එළකිරි භූත කොටුව.........

ColdBreath

Member
Jul 7, 2010
1,469
191
0
මේ ත්‍රෙඩ් එක කියවනකොට උඹලට තේරුනාද ත්ණ්හාවෙන් බැඳුනහම වෙන විපත්ති. තමන් ජීවත් වෙනකොට ආසාවෙන් කරපු දේවල්, ආසාවෙන එකතු කරපු, ආරක්ශා කරපු දේවල්, මරණයෙන් පස්සෙත් ආරක්ශා කර කර, බල බල ඒ ඇසුරෙම ඉන්න සිද්ධවෙලා තියෙන සිද්ධි ගණනාවක් මෙතන තියෙනව. බලාපල්ලා. මොනම දේකට වත් ආශාවෙන් බැඳෙන එකෙන් අපාගත වෙන බව කියවෙනව නේද බොලව් අපේ මහෝත්තමයන් වහන්සේ අපිට දීපු ධර්මය අණුව. එහෙනම් මේ නූලෙ තියෙන මේ කාරණා තොපිලට උදව්වක් කරගනිව් බුද්ධ වචනය තවත් හොඳින් පිළිපදින්න. පස් පවින් වැළකිලා මළකුණු කන එක නවත්තලා සිල්වත්ව ජීවත් වෙයල්ලා මේ මොන කරදරේ වත් නෑ. මෙලොවත් හොඳවෙයි පරළොවත් හොඳවෙයි.
 
  • Like
Reactions: h555iru

ColdBreath

Member
Jul 7, 2010
1,469
191
0
රෝබෝට්‌ අයියේ මම හැමදාම රැට රතන සුත්‍රය ඇතුළු තුන් සුත්රයම කියල නිදාගන්න එකෙක් ... අයියගේ කතාව අහලා මටත් අයියට තියෙන ඔය ප්‍රශ්නෙම හිතුන... කවුරු හරි දන්නා කෙනෙක් කියන්න ඒ පිරිතට යකා චූන් වුනේ ඇයි?,..... එහෙම වෙනවා නම නිතර නිතර.... මම අහන්නේ රැට රතන සුත්‍රය කියල නිදාගන්න එක හොඳ නැද්ද...? දන්නා කෙනෙක්ගෙන් පිළිතුරක් පතමි.

නිත්‍ය සීලයක් රැකපන්. බය නැතුව පිරිත් කියපන්. කිසිම කරදරයක් වෙන්නේ නෑ.
 

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මචන් ColdBreath උබේ දැනුම අපි හැමෝටම ලබා දෙන එකට ගොඩක් පින්. බූත කොටුව තව තවත් හරවත් තැනක් වෙන්න පුළුවන් බූත කතා වගේම බූතයන්ගෙන් ගැලවෙන්න තිසරණයෙන් ගන්න පුළුවන් දේවල් ගැන කට්ටිය දැනුවත් කිරීම තුලින්.




    ඔන්න මමත් හොට දැම්ම. බොලා වල්මත්වෙලා දඟලනකොට මගේ පපුව පත්තුවෙලා යනව බොලවු.

    ඔය යක්කු භූතයො ඉන්නව බුදු අණටත් ඉහලින් යන්න දඟලන. බුදුන් කෙරෙහි නොපැහදුනු යකුන් ඉන්නා බව මින් පසක් කරගන්න පුළුවන්. ඒක නිසා තමයි ආටනාටිය පිරිත දේශණා කරල තියෙන්න. කට්ටියම හොයාගෙන කියෙව්වොත්, පරිහරණය කලොත් හොඳයි. කෙටියෙන් කිව්වොත්;

    ඔය පහළ තළවල ඉන්න යක්කු, භූතයො ඔක්කොම සතර වරම් දෙවිරජවරුන්ට යටත්. උන් වහන්සේල යටතෙ බලවත් සම්‍යක්දෘශ්ඨික යක්ශ සේනාවක් ඉන්නව. ඔවුන් තමා පහළ තළවල ඉන්න එවුන්ව ආණ්ඩුමේච්චල් කරන්නෙ. ඔවුන්ම තමා ශක්‍ර දෙවියන්ටත් ආරක්ශාව සපයන්නේ අසුර සේනාවන්ගෙන්. ඉතින් ආටනාටිය පිරිතේ සතරවරම් දෙවියන් සත් බුදුවරුන් නමැදලා, තමන්ගෙ යක්ශ සේනාවට උපදෙස් අවවාද දෙනව මෙන්න මෙහෙම;

    "උතුම් වූ ත්‍රයිලෝතිලක අමාමෑණී බුදුපියානන් වහන්සේ සරණ ගිය භික්ෂුවක්, භික්ෂුණියක්, උපාසකයෙක්, උපාසිකාවක් කෙරෙහි දුශ්ඨ චේතනායෙන් කිසියම් කරදරයක්, හිරිහැරයක්, අපහසුවකට ලක් කිරීමක් කරන්නේද, ඒ යක්ෂ, ප්‍රේත, කුම්භාණ්ඩයනට, නාගයනට සතරවරම් දෙවියන්ගේ රාජධානියෙහි වාසස්ථාන නොලැබෙන්නේය, යක්ශ සමාගමයන්වෙත යන්නට අවසර නැත්තේය, එම රාජධානීන්ගෙන් ආවහ විවාහ කරගන්නට නොලැබෙන්නේය, ඔවුන් රාජධානියෙහි අනෙකුත් අමනුශ්‍යයන්ගෙන් පරිභව ලබත්, රාජධානියෙහි අනෙකුත් අමනුශ්‍යයන් ඔවුන්ගේ හිසට හිස්වූ ලෝහ පාත්‍රයන් යටිකුරු කොට හෙළත්, එයිනුදු නොනැවතී උහු හිස, සත් කඩකට පළන්නේය."

    ඊළඟට සතරවරම් දෙවිරජවරුන් කියනවා; "ඔවුන්ටත් සතුරු වූ, ඔවුන්ගේ අණටත් අකීකරු අමනුශ්‍යනන් සිටින බව. එබඳු අමනුශ්‍යයන්ගෙන් හිරිහැරයක් උතුම් වූ ත්‍රයිලෝතිලක අමාමෑණී බුදුපියානන් වහන්සේ සරණ ගිය භික්ෂුවක්, භික්ෂුණියක්, උපාසකයෙක්, උපාසිකාවක ට සිදුවන්නේ නම් ඒ බව හඬනඟා යකුනට, මහ යකුනට, යක්ශ සෙනාපතියන්හට, මහ යක්ශ සෙනාපතියන්හට දැනුම් දිය යුතු බව." එසෙ දැනුම් දිය යුතු යකුන්, මහ යකුන්, යක්ශ සෙනාපතියන්, මහ යක්ශ සෙනාපතියන් ගේ නම් මේ සූත්‍ර දේශනාවෙ දක්වා තිබෙනවා. කියවලම හොයාහනිල්ලා.

