සුන්දර ගීයක ඇරබුම,..

sEE_dA_trUth

Well-known member
  • May 15, 2009
    1,504
    399
    83

    අනේ සහොදරයා.... මම එහෙම කිව්වෙ ලංකාවෙ ඉන්න ප්‍රවීන කියල කියන විචාරකයො ගැන මිසක් මෙතන ඉන්න අය ගැන නෙවේ. එහෙම අදහසක් අවා නම් මම ඔවුන් ගෙන් සමාව ඉල්ලනවා.........

    පොඩි උදාහරනයක් කියන්නම් චින්ති කියන ගායකයගෙ සොකරි ගීතය අපේ ප්‍රවීන විචාරකයන් ගෙන් කොච්චර බනුම් අහුවද.......... හොදට ඒ පද පෙල අහල බලන්න එකේ කියන්නෙ සොකරි රංගනය බලන වෙලාවේ නව යොවුන් වියේ ඉන්න කෙනෙකුට ඇතිවූ ජීවිතයේ පලමු රාගික හැගීම ගැන.
    සොකරි නාට්‍ය වල ගැහැනු චරිත කරන්නේ ගැහැනු විදියට ඇදගත් පිරිමි අය ඔවුන් ඒ වෙලාවෙ පාවිච්චි කරන වචන, ගැහැනු විදියට රගපාන විදිය, ඔවුන් ඒ දෙන හැගීම් ගැහැනුන්ට අන්තයි. ඒ වෙලාවට පිරිමියෙකුට රාගික හැගීම් ඇතිවෙන එක සාධාරනයි. අනික ඒ රගපාන පිරිමි කංසා අරක්කු වැනිදැ පාවිච්චි කරනවා ඔවුන්ගේ මහන්සිය නිදිමත මකාගන්න, කටහඩ හොදට පවත්ව ගන්න(මට කිව්වෙ ඒ වගේ රගපාන කෙනක්) එක ඒ ගීතයේ දැක්වීම ලොකු හානියක් නෙවෙයි.

    ඒක එහෙම වරදක් නම් ජයලත් මනෝරත්න මහතා ගේ තල මල පිපිලා නාට්‍යයේ දී එතුමාගෙම ගීයක තියනවා මෙන්න මෙහෙම පද පෙලක්

    හකුරුත් දුංකලත් කංසා එක පමන
    ඇඹරූ ලෙසට අල්ලේ පොඩිකරල ගෙන
    කංසා ගඩුගුඩාවට දිය වත්කරන
    ගුරුවත් සොකරිත් බොති කංසා ඉඟන

    මේ පද වල ඉතුරු ටික මට දැන් මතකෙට එන්නෙ නැ

    ඒම ගීත අග්‍රගන්‍ය කලාකෘති වුන අය චින්තිට බලු බැනුම් බැන්නා ඒක වචනෙට........
    මම මෙතනිදි කියන්න හැදුවෙ සමහර ප්‍රවීන විචාරකයො ගීත වලට විචාර එක්කරන්නෙ කොන්ද පන නැති විදියට ඒ හෙතුව නිසාම සමහර හොද ගීතරචකයන් දැන් යාලුවෙක් ඉල්ලුවොත් උදව්වක් විදියට පෙම් හසුනක් විතරක් ලියන තැනට වැටිලා.........
    අනික් ඒක ඒ පද රචනය චින්ති කියන පුද්ගලයා පාවිච්චි කරපු ආකාරය නම් මමත් වැරදියට තමයි දකින්නෙ. ඔහු ලංකාවෙ වැවෙන්නෙ නැති ගස් බලෙන් වවන්න හදන කෙනෙක් විදියටයි මම දකින්නෙ...

    මම මෙතනිදි කියන්න හැදුවෙ ඒක වචනයක් හා ගායකයා නිසා පදරචකයාව හෑල්ලු කල විචාරයේ කුහකත්වය ගැන

    මම නැවත කියන්නෙ මගේ පෙර post එකන් කියන්න හැදුවෙ ලංකාවේ ප්‍රවීනයි කියන සමහරක් ගැන විනා sasliit, dath kumbula හෝ අනෙක් සහෝදර වරුන් ගැන නොවේ. ඔවුන්ටත් එහෙම අදහසක් ආවා නම් මම නැවත ඔවුන් ගෙන් සමාව ඉල්ලනව

    උඹේ කතාව හරි මචං, ලංකාවෙ අදහස් පාලනය කරන පන්තියත් එක්ක කලාකෘතියෙ අයිතිකාරයාට තියෙන බොක්කට සාපේක්ෂව වැඩිහරියක් විචාරයට ලක්වෙනව
    කියලයි මට හිතෙන්නෙ..

    ‍පොඩ්ඩක් හිතපන්කෝ..

    අළුත් පරම්ප‍රාවෙ ගායකයෙක්ගෙ කටහඬ එච්චර ගැඹුරු නැත්තන් ඌට බනිනවා ගෑනු කටහඬක් තියෙන්නෙ, නපුංසක කටහඬවල් තියෙන්නෙ කියලා,
    හැබැයි ඒකම පරණ මනුස්සයෙක් ගෙ නං ලයාන්විත ක‍ටහඬක්, හැඟීම්බරයි...

    අළුත් එකෙක් ගැඹුරු හඬකින් කීවොත් ගොරෝසු, රළු කටහඬක්, පරණ මනුස්සයෙක් නං නියම පෞර්ෂයක් තියෙන, පිරිමි හඬවල්..

    කොතනත් එහෙමයි මචං...

    ඔහු ලංකාවෙ වැවෙන්නෙ නැති ගස් බලෙන් වවන්න හදන කෙනෙක් විදියටයි මම දකින්නෙ...

    හි හි.. නියම කතාව,
    චින්ති ගෙ සොකරි වල පද මොනවා උනත් මචං ඌ සින්දුව විනාස කරල තියෙන හැටියට ඒකට සම්බන්ද වෙච්ච උන්ගෙ වරිගෙටම බැණුම් එනවා මචං..
     
    sEE_dA_trUth

    Well-known member
  • May 15, 2009
    1,504
    399
    83
    "සඳකඩ පහණක කැටයම් ඔපලා" කියන ගීතය විචාරය කරන්න පොඩි බයක් හිතට දැනෙනෙ ගීයක්. මෙම ගීතය......

    නියමයි සහෝදරයා..... දිගටම කරන්න, මාර වටිනව මචං..!!!
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    දවසක් බස් එකක යද්දි රේඩියෝ එකෙන් මට කිව්වා "අතීතය සිහිනයක් පමණයි සැබෑ සුවඳක් නෑ.......එදා සෙනෙහෙන් නොබැඳුනානම් මෙදා වියෝවක් නෑ....." ඇත්ත..... එදා මම සෙනෙහෙන් නොබැඳුනානම් අද මට මෙච්චර දුකක් නැතිවෙන්න තිබුනා. ඒ අතීතය කොච්චර සුන්දරද...... අපි අවිද ගියහැටි, කතා කරපු හැටි, විහිලු කරපු හැටි, හිනා වුනු හැටි... මට චිත්‍රපටියක් වගේ මැවෙන්න ගත්තා..... කාලය කොතරම් නපුරුද............
    නමුත් ඒ ගීතය අවසානයේ "ගී පද පල්ලෙගම හේමරතන හිමියන් ගේ" කියල නිවේදිකාව මට හයියෙන් කනේ පාරක් ගහලා මාව අවදිකලා. හාමුදුරු කෙනක් මොකටද විරහ ගීත ලියන්නේ.... ලියන්න පුලුවන්..... ඒකෙ වරදක් නෑ..... නමුත් මෙ ගීතයෙ මොකක් හරි තියනවා........
    පස්සෙ මම හාමුදුරු කෙනක් මේ ගීතය දිහා බලන විදියට බලන්න පටන් ගත්තා..... සරල සිංහලෙන් මේක නම් මාරම මාරයි.....

    අතීතය සිහිනයක් පමණයි
    සැබෑ සුවඳක් නෑ.......
    එදා සෙනෙහෙන් නොබැඳුනානම්
    මෙදා වියෝවක් නෑ.....

