සුන්දර ගීයක ඇරබුම,..

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    කිඹුල් අයියේ, සසලිට් බොක්කා, අපේ පැත්තෙදෝ......?? නිදහස සමරන්න සෙට් කර ගමුදෝ.....?? :rolleyes:
    මෙන්න අපිට හොරෙන් බොන්න යනෝ..............
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe

    මේ ගීතය රසවිඳපු මේ ගීයට ආදරේ කරන ගොඩාක් අය ඇති..ඉතින් ඒ අය වෙනුවෙනුත් නොබලපු කෙනෙක් ඉන්නව නම් ඒ අය වෙනුවෙනුත් තමා මේ ගීතය... මා වෙත මාගේ මිතුරෙකු කොහෙන්දෝ සොයාගෙන ඊමෙල් කරන ලද ලද්දක්.........

    අම්මා කෙනෙක් ගෙ ආදරේ වගේම තමන් කල වැරදි ගැන පසුතැවෙන පුතෙකුගේ කවි සිතුවිල්ලක් වගේ..හිතට දැනෙන සින්දුවක්. වැරදි යාලුවො නිසා තවත් කෙනෙක් ගෙ දිවි උදුරගත්ත පුතෙක් මරණ දඬුවම විදින්නට මොහොතකට පෙර වැඩම කල ස්වාමින් වහන්සේ කෙනෙකු අබියස වැඳ වැටෙන හැටිත් අම්මා කෙනෙක් ගෙ අපිරිමිත දාරක ප්රේමමයත් හිත තුල සිත්තම් කරන්නට මේ පද පෙල සමත්..පුතු තමන්ගෙ වැරදි ගැන පසුතැවුනත් ඒ වැරදි හදාගන්නට ඔහුට ඉඩක් නැහැ,මතු බවයෙ වැරදි යහලුවන් නම් ලැබෙන්න එපා කියලා ඔහු ප්‍රාර්ථනා කරනවා. මේ සිදුවීම ඇත්තටම අපේ සමාජයේ දකින්න පුලුවන් නේද? වැරදි යාලුවො නිසා අදටත් මහ උලු ගෙදර තනි වෙලා ඉන්න අය කී දෙනෙක් නම් ඇත්ද? ඒ අය වටා හිටිය යහලුවන් යැයි කියාගත්තවුන් අතහැර යද්දි අම්මා ඒ දරුවට ආදරේ කරන හැටි හරි පුදුමයි. කොයිතරම් බැන්නත් ගැහුවත් පුතෙක් වැරදි කලත් අම්මා කෙනෙක් ඒ දරුවව අත් හරින්නෙ නෑ, ඒ කතාත් මේ පැදි පෙලේ අවසානය වගෙමයි..

    "දුදනන් ඇසුරින් පරපණ නැසුවත් නුඹ මගෙ පුතුය අනේ
    මතු උපදින දා මගෙම පුතු වෙයන් හොඳ මිනිසකු ලෙසිනේ."

    මොන වැ‍රැද්ද කලත් අම්ම කෙනෙක් තමන්ගෙ දරුවව අත අරින්නෙ නැහැ..ඒ නිසාම ගොඩාක් ප්‍රශ්න වලදි මං අඬා වැටෙන්නෙ අම්මා ගාව..ඒ වගේම තවත් කෙනෙක් ගෙ ලේ තමන්ගෙ අත්වල ගාව ගන්න තරම් නපුරු උන මේ පුතා අම්මගෙ සෙනෙහසට ආදරේ කරන හැටි?කොයි සෙනෙහසටද පුලුවන් ඒ තරම් නපුරු වුන තද හිතක් අඬවන්න.අම්මගෙ සෙනෙහසට විතරමයි..මරණයට බය නැති උනත් මේ ලෝකෙන් මිදෙන්න බැරි එකම බැම්ම අම්මගෙ ආදරේ...

    "බුදු හාමුදුරුවො වැඩියා වාගෙයි පින්බර ස්වාමිනේ
    දුක හිතිලද හිර ගෙදරට වැඩියේ මාගෙ මරණ දිනේ
    මගෙ අම්මා වත් දොර‍ටුව අද්දර හිටියද කියනු මැනේ
    මා ගෙලලූ බව ඇයට කියනවද බුදු බව ලැබෙයි අනේ

    අනේ ස්වාමිනි මා ගෙල ලන්නට ඉඩ නම් දෙන්න එපා
    ගෙලවැලලූවොත් මගෙ මළ කඳ අම්මට පෙන්නන්න එපා
    ඇතිදා ලඟ උන් මිතුරන් මතු සසරෙදි හමු වෙන්න එපා
    නැති දා ලඟ උන් බුදු අම්මේ නුඹ දුක් ගිනි ගන්න එපා

    බුදු හාමුදුරුවො....

    නොදැන කෙරූවත් වරද වරදමයි නැත කිසි දිනක සමා
    මරණයෙ දොරකඩ සිට ඔබ පා යුග සිඹ සමු ගනිමි මෙමා
    කෙලිලොල් කම් කෙරු මා සතු දිවිමග දැන් දැන් වේවි නිමා
    මරණ බයක් නෑ අම්ම සිහිවෙයි........................................

    මව...
    බුදු හාමුදුරුවො වැඩියා වාගෙ පින්බර ස්වාමිනේ
    දුක හිතිලයි මා හිරගෙට ආවෙ පුතුගේ මරණ දිනේ
    දුදනන් ඇසුරින් පරපණ නැසුවත් නුඹ මගෙ පුතුය අනේ
    මතු උපදින දා මගෙම පුතු වෙයන් හොඳ මිනිසකු ලෙසිනේ
    .
    ithamath usas paniwidayak,ithamath saralawa kiyawena geethayak!
    mata atthenma dukai mata mage ammawa hemadama dakinna wasanawa nathi eka gena!ammatath e dukama athi kiyala mama dannawa.
    thanx brother!
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe

    methana daanna puluwanda sahodaraya?
     
    wageesha87

    Active member
  • Oct 31, 2008
    315
    87
    28
    kandy
    macanla me sinduweth vicharayak dammuda
    Untitled.jpg
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ithamath usas paniwidayak,ithamath saralawa kiyawena geethayak!
    mata atthenma dukai mata mage ammawa hemadama dakinna wasanawa nathi eka gena!ammatath e dukama athi kiyala mama dannawa.
    thanx brother!