    ඔන්න ඔය වරම් දීම තමයි ඕනම අමනුශ්‍යයෙක් උතුම් වූ ත්‍රයිලෝතිලක අමාමෑණී බුදුපියානන් වහන්සේ සරණ ගිය භික්ෂුවක්, භික්ෂුණියක්, උපාසකයෙක්, උපාසිකාවක කෙරෙහි බය උපදවාගන්න එක හෙතුවක් වෙන්නේ. අනිත් හේතුව තමයි උතුම් වූ ත්‍රයිලෝතිලක අමාමෑණී බුදුපියානන් වහන්සේ සරණ ගිය භික්ෂුවක්, භික්ෂුණියක්, උපාසකයෙක්, උපාසිකාවක රකින්නා වූ නොකැඩෙන ශීල ගුණය.

    කරුණු පැහැදිලි විනැයි සිතමි. ඔබ සැමට තෙරුවන් සරණයි.
     

    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    මේ දේවල් කියවලා ගුප්ත ශාස්ත්‍රය පැත්තට යන එක නෙවෙයි, නොපෙනෙන ලෝක වල භයානක කම ගැන හිතපල්ලා. මෙවයෙ ඉපදිලා ඉන්න උන් විඳවන හැටි පේනවනෙ මේ කතා වලින්ම. මේ ඔක්කොගෙන්ම ගැලවීම තියෙන්නේ නිවනේ විතරයි. නිවන් පතාම වෙර වඩපල්ලා.

    සැමට තෙරුවන් සරණයි.
     

    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    මචන් ColdBreathඋබේ දැනුම අපි හැමෝටම ලබා දෙන එකට ගොඩක් පින්. බූත කොටුව තව තවත් හරවත් තැනක් වෙන්න පුළුවන් බූත කතා වගේම බූතයන්ගෙන් ගැලවෙන්න තිසරණයෙන් ගන්න පුළුවන් දේවල් ගැන කට්ටිය දැනුවත් කිරීම තුලින්.

    ස්තුතියි සහෝ. මේ වගේ වැදගත් නූලකට වැදගත්වන යමක් එක් කිරීමට ලැබීම මගේ භාග්‍යයක් කොට සළකමි.
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පොල්වත්ත මහත්තයෝ, ජල නන්දන දැහැන කියන්නේ මොකද්ද? පුළුවන්න නම් මට PM කරනවද කොපියක්.

    මම දැකල තියෙනවා සමහර පිරිත් පොත් වල තියෙන්නෙ ජල නන්දන පිරිතේ ගාථා කීපයක් අඩුවෙන්. ජල නන්දන පිරිතේ ගාථා 9ක් තියෙනවා. ජල නන්දන පිරිත කියන්නෙ ඕනෑම නපුරු බන්ධනයක් ඉවත් කළහැකි පිරිතක්.

    මේකයි සහෝදරයා කතාව. මම පැරණි පුජා නගරයක රැකියාවක් කරා අවුරුදු 5 ක් විතර. එහෙ හිටපු කාලේ මගේ නිල නිවාසේ එහාපැත්තෙ ඉඩමේ උන්නා අදුරුකම් දන්නා වයසක ඇදුරෙක්. අපේ හිතවත්කම ගොඩක් ළඟ එකක්. ඒ මනුස්සයාගේ මන්තර පොත් වගයක් මට දීල තිබුන. ඒ අදුර ගොඩක් වැඩ කරා ජලනන්දන පිරිතෙන්. ජලනන්දන පිරිතේ ගාථා අතරට එක දැහැන බැගින් තිබුන. ඒ දැහැන් වලින් කියවුනේ ජලනන්දන පිරිතේ ආරම්භය හෝ ආනන්ද ස්වාමින් වහන්සේ රොඩී බන්දනයකට අහුවෙලා ඒක කප්පවන්න ඔඩ්ඩිස (ඔඩ්ඩිස කියන්නේ සුනියම් දේවතාවුන් වහන්සේ කියල තමයි ඒ ඇදුරා මට කියල තිබුනේ ) ගෙන්නුවා කියල තමයි මට මතක විදිහට. මට කොපි කරගන්න කියල දුන්නේ පොත් ටික. මම කොපි ගැහුවද නැද්ද කියල මතක නැහැ. පස්සේ ඒ අදුරු තුමා මියගියා. එයින් පස්සේ මාගාව තිබුන මන්තර පොත් මම ඒ ඇදුරාගේ සහෝදරයින්ට බාරදුන්න. මම දැන් ඉන්නේ පිටරටක. මම පොඩ්ඩක් ලංකාවෙන් හොයල බලන්නම්. ඕක තිබුනොත් තියෙන්නේ මම හිටපු නිල නිවසේ . තිබුනොත් අනිවාර්යෙන්ම දෙන්නම්.
     

    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    මේකයි සහෝදරයා කතාව. මම පැරණි පුජා නගරයක රැකියාවක් කරා අවුරුදු 5 ක් විතර. එහෙ හිටපු කාලේ මගේ නිල නිවාසේ එහාපැත්තෙ ඉඩමේ උන්නා අදුරුකම් දන්නා වයසක ඇදුරෙක්. අපේ හිතවත්කම ගොඩක් ළඟ එකක්. ඒ මනුස්සයාගේ මන්තර පොත් වගයක් මට දීල තිබුන. ඒ අදුර ගොඩක් වැඩ කරා ජලනන්දන පිරිතෙන්. ජලනන්දන පිරිතේ ගාථා අතරට එක දැහැන බැගින් තිබුන. ඒ දැහැන් වලින් කියවුනේ ජලනන්දන පිරිතේ ආරම්භය හෝ ආනන්ද ස්වාමින් වහන්සේ රොඩී බන්දනයකට අහුවෙලා ඒක කප්පවන්න ඔඩ්ඩිස (ඔඩ්ඩිස කියන්නේ සුනියම් දේවතාවුන් වහන්සේ කියල තමයි ඒ ඇදුරා මට කියල තිබුනේ ) ගෙන්නුවා කියල තමයි මට මතක විදිහට. මට කොපි කරගන්න කියල දුන්නේ පොත් ටික. මම කොපි ගැහුවද නැද්ද කියල මතක නැහැ. පස්සේ ඒ අදුරු තුමා මියගියා. එයින් පස්සේ මාගාව තිබුන මන්තර පොත් මම ඒ ඇදුරාගේ සහෝදරයින්ට බාරදුන්න. මම දැන් ඉන්නේ පිටරටක. මම පොඩ්ඩක් ලංකාවෙන් හොයල බලන්නම්. ඕක තිබුනොත් තියෙන්නේ මම හිටපු නිල නිවසේ . තිබුනොත් අනිවාර්යෙන්ම දෙන්නම්.

