සුන්දර ගීයක ඇරබුම,..

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
මේ ගීතය ගැන ලොකු විචාරයක් නොකර ඉන්නයි මගේ අදහස... හේතුව පහලින් මා දමා තිබෙන වීඩියෝවෙහි ඇති රූප රචනය මගින් බොහෝදේ අපිට කියනවා.... ඒ ගීතය නරඹද්දි මා වෙත දැනුනු දුක්මුසු, අනුකම්පාසහගත හැගීම ඔබටත් අනිවාර්යයෙන්ම දැනේවි...

මල්ලියේ කියන දේ අහන්න.... මම කියන දේ හොදට අහගන්න.. නැත්නම් අපි ජීවිතේ පරදියි.... ලෝකය අපි හිතන තරම් සුන්දර නෑ.... අපිව බලාගන්නවට වඩා අපිව දඩයම් කරන, අපේ ජීවිත එක්ක ඔට්ටු දාන, අපේ ජීවිත වලට ලන්සු තබන සමාජයක් දැන් තියෙන්නෙ..... උඹට තාම තේරෙන්නෙ නෑ.... හැගීම් මරලදාල ජීවත් වෙන සමාජක උඹට මට ජීවත් වෙන්න වෙලා තියෙන්නෙ....

අපිට නිදහසේ ජීවත් වෙන්න නෑ මල්ලියෙ... මේක කැලෑ නීතියක්.. ඉතින් අපිට හෙට හුස්ම ගන්නනම් අද යුද්ධ කරන්නම වෙනව... ඒත් ඒ යුද්දෙට තවම උඹ පොඩියි.. මේ තිරිසනුන්ගෙ යකඩ සපත්තුවලට පුන්චි උඹ පෑගිලා විනාස වෙයි... මුන් උඹව විනාස කරයි.. ඉතින් පුන්චි උඹට තවම මේ ජීවිත රේස් එක දුවන්න බෑ කියල මම දන්නවා.... ඒත් උඹ මම හින්දනේ මේ දුවන්න හදන්නෙ... උඹ මම හින්ද නේද මල්ලියෙ යුධ පිටියට බහින්න හදන්නෙ... එපා මගේ මල්ලියෙ එපා.... උඹ තවම පොඩියි... ... උඹට බෑ... අපිට බෑ මුන් එක්කල තරගකරල දිනන්න.... ඒ දේ තේරුම් ගන්න කාලය එනකල් ඉන්න නැත්නම් විනාස වෙන්නෙ උඹයි.... උඹ විනාස උනොත් මම............?

තාර පාර දිග පාට පාට කඩ සල් පිල් සෙවනැල්ලේ
ගිනි හුළගින් දූවිලි ඇවිලෙනවා - ඒ ගින්නෙන් නුඹ දැවෙයි මලේ

රූප පෙට්ටි කෙළි සෙල්ලම් නගරය - කාසි තරගයට සූදු කෙළිනවා
ජීවිතයේ රණ බිමට වඩින්නට - මලේ නුඹට කල දවසක් එනවා

බෝල ලොසින්ජර දිව රස කෙරුවට - බඩගින්දර නැහැ නිවා දමන්නේ
කීරි ගැහෙන කල වාරු නැති දෙපා - කොහොමද නුඹ දිගු ගමනක් යන්නේ

ගායනය - මාලනී බුලත්සිංහල
පද බැදුම - ප්‍රණීත් අබේසුන්දර
සංගීතය - ආනන්ද ගමගේ

නව සංගීතයෙන් මේ ගීතය විනාසකරල තිබුනත් මම මේ වීඩියෝව මෙතන දාන්නෙ මෙහි තිබෙන රූප රචනය ගැන හිතල.... මෙතෙක් අප ගෙනා රසය, මෙතෙක් අප පවත්වාගෙන ආ වින්දනයට ඉන් බාධාවක් වුනා නම් සමාව ඉල්ලමි.....

hagumbhara geethayak ne...:(

contact me when u are online pls..apahadil deyak tiyenawa:nerd:
 
IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
ඇසිදිසි මානය
ලසෝ ලැව් ගිනි ඇවිලූනා සිත
ඔබ මගෙන් වෙන් වූ දිනේ

කරුණාරත්න දිවුල්ගනේ ගයන මේ ගීතය ඇසෙන හැම විටෙකම මම මහත් දුකින් ඊට සවන් දෙමි.

ලසෝ ලැව් ගිනි

ඇවිලුනා සිත

ඔබ මගෙන්

වෙන් වූ දිනේ...........

දරාගත නොහැකි ගී ඛණ්‌ඩය එයයි.

මෙයින් වසර ගණනාවකට පෙර කැලණිය විශ්වවිද්‍යාලයේ සිදු වූ එක්‌ ශෝචනීය ප්‍රේම කතාවක ෙ€දනීය අවසානය මේ මොහොතේ සිහිපත් වෙයි.

සරසවියේදී ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් බොහෝ දෙනෙක්‌ එකිනෙකා සමඟ ප්‍රේම සබඳතා ඇති කර ගැනීම සාමාන්‍ය දෙයකි.

එක්‌ ශිෂ්‍යාවක්‌ දකුණෙන් පැමිණි ශිෂ්‍යයකු හා පෙමින් බැඳුණි. නමුත් ඇයට යෝජිත විවාහයක්‌ තිබුණි. එම යෝජිත තැනැත්තා සිටියේ පිටරටක රැකියාවකය.