    මේ ඉන්න අපි කොච්චර ආත්ම වල උපදින්නට ඇත්ද හැබැයි ඒ අතීතය දැන් ගෙවිල ඉවරයි. ඒක සුවදවත් එකක් නෙවෙයි. අපි ඒ කාලේ ඉදල තියෙන්නේ තෘශ්නාවෙන් බැදිලා..... ඒ පව නිසා අපි මෙ ආත්මෙ දුක් විදිනවා.. නමුත් එදා එහෙම නොබැදුනනම් අපි අද මෙ වගේ දුක් විදින්නෙ නැති වෙන්න තිබුනා......

    තැනූ මන්දිර බිඳී වැටුනත්
    නෙතේ කඳුලක් නෑ....
    සිනහ වෙන්නට වරම් නොලදත්
    සිතේ කිලුටක් නෑ.....

    අපි ජීවිතේ ලොකු බලාපොරොත්තු තියගෙන අහසෙ මාලිගා හදනවා. හැබැයි ඒව බිදුනු දවසට සමහරුන්ගෙ මුලු ජීවිතේම වැටෙනව..... සමහරු ජීවිතෙන් පැනල යනව....... තවත් සමහරු තමන්ට ජීවිතේ නොලැබුනු සතුට හිතල අනුන්ට ඉරිසියා කරනව...... නමුත් වෙන්න ඔනෙ මේ දේ නෙවෙයි...
    මේ පද පේලි වලින් රචකයා උත්සහ දරන්නෙ මේ ජීවිතේදී අපගේ අරමුන මොකක්ද යන්න අසන්නාට පහදාදීමට යැයි මට හැගේ එනම් අපි තෘශ්නාව නැතිකරගත යුතුයි යන්නයි. ඒය නැතිකර ගැනීමේ මාර්ගය රචකයා ඉලග කොටසේදී අත්‍යාලංකාරව පහදා දෙයි.

    සොබා දහමට නොවන අවනත
    ලොවේ කිසිවක් නෑ.....
    ලොවේ පැරදුම මිසක කිසිදා
    ලැබූ දිනුමක් නෑ....

    ලෝකයේ හැමදේකම නිර්මානය, පාලනය සහ පැවැත්ම තීරන වෙන්නේ ස්වභාවධර්මයට අනකූලව........ නැතුව කවුරුත් මේව මවල නැ...... ස්වභාවධර්මයට පිටින් කිසිවක් පවතින්නෙත් නෑ..........ඒ වගේම අපි ලෝකයේ ජය කියල හිතන දේ ඇත්තටම ජයක්ද?........ නෑ.. මේ සියලු දේ අනිත්‍යයි.... ඉතින් ලෝකයේ අනිත්‍ය සහ ස්වභාවධර්මය මත පදනම් වුනු එකම දෙය බුදු දහම පමනයි....
    පෙර පද වලින් රචකයා තෘශ්නාව නැති කිරීම හා නැතිකිරීමෙන් ලැබෙන ඵලය ගැන සදහන් කොට ඒ මාර්ගය මේ පද වලින් විස්තර කොට ඇති අපූරුව.

    මේ සම්පූර්න ගීතයෙන් අපෙ හාමුදුරුවො අපට චතුරාර්ය සත්‍ය ගැන පහදාදීමට ගත් උත්සහයක් දෝයි මට හැගේ.. මන්ද "එදා සෙනෙහෙන් නොබැඳුනානම් මෙදා වියෝවක් නෑ....." යන පදයෙන් දුක හා දුකට හේතුවත් දෙවැනි පද වලින් දුක නැතිකිරීමෙන් ලැබෙන ඵලයත් අවසානයට දුක නැතිකිරීමේ මාර්ගය බුද්ධ දර්ශනයට අනූව ගමන් කිරීම බවත් සාමාන්‍ය රසිකයගේ චින්තනයට ගැලපෙන අයුරින් පහදාදීම තුලින් අපට හෙලිවේ.......

    මොනව උනත් මම මේම තේරුම් ගන්නකොට මම ගොඩක් දුර ගිහිල්ල අන්තිමේ තව රුපියල් 7ක් දීල තව බස් එකක ආපහු අවා.ඒකත් මාරයි.......
    wow
    kocchara dewal dena gatthada mama meken...
    mage wiraha geetha list eke udinma tiyena geethayak..wow dan nikan mol wage hehe
    :baffled::baffled:
    atthenma niyamai...
    kalawata tiyena adaraya koccharak da kiyala terun ganna puluwan,awasane bus eke rupiyal 7k wedi durak giya kiwwama hahah!
    niyami ah..tawa apita me wage nirmana ona sahodaraya!:D:D
     
    sam@

    Well-known member
  • Apr 17, 2007
    4,087
    496
    83
    39
    Jem city
    ඇගෙ සිනහව තහනම්
    ගෙදරින් මට තහනම්
    සැලවෙයි ගෙදරට
    ඇය හමුවුණොතින්
    චර පුරුෂයො දැන් මා වටලා
    යන එන හැම තැන මුර දාලා
    Code:
    www.mediafire.com/?jzmw1ny0zjn

    පින්න මලේ සුද ඇන්න ගිහින් වද
    මුහුන පුරා පෙම් පිරිලා
    ඉන්න එපා උඹ හැන්දෑ කරේ
    දොර කන්ද කපා හද ගෙට එන්නා...//
    Code:
    http://ananmanan.lk/free_sinhala_mp3/download_sinhala_mp3.php?id=129

    මාලති නුබයි
    නුබටත් ආදරේ තමයි
    ජිවිතේ දුකයි
    ගලන්නේ කදුළු මල් දමයි
    Code:
    www.mediafire.com/?3zikj2nyzyy

    මලින් මලට ඉගිලුනාට
    සමනළයි නොවේ
    අපි මලින් මලේ පැණි පෙරුවට
    වන බබරුන් නොවේ
    Code:
    www.mediafire.com/?yjlvs3p0pvyhowx

    සැළලිහිනියෝ උබ දන්නේ නෑ
    පෙම් හිතක සුව අදුනන්නේ නෑ
    සාගරය බදු ආදරය දැනුනොත්
    උබ කුඩුවේ ඉන්නේ නෑ
    Code:
    http://ananmanan.lk/free_sinhala_mp3/download_sinhala_mp3.php?id=1085

    වැටෙන් එහා මල් පැදුරේ
    නුබ පිපි වැනේ ඇත නුදුරේ
    මිලින් වුනත් ගණ අදුරේ
    මල් නෙලන්න නම් තහනම්
    Code:
    http://beemp3.com/download.php?file=7143711&song=Weten+Eha+Mal+Padure

    අතීතය සිහිනයක් පමණයි
    සැබෑ සුවඳක් නෑ.......
    එදා සෙනෙහෙන් නොබැඳුනානම්
    මෙදා වියෝවක් නෑ.....
    Code:
    http://beemp3.com/index.php?q=athithaya+sihinayak+pamanai

    සැදැ කලුවර කුර ග ගා විත් - ඔබේ පැල්පත මගේ දසුනින්
    ඈත් වූ සද -මගෙ සරා සද
    තනිවෙලා මා තනි වෙලා............
    ආ...ආ...ආ....ආ....ආ..........
    Code:
    http://beemp3.com/download.php?file=6658394&song=Sadaa+Kaluwara
     
    sEE_dA_trUth

    Well-known member
  • May 15, 2009
    1,504
    399
    83
    සංසාරගතව බැඳුණු ප්‍රේමයක අවසානය....

    රඹුක්කන සිද්ධාර්ථ හාමුදුරුවෝ කියන්නේ සිංහල ගීතයේ යතිවර ලකුණ කියල කියන්න පුළුවන් කිසිම විවාදයකින් තොරව. උන්වහන්සේ විසින් සුරචිත, මගේ හිතට පුදුම විදිය‍ට දැනුන ගිතයක් , ඒ මට දැනුන හැඟීම අකුරු වලට හරවන්නයි යන්නෙ මම.. ජ්‍යෙෂ්ඨයන්ගෙන් තරහා අවසර.... :)

    ඇත්තමට ගීතයක කටහඬ සහ සංගීතයට විඳිනවා වගේම එහි පද වල අරුතත් හිමින් හිතින් මෙනෙහි කරමින් ඒ ගීතය රසවිඳින්න පුළුවන්නනම් දැනෙන මිහිර කියල නිම කරන්න බැහැ. මේ ගීතයේ අපූරුවට ගොණු කරල තියෙන පදවැල් , එච්. එම් ජයවර්ධනයන් ස්වර බන්ධනය කරල තියෙන සූක්ෂම බවත් එක්ක කරුණාරත්න දිවුල්ගනේ මහත්තයගේ නිකන් සීතලට ගලන දොල පාරක් වගේ වෑහෙන තැන්පත් කටහඬ එකතු වෙලා අති මනරම් නිර්මාණයක් බිහි වෙලා තියෙන්නෙ...

