පද පේලි .....

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මායම් තරු රෑනේ බැල්මෙන් මිදී
    පායන් ආ සඳටයි බැඳුණේ වෙලී
    රෑනෙන් මිදුනාම නෑ අත් බැඳී
    මානම් අද ඉන්නෙ ප්‍රේමේ ගිලී
    සීතාවියක් හින්ද රෑ නෑ නිදී
    ඔබ හින්දයි තවමත් මා මඟ බලමින් ඉන්නේ රැඳී
    කවදාවත් රිදවන් නෑ හිමිවේනම් උන්මාදිනී

    පාඩම් පොතේ සුවඳ අකුරින් ලියාදුන්
    උන්මාද ගීතේ ද ගැයුවේ ඔයා
    ඒ පොත් කොනේ ලිවුව හසුනත් ඔයාටයි
    මේ පෙම් හැඟුම් නැද්ද දැක්කේ ඔයා
    හැමදා ම නෙතු කීව ඒ පෙම් කතාවේ
    හිතවත් කමක් නේද දැනුනේ කියා
    කවදා ද ඉටුවන්නෙ මේ ‍ප්‍රාර්ථනාවන්
    දුක් ගින්දරේ හීන ඇවිලී ගියා

    මායම් තරු රෑනේ ........................

    මල් හීන හිත බැන්ඳ කිරිකොඩු කාලේ
    එක හීනයක් ගාව මම නැවතිලා
    තරු වාගෙ දිළිහෙද්දි පොඩි ඇස් ඔයාගේ
    බැහැ දැන් කියාගන්න හිත ගොලු වෙලා
    දැන්ගත්ත දෑ ඈත වෙන්වී ගියෝතින්
    හැමදා ම විඳවන්න මා මෙහි තියා
    නොකියා ම ඉන්නම් මගේ ප්‍රාර්ථනාවන්
    මිතුදම් හොඳයි අහිමි වෙනවට වඩා

    මායම් තරු රෑනේ ........................


    ගායනය :- අමල් පෙරේරා
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    PHP:
    [YOUTUBE]iTvwS2K3NNQ[/YOUTUBE]
    ඔය ‍කොටස විතරක් දාන්න
    utube.gif
    ඕක ක්ලික් කරහම එන එකේ.



    thank u...Samahara dewala mata kochchara keyala dunathe theranna naha...Bad LUCK !!!!!:rofl::rofl::rofl:

     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    thank u...Samahara dewala mata kochchara keyala dunathe theranna naha...Bad LUCK !!!!!:rofl::rofl::rofl:


    දැනුත් තේරුනේ නැද්ද? එහෙම වෙන එකක් නෑ. ටික්ක දවස් යද්දි පුළුවන් වෙයි :D
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    ඔය ඇස් දිහා පෙම යාවෙලා
    ගෙතු කාරනා හද දිවුරුවා
    සිත තෝරනා ඔබ පෙම් සිනා
    ලැබෙනා තුරා මා යදිනවා:love::love::love:

    Pradeep Rangana
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ ඇස්‌ දිහා බලන්
    දැන්වත් කියන්න මගෙ රත්තරන්
    ඔබ මගේ ද මා ඔබේ ද
    අපි අපේ ද කියලා
    දැන්වත් කියන්න මගෙ රත්තරන්

    පැහැදුල් නුවන් දල්වා මා දෙසට පා කරලා
    හද ගැස්‌ම මඟ නවතා දෙහදක්‌ ගොළු ව උන්නා
    ඔබෙ සෙනෙහෙ මඟ රැඳුනෙ ඇයි සංසාරයේ
    මේ භවයෙ මා වෙනුවෙන් ඔබ මැව්වේ
    දැන්වත් කියන්න මගෙ රත්තරන්

    මේ ඇස් දිහා බලන් ................

