.::KAVIYEN KAVIYA 2::.

thanujaka

Well-known member
  • කවියක් දෙකක් කිවුවත් සිත බැහැ හදන්නට
    ගමයා දැක්කත් නරියට බැහැ කුකුළා අත හරින්ට
    බටයක් ඇතුලේ දැම්මත් වලිගෙ බැහැ ඇද හරින්ට
    පල්ලියක් නැතිව උබටත් බැහැ කවි ගොතන්ට :rofl:
    :lol::lol::lol::lol:
     

    LAPD

    Well-known member
  • Sep 18, 2008
    4,225
    38
    48
    LAPD Headquarters
    මමනම් නාමි තුන්සිය හැට පස් දවසේ
    නොනා ගඳ ගසන්නේ නැත මම ඔබ වාගේ
    මව නාවන්න කලියෙන් මැටි රාළේ
    නාගත්තොත් නරකද මේ වැහි කාලේ :P

    හේතුව දන්නවද මේ වැසි වසින්නට
    ඊයේ නාපු හින්දයි උඹ කල්පෙකට පසූ
    නැතිකර දැමූ නිසා උඹේ කුණු ගඳ
    දෙවියොත් සතුටුවෙයි උඹේ ක්‍රියාවට
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    කවි මඩුවක් මේ ලගකදි අපි....................දැමුවා
    උබලා ඒක දැක්කාදැයි සැක....................ඇතුවා
    පැල් බැඳගෙන අපි එතනදි කවි.................කිව්වා
    පැන්තා තමයි හිමිකාරයා ඌ....................කවියා
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    කවි මඩු දෙක තුනක් මෙහි දැනටත් ඇත්තේ
    කවියෙන් කවිය දෙක නව ඇරඹුම ගත්තේ
    කොයි මඩුවටත් එලිවැට ගැලපිය යුත්තේ
    හැකි හැම විටම අපිත් එනව මේ පැත්තේ :)
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මමනම් නාමි තුන්සිය හැට පස් දවසේ
    නොනා ගඳ ගසන්නේ නැත මම ඔබ වාගේ
    මව නාවන්න කලියෙන් මැටි රාළේ
    නාගත්තොත් නරකද මේ වැහි කාලේ :P

    නෑවත් නොනෑවා වගේ නේ සොපි ඔයා
    ගද නැතත් නැහැයත් ඇකිලෙනවා මෙයා
    ඉබ්බා දියේ දැම්මම ඇන්නාවේ කිවුවා ඔයා
    දවසෙම වතුරේ හිටියත් ඉබ්බාගේ ගද යයිද මෙයා
    :rofl:
     

    LAPD

    Well-known member
  • Sep 18, 2008
    4,225
    38
    48
    LAPD Headquarters
    :lol:

    කෙල්ලො ගැන මෙයා දන්නා තරම තමයි
    බෑ කිව්වොත් අපි කියන්නෙ බැරිකම නිසාමයි
    පසුව ඉගෙනගෙන පරදන එක වෙනමයි
    අත හැරියොත් එය ඔබලගෙ මෝඩ කමයි :P :rofl:

    කෙල්ලන්ගේ කපටිකම් ගැන මම උගත්තේ
    ඇසුරින් තමයි ඔබ වැනි කපටි කෙල්ලන්ගේ
    අත හැරි මෝඩයන් ගැනනම් මම නැත දන්නේ
    අතහැර නොයමි මම කිසි දිනකදී එලසේ
     
    Last edited:

    ~ Fiona ~

    Member
    Jan 4, 2009
    2,594
    85
    0
    32
    Where I wanna b ♥
    කැත්ත මන්න පිහි ඇය ගත්තත් ඇදලා
    ඔය සොහොයුරිය නැත එක මකුණෙක් මරලා :P
    කොහොමින් කොහොම හරි යනවිට කවි ගොතලා
    අපිවත් නොදැන අපි එල කවියන් වීලා
    :yes:

    කැති පොලු ගන්නෙ පොඩ්ඩක් බය කරන්නයි
    මකුනො තියා කුඹියෙකුත් මම නොමරයි
    මෙහෙම ඉතින් ලිව්වොත් කවි හරිම යසයි
    ඉබේම කවියේ දස්කම් දක්වන්න ගනියි :)
     

    thanujaka

    Well-known member
  • කවියේ රසය හැම එකාම දන්නේ නැති...
    මටත් හැඟුනේ දැන් ටිකකට කලින් ඇති...
    කවියයි සින්දුවයි බලවත් වෙන්න ඇති...
    කවි ගී කියන්නොම වනසයි හරක් වැනි...
    කවි ලියද්දි එක්තැන් වෙයි සිත නිබද
    ඒක තමයි කවියක ඇති බල මහිම
    සිංහල රටේ සිංහල කම දත් නුඹට
    කවියට මෙසේ සිත බැදීම අරුම නැත
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    කවියක් දෙකක් කිවුවත් සිත බැහැ හදන්නට
    ගමයා දැක්කත් නරියට බැහැ කුකුළා අත හරින්ට
    බටයක් ඇතුලේ දැම්මත් වලිගෙ බැහැ ඇද හරින්ට
    පල්ලියක් නැතිව උබටත් බැහැ කවි ගොතන්ට :rofl:

    :P

    මඩුවට දැම්මා ඔටුවෙන් පිම්මක් ඇදට
    බෑවා දෙසාවක් රඩු හෑල්ලක් ලෙසට
    පල්ලිය මතක් වෙනකොට එනවා වමනෙට
    කවි සේ එය දමමි මම රිසිලෙස මෙතනට
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    කැති පොලු ගන්නෙ පොඩ්ඩක් බය කරන්නයි
    මකුනො තියා කුඹියෙකුත් මම නොමරයි
    මෙහෙම ඉතින් ලිව්වොත් කවි හරිම යසයි
    ඉබේම කවියේ දස්කම් දක්වන්න ගනියි :)
    කැති පොලු වලට බයනම් උ කොල්ලෙක් වේද
    මකුණන් කුබියන් මරමින් කල් ගෙවන්න වේද
    උපහාසය නැත්නම් කවි පද රස වේද
    ඉබේ වෙනකම හිටියොත් කවි ලිය වේද
     

    thanujaka

    Well-known member
  • කවි මඩුවක් මේ ලගකදි අපි....................දැමුවා
    උබලා ඒක දැක්කාදැයි සැක....................ඇතුවා
    පැල් බැඳගෙන අපි එතනදි කවි.................කිව්වා
    පැන්තා තමයි හිමිකාරයා ඌ....................කවියා
    දැක්කෙ නැහනෙ මිතුරේ මම ඒ නූල
    දැක්කානං මා සෙට් වෙනවා එහෙට
    ලියනා විටදි නිබදව නුඹ කවි එතන
    මෙතනත් ඇවිත් කවි ලියන්න මා සබද
     

    ~ Fiona ~

    Member
    Jan 4, 2009
    2,594
    85
    0
    32
    Where I wanna b ♥
    කවි ලියන්න කල් ගියාට කමක් නැත
    ඔය ලියන්නෙ ගොතමින් යස කවි නොවෙද
    ඕන දෙයක් පුළුවන් අපේ ෆියෝ නගා ම
    රම්පෙට පොරි හැරෙන්නට කවි ලියයි හෙට ;)


    උත්සහ කරපු එක ගැන මම සතුටු වෙමි
    දිගටම කවි ලියා මේ ආතල් එක ගනිමි
    එළකිරියේ කමතිම නූල මෙය කරගනිමි
    රම්පෙට පොරි හැලෙන හැටි මම බලා ඉමි :lol:
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ♥-Aurora-♥;12874037 said:
    කවි මඩු දෙක තුනක් මෙහි දැනටත් ඇත්තේ
    කවියෙන් කවිය දෙක නව ඇරඹුම ගත්තේ
    කොයි මඩුවටත් එලිවැට ගැලපිය යුත්තේ
    හැකි හැම විටම අපිත් එනව මේ පැත්තේ :)


    අවුරෝරා මගේ කෙල්ල ස්වීට්..................අනේ:love:
    මතකද අපි කවි කිව්වා හතර....................අතේ:D
    කට්ටිය සමග සෙට් වීලා...................එලකිරියේ;)
    කරුමෙක මහත දැන් නෑනේ පද.............එන්නේ
    :sorry:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :P