    ***********************************************************

    සංසාරගතව බැඳුණු ප්‍රේමයක අවසානය....

    editedc.png

    අපට අපි හදවතින්ම ආදරේ කරන කෙනා අහිමි වුනොත් මොන තරම් දුකක්ද? ඉස්සර ගත කරපු ජීවිතය, අත් එකට පටලවාගෙන මවපු හීන, කරපු කතා.. මොන තරම් නම් දේවල් අතීතයේ ඉඳන් ක්ෂණිකව හිතට ඇවිත් අපිව විරහා වේදනාවෙන් මරිකලා දානවද? එහෙම දෙයක් අපට වුණොත් හැමවෙලේම හිතන්නෙ.. කොහොම හරි ආයෙත් එයාව ලබාගන්න පුළුවන්නම් කියලයිත ඒ වෙනුවෙන් ඕනෙම දෙයක් කරන්න අපි ලෑස්තියි , බැරි වෙලාවත් එයා මේ ජීවිතයෙන් සමු ගත්තොත්.... කියන්න දෙයක් නෑ, හිත ඇතුලෙන් අපි මැරෙයි.. මොනවා වුණත් ලබන ආත්මෙදි වත් මට ආයෙම මගෙ ආදරෙත් එක්ක එකට ඉන්න ලැබෙන්න කියලා අපි මොනතරම් ප්‍රාර්ථනා කරනවද? ඒ දේ වුනත් නැතත් අපිට එහෙම හිතන්නවත් ඉඩක් තියෙනවා. කොච්චර අභව්‍ය උනත් එහෙම දෙයක් නොවෙන්න බැරි නෑ.. අඩුම ගානෙ අපිට එහෙම පතන්නවත් ඉඩක් තියෙනව නෙ...

    ඒත්... පොඩ්ඩක් හිතන්න.. අපේ ආදරේ ලබන ආත්මෙදිවත්, ආයෙ කවරමදාකවත් අපිට ලැබෙන්නෙ නෑ කියලා අපට හොඳටම විශ්වාස නම්???? ප්‍රත්‍යක්ෂ නම්?? ඒ වගේ වෙලාවකට අපිට ඇතිවෙන හැඟීම මොකක්ද? විශේෂයෙන්ම කාන්තාවකට මොන වගේ හැඟීමක් ඇතිවෙයිද?

    සිදුහත් කුමරුන් ගිහි ගෙය හැර දාලා අබිනික්මන් කලේ සියළුම ලෝක සත්වයාව සසර දුකින් එතෙර කරවන මහා කාරුණික චේතනාවෙන්. එහෙම කරල සම්මා සම්බුද්ධත්වයට පත්වෙලා කිඹුල්වත් පුරයට වැඩම කරනවා. ඒ ගමනෙදි යශේධරාව දකිනවා ලෞකික ජීවිතයේ දී තමුන්ගේ ස්වාමියා, මේ භවයේ විතරක් නෙමෙයි, සංසාරයෙ භවයෙන් භවයෙ තමුන් එක්ක ඉඳපු කෙනා, එකට දුක සැප හැඟීම් බෙදාගත්ත කෙනා ආයෙ කවමදාවකවත් තමුන්ට හිමිකරගන්න වෙන්නෙ නෑ කියන දේ...

    ලා දළු බෝපත්
    සෙමින් සෑලෙන සේ
    යශෝදරා දේවී...
    වාවනු බෑරි තෑන රහසේ හෑඩුවා
    පෙර සංසාරේ ඈසුර මතක් වී...

    අපි පන්සලකට ගියාම මද සුළං රැල්ලක් වැදිලා බෝ පත් සෙලවෙනකොට එන හඬ මවාගන්න පුළුවන්ද? රඹුක්කන සිද්ධාර්ථ හාමුදුරුවෝ ඒ කාරණාව උපමාවකට යොදාගෙන තියෙන අපුරුව බලන්න... ඉතාම ලයාන්විතව මේ උපමා ව යොදාගෙන තියෙන්නෙ, දළු බෝපත් සෙමින් සැලෙනවා වගේ මේ ඇහෙන්නෙ යශෝදරාවන් රහසින් කරන හැඩුම, පෙර සංසාරෙ, අනන්ත වෙච්ච පෙර ආත්මවල තමන් සිදුහත් කුමාරයත් එක්ක ගතකරපු හැටි මතක් වෙලා... ආයෙ කවරමදාකවත් ඒ විදියට තමන්ට ඉන්න බැරි බව තේරිලා, තමන්ට ආරක්ෂාව, ආදරය, සෙනෙහස දුන්නු හැටි මතක් වෙලා... සිදුහත් කුමාරයා අහිමි වීම තාවකාලික බව හිතන්න ඇති ඉස්සර, කවදා හෝ ඔහු ආපසු එන බව හිතමින් කල් ගෙවන්නට ඇති, ඒත් දැන් නම් හොඳටම විශ්වාසයි ආයෙත් ඔහු මට හිමි නොවෙන වග... ඒත් ඒ ශෝකය හින්දා ඇත්වෙන හැඬුම අපිට කොච්චර හිතට වදින විදියට ද විස්තර කරලා තියෙන්නෙ...

    ලේන කුලේ සිට
    ආ ගිය මග තොට
    සිටියා නොසෑලෙන
    පහන් ටෑඹක් වී
    නිවන් දකින තුරු
    මේ සංසාරේ පසුපස ආවා
    සෙවනෑල්ලක් වී

    ගනන් කරන්න බැරි තරමක් වෙච්ච භවයන් පුරා තමන් හා තමන්ගෙ ආදරය එකතු වෙලා ඒ ජීවිත ජයගත්තු හැටි, මොනතරම් කරදර බාධක ආවත් තමන්ගෙ සෙවනැල්ල වී නිවන් දකින තුරුම මේ සංසාරෙ පුරාම තමන් එක්ක ආපු ඒ ශ්‍රේෂඨ කාන්තාවම නොවේද මේ? සෙවනැල්ලක් මෙන් ආවායැයි නොකියා, සෙවනැල්ලමයි යන අරුත් ගැනුමෙන් මේ නම් ජීවිත දෙකක් නොව එකක්ම යැයි කියා සඟවා පවසනුයේ එතුල කෙතරම් නම් ප්‍රේමයක් සෙනෙහසක් කුළු ගන්වා ද?? මේ ආවර්ජනය ‍කරන්නෙ බුදුහිමියන්ම නොවේද??

    තෑලී සෙනේ සිත
    සෑලී හඩන විට
    වෑටී දෙපා ළග
    යශෝදරාවෝ
    පිපී නිවන් මල්
    සාදුකාර දී
    නිවී පහන් විය
    උදෑසනක් සේ

    සෙනෙහෙ සිත තැලී ගිහින්, දෙපා මුල වැටි හඬන ඇගේ නෙත තෙමා වැටෙන්නෙ සංසාරය පුරාම දරාගෙන සිටි ශෝකයයි. ඇය කවදා හෝ දැන සිටියා මේ ගමන යන්නේ සසර ගමන, ආදරය අවසන් කිරීමට බව.. ඒ මෙහොත උදා වෙලා දැන්..
    නිවන් මල් පිපීම නොහොත් ඒ උත්තරීතර සුවය ඈටත් හිමි වීමම නොවේද? නිවී පහන් වූ උදෑසනක් සේ ළය ප්‍රභාමත් වන්නේ අනන්ත වූ සංසාරයේ අනන්ත වූ භවයන් ගැන් කලා වූ අතීතාවලෝකනය අවසන උතුම් වූ නිර්වාණාවබෝධය ලබා ඇයත් අතීතයේ මෙන්ම නිවන් මගෙහිදී වත් තම ස්වාමියා තනි නොකලා යන්න නොවේද??