ඇයට වඩාත් ළං වූයේ පිට රටක සිටින යෝජිත තැනැත්තා නොව එදිනෙදා සරසවියේදී මුණගැසෙන පෙම්වතාය.

වසර 4 ක්‌ අවසානයේ සරසවියෙන් නික්‌ම යැමට කාලය එළැඹුණි. ශිෂ්‍යයාව තම පෙම්වතාට ඇත්තම කීවාය.

පෙම් කළ බව ඇත්තයි. නමුත් ඔබට පෙර මා විවාහ විය යුතුයි යෝජිත කෙනෙක්‌ ඉන්නවා. මට සමාවෙන්නැයි ඇය ඉල්ලා සිටියාය.

සරසවි පෙම්වතාට ඉහිලුම් නැති විය. ඊට පසුවදා ඔහු විශ්වවිද්‍යාල භූමියට ආවේ පිහියක්‌ද රැගෙනය. ඔහු ඇයට ඇන මරා දැමුවේය. අනතුරුව වස බීවේය. නමුත් ඔහු මිය ගියේ නැත.

මේ සිද්ධිය පුවත්පත්වලට කදිම මාතෘකාවක්‌ විය. ඒ දිනවල ප්‍රධාන කතාව වූයේ එයයි. මෙම ඝාතනය සම්බන්ධයෙන් මම එකල උනන්දු වීමි.

සිද්ධිය පසුපස හඹා ගිය අපගේ වාර්තාකරුවෙක්‌ මිනීමරු ශිෂ්‍යයාගේ දිනපොත ස්‌වල්ප වේලාවකට මට ගෙනැවිත් දුන්නේය.

එහි එක්‌ පිටුවක ඔහු මෙසේ ලියා තිබුණි.

ලසෝ ලැව් ගිනි

ඇවිලුනා සිත

ඔබ මගෙන්

වෙන් වූ දිනේ

ඔහු පෙම්වතිය මරා දැමුවේ මේ සටහනින් පසුව දිනකය.

ඇය ඝාතනය කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැක. මේ තත්ත්වය තුළම සිsටි සුගත් දම්මි මරා දැමුවේ නැත. පියල් නන්දා මරා දැමුවේ නැත.

එහෙත් අප පිළිගත යුතු දෙයක්‌ තිබේ. තම පෙම්වතා හෝ පෙම්වතිය තමා ප්‍රතික්‍ෂේප කළ කල්හි, නැතහොත් තමා අතහැර ගිය කල්හි දැනෙන වේදනාව ඉතාම දරුණු සිත් වේදනාවක්‌ය යන්නය.

එම වේදනාවේ තරම එවැනි වේදනාවක්‌ විඳි තැනැත්තෙක්‌ම මිස අන් කිසිවකුට නොදැනේ.

එය විරහව නොවේ. විරහව යනු රාමාට සීතා පැහැරගෙන යැමක්‌ වැන්න. මේඝදූතයෙහි එන පරිදි සිර දඬුවමකට ලක්‌වූ යක්‍ෂයාට ස්‌වල්ප කාලයකට තම අලුත් බිරිඳ අහිමි වීමකි.

මේ විරහව තාවකාලිකය. නමුත් ආලයෙන් වෙලී බැඳී කාලයක්‌ ඇවෑමෙන් ඔබ මට නොගැලපෙතැයි හෝ වෙන යම් හේතුවක්‌ කියා කෙනකු ඔබ අතහැර ගිය විට දැනෙන්නේ සිඟිරි කා මියයන තරමට ඇතිවන තද දුකකි.

පෙම්වතා හෝ පෙම්වතිය ඔබ අත්හැර දැමුවාය යනු ප්‍රතික්‍ෂේප කිරීමකි. ඒ ප්‍රතික්‍ෂේපය ගෙල වැලලාගෙන මියෙන තරමට හිත් වේදනා දෙන්නකි.

පෙම්වතා හෝ පෙම්වතිය ඔබ අත්හැර ගිය කල්හි දැනෙන දුක සිත පමණක්‌ නොව ඇඟේ මස්‌ ලේ නහර පවා වේදනාවෙන් දවන්නකි. පරාජිත සිතකට ලොව සියලු සුන්දර දේවල් පෙනෙන්නේ දුක්‌මුසු දේ විදියටය.

ජීවිතය යනු තව බොහෝ දුර යා හැකි ගමනකැයි නොසිතන, අහිමි ප්‍රේමයේ වේදනාවෙන්ම සිය දිවි හානි කර ගන්නා අය සිටිත්.

මේ සටහන ලියන මා පඬිවරයෙක්‌ යෑයි සිතූ තරුණ ගැහැනු ළමයෙක්‌ නොබෝදා ටෙලිෆෝනයෙන් කතා කොට මහත් දුක්‌ගැනවිල්ලක්‌ කීවාය.

ඕ දුප්පත් යුවතියකි. පොහොසත් එමෙන්ම උසස්‌ රැකියාවක්‌ කරන අයෙක්‌ ඇය සමග යහළු විය. වසර දෙකක්‌ ගතවීමෙන් පසු ඔහු ඇය දුප්පත් නිසා විවාහ කරගත නොහැකි යෑයි කියා ඇගෙන් වෙන් විය.