    මඩුවට දැම්මා ඔටුවෙන් පිම්මක් ඇදට
    බෑවා දෙසාවක් රඩු හෑල්ලක් ලෙසට
    පල්ලිය මතක් වෙනකොට එනවා වමනෙට
    කවි සේ එය දමමි මම රිසිලෙස මෙතනට

    මඩුවට දැම්මත් ඔටුවා වැලි කතරට ඕන
    මුසාවක් කිවත් එය රසවත් වෙන්න ඕන
    පල්ලිය නිසා මිනිසුන් යහ මග යන්නට ඕන
    අපහාසයක් නැතිව එය කවියක් වෙන්න ඕන


    meka hariyata awe naha:lol:gahanu daruwek inna nisa simawak thiya gannath ona
     

    thanujaka

    Well-known member
  • ♥-Aurora-♥;12874037 said:
    කවි මඩු දෙක තුනක් මෙහි දැනටත් ඇත්තේ
    කවියෙන් කවිය දෙක නව ඇරඹුම ගත්තේ
    කොයි මඩුවටත් එලිවැට ගැලපිය යුත්තේ
    හැකි හැම විටම අපිත් එනව මේ පැත්තේ :)
    තව කවි ත්‍රෙඩ් එකක් තිබුනලු නේ මිතුරේ
    එය නොදැකපු නිසයි නව ඇරඹුම දුන්නේ
    කොතරම් ඇතත් කවි ත්‍රෙඩ් නෑ ඇති වෙන්නේ
    හොදයි යෙහෙළි හැකි පමණින් මෙහෙටත් එන්නේ
    :yes:
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    දැක්කෙ නැහනෙ මිතුරේ මම ඒ නූල
    දැක්කානං මා සෙට් වෙනවා එහෙට
    ලියනා විටදි නිබදව නුඹ කවි එතන
    මෙතනත් ඇවිත් කවි ලියන්න මා සබද



    නොදැක්ක හැටි පුදුමයි නුබ ඒ..................නූල

    එලකිරියෙම රජ කෙරුවා ඒ.....................නූල
    කවි කාරයෝ බිහි කෙරුවා ඒ...................නූල
    මාගේ සිත ඇද ගත්තා ඒ........................නූල
     

    ~ Fiona ~

    Member
    Jan 4, 2009
    2,594
    85
    0
    32
    Where I wanna b ♥
    තරහගනු කුමට මා ඔබ කිව් දේට
    කවිකමට සිත යවන්නයි මා උත්සාහ කරේ
    පවුලකි අප සැම එළකිරියේ
    එලෙසින් කවි ලියමු අපි තුටිනේ

    එළකිරියේ මේ පවුලේ එකමුතුව
    කලකිනි දැක්කෙ සතුටුයි මට ඇත්තටම
    ඉස්සර වගේ එකවී අපි පවුලක්ව
    දුක සැප බෙදා ගමු කවියෙන් එක් රොක්ව :D :love:
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    කැති පොලු වලට බයනම් උ කොල්ලෙක් වේද
    මකුණන් කුබියන් මරමින් කල් ගෙවන්න වේද
    උපහාසය නැත්නම් කවි පද රස වේද
    ඉබේ වෙනකම හිටියොත් කවි ලිය වේද


    ඉසි ඉසි ලෙස කැති පොලුව වැනුවට සතිස
    නොවෙති කිසි දනන් වලු ඇති රිසි මාංස
    සිරස නොම ලෙස උපචාර නොකර සාහස
    තියති තම වය මරුවට රිසි සේ උගස.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    උත්සහ කරපු එක ගැන මම සතුටු වෙමි
    දිගටම කවි ලියා මේ ආතල් එක ගනිමි
    එළකිරියේ කමතිම නූල මෙය කරගනිමි
    රම්පෙට පොරි හැලෙන හැටි මම බලා ඉමි :lol:
    හිත ඇත්තට පත කුඩා වෙනවාද
    කවි ලිය ලියා ජිවිතයම ගෙවනවාද
    කැමතිම නුල වෙත ඔබ හැමදා එනවාද
    රම්පෙට පොරි ගහන්න මාත්
    එක්ක එනවාද :cool:jk
     
    Last edited: