පද පේලි .....

Status
Not open for further replies.

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0
කුමරානනෙ නැතිදෝ දන්නේ
මාගේ සුපෙම් සිහිනේ
මල් යායට හිනැහෙන්නේ
මල් යායම නැහැ දන්නේ
ඔබේ ඇසගින් බලා
සනසන් මගේ සිහිනේ

සඳුටත් කියලා
ඉරුටත් කියාලා
ඔබ තරුවෙන් අරන් ගියා
සුවඳ සදා පෙති විහිදා
සුමුදු සිනා විඳි සිහිනේ
කඳුලින්ම ගිනි බින්දේ

සුසුමක් තියලා
සුවඳත් තියලා
ඔබ සුවඳ අරන් ගියා
මගේ කියා දෑස පියා
මම ඔබේ ලගින් හිටියා
ඔබ ගව් සිය දුර ඇදුනා

කුමරානනෙ ..................:love::love::love:
 

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0
පුංචි වදේ රංචු ගැහෙන හීන මල් සොයා..
සමනල තටු සලා සෙමින් හිත ඉඟිලගියා..
හොරෙන් හොරෙන් අඩි තිය තිය හදවතක් පුරා...
ඉලන්දාරියෝ සෙල්ලම් කරනවද ඔයා...

හිනාසෙන් එපා ඔහොම හිතම පැටලුනා
නුපුරුදු නොදැනුන සුවඳක් හිතේ නැවතුනා..
මතකෙට එන හැම මොහොතෙම හුස්ම හිරවුනා..
මට මා ගැන අමතකවුනු දවස් වැඩි වුනා...
මට මා ගැන අමතකවුනු දවස් වැඩි වුනා...

පුංචි වදේ රංචු ගැහෙන....

හිත රිදවන කතා ගොතා කියන්නට එපා...
මගේ කඳුළු මට වැඩි නැ සිඹින්නට එපා...
අහසින් තරු කඩා වැටී හිතන්නට එපා..
ඔයා සඳක් ඒ අහසින් වැටෙන්නට එපා..
ඔයා සඳක් ඒ අහසින් වැටෙන්නට එපා...

පුංචි වදේ රංචු ගැහෙන..
.​
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සංසාරයේ හැම වාරයේ
    මා පැතුවේ ඔබයි මගෙ ආදරී
    හැඩකාර සුකුමාල පෙම්වතී
    මේ ආත්මයේ පෙම් සාගරේ
    දියරැල්ල සේ ඔබ හාදු දී
    ළඟ ඉන්න දඟකාර පෙම්වතී
    සංසාරයේ මේ ආත්මයේ

    කියන්න දහසක් දේ තිබුණත් හදවතේ
    ගොලුවී ඇත එය වෙනදා මෙන් මා ප්‍රියේ
    මා පෙරුම් පුරන්නේ කියන්න ඔබ හට ආදරේ
    මා පැතුම් පතන්නේ අහන්න ‍ඔබගෙන් ආදරේ
    සොඳුරියෙ මේ සිහිනේ මගේ
    පැතුම ඔබමයි සදා ජීවිතේ

    ඉර හඳ දිවුරා පවසමි මා අද දිනේ
    මගෙ හිත තුළ ඔබහට ඇති මේ ආදරේ
    මා ඔබවෙත පිදුවේ මාගේ කුලුඳුල් ආදරේ
    මා සිහිනේ දුටුවේ ඔබැ ගැනමයි මේ ජීවිතේ
    සොඳුර පෙම් පහණ ඔබමයි මගේ
    පැතුම ඔබමයි සදා ජීවිතේ

    සංසාරයේ හැම වාරයේ ...........