ඇය දුක්‌ වූයේ පොහොසත් පෙම්වතා අහිමි වීම නිසා නොවේ. වසර දෙකකට පසු ඇගේ දුප්පත්කම නිසා ඔහු ඇය අතහැර දැමීම නිසාය.

සැබෑ ප්‍රේමය නම් සීමා මායිම් කිසිවකටත් යටත් නොවේ. සැබෑ ප්‍රේමය වූ කලී මුහුදම සොයා යන ගංගාවක්‌ වැන්න. අතරමඟ ගල්කුළු කඳුවැටි තිබුණා යෑයි කියා ගලන ගඟක්‌ නවතින්නේ නැත.

ඉහත කී යුවතිය ප්‍රේම චෞරයකුට හසු විය. දැන් ඇය දිවි නසා ගන්නා තරම් දුකින් සිටී.

කොළ පාට මිදිවලින් වයින් ඉල්ලීම අසාධාරණ යෑයි කියමනක්‌ ඇත. අධර්මිෂ්ට පෙම්වතෙකුගෙන්a පිරිසිදු ප්‍රේමයක්‌ පැතීමත් එවැනිමය.

අන්ධකාරය වනාහී පෙරුම් පුරන අරුණලු ම වන්නේ ය. කිසිවෙකුටත් රාත්‍රියේ මාවතේ ගමන් නොකොට අරුණලු කරා ළඟා විය නොහැක්‌කේය.

මේ කියමන් දෙකම ඛලීල් පිබ්රාන් නම් දාර්ශනික කවියාගේය.

අහිමි වූ ප්‍රේමය දුකකි. මා ආලය කළ තරුණිය ඊට පසුවදා වෙනත් පෙම්වතකුගේ අතෙහි එල්ලී යනු මම මගේ දෑසින්ම දුටුවෙමි.

ලසෝ ලැව් ගිනි

ඇවිලුනා සිත

ඔබ මගෙන්

වෙන්වූ දිනේ

මේ ගීතය ඒ දවස්‌වල තිබුණේ නැත.

ප්‍රේමා ලෝකය නිවී ගියා

ඔබෙ රූපය මා හද තියා ගියා

පිපුණු මලක්‌ එම අත්තෙහි නාවෙද

ආලය ඒ ලෙස මැකී ගියා

ප්‍රේමයෙන් පැරැදී සිටි අයට ඒ දිනවල මේ ගීතය අසා සිටින්නට බැරි තරම් දුක්‌ දෙන ගීතයක්‌ විය.

ඔහු හෝ ඇය ඔබ අත්හැර ගිය කල්හි සිඟිරි කා මිය යන්නට ඔබට සිතේ නම් එය පුදුමයක්‌ නොවේ. ඒ පරාජයේ වේදනාව අති මහත්ය. එහි දුක දන්නේ පරාජය ලද හදවත්මය.

නමුත් සිය දිවි නහ නොගෙන ජීවත් වීමෙන් ඔබට ලැබෙන්නේ ජයග්‍රහණයමය.

අරුණලු උදාවන්නේ අන්ධකාරයෙන් පසුවය.

ඔබ මතක තබා ගත යුතු දෙයත් එයයි

ප්‍රේමයෙන් ලද පරාජයේ අන්ධකාරය දිගේ ගමන් කරන්න. ඉතා හොඳ උදෑසනක්‌ ඔබට මුණ ගැසෙනු ඇත.

දිවි නසා ගැනීම යනු පස්‌ ගොඩකට යට වීම පමණි. නමුත් ජීවත් වීම යනු දිගුකාලීන ජයග්‍රහණයන් රාශියක්‌ ඉතිරි කර ගැනීමකි.

චන්ද්‍රසිරි දොඩන්ගොඩ
http://www.divaina.com/2011/03/13/nimna03.html

http://www.mediafire.com/?fikam7vqxlpdx8b

http://www.elakiri.com/forum/showthread.php?t=1083277

wow
me tharam katha wasthuwak tiyenawa kiyala hithuwe ne!
thank u so much bro!

http://www.youtube.com/watch?v=UY4A8zSGCas
:(:(
adaraya yanu...:rolleyes: mata therenne ne:nerd:
 
IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
හොදයි යාළුවනේ..... මෙන්න මේ ගීතයට පුංචි උත්සාහයක් දරමු අපි........
සෙනෙහස ඉල්ලා ලියතඹරා ළඟ
හඬා වැටෙනවා මියෑසි කැළක්‌
කපුරු මලක පෙති සිඳ බිඳ දැමුවා
මලට වඩා විෂ බඹර තුඩක්‌

maxa song eka ah...ena gaman wicharayath kiyawan ennam:D
 
hrm

Well-known member
  • Mar 19, 2008
    5,985
    3,439
    113
    Battaramulla, Sri Lanka
    මිල්ටන් මල්ලවාරච්ච්චි ගායකයාගේ ජීවිත අත්දැකීම් අගවන තවත් හොඳම උදාහරණයක් :
    මටත් ගොඩක් සමීපයි මේක.. :nerd:

    සැදී රන් අබරණින් රිදී සළු පිලි දරා
    නැගී රිය පෙරහරින් පැතු පෙම් ලොව දවා
    මනාලිය වී ලදේ ගියත් ඔබ ඔහු කරා
    මගේ හදවත ඔබෙයි මගේ දිවි ඇති තුරා