    පැහදිළි කිරීමට බොහොම ස්තුතියි.
     

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    රොබට් අයියාට පුළුවන් වෙලාවක මට උදවු කරන්න.මට කිසිම දෙයක් හංගන්න ඕන නැහැ අයියේ ඒකයි මං මේ හැමදෙයක්ම ප්‍රසිද්දියේ ලියුවේ.මිට වඩා දේවල් වුනා එත් ඒවා එක දවසින් ලියලා ඉවරකරන්න බැහැ.මට ඕන මගේ අම්මව ඉක්මනින් සනීප කරගන්න ඊට එහා මං වෙන දේවල් කල්පනා කලේ නැහැ.රොබට් අයියගෙන් වගේම මට තව අයගෙන් උදවු ඕන.ඒ හැමෝටම මගේ දුක කියන්න පුළුවන් එකම විදිය තමයි මේක එකයි මං ගැටලුව ප්‍රසිද්දියේ කියුවේ.ඒ වගේම එක යහළුවෙක් කියලා තිබුනා දෙවියන්ට පින් දීල දෙවියන්ගෙන් පිහිට ඉල්ලන්න කියලා එත් අපේ ගෙදර බුදු පහනවත් තියන්න එපා කියල සුනිල් මහත්තයා කියුවා ඒ මොකද කියුවොත් මේ හැම දෙයක් ගැනම කලකිරිලා මගේ තාත්ත ඔය ඔක්කොම පිළිම අයින් කළා,ඉතින් දැන් ගෙදර පාලනය කරන්නේ අමනුෂ්‍යයින්ලු අපි දැන් ආයෙත් පහන තියන්න ගත්තොත් එක බාරගන්නේ අමනුෂ්‍යයින්ලු..ඉතින් එකෙන් තව ප්‍රශ්න වැඩි වේවි කියුවා.ඔයා ප්‍රශ්න ඔක්කොම නිසා මගේ තාත්තත් හුගාක් මානසිකව වැටිලා ඉන්නේ.පුළුවන් ය මට උදවු කරන්න,ඔයාලා දන්නා තැන් තියෙනවානම් කියන්න.රොබට් අයිය මට පිළිතුරක් දෙනකම් බලන් ඉන්නවා.ඒ වගේම හුගාක් ස්තුති ප්‍රියංකර අයියට..


    oyaaala wena ratakata wage giyoth samahara wita ooka hariyanna ida thiyenawa.mata kisima buutha dhanumak na aath dan oyalata buuutha karadhara aewillama oyalath maanasikawa wetila inne, aa hinda buuthayekge balapeemak nathuwath wena dewal oyalata hithenne buutha bala peema kiyala. oyaalata 1 year wage wena ratakata gihin inna puluwannam lokudeyak
     

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    මම මේ ත්‍රෙඩ් එකට අලුත් කෙනෙක්. :nerd: හුඟක් තියෙන හොල්මන් කතා කියෙව්වා. හුඟක් හොඳ කතා දාල තියෙන නිසා මේ ත්‍රෙඩ්1 නග්ගන්න පුළුවන් support1 ක් දෙන්න හිතලයි මේ කතාව දාන්න හිතුවේ. මේක එහෙම බය හිතෙන එකක් නෙවේ,:no: ඒ නිසා දහා අතේ කල්පනා කරලා :baffled: පස්සේ හිතුව එක්කෝ දාන්නම් විශ්වාස කරන අය කැමති වෙන අයවත් කියවයිනේ කියල. මේක මන් අහපු කතාවක්. අපේ අඳුරන කෙනෙක්ට වෙච්ච දෙයක්.

