සුන්දර ගීයක ඇරබුම,..

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මේක තමා මම මුලින්ම පොස්ට් කරන ගීතය. වැරදි ඇතොත් සමාවෙලා මාව නිවැරදි කරන්න.

    මේ ගීතය ලියූ පදරචකයා බෞද්ධ සාහිත්‍යයෙන් පෝශණය ලබා, බොදු බණ පිළිබඳව කිසියම් දැනුමක් ඇත්තෙක්. බොදු බණ අනුව අපේ හිතේ හටගන්නා හැඟීම් අවස්ථා තුනක් පසුකරනවා. ඒවා නම්:

    • 'උත්පාද - පංචේන්ද්‍රියෙන් ලබාගත් සංඤාවන් විඤ්ඤාණය හා ගැටීම සමඟ සිතක් හටගැනීම'
    • 'තිථි - සිතිවිල්ල පැවතීම, රමණය හෙවත් රසවිඳින අවස්ථාව'
    • 'භංග - සිතිවිල්ල අවසානය, ක්ෂය වී යෑම'
    මේ ගීතයේ chorus එකෙන් උත්පාද අවස්ථාවත්, පළවෙනි verse එකෙන් තිථි අවස්ථාවත්, දෙවෙනි verse එකෙන් භංග අවස්ථාවත් කියන අවස්ථා තුනම පිළිබිඹු කරනවා.

    කුමරියක පා සළඹ සැලුනා

    වසා සිටි නෙතු පියන් ඇරුනා
    කුමර බඹසර අසපුවේ මා
    සමවැදී උන් දැහැන් බිඳුනා

    මේ සිංදුවෙන් කියවෙන්නෙ නව යොවුන් වියේ ඉන්න තරුණයෙකුගෙ හිතේ ඇතිවෙන නැවුම් ආදර හැඟීමක් ගැන. කුමර බඹසර අසපුව කියන එකෙන් ඒ ගැන අපට ඉඟියක් දෙනවා. මේ තරුණයාට ගීතයෙ කියවෙන තරුණිය ගැන ආල හැඟීමක් ඇතිවුනාම ඔහුම කල්පනා කරනවා, මට මෙච්චරකල් මෙහෙම හැඟීමක් ඇතිවුනේ නැත්තෙ ඇයි කියල. 'මේ කෙල්ල මෙච්චරකල් කොහෙද හිටියෙ? ඇයි මට ඇයව මීට කලින් මෙහෙම පෙනුනෙ, දැනුනෙ නැත්තෙ?'. ඒක හරියට වහගෙන හිටපු ඇස් දෙකක් එකපාරටම ඇරලා බැලුවා වගෙයි. ඔහු සමවැදී උන් ළමාවියේ දැහන බිඳී ගිහින්, හිතේ අර තරුණිය ගැණ ආදර හැඟීමක් ඉපදිලා. ඔන්න ආදර හැඟීම් සහිත වූ සිතේ උත්පාද අවස්ථාව.

    ..............................................

    නියමයි සහෝ. දිගටම දාමු මේ වගේ හරවත් දේවල්.
    :yes::yes::yes:

    (ඔයාටත් රෙප් +5ක් දුන්නා. මේ ත්‍රෙඩ් එක ඇදන් යන අය රෙප් බලාගෙන නෙමෙයි මේක කරන් යන්නෙ කියල දන්නවා. ඒත හිතේ සන්තෝසෙන් දීපු එක ගන්න :D)
     
    • Like
    Reactions: ColdBreath

    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    මේ ත්‍රෙඩ් එක මුල ඉදල බැලුවාම මේ තරුයන්ගේ උත්සාහය ඉතාම ප්‍රසංශනීයයි මේක කියවලා ඉවර වුනාම මට හිතුනේ මෙ ලමයි ටික සිංහල ගීත වංශ කතාවට සයිබරි ටීකාවක් සපයන්න ගත්ත උත්සාහයක් වගේ කියල සුන්දර ගිතයක ඇරඹුම ඇත්තටම උපදින්නේ පද රචකයාගේ චෛතසික එක්ක සමහර නිධාන කතා ඉතාම නිවැරදි විදියට තියනවා මම දැක්කා හැබැයි ගීත රසවින්දනය කියන්නේ වෙනස් දෙයක් ඒකත් මේ මල්ලිලා හොදින් කරල තියනවා ඒක අගේකල යුතු දෙයක් ගිත රසවින්දනය කෙනෙකුගේන් කෙනෙකුට වෙනස් වෙන්න පුලුවන් හැබැයි ගීත රසවින්දනයක් වේනම් එය නිර්නායකයන් මත පදනම්ව වෙන්න ඕනා මෙතන රසවින්දන ඉදිරිපත් කරපු ආදරණිය මල්ලිලා මේ පිලිබද තවත් හදාරනවන ඉතාම හොදයි මොකද මේ අය සාහිත්‍යය විශය ගැඹුරින් හදාරන්න පුලුවන් නම් මම අර කියපු නිර්නායක මත පදනම්ව ඉතා සාර්තක රසවින්දන සපයන් පුලුවන් වේවි
    දැන් බලාවි අක්ක පොරටෝක් දෙන නිර්නායක මොනවද කියල ආදරණීය මල්ලියේ ගිතයක අරුත පමක් ඉදිරිපත් කිරිම රසාස්වාදය නොවේ රසස්වාදය කිරීමේ සාම්ප්‍රදියික නිර්නායක ප්‍රමානයක් තියනවා අපේ ටියුසන් මාස්ටර්ලට පිං සිද්ද වෙන්න අර A/L රසාස්වාද ටික කටපාඩම් කරගෙන A දාගන්නවා ඒක හරිද වැරදිද කියල කියන්න කැමති නැ හැබැයි නිර්නායකමත පදනම්ව කෙරෙන රසවින්දනයට අසාධාරණ වෙලා කියල දැනෙනවා

    අරමුන වස්තුවිශය භාෂාව කියන කාරනා මෙන්ම භාසාවේ ඇති ලක්ෂණ මත පදනම්ව රසවින්දනය සපයන්න ඕන එලිසම අනුප්‍රාස යෙදුම් උපමා රූපක භාෂා ප්‍රයෝග අලංකාර පිලිබද මෙන්ම ද්වනිතාර්ථය ව්‍යංගාරථ වැනි කාරනා භාෂා ලක්ෂණ ඔස්සෙ කතාකල යුතුයි ඒවගේම තවත් බොහෝ කාරනා තියෙනවා සගීතය හා ගානය කියන කාරණා පිලිබදත් සදහන් වෙනවනං හොදයි
    මේ සියල්ල ඇතුලත්ව රසවින්දනයක් සැපයිම සැබවින්ම අසීරු කට යුත්තක් ලියන්න වගේම කයවන්නත් මැලි නිසා මම මෙ කාරනා මතුකරේ මේ ලමයි කරගෙන යන මේ වැඩේට මගෙන් යමක් එකතුකරන්න ඕන නිසා ඇත්තට මේ වැඩේට මටත් එන්නවුනානම් හොසයි කියල හිතෙනවා
    ඊට පස්සේ අපෙ අර කොල්ලට චෝදනාවක් තබුනා දැක්කා ඒගැන දුක් වෙන්නෙපා මේ කොල්ලා කොපකරා කියල කිව්වට මේක සම්පූර්නෙන් කියෙව්වොත් එහෙම හිතෙන්නැ එහෙම කරා කියමු සමහර මහත්වරු අලි යන දෝනා තියාගෙන තිත්තයො බල්ටිගහන වක්කඩ වල් වහන්න තමයි දගලන්නේ සිංදු බැංකු කරපු සමහරු රට වටෙන් එන නිර්මාන එකතු කරන් තමන්ගේ නිර්මාන විදියට හදුනවා දීපුව නොදන්නවනං හොදයි අපි පෞද්ගලිකව අත්දැකීම් තියනවා අද සමහර ගීත ලියපු රචකයො ගීතය ප්‍රචාරය වුනාම තමයි දන්නේ මේ මගේ නිර්මානය නේද කියල මේව ගැන කියන්න ගොඩක් දෙවල් තියනව පව්නේ හැක්කෝ කත්වා බොත්වා ආයුබෝවන් ආදර කොල්ලනේ උබලට ජය
    මේ ආදර අක්කා
    ලලා
    :love::love:
    ඔන්න මං අද කවි කිව්වේ නැ බොලාට තේරෙන්නම ලිව්වා
     
    Last edited:
    • Like
    Reactions: ColdBreath

    NTuffey

    Member
    Oct 23, 2008
    931
    33
    0
    37
    [FONT=&quot]ඔබ රූ සිරියෙන් මන්මත් වී මම නොකළෙම් අනුවණ කම්

    1956
    [/FONT][FONT=&quot] වසරේදී මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් විසින් නිර්මාණය කරන ලද මනමේ නාට්‍යය, විදග්ධ සිංහල නාට්‍ය කලාවේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස දැක්විය හැකිය. මනමේ නාටකයේ චරිත අතර කැපී පෙනෙන චරිත ත්‍රිත්වය වන්නේ මනමේ කුමරු, මනමේ කුමරිය සහ වැදිරජු ය. තක්සලාවේ සිටි කුමාරවරු අතර දක්ෂතම ශිෂ්‍යයා මනමේ කුමරුයි. ඔහු තම ශිල්ප හැදෑරිම අවසන් කර කක්සලාවෙන් නික්මෙන්නේ ධනුද්දර යන නාමය සහ දිසාපාමොක් ඇදුරුතුමාගේ දියණියද කැටුවයි. කුමරා, කුමරියද කැටුව දඹදිව බරණැස් පුරයට යන ගමනේදී විශාල ඝන වනයක් පසු කළ යුතුවේ. මොවුන් දෙපළ විවාහ වීමේ ප්‍රීතියද සමගින් ගමන් කරන නිසා ඔවුන්ට වනය පෙනෙන්නේ ඉතා අලංකාරවයි. [/FONT]