    අදින් පසු සිත ඔබේ අහිමි වන බව දනිම්

    යළිඳු අප දිවි තුරා නොයෙන බව යලි දනිම්
    නොයෙන බව යලි දනිම්

    ඔබෙන් ලද සෙනෙහසේ සුවය නීති විදින්නම්

    සසර මතු බවෙක හෝ සුරත ඔබේ පතන්නම්
    සුරත ඔබේ පතන්නම්
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    සඳකඩ පහනක කැටයම් ඔපලා ගීතයේ පද වලට ගැලපෙන සංගීතයකුත් උඩින් බැලුවට තේරුම් ගන්න බැරි ගැඹුරු තේරුමකුත් තියෙනවා.මම දන්න විදියට අහල තියෙන විදියට මේ සිංදුවේ තේරුම කියන්නම්.
    සදකඩ පහණ කියන්නේ කලා කරුවෙක් අතින් නිර්මාණය වන අපූරු දෙයක්.මේකෙ සදකඩ පහනට ආරෝපණය කරල තියෙනනෙ ඉතාමත් ලස්සන, සැමියා අහිමි, කුඩා දියනියක් සිටින කාන්තාවක්.
    සදකඩ පහනක කැටයම් ඔපලා පාවෙන දේදුනු ලැගුම් ගනී,තනිව සිටින මේ කාන්තාවගේ ඇසුරට මිනිසුන් එනවා.පාවෙන දේදුනු කියල උපමා කරන්නෙ ඒ මිනිසුනට.
    කැලැතුනු රසයක පැන ආ බුබුලක් අකුරු වැලක් දෙහදක තනිවේ,මේ තහනම් ඇසුර කැලැතුනු රසය ගැන දන්නෙ පැමිනෙන මිනිසාත් ගැහැනියත් පමනයි.සදකඩ පහන කොතරම් අනගි නිර්මානයක් උනත් ඒක පයට පෑගෙනව.ඒ වගේම මේ කාන්තාව කොච්චර ලස්සන වුනත් සමාජයේ ගැරහුමට ලක්වෙනව.
    යුගයෙන් යුගයට නොමියෙන දහනක දිවියක පදනම මතු වෙද්දී නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා සියුමැලි කැකුලක් මැල වෙදදී,මේ විදියට දිගින් දිගටම මිනිස්සු ඇසුරු කරද්දි මේ කාන්තාවගේ රැකියාව ගණිකා සේවය බවට පත් වෙනව.ඈ ඇසුරට එන මිනිසුන් ඈ ඇසුරු කරන්න ඇයව නිවසින් පිටතට ගෙනියනව.එතකොට ඒ ගැහැනියගේ දරුවා නිවසේ තනි වෙනව.කැකුලකට ආරෝපණය කරල තියෙන්නේ ඒ දියනිය.අම්මව ඇසුරුකරන්න ළමයට තියෙන කාලය සීමා වෙනව.

    දහසක් පෙතිමත රහසක් මුමුනා තුඩින් තුඩට ගෙන යන බිංදූ ,ඈව ඇසුරු කරපු මිනිස්සු තමන්ගෙ යාළුවන්ටත් ඇය ගැන කියනව,ඇය ගැන ආරංචිය රහසක් විදියට පැතිරෙනව.
    ගව්වක් ඉහලට ගොනුකොට රදවා පොපියන දෙතොලක් එහි කැන්දූ,ඈ ගැන ආරංචි වුනු මිනිස්සු ගව්වක් ඉහලට බලාපොරොත්තු තියා ගෙන තමා ඈ ගාවට එන්නෙ.ඒ කියන්නෙ ඇගෙන් ලැබෙන සුවය ගැන ලොකුවට බලාපොරොත්තු තියාගෙන තමා එන්නෙ.
    අහසත් ගුගුරා කළුවක් වපුරා ඒ හා මුහුවුනු වැහි බිංදූ,නමුත් මේ කාන්තාව මේ කටයුත්ත කරනනේ කැමැත්තෙන් නෙමෙයි.තමන්ගෙයි දරුවගෙයි ජීවිතය වෙනුවෙන්.ඒක මේ පදයෙන් ගම්‍ය වෙනවා.
    ඈ ගෙන යද්දී නටඹුන් අතරින් තවකෙක් ඈ වෙත හද රැන්දූ,ඒ පැමිණෙන පුද්ගලයා ඇසුරු කරලා ඉවර වුනු ගමන් ඈ ඇසුරු කරන්න තවත් පුද්ගලයෙක් එනව.මේ විදියට ඈට තම ජීවිතය ගැට ගහගන්න මිනිස්සු රාශියකගෙ ආශාවන් පිරිමහන්න වෙනව.