    ඔන්න ඉන්නවා අපේ අම්මිගේ හොඳ යාලුවෙක් පුෂ්පා කියල. (ඉස්සරහ නම දැම්ම කියල හෙන අව්ලක් නෑනේ
    :rofl:) . ඉතින් මේ ඇන්ටි ඒ දවස් වල හිටියේ කිරිබත්ගොඩ scheme 1 ගොඩක් ඇතුලට වෙන්න. හොඳ ටිකක් පරණ ගෙයක් තිබ්බේ. මේ ගෙදර තියෙනවා ලොකු ජම්බූ ගහක්. දවසක් මෙයාල නැති අතර මෙයාලගේ නංගි මෙයාලව බලන්න ඇවිත් මහත්තයත් එක්ක, ඔය ජම්බු ගහ වටේ පොඩි බැම්මක් වගේ තියෙනවා එතන ඉඳගෙන ඉඳල. ඇන්ටිලා ගෙදර ආවම කට්ටිය ඉතින් උයල එහෙම කෑම කන්න පටන් ගත්ත. :cool: මෙයාල මේ කෑම අතර ඌරු මසුත් උයල තියෙනවා. :shocked: කොහොම හරි කෑම කාල සතුටින් ඉද්දි නංගි toilet1ට යන්න ගිහින් තියෙනවා. ඒ toilet 1 තියෙන්නේ ගෙදරට සම්බන්ද කරලා නමුත් එළියෙන්. toilet 1 ඉඳන් එන කෙනාව කුස්සියේ සින්ක් 1 ළඟ ඉන්න කෙනාට පේනවා ජනේලෙන්. ඔය පුෂ්පා ඇන්ටි කුස්සියේ සින්ක් 1 ළඟ වලන් හෝද හෝද ඉඳල තියෙන්නේ. නංගි එලියට එද්දී ඇන්ටි දැකල හොඳට හිටපු නංගි මෙන්න කකුලක් ඇද ඇද මහා බය හිතෙන අමුතු විදියට ඇවිදන් එළියට එනවා. :shocked: ඇන්ටි කෑගහගෙන දුවල වෙට්ච දේ බලන්න. නංගිට ඇවිද ගන්නත් බැරිතරමට දැන් කකුල් අදිනවලු ඇවිදිද්දී. පස්සේ ඇන්ටියි නංගිගේ මහත්තයයි එකතුවෙලා නංගිව ගෙදරට එක්කන් ඇවිත් වාඩි කෙරෙව්වලු. නංගිගේ දාඩිය පෙරෙනවලු. පස්සේ කට්ටියම මොනාද වුනේ කියල ප්‍රශ්න කරද්දී එක පාරටම නංගි මහා බර වයසක ගෑනු කටහඬකින් කතා කරලා. කට්ටියගේ ඉහ මොළ රත් වුනාලු. :eek::confused: ඒ කටහඬ හරියටම ඇන්ටි ගේ මැරිච්ච අම්මගේ කටහඬ වගේලු. දැන් මෙයා අර බර වයස කටහඬින් කෑ ගහන්න ගත්තලු.
    " මම උඹේ අම්මා. මතක නැද්ද උඹට. මේ හැමදේම මගේ. මතක නැද්ද උඹලට. මං උඹලට ඉන්න දෙන්නේ නෑ. මං උඹලට ඉන්න දෙන්නේ නෑ " කියල.
    දැන් කට්ටියට කරගන්න දෙයක් නෑලු. පස්සේ ඇන්ටි ට තේරිලා මේ වෙලා තියෙන දේ (මීට කලිනුත් ඇන්ටි ඕව පොඩ්ඩක් අත්විඳපු කෙනෙක්ලු). :oo:(ඒ අම්මා අංශබාගෙ හැදිලා ඉද්දියි මැරිලා තියෙන්නේ. එකයි නංගි කකුල් ඇද ඇද ඇවිද්දේ අම්මා වැහුනම. ) පස්සේ ඇන්ටි කියල මේ මොන විකාරයක්ද, මේ ඉන්නේ මගේ නංගි කියල. එතකොටම අම්මා කියල (අම්මා කියුවේ නංගිගේ ඇඟට දැන් වැහිලා ඉන්න අම්මා),
    " උඹ දන්න කෙහෙල් මල! උඹල ඔක්කොම මගේ දේවල් අරන් දැන් කියවන ලස්සන" කියල. පස්සේ මහා හයියෙන් කෑ ගහන්න අරන් " මං උඹලව නැති කරනවා. මං උඹලව තියන්නේ නෑ, මේවා මගේ " කියල.
    පස්සේ එක පාරටම සද්දේ නැති වුනාලු. නංගි ලොකු හුස්මන් අරන් පහතට දැම්ම විතරයි ආයි නංගි කියවිල්ල පටන් ගත්තලු. එත් මේ පාර මහා අමුතු පිරිමි කටහන්ඩක්ලු. :shocked:
    " පුෂ්පා මගේ දුවේ, බයවෙන්න එපා පුතේ, මං උඹේ අප්පා." කියල. ඇන්ටිට බයටම කලන්තේ වගේ ආවලු. ඒ අතර නංගිගේ මහත්තයත් පිටසක්වලින් ඇවිත් වගේ :rofl: ඔහේ බයවෙලා බලන් ඉන්නවලු මුකුත් තේරුම්ගන්න බැරුව. පස්සේ නංගිට වැහිලා ඉන්න තාත්ත කියවන්න ගත්තලු. " මේ ගෑනිට කරන්න පුළුවන් කජ්ජක් නෑ. මේකිගේ කට විතරයි. උඹල බය වෙන්න එපා. මං මුකුත් වෙන්න දෙන්නේ නෑ. මේ ගෑනිව මං බලාගන්නම්කෝ" කියල.
    පස්සේ මෙට්චර වෙලා බලන් හිටිය නංගිගේ මහත්තයාගේ සීමාවත් පැන්නලු. :angry:එයා කෑ ගැහුවලු " මේ ඔය මොකා වුනත් කමක් නෑ, මේ මගේ ගෑනි, හොඳ හිතින් මගේ ගෑනිට ඉන්න දීල ආපු පාරක් හොයන් යන එකයි හොඳ හිතින් " කියල.
    එතකොටම අම්මා ආයෙත් නංගිට වැහිලා කෑ ගහන්න ගත්තලු. " උඹ ඉන්නේ මගේ ගෙදර. උඹ මොන හයියක් අරන්ද මගේ ගෙදර කෑ ගහන්නේ. මං උඹල ඔක්කොවම බලන් ඉන්නේ. හිටපල්ලකො මං කරන්න " කියල.
    එත් එක්කම ආයි :shocked: තාත්ත ගේ කටහඬ ආවලු. " උඹල මේ ගෑනිට බයවෙන්න එපා. මං ඉන්නවනේ. මේ ගෑනිට කරන්න පුළුවන් කජ්ජක් නෑ " කියල, පස්සේ එක පාරටම තාත්ත කෑ ගැහුවලු " දුප් පල " කියල. පස්සේ තාත්ත මෙයාලට කියුවලු " මං ඒකිව එලෝලා දැම්ම මෙතනින්." කියල. දැන් තාත්ත දිගටම කතා කරන්න ගත්තලු පන පිටින් ඇවිත් වගේ. :no: " දැන් ඉතින් පුෂ්පාට කොහොමද. වැඩ කරන යනවා නේද. දුව ඉස්කොලේ නේද." කියල ආපහු නංගිගේ මහත්තය පැත්තට හැරිලා කියුවලු, " අලුත් වැඩකට අත ගැහුවා නේද, ඔක්කොම හරියයි, බයවෙන්න එපා " කියල.
    පස්සේ පුෂ්පා ඇන්ටි වැඳලා වගේ කියුවලු, :sorry: අනේ තාත්තේ මගේ නංගිට ඉන්න දෙන්න, මගේ නංගිගේ ඇන්ගෙන් යන්න, එයා පව් කියල. එතකොට තාත්ත කියුවලු, " හා හා කලබල වෙන්න එපා. මං යනවා දැන්. මං මෙහෙ ඉන්නවනේ, අර ගෑනිව දැන් අල්ලගන්නත් ඕනේ. ඕනට වැඩියි ඕකි දැන් " කියල.
    පස්සේ නංගි ලොකු හුස්මක් අරන් ඇහැරුනා වගේ වුනාලු. ඊට පස්සේ බඩගිනියි මට, ඉවසන්න බෑ කිය කිය අඬන්න ගත්තලු.:growl: ඇන්ටිලත් මුකුත් වැඩිය අඟවල නැතුව, ඌරුමස් නොදී :no: අනිත් ජාති කන්න දීල නංගිව මහත්තය එක්ක ගෙදර ඇරියලු.
    පස්සේ ඇන්ටි ඕව බලන කෙනෙක් ගාවට ගියාම කියල ඒ අම්මා මැරෙද්දි ඒ ගෙදරට ආසාවෙන්ලු මැරිලා තියෙන්නේ.:shocked: එතන toilet 1 ළඟ තියෙන පොඩි කාම්බරේකයි අර ජම්බු ගහෙයි ලු දෙන්නා ඉන්නේ. කරුමෙට නංගිගේ ඇඟට එන්න පුළුවන් වෙලාලු. ඒ තාත්ත තමයිලු ඒ අම්මව පාලනය කරන් මෙයාලව ආරක්ෂා කරන්නේ. :yes: පස්සේ කියල ඒ ගෙදර එක පස් මිටක් වත් ඉතුරු නොවෙන්න පස් හිටන් හාරලා අස් කරන්න කියල. ඒ අම්මගේ වෙන මුකුත්ම නොතියෙන්න ඇන්ටිලා මුලු ගේම කඩලා පස් හිටන් අස් කරලා ඉඩම විකුනුල යක්කල වෙන තැනක පදිංචියට ගියා.:)

