පද පේලි .....

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සඳේ එළියෙන් පවා ඇඳුණේ නුඹගේ සිනා
    රැයේ සි‍හිනේ වෙලා හිනහෙන් මා හා ඔයා
    හදේ සෙනෙහෙ අමතක කර නොයන් මා දමා
    මගේ පණ ඔයා

    රෑ සිහිනෙන් වත් ඇවිදින් හමුවන්න ඔයා
    නුඹයි මගේ ජී‍විතේ සදා
    සිහිනෙන්වත් හිතන්නෙපා යන්න මා දමා
    ආදරෙයි මා සදා
    අහිමි වෙන්න එපා හදේ නැගෙයි වේදනා
    මගේ පණ ඔයා

    මහද අහස් තලයේ පෑයූ සඳයි ඔයා
    අමාවකයි නුඹ නැතිවුණ දා
    හත්දින්නත් තරු පොකුරෙත්
    දුටුවෙ නුඹෙ සිනා
    ආදරෙයි මා සදා
    අහිමි වෙන්න එපා හදේ නැගෙයි වේදනා
    මගේ පණ ඔයා

    සඳේ එළියෙන් පවා .............


    ගායනය :- තුෂාර ජීවන්ත
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    සීත මාරුතේ වෙලෙමින් ඇස් දිහා බලන්
    ඔබ මට ආදරේ කියූ
    මතකය හීනයක් වගේ

    ඈත මීදුමේ දිදුලන පුන් සදක් වගේ
    එලියයි ඒ හැගුම් හිතේ ඔබමයි ජීවිතේ මගේ
    දෑලේ ගගුලැල්ලක් සේ මා සීතයි හිත බෝමා
    දෝරේ යයි සිතුවිලි සේනා ආදරයෙන් පෙගිලා
    ජීවිතයේ සතුටයි මා දුටුවේ

    සාගරයේ ගැඹුරයි ඒ හැගුමේ යහනේ
    තනි යහනේ පේනා හීනෙන් ඉගි පානා
    රෑ තුන් යම ඔය ඇස් මානා මා මුස පත් කරනා
    ආදරයේ මිහිරෙන් මා නිව්නේ
    ඒ ඇසුරේ අරුතින් මා ඉපිදේ ........

    :love::love::love::love::love:
     
    Last edited:

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    නර්තන ලීලා මා මනබන්දන
    නෙතු සිතු මායා අංජන ගල්වන
    සිතුවිලි ගඟදිය නිබද කලම්ඹන
    රාධාදෝ....
    නුඹ..
    යමුනා ගංතෙර..


    ~අමරසිරි පීරිස්~
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    නිල් මහනෙලක් අතින් ගත්
    රංගනිය නුඹ දිටීනම්..
    හැබැහින් නුඹ පෙම් බඳින්නේ
    ඇයට ද මට ද..


    ~විශාරද දීපිකා ප්‍රියදර්ශණී~
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    පෙම්බර වදන් නැළවෙනා
    දුක්බර දෙබස් නම් එපා
    සිනමා ලොවක මිසක
    දිවියක සැබෑ ලොවක
    දුක්බර චරිතයක් එපා

    තුන් සිත දැහැන් ගත වෙනා
    සිතුවිලි සසළ කරවනා
    පදවැල් අතර වැයෙන
    ස්වරයේ සප්ත වර්ණ
    හිත ළඟ ගයනවද ඔයා

    - කමල් අද්දරරාච්චි
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    හන්තාන දෙසින් එන
    මුදු සීත සුළං රැළි
    ඔබ තාම හොදින් හඳුනනවානම්
    මේ පාන ඔබේ සුරතින් දැල්වූ
    මං බෝම ප්‍රවේසම් කරගන්නම
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔබ නොදැක ගෙවුණු එක මොහොතක්
    කල්පයක් තරම් මටනම්
    ආදරේ හිතට දැනුනා
    ඔබෙ රුව සිහිනෙන් දකිමින්

    දිගු වරල කඩා ඉහිරවමින්
    නෙත් කොනින් කියන රස කියමන්
    මුදු දෙතොල් සලා සනසවමින්
    ඔබ පාන සිනා මිණි පහනක්

    ඔබ නොදැක ගෙවුණු .............

    මා පතා උන්නෙ පෙර සසරෙත්
    ඔබ කියා සිතේ මට සැනෙකින්
    නෙතු පියන් වැසී යන දවසෙත්
    ඔබ පමණි සරණ මතු ස‍සරෙත්

    ඔබ නොදැක ගෙවුණු .............


    ගායනය :- ඉන්දික ප්‍රසාද්
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    සඳක්නම් බැස යන්න තිබුණා
    හඬන අහසට අඳුර දී..
    මලක් නම් ගිලිහෙන්න තිබුණා
    කටු අගට ලස්සන නොදී..

    පරවි තුඩකින් විලද දුන්නට
    ගිරවියක වළදන්නෙ නෑ
    කඳුළු බිඳුවක රැ‍දෙන ගින්දර
    හිනාවක් හඳුනන්නෙ නෑ..