    කඳුළැල් නෙතින් පළවා පැතුමන් සිතේ තනි බින්ඳා
    සිල්ගත්තු සිත සඟවා ඔබෙ දෑත වෙත අතපෑවා
    ඔබෙ සෙනෙහෙ මඟ රැඳුනෙ ඇයි සංසාරයේ
    මේ භවයෙ මා වෙනුවෙන් ඔබ මැව්වේ
    දැන්වත් කියන්න මගෙ රත්තරන්

    මේ ඇස් දිහා බලන් ................


    ගායනය :- ශිහාන් මිහිරංග
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    මිය යයිදෝ මන්දා
    ඔබට ආදරේ හින්දා
    හදවත දෙදරා
    ගියෝතින් නුඹ හැරදා

    සුරඟනක රුව මැවුනී
    හදවත කඩා වැටුනී
    ආදරේ දැණුනී
    උමතුවට හැරුනී

    මිය යයිදෝ මන්දා...

    දින සති මාස ගෙවුනී
    ආදරේ දෝර ගැලුනී
    සැම මුවග රුඳුනී
    නුඹ නැතිව හැඬුනී

    මිය යයිදෝ මන්දා...:shocked::shocked::shocked:


    ගායනය - චන්දන ලියනාරච්
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    නෙක උයන් වතු මැදින්
    හමා යයි නව මන්ද මාරුතේ
    සොඳුර මේ අප පැතුම් සුපිපෙනා
    හිතමිතුරු වූ වසත් කාලයයි...

    සිතුවමින් මතුව ආ සුසුම් රැල්
    බොඳ මලක් මත වැටී බොඳව යයි
    සිහිනයක් අවදි වී පිය නගයි
    අඬ අඳුරු සීත කඳු මාවතේ

    නෙක උයන් වතු මැදින්...

    නොම තැවෙන් රාත්‍රිය දිගු විනැයි
    හෙට දවස මීවිතක් සේ දිසෙයි
    නිදැල්ලේ ගලා ගිය ජීවිතේ
    නිම්නයක නතර වී ගිම් නිවයි

    නෙක උයන් වතු මැදින්..


    §ප්‍රදීපා ධර්මදාස, අමරසිරි පීරිස්§

    Lovely song..:yes::yes::yes:
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    සොදුරු අතීතයේ නිමල පෑතුම වී
    මගේ හද තුල ඔබ ඉන්න ඈතී...
    ඒ හින්දා යලි සෙනෙහෙ සිතින් අපි
    ආදරයෙන් හමු වෙන්න ඈතී...

    කදුලු සුසුම් මෑද සතුටු සිනා මෑද
    භවය පුරා ලග ඉන්න ඈතී...
    එදත් මගේ සිත අද මෙන් කෑපවී
    ඔබේ නමට පුද දෙන්න ඈතී.....

    නොසෑලී නොතෑවී බාධක හමුවේ
    ආ හින්දා ජය ගන්න ඈතී....
    ආත්ම ගනනේ පුරුදු ලෙසින් අපි
    මේ අයුරින් හමු වෙන්න ඈතී.....

    Artist : T.M. Jayarathna
    Lyrics : Malani Jayarathna
    Melody : Rohana Weerasinghe
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    පෑල දිග අහසේ
    පාට දේදුනු සේ
    රැදී නොරැදී මගේ මතකේ
    හිඳී ඔබ රහසේ
    ලබැඳි මියුලැසියේ

    සිතින් මගෙ සිත දරාගෙන ඔබ
    ගෙවා ආ මඟ ඉතින් නිම වෙවී
    කඳුලු ගංතෙර නතර වෙමි මම නම්
    සිනහ තොටුපල සොයා යනු මැන
    ලබැඳි මියුලැසියේ

    කිරි සිනාවක සුවඳ කැටි වුන
    සිහින ගිනිගත් වසන්තය මිහිරියි
    කඳුලු ගංතෙර නතර වෙමි මම නම්
    කඳුලු තොටුපල අතැර යනු මැන
    ලබැඳි මියුලැසියේ