    [FONT=&quot]“[/FONT][FONT=&quot]වසන්තශ්‍රීයෙන් අලංකාර වූ මඟුල් මඩුවකට බඳුවූ වනාන්තරයේ සෝබාව නරඹමින් යන විට ගමන් විඩාව ඉබේම මගහැරේ සොඳුර. වන රැජිනද උත්සව විලාසයෙන් නෙක් විසිතුරු පාන්නී අප දෙදෙනාගේ විවාහය නිසා සතුටු වන්නා සේය[/FONT][FONT=&quot]”[/FONT]

    [FONT=&quot]මෙසේ සතුටින් ගමන් කරන ඔවුන් දෙදෙනා අතරමගදී නොසිතූ කරදරයකට පත්වෙයි. ඒ නම් වනයේ වෙසෙන වැදිරජු හමුවීමයි. වැදිරජු මනමේ කුමරුට අණ කරන්නේ කුමරියව වනයේ නවත්වා යන ලෙසයි. එයට අකමැතිවන මනමේ කුමරු සමග වැදි රජ තනිවම සටන් කරයි. සටන අවසන මනමේ කුමරු වැදිරජු යටත් කරගනී. මනමේ කුමරු වැදි රජුගේ හිස සිඳලීමට කුමරියගෙන් තම කඩුව ඉල්ලයි. නමුත් මේ අවස්ථාවේදි කුමරිය කුමරුට පවසන්නේ වැදිරජුට සමාව දෙන ලෙසය.[/FONT]

    [FONT=&quot]“[/FONT][FONT=&quot]මේ වැදි රජුට තම සෙනග සමග එකවරට අපව විනාශ කරලන්නට ඉඩ තිබුණේ නොවේද හිමියනි. එහෙත් ඔහු ඔබ සමග තනිවම සටන් කළේය. ඔහු වනචරයෙකු වුවද ධෛර්යයෙන් හා උතුම් ගුණයෙන් යුත් කෙනෙකු බව පෙනේ. ඔහු මරාදැමීම නොවටනේය හිමියනි. ඔහුට සමාව දෙනු මැනවි.[/FONT][FONT=&quot]” [/FONT]

    [FONT=&quot]මෙයින් මනමේ කුමරු කම්පනය වන අතර අවසානයේ වැදිරජ කුමරියගෙන් කඩුව උදුරාගෙන මනමේ කුමරු මරා දමයි. මේ මනමේ නාට්‍යයේ සාරාංශයයි.[/FONT]

    [FONT=&quot]ඔබ රූ සිරියෙන් මන්මත් වී මම [/FONT]
    [FONT=&quot]නොකළෙම් අනුවණ කම්[/FONT]

    [FONT=&quot]මුළා වුනේ ඔබ මුළා නොවිමි මම[/FONT]

    [FONT=&quot]මනමේ කුමාරියේ[/FONT]

    [FONT=&quot]මෙම ගීතය රචනා වී තිබෙන්නේ වැදිරජගේ ආත්ම ප්‍රකාශනයක් ලෙසිනි.[/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]ඔබගේ රූප ශ්‍රීයෙන් මත්වී මම අනුවණ කමක් නොකළෙමි. මනමේ කුමරියනි[/FONT][FONT=&quot], මුළා වූයේ ඔබ මිස මා නොවේ[/FONT][FONT=&quot]”[/FONT][FONT=&quot] සිය ස්වමිපුරුෂයාගේ මරණයෙන් කම්පිත වන ඇය වැදිරජුට චෝදනා කරයි. අවසන වනයේ තනිවන මනමේ කුමරියට වැදිරජුගේ සිත ගැනීම හැර වෙන කළ හැක්කක් නැත. ඒ ඇයට තනිවම වනය තරණය කළ නොහැනි බැවිනි. එබැවින් ඇය වැදිරජුගේ සිත ගැනීමට තැත් කරයි. විවිධ චාටු බස් කියයි. [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]මා කඩුව අතට ගත්තේ ඔබට දීම සඳහා මිස මනමේ රජුට දීම සඳහා නොවේ[/FONT][FONT=&quot]”[/FONT][FONT=&quot] යයි කුමරිය පැවසූ විට වැදිරජ කෝපයටත් විස්මයටත් පත්වී කුමරිය වනයේ තනිකර දමා යයි. ඉහත ගීත කොටස වැදි රජ පවසන්නේ එබැවිනි.[/FONT]

    [FONT=&quot]ඔබ රූ සිරියෙන් ඔහු නැණ ගුණයෙන් [/FONT]
    [FONT=&quot]මාගේ විජිතය කෙලෙසී යනු දැක[/FONT]

    [FONT=&quot]සටන් වැදිමි මම - සටන් වැදිමි මම[/FONT]

    [FONT=&quot]මනමේ කුමාරියේ[/FONT]

    [FONT=&quot]හැඩි දැඩි අපහට හුරු වූ වන ගැබ[/FONT]

    [FONT=&quot]අපගේ උරුමය රකිනා රිසියෙන්[/FONT]

    [FONT=&quot]සටන් වැදිමි මම - සටන් වැදිමි මම[/FONT]

    [FONT=&quot]මනමේ කුමාරියේ[/FONT]

    [FONT=&quot]මනමේ කුමරු මුළු දඹදිවටම අග රජ වුවද මේ වනයේ අගරජ වන්නේ වැදිරජු ය. එය ඔවුන්ගේ උරුමයයි. ඔවුන්ගේ නිජබිම වනයයි. දඹදිව අගරජ වුවද වනයේ වැදිරජ ඉදිරියේ පිටස්තරයෙකි. තමන් වනයට අධිපති බව මනමේ [/FONT][FONT=&quot]නාට්‍යයේ [/FONT][FONT=&quot]වැදිරජ මෙසේ පවසන්නේ එබැවිනි.[/FONT]

    [FONT=&quot]මේ අරණ් හිමගිර සිට දෙරණේ[/FONT]
    [FONT=&quot]මාගෙ සරණේ වේ මාගෙ සරණේ[/FONT]
    [FONT=&quot]නැතහොත් වේය මරණේ[/FONT]
    [FONT=&quot]මුළු දඹදිවටම තොප මහ රජ වුව - මාගෙ විජිතය මෙය මම වෙමි අගරජ[/FONT]
    [FONT=&quot]කව්ද තට මෙහි පිවිසෙන්නට කීවේ - අවසර නොමැතිව බල තට වන දේ[/FONT]

    [FONT=&quot]මනමේ කුමරිය තරම් රූමත් ස්ත්‍රියක් වනයේ නැත. මනමේ කුමරුද වැදිරජ තරමටම හී විදීම ප්‍රගුණ කළ අයෙකි. වැදිරජ තමන්ගේ නිජබිමවන වනය රැකගත යුතුය. ඔවුන්ට ඇති එකම උරුමය එයයි. ඔහු මනමේ කුමරු සමග සටන් වදින්නේ එය රැකගන්නටය යන්න මේ ගීතයෙන් පැහැදිලිවේ. මනමේ නාට්‍යය සිහිගන්වන මනරම් ගී තනුවක් යොදා තිබීම නිසා මේ ගීතය වඩාත් රසවත් වී ඇත.[/FONT]

    [FONT=&quot]ගීත රචනය - ස්වර්ණ ශ්‍රී බණ්ඩාර[/FONT]
    [FONT=&quot]ගායනය - එඩ්වඩ් ජයකොඩි[/FONT]

    [FONT=&quot]සංගීතය - පණ්ඩිත් අමරදේව[/FONT]

    මේ විචාරය වැරදිද දන්නෑ :sorry: දන්න විදියට ලිව්වෙ :)
     
    • Like
    Reactions: Chinthaka_tc

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගීතයෙ මේ කොටසට එනකොට අපි ආදරෙන් රාගයෙන් මත්වෙලා, පොපියන සිතකින් ඉන්නේ. මේ තරුණයත් එහෙමයි. නමුත් ගීත රචකයා මෙතැන් පටන් ඉතා ප්‍රබල උපමාරූපක යොදල අපි හිතේ මවාගත්තු තුසිතය පිටින්ම බිමට ඇදල දානව.

    නිසල ජීවන තපෝ වනමැද
    හැඟුම් ගජසෙන් යදම් බිඳවැද
    තළා සිඳ කම්පණය කරවයි
    ළපලු තුරුවැල් කැකුළු මල් පෙති
    මෙමා හඬවයි බිඳුනු තුසිතය

    සුරන් නැළවූ... සුයාමය

    තරුණයට එක්වරම මතක් වෙනවා ඔහු මෙතෙක් කල් ගෙවූ සොඳුරු ළමාවිය. ඒ කාලය කොච්චර අහිංසක, සැහල්ලු කාලයක්ද? අද මේ පැන්න කඩුල්ල එසේ මෙසේ එකක් නොවන වග ඔහුට පසක් වෙනව. මේ සුරසැප වගේ පේන දේ විඳින්න ගිහින් ඔහුට නැතිවුනු ළමාවිය, ඒ ළාමක අහිංසක හැඟීම් ගැන ඔහු දුක්වෙනවා. මෙතෙක් කල් ඔහුගෙ තපෝ වනයක් බඳු නිසංසල හිත, ළාබාල වියෙ කැකුළු මල් වැනි අහිංසක හැඟීම්, ඔහුගෙම ආදර/රාගික හැඟීම් කියන හස්තියන්ගෙන් ආරක්ෂා වුනේ
    අහිංසක කෙළිලොල් ළමාවියේ යදමින් බැඳ තිබූ නිසයි. අද ඒ යදම් බිඳී ගිහින් ඒ ආවෙගශීලී සිතුවිළි හස්ති සෙනාව කෙළිලොල් අහිංසක ළමා සිතුවිලි කියන කැකුළු මල් පොඩිකරල මුළු තපෝ වනයම දෙවනත් කරනව. මේ නුහුරු හැඟීම ඔහුගෙ මුළු හදවතම කම්පනයට පත්කරල. මේ පද පේළි වල ඇත්තටම හස්ති සේනාවක තියෙන ප්‍රබල ශක්තිය ගැබ් වෙනව. තවදුරටත් තමාට ඒ හැඟීම් පාලනය කරගන්න බැහැ. බලන්න කොයිතම් ලස්සනට ගීත රචකයා අර තරුණයගේ හිතේ ඇතිවූ නැවුම් සිතිවිළි වල ව්‍යාකූලත්වය අපිට කියනවද?