    හදවිල ඉපැදුනු කැකුලක් නොකලට නටුවෙන් ගලවා ඉවත යවා,ඇගේ රැකියාව නිසා දරුවාට සිදුවන අවමානය නැති කරන්න තමන්ගෙ දියණියව ඈතකට යවන්න මේ කාන්තාවට සිදු වෙනව.දියනියට සිදුවෙනව අකාලයේ අම්මව අතහැරල ඈතකට යන්න.
    මිහිලිය තෙත්කොට ගිලිහුනු කදුලක් සත්සමුදුරකට මුහුව ගියා,මේ කාන්තාව තමන්ගෙ දියණිය වෙන තැනකට යවන්නෙ ගොඩක් දුකෙන්.ඒත් ඇයට ඒක තවත් එක් දුකක් පමණයි.කදුලක් සත්සමුදුරකට එකතු වෙනව වගේ ඇගේ දුක් සමුදායෙන් එක් දෙයක් බවට ඇගේ දියනිය ඈතකට යැවීමට සිදුවීම දක්වන්න පුළුවන්.
    ඔබට උරුම වුනු රිදුනු තැවුනු හද එක්ටැම් මැදුරක කවුලු අරා රුවන් විමානෙන් පියඹා එනතුරු පොපියන හදවත සිටියි බලා,මේ කාන්තාව තමන්ගෙ දියණිය හොදින් ඉගෙන ගෙන ලොකු තැනකට ගිහින් තමන්ගෙ අම්මව මේ දුක්බර ජීවිතයෙන් මුදවා ගන්න එනකම් හුදෙකලාව ඇගිලි ගනිමින් බලා ඉන්නවා.

    මම දන්න විදියට මේ ගීතයේ තේරුම ගොනුකරා.වැරදි එහෙම තියෙනවනම් සමාව ඉල්ලනවා.

    ඔය තියෙන්නේ ,ලස්සනයි මචන් දිගටම මේකේ ඉන්න..රේප්+6 :D:D:D
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,102
    16,868
    113
    මිල්ටන් මල්ලවාරච්ච්චි ගායකයාගේ ජීවිත අත්දැකීම් අගවන තවත් හොඳම උදාහරණයක් :
    මටත් ගොඩක් සමීපයි මේක.. :nerd:

    සැදී රන් අබරණින් රිදී සළු පිලි දරා
    නැගී රිය පෙරහරින් පැතු පෙම් ලොව දවා
    මනාලිය වී ලදේ ගියත් ඔබ ඔහු කරා
    මගේ හදවත ඔබෙයි මගේ දිවි ඇති තුරා

    අදින් පසු සිත ඔබේ අහිමි වන බව දනිම්

    යළිඳු අප දිවි තුරා නොයෙන බව යලි දනිම්
    නොයෙන බව යලි දනිම්

    ඔබෙන් ලද සෙනෙහසේ සුවය නීති විදින්නම්

    සසර මතු බවෙක හෝ සුරත ඔබේ පතන්නම්
    සුරත ඔබේ පතන්නම්

    machan meke download link ekak denna puluwanda..?
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,102
    16,868
    113

    thnx machan....
    1.gif
     
    sam@

    Well-known member
  • Apr 17, 2007
    4,087
    496
    83
    39
    Jem city
    බුදු හාමුදුරුවො වැඩියා වාගෙයි පින්බර ස්වාමිනේ
    දුක හිතිලද හිර ගෙදරට වැඩියේ මාගෙ මරණ දිනේ
    මගෙ අම්මා වත් දොර‍ටුව අද්දර හිටියද කියනු මැනේ
    මා ගෙලලූ බව ඇයට කියනවද බුදු බව ලැබෙයි අනේ
    Code:
    http://ananmanan.lk/free_sinhala_mp3/download_sinhala_mp3.php?id=1247

    තනි තරුවේ...
    ඔබත් ඔහොම ඔතැන ඉන්න
    මමත් මෙහෙම මෙතැන ඉන්නවා
    Code:
    http://ananmanan.lk/free_sinhala_mp3/download_sinhala_mp3.php?id=718

    තාර පාර දිග පාට පාට කඩ සල් පිල් සෙවනැල්ලේ
    ගිනි හුළගින් දූවිලි ඇවිලෙනවා - ඒ ගින්නෙන් නුඹ දැවෙයි මලේ
    Code:
    http://ananmanan.lk/free_sinhala_mp3/download_sinhala_mp3.php?id=1952

    ඇසට අසුවන මායිමේ
    බඹර සැණකෙළි මල් විලේ
    ලසෝ ලැවිගිනි ඇව්ලුනා සිත
    ඔබ මගෙන් වෙන්වූ දිනේ....
    Code:
    www.mediafire.com/?o53245ql5lvb4ue

    සෙනෙහස ඉල්ලා ලියතඹරා ළඟ
    හඬා වැටෙනවා මියෑසි කැළක්‌
    කපුරු මලක පෙති සිඳ බිඳ දැමුවා
    මලට වඩා විෂ බඹර තුඩක්‌
    Code:
    http://www.mediafire.com/?mimdmjgwqng
     
    user52

    Member
    Jan 25, 2012
    135
    36
    0
    සඳකඩ පහනක කැටයම් ඔපලා ගීතයේ පද වලට ගැලපෙන සංගීතයකුත් උඩින් බැලුවට තේරුම් ගන්න බැරි ගැඹුරු තේරුමකුත් තියෙනවා.මම දන්න විදියට අහල තියෙන විදියට මේ සිංදුවේ තේරුම කියන්නම්.
    සදකඩ පහණ කියන්නේ කලා කරුවෙක් අතින් නිර්මාණය වන අපූරු දෙයක්.මේකෙ සදකඩ පහනට ආරෝපණය කරල තියෙනනෙ ඉතාමත් ලස්සන, සැමියා අහිමි, කුඩා දියනියක් සිටින කාන්තාවක්.

    මම දන්න විදියට මේ ගීතයේ තේරුම ගොනුකරා.වැරදි එහෙම තියෙනවනම් සමාව ඉල්ලනවා.