    පොළව උසුලන සියළු දුක සැප
    අහස් තලයෙනි හිමිවුණේ
    පොලෝතලයට අහස දුර බව
    සිතන්නේ ඇයි මිනිසුනේ.
    .
    :(

    ~රොහන් ශාන්ත බුලේගොඩ~
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නොදැක ඉන්න බෑ මටනම් මගෙ ආදරී
    නොලැබ ඉන්න බෑ තවනම් ඔබෙ ආදරේ
    නොසිත ඉන්න බෑ මටනම් කිසිදා ළඳේ
    නොවිඳ ඉන්න බෑ ඔබෙ ආදරේ

    පැහැඳුල් කථා මත‍කේ වෙලා
    දෙනුවන් තෙමා පියමන් කළා
    පෙර පෑ සිනා පාවී ගියා මා හැරදමා
    සිහිවේනවා ඔබ කී කථා මුලු රෑ පුරා
    මතකේ දරා විඳිමී සදා

    මිහිඳුම් වළා සලුවෙන් වෙලා
    පැතුමන් දරා රකිමී සදා
    පෙර පෑ සිනා පූජා කළා අඳුරේ තියා
    සඟවා දමා මේ වේදනා යලි එන තුරා
    දිවියේ පුරා ඉඳිමී බලා

    නොදැක ඉන්න බෑ ...............


    ගායනය :- රුවන් හෙට්ටිආරච්චි
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    තුරු මුදුනක රොනින් සැලී
    මල්සර මධු සඳත් අරන්
    ගිරි සිරසක බලා හිඳින්නම්...
    ඔබ එනව ද ආදරේ අරන්..

    නිල් දිය මත නිලට පිපී
    නිසල විලක සිසිල අරන්
    අලුත් හෙටක හමුවෙන්නම්..
    හිත පුරාම ආදරේ අරන්..
    :love:
    ~කසුන් කල්හාර / රූපිකා~
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    තුරු මුදුනක රොනින් සැලී
    මල්සර මධු සඳත් අරන්
    ගිරි සිරසක බලා හිඳින්නම්...
    ඔබ එනව ද ආදරේ අරන්..

    නිල් දිය මත නිලට පිපී
    නිසල විලක සිසිල අරන්
    අලුත් හෙටක හමුවෙන්නම්..
    හිත පුරාම ආදරේ අරන්..
    :love:
    ~කසුන් කල්හාර / රූපිකා~

    :dull:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    නොදැක ඉන්න බෑ මටනම් මගෙ ආදරී
    නොලැබ ඉන්න බෑ තවනම් ඔබෙ ආදරේ
    නොසිත ඉන්න බෑ මටනම් කිසිදා ළඳේ
    නොවිඳ ඉන්න බෑ ඔබෙ ආදරේ :rolleyes:@ මාලිංග
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    අප හමුවූවත්
    නොවුනත්
    කාලය ගතවී යනවා
    අප තනිවූවත්
    නොවුනත්
    ලොව එකසේ...
    පවතිනවා..
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    මම යන්නම් ඔබ කියන විටක යන්නම්
    ඔබට නොපෙනෙන්නට සැගවී මම ඉන්නම්
    මොහොතක් හෝ.....ඔබ දැකගනිමින් යන්තම්
    ඒ වන තුරු ඔබ ලඟ ඉන්නට ඇත්නම්...

    වන මල් සුපිපෙණ අසපුව ඔබගේ හදවත
    එහි මට ඉන්නට අවසර දෙනු මැන හිතවත...

    මම යන්නම්...

    සදාකාලිකව ඔබ හදවත මට හිමි නැත..
    කෙටි කලකට වුව මට එහි ලොව්තුරු සුව ඇත...

    මම යන්නම්..:sorry::sorry::sorry::sorry:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කඳුළු සුන්දර ද මාව හඬවන්නේ
    ඔබට සතුටක් ද කඳුළු දුටු මොහොතේ
    කඳුළු සුන්දර ද

    සුන්දරයි කවිය ඔබ ලියූ පෙමට
    මටත් නොදැනීම හැඬුවෙ කවි කමට
    එපා හඬවන්න මා ආදරෙන් ඉන්න

    කඳුළු සුන්දර ද .................

    සියුම් වැඩි කමට මගේ හද මඬල
    පුංචි රිදුමකට හැ‍ඬෙයි නොදැනීම
    එපා හඬවන්න මා ආදරෙන් ඉන්න

    කඳුළු සුන්දර ද .................



    ගායනය :- කිංස්ලි පීරිස්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඉවසයි ද මන්දා මා දුන් රිදුම්
    වෙන්වීල ආ දා වෙනතක් බලන්
    උන්නාට මා රහසේ තුරුළක හෙමින්
    මට ඉන්න බෑනේ මතකෙට හොරෙන්

    තනියෙන් ම වින්ඳා දුන් දුක් සුසුම්
    තව කඳුළු නෑ මේ දෙනෙතේ ඉතින්
    ගියදා ම ඔබ ඔහු හා ඉගිල්ලී හොරෙන්
    මට මාද නැතිවුණා සත්තයි හෙමින්

    ගොලුවෙච්ච තරු දෑසේ කඳුළැල් උණන්නේ
    දරාගන්න බෑ මේ මතකේ විලාපේ
    ආ‍දරේ ඔබෙන් තරම් ලැබුණේ නෑ කාගෙන්වත්
    රැකගන්න බැරිවුනෙ ඒ සංසාර ආදරේ
    ගියදා ම ඔබ ඔහු හා ඉගිල්ලී හොරෙන්
    මට මාද නැතිවුණා සත්තයි හෙමින්

    මේ පාලු දුක් සිහිනේ අතරමංවෙලා බොහො සේ
    ආයෙ ගන්න බෑ සෙනෙහස ඔබේ
    ජීවිතය වැටුණ තරම් නැගිටගන්න බෑ ආයේ
    මැරි මැරී උපදී මේ සංසාර ආදරේ
    උන්නාට මා රහසේ තුරුළක හෙමින්
    මට ඉන්න බෑනේ මතකෙට හොරෙන්

    ඉවසයි ද මන්දා ...............


    ගායනය :- අතුල අධිකාරි හා සමිතා එරන්දතී මුදුන්කොටුව
     
    Status
    Not open for further replies.