ඔන්න මමත් හොට දැම්ම. බොලා වල්මත්වෙලා දඟලනකොට මගේ පපුව පත්තුවෙලා යනව බොලවු.
ඔය යක්කු භූතයො ඉන්නව බුදු අණටත් ඉහලින් යන්න දඟලන. බුදුන් කෙරෙහි නොපැහදුනු යකුන් ඉන්නා බව මින් පසක් කරගන්න පුළුවන්. ඒක නිසා තමයි ආටනාටිය පිරිත දේශණා කරල තියෙන්න. කට්ටියම හොයාගෙන කියෙව්වොත්, පරිහරණය කලොත් හොඳයි. කෙටියෙන් කිව්වොත්;
ඔය පහළ තළවල ඉන්න යක්කු, භූතයො ඔක්කොම සතර වරම් දෙවිරජවරුන්ට යටත්. උන් වහන්සේල යටතෙ බලවත් සම්‍යක්දෘශ්ඨික යක්ශ සේනාවක් ඉන්නව. ඔවුන් තමා පහළ තළවල ඉන්න එවුන්ව ආණ්ඩුමේච්චල් කරන්නෙ. ඔවුන්ම තමා ශක්‍ර දෙවියන්ටත් ආරක්ශාව සපයන්නේ අසුර සේනාවන්ගෙන්. ඉතින් ආටනාටිය පිරිතේ සතරවරම් දෙවියන් සත් බුදුවරුන් නමැදලා, තමන්ගෙ යක්ශ සේනාවට උපදෙස් අවවාද දෙනව මෙන්න මෙහෙම;
"උතුම් වූ ත්‍රයිලෝතිලක අමාමෑණී බුදුපියානන් වහන්සේ සරණ ගිය භික්ෂුවක්, භික්ෂුණියක්, උපාසකයෙක්, උපාසිකාවක් කෙරෙහි දුශ්ඨ චේතනායෙන් කිසියම් කරදරයක්, හිරිහැරයක්, අපහසුවකට ලක් කිරීමක් කරන්නේද, ඒ යක්ෂ, ප්‍රේත, කුම්භාණ්ඩයනට, නාගයනට සතරවරම් දෙවියන්ගේ රාජධානියෙහි වාසස්ථාන නොලැබෙන්නේය, යක්ශ සමාගමයන්වෙත යන්නට අවසර නැත්තේය, එම රාජධානීන්ගෙන් ආවහ විවාහ කරගන්නට නොලැබෙන්නේය, ඔවුන් රාජධානියෙහි අනෙකුත් අමනුශ්‍යයන්ගෙන් පරිභව ලබත්, රාජධානියෙහි අනෙකුත් අමනුශ්‍යයන් ඔවුන්ගේ හිසට හිස්වූ ලෝහ පාත්‍රයන් යටිකුරු කොට හෙළත්, එයිනුදු නොනැවතී උහු හිස, සත් කඩකට පළන්නේය."
ඊළඟට සතරවරම් දෙවිරජවරුන් කියනවා; "ඔවුන්ටත් සතුරු වූ, ඔවුන්ගේ අණටත් අකීකරු අමනුශ්යනන් සිටින බව. එබඳු අමනුශ්‍යයන්ගෙන් හිරිහැරයක් උතුම් වූ ත්‍රයිලෝතිලක අමාමෑණී බුදුපියානන් වහන්සේ සරණ ගිය භික්ෂුවක්, භික්ෂුණියක්, උපාසකයෙක්, උපාසිකාවක ට සිදුවන්නේ නම් ඒ බව හඬනඟා යකුනට, මහ යකුනට, යක්ශ සෙනාපතියන්හට, මහ යක්ශ සෙනාපතියන්හට දැනුම් දිය යුතු බව." එසෙ දැනුම් දිය යුතු යකුන්, මහ යකුන්, යක්ශ සෙනාපතියන්, මහ යක්ශ සෙනාපතියන් ගේ නම් මේ සූත්‍ර දේශනාවෙ දක්වා තිබෙනවා. කියවලම හොයාහනිල්ලා.
ඔන්න ඔය වරම් දීම තමයි ඕනම අමනුශ්‍යයෙක් උතුම් වූ ත්‍රයිලෝතිලක අමාමෑණී බුදුපියානන් වහන්සේ සරණ ගිය භික්ෂුවක්, භික්ෂුණියක්, උපාසකයෙක්, උපාසිකාවක කෙරෙහි බය උපදවාගන්න එක හෙතුවක් වෙන්නේ. අනිත් හේතුව තමයි උතුම් වූ ත්‍රයිලෝතිලක අමාමෑණී බුදුපියානන් වහන්සේ සරණ ගිය භික්ෂුවක්, භික්ෂුණියක්, උපාසකයෙක්, උපාසිකාවක රකින්නා වූ නොකැඩෙන ශීල ගුණය.
කරුණු පැහැදිලි විනැයි සිතමි. ඔබ සැමට තෙරුවන් සරණයි.