    නියමයි සහෝ........ මේක තමයි වෙන්න ඔන. තමන් දන්න දේ අනික් අයත් එක්ක බෙදාගන්න ඔනා. ලොකු කට්ටක් කාලා ටයිප් කරලා අලුතින් රෙජිස්ටර් වෙලා ඔබේ දැනුම බෙදා ගත්තට බොහොම පින්...
    කෙනක් දෙයක් විදින්නෙ තමන්ගෙ අත්දැකීම් හා ජීවිතේ අහන්න දකින්න ලැබෙන දේවල් එක්ක. ඒ නිසා තමයි එකම ගීතයකට සාධාරන අර්ථකතන කිහිපයක් එකම තැන තියෙන්නෙ. අන්න ඒ නිසා තමයි කවදාවත් මේ ගීත වලට සාධාරන රූප රචන කරන්න බැරි. නමුත් ඇස් පියාගෙන හරියට මේ ගීත විදින්න පුලුවන් නම් ඒ ගීත රචනා අපිට පෙනේවි. ඒක තමයි මේ ගීත වල තියෙන අපූර්වත්වය...
     
    sam@

    Well-known member
  • Apr 17, 2007
    4,087
    496
    83
    39
    Jem city
    සඳකඩ පහනක කැටයම් ඔපලා ගීතයේ පද වලට ගැලපෙන සංගීතයකුත් උඩින් බැලුවට තේරුම් ගන්න බැරි ගැඹුරු තේරුමකුත් තියෙනවා.මම දන්න විදියට අහල තියෙන විදියට මේ සිංදුවේ තේරුම කියන්නම්.
    සදකඩ පහණ කියන්නේ කලා කරුවෙක් අතින් නිර්මාණය වන අපූරු දෙයක්.මේකෙ සදකඩ පහනට ආරෝපණය කරල තියෙනනෙ ඉතාමත් ලස්සන, සැමියා අහිමි, කුඩා දියනියක් සිටින කාන්තාවක්.
    සදකඩ පහනක කැටයම් ඔපලා පාවෙන දේදුනු ලැගුම් ගනී,තනිව සිටින මේ කාන්තාවගේ ඇසුරට මිනිසුන් එනවා.පාවෙන දේදුනු කියල උපමා කරන්නෙ ඒ මිනිසුනට.
    කැලැතුනු රසයක පැන ආ බුබුලක් අකුරු වැලක් දෙහදක තනිවේ,මේ තහනම් ඇසුර කැලැතුනු රසය ගැන දන්නෙ පැමිනෙන මිනිසාත් ගැහැනියත් පමනයි.සදකඩ පහන කොතරම් අනගි නිර්මානයක් උනත් ඒක පයට පෑගෙනව.ඒ වගේම මේ කාන්තාව කොච්චර ලස්සන වුනත් සමාජයේ ගැරහුමට ලක්වෙනව.
    යුගයෙන් යුගයට නොමියෙන දහනක දිවියක පදනම මතු වෙද්දී නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා සියුමැලි කැකුලක් මැල වෙදදී,මේ විදියට දිගින් දිගටම මිනිස්සු ඇසුරු කරද්දි මේ කාන්තාවගේ රැකියාව ගණිකා සේවය බවට පත් වෙනව.ඈ ඇසුරට එන මිනිසුන් ඈ ඇසුරු කරන්න ඇයව නිවසින් පිටතට ගෙනියනව.එතකොට ඒ ගැහැනියගේ දරුවා නිවසේ තනි වෙනව.කැකුලකට ආරෝපණය කරල තියෙන්නේ ඒ දියනිය.අම්මව ඇසුරුකරන්න ළමයට තියෙන කාලය සීමා වෙනව.

    දහසක් පෙතිමත රහසක් මුමුනා තුඩින් තුඩට ගෙන යන බිංදූ ,ඈව ඇසුරු කරපු මිනිස්සු තමන්ගෙ යාළුවන්ටත් ඇය ගැන කියනව,ඇය ගැන ආරංචිය රහසක් විදියට පැතිරෙනව.
    ගව්වක් ඉහලට ගොනුකොට රදවා පොපියන දෙතොලක් එහි කැන්දූ,ඈ ගැන ආරංචි වුනු මිනිස්සු ගව්වක් ඉහලට බලාපොරොත්තු තියා ගෙන තමා ඈ ගාවට එන්නෙ.ඒ කියන්නෙ ඇගෙන් ලැබෙන සුවය ගැන ලොකුවට බලාපොරොත්තු තියාගෙන තමා එන්නෙ.
    අහසත් ගුගුරා කළුවක් වපුරා ඒ හා මුහුවුනු වැහි බිංදූ,නමුත් මේ කාන්තාව මේ කටයුත්ත කරනනේ කැමැත්තෙන් නෙමෙයි.තමන්ගෙයි දරුවගෙයි ජීවිතය වෙනුවෙන්.ඒක මේ පදයෙන් ගම්‍ය වෙනවා.
    ඈ ගෙන යද්දී නටඹුන් අතරින් තවකෙක් ඈ වෙත හද රැන්දූ,ඒ පැමිණෙන පුද්ගලයා ඇසුරු කරලා ඉවර වුනු ගමන් ඈ ඇසුරු කරන්න තවත් පුද්ගලයෙක් එනව.මේ විදියට ඈට තම ජීවිතය ගැට ගහගන්න මිනිස්සු රාශියකගෙ ආශාවන් පිරිමහන්න වෙනව.