    දෝෂ ඇත්නම් කමා කරන සේක්වා.... :sorry::sorry:
     
    • Like
    Reactions: Chinthaka_tc

    sam@

    Well-known member
  • Apr 17, 2007
    4,087
    496
    83
    39
    Jem city
    හසරැල්ලක් නුහුරු මුවට.....
    සැනසිල්ලක් නොමැති සිතට.......
    පවනැල්ලක් වත් හමන්න..........
    ජීවිතයේ මද්දහනට........
    Code:
    http://www.mediafire.com/?4zq5bx4zqj5i27q

    ලා දළු බෝපත්
    සෙමින් සෑලෙන සේ
    යශෝදරා දේවී...
    වාවනු බෑරි තෑන රහසේ හෑඩුවා
    පෙර සංසාරේ ඈසුර මතක් වී...
    Code:
    www.mediafire.com/?tx2ydmmtzbg
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    [FONT=&quot]සැදැ කලුවර කුර ග ගා විත් - ඔබේ පැල්පත මගේ දසුනින්[/FONT] [FONT=&quot]
    ඈත් වූ සද -මගෙ සරා සද
    තනිවෙලා මා තනි වෙලා............[/FONT]

    [FONT=&quot]ආ...ආ...ආ....ආ....ආ..........[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]සත්‍ය ලෙසටම මතු පිට පෙනෙන ආකාරයට මේ ගීතය විප්‍රලම්භ ශෘංගාරය දනවන්නක්. එකිනෙක පේන දුරින් සිටින යුවලක්, කළුවර වැටෙද්දී තමන් ගේ දර්ශනය මැකීයන බව සහ එයින් පසුව කාන්තාව තනි වී කරනා ලතැවිල්ලක්, දුටු වනින් ම අපේ සිත් තුළ ඇදෙනවා. කාරණය ඒ නම්, මාගේ සකියෙනි, මා ඔබෙන් පැණැසෙන්නේ මේ යෙදුමේ අර්ථය කුමක් ද යන්නය.......[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]“ගව් ගනන් දුර ජීවිතේ බර - මගේ හිස මත බර වෙලා....................”[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]ප්‍රේමයේ විරහවෙන් වේදනා විදින ඇයට එක්වන්ව ම ජීවිතේ බර හිස මත බර වී ඇති බව මතක් වන්නේ ඇයි? අප දන්නා පමණින් ප්‍රේමය නිසා ජීවිතේ බර මදක් සැහැල්ලුවනවා විනා වැඩි වීමක් නැත. එයින් අපට පෙනෙන කරුණ අප මේ ගීතයේ රසවින්දනාත්මක පාර්ශවය ලෙස යම් නොමග යාමක් ගොස් ඇති බව නොවේද?[/FONT]
    [FONT=&quot]මම අපේ සස්ලිට් සොයුරා සමග සිදුකල දීර්ඝ විග්‍රහයේ දී පෙන්වා දුන් කරුණ මෙසේ පළ කරමි...........[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]තම ආත්මය අලෙවි කරමින් තම සැමියා රකින බිරිදක ගේ ළතැවිල්ල[/FONT]

    [FONT=&quot]සැදැ කලුවර කුර ග ගා විත්[/FONT]

    [FONT=&quot]සැදැ කලුවර කුර ග ගා විත් - ඔබේ පැල්පත මගේ දසුනින්[/FONT]
    [FONT=&quot]ඈත් වූ සද -මගෙ සරා සද - තනිවෙලා මා තනි වෙලා............[/FONT]

    [FONT=&quot]වළාකුළකුදු නොමැති අහසේ - මළානික වූ මගේ සිතිවිළි[/FONT]
    [FONT=&quot]ගල් ගැසී ඇත පාළු වී ඇත - අදුර පමණක් රජවෙලා.........[/FONT]

    [FONT=&quot]ඔබේ ලෝකය මගේ ලෝකය අතර ඇත්තේ රැයක් පමණයි[/FONT]
    [FONT=&quot]ගව් ගණන් දුර ජීවිගේ බර - මගේ හිස මත බර වෙලා........[/FONT]

    [FONT=&quot]අදුර ගලා යන විට ඇය ඔහු ගෙන් සමුගෙන යා යුතුය. එනිසා කළුවර මෝරා එන විට ඇය ගේ දසුනින් ඔහු සිටින පැල්පත ඈත් වී යයි. එම දසුන ඈත් වූ විට ඇය මේ ලොව තනි වේ. ඒ තනි වීම ඇගේ සදවත විනිවිදින එකකි. ඒ ඇය සිය ස්වාමියා පෝෂණය කරනු පිණිස සිය සිරුර අළෙවි කරනා නිසාය. ඔහු ගේ පහස තරම් ආදරණිය පහසක් ඇයට ගණුදෙණුකරුවන් ගෙන් නොලැබේ. එනිසාය ඇය තනිවන්නේ..............[/FONT]

    [FONT=&quot]සද වලාකුළින් වැසූ කල්හි දැනෙන රමණිය සුන්දර සිත්තම ඇය අත්දකින්නේ නැත. එනම් ස්ත්‍රී-පුරුෂ සම්භෝග සුවය ඇය විදින්නේ නැත. එනිසා ය ඇගේ සිතුවිළි මළානික වන්නේ. ප්‍රේමණිය හැගීම් උතුරා යා යුතු මොහොතක පවා ඇය ගේ සිතිවිලි මළානික වන්නේ ඇය ගේ ගණුදෙණුකරුවන් ඇයගෙන් ලබන්නේ ඇගේ තුණුසපුව පමණක් විනා, හැගීම් නොවන බැවිණි. මේ නිසාය මළිනික වූ ඇගේ සිතුවිළි ගල් ගැසෙන්නේ.......ඇය වටා සම්භෝග ප්‍රහර්ෂය නැත. ඇගේ ලොව ඇත්තේ මේ අවස්ථාවේ දී අදුරම පමණි.[/FONT]

    [FONT=&quot]ඇය නිවෙසට එනවිට උදයයි. ඒ මිනිසුන්ට, සතුන්ට, ගහවැලකොළට උදයකි. නමුත් ඇය රාත්‍රීයේ කරන කටයුත්තේ වෙහෙස නිසා දිවා කළ නිදිදෙවිදුව සරණ යයි. එවිට ඇයට ඇත්තෙන් ම රාත්‍රිය වන්නේ අපේ දහවලය. සැමියා ගේ ලොව සහ ඇගේ ලොව අතර නිරතුරුව ඇත්තේ රැයකි. මේ සියළු ම වේදනා දරන්නේ ඇය ගව් ගණන් වූ මේ ජීවිතයේ බර දැරීමට බව අපට අවසානයේ දී කියා පායි.[/FONT]

    [FONT=&quot]රචකයා වූ මඩවල එස්. රත්නායකයන් කොතරම් සුක්ෂ්ම ලෙස මෙම පද පෙළ හසුරවා ඇතිද යන්න පිළිබද විශ්මයට පත්වීමෙන් වැළකීමට අපට නොහැකිය. එසේම බලන්න මේ ගීතයට යොදා ඇති මන්ද්‍ර ස්වර කලාපයේ සංගීතය. වස්දඩුව වුව වැයෙන්නේ මන්ද්‍ර ස්වරයෙනි. නන්දා ගේ විලිපීය කටහඩ, අවසන දී ඇය [/FONT][FONT=&quot]ආ...ආ...ආ....ආ....ආ.......... ලෙස ගායනා කරන [/FONT][FONT=&quot]අලප් කොටස මේ ගීතය අපේ හදවතේ ඇති ගැඹුරුතම තැන දක්වා මෙහි අර්ථය අතික්‍රමණය කරවයි. 1079 වසරේ සිට තවමත් පරම්පරා ගණනක් රසවතුන් ආනන්දයෙන් ප්‍රඥාව කරා එලඹවන මෙවන් ගීත අපට දායාද කළ සියළුම සුධීන් වෙත අපේ පින අනුමෝදන් කරවමු.!!!![/FONT]
    :)
    wishistai ah!
    aye kiyanna deyak ne..itha hagumbara geethayak,pirisiduwama wicharaya karala tiyenawa!
    9.gif
    11.gif
    11.gif
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මම දන්න ඒ වගේ කෙනෙක් ඉන්නවා ධනුෂ්ක..........
    ඇය ඒ දේ කරන්නේ අනතුරකින් අබ්බගාක වුන තම සැමියා සහ පාසල් යන දරුවන් රකින්න පාට් ටයිම් ජොබ් එකක් විදියට.........!!!
    අපි නොදන්න සංවේදී දේවල් කොච්චර මිනිස්සුන් ගේ ජීවිතවල තියනව මචං.......!!!!!!
    :(:(:sorry:
    :(
    ubath udaw karanawai ithin part job ekata:eek:
    hehe ;)
    ow matath e wage kenek hamba una!
    mamath eka paarak drink ekak aran fun ekak aran anthimedi winadi 5k wage aran ahuwa e girl gen tikak wisthara...
    kiyapu dein mata mama gena ma kalakiruna:nerd:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මචන් අර ලෙඩ මනුස්සය මේ ගැන දන්නවද බන්,,හතුරෙකුටවත් මෙහෙම දේවල් නම් වෙන්න එපා..:no::no:

