ආයුබෝවන්ඩ
මේ සින් එක වුනේ මම උසස් පෙළ කරන කාලෙ,ඒ දවස් වල ජොයින්ට් එක සිගා එක දෙවියෝ වගේ සලකපු කාලෙ ,නුගේගොඩ තමයි ඉතින් ක්ලාස් ගියේ ,පට්ට කොල්ලෝ සෙට් එකක් හිටිය මම හිතන්නේ මාත් එක්කම 5 යි ,ඔන්න වල් පල් වැඩක් නැ ඔන්න සින් එක එහෙනම්
අපි සෙට් එක විබාගෙට පාඩම් කරෙත් එකට ,දවසක් අපේ සෙට් එකට අලුත් බුවෙක් සෙට් වුන ,මුටත් අපිත් එක්ක ස්ටඩි කරන්න ඕනේ කිව්වා,හැබැයි මුගේ අම්ම කැමති නැ මු රැට ගෙදරින් පිට ඉන්නවට ,ඉතින් අපි සෙට් එක බොරලැස්ගමුවේ තියෙන මුගේ ගෙදරට සම්ප්රාප්ත වුන ,පොත් සමග ගල් බෝතලයක් ,සිගරට් පැකට් 2 ක් සහ ජෝඉන්ට් මිටියකුත් එක්කම,ගේ නම් සුපිරි අලුතෙන් තමයි හදල තියෙන්නේ ,
තට්ටු 2 ක් සමග පල්ලෙහා බෙස්මන්ට් එකේ වාහන දෙකක් පාර්ක් කරන්නත් පුළුවන්
ඔන්න අපි ආතල් එකටත් එක්ක බෙස්මන්ට් එකේ පාඩම් කරන්න සෙට් වුන,පොඩි වෙනසකුත් තිබ්බ බෙස්මන්ට් එකේ,හරි මැදට වෙන්න අඩි 4 ක් හා අඩි 7 ක් වෙන වලක් තිබ්බ එතන තම හදාගෙන යන විදියටක් තමයි පෙන්න තිබ්බේ ,කොහොම හරි අපි සෙට් එක ඔය වල වටේ සෙට් වුන ,කොහොම වුනත් ගෙදර එකා කැමති වුනේ නැ වල වටේ සෙට් වෙනවට අපි කොහොම හරි උව කැමති කර ගත්ත ,ඔන්න මුන්ගේ අම්මත් ෆුල් සපෝට්(සෙට් එක ස්ටඩි කරන නිසා ) ,අපිට මට්රෙස් ,කොට්ට එහෙමත් ගෙනල්ල දුන්න, කට්ටියම කාල එහෙම වැඩේට බැස්ස ,කොහොම හරි මෝල් එකත් එක්කම රෑ 3 කට විතර මට ඇහුන මුන්ගේ වත්තේ ටැප් එක ඇරිලා වතුර හෝ ගලා යන සද්දයක් ,එතකොට අපි සෙට් එකම නිදාගෙන හිටියේ බෙස්මන්ට් ලයිට් එහෙමත් ඔෆ් කරලා , මම ශේප් එකේ නැගිටලා ගියා ටැප් එක වහන්න එලියට ගියාම ටැප් එක වහල වතුර යන්නෙත් නැ ,මම හිතුව මෝල් පිට වුන සින් එකක් කියල හැරෙන්න යනකොට මුන්ගේ sliding gate එක සම්පුර්ණයෙන්ම ඇරලා ,මෝල් වුනත් මට මතකයි අරුගේ අම්ම රෑ 11 ට විතර ගේට් එක වහනවා ,ගේට් එකත් වහල ඕන **තක් කියාල ඇවිල්ල සිගරට් එකක් ගහල නින්දට සෙට් වුන ,අඩෝ උඹලට කියන්න සින් එක කියන්නේ ,මගේ දනිස් දෙකේ ඉඳන් පපුව හරියට වෙනකන් කිලෝ 80 ක් තියල වගේ ,
හෙළ වෙන්නත් බැ, මුළු ඇඟම තද කරනවා ,මට පේනවා කළු පට මොකක් හරි දෙයක් ඇඟ උඩ තියෙනවා කියල
