මේක තමා මම මුලින්ම පොස්ට් කරන ගීතය. වැරදි ඇතොත් සමාවෙලා මාව නිවැරදි කරන්න.
මේ ගීතය ලියූ පදරචකයා බෞද්ධ සාහිත්‍යයෙන් පෝශණය ලබා, බොදු බණ පිළිබඳව කිසියම් දැනුමක් ඇත්තෙක්. බොදු බණ අනුව අපේ හිතේ හටගන්නා හැඟීම් අවස්ථා තුනක් පසුකරනවා. ඒවා නම්:
මේ ගීතයේ chorus එකෙන් උත්පාද අවස්ථාවත්, පළවෙනි verse එකෙන් තිථි අවස්ථාවත්, දෙවෙනි verse එකෙන් භංග අවස්ථාවත් කියන අවස්ථා තුනම පිළිබිඹු කරනවා.
- 'උත්පාද - පංචේන්ද්‍රියෙන් ලබාගත් සංඤාවන් විඤ්ඤාණය හා ගැටීම සමඟ සිතක් හටගැනීම'
- 'තිථි - සිතිවිල්ල පැවතීම, රමණය හෙවත් රසවිඳින අවස්ථාව'
- 'භංග - සිතිවිල්ල අවසානය, ක්ෂය වී යෑම'
කුමරියක පා සළඹ සැලුනා
වසා සිටි නෙතු පියන් ඇරුනා
කුමර බඹසර අසපුවේ මා
සමවැදී උන් දැහැන් බිඳුනා
මේ සිංදුවෙන් කියවෙන්නෙ නව යොවුන් වියේ ඉන්න තරුණයෙකුගෙ හිතේ ඇතිවෙන නැවුම් ආදර හැඟීමක් ගැන. කුමර බඹසර අසපුව කියන එකෙන් ඒ ගැන අපට ඉඟියක් දෙනවා. මේ තරුණයාට ගීතයෙ කියවෙන තරුණිය ගැන ආල හැඟීමක් ඇතිවුනාම ඔහුම කල්පනා කරනවා, මට මෙච්චරකල් මෙහෙම හැඟීමක් ඇතිවුනේ නැත්තෙ ඇයි කියල. 'මේ කෙල්ල මෙච්චරකල් කොහෙද හිටියෙ? ඇයි මට ඇයව මීට කලින් මෙහෙම පෙනුනෙ, දැනුනෙ නැත්තෙ?'. ඒක හරියට වහගෙන හිටපු ඇස් දෙකක් එකපාරටම ඇරලා බැලුවා වගෙයි. ඔහු සමවැදී උන් ළමාවියේ දැහන බිඳී ගිහින්, හිතේ අර තරුණිය ගැණ ආදර හැඟීමක් ඉපදිලා. ඔන්න ආදර හැඟීම් සහිත වූ සිතේ උත්පාද අවස්ථාව.
..............................................
නියමයි සහෝ. දිගටම දාමු මේ වගේ හරවත් දේවල්.



(ඔයාටත් රෙප් +5ක් දුන්නා. මේ ත්‍රෙඩ් එක ඇදන් යන අය රෙප් බලාගෙන නෙමෙයි මේක කරන් යන්නෙ කියල දන්නවා. ඒත හිතේ සන්තෝසෙන් දීපු එක ගන්න
)

දන්න විදියට ලිව්වෙ 

මෙ ගිතය ගැන යමක් කිව්වොත් යමුනා විනොදනි කියන්නෙ ගීත මහ ගොඩක් ගායනා කරපු ගායිකාවක් නෙවෙයි ඒත් එතුමියගේ මෙ ගිතය සහ අසුරු සැනින් එක මොහොතකදී කියන ගිත දෙකම මගෙ හදවතට තදින්ම කා වැදුනු ගීත දෙකක් ඒකයි අපෙ සස්ලිත්ට කරදර කරලා මෙ විචාරයක් ලියාගත්තෙ ඔයාලත් රසවිදලා බලන්න