    ආපහු බැලුවම තමයි මේ තරුණයට පෙනෙන්නෙ තමන් මේ අළුත් තුසිතයට ආවෙ තවත් තුසිතයක ඉඳල නේද කියල. මේ අලුත් නව යොවුන් තුසිතය ලබාගන්න ඔහුට ඔහුගේ ළමාවිය කියන තුසිතය බිඳගන්න වෙනව. ඔහුගෙ සිත හඬනව නැතිවුනු සැප සම්පත් දැකල. ඔහුට පුදුම හිතෙනව මේ අර සුරයන් නැළවූවා කියල හිතපු සිතිවිල්ලම නේද කියල මා හිටි දිව්‍ය විමානෙම බිඳල දැම්මෙ. මේ අවස්ථාව අර මුලින් හිතේ ඇතිවෙච්චි රසබර හැඟීමේ භංග කියන අවස්ථාව පිළිබිඹු කරනව. ආයෙ කවදාවත් අර සිතුවිල්ල මුලින් ඇතිවුනු තරම් රසවත්ව මේ තරුණයගෙ හිතේ ඇතිවෙනෙ නෑ. ඒකයි අපි කාටවත් ප්‍රථම ප්‍රේමය කියන රසවත් අත්දැකීම මැරෙනකම්ම අමතක කරන්න බැරි.

    http://www.youtube.com/watch?v=_MbNvZlNccg&feature=player_detailpage

    දැන් කියාපල්ල බලන්න ඉංග්‍රීසි සින්දුවක් හරි, රැප්, හිපොප්, මෙකී නොකී අනිත් සින්දු අහල කවද්ද ඇහැට මේ විදිහට කඳුලක් ඉනුවෙ කියල?
    :)
    පළමු උත්සාහය ම ආධුනික රේඛාවෙන් ගව් ගානක් දුර බව නොකියාම බැරිය.:yes::yes:
     
    jay o

    Active member
  • Jan 8, 2008
    781
    210
    43
    CMB, Sri Lanka
    මේක තමා මම මුලින්ම පොස්ට් කරන ගීතය. වැරදි ඇතොත් සමාවෙලා මාව නිවැරදි කරන්න.

    මේ ගීතය ලියූ පදරචකයා බෞද්ධ සාහිත්‍යයෙන් පෝශණය ලබා, බොදු බණ පිළිබඳව කිසියම් දැනුමක් ඇත්තෙක්. බොදු බණ අනුව අපේ හිතේ හටගන්නා හැඟීම් අවස්ථා තුනක් පසුකරනවා. ඒවා නම්:

    • 'උත්පාද - පංචේන්ද්‍රියෙන් ලබාගත් සංඤාවන් විඤ්ඤාණය හා ගැටීම සමඟ සිතක් හටගැනීම'
    • 'තිථි - සිතිවිල්ල පැවතීම, රමණය හෙවත් රසවිඳින අවස්ථාව'
    • 'භංග - සිතිවිල්ල අවසානය, ක්ෂය වී යෑම'
    මේ ගීතයේ chorus එකෙන් උත්පාද අවස්ථාවත්, පළවෙනි verse එකෙන් තිථි අවස්ථාවත්, දෙවෙනි verse එකෙන් භංග අවස්ථාවත් කියන අවස්ථා තුනම පිළිබිඹු කරනවා.

    කුමරියක පා සළඹ සැලුනා

    වසා සිටි නෙතු පියන් ඇරුනා
    කුමර බඹසර අසපුවේ මා
    සමවැදී උන් දැහැන් බිඳුනා

    මේ සිංදුවෙන් කියවෙන්නෙ නව යොවුන් වියේ ඉන්න තරුණයෙකුගෙ හිතේ ඇතිවෙන නැවුම් ආදර හැඟීමක් ගැන. කුමර බඹසර අසපුව කියන එකෙන් ඒ ගැන අපට ඉඟියක් දෙනවා. මේ තරුණයාට ගීතයෙ කියවෙන තරුණිය ගැන ආල හැඟීමක් ඇතිවුනාම ඔහුම කල්පනා කරනවා, මට මෙච්චරකල් මෙහෙම හැඟීමක් ඇතිවුනේ නැත්තෙ ඇයි කියල. 'මේ කෙල්ල මෙච්චරකල් කොහෙද හිටියෙ? ඇයි මට ඇයව මීට කලින් මෙහෙම පෙනුනෙ, දැනුනෙ නැත්තෙ?'. ඒක හරියට වහගෙන හිටපු ඇස් දෙකක් එකපාරටම ඇරලා බැලුවා වගෙයි. ඔහු සමවැදී උන් ළමාවියේ දැහන බිඳී ගිහින්, හිතේ අර තරුණිය ගැණ ආදර හැඟීමක් ඉපදිලා. ඔන්න ආදර හැඟීම් සහිත වූ සිතේ උත්පාද අවස්ථාව.

    පණ්ඩිත් අමරදේවයන්ගේ ළයාන්විත හඬින් මේ පද පෙළ අහනකොට ඕනැම කොල්ලෙක්ට ත්මන්ගෙ හිතේ ඇතිවෙච්ච පළවෙනි ආදර හැඟීම, ඒ තරුණිය මතක් වෙනව. සැහැල්ලුවෙන් ගෙවිල ගිය ඒ කාලෙ හිතට එන මේ නැවුම් ආදර හැඟීම මොනතරම් සුන්දරද?

    උකුළ ලැම හස මලවි කරළිය
    මුවාකල ඇගෙ දුහුල් සළු තිර
    විවර කෙරුවා මනස් සළෙලුන්
    උමතු වූ දෙනුවන් රැහැන් ඇද
    මෙමා අබියස මැවුනු තුසිතය
    සුරන් නැළවූ... සුයාමය

    මේ පද පෙළින් කියවෙන්නෙ අර තරුණියව මේ තරුණයාට පෙනුනු ආකාරයත් ඒ දැක්මෙන් හිතේ උපන් නුහුරු රාග මිශ්‍රිත හැඟීම් සමුදාය ගැනත්. 'උකුළ ලැම හස මලවි කරළිය' කියන පද පේලියෙන් අර තරුණිය ගැන සවිස්තර විස්තරයක් අපේ හිතේ උපදවන්න තරම් පදරචකයා දක්ශ වෙනවා. 'මුවාකල ඇගෙ දුහුල් සළු තිර' - ඇය ඇඳ සිටින සරළ ඇඳුම පවා තරුණයාගෙ හිතේ රාගික හැඟීම් පුබුදු කරනවා. ඒ ගැන ඊලඟ පද දෙපේළියෙන් 'විවර කෙරුවා මනස් සළෙලුන්, උමතු වූ දෙනුවන් රැහැන් ඇද' කියල මුළු සංවේදී අත්දැකීමම සම්පූර්ණ කරනවා. ඊළඟ පද දෙපේලිය තමයි මේ ගීතයෙ වටිනාම කොටස වෙත අපිව ගෙනියන්නෙ. මේ තරුණයා මේ අත්දැකීමට දුන් වටිනාකම ඉතා ඉහළයි. මේ අත්දැකීම සුරලොවක් වගෙයි ඔහුට පේන්නෙ. ඔහු හිතනව 'මේ සුරයින් පවා නැළවිය හැකි සුරඟනක්ය' කියල. තුසිත දෙව්ලොව වෙත තමා ගියා වගේ හිතෙනව. තුසිත දෙව්ලොව කියන්නේ සුර සැපෙන් ආඪ්‍ය වූ තැනක්. එහි සුර අඟනුන් ඉතා ඉහළ රූ සපුවෙන් යුක්ත යැයි සැළකෙනවා.

    ඔන්න ආදර හැඟීම් සහ ඒ හා මිශ්‍ර වූ රාගික හැඟීම් රමණය කරමින් හිතෙන් සතුටුවන අවස්ථාව - තිථි.

    ගීතයෙ මේ කොටසට එනකොට අපි ආදරෙන් රාගයෙන් මත්වෙලා, පොපියන සිතකින් ඉන්නේ. මේ තරුණයත් එහෙමයි. නමුත් ගීත රචකයා මෙතැන් පටන් ඉතා ප්‍රබල උපමාරූපක යොදල අපි හිතේ මවාගත්තු තුසිතය පිටින්ම බිමට ඇදල දානව.

