වරෙල්ලා ගෙයක් හදමු.....

janaka5130

Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    වරෙල්ලා ගෙයක් හදමු.....

    එළකිරි එකේ ඉන්න අලුතින් ගෙවල් හදන,හදන්න හිතාගෙන ඉන්න සහොලට මේක ප්‍රෙයාජවත් වෙයි.සමහර අයටනම් අම්ම අප්පච්චිලා හදලා දෙනවා. අපිට කොයින්ද බූල් බල්ලෝ....
    අපි අත්දැකීම් බෙදා ගමු...

    මෙන්න හීන මාලිගාව
    3drender-house-beautiful-02.jpg

    මුලින්ම හිතන්න ඕන අපේ බජට් එක ගැන. ඊට පස්සේ ඒකට ගැලපෙන විදියට

    1. ඉඩමක් ගන්න ඕන
    දෑවැද්දට ඉඩමක් ලැබේ නම් ලොකුම ප්‍රශ්නේ ඉවරයි. ඉඩමක් ගන්නව නම් හොදට බලලා ගන්න ඕන. අඩුම ගානේ අවුරුදු 35 ක වත් පැටිකිරිය බල්නන ඕන. දිස්ත්‍රික් ඉඩම් ජෙජිස්ටාර්ගෙන් මුද්දර ගාස්තු ගෙවලා ගන්න ප්‍රළුවන්. ඒක ගෙනල්ලා හොද layer කෙනෙකුට දීල බැලුව නම් වැඩේ ශේප්. ඉඩම ගනිද්දි විකුණුම්කරය ලියන කොට නියම වටිනාකම දැම්මොත් හොදයි.

    2. හොද සැලසුම්කරුවෙක් සොයා ගැනීම
    මේකත් ඉතා වැදගත් සුදුසුකම් ලත් පොරක් මුල්ගල තියපු වෙලාවේ ඉදන් වැඩ ඉවර වෙන තෙක් වැඩේ හොල බලන කෙනෙක් නම් වඩාත් හොදයි.එයාට කියලා ලස්සන හීන මාලිගාවෙ සැලැස්ම ඇද ගන්න.

    3. පළාත් පාලන ආයතනයේ අනුමැතිය ලබා ගැනීම
    ඉඩම අයිති පළාත් පාලන ආයතනයේ අනුමැතිය නැතිව ඉදිකිරීම් සිදු කිරීම නීති විරෝධි, ඒ නිසා ඉඩමේ මිනින්දෝරු සැලැස්ම,නිවාස සැලැස්ම ආදිය අනුමත කරගෙන වීථි රේඛා සහතික, නොපවරා ගැනීමේ සහතිකය ලබා ගැනීම ඉතා වැදගත්.

    3. බැංකු ණයක් ලබා ගැනීම
    මේකට ලියකියවිලි හරියට නොදුන්නොත් වැඩේ ඇදි ඇදි යනවා ඒනිසා බැංකුවේන ඉල්ලන ලියකියවිලි නිවැරදිව ලබා දීම ඉතා වැදගත්.

    4. හොද බාස්ල හොයා ගැනීම
    මේක හරියට කරන්න පුළුවන් උනොත් ගේ හැදුව වගේ තමයි. මේ අය අතිමහත් බහුතරය බක පණ්ඩිතයෝ වෙන කවුරුවත් කියන දේ අහන්නේ නෑ. ඒ නිසා බොධි පූජාවත් එහෙම තියලා බාස් කෙනෙක් හම්බ වෙන්න පලයල්ලා.

    5.A to Z අවධියෙන් සිටීම.
    මේක තමයි මග ඇරෙනම දේ. අප බඩු දෙනවා,වෙන උන් ගෙවල් හදනවා. අන්තිමට ලක්ෂ 30ට තවත් 30 ක් යනවා. ඒ නිසා හැම දේම හොයලා බලපල්ලා

    මගේ අත්දැකිම පලවෙනි ගේ හදන එක අත්දැකීමක් විතරයි දෙවැනි එක තමයි හරියට හදන්න පුළුවන් වෙන්නේ. ඒත් ඉතිං අපිට හදන්න පුළුවන් ජීවිතේටම එක ගෙයක් නිසා වැඩේ චොර කරගන්නේ නැතිව සිහින මාලිගාව හදන්න ඕන.