    ඔහු දන්නවා....අවාසනාව ඒකයි..........
    හිතපං කන හැම බත් ඇටයක් ගානෙම මේ කන්නේ මගේ දරුවන්ගේ අම්ම ගේ ලේ මස් නේද කියල හිතෙද්දී.........
    ජීවිතේ අපි හිතන කරං සුන්දර නෑ ධනුෂ්ක.........
    ඒ අතිං අපි වාසනාවන්තයි.........
    damn.............:confused:
    lokaya harima darunui atthenma!
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    හසරැල්ලක් නුහුරු මුවට.....
    සැනසිල්ලක් නොමැති සිතට.......
    පවනැල්ලක් වත් හමන්න..........
    ජීවිතයේ මද්දහනට........
    කොල්ලෙක්ට වගේ නෙවෙයි කෙල්ලෙක්ට වයස අවුරුදු 28ක් 30ක් වෙනකොට කිසි කෙනෙක් දීගෙක එක් කරගෙන යන හැඩක් නැත්තම් විශාල මානසික ඇද වැටීමකට වැටෙනවා.කුල,බල,වයස මොකක් වුනත් කමක් නෑ දැන් නම්.
    දැනුමට ලද නෙක සහතික...
    ඉකිලන කල ගේ මුල්ලක...........
    උස් අසුනට යන මාවත අපට නොවේ ඇරුනේ.....
    ගොම රිටි යට යන වතුරෙන් ලොව පැන් සනහන්නේ.........
    උපාධි සහතිකය ප්‍රමුඛ සහතික ඔක්කොම ගේ මුල්ලේ තියෙන රෙදි පෙට්ටියේ දාලා තියෙන්නේ....ඒත් තාම ජොබ් එකක් නෑ..කිසි සුදුසුකමක් නැති එවුන් ජොබ් වලට ගිහිල්ලා.වයස සම්පූර්ණ නැති එවුනුත් දීග ගිහිල්ලා.මම එතනම.. ...........
    මව්පිය විවරන ලබමින............
    උන් සුවපත් කරන සිහින...........
    පොල් අතු වියසින් ගලනා පිණි වැස්සෙන් නැගුනේ.....
    මේ හැටි දඩුවම් විදිනට කල වරදක් නොදැනේ............
    අම්මා තාත්තා සතු සියලු දේ කැප කලේ තමාගේ ඉගෙනීමට....අම්මා තාත්තාත් පුලුවන් හැමදේම ලෝභ නැතුව වියදම් කරා..දෝණි ඉගෙන ගෙන රස්සාවක් කරලා පවුල ගොඩ දායි කියලා..ඒත් උපාධි සහතිකයත් තියාගෙනම ආයෙත් අම්මා තාත්තාට බරක් වුනා.පොල් අතු වහලෙන් වැටෙන පිණි තමන්ගේ ඇස් වලින් උනනවා කියල හිතෙන්නේ ඒක නිසා...........

    වසන්ත කුමාර කොබවක මේක ලිව්වේ...ප්‍රදීපා ධර්මදාස ගේ හඩ....
    http://www.mediafire.com/?4zq5bx4zqj5i27q

    :sorry:ahalath ne ne me sinduwa..
    yioutube ekewath ne!
    thank u Anyway
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe

    අනේ සහොදරයා.... මම එහෙම කිව්වෙ ලංකාවෙ ඉන්න ප්‍රවීන කියල කියන විචාරකයො ගැන මිසක් මෙතන ඉන්න අය ගැන නෙවේ. එහෙම අදහසක් අවා නම් මම ඔවුන් ගෙන් සමාව ඉල්ලනවා.........

    පොඩි උදාහරනයක් කියන්නම් චින්ති කියන ගායකයගෙ සොකරි ගීතය අපේ ප්‍රවීන විචාරකයන් ගෙන් කොච්චර බනුම් අහුවද.......... හොදට ඒ පද පෙල අහල බලන්න එකේ කියන්නෙ සොකරි රංගනය බලන වෙලාවේ නව යොවුන් වියේ ඉන්න කෙනෙකුට ඇතිවූ ජීවිතයේ පලමු රාගික හැගීම ගැන.
    සොකරි නාට්‍ය වල ගැහැනු චරිත කරන්නේ ගැහැනු විදියට ඇදගත් පිරිමි අය ඔවුන් ඒ වෙලාවෙ පාවිච්චි කරන වචන, ගැහැනු විදියට රගපාන විදිය, ඔවුන් ඒ දෙන හැගීම් ගැහැනුන්ට අන්තයි. ඒ වෙලාවට පිරිමියෙකුට රාගික හැගීම් ඇතිවෙන එක සාධාරනයි. අනික ඒ රගපාන පිරිමි කංසා අරක්කු වැනිදැ පාවිච්චි කරනවා ඔවුන්ගේ මහන්සිය නිදිමත මකාගන්න, කටහඩ හොදට පවත්ව ගන්න(මට කිව්වෙ ඒ වගේ රගපාන කෙනක්) එක ඒ ගීතයේ දැක්වීම ලොකු හානියක් නෙවෙයි.

    ඒක එහෙම වරදක් නම් ජයලත් මනෝරත්න මහතා ගේ තල මල පිපිලා නාට්‍යයේ දී එතුමාගෙම ගීයක තියනවා මෙන්න මෙහෙම පද පෙලක්

    හකුරුත් දුංකලත් කංසා එක පමන
    ඇඹරූ ලෙසට අල්ලේ පොඩිකරල ගෙන
    කංසා ගඩුගුඩාවට දිය වත්කරන
    ගුරුවත් සොකරිත් බොති කංසා ඉඟන

    මේ පද වල ඉතුරු ටික මට දැන් මතකෙට එන්නෙ නැ

    ඒම ගීත අග්‍රගන්‍ය කලාකෘති වුන අය චින්තිට බලු බැනුම් බැන්නා ඒක වචනෙට........
    මම මෙතනිදි කියන්න හැදුවෙ සමහර ප්‍රවීන විචාරකයො ගීත වලට විචාර එක්කරන්නෙ කොන්ද පන නැති විදියට ඒ හෙතුව නිසාම සමහර හොද ගීතරචකයන් දැන් යාලුවෙක් ඉල්ලුවොත් උදව්වක් විදියට පෙම් හසුනක් විතරක් ලියන තැනට වැටිලා.........
    අනික් ඒක ඒ පද රචනය චින්ති කියන පුද්ගලයා පාවිච්චි කරපු ආකාරය නම් මමත් වැරදියට තමයි දකින්නෙ. ඔහු ලංකාවෙ වැවෙන්නෙ නැති ගස් බලෙන් වවන්න හදන කෙනෙක් විදියටයි මම දකින්නෙ...

    මම මෙතනිදි කියන්න හැදුවෙ ඒක වචනයක් හා ගායකයා නිසා පදරචකයාව හෑල්ලු කල විචාරයේ කුහකත්වය ගැන

    මම නැවත කියන්නෙ මගේ පෙර post එකන් කියන්න හැදුවෙ ලංකාවේ ප්‍රවීනයි කියන සමහරක් ගැන විනා sasliit, dath kumbula හෝ අනෙක් සහෝදර වරුන් ගැන නොවේ. ඔවුන්ටත් එහෙම අදහසක් ආවා නම් මම නැවත ඔවුන් ගෙන් සමාව ඉල්ලනව
    ow ape minusun goda denek deyaka hoda pattha balanawata wada, e de wiwechanaya karanna purudu una pudgalayan!