    නිසල ජීවන තපෝ වනමැද
    හැඟුම් ගජසෙන් යදම් බිඳවැද
    තළා සිඳ කම්පණය කරවයි
    ළපලු තුරුවැල් කැකුළු මල් පෙති
    මෙමා හඬවයි බිඳුනු තුසිතය

    සුරන් නැළවූ... සුයාමය

    තරුණයට එක්වරම මතක් වෙනවා ඔහු මෙතෙක් කල් ගෙවූ සොඳුරු ළමාවිය. ඒ කාලය කොච්චර අහිංසක, සැහල්ලු කාලයක්ද? අද මේ පැන්න කඩුල්ල එසේ මෙසේ එකක් නොවන වග ඔහුට පසක් වෙනව. මේ සුරසැප වගේ පේන දේ විඳින්න ගිහින් ඔහුට නැතිවුනු ළමාවිය, ඒ ළාමක අහිංසක හැඟීම් ගැන ඔහු දුක්වෙනවා. මෙතෙක් කල් ඔහුගෙ තපෝ වනයක් බඳු නිසංසල හිත, ළාබාල වියෙ කැකුළු මල් වැනි අහිංසක හැඟීම්, ඔහුගෙම ආදර/රාගික හැඟීම් කියන හස්තියන්ගෙන් ආරක්ෂා වුනේ
    අහිංසක කෙළිලොල් ළමාවියේ යදමින් බැඳ තිබූ නිසයි. අද ඒ යදම් බිඳී ගිහින් ඒ ආවෙගශීලී සිතුවිළි හස්ති සෙනාව කෙළිලොල් අහිංසක ළමා සිතුවිලි කියන කැකුළු මල් පොඩිකරල මුළු තපෝ වනයම දෙවනත් කරනව. මේ නුහුරු හැඟීම ඔහුගෙ මුළු හදවතම කම්පනයට පත්කරල. මේ පද පේළි වල ඇත්තටම හස්ති සේනාවක තියෙන ප්‍රබල ශක්තිය ගැබ් වෙනව. තවදුරටත් තමාට ඒ හැඟීම් පාලනය කරගන්න බැහැ. බලන්න කොයිතම් ලස්සනට ගීත රචකයා අර තරුණයගේ හිතේ ඇතිවූ නැවුම් සිතිවිළි වල ව්‍යාකූලත්වය අපිට කියනවද?

    ආපහු බැලුවම තමයි මේ තරුණයට පෙනෙන්නෙ තමන් මේ අළුත් තුසිතයට ආවෙ තවත් තුසිතයක ඉඳල නේද කියල. මේ අලුත් නව යොවුන් තුසිතය ලබාගන්න ඔහුට ඔහුගේ ළමාවිය කියන තුසිතය බිඳගන්න වෙනව. ඔහුගෙ සිත හඬනව නැතිවුනු සැප සම්පත් දැකල. ඔහුට පුදුම හිතෙනව මේ අර සුරයන් නැළවූවා කියල හිතපු සිතිවිල්ලම නේද කියල මා හිටි දිව්‍ය විමානෙම බිඳල දැම්මෙ. මේ අවස්ථාව අර මුලින් හිතේ ඇතිවෙච්චි රසබර හැඟීමේ භංග කියන අවස්ථාව පිළිබිඹු කරනව. ආයෙ කවදාවත් අර සිතුවිල්ල මුලින් ඇතිවුනු තරම් රසවත්ව මේ තරුණයගෙ හිතේ ඇතිවෙනෙ නෑ. ඒකයි අපි කාටවත් ප්‍රථම ප්‍රේමය කියන රසවත් අත්දැකීම මැරෙනකම්ම අමතක කරන්න බැරි.

    http://www.youtube.com/watch?v=_MbNvZlNccg&feature=player_detailpage

    දැන් කියාපල්ල බලන්න ඉංග්‍රීසි සින්දුවක් හරි, රැප්, හිපොප්, මෙකී නොකී අනිත් සින්දු අහල කවද්ද ඇහැට මේ විදිහට කඳුලක් ඉනුවෙ කියල?
    :)

    කුමරියක පා සළඹ සැලුනා

    කුමරියක පා සළඹ සැලුනා
    වසා සිටි නෙතු පියන් ඇරුනා
    කුමර බඹසර අසපුවේ මා
    සමවැදී උන් දැහැන් බිඳුනා
    කුමරියක පා සළඹ සැලුනා...

    උකුළ ලැම හස මලවි කරළිය
    මුවාකල ඇගෙ දුහුල් සළු තිර
    විවර කෙරුවා මනස් සළෙලුන්
    උමතු වූ දෙනුවන් රැහැන් ඇද
    මෙමා අබියස මැවුනු තුසිතය
    සුරන් නැළවූ... සුයාමය

    කුමරියක පා සළඹ සැලුනා...

    නිසල ජීවන තපෝ වනමැද
    හැඟුම් ගජසෙන් යදම් බිඳවැද
    තළා සිඳ කම්පණය කරවයි
    ළපලු තුරුවැල් කැකුළු මල් පෙති
    මෙමා හඬවයි බිඳුනු තුසිතය

    සුරන් නැළවූ... සුයාමය

    පද රචනය: කේ.ඩී.කේ. ධර්මවර්ධණ
    සූරීන්
    සංගීතය: විශාරද වික්ටර් රත්ණායක සූරීන්
    ගායනය: පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේව සූරීන්

    Fatta machan...eka serenma therena vidihata lassanata vicharaya karala thiyenawa... supiri....
     
    • Like
    Reactions: ColdBreath

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    [FONT=&quot]ඔබ රූ සිරියෙන් මන්මත් වී මම නොකළෙම් අනුවණ කම්
    [/FONT]

    මේ විචාරය වැරදිද දන්නෑ :sorry: දන්න විදියට ලිව්වෙ :)

    නගෝ විචාර "වැරදි" වෙන්නේ නෑ.........විචාරයක් යනු ඒ ඒ පුද්ගලයා ඒ ඒ කලා කෘතියෙහි හරවත් සහ දුබල තැන් පෙන්වමින් ඇතිකරන සමාජ කතිකාවකි. අනික අපි මේ විචාර ගෙන එන්නේ දැනට කලා ලෝකයේ පවතින "අන්‍යෙන්‍ය පිට කසා ගැනීම" ට නොවේ නොවැ........

    ඔබ රස වින්දනයට හසු කල ගීතය මතු පිට භාවය සහ ඇතුලාන්ත භාවයන් දෙකකින් යුත් එකක් මා දකින විදියට නම්. සම්ප්‍රදායික චින්තනයට රැහැණිව යම් දෙයක් දුටු ගේය පද රචකයන් ගේ කුලකයේ ඉදිරියෙන් ම සිටි ස්වර්ණ ශ්‍රී බණ්ඩාරයන් (එතුමන් හට නිර්වාන සුඛයම අත්වේවා!!) මේ ගීතයෙන් ඇති කල මතු පිට භාවය ද මදක් රැඩිකල් එකක්.

    කතාවෙහි දැන්වෙන ලෙසට වැදි රජු මනමේ කුමරා හා සටන් වදින්නේ මනමේ කුමරිය ගේ රූසිරියට ලොබ බැද. ඇය අත්කර ගැනීමේ පරමාර්ථයෙන්. නමුත් ගේය පද රචකයා මේ සම්ප්‍රදායික කතාව වෙනස් කර වැදි රජු ලවා ප්‍රකාශ කරවන්නේ තම උරුමය ද, විජිතයද, සම්ප්‍රදායද රකිනු පිණිස ම ඔහු සටන් වැදි බවය. මෙයින් ම ස්වර්ණ සම්ප්‍රදායානුකූල වන මනමේ අර්ථ කතාවට රැහැණිව අවි ඔසවා ඇත......නමුත් මේ ගීතයේ ඇතුලත භාවය ඊටත් වඩා ගැඹුරකට ගොසු තිබෙන බව මගේ හැගීමයි.

    වර්තමාන සංස්කෘතික, සමාජ, ආර්ථික සහ දේශපාලන ක්ෂේත්‍ර වල ඔබ දකින "නව ලිබරල්වාදී ආක්‍රමණය" කෙබදු එකක් ද? මේ ගීයෙන් යටි පෙල අරුත ලෙස රචකයා මතු කරන්නේ මේ "නව යටත්විජිතකරණය" ට රැහැණිවන දේශජ චින්තනයේ ප්‍රෞඩත්වය සහ අභිමානය බව මම තරයේ ම විශ්වාස කරමි......!!!!!!!!!
     
    Last edited:

    thomian

    Well-known member
  • May 20, 2011
    12,306
    17,248
    113
    [FONT=&quot]එක යායේ කකා වැටී එකා වගේ එකට හිටී[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]එක පවුලේ උපන් ලෙසේ කළ ආරස්සා[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]නාස් ලනුව දමනවාලු කරත්තයක බඳිනවාලු[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]අපට හිටිය ළපටි කැකුළු නාඹර වස්සා[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]මෙම ගීතය මිතුරන් කීප[/FONT][FONT=&quot]දෙනෙකු තමන්ගේ ඉතා කුළුපග මිතුරෙකු අලලා කරන කතාබහක් බව මෙම ගීතය[/FONT][FONT=&quot] ආරම්බයේදීම අපට පැහැදිලි වේ. මොවුන්ගේ මිතුරුකම කොතෙක්ද යත් මොවුත්[/FONT][FONT=&quot]සියල්ලෝම ඉතාමත් එකමුතුව සහයෝගයෙන් කටයුතු කරන්නෝ වෙති. [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]එක යායේ කකා වැටී - එකා වගේ එකට හිටී[/FONT][FONT=&quot]”[/FONT][FONT=&quot]යනුවෙන්[/FONT][FONT=&quot] පැවසීමෙන් එය පැහැදිලි වේ. මේ මිතුරන්ගෙන් කෙනෙක් විවාහ වීමට සූදානම්[/FONT][FONT=&quot]වෙයි. හෙට දිනයේ විවාහ වන්නට සූදානම්වන මේ මිතුරා කෙබඳු පුද්ගලයෙකුදැයි [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]අපට හිටිය ළපටි කැකුළු නාඹර වස්සා[/FONT][FONT=&quot]” [/FONT][FONT=&quot]යෙදුමින්[/FONT][FONT=&quot] පැහැදිලිවේ. මොහු ඉතා යොවුන් වියේ පසුවන තරුණයෙකි. නිදහස උපරිමයෙන්ම [/FONT][FONT=&quot]බුක්ති විඳින්නෙකි. හෙට දින මොහු විවාහ වී තම බිරිඳ නිවසට කැඳවාගෙන එයි.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]හෙට ආ කළ ටිකිරිලියා නුඹ වේවිලු කබරගොයා[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]ළිඳට ගියත් අවසරයක් ගන්නට වේවී[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]දළ ගලවා අතේ තියා නුඹ නටවයි ඒ ළමයා[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]පනවාලා දරුණු දණ්ඩ බන්ධන නීතී[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]කබරගොයා යනු සමාජයෙන්[/FONT][FONT=&quot] කිසිඳු වටිනාමක් නොලැබෙන සතෙකි. කබරගොයාට අව්ව[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]වැස්ස[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පින්න ගානක් නැත. [/FONT][FONT=&quot]ඔනෑම රළු දෙයක් විඳ ගත හැකිය. ඒ අනුව හෙට දින බිරිඳ නිවසට පැමිණි විට මේ[/FONT][FONT=&quot] නිදහස උපරිමයෙන්ම බුක්ති විඳි කෙළිලොල් තරුණයාට සිදුවන්නේ කබරගොයෙකු මෙන් [/FONT][FONT=&quot]ඕනෑම දේකට ඔරොත්තු දෙන ලෙස හැඩගැසීමටය. මොහු පෙර සිටියේ තම තරුණ කමින් ඔද[/FONT][FONT=&quot]වැඩුණු ඇතෙකු මෙනි. ඇතෙක් සතුව ඇති වටිනාම වස්තුව උගේ දළ යුවළයි. මේ [/FONT][FONT=&quot]තරුණයාද ඇතෙකු මෙන් ස්වාධීනව කෙළිලොල්ව ජීවත් වෙයි. නමුත් බිරිඳ මොහුව යටත් [/FONT][FONT=&quot]කරගනියි. ඔහුට සිදුවන්නේ තම බිරිඳට අවශ්‍ය ලෙස හැඩගැසීමටය. බිරිඳ කියන ලෙස[/FONT][FONT=&quot] ජීවත්වීමටය. එනම් බිරිඳ පවුලේ ප්‍රධානියා බවට පත්වෙයි.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]වලට වැටුණ එකා යකා වලටම ඇදගනු මිසෙකා[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]වලෙන් උඩට එන්නට අත දෙන්නට කැමති[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]නෑදෑ හිතවතෙක් නැතී ඒ ගැන හිතුවොත් යෙහෙකි[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]කසාදෙ නම් කසාය හරි තිත්ත බෙහෙතකී[/FONT]