    :):):)
    අපේ ගෝර සහෝදරය දාල තිබුන අම්මා බුදුවේවා කියල....
    වචන දෙකයි... ඒත් එහි හැගීම් ලොරියයි.... කදුළු ට්‍රැක්ටර් දෙකයි....
     
    Last edited:

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ඔන්න ඉතින් යාළුවනේ මේ ඔයාල හොදට දන්න ගීතයක්.... ඒ වගේමයි මෙහි නිධාන කතාවත් හරිම ජනප්‍රියයි... ඒත් මට හිතුන මේ ගීතය නොදැම්මොත් ලොකු අඩුවක් කියල.... එනිසයි මේ විචාරය කරන්න කලාපනා කලේ....

    තනි තරුවේ...
    ඔබත් ඔහොම ඔතැන ඉන්න
    මමත් මෙහෙම මෙතැන ඉන්නවා

    නෙතඟ නෙතඟ පැටලි පැටලි
    මුවඟ මුවඟ ඇලලි ඇලලි
    මෙතෙක් දුරක් එක්වී පැමිණී
    තනි තරුවේ...

    මහද අරණ ළතැවි ළතැවි
    රැඳෙනු බැරි ව ඉගිළි ඉගිළි
    මගෙන් ඉවත ඇදිලා සැනසී
    තනි තරුවේ....

    ගී පද - ප්‍රේමකීර්ති අල්විස්
    සංගීතය හා ගායනය – වික්ටර් රත්නායක

    ප්‍රේම කීර්ති මුහුදු වෙරලෙ හාන්සිවෙලා ඉදගෙන ”තනි තරුවේ” කියල කෑ ගැහුවලු. මේක අහගෙන හිටිය වික්ටර් කීවලු ”මචං... ප්‍රේම් අන්න එහෙම සින්දුවක් ලියපං... ” කියල....

    මේකනේ ඉතින් අපි දන්න කතාව.... ඒත් ඇයි ප්‍රේම කීර්ති එහෙම කෑ ගැහුවෙ.... මොකද්ද මේ ගීතයෙන් කෑ ගහල අපිට කියන්න උත්සාහ කරන්න හදන්නෙ කියල අපි ටිකක් අධ්‍යනය කරල බලමු....

    තනි තරුවේ
    ඔබත් ඔහොම ඔතැන ඉන්න
    මමත් මෙහෙම මෙතැන ඉන්නවා

    අහසෙ තරුවක් තියෙනව... එසේ මෙසේ තරුවක් නෙමෙයි තනිවෙච්චි තරවුක්.... මම මහපොළවෙ.... තරවෙ ඔයා අහසෙ ඉන්න ... මම පොළවෙ මෙතැන ඉන්නම්... ඔයත් තනිවෙලා... මමත් තනිවෙලා.... අපි අපි දෙස බලාගෙන ඉන්නවා... දුරස් වී එකිනෙකා දෙස බලා ඉන්නවා ඇරෙන්න වෙන කුමක් කරන්නද?

    තව දුරටත් මේ ගීතය අපේ හදවත් තුලට දැනෙන්න නම් කවුද මේ තනි තරුව කියන එක අපි දැනගත යුතුමයි ...... මේ තරුව ඔහුගේ ළඟින් ම සිටියා තරුවකි. ඔහුට ආදරය කළ තරුවක්. ජීවන ගමන්මඟ එළිය කළ තරුවක්. තනි නොවී සිටි තරුවක්. එහෙත් දැන් තනි තරුවක්.... වෙනකෙකු නොව ඔහුගේ බිරිදමයි මේ තනි තරුව.......

    මගේ නෙත් ඔයාගෙ නෙත් වල කෙතරම් නම් රැ දෙන්න ඇද්ද.... අපි දෙදෙන කෙතරම් ප්‍රේමයෙන් වෙලෙන්න ඇද්ද.... කෙතරම් ආදරෙන් ඉන්න ඇද්ද.... ජීවිතේ දුක් කරදර ජයගෙන සන්තෝෂය විදගෙන අපි දෙදෙන ආදරෙන් මෙතෙක් දුරක් ඇවිත්.... දෙපැත්තට වෙලා තනිවුනා......

    ”නෙතඟ නෙතඟ පැටලි පැටලි
    මුවඟ මුවඟ ඇලලි ඇලලි
    මෙතෙක් දුරක් එක්වී පැමිණි
    තනි තරුවේ.....

    මගේ ලග ඉන්න බෑ කියල දුක්වෙවී ඉදල, ලතවෙවී ඉදල ඇති හොදටෝම ඇති කියල ඔයා යන්න ගියා... යන්න ගියා විතරක් නෙමෙයි ඔයා දැන් සැනසීමකුත් ලබල ඒකෙන්....ඔයා සැනසීම තොසාගෙන ගිය තැන සැනසීම තියෙනවනේ.... ඒ ඇති මට, හොදටෝම ඇති... කොහේ හිටියත් ඔයා සන්තෝසෙන් ඉන්නවනම් මට හොදටම ඇති. මම ප්‍රාර්ථනා කරන්නෙත් එපමණයි...ඉතින් ඔයා එහෙනම් ඔතන ඉන්න.... මම මෙහෙට වෙලා ඉන්නම්.....