    හදවිල ඉපැදුනු කැකුලක් නොකලට නටුවෙන් ගලවා ඉවත යවා,ඇගේ රැකියාව නිසා දරුවාට සිදුවන අවමානය නැති කරන්න තමන්ගෙ දියණියව ඈතකට යවන්න මේ කාන්තාවට සිදු වෙනව.දියනියට සිදුවෙනව අකාලයේ අම්මව අතහැරල ඈතකට යන්න.
    මිහිලිය තෙත්කොට ගිලිහුනු කදුලක් සත්සමුදුරකට මුහුව ගියා,මේ කාන්තාව තමන්ගෙ දියණිය වෙන තැනකට යවන්නෙ ගොඩක් දුකෙන්.ඒත් ඇයට ඒක තවත් එක් දුකක් පමණයි.කදුලක් සත්සමුදුරකට එකතු වෙනව වගේ ඇගේ දුක් සමුදායෙන් එක් දෙයක් බවට ඇගේ දියනිය ඈතකට යැවීමට සිදුවීම දක්වන්න පුළුවන්.
    ඔබට උරුම වුනු රිදුනු තැවුනු හද එක්ටැම් මැදුරක කවුලු අරා රුවන් විමානෙන් පියඹා එනතුරු පොපියන හදවත සිටියි බලා,මේ කාන්තාව තමන්ගෙ දියණිය හොදින් ඉගෙන ගෙන ලොකු තැනකට ගිහින් තමන්ගෙ අම්මව මේ දුක්බර ජීවිතයෙන් මුදවා ගන්න එනකම් හුදෙකලාව ඇගිලි ගනිමින් බලා ඉන්නවා.

    මම දන්න විදියට මේ ගීතයේ තේරුම ගොනුකරා.වැරදි එහෙම තියෙනවනම් සමාව ඉල්ලනවා.[/QUOTE]
    ela machan...good work...akuru tikak lokuwata daamu...
    11.gif
    11.gif
    11.gif

    onna palaweni post ekatama 5+ rep magen..:P
    digatama liyanna:):)

    ඔබේ අදහස සාදරයෙන් පිලි ගනිමු
    විවිධ වන මානයන්ට සාහිත්‍ය ගමන් කාරණා විට මැවෙන්නේ දෙදුන්නකි
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    යාළුවනේ.... සුළු නිහැඩියාවකින් පසු නැවතත් ගීතයක් අරගෙන ආව ඔන්න ඔබ වෙනුවෙන්ම.... මතකද මම මුලදිම සදහන් කරල තිබුන අපේ කොල්ලො ටික අනිවාර්යයෙන්ම කටපාඩම් කරගන්න ඕන ගීතයක් තිබෙනව කියල.... අන්න ඒ ගීතය ගැන තමා දැන් මම පැහැදිලි කරන්න හදන්නෙ...

    නල සහ දමයන්ති කතා පුවත අපේ යාළුවො අහල ඇති නේ.... ඉතින් මම ඒ කතාව වැඩිපුර විස්තර කරන්න උත්සාහ කරන්නෙ නෑ... නල කුමාරයට දමයන්තිය ගැන අසන්නට ලැබෙනවා.... දමයන්තිය අතිශයින් රූමත්ලු... නමුත් කිසිම කෙනෙකුට කැමතිවෙන්නෑලු.... කොහොම හිරි නල කුමාරයගෙ හිතනම් දමයන්තියට ගිහින් තියෙන්නෙ.... දැන් කොහොමද දමයන්තිගෙ හිත ගන්නෙ... කොහොමද දමයන්තියගෙ හිත කැමති කරවගන්නෙ.... හරි, යෙදුව හොද උපායක්.... යැවුව කාරණය තේරුම්කරල පණිවිඩ කරුවෙක්.....

    මේ පණිවිඩකරුව තමා යාළුවනේ හන්සය.... හන්සය දමයන්ති කුමරිය ඉන්න රාජධානියට යනව... ගිහින් දමයන්තිය ගැවසෙන රජ උද්‍යානයේ විලට බහිනව.... ඔතනදී තමා කුමාරිකාවට හංසයයව ඇස ගැටෙන්නෙ... ඉතින් පසුසෙන් පහු හංසයා ආරම්භ කරනව නල කුමාරයගෙ රූප කාය වර්ණනා කරන්න..... දමයන්ති කුමරියගේ හිත නල කුමරු දැකීමේ ආසාවෙන් පොපියන විදියට හංසය මේ වර්ණනාව කරනව.... කෙටියෙන් මේකනේ කතාව.

    ඉතිං ඔන්න ඔය වර්ණනාව ගීතයකට නැගීමේදී තමා සිංහල සම්භාව්‍ය සංගීතයේ පිරිමියෙකු වර්නණා කරන සුපිරිතම ගීතය මහගම සේකර ශූරීන් අතින් නිමැවෙන්නෙ....

    මේ ගීතය නිර්මාණය කලේ චිත්‍රෙස්න නර්තන ශූරීන්ගේ මුද්‍රා නාටකයක් වූ නළ දමයන්ති නාට්‍යෙයේ තේමා ගීතය සදහා.... රාජගිරිය මාදින්ගොඩ කදු ගැටයක් මත පිහිටි ශේෂා පලිහක්කාරයන්ගේ නිවසේදී තිබෙනවා සුදු වැලි අතුල ප්‍රදේශයක්.... මෙන්න මේ ප්‍රදේශයේ ඉදගෙන තමා අමරදේව හා මහගම සේකරයන් මේ ගීතය නිර්මාණය කරල තියෙන්නෙ.....