    එත් අර නංගිගේ ප්‍රශ්නේ විසඳිලා නෑලු. ගෙදර ගිය වෙලේ ඉඳන් එක එක විදියට කතා කරනවලු. පස්සේ බලද්දී ගමේ මැරිච්ච හැමෝම මෙයාගේ ඇඟට එන්න අරන්. විනාඩි පහෙන් පහට ආත්ම මාරු වෙවී කියවනවලු.
    :shocked: ආත්ම ඔක්කොම ගියාම මෙයා බාගෙට මැරිලා වගේ බඩගින්නේ කෑගහනවලු. කොච්චර කෑවත් ආපහු ආත්මයක් ඇවිත් ගියාම ආයි පුදුම විදියට කන්න ඕනෙලු. :growl:හරිම දුකක් වින්දලු ඒ නංගි සතියක් විතර තිස්සේ. පස්සේ සෑහෙන අමාරුවෙන්ලු ඒවා ඔක්කොම නතර කරන් තිබ්බේ. හොඳ වෙලාවට එයාලට ළමයි කව්රුත් ඒ වෙද්දී ඉඳල නැහැ.:dull: එත් දෙවියන්ගේ පිහිටෙන් අද ළමයි හදන් :love::love::love: හොඳ සතුටෙන් :lol::lol:කරදරයක් නැතුව ඉන්නවලු. :yes:;):)




    :rofl::rofl::rofl::rofl::rofl: ado pissu hedena kathawak ne.anik ewa kiyawaddinam baya hithenawa ube eka kiwaddi hina yanwa :P ela ela digatama liyapan :D
     

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    කාලෙකින් මුකුත් කිව්වේ නැති හින්ද ලියන්න කියල හිතුව ඉතින්. නැත්තම් රොබෝට් තරහ වෙනවනේ . එත් ඉතින් හොල්මන් යක්කු බූතයෝ,කඩෙන් ගෙනල්ල ලියන්නද දෙයියනේ. මේක හොල්මන් කතාවක් නෙවෙයි. මට සිද්ද උන අත්බූත සිදුවීමක්.