    [FONT=&quot]විවාහ වන්නෝ තමන් විවාහ වූවාට පසු විඳින්නට සිදුවන මෙවන් පීඩාවන් දැන දැනත් අලුතෙන් විවාහවන්නට සැරසෙන පිරිස ඒ සඳහා උනන්දු කරති. නෑදැයන් හිතවතුන් කිසිවෙක් විවාහ වූවාට පසු සිදුවන විපත ගැන නොසලකා අලුත විවාහ වන්නෝ තම වලටම ඇදගනිති. විවාහ වූ පසුව කොතෙකුත් කරදර බාධක පැමිණියත් ඉවසීමෙන්[/FONT][FONT=&quot], බුද්ධියෙන් ඒ සියල්ල විසඳාගෙන ඉදිරියට යා යුතුවේ. විවාහය යනු ඉතා තිත්ත බෙහෙතක් යැයි ගීත රචකයා පවසන්නේ එබැවිනි. නමුත් ඒ බෙහෙත තිත්ත වුවද අප සියල්ලන්ටම බීමට සිදුවේ.[/FONT]

    ගීත ගායනය - එඩ්වඩ් ජයකොඩි, බන්දුල විජේවීර, සුනිල් එදිරිසිංහ
    සංගීතය - එච්. එම්. ජයවර්ධන
    චිත්‍රපටය - මංගල තෑග්ග
    අධ්‍යක්ෂණය - එච්. ඩී. ප්‍රේමරත්න

    [FONT=&quot]* මේ ගීතය විචාරය කිරීමට සහය දුන් saslit සහෝට ගොඩක් ස්තූතියි.
    [/FONT]

    :):):):)
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,306
    17,248
    113
    [FONT=&quot]මේ අපට දුර පියෙකු ගැනය.......[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]අව්වේ මුතු ඇට වපුරා.................[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]අව්වේ මුතු ඇට වපුරා - ඒ මුතු පනමට හරවා[/FONT]
    [FONT=&quot]අපේ කුසේ ගිනි නිවලා නුඹ කුස ගින්නේ[/FONT]
    [FONT=&quot]ඉද හිනැහෙන්නේ අපෙ අප්පච්චී[/FONT]
    [FONT=&quot]නුඹ කුසගින්නේ අපෙ අප්පච්චී..................[/FONT]

    [FONT=&quot]අපා දෙපා සිව්පාවුන් - ගෙන එන විණ වළකන්නට[/FONT]
    [FONT=&quot]සනසා නුඹ අප වටකර දඩු වැට වෙච්චී[/FONT]
    [FONT=&quot]මහ කැලේට ඇස් මානා අපෙ අප්පච්චී............[/FONT]

    [FONT=&quot]ජීවිතයේ බඹර හෙලේ - පැණි හොයලා රූටන්නේ[/FONT]
    [FONT=&quot]හිත හයියට කළ වැල් පොට වරපට වෙච්චී[/FONT]
    [FONT=&quot]විරිය පාරමිතා පුරන අපෙ අප්පච්චී..............[/FONT]

    [FONT=&quot]සුභාවිත ගීතයේ ඉදිරියෙන් ම වැජඹෙන පිය ගුණ ගීත දෙකක් මා විස්වාස කරන අයුරින් පවතින බව මම ඔබට එම ගීත දෙකෙහි මුල් තැන තිබෙන ගීතය වන “දරු දුක උහුලා” ගීතය පිළිබද රස මං සොයාගිය ලිපියෙහි පැවසූයෙමි. මේ එවන් ගීත අතලොස්සේ දෙවන තැන ඇති යයි මා විශ්වාස කරන ගීතයයි. මේ ගීතය මදක් අපෙන් දුරස් වූ අත්දැකීමක් ගෙන එන නිසා දෝ හෝ රසවිදීමට යම් බාධාවක් ගෙන එයි. එනිසා ම මෙම හුය කියවන අපේ සාධු ජනයා ගේ පහන් සංවේග පිණිසම මේ ගීතයේ පසුබිම සහ රසවින්දනය පිළිබද මගේ අදහස මෙසේ මෙහි හොවමි.[/FONT]

    [FONT=&quot]ගීතය ලියවී ඇත්තේ අ‍පට මදක් දුර වූ භූ මානව අර්ථයකින්ය. ගීතයට ප්‍රස්තූතය වන්නේ නුවර කලාවියේ වියළි කටුක පරිසරයක සිය සුතඹුවන් වැර වෑයමින් රකිනා පියෙකු පිලිබදවය. ඒ පියා අප මේ ගෙන්දම් පොළවේ දකින පියා සේම සිය දරුවන් වෙනුවෙන් අප්‍රමාණ වූ කැපකිරිම් කරමින් දහඩිය වගුරුවයි.[/FONT]

    [FONT=&quot]අව්වේ මුතු ඇට වපුරා - ඒ මුතු පනමට හරවා[/FONT]
    [FONT=&quot]අපේ කුසේ ගිනි නිවලා නුඹ කුස ගින්නේ[/FONT]
    [FONT=&quot]ඉද හිනැහෙන්නේ අපෙ අප්පච්චී[/FONT]
    [FONT=&quot]නුඹ කුසගින්නේ අපෙ අප්පච්චී..................[/FONT]

    [FONT=&quot]නුවර කාලාවියේ ගැමියන් ගේ ප්‍රධාන ජීවිකාව මහපොලෙව සමග හරි හරියට ඔට්ටු වෙමින් කෘෂිකර්මයෙහි යෙදීමය. රචකයා මේ කාෂ්ඨ පොලව සමග ඔවුන් කරන ගණුදෙනුව පලමු පදයෙන්ම ගෙන හැර පාන්නේ තම අප්පච්චී අව්වේ තම දහඩිය මුතු ඇට වපුරන බව කියමිනි. කොතරම් මනරම්, හදවතෙහි ගැඹුරෙහිම ඇනෙන උපමාවක් ද මේ. අප්පච්චි අවුවේ වපුරන මුතු ඇට, අස්වැන්න ලෙස ගෙන පනමට හුවමාරු කරයි. නමුත් ඒ “පනම” වචනයේ අර්ථයෙන් ම “පනමකි”, එනම් සොච්චම් මුදලකි. රචකයා නුවර කලාවයේ ගොවියන් ගේ සදාකාලික අර්බුදය වන අස්වැන්න කුණු කොල්ලයට විකිණෙන ඛේදවාචකය මෙයින් මොනවට ඉදිරිපත් කරයි. මා මෙම රචනය අප සුභාවිත ගීයෙහි පිය ගුණ ගී අතර මුල් පෙලක රදවන්නේ පළමු පද දෙකෙන් ම පමණක්, පියෙකු ගේ වෙර පමනක් නොව සමාජ අසාධාරණය ද තත්ත්වාකාරයෙන්, අතිශෝක්තියෙන් තොරව රසික මනස තුළ ගින්නක් කොට අවුලවන මේ දක්ෂ-පක්ෂ භාවය නිසාමය. මෙසේ සියලු ම අසාධාරණකම් හමුවේදීත් තම දහඩිය වෙනුවෙන් ලබන සොච්චමින් ඔහු තම දරුවන් ගේ කුසගිනි නිවාලයි. නමුත් ඒ සියළු ම දෙනා ගේ කුස් පිරවීමට තරම් පමන නැත. එනිසා ම මේ අප්පච්චි කුසගින්නේය. නමුත් ඔහු කුසගින්නේ හිද වුවද තම දරුවන් ගේ කුස් පිරවෙනු බලා හිනැහෙයි. තම කුසගිනි දාරක ප්‍රේමයේ මහිමය නිසා ම ඔහුට නොනැගේ. සොයුරනි, බහුතරයක් අප පියවරුන් මේ අප්පච්චී පසුපස සිටින බව ඔබට පෙනෙන්නේද?[/FONT]