    ඔය පොඩි මල්ලිලාට කියන්නේ ගෙයක් හදන්න කල් තියේනම්. දැන් වාහනයක් එහෙම නැත්නම් ඉස්සෙල්ම වාහනයක් ගනිල්ල. ගෙවල් හදලා හිර උනාම පුට් බයිසිකලයක් ගන්න බෑ ඕං...

    ගෙවල් හදලා අත්දැකීම් ඇති එවුන් දාපල්කො බලන්න ඒවා. මාර ප්‍රයොජනවත්.

    බලලා හොද නම් රෙපක් එහෙම දීපල්ල බම්ප් එකක්වත් දාල යන්න අමතක කරන්න එපා.

    තව එකක් ගේ හදන්න බඩු ගන්න විතරක් නෙවෙයි ප්ලේන්ටියක් හරි බොනව නම් සිංහල කඩේකට යන්න අමතක කරන්න එපා. අපි හදවතින්ම සිංහල වෙමු.
    එහෙනම් තෙරුවන් සරණයි
     
    Aug 3, 2010
    1,056
    48
    0
    SRILANKA
    තව එකක් ගේ හදන්න බඩු ගන්න විතරක් නෙවෙයි ප්ලේන්ටියක් හරි බොනව නම් සිංහල කඩේකට යන්න අමතක කරන්න එපා. අපි හදවතින්ම සිංහල වෙමු
    aniwa
     
    qtel

    Well-known member
  • Apr 17, 2011
    1,119
    111
    63
    OUT OF HOME
    තව එකක් ගේ හදන්න බඩු ගන්න විතරක් නෙවෙයි ප්ලේන්ටියක් හරි බොනව නම් සිංහල කඩේකට යන්න අමතක කරන්න එපා. අපි හදවතින්ම සිංහල වෙමු
    aniwa

    ANIWAA ,,,:yes::yes::yes:
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ඒ වගෙම වාස්තු විද්‍යා වැඩ ගැනත් උනන්දු වෙන්න ඕන.
    සමහර බක පන්ඩිතයො නම් මෙව්වට හිනා වෙයි.ඒත් බලපෑම් ඇති වෙනවා.
    අපි ගේ හදන්න ලෝන් එකක් ගන්න කාපු කට්ට නම් කියල වැඩක් නෑ.
    බැංකුවෙන් අවශ්‍ය ලියකියවිලි ලිස්ට් එකක් දුන්නා...වරිපනම්,එම්.සි,ඉවීථි රේඛා,ජල සැපයුම්,භූ විද්‍යා,ඔප්පු,ප්ලෑන්,එස්ටිමේට්...වගෙ මාර ලිස්ට් එකක්. ...
    එව්වට මගෙ නිවාඩුවම ගෙවුනා.
    ඊට පස්සෙ බාස් කෙනෙක් සෙට් උනා...මුලදි වැඩේ හොඳින් කරන්න ගත්තට පස්සෙ මිනිහා බොරු ගනන් දාලා මාට්ටු උනා.
    ඒ නිසා අපිට වෙන බාස් කෙනෙක් හොයන්න සිදු උනා.
    මිනිහ අවුලක් නැතුව කලා.මේ මාසෙ වැඩ ඉවර වෙනවා.
    ප්ලෑන් එකෙ හැටියට තව වැඩ තිබුනත් ඉතිරි වැඩ වෙන්නෙ අපි පදිංචි උනාට පස්සෙ තමයි.
    හැබැයි බාස්ලගෙ ,ගෝලයන්ගෙ ගනන් වල හැටියට එම්.බී.බී.එස්. කරානම් හොඳයි කියලා හිතුනා...ජොබ් එකෙන් අස් වෙලා.
    බඩුත් මාර ගනන් තමයි.
    ඒත් එළ කොල්ලන්ගේ නිවාස සිහිනයක් තිබේ නම් එය සඵල වේවා කියා ප්‍රාර්ථනා කරනවා.
     
    sinhaleseman

    Active member
  • Aug 20, 2011
    476
    83
    28
    everywhere
    බොහොම හොඳ වැඩක් යාළුවා..මාත් ගෙයක් හදන්න හිතන් ඉන්නේ. බාසා දවස් කුලියට ගන්න එකද හොඳ කන්ට්‍රක්ට් ක්‍රමයට ගන්න එකද හොඳ ?
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    බොහොම හොඳ වැඩක් යාළුවා..මාත් ගෙයක් හදන්න හිතන් ඉන්නේ. බාසා දවස් කුලියට ගන්න එකද හොඳ කන්ට්‍රක්ට් ක්‍රමයට ගන්න එකද හොඳ ?

    දවසේ කුලියට ගන්න එපා. කන්ට්‍රැක් දීපං. දවස් කුලියට ගත්තොත් කෑම දීලා තේදීල බුලත්විට දීලා සිගරට් දීල සතියකට සැරයක් බොතලයක් දීල අම්මෝ.... දැන් ඉාස් කෙනෙක් දවසකට අඩුම 1300 ට වැඩිය ගන්නවා ගෝලයට 1000 ක් දැන් උඩ වියදම් ටික එකතු කරාම මරු නේ .... ඒක නිසා කන්ට්‍රැක් දීපං හැබැයි හොයල බලල තමන්ට ඕන විදියට වැඩේ කර ගනිං....
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    යකො 184 ක් බලල කමෙන්ට් කීයද? ඔය ගෙවල් හදපු උන් කියපල්ල උඹලගේ අත්දැකීම් එළකිරි කොල්ලන්ට
     
    Last edited:

    sinhaleseman

    Active member
  • Aug 20, 2011
    476
    83
    28
    everywhere
    දවසේ කුලියට ගන්න එපා. කන්ට්‍රැක් දීපං. දවස් කුලියට ගත්තොත් කෑම දීලා තේදීල බුලත්විට දීලා සිගරට් දීල සතියකට සැරයක් බොතලයක් දීල අම්මෝ.... දැන් ඉාස් කෙනෙක් දවසකට අඩුම 1300 ට වැඩිය ගන්නවා ගෝලයට 1000 ක් දැන් උඩ වියදම් ටික එකතු කරාම මරු නේ .... ඒක නිසා කන්ට්‍රැක් දීපං හැබැයි හොයල බලල තමන්ට ඕන විදියට වැඩේ කර ගනිං....

    thanks machan
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඒ වගෙම වාස්තු විද්‍යා වැඩ ගැනත් උනන්දු වෙන්න ඕන.
    සමහර බක පන්ඩිතයො නම් මෙව්වට හිනා වෙයි.ඒත් බලපෑම් ඇති වෙනවා.
    අපි ගේ හදන්න ලෝන් එකක් ගන්න කාපු කට්ට නම් කියල වැඩක් නෑ.
    බැංකුවෙන් අවශ්‍ය ලියකියවිලි ලිස්ට් එකක් දුන්නා...වරිපනම්,එම්.සි,ඉවීථි රේඛා,ජල සැපයුම්,භූ විද්‍යා,ඔප්පු,ප්ලෑන්,එස්ටිමේට්...වගෙ මාර ලිස්ට් එකක්. ...
    එව්වට මගෙ නිවාඩුවම ගෙවුනා.
    ඊට පස්සෙ බාස් කෙනෙක් සෙට් උනා...මුලදි වැඩේ හොඳින් කරන්න ගත්තට පස්සෙ මිනිහා බොරු ගනන් දාලා මාට්ටු උනා.
    ඒ නිසා අපිට වෙන බාස් කෙනෙක් හොයන්න සිදු උනා.
    මිනිහ අවුලක් නැතුව කලා.මේ මාසෙ වැඩ ඉවර වෙනවා.
    ප්ලෑන් එකෙ හැටියට තව වැඩ තිබුනත් ඉතිරි වැඩ වෙන්නෙ අපි පදිංචි උනාට පස්සෙ තමයි.
    හැබැයි බාස්ලගෙ ,ගෝලයන්ගෙ ගනන් වල හැටියට එම්.බී.බී.එස්. කරානම් හොඳයි කියලා හිතුනා...ජොබ් එකෙන් අස් වෙලා.
    බඩුත් මාර ගනන් තමයි.
    ඒත් එළ කොල්ලන්ගේ නිවාස සිහිනයක් තිබේ නම් එය සඵල වේවා කියා ප්‍රාර්ථනා කරනවා.

    machan mama lankawe neme inne.job eka karanne mehe.ehema ayata loan ganna amaru nadda?