    සිද්දිය මේකයි. මේක සිද්ද උනේ 2001 අවුරුදේ. දවස ඉරිදාවක්. ඉරිදට ඉතින් කට්ටියට කැසිල්ල වගේනේ අතේ තියෙන තුට්ටුදෙක කුඩුකරගත්තේ නැති උනාම. සතියේ දවස් 5 මැරීගෙන වැඩ කරපන්. හවසට සෙට් උනොත් හීනියට දෙකක් දාපන්. සෙනසුරාදා රෑට හොඳට බීපන්. ඉරිදට රවුම් ගහපන්. ඕකනේ ඉතින් සාමාන්‍ය රටාව. ඔන්න ඉතින් ඉරිදා උදේම එකෙක් අමතනවා උණවටුනේ නාන්න යන්න ඕනෙලු. මුන් හරියට කතාකරන්නේ උන් මට පඩි ගෙවන ගානට. යන්න ඕන කිව්වොත් ඉතින් යන්නම ඕන. මොකද උන්ට යන්න වහනයක් නැති හින්ද මගේ වැන් කටුව හරියට උන් අරන් දුන්න හා සමානයි. කරුමෙට එදා වාහනේ හයර් එකක් ගිහින්. එත් ඉතින් මුන්ගෙන් කොහොම බේරෙන්නද. ඔන්න ඉතින් හිතවත් අයිය කෙනෙකුගෙන් වැන් එකක් ඉල්ලගත්ත. හැබැයි එක කොන්දේසියක් උඩ. හවසට එයාගේ වාහනේ ටිකක් එහා තියෙන නගරෙකට අරන් ගිහින් එයාගේ යාලුවෙකුගේ විකුනන්න තියෙන වහනෙක ආලෝ වීල් 4 මේකට දාගෙන මෙකෙතියෙන වීල් 4 එකට දාල එන්න ඕන. ඔන්න ඉතින් දෙල් එක හරි. අපි ඉතින් ගිහින් උණවටුනේ නාල කරලා හවස් වෙද්දී ආව මේ රෝද මාරුකරන වැඩේට. උණවටුනේ ඉඳන් පැය 2 ක් විතර දුර යන්න ඕන. (ලංකාවේ දුර මනින්නේ විනාඩි වලින්නේ මචන්ලා) ඔන්න ඉතින් ඇවිත් වාහන දෙකම අරන් අව ටයර් කඩේකට. ඇවිත් වැඩේ පටන් ගත්ත විතරයි මෙන්න බොලේ ගෙදරින් කෝල් එකක්. ඒ කාලේ ඉතින් motorola one touch ezy කියන ෆෝන් එක තමයි එලම ලූක් එකක් තියෙන ෆෝන් එක. ඔයින් එකෙක් තිබුන මගේ යාලුවෙක් ළඟ. ඌට ජොබක් නැති උනාට ෆෝන් එකනම් ලංකාවට ෆෝන් අපු දවසේ හිටන්ම තිබුන. ඕකට තමයි මට ගෙදරින් කෝල් එක අවේ. ගෙදර පොඩි කරදරයක්. මගේ නෑයෙක් (තාත්තගේ අයිය) අසනීප වෙලා පැත්තක් පනනතිවෙන තත්වෙට ඇවිත්ලු. එකපාරටම මේ හොඳට හිටපු මනුස්සය. ගමේ ඉස්පිරිතාලෙට ඇතුල් කරලා. දැන් එතනින් ලොකු ඉස්පිරිතාලෙකට යවන හදනවලු. එයා මාව අහනවලු එන්න කියන්න කියනවලු. මොකද මගේ මේ ඥාතිය මට හරිම ආදරෙයි. එත් ඉතින් මේ රෝද ගලවපු වාහනේ කොහොමද දෙයියනේ එක පාරටම යන්නේ. ඔන්න අනික් වාහනේ රෝද ටික මාරුකරගෙන උන් යන්න ගියා. මේ වාහන දෙකම එකම ජාතියේ ඒවා හොඳේ. දැන් ඉතින් ඔලුවත් අවුල් වෙලා යන්නත් හදිසි හින්ද අපි කට්ටියත් වැඩේට බැහැල රෝද 4 හයි කර. හයි කරලා වාහනේ යන්න පිටත් වෙන්නයි දැන් සුදානම. මොන යමක්ද දෙයියනේ වාහනේ හොලවන්නවත් බැහැ. වාහනේ ස්ටාට් වෙනවා. එත් ගියර් එක දාල ඉස්සරහට යන්න හදකොට වාහනේ ගල් ගෙඩියක් වගේ ගල් වෙනවා. හොලවන්නම බැහැ. දැන් ගෙදරිනුත් කෝල් වල නොකැඩි එනවා ඉක්මනට ඉන්න තැනකින් වර කියල. එත් කොහොම යන්නද. මේ මගුල හොලවන්න බැහැ මේ හොඳට අපු වාහනේ. දැන් අපිට හිතෙන්නේ රෝද 4 මොකක්හරි ප්‍රස්නයක් ඇති කියල අලුතෙන් හයි කරපු. එත් මචන්ලා එකම ජාතියේ වාහන දෙක. එකම රීම් සයිස් එක. මේක කොහොමද වෙන්නේ හිතපල්ලකො. ඒ වාහනේට හරියනවනම් අයි මේකට හරි නොයන්නේ .? දැන් ඉතින් කරන්න දෙයක් නැති හින්ද දුන්න කෝල් එකක් අනික් වාහනේට අයෙත් එන්න මේ රෝද 4 හිරවෙනවා කියල. ඔන්න ඉතින් පැයක් විතර යනකොට උන් අපහු ආව. එතකොට ටයර් කඩේ වහල දැන් කරුවලත් වැටිලා. මොනවා කරන්නද මචන්ලා. පවතින තත්ත්වේ හැටියට හැකි ඉක්මනින් ගෙදර යන්න ඕන. වාහන දෙකේ ජැක් දෙකෙන් හැකි උපරිම ඉක්මනින් රෝද 8 නැවත මාරු කරා. කොහොම හරි පැය දෙකක් විතර ගමන ප්‍රමාද උනා. මාරුකරලා බැලුව දැන් මුකුත් ප්‍රස්නයක් නැහැ. මෙන්න වාහනේ යනවා බබා වගේ. ඔන්න මචන්ලා හැකි උපරිම වේගෙන් කොල්ලෝ සෙට් එකත් එක්කම කෙලින්ම ගෙදර. ආව නෙවෙයි ඉගිල්ලුනා කීවොත් නිවැරදියි. ඇවිත් ගෙදර වාහනේ නවත්තල ගෙදරට ගොඩවෙනකොටම තාත්ත කෝල් කරලා අම්මට කිව මගේ අසනීප වෙලා ඉස්පිරිතාලේ ගෙනියපු එයාගේ අයිය නැති උනා කියල. (මැරෙනකම්ම මාව අහල තිබුනලු). දැන් ඉතින් මොනවා කරන්නද මම අම්මවත් එන්න පිටත් උනා තාත්තගේ මහ ගෙදරට (මගේ ගෙදර ඉඳන් විනාඩි 10 විතර දුර). ඒ කියන්නේ මගේ ආච්චි ඉන්න ගෙදරට කොල්ලෝ සෙට් එකත් එක්කම තමයි අවේ..