    [FONT=&quot]අපා දෙපා සිව්පාවුන් - ගෙන එන විණ වළකන්නට[/FONT]
    [FONT=&quot]සනසා නුඹ අප වටකර දඩු වැට වෙච්චී[/FONT]
    [FONT=&quot]මහ කැලේට ඇස් මානා අපෙ අප්පච්චී............[/FONT]

    [FONT=&quot]දරුවන් හට එන ආපත්ති-විපත්ති වලින් උන් වලකාලීමට මේ අප්පච්චි, නුවර කලාවියේ හේනක් වටා දැඩිව බදින දඩු වැටකට රචකයා උපමා කරයි. ඒ දරුවන් හට “අපා-දෙපා-සිවුපා” සියලු ම “සතුන්” ගෙන් වන විපත්ති වලට රැහැණිවය. මේ සමාජය මහ කැලයක් ලෙස දකින රචකයා, එහි සතුන් ගෙන් වන විපත් ගැන නිතොරව ම සෝදිසියෙන් සිටින තම පියා මේ මහා සමාජ වනයට ඇස් මානාගෙන හිදින බව දක්වන්නේ, පියෙකු ගේ ආරක්ෂාව තරම් අන්අස්වැසිල්ලක් දරුවන් හට නැති බව පසක් කරදෙමිනි.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]ජීවිතයේ බඹර හෙලේ - පැණි හොයලා රූටන්නේ[/FONT]
    [FONT=&quot]හිත හයියට කළ වැල් පොට වරපට වෙච්චී[/FONT]
    [FONT=&quot]විරිය පාරමිතා පුරන අපෙ අප්පච්චී..............[/FONT]

    [FONT=&quot]මේ පියා පුරන්නේ බෝසත් වරුන් බුද්ධත්වය පතා කරන වීර්යය පාරමිතාව බව ය රචකයා පවසන්නේ. ඊට ඔහු යොදනා උපමාව වර්ණනාවිෂයක්‍රාන්තය. ජීවිතය බඹර හෙලක් බව ඔහු කියයි. බඹරුන් වද බදින්නේ මහා ගිරි කුළු ප්‍රපාත වලය. මේ බඹර වද වල බඹර පැනි ගැරිමට යන්නෝ උස් ගිරි පව්වේ උඩ සිට තනි වැල් පොටකින් එල්ලී පහලට රූටති. බඹර කපන්නා ගේ එකම වහල සහ පිලිසරණ මේ වැල්පට ම පමනි. මේලෙස ජීවිතය අනතුරේ හොවා බඹර කපන්නෙකුට තම අප්පච්චි උපමා කරන රචකයා, ඔහු ගේ එකම රැකියාව වන ගොවිතැන, දුර්වල කළ වැල් පොටක් බදු එකම ජීවිකාව, හයිය හත්තිය ඇති මීමුන් ආංබාං කරන වර පොටකට පෙරලා ගෙන ඇති බව කියන මේ පද දෙක, අප තුල ඇති කරන්නේ අප පියවරුන් ගැන අප හද තුළ ඇති අප්‍රකාශිත සෙනෙහසට විරේචකයක් නොවේද?[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]පිය සෙනෙහසක් පිලිබදව මෙතරම් අර්ථරූපී, භාවරූපී රචනයක් ගෙන ආ විශිෂ්ටතම ගේය පද රචකයෙකු වන මහින්ද දිසානායකයන් ගේ පුත් ගයාමන් දිසානායකයන් හට ද, පොහොසත් සංගිතයක් මේ ගීයට ලබා දුන් අභාවප්‍රාප්ත ගුණදාස කපුගේ සහෘදයාණන් හටද, ගීතය ගයන ක්‍රිෂාන්ත එරන්දක හටද සුභාවිත හෙළ ගීතයේ ප්‍රගමනය ප්‍රාර්ථනා කරන ඔබ අප සැම ගේ ප්‍රණාමයද, පිං පෙත් අනුමෝදනාවද විය යුතු බව හගිමි.[/FONT]

    11.gif
    ...
    1.gif
    1.gif
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,306
    17,248
    113
    ඔබ මතක නැති කරන්නට මට මතකනැති වුනා.....

    කොච්චරනම් ආදරය කලත් අපි බලපොරොත්තුවන විදියටම ජීවිතය ගලාගෙන යන්නෙ නෑ.. හිතන්න අපි හැමදාම උදේට ගුවන්විදුලියෙන් අපි අහනව ඔබේ පැතුම් ඉටුවන සුභම සුබ දවසක් වේවා..! කියල... ඒත් අපි හිතන පතන විදියටම දවස ගෙවෙනවද....? ආදරයත් එහෙමයි අපි අවංකව ආදරය කරනවානම් කරන්නෙ ආයෙ වෙන්වීමක් ගැන හීනෙන්වත් දකින්නෙ නැතිව... කොතරම්නම් අපි සිහින මාලිගා හදනවද...? මුලින්ම ඇය ව හමුවන විදිය...? හමු උනාම හැසිරෙන විදිය...? සම්බන්ධය ගලාගෙන යද්දි ඇය නිසා අපි වෙනස් වෙන විදිය...? කොතරම් නම් සුන්දරද....? සැබැවින්ම ආදරයෙන් වෙලුනොතින් උදේ නින්දෙන් අවදිවූ විගසම අපේ සිහියට එන පලමු වෙනි සිතුවිල්ල තමයි... ඇය.

    මේ වගේ සිය ජීවිතය දෙවැනි කරල ආදරයක් කරල, ඒ ආදරය බිදිල ගියොත් ඇතිවන හැගීම් වචනයට පෙරලන්නෙ කොහොමද...? හිතාගන්නවත් බෑ... ඒත් සිය ආදරවන්තිය තමාව තනිකලාම... තමාව දමා ගියාම... යාළුවො සමාජය ඉස්සරහ බොරුවට දුකක් නෑ වගේ ඉන්න පුළුවන්.. බැරි උනත් කොහොමහරි ඉන්නවා... හිතයටින් ගිණි ගොඩක් හංගගෙන ඉන්නවා... නමුත් අපි මොහොතකට හෝ තනි උනොතින්නම්.... වස බෝතලයක් දෙනවනම් රස කර කර උනත් බීගෙන බීගෙන යන්න පුළුවන්... මේක බොලද කමක් නෙමෙයි.. ඇයට තිබෙන ආදරයේ ප්‍රබලකම.. ඇය නැතිවීමෙන් දැනෙන තනිකමේ වේදනාවේ ප්‍රබලකම. ඒ වේදනාව, තනිකම දරාගන්න හරිම අමාරුයි...

    දකින දකින තැන්වල පෙනෙන්නෙ ඔබේ රූපය... හැම සිදුවීමක්ම ඔබ හා ඉබේම ගැලපෙනවා... කොතරම් මතක නැති කරන්න උත්සාහ කලත් කොහොමද දෙවියනේ මතකනැතිකරන්නෙ... ඔන්න හිතාගන්නව ආයෙ ඔබව මතක්කරන්නෙ නෑ කියල... මොහොතයි හොරෙන්ම හෙමින් හෙමින් ඔයා මගේ සිහියට ඇවිත්... ඇස්කෙවෙණි ලගට කදුලක් එන්න හදනකොට හෝ හයියෙන් කෑ ගහල අඩන්න හිතෙනකොට තමා මතක් වෙන්නෙ මම ආයෙත් ඔයාව සිහිකරනව නේද කියල....?

    ඇස රැදුන රැදුන තැන්වල මුව මඩල හිනහුනා
    ඔබ මතක නැති කරන්නට මට මතකනැති වුනා.....

    මගේ හදවත අසරණවෙලා.... තනි වෙලා... මේ පාලු හදවත නැමති අම්බලමේ දුක නැමති පැදුර එලල තියෙනවා... ඒත් මට එහි නිදියන්න බෑ... මට දුක එපා... ඔයා නැතිව බෑ මට.. ඒ නිසා මම නිදියන්නෙ නෑ.... ඔයා ගැනම සිතමින් මම මුළු රෑම ගෙවන්නම්... මේ රැය කියන එක ලෝකයට උදා නොවෙනවනම්... මට ගෙවාගන්නම ආමාරු කාලය මේ රාත්‍රිය... සිතුවිලිවලට නිදහසේ දුවන්න පුළුවන්නේ... සිතුවිලිත් මාව රිද්දන්නද කොහෙදො දුවන්නෙ ඔයාව සොයාගෙනමයි.... ඒ නිසා මම නිදන්නෙ නෑ... කමක් නෑ... මම නිදන්නෙ නැතිව වේදනා විද විද හරි ඉන්නව.... වෙන මොනව කරන්නද... හිත් තියෙන්නෙ රිදෙන්න නේ.. ඔහේ රිදුනදෙන්...

    දුක් පැදුර දිගැර අලසව ඇත හද ගිමන්හලේ
    නින්දකට නොවැටි තැවි තැවි මුලු රැය පහන්කලේ.

    සිතුවිල ගලනවා ඉවරයක් නෑ... ඔයාව සිහිවෙනවා කෙලවරක් නෑ... මතක ගලාගෙන එනවා අවසානයක් නෑ.... මේ හැම එකකින්ම මගේ ගලන කදුළුවල නිමක් නෑ... ඒ අතරෙදි මට මගේ කණට සියුම් දෝංකාරයක් වගේ හඩක් ඇහෙනවා... මොනවද කියන්නෙ... කවුද ඒ කතාකරන්නෙ... ඔයාද වෙන කවුරුවත්ද...? ඒ හඩ කොහෙන් ආවත් ඇත්ත එයා කියනදේ ඇත්ත... එයා කියනව අනංගයා විදපු මල් හී අපතේ ගියානේද කියලා...? අනංගයාටත් බැරිවෙලා අපි දෙන්නව එක් කරන්න... ඒ තරමටම මම පෙර ආත්මයේ පවක් කරල ඇති... මම එහෙම හිතාගෙනවත් හිත හදාගන්න උත්සාහ කරන්නද...?