    ”මහද අරණෙ ළතැවි ළතැවි
    රැඳෙනු බැරිව ඉගිළි ඉගිළි
    මගෙන් ඉවත ඇදිලා සැනසී
    තනි තරුවේ”

    මේ ගීතය පුරාවටම තමා අතහැර ගිය බිරිද දෙස උපේක්ෂාවෙන් බැලීමක් තමා කරන්නෙ.... මගේ ලග ආදරෙන් ඉදල .... මේ ජීවිතේ අපි එකට ගොඩාක් දුර පියමං කරගෙන අපි ආව... ඒත් හදිස්සියෙ ඔයාට මගේ අඩු පාඩු පේන්න ගත්ත... මම හොදනැති උනා... මාව එපා උනා... එපා වුන මගේ ලග ඉන්න බෑ, මගේ ලග ඔබට සැනසීමක් නෑ කියල ඔයා ගියා යන්න සැනසීමක් තියෙන තැනක් හොයාගෙන. ඔයා දැන් එතන ඉන්නව ... අනේ මේ මම තාමත් ඒ හිටපු තැනමයි.... ඔයා හොදින් ඔතැනට වෙලා ඉන්න සොදුරියෙ... මම මට පුළුවන් විදියට මෙහෙට වෙලා ඉන්නම්....

    එදා ප්‍රේම කීර්ති ”තනි තරුවේ” කියල කෑ ගහුවේ... හිතේ තියෙන වේදනාවට තමන්ගෙ බිරිද සිහිවුනාම දරාගන්න බැරි දුකට .... කොච්චර පවුද.... තමන්ගෙ බිරිදගෙ නම කියල කෑ ගහන්න බැරි කමට තනි තරුවේ කියල කෑ ගහනවා.... එවෙලේ ”තනි තරුවේ” කියලා කෑ ගහපු තාලයම තමා මේ ගීතයේ තියෙන්නෙත්..... ආදරේ, විරහව මහ පුදුමාකාරයි.....

    wow
    adenawa......
    mage aasama geethayak!
    mewa edath,adath,hetatath,minisun widina athdakeem gena liya wunu geetha!
    bohoma watinawa sahodaraya..me wage geetha gena katha karana eka loku sathutatk!:)
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මා මේ පලකරන දෙයින් සිත්රිදිවීමක් ඇතිවුනිනම් .... කමත්වා....

    යාළුවනි .... මම මේ දේ දාන්න කියල හිතුවෙ ගොඩාක් ඉස්සර ඒත් මට බැරිවුනා.... මොකද මට හොද නිදහසක් තිබුන අද හැමදේම හැම පැත්තෙන්ම හිතන්න...එනිසයි අද මම මේ ඉල්ලීම කරන්නෙ...
    මේකයි යාළුවනේ දත් කිඹුලාවේවා... මම වේවා... වෙන කෙනෙක් වේවා... අපි මෙහි දාන විචාරයන් හුදෙක් විචාරයන් පමණයි.... මම දැක්ක සමහරු මගේ, කිඹුලගේ විචාරයන් තර්කයට භාජනය කරනවා.... ඒක හොදයි එහෙම වෙන්න ඕනි...ඒත් මතක තියාගන්න අපි කරන්නෙ අපි දකින දේ... අපේ රසඥතාවයන් ඔස්සේ අපි විදපු දේ ඔබටත් විදවන්න උත්සාහ කිරීමක් පමණයි...... ගීතයක් අපේ හිතට වැදුනොත් ඒ ගීතයේ වචනවලින් කියන අර්ථය කෙරෙහි අප සැලකිළිමත් වෙලා අරුත පසිදලන්නට උත්සාහ කරනවා..... එවිටදි එම ගීතය ගැන ගීතය ලියපු අය , වෙනත් විචාරකයින් , පවුලේ අය , හිතවතුන් කියූ දේවල් කියන්නෙ අපට උත්ප්‍රේරකයක් පමණයි.... එය ධන හෝ රින විය හැකියි.... කරුණා කරල මමත් විශේෂයෙන්ම දත් කිඹුලාත් කරන විග්‍රහයන් ගැන කවුරුවත් කියපුදේවල් ගැන අහල අපිත් එක්ක තර්ක කරන්න එපා.. එක්කෙනෙක් පීඑම් වලින් තර්කයට ආවා.... නමුත් ඔහු තර්ක කරන්නෙ ගීතයන්හි තිබෙන වචන ගැන නොවෙයි එයාට කවුද කිව්වෙ ඔය විදියට නෙමෙයි... ඒ කියපු කෙනා එයාට විශ්වාසයි කියල..... බලන්න එය සාධාරණද... අපිට තවත් ගීතයක් විචාරය කිරීමේ වෙලාව.....

    දැන් පැයක් විතර තවත් යාළුවෙක් සැදෑ කළුවර ගැන මගෙත් එක්ක ලොකු වාදයක.... දෙවියනි අර්ථය මොක වේවා... දත් කිඹුල මා සමග විචාරය කරද්දි අපි දෙදෙනාම ඇඩුව, කදුලු වැටෙන්නම ඇඩුව... අර්ථය වෙනකක් වුවත් මම ගන්නෙ අර මගේ කදුලු වැටුනු අර්ථය... එතන් සැබෑ ගී විචාරය තියෙන්නෙ... නැතිනම් නාරිලතා පුෂ්ප,ඩැෆඩිල්මල්, ලියතඹරාමල්, ඇපල්මල් වගේ ලංකාවේ ඇසාවටවත් දිකින්න නැති දේවල් ගැන තිබෙන ගීත මේතරම් ජනප්‍රියවෙන්න බෑ...

    අපි සාම්ප්‍රදායික ගීත විචාර කලාව බින්ද.... යාළුවනේ,මචංල,ඔන්න ඉතින්,අපේ බාෂාව වගේ වචන අපි දැම්මෙ ඔබ නිසාමයි... මෙය කියවන අපේ යාළුවන් නිසාමයි කරන්නෙ. මෙයිට සාම්ප්‍රදායික විචාරකයින් විරුද්ධ වේදෝයි තිබූ සැකය නිසාමයි මෙය ආරම්භයේදිම මේ ත්රෙඩ් එක දැමූ *ධනුෂ්ක* සොයුරාගෙන් මා ඇසුවේ මෙහි අපි විචාර දාන්නද කියලා...