(උන්ට හෙන ෆන් ඉතින් දැන් නොමිලේ ෆන් එකක් ගන්නනේ තියෙන්නේ මළගෙදර ඉවරවෙනකම්ම) මේක කියවන අයට මම නැවත කියනවා මේ ලියන්නේ 100% ක් සත්‍ය සිදුවීමක් කියල. මම මගේ ආච්චි ගේ ගෙදරට එනකොට මගේ ආච්චි (4 පෝයටම සිල් ගන්න ඉතාමත්ම හොඳ සෞක්‍ය මට්ටමක හිටපු කෙනෙක් මගේ ආච්චි. වයස ඒ වෙද්දී 80 ක් විතර වෙන්න ඇති. එත් ඇස් කන්නාඩි නැතුව පත්තරේ බලන මට්ටමේ හිටිය.) ඉස්සරහ ඉස්තෝප්පුවේ පඩිය උඩ අඬ අඬ ඉන්නවා. එයාගේ ලොකු පුතා තමයි දැන් මොහොතකට කලින් නැති උනේ. ආච්චි මාව දැක්ක ගමන් නැගිටලා ඇවිත් මගේ ලඟට ආවා ඒ එනකොටම ආච්චිට සිහි නැතුව ගියා. මම පැනල ආච්චිව වැටෙන්න නොදී අල්ලගත්ත. ඒ එක්කම ආච්චිව උස්සල අපි ඇඳෙන් තිබ්බ. ආච්චිලගේ ගෙදර ළඟ ඉන්නවා අපේ ඥාති වෙන නර්ස් කෙනෙක්. එයත් මේ වෙලාවේ මෙහෙට ඇවිත් උන්න . මලගේදරක් උනා හින්ද විනාඩිය දෙක යනකොට අහල පහල උදවිය එනවනේ ඉතින්. මේ කියන නර්ස් අක්ක ආච්චිගේ තත්වේ බලල මට කීව මල්ලි ආච්චිව ඉස්පිරිතාලේ ඇඩ්මිට් කරන්න එයාගෙත් තත්වේ ඒ තරම් හොඳ නැහැ කියල. ඒ වෙද්දී ආච්චිට සිහිය එමින් තිබුනේ. කොරේ පිටට මරේ කීවලු. දැන් ඉතින් මක් කරන්නද අපි ඉක්මනින් ගමේ ඉස්පිරිතාලෙට ආච්චිව ඇතුල් කරා. ඉතින් ඩොක්ටර් බලල මට කතාකරල කීව ටිකක් බලමු කියල. එත් ඩොක්ටර් මොකක් නමුත් වසන් කරන ගතියක් තිබුන. කොහොමහරි පැය බාගයක් විතර යද්දී ආච්චිට සිහිය ආවා. එත් එයාගේ පුතා නැති උනා බව එයාට මතක නැහැ. ටික වෙලාවක් යද්දී නැති උනා ඥාතියාගේ මරණේ මෝචරි දාල මගේ තාත්ත ඇතුළු කට්ටිය ආව මේ ඉස්පිරිතාලෙට ආච්චිව බලන්න. ආච්චි තාත්ත දැක්කම ඇහුව අයියට මොකද පුතේ කියල. ඒ කියන්නේ ඒ වෙද්දී ආච්චිට පරණ මතකේ තිබුනේ නැහැ කියල එකයි. දැන් එකෙක් මැරිලා ඉද්දි අපිට මෙතන තවත් බලන් ඉන්න බැරි තැන මම ගිහින් ඩොක්ටර් ගෙන් ඇහුව දුර තියෙන ශික්ෂණ රෝහලට ආච්චිව අරන් යන්නද කියල. ඊට අස්සේ ඩොක්ටර් මට පැත්තකට කතා කරලා කිව්වා මේ ලෙඩාගේ හදවත වැඩකරන්නේ නැහැ එත් ලෙඩා කතා කරනවා. එයටත් මේක මහා පුදුමයක් . ඔයාලට ඕනෙනම් ලෙඩ මහා ඉස්පිරිතාලෙට අරන් යන්න එත් වැඩක් වෙන්නේ නැහැ කියල. දැන් ඉතින් මොකද කරන්න දෙයියනේ. දැන් මම විතරයි මේ කතාව දන්නේ. මේ අතරේ මගේ තාත්තගේ මල්ලි (මගේ බාප්පා) ටිකක් දුර ඉන්නේ (ආච්චිගේ දරුවන්ගෙන් එයා විතරයි දැන් මෙතන නැත්තේ). එයාගේ නෝනත් දොස්තර කෙනෙක්. එයාල මට කතා කරලා කීව එයාල මග එනවා ඉක්මනින් ආච්චිව අරන් යන්න කියල ශික්ෂණ රෝහලට. කට කියන්නද මචන්ලා දැන් මේක. එකෙක් මැරිලා. තව එකෙක් හොඳට කතාකරනවා. එත් අවසිහියෙන් වගේ. දොස්තර කියනවා එයාගේ පපුව නැවතිලා කියල. කියවන උදවියට න්හිතගන්න පුලුවන්ද දැන් මම ඉන්න තත්ත්වේ. කරන්නදෙයක් නැහැ කැමැත්තෙන් ටිකට් කපන අරන් යනවා කියල මම අත්සන් කරලා ආච්චිව දාගත්ත වාහනේට. අද වගේ මතකයි. වේ 11 පහු ඇති වෙලාව . අයෙත් විදුලි වේගයෙන් 40 km එහා තියෙන ශික්ෂණ රෝහලට. බොක්කේ යාලුවෙක් තමයි සේලයින් එක උස්සගෙන අතින් අල්ලන් උන්නේ. අද උ ලංකාවේ ලොකු ටයිල් කොම්පැනියක ලොක්කෙක්. කොහොමහරි අපි හැකි ඉක්මනින් ආච්චිව ශික්ෂණ රෝහලට ඇතුල් කරා. එකේ ඉන්න දොස්තරලා ඔක්කොම වගේ ඇවිත් මේ අරුම පුදුම ලෙඩා බැලුව. හදවත නැවතිලා. එත් ලෙඩා කතා කරනවා. මේ අතරේ ආච්චිගේ බාල පුතත් ආව මෙතනට. එයා ඇවිත් පැය බාගයක් ගියේ නැහැ ආච්චි බඩ රිදෙනවා කීව. ඒ වෙද්දී බාප්පා දැනගත්ත එයත් යන්න කියල හදන්නේ. බාප්පා රතනසූත්රේ කියන්න ගත්ත. විනාඩි 2 ක් වගේ යද්දී ආච්චි නැති උනා. එක ගෙදර මරණ දෙකයි. එකම දවසේ. මොනවා කරන්නද ඉතින්. ජීවිතේ මෙහෙම තමයි. ආච්චි කොයි වෙලෙත් කීව කතාවක් තමයි එයාගේ දරුවෙකුගේ මරණයක් බලන්න එයා ජීවත් වෙන්නේ නැහැ කියන එක. එක එහෙමම සිඉද උනා. එයාගේ දරුවාගේ මරණේ එයාට බලන්න උනේ නැහැ. අපේ පැතිවල කෙනෙක් මරුනහම මරණ නැකතක් කියල එකක් හදනවා. එකට අනුව තමයි මරණේ වැඩ කටයුතු කරන්නේ නැකත් වලට. ලොකු අප්පච්චිගේ මරුන වෙලාව දුන්න ගමන් නැකත් හදන කෙනා කීව ගෙදර කට්ටියට පරෙස්සම් වෙන්න කියල. ගෙදර තව එක්කෙනෙක් මරෙනවමයි කියල. පෙට්ටියේ ගම බිත්තරයක් තියන්නත් කිව්වා. එත් ඉතින් අපි මොකට පරෙස්සම් වෙන්නද ඒ වෙද්දී දෙවැනි කෙනත් මැරිලා ඉවරයි. මම අදටත් විස්වාස කරනවා වාහනේ රෝද මාරුකරපු වෙලාවේ වාහනේ ගල් උනේ මගේ ආරක්ෂාවට කියල. මොකක් නමුත් නොපෙනෙන බලවෙගේකින් මාව පැය දෙකක් එතන හිර කරලා තියාගත්තා. එක තමයි අත්බූත සිදුවීම් පලවෙනි එක මේ කතාවේ. අනික තමා හදවත වැඩ කරන්නේ නැතුව එයාගේ බාල පුතා දකිනකම් ආච්චි මැරෙන්නේ නැතුව හිටපු එක. මේ දෙකම මෙහෙම උනේ අයි කියන්න අදටත් මට උත්තර නැහැ. වගකීමෙන් නැවතත් කියනවා මේ සිදුවීම 100% සත්‍ය සිදුවීමක්. මරණ දෙකම එක ගෙදර එක ළඟ තියල එකම චිතකයක දෙන්නම ආදාහනය කරලා අපි අවසන් කටයුතු කරා. කොල්ලෝ සෙට් එක තෝරන් ගහල ගොඩක් මහන්සි වෙලා ලොකු දායකත්වයක් සැපයුවා මගේ ලඟින්ම ඉඳල. මේ සිදුවීම කොටද්දී ඒ දවසේ දැනුන හිත අමාරුව අයෙත් දැනෙන්න ගත්ත. ඒ දවසට ගිය වගේ. මේක කියවන හිතවතුන්ගෙන් ඉල්ලසිටිනවා මගේ මියගිය ඥාතීන් දෙදෙනාට අපහස කරලනම් කමෙන්ට් දන්නා එපා කියල. බූත කොටුවට නොලිය බැරි හින්දම ලීවේ. නැත්තම් කීයටවත් මේ කතාව ලියන්නේ නැහැ. මේක ලියල හිත අමාරුව අලුත් උනා අවුරුදු 10 ට පස්සේ.