    රෑ කවුද හෙමින් එලැඹී මගේ කනට මුවතියා
    මින්දදගෙ දුන්නෙ මලිහී අහකැයි කියා ගියා ..
    .

    ඉතින් කලින් කිවුව වගේ අනංගයාටත් බැරි උනා, මල් හී අපතෙ ගියා කියල හිතාගෙන හිත හදාගන්න මම උත්සාහ කලත් එයත් හරියන්නෙ නෑ වගේ... මේ වේදනාව කොහොමද මම විදින්නෙ... වෙලාවකට හිතෙනවා මුළු ලෝකෙන්ම සැගවිලා යන්න... උඩුහිත නම් මම කියන විදියට අහගෙන නිහඩව ඉන්නවා... ඒත් යටිහිත මට පාලනය කරන්න බෑ... මගේ යටි හිත ඔයා හොරකම් කරල... හරියට පොඩි දරුවෙක් අම්මව සොයනව වගේ... ‍මගේ යටි හිතත් හැම තත්පරයකම ඔයාව විමසනවා... මම මොනව කරන්නද..? මේ ලොකෙන්ම සැගවෙන්න ඕන.. නැතිනම් ඒත් මේ ලෝකෙන්ම සැගවෙන්න ඕනි... ඒත් ඔයාට තිබෙන ආදරයම එයට බාධාවක් වෙලා...

    වැසු විමන් පියන් පියවා සගවන්න මට හිතයි
    උඩු හිතට වැඩිය ඔබ ගැන විමසන්නෙ යටිහිතයි

    හරිම අහින්සක විදියට තමාව දමා ගිය ආදරවන්තිය වෙනුවෙන් අඩා වැටෙන දුක්වෙන ගීතයක්. මේ ගීතයේ තිබෙන විශේෂතා දෙකක් තමයි, අංශු මාත්‍රයකුදු සිය ආදරවන්තිය ගැන අහිතක් හිතන්නෙනෑ.. තනිවම ඉතාම අසරණ ලෙසට තනිවෙලා දුක්වෙනව... අනිත් කාරණය තමයි ගීතයටත් එහා ගිහින් සංගීතය අඩා වැලපෙනවා.. මෙහි එන බටනලා වාදනය සහා වයිලීන් ගිටාර් වාදන අපේ ඇටමස් ලේ නහර විදගෙන යනවා හරියට හී සැරයක් වගේ... අපේ යාළුවො කියවල බලල අදහසක් දෙන්න හොදේ...

    ඇද රැදුන රැදුන තැන්වල මුව මඩල හිනහුනා
    ඔබ මතක නැති කරන්නට මට මතකනැති වුනා.....

    දුක් පැදුර දිගැර අලසව ඇත හද ගිමන්හලේ
    නින්දකට නොවැටි තැවි තැවි මුලු රැය පහන්කලේ.

    රෑ කවුද හෙමින් එලැඹී මගේ කනට මුවතියා
    මින්දදගෙ දුන්නෙ මලිහී අහකැයි කියා ගියා ...

    වැසු විමන් පියන් පියවා සගවන්න මට හිතයි
    උඩු හිතට වැඩිය ඔබ ගැන විමසන්නෙ යටිහිතයි......

    මේ විරහව තනිකම උරුම පෙම්වතුන්ට විතරක් නෙමෙයි... මේ දුක ගැහැණු පිරිමි දෙපක්ෂටම පොදුයි... පිරිමෙයෙක් ඉහතින් සදහන් කල විදියට හරිම අහින්සක විදියට අඩා වැටෙද්දි... ආදරෙන් පැරදුන ප්‍රේමවන්තියක් දුක්වෙනව මුළු ලෝකයම වේදනාවෙන් ගිගුම් දෙන ලෙසට...

    නිදිවර්ජිතව තම අහිමිවූ ආදරේ නාමයෙන් දුක්වෙන ඇය පාළු සීත රාත්‍රියෙන්, නිසලව සිටින ගස් කොලන් වලින්, තරු කැට වලින්, අදුරු අහසින්, මිලාන වූ සදෙන් , පිළිතුරු දෙන්න බැරි ප්‍රශ්ණයක් අහනවා.....

    “ අනේ ඔයාලගෙන් කවුරු හරි මට කියන්න... මගේ සිත ඔහුගේ සුසුම සොයනවා, ඔහුගේ දෙනෙත් සොයනවා... මට තේරෙන්නෙ නෑ... ප්‍රේමය කියන්නේ මොකද්ද මට තේරෙන්නෙ නෑ... ඔයාලවත් මට කියල දෙන්න. මෙහෙම දුක්විදීම ප්‍රේමයද...? ”

    මේ පාළු සීත රාත්‍රියේ ...
    කියා දෙන්න රහසින්...
    ප්‍රේමය නම් කිමැයි කියා....

    සුපිරිම සුපිරි....:)
     
    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    හරවත් විචාරයට ස්තුතියි..දිගටම අපිත් එක්කහිදිමින් මේ වගේ විචාර වල යෙදෙන්න...

    බොහොම ස්තුතියි සහෝදරයා ඔබේ කමෙන්ටුවට. කීයටවත් මේ ත්‍රෙඩ් එක දාල යන්නෙ නෑ. මේ ත්‍රෙඩ් එක මගෙ ජීවිතේ වෙනස් කලා. එය පටන්ගත් ඔබට මගේ හෘදයාන්ගම ස්තුතිය.
     
    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    නියමයි සහෝ. දිගටම දාමු මේ වගේ හරවත් දේවල්.

    (ඔයාටත් රෙප් +5ක් දුන්නා. මේ ත්‍රෙඩ් එක ඇදන් යන අය රෙප් බලාගෙන නෙමෙයි මේක කරන් යන්නෙ කියල දන්නවා. ඒත හිතේ සන්තෝසෙන් දීපු එක ගන්න )

    බොහොම ස්තුතියි සහෝදරයා ඔබේ කමෙන්ටුවට. ගීතයක අරුත රසවිඳින්න හැකි ඔබ වැනි සහෘදයන් හමුවීම වාසනාවක්.
     
    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    පළමු උත්සාහය ම ආධුනික රේඛාවෙන් ගව් ගානක් දුර බව නොකියාම බැරිය.

    බොහොම ස්තුතියි දත් කිඹුලයියේ. මතකද මම දවසක් කිව්වා රසවින්දනයට පන්නරය තියන්න ඔබ වැනි අය ඕන කියල. මේ ගීතය මට මේ තරම් හොඳට අරුත් ගන්න පුළුවන් වුනේ ඔබේ සහ මේ ත්‍රෙඩ් එකේ අනිත් සහෝදරයන්ගෙ මගපෙන්වීම නිසා.

    මේ මගේ දක්ෂකමක් නොව ඔබ සියල්ලන්ගේ අනුකම්පාවෙන්, දක්ෂකමෙන් ගොඩනැඟුනු දෙයකි. එහි ප්‍රණාමය මට නොව ඔබ සැමට හිමිවිය යුතුය.
    :yes:
     
    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    Fatta machan...eka serenma therena vidihata lassanata vicharaya karala thiyenawa... supiri....

    බොහොම ස්තුතියි. කට්ටියම එකතු වෙලා මේ ත්‍රෙඩ් එක සුපිරි විදිහටම කරගෙන යං.
     
    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    උඹත් ලියපං කෝ ලාලක්කේ............!!!!!!

    :yes::yes::yes::yes:

    අනේ ඔව් ලලාක්කේ. ඔයා ලියල තිබ්බ ටිකෙන්ම පේනවා අපිට ඔයාගෙන් ඉගෙනගන්න හුඟක් කරුණු තියෙනවා. ඔයාගෙ කමෙන්ටුවෙ තිබ්බ හුඟක් කරුණු මම අහල වත් තිබුනු ඒව නෙවෙයි.

    ගීත රසවින්දනය පණ අදින කාලෙක මේවගේ දිය උල්පතක් මතුවෙන්න කළාතුරකින්. ඒකෙ පිරිසිඳුබව වැඩිකරන දත්කිඹුලයියා, සස්ලිට් සහෝදරයා ඇතුලු මේ ත්‍රෙඩ් එක ගෙනියන පිරිස වගේ අය ඊටත් දුලභයි. ඔබත් ලියන්න පටන් ගත්තොත් මේ උල්පත අපිට ගඟක් කරගෙන මුලු ලංකාවටම ගී රස බෙදන්න පුලුවන් වෙයි.

    5786374046_795ba2fc03_n.jpg

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    යාළුවන් වෙනුවෙන් මේ ගීතය මටා සොයා දුන්නේ........ විචාරයට උදව් කලේ......... පද සොයා දුන්නේ........ වීඩියෝවක් නිර්මාණය කරලා යූටියුබ් එකට දමූවේ..... සහ මේ රාත්‍රියෙදිත් මට සුන්දර විදියට වද දුන්නෙත් මේ නූල සමග මුලසිටම රැදී සිටින සහෘදයෙක් වන maheshsenadheera සහෝදරයයි... එහෙනම් සහෝ මෙන්න ඔබ ඉල්ලූ ගීතය.....

    මෙය විචාරයක් නොවෙයි ගීතය ඇසූවිට හදවතට දැනෙන දේ සටහන් කිරීමයි...

    %E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%B8.jpg

    අඩුම ගානේ තමන්ව හැර ගිය කෙනාට පුංචි පුංචිම වැරැද්දක් හරි කියන්න ඕනෙම කෙනෙක් හිත යටින් කැමතියි. ඒක මිනිස් ගතිය වෙන්න ඇති. ඒත් අපි ආදරේ කරපු කෙනා අපෙන් ඈත් උනාම ඒ කෙනා දිහා කරුණාවෙන් හිතල එයා එක්ක තිබ්බ බැඳීම ඉවරයි කියලා හිත හදාගන්න පුලුවන් නම් අපේ හිත් වලට ලොකු සැනසීමක් ලැබෙයි. ඇත්තෙන්ම අපි ආදරයක් අහිමිවීමෙන් වැලපෙන්නේ අපිටම තියෙන ආදරය නිසා නෙමෙයිද....?

