක නිසාද ඔයාට මගේ ආදරේ ප්‍රමාණය, ගැඹුර තේරුම් ගන්න බැරි වුනේ... තේරුම් ගන්න කෙල්ලෙ ගැහැණියෙකුට වඩා පිරිමියෙකුගෙන් ඇස්වලින් ගලන කදුළු බර වැඩියි.......
තම ජීවිතේම කියල හිතාගෙන ආදරය කරපු කෙල්ල දාල ගියාම හිතෙන දේ මොනවගේද කියල කියන්න ඕනි නෑ. ඒක තේරෙන්නෙත් නැතිව නෙමෙයි.... මම ඔයාගෙ ජීවිතේ එක්ක කොච්චර සිහින මැවුවද? ඔයා ඒ ඔක්කොම බිදල දාල එක මොහොතකින් වෙනකෙනෙක් එක්ක ඔයා ගියා.... මම දන්නව ඔයා එන්නෙ නෑ.... නමුත්.... මම එකපාරටම කොහොමද දෙවියනේ හිත හදාගන්නෙ.....
මෙහෙම විරහ වේදනාව තනිවම කාමරයක ඉදගෙන විදවන එක ලේසි පහසු කටයුත්තක් නෙමෙයි... කොල්ලෙක් නිසා විලාප ගහල අඩන්නත් බෑ.... දවස් ගෙවෙනව... දිනෙන් දින කැලෙන්ඩරේ දින ගලාගෙන යනව.... දැන් ඒවගේ ඔයාටත් මාව අමතක වෙනව ඇති......
දවසින් දවසට කොළයෙන් කොළයට
කොළ අඩුවෙනවා දින දසුනේ
මොහොතින් මොහොතට මා ගැන සටහන්
වියැකී යනවා ඔබ මනසේ
හද තියෙන රැයක හා නැති රැයක කොයිතරම් නම් වෙනසක් තියෙනවද.... ආලෝකය හා අදුර අතර කොතරම් වෙනසක්ද..... ඒත් කෙල්ලෙ ඔයා දන්නවද මට නම් ඒ දෙකේම කිසිම වෙනසක් තිබුණෙ නෑ.... ඒ වගේම ඒ දෙකම වැඩකුත් නෑ.... මොකද ඔයාට තේරුම් ගන්න බැරි උනාට මගේ හදවත නැමති කුටියෙ සද නැමති ආලෝකය උනේ ඔයා.... ඒ ආලෝකය ඔයා නිවල දැම්මෙ... මගේ ඒ සිතුවිලි ඔයාගෙ සිතුවිලි තරම් සියුම් නෑ කියල ඔයා කොහොමද කියන්නෙ ........? මම මේව ඔයාට ප්‍රකාශ නොකරපු නිසාද?
පුරපස අවපස වෙනසක් වූවද
ඔබ වෙයි සඳ මගෙ හද අඹරේ
මගෙ ඒ සිතුවිලි හා සබැඳේවි ද
මුදු සිතුවිලි ඔබ හද මැදුරේ
කොහොමින් හරි ... කාලය ගෙවිල යනව මම පුරුදුවෙනව ඔයා මම ගැන කියපු විදියට හිතන්න... ආදරේ නෑ, ආදරේ කරන්න දන්නෑ, ඔයා හොදනෑ, ඔයා හැදෙන්නෑ, කියනදේ අහන්නෑ, එහෙමනේ ඔයා කියන්නෙ මට හා මගේ මේ ආදරේට... මෙහෙම කියන්නෙ තුන්හිතකින්වත් ඔයාට තියෙන තරහකට නෙමෙයි... ඔයා මට කරන චෝදනා මට හොදට හුරුයි මම ඒ විදියටම හිතන්නම්... මට තේරෙනව කාලය, දිනෙන් දින ගෙවෙනකොට .... ඒ විදියට හිතනකොට මට පුළුවන් වෙනව කියල හිත හදා ගන්න..... දැන් මගේ හිත මුළින් තිබුනු තරම් දුක්වෙන්නෙ නෑ..... ඒකටත් ඔයාට පින්. මොකද මොන විදියකින් වත් හදා ගන්න බැරිවුන හිත ඔයා මට කියපුව ගැනම හිතල මට හදාගන්න පුළුවන් උනාට.
සිතුවෙම් සිතනෙමි හුරු ලෙස ඔබ ගැන
මගෙ හිත චංචල වූයේ නෑ
දින දසුනේ තව එක කොළයක් ඇත
එක දවසකි ඉතිරිව ඇත්තේ
මම හිත හදාගන්නම්.... ඔයා බොළද පොඩි කෙල්ලෙක් මට අන්තිමටත් කියන්න තියෙන්නෙත් එපමණයි කෙල්ලෙ. මම හැමදාම කිව්වෙත් එහෙමයි.... ඔයා මට රිදවන්න, මට පේන්න වෙන කෙනෙකු ලගට ගියාට ඇයි පොඩි කෙල්ලෙ, ඇයි දරුවො මාව තේරුම් ගත්තෙ නැත්තෙ .... ඔයා තේරුම් ගත්තෙ නෑ එහෙනම් දැනවත් මෝඩ කෙල්ලෙ තේරුම් ගන්න මාසයක්, අවුරුද්දක් ගිහින් හරි යතාර්ථයට මුහුණ දීල මටත් වෙන පැත්තක් බලන්න වෙනව කියන එක.........
සිතන්න බොළඳියෙ මගේ කුටියටත්
ඔබෙ කුටියට මෙන් වසරින් වසරට
නව දින දසුනක් එනවා..
කේ.ඩී.කේ.ධර්මවර්ධන නම් වූ අපූර්වතම ගේය පද රචකයා එඩ්වඩ්ට ලියූ එක ම ගීය මෙයයි. අවුරුදු 35 ක් විතර පැරණි මේ ගීය එඩ්වඩ්ගේ සංගීත දිවියේ එක කඩඉම් ගීතයක්. මේක එදා වගේම අදටත් ජනප්‍රියයි.
දවසින් දවසට කොළයෙන් කොළයට
කොළ අඩුවෙනවා දින දසුනේ
මොහොතින් මොහොතට මා ගැන සටහන්
වියැකී යනවා ඔබ මනසේ
පුරපස අවපස වෙනසක් වූවද
ඔබ වෙයි සඳ මගෙ හද අඹරේ
මගෙ ඒ සිතුවිලි හා සබැඳේවි ද
මුදු සිතුවිලි ඔබ හද මැදුරේ
සිතුවෙම් සිතනෙමි හුරු ලෙස ඔබ ගැන
මගෙ හිත චංචල වූයේ නෑ
දින දසුනේ තව එක කොළයක් ඇත
එක දවසකි ඉතිරිව ඇත්තේ
සිතන්න බොළඳියෙ මගේ කුටියටත්
ඔබෙ කුටියට මෙන් වසරින් වසරට
නව දින දසුනක් එනවා..
ගේය පද : - කේ.ඩී.කේ.ධර්මවර්ධන
සංගීතය:- රෝහණ වීරසිංහ
ගැයුම:- එඩ්වඩ් ජයකොඩි
අපේ යාළුවනේ මොකද කියන්නෙ මචන්ස්ලා.......
mama monada danne kiyala hithanawa!
e wagema hithata me taram lan une ne me sinduwa me wenakam!
le walatama weduna....