    බූත කොටුවට ජයවේව.:love::love::love:



    patta kathawa bro.eeth mata thiyena prashne meruna mama wadhapu ammawath balanne nathu aei ubawama aehuwe ?
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    patta kathawa bro.eeth mata thiyena prashne meruna mama wadhapu ammawath balanne nathu aei ubawama aehuwe ?

    ලොකු අප්පච්චි දරුවෙක් විදිහට මට ගොඩක් ආදරෙන් උන්නේ මචන්. එයාගේ පුතා එයා මරුන වෙලාවේ එතන උන්න. එයා මැරෙන බව දැනගෙන අන්තිම වතාවට මාව දැකගන්න වෙන්න ඕන මව අහන්න ඇත්තේ. ලොකු අප්පච්චි මැරෙනකොට එයාට වයස 67 ක්.
     

    dreamzd

    Well-known member
  • Dec 10, 2009
    656
    402
    63
    Sri Lanka
    දවස් 3 ක් තිස්සේ කියවල ඔන්න අද තමා ඉවර උනේ.. :Dගොඩක් හොඳ thread එකක්..:yes::D මට නම් මේ බූත අත්දැකීම් නෑ බෙදාගන්න ... එත් මෙන්න මගේ ගානේ ලොකු BUMP එකක්....:D:D:yes::yes::cool:
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්
    මම අහල තියෙනවා කළු පාට බල්ලෝ, බළලුන් වගේ උන්ගෙ අවසාන තිරිසන් භවය මේ කියල..
    උන් ඊට පස්සෙ මිනිස් භවයක උපදිනව කියල. මේ කථාව ඇත්තද කියල දන්න කෙනෙක් කරුණා කරල කියන්න. .

    මෙහෙම අහන්න හේතුව අපේ ගෙදර ඉන්න බලු පැට්ටා.
    මූ කට්ට කලු ඩයල් එකක්. රෑට මුගෙ දත් සෙට් එක විතරයි පේන්නෙ.

    යාළුවෙක් කිව්වෙ මූ ලබන භවයෙ මනුස්සයෙක් කියල. ඇත්ත ද මේ කතාව ?
    මෙහෙම දෙයක් දන්නව නම් කියල දෙන්න යාළුවනේ
    ස්තුතියි
     

    btasitha

    Member
    Nov 28, 2010
    13
    1
    0
    Gampaha
    රොබොට් අයියට
    මොකද වෙලා තියෙන්නේ මචන්ලා ,
    ආරංචියක් නැද්ද ?
     
    Jan 28, 2012
    16
    15
    0
    ඇති උන හැමදේම නැති වෙනවා කියනවා වගේ සියලු දේහි අනිත්‍ය පසක් කරමින්, දැන් දැන් භූත කොටුවත් කෙමෙන් කෙමෙන් නැති වීගෙන යනවද කියල හිතෙනවා:no:. රොබෝට් අයියත් වැඩේ ඇත ඇරලා දාල වගෙයි පෙනෙන්නේ:confused:. polwatta .com සහෝදරයා නම් කැපවීමෙන් ඉන්නවා කියල පෙනුන:yes:.

    කොග්ගල නිලමේ පොත කියෙව්වා. ගොඩක් වටිනා පොතක්. ඒ පොතේ ලින්ක් එක දාල දැනුවත් කලට බොහොම පින්. ඒ පොතේ දෙවෙනි කොටසත් හොයාගන්න පුළුවන් නම් සැහෙන්න වටිනවා:yes:.

    අහම්බෙන් අහන්න ලැබුන කතාවක් තියෙනවා:D. පුළුවන් ඉක්මනින් කොටලා දාන්නම්. ඒ දාන්න යන කතාව අපේ රාගම පැත්තේ ඉන්න යාළුවන්ට අත්දැකීමක් විදියටත් සමහරවිට විඳගන්න පුළුවන් වේවි:yes:. ඉඩ ලැබුන ගමන් කොටන්නම්.

    ජය වේවා!!!
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මම රාගම නොවුනත් කතාව බලන්න කැමතියි. ඉක්මනටම දාන්න සහෝදරයා.




    ඇති උන හැමදේම නැති වෙනවා කියනවා වගේ සියලු දේහි අනිත්‍ය පසක් කරමින්, දැන් දැන් භූත කොටුවත් කෙමෙන් කෙමෙන් නැති වීගෙන යනවද කියල හිතෙනවා:no:. රොබෝට් අයියත් වැඩේ ඇත ඇරලා දාල වගෙයි පෙනෙන්නේ:confused:. polwatta .com සහෝදරයා නම් කැපවීමෙන් ඉන්නවා කියල පෙනුන:yes:.

    කොග්ගල නිලමේ පොත කියෙව්වා. ගොඩක් වටිනා පොතක්. ඒ පොතේ ලින්ක් එක දාල දැනුවත් කලට බොහොම පින්. ඒ පොතේ දෙවෙනි කොටසත් හොයාගන්න පුළුවන් නම් සැහෙන්න වටිනවා:yes:.

    අහම්බෙන් අහන්න ලැබුන කතාවක් තියෙනවා:D. පුළුවන් ඉක්මනින් කොටලා දාන්නම්. ඒ දාන්න යන කතාව අපේ රාගම පැත්තේ ඉන්න යාළුවන්ට අත්දැකීමක් විදියටත් සමහරවිට විඳගන්න පුළුවන් වේවි:yes:. ඉඩ ලැබුන ගමන් කොටන්නම්.

    ජය වේවා!!!
     

    dm_anjana

    Member
    Dec 20, 2011
    77
    14
    0
    වැදි යකුන් සම්බන්ද්දව

    :no::no::no::no::no: මේකේ වැදි යකුන් කියල කොටසක් ඉන්නවද අහපු පෝස්ට් එක සම්බන්දව :oo::oo::oo: මඒක දැන් හොයන්න බැ.:P:P:P



    වැදි යක්ශයන් කියලා නම් අහලා නෑ. මතක් කරල බලන්න දැඩි යක්ශයන් ගැනද ඇහුවෙ කියලා.

    එහෙම නම් කොටසක් ඉන්නවා
    දැඩි යක්ශයන්
    කඩ යක්ශයන්
    මල යක්ශයන් යනාදි වශයෙන්:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    dm_anjana

    Member
    Dec 20, 2011
    77
    14
    0
    චගු;12655602 said:
    මම අහල තියෙනවා කළු පාට බල්ලෝ, බළලුන් වගේ උන්ගෙ අවසාන තිරිසන් භවය මේ කියල..
    උන් ඊට පස්සෙ මිනිස් භවයක උපදිනව කියල. මේ කථාව ඇත්තද කියල දන්න කෙනෙක් කරුණා කරල කියන්න. .

    මෙහෙම අහන්න හේතුව අපේ ගෙදර ඉන්න බලු පැට්ටා.
    මූ කට්ට කලු ඩයල් එකක්. රෑට මුගෙ දත් සෙට් එක විතරයි පේන්නෙ.

    යාළුවෙක් කිව්වෙ මූ ලබන භවයෙ මනුස්සයෙක් කියල. ඇත්ත ද මේ කතාව ?
    මෙහෙම දෙයක් දන්නව නම් කියල දෙන්න යාළුවනේ
    ස්තුතියි

    එහෙම්මම එකක් නෑ මම දන්න තරමින්
    හැබෙයි කලු සතුන් ආස්‍රිතව බලපෑම වැඩියි