    ඒ කෙනා අපෙන් ඈත් වෙලා වෙන කෙනෙක් ලඟට ගියාම අපිව අමතක කරාම අපිට හිතෙනව අපිව නොසලකා හැරිය,"මට වඩා වෙන කෙනෙක්ට එයා ආදරේ උනා" කියල. ඒ හැඟීමෙන් අපි විඳවනවා..

    ඔබ මට මුලින්ම කියන්න ආදරය කරපු සිතකින් වෛරකරන්න පුළුවනිද...? එහෙම කරන අය ඉන්නවද...? එහෙම කරන්න බෑ තමයි... ඒක වැරදි වෙන්නත් ඇති ඒත් දුකට පත්උන කෙනෙකුට හිත දසමයක් හරි හදාගන්න සමහරවිට ඒ වෛරය උදව් කරනව ඇති.. ඒ නිසා අපි ඒ වෛරය තේරුම් ගන්න උත්සාහ කරමු... මේ ගීතය ගායනා කරන ආදරවන්තියත් අන්න ඒ වගේ... තමාගෙ කලින් පෙම්වතාගේ වෛරය තේරුම් අරගෙන ඔහුට ඇයගේ ආදරේ ගැන, ඇය දැන් පත්වෙලා ඉන්න තත්ත්වය ගැන කරුණාවෙන් තේරුම් කරල දෙනව......

    තම ජීවිතයම දෙවෙනි කරල ඇය ඔහුට පෙම් කරල තියෙනවා. නමුත් අපි හැමෝම අපි බලාපොරොත්තුවන කෙනා ලැබෙනව හරි අඩුයි. ඒක හරියට කණ කැස්බෑව විය සිදුරෙන් අහස දකින්න වගේ. බාධක කම්කටොළු වල සීමාවක් නෑ... මේ බාධක ජයගන්න පුළුවන් උනොත් දෙදෙනාට එක් වෙන්න පුළුවන්... නමුත් එහෙම බාධක හැමෝටම දිනාගන්න බෑ... මේ දෙදෙනත් ඒ සදාතනික සත්‍යයට මුහුනදීල... පෙම්වන්තිය වෙන්වෙලා..

    ප්‍රේමවන්තියට ඇය ආදරේ කල කෙනාව අතඇරල වෙනත් කෙනෙක්ව විවාහ කරගන්න වෙනවා..
    කැමැත්තකින් නොවුනත් කාන්තාව කියන්නෙ හරියට පුන්චි පුළුං රොදක් වගේ. සුළග හමන පැත්තට පාවෙලා යනව මිසක් එයාට කැමති පැත්තකට යන්න බෑ. ඉතින් ඇයත් ඇයගේ කැමැත්ත දෙමාපියන් වෙනුවෙන් කැපකරල වෙනත් කෙනෙක් එක්ක විවාහ වෙනවා. විවාහ උනාම දැන් ඉන්න පිරිමිය කවුරු උනත් ඒ ඇයගේ සැමියා.. අර ප්‍රේමවන්තයා අඩා වැටුනත් දැන් ඇය වෙන කෙනෙකුගේ බිරිදක්... ඒ නිසා ඇයට කරන්න දෙයක් නෑ...

    මෙන්න මේ හේතුව නිසා අර කලින් ප්‍රේමවන්තයා ඇයට චෝදනා කරනව ඇය ඔහුට කරපු දේ ගැන.
    ඇය ඔහුගේ ජීවිතය විනාස කරපු එක ගැන. මෙන්න මේ වෙලාවෙදි තමා ආදරවන්තිය කතා කරන්න පටන් ගන්නෙ... ඇය අසරණවෙලා අපිට කතාවක් කියනවා.... ප්‍රේමවන්තයා ඒ චෝදනාව කරද්දි ඇය ඇයගේ සිත අපිට කියනවා මෙන්න මෙහෙම......

    ඉතින් ඇය කියනවා, බලන්න එදා මගේ ලෝකයම උන ඔහු අද මට වෛරයෙන්, වෛරය ඔහු ආගම බවට පත්කරගෙන... ආදරය කරපු හිතකින්ම වෛර කරන්න පුලුවන්ද කියලා හිතුවට.. ඇත්තෙන්ම ගොඩක් අයගේ ප්‍රේමය බිඳ වැටුනම ඉතිරිවෙන්නේ වෛරයක් විතරයි..

    ප්‍රේමයයි වෛරයයි අතරේ වෙනස කෙස් ගසකට සමයි....
    බිදුනූ දා පූජාව ප්‍රේමයෙ ඔහුගෙ ආගම වෛරයයි...

    ඇත්තටම මගේ ජීවිතේ එළිය කලේ ඔයා. ඒකෙ දෙකක් නෑ. එදා ඔයාමට මුණ ගැහිල මට ආදරේ කරල මාව එලිය කලා. ඔහේ ගලාගෙන ගිය මගේ ජීවිත නැමති ගංගාව කෙත්වතු මැදින් ගිහින් අර්ථවත් විදියට සයුරට වැටෙන්න පාර කැපුවෙ ඔයා. මේ ලෝකෙටම මාව වටිනා මැනිකක්නම් ඒ මැණික ඔප දැම්මෙ ඔයා. නමුත් ඒ මොනව උනත් දැන් ඒ ගංගාවෙන් පිපාසය නිවාගන්න කෙනෙක් ඉන්නවා... ඒ මැණික පලදින්න කෙනෙක් ඉන්නවා... මම ඔහේ නිකන් තිබුණු පහන් කණුවක්
    නමුත් ඒක එළිය කලේ ඔයා තමයි. අනේ ඉතින් ඔයා මට වෛර කලාට මම ඒක නෑ කියන්නෙ නෑනේ... ඒත් දැන් ඒ එළිය කරපු පහන් කණුව ඔයාට අයිති නෑ... ඒ පහන් කණුවෙ ආලෝකයෙන් පාර හොයාගෙන යන නැවියෙක් ඉන්නව. මගේ ආලෝකය මත තමා ඒ ගමන තීරණය වෙන්නෙ
    ඒක නීතියෙන් පවා ඔහුට තිබෙන අයිතියක්. තේරුම් ගන්න මට වෛර නොකර...

    පහන් ටැබ දල්වනු ලැබූයේ පහන් ටැබ හිමි කාරයා...
    එහෙත් එ එලියෙන් දිනන්නෙ සමුදුරෙ නැව් කාරයා...

    ඔයා හිතනවනම් මම තවමත් ඕනි කියල... මම කොහොමද ඒක කරන්නෙ.. ඔයා කියන විදියට මම හිත හදාගන්නෙ නැතිව මම වෙන මොනව කරන්නද... මට බෑ මේ ආලෝකය දෙදෙනෙකුට දෙන්න.. මම එහෙම මෝඩනෑ.. මම එහෙම දෙදෙනෙකුට දෙන්න තැනුවොතින් එතැන ඉදලා මියැදෙන තුරාවටම අපිට ඉතිරිවෙන්නෙ කදුලක් විතරයි... ඔබෙත් මගේත් විතරක් නෙමෙයි තවත් මේ කිසි දෙයක් නොදන්න අහිංසකයෙකුගෙ ජීවිතයත් එයින් විනාස වෙනවා... මට වෛර නොකර ඔයා ලග ඉස්සර තිබුණ ඒ ආදරණීය හදවතින්ම මම කියන දේ ටිකක් කල්පනා කරල බලන්න....

    අසනු කෙලෙසෙ පහන් ටැබකින් එලිය කෙනෙකුට භාර දෙයැයි....
    එතැන් හිද කදුලක්ව එන්නෙ උරුමයයි ඒ වෛරයයි...

    ප්‍රේමයයි වෛරයයි අතරේ වෙනස කෙස් ගසකට සමයි....
    බිදුනූ දා පූජාව ප්‍රේමයෙ ඔහුගෙ ආගම වෛරයයි

    පහන් ටැබ දල්වනු ලැබූයේ පහන් ටැබ හිමි කාරයා...
    එහෙත් එ එලියෙන් දිනන්නෙ සමුදුරෙ නැව් කාරයා.........

    අසනු කෙලෙසෙ පහන් ටැබකින් එලිය කෙනෙකුට භාර දෙයැයි....
    එතැන් හිද කදුලක්ව එන්නෙ උරුමයයි ඒ වෛරයයි

    ගායනය - යමුනා විනෝදිනී

    ගොඩාක් දීර්ඝ උනා ඒත් මේ දේත් කිව යුතුමයි... එදා අපේ කලාකරුවන් සුන්දර විදියට මේ ප්‍රශ්ණ කතාකරද්දි... මේ බලන්න අදකාලයේ අමු අමුවේම මේ කතාව කියනා හැටි යාළුවනේ... හරියට අමුම අමු අඹගෙඩියක් කනවා වගේ..
     
    Last edited:

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට

    ඔන්න මම බලාගනම හිටපු විචාරේ ආව අපෙ සස්ලියාගෙ විචාර ගැන මම මුකුත් කියන්න යන්නෙ නැ මොකද කියන්න දෙයක් නැ එකයි:P මෙ ගිතය ගැන යමක් කිව්වොත් යමුනා විනොදනි කියන්නෙ ගීත මහ ගොඩක් ගායනා කරපු ගායිකාවක් නෙවෙයි ඒත් එතුමියගේ මෙ ගිතය සහ අසුරු සැනින් එක මොහොතකදී කියන ගිත දෙකම මගෙ හදවතට තදින්ම කා වැදුනු ගීත දෙකක් ඒකයි අපෙ සස්ලිත්ට කරදර කරලා මෙ විචාරයක් ලියාගත්තෙ ඔයාලත් රසවිදලා බලන්න
    සුවිශෙශි ස්තුතිය සස්ලිට් සහොදරයට
    :P:P