    ගායනය :- සංඛ ‍දිනෙත්
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    සංසාරයේ හැම වාරයේ
    මා පැතුවේ ඔබයි මගෙ ආදරී
    හැඩකාර සුකුමාල පෙම්වතී
    මේ ආත්මයේ පෙම් සාගරේ
    දියරැල්ල සේ ඔබ හාදු දී
    ළඟ ඉන්න දඟකාර පෙම්වතී
    සංසාරයේ මේ ආත්මයේ

    කියන්න දහසක් දේ තිබුණත් හදවතේ
    ගොලුවී ඇත එය වෙනදා මෙන් මා ප්‍රියේ
    මා පෙරුම් පුරන්නේ කියන්න ඔබ හට ආදරේ
    මා පැතුම් පතන්නේ අහන්න ‍ඔබගෙන් ආදරේ
    සොඳුරියෙ මේ සිහිනේ මගේ
    පැතුම ඔබමයි සදා ජීවිතේ

    ඉර හඳ දිවුරා පවසමි මා අද දිනේ
    මගෙ හිත තුළ ඔබහට ඇති මේ ආදරේ
    මා ඔබවෙත පිදුවේ මාගේ කුලුඳුල් ආදරේ
    මා සිහිනේ දුටුවේ ඔබැ ගැනමයි මේ ජීවිතේ
    සොඳුර පෙම් පහණ ඔබමයි මගේ
    පැතුම ඔබමයි සදා ජීවිතේ

    සංසාරයේ හැම වාරයේ ...........

    ගායනය :- සංඛ ‍දිනෙත්





    MP3 PLSSSSSSSS
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    හිත රිදවනා සුසුමක් වගේ
    නෙත හඬවනා කඳුලක් දිගේ
    හැබැහින් නැතත් හීනෙන් වගේ
    ඇයි දැයි කියන්නකෝ මා හැර ගියේ

    නුඹ ළඟ නැතිදා

    හිත දුවනවා හැමතැන මගේ
    නෙත පිරෙනවා සුවඳින් ඔබේ
    බැලු බැලු අතේ නුඹෙ රුව වගේ
    ඇයි මේ පෙනෙන්නේ මට ඒ වගේ

    නුඹ ළඟ නැතිදා

    හිත දවනවා මතකය ඔබේ
    දින ගෙවෙනවා හීනෙන් වගේ
    දවසක ඇවිත් ළඟටම මගේ
    මොහොතක් හිඳින්නකෝ ඉස්සර වගේ

    නුඹ ළඟ නැතිදා ...........................:(:(:(
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආදරය පමණක් ද ජීවිතය නැ‍ගනියේ
    ජීවිතේ කොතෙක් දුර ඇති ද තව ඉදිරියේ

    ප්‍රේමයේ අරුත මට කියා දුන්නේ ඔහුය
    ලැබූ ඒ පෙමින් තොර ලොවක් ගැන නොසිතුවෙමි

    මුළු ලොවම ඔහු විනැයි සිතා සිටියෙමි නිබඳ
    මගේ ලොව ඔහු වටා මැවෙමි දවසින් දවස

    දනිමි ඔහු එවන් ලොව බිඳ දමා ගිය පුවත
    උරුම වී ඇත ඔබට පෙමින් සිදුවන විපත

    ආදරය පමණක් ද ...............

    සැඳෑවක උයන්තෙර රැඳී ඔහු උණුසුමේ
    නිවී සැනසුනු පැයක ලොවම අමතක කළෙමි

    ඔබට අමතක වුවත් ලොවට ඔබ මතක ඇත
    නෙතේ කඳුළැලි නිවා යලිත් හිනහෙනු මැනවි


    ගායනය :- විජය කුමාරතුංග හා මාලිනී බුලත්සිංහල
     

    shasheedil

    Well-known member
  • Jul 26, 2012
    672
    104
    63
    Col 5
    චන්චල ගගුමක නිදි වරනා තුන් යමෙ...
    කදුලට ඈයි අඩගසන්නෙ හද පානේ..
    යස එලිමහනේ රස තියෙද්දී අදරේ..
    දේදුන්න කියන මයාවද ලුහුබන්දේ...
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    පාට වෙනස් වන
    සමනලයෙකු ලඟ
    සමනලියක් උනා නෙ මං
    පාට වෙනස් නොවී ඉන්න...

    සුළෙඟ් දැවටී
    මල් පෙති සැලූනා
    සුසුමක හසුවී
    සෙනෙහස බිඳුනා
    ආදර හීනය
    තරු මත සඟවා
    කලූවර අහසක
    තනි කෙරුවේ ඇයි...

    කඳුලේ සේයා
    අඳුරේ නැගුනා
    සියුමැලි අත්තටු
    එකිනෙක බින්දා
    ජීවිත අහසේ
    මා තනි කර දා
    ඈතින් ඈතට
    ඉගිල ගියේ ඇයි.....
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආදරයේ උණුසුම ළඟ දුක දැනෙන්නෙ නෑ
    දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නෙ නෑ
    ජීවි‍තයේ හැමදාමත් සැප රැදෙන්නෙ නෑ
    සිනහ වෙවී සිනහ වෙවී කල් ගෙවන්න බෑ

    තොල් අග මදහස දල්වා ප්‍රාර්ථනා මල් පිබිදෙයි
    ලොකය උඩු යටිකුරු වී ප්‍රාර්ථනාවන් වැලලෙයි
    සැමදා දුක සැමදා සැප නොමැති ලෝකයේ
    සිනහ නෙගෙයි කඳුළ නැගෙයි එයයි ජීවිතේ

    ආදරයේ උණුසුම ළඟ .....

    දිවා රැයේ දකින සිහින පවන් සලා ඟිමන් නිවයි
    සිහින ලොව ම ගරා වැ‍ටී තැවුලින් හදවත් ඇවිලෙයි
    ගීත හඬින් සුසුම් හඬින් පිරුණු ලෝකයේ
    සිනහ නෙගෙයි කඳුළ නැගෙයි එයයි ජීවිතේ

    ආදරයේ උණුසුම ළඟ .....


    ගායනය :- සෝමතිලක ජයමහ
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    ආලය වන් මනරම් කවිකම් දෙන
    සිතුමිණ කොද විස්කම්
    හදවත් වී සමහම් නෙගැයුම් කර
    සිඳ බිඳලයි භව ගිම්

    පැණසර මහ බෝ සතුන්
    විරතට පැමිණ නොමින්
    පබවත වෙත බැඳෙමින්
    පුද දුන් උණු කඳුලින්
    ආලය නම් මනු දම් අදහම් නිති
    එතැනය සබය සුදම්

    ආලය වන් මනරම්...

    සහළඟුරෙන් දැවෙමින්
    පවසට පැන් වෙනුයෙන්
    උරය පලා සතොසින්
    පුදදුන් සිය රුහිරෙන්
    ආලය නම් මනුදම් සුරකිම් නිති
    එතැනය සුරලොව නම්

    ආලය වන් මනරම්...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ප්‍රේමය ලොව හැමතැන ම ඇතී
    හැම දෙනට ම හමුවෙලා ඇතී
    එනමුදු ප්‍රේමය කිමැයි කියා
    හඳුනාගත් කිසි කෙනෙකු නැතී

    විල් තෙර දිය යට දියබුන් නගනා
    ප්‍රේමයෙ දිය උල්පත නිසලයි
    සියපත විල මත පුබුදන මුත් යස
    උල්පත හැමදාමත් නිසලයි
    ප්‍රේමය හැමදාමත් නිසලයි

    ප්‍රේමය ලොව ..............

    සුවිසල් රුක් ගොමු දෙරණත රඳවන
    ප්‍රේමයෙ මුල් පස යට සැඟැවෙයි
    නන් පල මල් දළු පුබුදන මුත් ගස
    මුල් රැස කිසි කෙනෙකුට නොපෙනෙයි
    ප්‍රේමය කිසි කෙනෙකුට නොපෙනෙයි

    ප්‍රේමය ලොව ..............

    ගායනය :- චන්දන ලියනාරච්චි
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    කුසුමට ලංවී රොන් ගන්නා
    බඹරිදු ඈතට ඉගිල ගියා
    මද සුළගේ ඔහේ සැලෙනා
    තනිවුනු කුසුමෙකි මා

    ඉගිලී යන්නට පියාපත් නැත
    මාහට ඔබ මෙන්
    හෙට ආයෙත් දිනයක ඔබ ඒවී
    මා රිදවා සතුටු නොවෙන්

    හෙට පායන හිරු කිරණින්
    යලි මා විකසිතවෙවී
    ඔබ ආයෙත් මා හමුවට ඒ නම්
    යලි මා මුකුලිත වෙවී

     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සුදු නංගියෙ ඇස් වහගෙන ඉන්න එපා දුකට
    පියාඹන්න ඉඩ තියෙනව අහසෙ ඕන තැනක
    ඉගිල්ලෙන්නෙ පරිස්සමෙන් සුළං කෝඩ එමට
    සිනාසෙන්න කල් තියෙනව සත්තයි තව අපට

    කොච්චර කාලයක් බලන් උන්නත් මම ඔබව
    හිමි වෙන්නෙ නෑ කවදත් අපි නම් මේ අපට
    අපි දෙන්නා මේ ගෙවන්නෙ කරුමයක් ද උරුම
    එහෙම හිතෙන කොටත් හිතට කොච්චර නම් දුකද

    සුදු නංගියෙ ..............

    මේ ඔක්කොම බලා ඉන්නෙ වරදින තුරු අපට
    ඒ අයගේ ඇස් වහන්න බැරිවෙයි යළි ඔබට
    පරිස්සමෙන් ඉගිල්ලෙන්න පොඩි නෑ මේ අහස
    මොනව උනත් මම ඉන්නවා සුදු නංගියෙ ඔබට

    සුදු නංගියෙ ..............


    ගායනය :- රොෂාන් ෆ්‍රනැන්ඩු
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    මගේ දිනපොතේහි අද රෑ ලියන්නේ
    අ‍ප පෙම්කතාවේ අවසානයයි
    ඔබ නේන දා හෙට මා මනමාලියයි
    මගේ දිනපොතේහි අද රෑ ලියන්නේ

    කවදාක හෝ එක්තැන් වෙලා
    සුව හා සුසුම් සමසේ දරා
    අත් වැල් බැඳන් යමු ජීවිතේ
    ඒ කී වදන් බොල් හීනෙකී

    මගේ දිනපොතේහි අද රෑ ලියන්නේ
    අ‍ප පෙම්කතාවේ අවසානයයි
    ඔබ නේන දා හෙට මා මනමාලියයි
    මගේ දිනපොතේහි අද රෑ ලියන්නේ

    පාසැල් සමේ අ‍පි දෙන්නගේ
    නම් කුරුටු ගෑ කඩදාසි ඒ
    ගිණි අවුළුවා නටබුන් පෙමින්
    අපි වෙන්වෙමු දෛවේ ලෙසින්

    මගේ දිනපොතේහි අද රෑ ලියන්නේ
    අ‍ප පෙම්කතාවේ අවසානයයි
    ඔබ නේන දා හෙට මා මනමාලියයි
    මගේ දිනපොතේහි අද රෑ ලියන්නේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඉස්සර බැඳි පෙම හිත්වල සුවඳයි
    යළි පුබුදන්න බැරි
    එක්කර අතැඟිලි ඔබ ඔහු සමඟයි
    මට ඉවසන්න හැකි

    ඔබ පියමන් කළ සමනල මාවත
    මට යාගන්න බැරී
    ඔබ පතනා ලොව ඔබ ලබනා දින
    මගෙ හිත සතුට දකී

    ඉස්සර බැඳි පෙම ..............

    මගෙ අසරණ ලොව අද මා පමණකි
    එය සඟවන්න බැරි
    එක්කළ දෑඟිලි වෙන් නොම වේවා
    පතනෙමි සුභාසිරී

    ඉස්සර බැඳි පෙම ..............



    ගායනය :- සෝමසිරි මැදගෙදර
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    කාත් කවුරුවත් නැති බව දැන දැන
    මාත් මගෙ හිතත් රාත්‍රියක තියලා
    නුඹත් ගියානම් හෙටක් තියේවිද..
    මටත් ඉරක් නැගෙනා...

    සාංකාව ඇහැරෙන ඝණදුරේ
    ආත්මයම මගේ රාත්‍රියම වැන්නේ..
    ඈත්වෙන්නනම්..
    ඇයි තුරුලෙම උන්නේ..

    වේදනාව ඇවිලෙන දිවි කතරේ
    දෑස් ඇරන් හිද තවත් පලක් නැත්තේ..
    ඒත් කියන්නම්..
    හමුවෙමු මතු බවයේ..


    ~අමරසිරි පීරිස්~
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    අහසට සොදුරුද සද කෙතරම්...
    ගසකට සොදුරුද මල කෙතරම්...
    සයුරට සොදුරුද රළ කෙතරම්...
    එතරම් මිහිරී ඔබ මටනම්...

    හිත මැද පෙම්බරකම් සගවා...

    යන එන මග ඉගි බිගි කරමින්...
    හොද නෑ කරනා ඔය දගකම්...
    දුටුවොත් වෙන අය වෙයි නපුරක්...

    සුන්දර ඔය වත හින්දම තුන්යම...

    නින්දක් මට නැතිවා නැතිවා...
    තිස්සෙම මන් වට දැවෙටුනු කුමටද...
    අහන්න මට හිතුනා හිතුනා...

    අහසට සොදුරුද සද කෙතරම්...

    ගසකට සොදුරුද මල කෙතරම්...
    සයුරට සොදුරුද රළ කෙතරම්...
    එතරම් මිහිරී ඔබ මටනම්...

    හිත මැද පෙම්බරකම් සගවා...

    යන එන මග ඉගි බිගි කරමින්...
    හොද නෑ කරනා ඔය දගකම්...
    දුටුවොත් වෙන අය වෙයි නපුරක්...

    සොදුරුද මා හට ඔබ කෙතරම්...

    අන්සතු මලකට ඇයි ලොබකම්...
    සෙනහස සොදුරුයි ලොව හැමකල්...
    හිමිනැති වූ සද දෙයි ලතැවුල්...

    තැල්ලක් කර බැද කැන්දන් යන්නට...

    සත්තයි සිහිනෙක මා සිටියා...
    කන්දක් තරමට හිතුවේ ඇයි නුබ...
    බිලිදුන් නිදි නෑ මන් යනවා...

    අහසට සොදුරුද සද කෙතරම්...

    ගසකට සොදුරුද මල කෙතරම්...
    සයුරට සොදුරුද රළ කෙතරම්...
    එතරම් මිහිරී ඔබ මටනම්...
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    සොඳුරු පැතුමක් ලබැඳි හැඟුමක් වී
    මගේ සිත මත දැවටුණා ඔබ
    මියුරු කවියක් වී..
    මියුරු කවියක් වී..

    පැතුම් දැල්වුණු දෙනෙත් ඔප කල
    සැබෑ දසුනක් වී..
    කඳුළු තැවරුණු හිතපුරා පිපි
    සිනහ කැකුලක් වී..
    මගේ සිත මත දැවටුණා ඔබ
    මියුරු කවියක් වී..
    මියුරු කවියක් වී..

    කල්ප යුග යුග ගෙවා සපැමිණ
    එකම මංසලදී..
    සුවඳ විඳිමින් රැදෙන්නම් ළඟ
    සදාකල් සැනහී..
    මගේ සිත මත දැවටුණා ඔබ
    මියුරු කවියක් වී..
    මියුරු කවියක් වී..
    :love:

    ~ක්‍රිෂාන්ත එරන්දක~
     
    Status
    Not open for further replies.