    ..ne mama witharai bulak gahala ehema hithuwe..e gena samawenna!:nerd:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    රඹුක්කන සිද්ධාර්ථ හාමුදුරුවෝ කියන්නේ සිංහල ගීතයේ යතිවර ලකුණ කියල කියන්න පුළුවන් කිසිම විවාදයකින් තොරව. උන්වහන්සේ විසින් සුරචිත, මගේ හිතට පුදුම විදිය‍ට දැනුන ගිතයක් , ඒ මට දැනුන හැඟීම අකුරු වලට හරවන්නයි යන්නෙ මම.. ජ්‍යෙෂ්ඨයන්ගෙන් තරහා අවසර.... :)

    ඇත්තමට ගීතයක කටහඬ සහ සංගීතයට විඳිනවා වගේම එහි පද වල අරුතත් හිමින් හිතින් මෙනෙහි කරමින් ඒ ගීතය රසවිඳින්න පුළුවන්නනම් දැනෙන මිහිර කියල නිම කරන්න බැහැ. මේ ගීතයේ අපූරුවට ගොණු කරල තියෙන පදවැල් , එච්. එම් ජයවර්ධනයන් ස්වර බන්ධනය කරල තියෙන සූක්ෂම බවත් එක්ක කරුණාරත්න දිවුල්ගනේ මහත්තයගේ නිකන් සීතලට ගලන දොල පාරක් වගේ වෑහෙන තැන්පත් කටහඬ එකතු වෙලා අති මනරම් නිර්මාණයක් බිහි වෙලා තියෙන්නෙ...

    ***********************************************************

    සංසාරගතව බැඳුණු ප්‍රේමයක අවසානය....

    editedc.png

    ***********************************************************

    අපට අපි හදවතින්ම ආදරේ කරන කෙනා අහිමි වුනොත් මොන තරම් දුකක්ද? ඉස්සර ගත කරපු ජීවිතය, අත් එකට පටලවාගෙන මවපු හීන, කරපු කතා.. මොන තරම් නම් දේවල් අතීතයේ ඉඳන් ක්ෂණිකව හිතට ඇවිත් අපිව විරහා වේදනාවෙන් මරිකලා දානවද? එහෙම දෙයක් අපට වුණොත් හැමවෙලේම හිතන්නෙ.. කොහොම හරි ආයෙත් එයාව ලබාගන්න පුළුවන්නම් කියලයිත ඒ වෙනුවෙන් ඕනෙම දෙයක් කරන්න අපි ලෑස්තියි , බැරි වෙලාවත් එයා මේ ජීවිතයෙන් සමු ගත්තොත්.... කියන්න දෙයක් නෑ, හිත ඇතුලෙන් අපි මැරෙයි.. මොනවා වුණත් ලබන ආත්මෙදි වත් මට ආයෙම මගෙ ආදරෙත් එක්ක එකට ඉන්න ලැබෙන්න කියලා අපි මොනතරම් ප්‍රාර්ථනා කරනවද? ඒ දේ වුනත් නැතත් අපිට එහෙම හිතන්නවත් ඉඩක් තියෙනවා. කොච්චර අභව්‍ය උනත් එහෙම දෙයක් නොවෙන්න බැරි නෑ.. අඩුම ගානෙ අපිට එහෙම පතන්නවත් ඉඩක් තියෙනව නෙ...

    ඒත්... පොඩ්ඩක් හිතන්න.. අපේ ආදරේ ලබන ආත්මෙදිවත්, ආයෙ කවරමදාකවත් අපිට ලැබෙන්නෙ නෑ කියලා අපට හොඳටම විශ්වාස නම්???? ප්‍රත්‍යක්ෂ නම්?? ඒ වගේ වෙලාවකට අපිට ඇතිවෙන හැඟීම මොකක්ද? විශේෂයෙන්ම කාන්තාවකට මොන වගේ හැඟීමක් ඇතිවෙයිද?

    සිදුහත් කුමරුන් ගිහි ගෙය හැර දාලා අබිනික්මන් කලේ සියළුම ලෝක සත්වයාව සසර දුකින් එතෙර කරවන මහා කාරුණික චේතනාවෙන්. එහෙම කරල සම්මා සම්බුද්ධත්වයට පත්වෙලා කිඹුල්වත් පුරයට වැඩම කරනවා. ඒ ගමනෙදි යශේධරාව දකිනවා ලෞකික ජීවිතයේ දී තමුන්ගේ ස්වාමියා, මේ භවයේ විතරක් නෙමෙයි, සංසාරයෙ භවයෙන් භවයෙ තමුන් එක්ක ඉඳපු කෙනා, එකට දුක සැප හැඟීම් බෙදාගත්ත කෙනා ආයෙ කවමදාවකවත් තමුන්ට හිමිකරගන්න වෙන්නෙ නෑ කියන දේ...

    ලා දළු බෝපත්
    සෙමින් සෑලෙන සේ
    යශෝදරා දේවී...
    වාවනු බෑරි තෑන රහසේ හෑඩුවා
    පෙර සංසාරේ ඈසුර මතක් වී...

    අපි පන්සලකට ගියාම මද සුළං රැල්ලක් වැදිලා බෝ පත් සෙලවෙනකොට එන හඬ මවාගන්න පුළුවන්ද? රඹුක්කන සිද්ධාර්ථ හාමුදුරුවෝ ඒ කාරණාව උපමාවකට යොදාගෙන තියෙන අපුරුව බලන්න... ඉතාම ලයාන්විතව මේ උපමා ව යොදාගෙන තියෙන්නෙ, දළු බෝපත් සෙමින් සැලෙනවා වගේ මේ ඇහෙන්නෙ යශෝදරාවන් රහසින් කරන හැඩුම, පෙර සංසාරෙ, අනන්ත වෙච්ච පෙර ආත්මවල තමන් සිදුහත් කුමාරයත් එක්ක ගතකරපු හැටි මතක් වෙලා... ආයෙ කවරමදාකවත් ඒ විදියට තමන්ට ඉන්න බැරි බව තේරිලා, තමන්ට ආරක්ෂාව, ආදරය, සෙනෙහස දුන්නු හැටි මතක් වෙලා... සිදුහත් කුමාරයා අහිමි වීම තාවකාලික බව හිතන්න ඇති ඉස්සර, කවදා හෝ ඔහු ආපසු එන බව හිතමින් කල් ගෙවන්නට ඇති, ඒත් දැන් නම් හොඳටම විශ්වාසයි ආයෙත් ඔහු මට හිමි නොවෙන වග... ඒත් ඒ ශෝකය හින්දා ඇත්වෙන හැඬුම අපිට කොච්චර හිතට වදින විදියට ද විස්තර කරලා තියෙන්නෙ...

    ලේන කුලේ සිට
    ආ ගිය මග තොට
    සිටියා නොසෑලෙන
    පහන් ටෑඹක් වී
    නිවන් දකින තුරු
    මේ සංසාරේ පසුපස ආවා
    සෙවනෑල්ලක් වී

    ගනන් කරන්න බැරි තරමක් වෙච්ච භවයන් පුරා තමන් හා තමන්ගෙ ආදරය එකතු වෙලා ඒ ජීවිත ජයගත්තු හැටි, මොනතරම් කරදර බාධක ආවත් තමන්ගෙ සෙවනැල්ල වී නිවන් දකින තුරුම මේ සංසාරෙ පුරාම තමන් එක්ක ආපු ඒ ශ්‍රේෂඨ කාන්තාවම නොවේද මේ? සෙවනැල්ලක් මෙන් ආවායැයි නොකියා, සෙවනැල්ලමයි යන අරුත් ගැනුමෙන් මේ නම් ජීවිත දෙකක් නොව එකක්ම යැයි කියා සඟවා පවසනුයේ එතුල කෙතරම් නම් ප්‍රේමයක් සෙනෙහසක් කුළු ගන්වා ද?? මේ ආවර්ජනය ‍කරන්නෙ බුදුහිමියන්ම නොවේද??