    අනික තමයි සමහර නිධාන කතාවන් තියෙනවා ඔබ දන්නවාට වඩා එහා ගිය ගොඩාක් දේවල් අපි දෙදෙනා දන්නවා ඉතින් අපි ඒ දෙවල් නොදා ඉන්නෙ මෙහි ප්‍රමිතිය සහ අපේ අරමුණ ගැන හිතලා... ඉතින් එවිටදි ඇවිත් අපිත් එක්ක තර්ක කරන්න එපා.... උදා. මාලනී බුලත් සිංහලගෙ ලමයෙක් නැතිවීම ගැන කවුදෝ තරක කරල තිබුන... ඒත් මම ඒ ගැන මුලින් සදහන් නොකලෙ බුලත්සිංහල පවුලේ එකම ඉල්ලීමලු කිසිම විටකත් ඒ දේ මතක්කරන්න එපා කියන එක..... අපි අපිට දැනෙන දේ අපිට හිතන දේ විචාරය කරමු... එකම ගීතයට විචාර 10ක් උවත් කමක් නෑ දාමු.... අපි අපි තර්ක නොකර ඉමු... සංවේදී හදවත් තුලට දැනුනුදේ ඔබටත් සංනිවේදනය කිරීම සදහායි මා සහ අපේ කිඹුල සහෝදරයා උත්සාහ කරන්නෙ.... අනික තමා මම පවා තවමත් ඉගෙන ගන්නේ අපේ කිඹුලා සහෝදරයාගෙන් ඉතින් ඔහුගේ අදහස් තර්කයට ලක් කරන්න ඔහුව තර්කයට ලක්කරන්න එපා... (එක් පුද්ගලයකු එවා ඇති පී.එම්. එකක් නිසයි මා මේදේ සදහන් කරන්නේ ) අවාසාන වශයෙනුත් පුද්ගලයන් 10 දෙනකු එක ගීතයක් දිහා බලන විදිය ක්‍රම දහයක්... එයින් ඔබ තෝරාගත යුත්තේ ඔබට, ඔබේ හදවතට දැනෙන විචාරය මිස .... රහුමාන් කිව්ව, ප්‍රේම කීර්ති කිව්ව, තාගෝර් කිව්ව කියන දේ නොවෙයි.... මොකද ඉන් ප්‍රයෝජනයක් නෑ... ඔබට අවැසි, ඔබට දැනෙනා දේ නොවේද ඔබ ලංකරගන්නෙ....

    අවසන් වශයෙන් මට කතාවක් මතක්වුනා............
    එක ගමක් පුද්ලගයෙක් අහනවා ගීතයක්.....

    නෝ වුමන් නෝ ක්‍රයි
    නෝ වුමන් නෝ ක්‍රයි

    මොකද්ද ඔය අහන්නෙ
    මම මේ බොබ් මාලිගෙ ගීතයක් අහනව... මම මේ අපේ ගෑනිට දැනෙන්න අහන්නෙ මේක.....
    වැඩක් නෑ අනේ.... ඔයා බිරිදට ඔහොම කියන්න එපා....
    මොකද්ද මම කියන්නෙ....
    මම දන්නව ඔය එයාගෙ ලගට ගිහින් කියන්න බැරි කමටට ඔය සාමාවගන්නව නේද ගීතයෙන්...
    මොකා.... මොකද්ද ආයෙත් කියන්න බලන්න
    ඔයා ඔය අඩන්න එපා.... නො වුමන්... නෝ නෝ වුමන්... දැන් ඇති අඩන්න එපා කියලනේ කියන්නෙ....
    තමුසෙට පිස්සුද .. මේකෙන් කියන්නෙ ගැහුනු නැත්නම්, කදුලක් නෑ කියන එක... නෝ වුමන්... නෝ ක්‍රයි...

    දෙදෙනාටම තමන්ගෙ මතයට තර්ක කරන්න කරුණු ගොඩායි.... වැදගත් වන්නේ තමන්ගේ අත්දැකීම්, තමන්ගේ දර්ශණයන් අනුව හදෙහි ලැගුම් ගන්නා දර්ශණයයි.....

    සමාවන්න මින් ඔබගේ විචාරයන්ට බාධාවක් සිදුවුනි නම්... අදාල නැති දෙයක් මා කතාකලෙහිනම් හැකි ඉක්මනින් රිමූව් කරනට කැමැත්තෙමි...

    යාලු හිත් රිදීම් ඈති කර ගන්න එපා/ඇල ඈති රුකට ගල් වදින බව මත තියාගමු.. මේ වෑඩේ මෙතනින් නෑවෑත්තුවොත්.. ගොඩක් පාඩුවක් වෙයි.. ගීත වලට ආදරය කරන අපි සෑමට.. දිගටම දාමු,,, අපි සෑම ඔබ (ලා) සමගයි...
     
    සඳකඩ පහනක කැටයම් ඔපලා ගීතයේ පද වලට ගැලපෙන සංගීතයකුත් උඩින් බැලුවට තේරුම් ගන්න බැරි ගැඹුරු තේරුමකුත් තියෙනවා.මම දන්න විදියට අහල තියෙන විදියට මේ සිංදුවේ තේරුම කියන්නම්.
    සදකඩ පහණ කියන්නේ කලා කරුවෙක් අතින් නිර්මාණය වන අපූරු දෙයක්.මේකෙ සදකඩ පහනට ආරෝපණය කරල තියෙනනෙ ඉතාමත් ලස්සන, සැමියා අහිමි, කුඩා දියනියක් සිටින කාන්තාවක්.
    සදකඩ පහනක කැටයම් ඔපලා පාවෙන දේදුනු ලැගුම් ගනී,තනිව සිටින මේ කාන්තාවගේ ඇසුරට මිනිසුන් එනවා.පාවෙන දේදුනු කියල උපමා කරන්නෙ ඒ මිනිසුනට.
    කැලැතුනු රසයක පැන ආ බුබුලක් අකුරු වැලක් දෙහදක තනිවේ,මේ තහනම් ඇසුර කැලැතුනු රසය ගැන දන්නෙ පැමිනෙන මිනිසාත් ගැහැනියත් පමනයි.සදකඩ පහන කොතරම් අනගි නිර්මානයක් උනත් ඒක පයට පෑගෙනව.ඒ වගේම මේ කාන්තාව කොච්චර ලස්සන වුනත් සමාජයේ ගැරහුමට ලක්වෙනව.
    යුගයෙන් යුගයට නොමියෙන දහනක දිවියක පදනම මතු වෙද්දී නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා සියුමැලි කැකුලක් මැල වෙදදී,මේ විදියට දිගින් දිගටම මිනිස්සු ඇසුරු කරද්දි මේ කාන්තාවගේ රැකියාව ගණිකා සේවය බවට පත් වෙනව.ඈ ඇසුරට එන මිනිසුන් ඈ ඇසුරු කරන්න ඇයව නිවසින් පිටතට ගෙනියනව.එතකොට ඒ ගැහැනියගේ දරුවා නිවසේ තනි වෙනව.කැකුලකට ආරෝපණය කරල තියෙන්නේ ඒ දියනිය.අම්මව ඇසුරුකරන්න ළමයට තියෙන කාලය සීමා වෙනව.

    දහසක් පෙතිමත රහසක් මුමුනා තුඩින් තුඩට ගෙන යන බිංදූ ,ඈව ඇසුරු කරපු මිනිස්සු තමන්ගෙ යාළුවන්ටත් ඇය ගැන කියනව,ඇය ගැන ආරංචිය රහසක් විදියට පැතිරෙනව.
    ගව්වක් ඉහලට ගොනුකොට රදවා පොපියන දෙතොලක් එහි කැන්දූ,ඈ ගැන ආරංචි වුනු මිනිස්සු ගව්වක් ඉහලට බලාපොරොත්තු තියා ගෙන තමා ඈ ගාවට එන්නෙ.ඒ කියන්නෙ ඇගෙන් ලැබෙන සුවය ගැන ලොකුවට බලාපොරොත්තු තියාගෙන තමා එන්නෙ.
    අහසත් ගුගුරා කළුවක් වපුරා ඒ හා මුහුවුනු වැහි බිංදූ,නමුත් මේ කාන්තාව මේ කටයුත්ත කරනනේ කැමැත්තෙන් නෙමෙයි.තමන්ගෙයි දරුවගෙයි ජීවිතය වෙනුවෙන්.ඒක මේ පදයෙන් ගම්‍ය වෙනවා.
    ඈ ගෙන යද්දී නටඹුන් අතරින් තවකෙක් ඈ වෙත හද රැන්දූ,ඒ පැමිණෙන පුද්ගලයා ඇසුරු කරලා ඉවර වුනු ගමන් ඈ ඇසුරු කරන්න තවත් පුද්ගලයෙක් එනව.මේ විදියට ඈට තම ජීවිතය ගැට ගහගන්න මිනිස්සු රාශියකගෙ ආශාවන් පිරිමහන්න වෙනව.

    හදවිල ඉපැදුනු කැකුලක් නොකලට නටුවෙන් ගලවා ඉවත යවා,ඇගේ රැකියාව නිසා දරුවාට සිදුවන අවමානය නැති කරන්න තමන්ගෙ දියණියව ඈතකට යවන්න මේ කාන්තාවට සිදු වෙනව.දියනියට සිදුවෙනව අකාලයේ අම්මව අතහැරල ඈතකට යන්න.
    මිහිලිය තෙත්කොට ගිලිහුනු කදුලක් සත්සමුදුරකට මුහුව ගියා,මේ කාන්තාව තමන්ගෙ දියණිය වෙන තැනකට යවන්නෙ ගොඩක් දුකෙන්.ඒත් ඇයට ඒක තවත් එක් දුකක් පමණයි.කදුලක් සත්සමුදුරකට එකතු වෙනව වගේ ඇගේ දුක් සමුදායෙන් එක් දෙයක් බවට ඇගේ දියනිය ඈතකට යැවීමට සිදුවීම දක්වන්න පුළුවන්.
    ඔබට උරුම වුනු රිදුනු තැවුනු හද එක්ටැම් මැදුරක කවුලු අරා රුවන් විමානෙන් පියඹා එනතුරු පොපියන හදවත සිටියි බලා,මේ කාන්තාව තමන්ගෙ දියණිය හොදින් ඉගෙන ගෙන ලොකු තැනකට ගිහින් තමන්ගෙ අම්මව මේ දුක්බර ජීවිතයෙන් මුදවා ගන්න එනකම් හුදෙකලාව ඇගිලි ගනිමින් බලා ඉන්නවා.

    මම දන්න විදියට මේ ගීතයේ තේරුම ගොනුකරා.වැරදි එහෙම තියෙනවනම් සමාව ඉල්ලනවා.
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ප්‍රියා සූරියසේනනට සිංදුවක් ලියාගන්න ඔනවෙලා ගියාලු ප්‍රේම කීර්තිද අල්විස්ගෙ ගෙදර......

    හැබැයි ඉතින් නිකම් නෙමෙයි පොඩි බෝතලේකුත් අරගෙනලු ගියේ..........
    කරුමෙ කියන්නෙ ප්‍රේමකීර්තිත් හදිස්සියකට ගෙදරින් එළියට යන්න ලෑස්ති වෙනවළු , මිනිහට බස් එකත් පරක්කු වෙලාළු හරිද?
    ඉතින් මාර වැඩේ ප්‍රේම කීර්තිත් නියම කොල්ලනේ...... බෝතලේ දිහා බලනවළු... අතේ ඔරලෝසුව දිහා බලනවළු.... මාර අප්සට එක ..... කොළයක් අතට අරගෙන මොනවද පේලි 2,3ක් ලියල මිනිහ දිව්වළු බස් එකට.... හරි....
    ප්‍රියා සූරියසේන වැඩේ කෙරුණෙ නැති නිසා අපසෙට් එකේ .... පාරට බැස්සලු ... බහින ගමන් බැලුවලු අර ලියල තියෙන පේලි 2,3 මොකද්ද කියලා.....
    ඒකෙ තිබුනලු
    "හෙට දවසේ..... අපදෙදෙනා.....
    මේ වාගෙම හමු විය යුතුවේ.....
    අද දවසේ.... මවෙත ගෙනා.....
    මිහිර හෙටත් ගෙන ආ යුතුවේ.....
    :):):):)
    rep +5
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    සඳකඩ පහනක කැටයම් ඔපලා ගීතයේ පද වලට ගැලපෙන සංගීතයකුත් උඩින් බැලුවට තේරුම් ගන්න බැරි ගැඹුරු තේරුමකුත් තියෙනවා.මම දන්න විදියට අහල තියෙන විදියට මේ සිංදුවේ තේරුම කියන්නම්.
    සදකඩ පහණ කියන්නේ කලා කරුවෙක් අතින් නිර්මාණය වන අපූරු දෙයක්.මේකෙ සදකඩ පහනට ආරෝපණය කරල තියෙනනෙ ඉතාමත් ලස්සන, සැමියා අහිමි, කුඩා දියනියක් සිටින කාන්තාවක්.
    සදකඩ පහනක කැටයම් ඔපලා පාවෙන දේදුනු ලැගුම් ගනී,තනිව සිටින මේ කාන්තාවගේ ඇසුරට මිනිසුන් එනවා.පාවෙන දේදුනු කියල උපමා කරන්නෙ ඒ මිනිසුනට.
    කැලැතුනු රසයක පැන ආ බුබුලක් අකුරු වැලක් දෙහදක තනිවේ,මේ තහනම් ඇසුර කැලැතුනු රසය ගැන දන්නෙ පැමිනෙන මිනිසාත් ගැහැනියත් පමනයි.සදකඩ පහන කොතරම් අනගි නිර්මානයක් උනත් ඒක පයට පෑගෙනව.ඒ වගේම මේ කාන්තාව කොච්චර ලස්සන වුනත් සමාජයේ ගැරහුමට ලක්වෙනව.
    යුගයෙන් යුගයට නොමියෙන දහනක දිවියක පදනම මතු වෙද්දී නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා සියුමැලි කැකුලක් මැල වෙදදී,මේ විදියට දිගින් දිගටම මිනිස්සු ඇසුරු කරද්දි මේ කාන්තාවගේ රැකියාව ගණිකා සේවය බවට පත් වෙනව.ඈ ඇසුරට එන මිනිසුන් ඈ ඇසුරු කරන්න ඇයව නිවසින් පිටතට ගෙනියනව.එතකොට ඒ ගැහැනියගේ දරුවා නිවසේ තනි වෙනව.කැකුලකට ආරෝපණය කරල තියෙන්නේ ඒ දියනිය.අම්මව ඇසුරුකරන්න ළමයට තියෙන කාලය සීමා වෙනව.

    දහසක් පෙතිමත රහසක් මුමුනා තුඩින් තුඩට ගෙන යන බිංදූ ,ඈව ඇසුරු කරපු මිනිස්සු තමන්ගෙ යාළුවන්ටත් ඇය ගැන කියනව,ඇය ගැන ආරංචිය රහසක් විදියට පැතිරෙනව.
    ගව්වක් ඉහලට ගොනුකොට රදවා පොපියන දෙතොලක් එහි කැන්දූ,ඈ ගැන ආරංචි වුනු මිනිස්සු ගව්වක් ඉහලට බලාපොරොත්තු තියා ගෙන තමා ඈ ගාවට එන්නෙ.ඒ කියන්නෙ ඇගෙන් ලැබෙන සුවය ගැන ලොකුවට බලාපොරොත්තු තියාගෙන තමා එන්නෙ.
    අහසත් ගුගුරා කළුවක් වපුරා ඒ හා මුහුවුනු වැහි බිංදූ,නමුත් මේ කාන්තාව මේ කටයුත්ත කරනනේ කැමැත්තෙන් නෙමෙයි.තමන්ගෙයි දරුවගෙයි ජීවිතය වෙනුවෙන්.ඒක මේ පදයෙන් ගම්‍ය වෙනවා.
    ඈ ගෙන යද්දී නටඹුන් අතරින් තවකෙක් ඈ වෙත හද රැන්දූ,ඒ පැමිණෙන පුද්ගලයා ඇසුරු කරලා ඉවර වුනු ගමන් ඈ ඇසුරු කරන්න තවත් පුද්ගලයෙක් එනව.මේ විදියට ඈට තම ජීවිතය ගැට ගහගන්න මිනිස්සු රාශියකගෙ ආශාවන් පිරිමහන්න වෙනව.

    හදවිල ඉපැදුනු කැකුලක් නොකලට නටුවෙන් ගලවා ඉවත යවා,ඇගේ රැකියාව නිසා දරුවාට සිදුවන අවමානය නැති කරන්න තමන්ගෙ දියණියව ඈතකට යවන්න මේ කාන්තාවට සිදු වෙනව.දියනියට සිදුවෙනව අකාලයේ අම්මව අතහැරල ඈතකට යන්න.
    මිහිලිය තෙත්කොට ගිලිහුනු කදුලක් සත්සමුදුරකට මුහුව ගියා,මේ කාන්තාව තමන්ගෙ දියණිය වෙන තැනකට යවන්නෙ ගොඩක් දුකෙන්.ඒත් ඇයට ඒක තවත් එක් දුකක් පමණයි.කදුලක් සත්සමුදුරකට එකතු වෙනව වගේ ඇගේ දුක් සමුදායෙන් එක් දෙයක් බවට ඇගේ දියනිය ඈතකට යැවීමට සිදුවීම දක්වන්න පුළුවන්.
    ඔබට උරුම වුනු රිදුනු තැවුනු හද එක්ටැම් මැදුරක කවුලු අරා රුවන් විමානෙන් පියඹා එනතුරු පොපියන හදවත සිටියි බලා,මේ කාන්තාව තමන්ගෙ දියණිය හොදින් ඉගෙන ගෙන ලොකු තැනකට ගිහින් තමන්ගෙ අම්මව මේ දුක්බර ජීවිතයෙන් මුදවා ගන්න එනකම් හුදෙකලාව ඇගිලි ගනිමින් බලා ඉන්නවා.