    අමරදේවයානන් පවසන පරිදි එය මේ ලෙසින් සිදුවිය.....
    ”සුදු වැලි මතින් සඳරැස් ගලා බසී. සේකරත් මාත් දැන් සඳකැන් සිඹිනා සුදු වැලි මතය. සේකර මුමුනන්නට වූයේය. මුවින් එක් එක් පද ගිලිහිණි. අපි දෙදෙනා ඇසිල්ලකින් එක් කුටියක යහන මතට වීමු. සේකර කඩදාසියක් රැගෙන කුරුටු ගාන්නට විය. දැහැනින් අවදි වූ හේ මා අත තැබූ කඩදාසියෙහි මෙය දිස් විය. ”

    ඈත කඳුකර හිමව් අරණේ
    සීත චන්දන ළපලු හෙවණේ
    සුළං රැල්ලේ පාව එන්නේ
    ඔහුගෙ නාමය වේ

    නල දමයන්ති මුද්‍ර නාට්‍යයේදී වුවත් බටහිර සංගීතයේ ලක්ෂණ ඇසුරු කරමින් එහි සංගීතය නිර්මාණය කළා. ඒ ඒ සංගීත සම්ප්රමදායේ ලක්ෂණ අනුකූලතා පූර්වකව යොදා ගත යුතුය. ඒ සියල්ල අතර තම සංස්කෘතික අනන්යයතාව ද රැක ගත යුතුයි.

    මේ ගීතය පුරාවටම තිබෙන්නෙ නල කුමාරයගේ දේහ කාය හිසේ සිට දෙපතුල දක්වාම අතිශෝක්තියකින් වර්ණනා කිරීමයි.... මොකද දමයන්තියගෙ හිත ඇදිල යන්නත් ඕනනේ.... කොහොම හරි හන්සය සාර්ථකයි.... දමයන්ති නල කුමාරයට වශී වුනා මේ වර්ණනාවට සවන්දීල...... හැම තැනම කතාවෙන්නෙ කුමාරය ගැනමයි.... ලස්සන කාන්තාවන්ගෙ සිහිනවල ඉන්නෙ මේ කුමාරයයි... රනින් කලා වගේ උරහිසක්, ඔහුගෙ පිරිසිදු හදවතේ ඇති ආදරේ, සරාගී දෙනෙත්... කොහොමද වර්ණනාව.....

    ඈත කඳුකර හිමව් අරණේ
    සීත චන්දන ලපලු සෙවනේ
    සුළං රැල්ලේ පාව එන්නේ
    ඔහුගෙ නාමය වේ...

    සඳැල්ලේ මිණි තලාවේ
    තාරකා පිපි වෙලාවේ
    ලදැළියන්ගේ හීන අතරේ
    මැවෙයි ඒ රූපේ...

    ඈත කඳුකර..

    රනින් කල වන් පුළුල් උරයෙන්
    හසුන් ළමැදේ මුස කරන්නේ
    හදේ මෝරන ආදරේ...
    සඳේ සොමි ගුණ යා කෙරේ
    සරා ගී නිල් නුවන් බඳුනින්
    නුරා ඉතිරෙන්නේ...

    ඈත කඳුකර...

    ගායනය - පණ්ඩිත් අමරදේව
    පද රචනය - මහගමසේකරයන්
    සංගීතය - ආචාර්ය ලයනල් අල්ගම
    නාට්‍යය‍ - න‍ල‍ද‍ම‍ය‍න්තී (චි‍ත්‍රසේ‍න‍-ව‍ජි‍රා‍)

    http://www.mediafire.com/?lfafq965248e7v6
    (ගීතය සොයා දුන් IveyStyle මිත්‍රයාටත් ස්තූතියි)

    සේකරයනු අමරදේවයානන් පවා අදටත් ඉතා ඉහලින් ගරු කරනු ලබන ගී පද රචකයෙක්... හරිම සරල බස් වහරක පටන් ඉතා සංකීර්ණ සාහිත්‍ය දක්වාම එතුමාණන් පරිපෝෂිතයි..... මේ තියෙන්නෙ එතුමානන් සීතල දිය පිරි සුනිල විලයි ගීතය එතුමාගේම අත් අකුරින් ලියපු විදිය.... බලන්න කපල කොටල ගීතය සරල බස් වහරකින් ගොඩනගල තිබෙන අපූරුව......අපි ඉහලින් කතා කල භාෂාව හා මේ පහල තියෙන භාෂාව එකම පුද්ගලයෙකුගෙ කියල හිතන්නවත පුළුවනිද.... එය තමා විශිෂ්ඨත්වය මේ ශ්‍රේෂ්ඨ පුද්ගලයන්ගේ........
    seethaladiyapiri.jpg

    එහෙනම් තවටිකකින් තවත් ගීතයකින් හමුවෙමු.... ඉඩ තිබුනොත් කමෙන්ට්ස් දීලම යන්න...
     
    Last edited:

    bhanukanadeesha

    Well-known member
  • Mar 16, 2011
    1,781
    265

    Thanks very much machan. mama illapu ekak meka. Again thanx