    තෑලී සෙනේ සිත
    සෑලී හඩන විට
    වෑටී දෙපා ළග
    යශෝදරාවෝ
    පිපී නිවන් මල්
    සාදුකාර දී
    නිවී පහන් විය
    උදෑසනක් සේ

    සෙනෙහෙ සිත තැලී ගිහින්, දෙපා මුල වැටි හඬන ඇගේ නෙත තෙමා වැටෙන්නෙ සංසාරය පුරාම දරාගෙන සිටි ශෝකයයි. ඇය කවදා හෝ දැන සිටියා මේ ගමන යන්නේ සසර ගමන, ආදරය අවසන් කිරීමට බව.. ඒ මෙහොත උදා වෙලා දැන්..
    නිවන් මල් පිපීම නොහොත් ඒ උත්තරීතර සුවය ඈටත් හිමි වීමම නොවේද? නිවී පහන් වූ උදෑසනක් සේ ළය ප්‍රභාමත් වන්නේ අනන්ත වූ සංසාරයේ අනන්ත වූ භවයන් ගැන් කලා වූ අතීතාවලෝකනය අවසන උතුම් වූ නිර්වාණාවබෝධය ලබා ඇයත් අතීතයේ මෙන්ම නිවන් මගෙහිදී වත් තම ස්වාමියා තනි නොකලා යන්න නොවේද??

    දෝෂ ඇත්නම් කමා කරන සේක්වා.... :sorry::sorry:
    :(:(:(:(:(:(:(:(
    :) lasssanata liyala tiyenawa!
    adenawa eka patthakin!
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,102
    16,868
    113
    [FONT=&quot]සැදැ කලුවර කුර ග ගා විත් - ඔබේ පැල්පත මගේ දසුනින්[/FONT] [FONT=&quot]
    ඈත් වූ සද -මගෙ සරා සද
    තනිවෙලා මා තනි වෙලා............[/FONT]

    [FONT=&quot]ආ...ආ...ආ....ආ....ආ..........[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]සත්‍ය ලෙසටම මතු පිට පෙනෙන ආකාරයට මේ ගීතය විප්‍රලම්භ ශෘංගාරය දනවන්නක්. එකිනෙක පේන දුරින් සිටින යුවලක්, කළුවර වැටෙද්දී තමන් ගේ දර්ශනය මැකීයන බව සහ එයින් පසුව කාන්තාව තනි වී කරනා ලතැවිල්ලක්, දුටු වනින් ම අපේ සිත් තුළ ඇදෙනවා. කාරණය ඒ නම්, මාගේ සකියෙනි, මා ඔබෙන් පැණැසෙන්නේ මේ යෙදුමේ අර්ථය කුමක් ද යන්නය.......[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]“ගව් ගනන් දුර ජීවිතේ බර - මගේ හිස මත බර වෙලා....................”[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]ප්‍රේමයේ විරහවෙන් වේදනා විදින ඇයට එක්වන්ව ම ජීවිතේ බර හිස මත බර වී ඇති බව මතක් වන්නේ ඇයි? අප දන්නා පමණින් ප්‍රේමය නිසා ජීවිතේ බර මදක් සැහැල්ලුවනවා විනා වැඩි වීමක් නැත. එයින් අපට පෙනෙන කරුණ අප මේ ගීතයේ රසවින්දනාත්මක පාර්ශවය ලෙස යම් නොමග යාමක් ගොස් ඇති බව නොවේද?[/FONT]
    [FONT=&quot]මම අපේ සස්ලිට් සොයුරා සමග සිදුකල දීර්ඝ විග්‍රහයේ දී පෙන්වා දුන් කරුණ මෙසේ පළ කරමි...........[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]තම ආත්මය අලෙවි කරමින් තම සැමියා රකින බිරිදක ගේ ළතැවිල්ල[/FONT]

    [FONT=&quot]සැදැ කලුවර කුර ග ගා විත්[/FONT]

    [FONT=&quot]සැදැ කලුවර කුර ග ගා විත් - ඔබේ පැල්පත මගේ දසුනින්[/FONT]
    [FONT=&quot]ඈත් වූ සද -මගෙ සරා සද - තනිවෙලා මා තනි වෙලා............[/FONT]
    [FONT=&quot]ආ...ආ...ආ....ආ....ආ..........[/FONT]

    [FONT=&quot]වළාකුළකුදු නොමැති අහසේ - මළානික වූ මගේ සිතිවිළි[/FONT]
    [FONT=&quot]ගල් ගැසී ඇත පාළු වී ඇත - අදුර පමණක් රජවෙලා.........[/FONT]
    [FONT=&quot]ආ...ආ...ආ....ආ....ආ..........[/FONT]

    [FONT=&quot]ඔබේ ලෝකය මගේ ලෝකය අතර ඇත්තේ රැයක් පමණයි[/FONT]
    [FONT=&quot]ගව් ගණන් දුර ජීවිගේ බර - මගේ හිස මත බර වෙලා........[/FONT]
    [FONT=&quot]ආ...ආ...ආ....ආ....ආ..........[/FONT]

    [FONT=&quot]අදුර ගලා යන විට ඇය ඔහු ගෙන් සමුගෙන යා යුතුය. එනිසා කළුවර මෝරා එන විට ඇය ගේ දසුනින් ඔහු සිටින පැල්පත ඈත් වී යයි. එම දසුන ඈත් වූ විට ඇය මේ ලොව තනි වේ. ඒ තනි වීම ඇගේ සදවත විනිවිදින එකකි. ඒ ඇය සිය ස්වාමියා පෝෂණය කරනු පිණිස සිය සිරුර අළෙවි කරනා නිසාය. ඔහු ගේ පහස තරම් ආදරණිය පහසක් ඇයට ගණුදෙණුකරුවන් ගෙන් නොලැබේ. එනිසාය ඇය තනිවන්නේ..............[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]වළාකුළකුදු නොමැති අහසේ - මළානික වූ මගේ සිතිවිළි[/FONT]
    [FONT=&quot]ගල් ගැසී ඇත පාළු වී ඇත - අදුර පමණක් රජවෙලා.........[/FONT]

    [FONT=&quot]සද වලාකුළින් වැසූ කල්හි දැනෙන රමණිය සුන්දර සිත්තම ඇය අත්දකින්නේ නැත. එනම් ස්ත්‍රී-පුරුෂ සම්භෝග සුවය ඇය විදින්නේ නැත. එනිසා ය ඇගේ සිතුවිළි මළානික වන්නේ. ප්‍රේමණිය හැගීම් උතුරා යා යුතු මොහොතක පවා ඇය ගේ සිතිවිලි මළානික වන්නේ ඇය ගේ ගණුදෙණුකරුවන් ඇයගෙන් ලබන්නේ ඇගේ තුණුසපුව පමණක් විනා, හැගීම් නොවන බැවිණි. මේ නිසාය මළිනික වූ ඇගේ සිතුවිළි ගල් ගැසෙන්නේ.......ඇය වටා සම්භෝග ප්‍රහර්ෂය නැත. ඇගේ ලොව ඇත්තේ මේ අවස්ථාවේ දී අදුරම පමණි.[/FONT]

    [FONT=&quot]ඔබේ ලෝකය මගේ ලෝකය අතර ඇත්තේ රැයක් පමණයි[/FONT]
    [FONT=&quot]ගව් ගණන් දුර ජීවිගේ බර - මගේ හිස මත බර වෙලා........[/FONT]

    [FONT=&quot]ඇය නිවෙසට එනවිට උදයයි. ඒ මිනිසුන්ට, සතුන්ට, ගහවැලකොළට උදයකි. නමුත් ඇය රාත්‍රීයේ කරන කටයුත්තේ වෙහෙස නිසා දිවා කළ නිදිදෙවිදුව සරණ යයි. එවිට ඇයට ඇත්තෙන් ම රාත්‍රිය වන්නේ අපේ දහවලය. සැමියා ගේ ලොව සහ ඇගේ ලොව අතර නිරතුරුව ඇත්තේ රැයකි. මේ සියළු ම වේදනා දරන්නේ ඇය ගව් ගණන් වූ මේ ජීවිතයේ බර දැරීමට බව අපට අවසානයේ දී කියා පායි.[/FONT]

    [FONT=&quot]රචකයා වූ මඩවල එස්. රත්නායකයන් කොතරම් සුක්ෂ්ම ලෙස මෙම පද පෙළ හසුරවා ඇතිද යන්න පිළිබද විශ්මයට පත්වීමෙන් වැළකීමට අපට නොහැකිය. එසේම බලන්න මේ ගීතයට යොදා ඇති මන්ද්‍ර ස්වර කලාපයේ සංගීතය. වස්දඩුව වුව වැයෙන්නේ මන්ද්‍ර ස්වරයෙනි. නන්දා ගේ විලිපීය කටහඩ, අවසන දී ඇය [/FONT][FONT=&quot]ආ...ආ...ආ....ආ....ආ.......... ලෙස ගායනා කරන [/FONT][FONT=&quot]අලප් කොටස මේ ගීතය අපේ හදවතේ ඇති ගැඹුරුතම තැන දක්වා මෙහි අර්ථය අතික්‍රමණය කරවයි. 1079 වසරේ සිට තවමත් පරම්පරා ගණනක් රසවතුන් ආනන්දයෙන් ප්‍රඥාව කරා එලඹවන මෙවන් ගීත අපට දායාද කළ සියළුම සුධීන් වෙත අපේ පින අනුමෝදන් කරවමු.!!!![/FONT]