    මම දන්න විදියට මේ ගීතයේ තේරුම ගොනුකරා.වැරදි එහෙම තියෙනවනම් සමාව ඉල්ලනවා.[/QUOTE]
    ela machan...good work...akuru tikak lokuwata daamu...
    11.gif
    11.gif
    11.gif

    onna palaweni post ekatama 5+ rep magen..:P
    digatama liyanna:):)
     
    • Like
    Reactions: priyanka_hdp

    bhanukanadeesha

    Well-known member
  • Mar 16, 2011
    1,781
    265
    83

    ප්‍රේම් අංකල් නිර්මලා අක්ක සහ සම්පත් පුතා එක්ක පදිංචි වෙලා හිටියේ අපේ මහ ගෙදරට එහා ගොඩේ. ඒදා ඒ මූසල උදෑසන ප්‍රේම් අංකල්ට වෙඩි තියපු ඒ වෙඩි හඩ මට ඇහුණා. මෙච්චර සංවේදී ව මිනිස්සුන් ගේ දුක දැකපු ඒ මනුස්සයට වෙඩි තියල තිබ්බේ කටට. මෙපමණ සංවේදී මනුස්සයෙකු ගේ කටට වෙඩි තියන්න පුළුවන් විප්ලවයකින් මනුස්සකම ඉතිරිවේද කියන ප්‍රශ්ණය මට ඇතිවුණේ එදිනයි. ඒ දේශපාලන ව්‍යාපාරය සමග මගේ මතවාදීමය අරගලය ඇත්තට ම හට ගත්තේ එදිනයි.
    උඹල සමාවෙයල්ලා මට මෙතනට දේශපාලනය ඇදල ගත්තට. හිතේ වේගයටයි මේහෙම ලියවෙන්නේ........නමුත් මට කියාපල්ලා හෘදය සාක්ෂියට එකගව, ප්‍රේමකීර්ති වගේ මන්සුසයෙක් ගේ කටට වෙඩි තියල මරන්න පුළුවන් අසංවේදී දේශපාලනයකින් අපට බලාපොරොත්තු වෙන්න පුළුවන් මොන විදියේ විමුක්තියක් ද කියලා.........!!!

    :(:(:(:(:(:(
     
    bhanukanadeesha

    Well-known member
  • Mar 16, 2011
    1,781
    265
    83
    මා මේ පලකරන දෙයින් සිත්රිදිවීමක් ඇතිවුනිනම් .... කමත්වා....

    යාළුවනි .... මම මේ දේ දාන්න කියල හිතුවෙ ගොඩාක් ඉස්සර ඒත් මට බැරිවුනා.... මොකද මට හොද නිදහසක් තිබුන අද හැමදේම හැම පැත්තෙන්ම හිතන්න...එනිසයි අද මම මේ ඉල්ලීම කරන්නෙ...
    මේකයි යාළුවනේ දත් කිඹුලාවේවා... මම වේවා... වෙන කෙනෙක් වේවා... අපි මෙහි දාන විචාරයන් හුදෙක් විචාරයන් පමණයි.... මම දැක්ක සමහරු මගේ, කිඹුලගේ විචාරයන් තර්කයට භාජනය කරනවා.... ඒක හොදයි එහෙම වෙන්න ඕනි...ඒත් මතක තියාගන්න අපි කරන්නෙ අපි දකින දේ... අපේ රසඥතාවයන් ඔස්සේ අපි විදපු දේ ඔබටත් විදවන්න උත්සාහ කිරීමක් පමණයි...... ගීතයක් අපේ හිතට වැදුනොත් ඒ ගීතයේ වචනවලින් කියන අර්ථය කෙරෙහි අප සැලකිළිමත් වෙලා අරුත පසිදලන්නට උත්සාහ කරනවා..... එවිටදි එම ගීතය ගැන ගීතය ලියපු අය , වෙනත් විචාරකයින් , පවුලේ අය , හිතවතුන් කියූ දේවල් කියන්නෙ අපට උත්ප්‍රේරකයක් පමණයි.... එය ධන හෝ රින විය හැකියි.... කරුණා කරල මමත් විශේෂයෙන්ම දත් කිඹුලාත් කරන විග්‍රහයන් ගැන කවුරුවත් කියපුදේවල් ගැන අහල අපිත් එක්ක තර්ක කරන්න එපා.. එක්කෙනෙක් පීඑම් වලින් තර්කයට ආවා.... නමුත් ඔහු තර්ක කරන්නෙ ගීතයන්හි තිබෙන වචන ගැන නොවෙයි එයාට කවුද කිව්වෙ ඔය විදියට නෙමෙයි... ඒ කියපු කෙනා එයාට විශ්වාසයි කියල..... බලන්න එය සාධාරණද... අපිට තවත් ගීතයක් විචාරය කිරීමේ වෙලාව.....

    දැන් පැයක් විතර තවත් යාළුවෙක් සැදෑ කළුවර ගැන මගෙත් එක්ක ලොකු වාදයක.... දෙවියනි අර්ථය මොක වේවා... දත් කිඹුල මා සමග විචාරය කරද්දි අපි දෙදෙනාම ඇඩුව, කදුලු වැටෙන්නම ඇඩුව... අර්ථය වෙනකක් වුවත් මම ගන්නෙ අර මගේ කදුලු වැටුනු අර්ථය... එතන් සැබෑ ගී විචාරය තියෙන්නෙ... නැතිනම් නාරිලතා පුෂ්ප,ඩැෆඩිල්මල්, ලියතඹරාමල්, ඇපල්මල් වගේ ලංකාවේ ඇසාවටවත් දිකින්න නැති දේවල් ගැන තිබෙන ගීත මේතරම් ජනප්‍රියවෙන්න බෑ...