ඕන පුකක් කියල ශේප් එකේ අතින් පොඩ්ඩක් පපුව හරියෙන් පොඩ්ඩක් පල්ලෙහට අත ගලා බලන්න හිතුන ,අත උස්සනකොට මචන් අතට දනිසෙන් පල්ලෙහා තියෙන මයිල් වගේ අහු වෙන්න ගත්ත ,මම පොඩ්ඩක් පදිරි වුන කිව්වොත් හරි ,හැබැයි චයවක් වගේ දෙයක් විතරයි පෙන්නේ ,කෝකටත් අපේ එවුන්ගේ නම් කියල කෑගහන්න හැදුවත් සද්දේ එන්නේ නැ කටින් ,එන්න එන්න ඇඟට බර වෙඩි වෙනවා ,කොහොම හරි එකෙක්ගේ නම කියල කෑ ගැහුවා ,මෙන්න අර ඇඟේ තිබ්බ කිලෝ 80 එහෙමම නැති වුන ,නැගිට්ට ගමන් ලයිට් දැම්ම ,අපේ සෙට් එකම ඇහැරෝ ගත්ත ,සින් එක කියනකොට ගෙදර ඉන්න එක සද්දයක් වත් නැ ,
උ මට වඩා පදිරි , මොකක් හරි සින් එකක් මු හංගනවා කියල හිතුන නිසා කොහොම හරි සින් එක අහ ගත්ත ,
මුගේ තාත්ත ඔය මුන් ඉන්න ගේ හදන්න ගොඩක් මහන්සි වෙලා තියෙනවා ,හැමෝටම ආදරෙන් තමයි ඉඳල තියෙන්නේ ,තාත්ත බිස්නස් කරලා තියෙන්නේ ,පොර පපුවේ අමාරුවක් ඇවිල්ල අන්ත්රා වෙලා ,මැරෙන්න ඉස්සෙලා පොර කියල තියෙන්නේ මිනිහගේ මිනිය "ගෙදර වල දාන්න "කියල ,අපි සෙට් වෙලා හිටිය වල තමයි මුගේ තාත්තව වල දාල තිබිල තියෙන්නේ ,කොහොමින් හරි එදා එකෙක්වත් නිදා ගත්තේ නැ ,
පස්සේ උදේ ශේප් එකේ ගෙවල් වලට ගියා ,මට ඒ තරම් එක අව්ලක් තිබුනේ නැ ,කොහොම වුනත් ඊළඟ දවසේ රෑ අපේ ගෙදරදීත් අර ඇඟ තද කරන ඉන්න සින් එක වුන ,දැන් මොන දෙයියන්ට කියන්නද ,පට්ට විදියට ඇඟ තද කරනවා ,ඉවසන්න බෑ,මුළු ඇඟම grinder එකක දාල ,දන්න විදියට දාන දැඟලිලි ඔක්කොම දැම්මත් හෙළ වෙන්න බැ ,කියවෙන එකම වචනේ අම්මේ විතරයි එකත් කටෙන් පිට වෙන්නේ නැ ,ෆුල් ට්රයි දාල කෑ ගැහුවා අම්මේ කියල ,ඔන්න තාත්ත දෙයියෝ වගේ තාත්ත අව පොල්ලකුත් අරන්(පොර හිතල තියෙන්නේ හොරෙක් පැනල කියල ),පට්ට සින් එක කියන්නේ මගේ ඇඟේ සමහර තැන් තද රතු පාට වෙලා ,අම්ම ඉතින් පුරුදු පරිදි පිරිත් කැසට් එක දැම්ම, ඔන්න එදා මම අම්ම ළඟ නිදා ගත්ත ,ඊළඟ දවසේ තාත්ත මව එක්කන් ගිහින් අපි දන්න හාමුදුරුවෝ කෙනෙක්ට කියල නුලක් එහෙම මතුරලා දැම්ම ,මස් මලු කන්න එපා කිව්වා ,ගෙදර ආවම නීති ගොඩයි ,අමුනුස්ස බලවේගයක් මට කරදර කරනවා කියල තමයි හාමුදුරුවෝ කිව්වේ ,
මම නම් හිතන්නේ අර අපි ගියා ගෙදර කොල්ලගේ තාත්ත වෙන්න ඕනේ මට මෙහෙම කරදර කරේ ,මොකෝ ඔය වල ඉස්සරහ අරුට මම නිට් ෂොට් එකකුත් දුන්න "බිපිය පරය "කියල ,තව ජොයින්ට් පාරවල් හතරක් පහක්ම ගැස්සුවා ,ඒ තරහට තමයි ඕක මගේ පස්සෙන් එන්න ඇත්තේ ,
උඹල මොනාද හිතන්නේ ඒ ගැන
මේක කියවපු ඔක්කොමල්ලටම හදපිරි ප්රණාමය