    හිතපුම නැති තේරුමක් තමයි මේ ගීතයේ තියෙන්නෙ...විචාරයට ස්තුති යාලුවා..:yes::yes:
     
    bhanukanadeesha

    Well-known member
  • Mar 16, 2011
    1,781
    265
    83
    තාම එක ප්‍රතිචාරයයි.......යකා මල්ලිගෙන් පමණයි.......:(:(:angry::growl:
    විචාරය පළකිරීම පමා කරන ‍ලෙස ඉහලින් අණ ලැබී ඇත.......!!!!:(

    mage connection eka limit karala. nethnam math try karanawa. bohoma amaruwen me tika balanna awe:(
     
    bhanukanadeesha

    Well-known member
  • Mar 16, 2011
    1,781
    265
    83
    ඔව් මචන් මේක මම කැමතිම ගීතයක්...මේකටත් විචාරයක් ලැබෙනවනම් නියමයි....sasliit / kimbula ඇතුලු විචාර ලබා දෙන සියළු සහෝදර වරුන්ගෙන් මේ ගැනත් ඉල්ලීමක් කරමු...:yes:
    :yes::yes::yes:
     
    bhanukanadeesha

    Well-known member
  • Mar 16, 2011
    1,781
    265
    83
    ඒ අතින් මම වසනාවන්තයි ... ඈත්තටම... මගෙ අම්මට පස්සෙ මේ ලොකේ මම දෑකපු උතුම්ම කාන්තාවක් එයා... මොන කෙල්ලද තමන්ගෙ කොල්ලව වෙන කෙනෙක්ට හිමිවෙන්න කියල ප්‍රාර්තනා කරන්නෙ....

    aththa machan. den parana dewal hithin amathaka karanna tikin tika. mageth kellage oya wage seen ekak thibuna. den amathaka karala hodin innawa
     
    bhanukanadeesha

    Well-known member
  • Mar 16, 2011
    1,781
    265
    83
    දවසක් බස් එකක යද්දි රේඩියෝ එකෙන් මට කිව්වා "අතීතය සිහිනයක් පමණයි සැබෑ සුවඳක් නෑ.......එදා සෙනෙහෙන් නොබැඳුනානම් මෙදා වියෝවක් නෑ....." ඇත්ත..... එදා මම සෙනෙහෙන් නොබැඳුනානම් අද මට මෙච්චර දුකක් නැතිවෙන්න තිබුනා. ඒ අතීතය කොච්චර සුන්දරද...... අපි අවිද ගියහැටි, කතා කරපු හැටි, විහිලු කරපු හැටි, හිනා වුනු හැටි... මට චිත්‍රපටියක් වගේ මැවෙන්න ගත්තා..... කාලය කොතරම් නපුරුද............
    නමුත් ඒ ගීතය අවසානයේ "ගී පද පල්ලෙගම හේමරතන හිමියන් ගේ" කියල නිවේදිකාව මට හයියෙන් කනේ පාරක් ගහලා මාව අවදිකලා. හාමුදුරු කෙනක් මොකටද විරහ ගීත ලියන්නේ.... ලියන්න පුලුවන්..... ඒකෙ වරදක් නෑ..... නමුත් මෙ ගීතයෙ මොකක් හරි තියනවා........
    පස්සෙ මම හාමුදුරු කෙනක් මේ ගීතය දිහා බලන විදියට බලන්න පටන් ගත්තා..... සරල සිංහලෙන් මේක නම් මාරම මාරයි.....

    අතීතය සිහිනයක් පමණයි
    සැබෑ සුවඳක් නෑ.......
    එදා සෙනෙහෙන් නොබැඳුනානම්
    මෙදා වියෝවක් නෑ.....

    මේ ඉන්න අපි කොච්චර ආත්ම වල උපදින්නට ඇත්ද හැබැයි ඒ අතීතය දැන් ගෙවිල ඉවරයි. ඒක සුවදවත් එකක් නෙවෙයි. අපි ඒ කාලේ ඉදල තියෙන්නේ තෘශ්නාවෙන් බැදිලා..... ඒ පව නිසා අපි මෙ ආත්මෙ දුක් විදිනවා.. නමුත් එදා එහෙම නොබැදුනනම් අපි අද මෙ වගේ දුක් විදින්නෙ නැති වෙන්න තිබුනා......

    තැනූ මන්දිර බිඳී වැටුනත්
    නෙතේ කඳුලක් නෑ....
    සිනහ වෙන්නට වරම් නොලදත්
    සිතේ කිලුටක් නෑ.....

    අපි ජීවිතේ ලොකු බලාපොරොත්තු තියගෙන අහසෙ මාලිගා හදනවා. හැබැයි ඒව බිදුනු දවසට සමහරුන්ගෙ මුලු ජීවිතේම වැටෙනව..... සමහරු ජීවිතෙන් පැනල යනව....... තවත් සමහරු තමන්ට ජීවිතේ නොලැබුනු සතුට හිතල අනුන්ට ඉරිසියා කරනව...... නමුත් වෙන්න ඔනෙ මේ දේ නෙවෙයි...
    මේ පද පේලි වලින් රචකයා උත්සහ දරන්නෙ මේ ජීවිතේදී අපගේ අරමුන මොකක්ද යන්න අසන්නාට පහදාදීමට යැයි මට හැගේ එනම් අපි තෘශ්නාව නැතිකරගත යුතුයි යන්නයි. ඒය නැතිකර ගැනීමේ මාර්ගය රචකයා ඉලග කොටසේදී අත්‍යාලංකාරව පහදා දෙයි.

    සොබා දහමට නොවන අවනත
    ලොවේ කිසිවක් නෑ.....
    ලොවේ පැරදුම මිසක කිසිදා
    ලැබූ දිනුමක් නෑ....

    ලෝකයේ හැමදේකම නිර්මානය, පාලනය සහ පැවැත්ම තීරන වෙන්නේ ස්වභාවධර්මයට අනකූලව........ නැතුව කවුරුත් මේව මවල නැ...... ස්වභාවධර්මයට පිටින් කිසිවක් පවතින්නෙත් නෑ..........ඒ වගේම අපි ලෝකයේ ජය කියල හිතන දේ ඇත්තටම ජයක්ද?........ නෑ.. මේ සියලු දේ අනිත්‍යයි.... ඉතින් ලෝකයේ අනිත්‍ය සහ ස්වභාවධර්මය මත පදනම් වුනු එකම දෙය බුදු දහම පමනයි....
    පෙර පද වලින් රචකයා තෘශ්නාව නැති කිරීම හා නැතිකිරීමෙන් ලැබෙන ඵලය ගැන සදහන් කොට ඒ මාර්ගය මේ පද වලින් විස්තර කොට ඇති අපූරුව.

    මේ සම්පූර්න ගීතයෙන් අපෙ හාමුදුරුවො අපට චතුරාර්ය සත්‍ය ගැන පහදාදීමට ගත් උත්සහයක් දෝයි මට හැගේ.. මන්ද "එදා සෙනෙහෙන් නොබැඳුනානම් මෙදා වියෝවක් නෑ....." යන පදයෙන් දුක හා දුකට හේතුවත් දෙවැනි පද වලින් දුක නැතිකිරීමෙන් ලැබෙන ඵලයත් අවසානයට දුක නැතිකිරීමේ මාර්ගය බුද්ධ දර්ශනයට අනූව ගමන් කිරීම බවත් සාමාන්‍ය රසිකයගේ චින්තනයට ගැලපෙන අයුරින් පහදාදීම තුලින් අපට හෙලිවේ.......

    මොනව උනත් මම මේම තේරුම් ගන්නකොට මම ගොඩක් දුර ගිහිල්ල අන්තිමේ තව රුපියල් 7ක් දීල තව බස් එකක ආපහු අවා.ඒකත් මාරයි.......

    Thanx machan :):):)