    අපි සාම්ප්‍රදායික ගීත විචාර කලාව බින්ද.... යාළුවනේ,මචංල,ඔන්න ඉතින්,අපේ බාෂාව වගේ වචන අපි දැම්මෙ ඔබ නිසාමයි... මෙය කියවන අපේ යාළුවන් නිසාමයි කරන්නෙ. මෙයිට සාම්ප්‍රදායික විචාරකයින් විරුද්ධ වේදෝයි තිබූ සැකය නිසාමයි මෙය ආරම්භයේදිම මේ ත්රෙඩ් එක දැමූ *ධනුෂ්ක* සොයුරාගෙන් මා ඇසුවේ මෙහි අපි විචාර දාන්නද කියලා...

    අනික තමයි සමහර නිධාන කතාවන් තියෙනවා ඔබ දන්නවාට වඩා එහා ගිය ගොඩාක් දේවල් අපි දෙදෙනා දන්නවා ඉතින් අපි ඒ දෙවල් නොදා ඉන්නෙ මෙහි ප්‍රමිතිය සහ අපේ අරමුණ ගැන හිතලා... ඉතින් එවිටදි ඇවිත් අපිත් එක්ක තර්ක කරන්න එපා.... උදා. මාලනී බුලත් සිංහලගෙ ලමයෙක් නැතිවීම ගැන කවුදෝ තරක කරල තිබුන... ඒත් මම ඒ ගැන මුලින් සදහන් නොකලෙ බුලත්සිංහල පවුලේ එකම ඉල්ලීමලු කිසිම විටකත් ඒ දේ මතක්කරන්න එපා කියන එක..... අපි අපිට දැනෙන දේ අපිට හිතන දේ විචාරය කරමු... එකම ගීතයට විචාර 10ක් උවත් කමක් නෑ දාමු.... අපි අපි තර්ක නොකර ඉමු... සංවේදී හදවත් තුලට දැනුනුදේ ඔබටත් සංනිවේදනය කිරීම සදහායි මා සහ අපේ කිඹුල සහෝදරයා උත්සාහ කරන්නෙ.... අනික තමා මම පවා තවමත් ඉගෙන ගන්නේ අපේ කිඹුලා සහෝදරයාගෙන් ඉතින් ඔහුගේ අදහස් තර්කයට ලක් කරන්න ඔහුව තර්කයට ලක්කරන්න එපා... (එක් පුද්ගලයකු එවා ඇති පී.එම්. එකක් නිසයි මා මේදේ සදහන් කරන්නේ ) අවාසාන වශයෙනුත් පුද්ගලයන් 10 දෙනකු එක ගීතයක් දිහා බලන විදිය ක්‍රම දහයක්... එයින් ඔබ තෝරාගත යුත්තේ ඔබට, ඔබේ හදවතට දැනෙන විචාරය මිස .... රහුමාන් කිව්ව, ප්‍රේම කීර්ති කිව්ව, තාගෝර් කිව්ව කියන දේ නොවෙයි.... මොකද ඉන් ප්‍රයෝජනයක් නෑ... ඔබට අවැසි, ඔබට දැනෙනා දේ නොවේද ඔබ ලංකරගන්නෙ....

    අවසන් වශයෙන් මට කතාවක් මතක්වුනා............
    එක ගමක් පුද්ලගයෙක් අහනවා ගීතයක්.....

    නෝ වුමන් නෝ ක්‍රයි
    නෝ වුමන් නෝ ක්‍රයි

    මොකද්ද ඔය අහන්නෙ
    මම මේ බොබ් මාලිගෙ ගීතයක් අහනව... මම මේ අපේ ගෑනිට දැනෙන්න අහන්නෙ මේක.....
    වැඩක් නෑ අනේ.... ඔයා බිරිදට ඔහොම කියන්න එපා....
    මොකද්ද මම කියන්නෙ....
    මම දන්නව ඔය එයාගෙ ලගට ගිහින් කියන්න බැරි කමටට ඔය සාමාවගන්නව නේද ගීතයෙන්...
    මොකා.... මොකද්ද ආයෙත් කියන්න බලන්න
    ඔයා ඔය අඩන්න එපා.... නො වුමන්... නෝ නෝ වුමන්... දැන් ඇති අඩන්න එපා කියලනේ කියන්නෙ....
    තමුසෙට පිස්සුද .. මේකෙන් කියන්නෙ ගැහුනු නැත්නම්, කදුලක් නෑ කියන එක... නෝ වුමන්... නෝ ක්‍රයි...

    දෙදෙනාටම තමන්ගෙ මතයට තර්ක කරන්න කරුණු ගොඩායි.... වැදගත් වන්නේ තමන්ගේ අත්දැකීම්, තමන්ගේ දර්ශණයන් අනුව හදෙහි ලැගුම් ගන්නා දර්ශණයයි.....

    සමාවන්න මින් ඔබගේ විචාරයන්ට බාධාවක් සිදුවුනි නම්... අදාල නැති දෙයක් මා කතාකලෙහිනම් හැකි ඉක්මනින් රිමූව් කරනට කැමැත්තෙමි...

    ;) No women No cry.
    Therumak nethi ewata Pm karanna yan nepa yaaluwa.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)

    මචන් ,
    ඔය එක එකාට බම්බු ගහගන්න කියල උබේ වැඩේ කරන් යමු බන්..
    ඔය දැන් කෑ ගහන එකෙක්වත් මේ ත්‍රෙඩ් එක පටන් ගනිද්දි පේන්නවති හිටියේ නෑනේ//

    :oo::oo: බල්ලෝ බිරුවට කදු පාත් වෙන්නේ නැහැනේ සසලිටෝ....... :no: අපි අපේ පාඩුවේ මේ වැඩේ කරමු..... ලෝකය ගෝලාකාරයි, මිනිසුන් විවිධාකාරයි බං......!!