    §ලක්ෂ්මන් හේවාවිතාරණ§
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    පිපුනිදෝ ඔබ මේ උදේ
    සුසුදු මාලති මලක් සේ
    තක්සලාවේ අකුරු ඇහිදින
    පුංචි සා පැටවී
    මල් සුවද දැරිවී
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ඔය ඇස් දිහා පෙම යාවෙලා
    ගෙතු කාරනා හද දිවුරුවා
    සිත තෝරනා ඔබ පෙම් සිනා
    ලැබෙනා තුරා මා යදිනවා:love::love::love:

    Pradeep Rangana
    මුල මේකද , සිංදුව දෙන්න තියන කෙනෙක් :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මුල මේකද , සිංදුව දෙන්න තියන කෙනෙක් :rofl:

    මුල තමයි ඕකනම්. ඒත් නම ඕක නෙමෙයි.

    Obe Namata Pudami Sada - Pradeep Rangana
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    තිසර විලේ පියුම නෙලූ සිනාවේ
    ඒ සිනාවේ සැඟවුණාවේ
    පෙර ඔබත් මමත් පෙලූ කඳුළු දුමාරේ..♥
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔය නෙතු ගැටෙනා මොහොතක් පාසා
    වාවා ගන්න බැරී
    ඔබ වෙනෙකෙකු හා යන හැටි පෙනුනා
    අදහා ගන්න බැරී
    නෙත් අදහන්න බැරී

    හීන ගානෙ මා අරන් ගිහිල්ලා
    අතරමන් කළා වෙනස් වීලා
    දරන්න බැරි වේදනා තියාලා
    තවත් හිතක ගිහින් නැවතිලා
    හිතට මතක නෑ හිත පිළිගන්නෑ
    ඔබ වෙන්වීලා ගිහින් කියා

    කඳුළ උරුම ජීවිතේ පුරා මා
    තනිව ඉන්න තීරනේ කළා
    එදා මතක හිතට ළංවෙලා
    ඔයා ගැනම කල්පනා කළා
    හිතට මතක නෑ හිත පිළිගන්නෑ
    ඔබ වෙන්වීලා ගිහින් කියා

    ඔබ නෙතු ගැටෙනා ..............


    ගායනය :- සමන් ඉන්දික
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කුමුඳු මලට සඳ කැල්මක් සේ
    පියුම් විලට හිරු කිරණක් සේ
    රෝස මලට පිණි බිඳුවක් සේ
    බෙල්ලෙකු කුස මුතු ඇටයක් සේ
    ඔබ මට අගෙයි ඔබ මට අගෙයි

    අයාලේ ගිය මේඝ වලාවක දැවටී උන්නා
    ඔබ නෙත ගැටෙන තුරා
    දුටුවෙමි ලැබුවෙමි පහස ඔබේ
    ජීවිතයට අරුතක් ලැබුණා
    ඔබ මට අගෙයි ඔබ මට අගෙයි

    නුග සෙවනක් වී සිහිල සැදූ
    දුන්නා ජීවය මගෙ දිවි ගමනට
    මව් පදවිය දායාද කෙරූ ඔබ
    ජීවිතයයි හඳුනා දුන්නේ
    ඔබ මට අගෙයි ඔබ මට අගෙයි

    කුමුඳු මලට ..............


    ගායනය :- නිමේෂා ගමගේ
     

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    ආදර සැමරුම් කැටිවූ නෙතු කඳුළින් මුතු පබලින්
    නිමා කළෙමි සිහිවටනය යමුනා තීරේ..යමුනා තීරේ
    එවන් නිමල මැදුර බලා වඩින්න දේවියේ
    මහද අඳුරු ලෙන අතහැර වඩින්න දේවියේ

    දහසක් මිණි මල් ලිය කම්..පෙම පිදු වූ රන් කැටයම්
    යමුනාවේ තරඟ මතින් මත පිළිබිඹු වේවා
    චමත් කාර අතීත සඳ යළිත් ජනිත වේවා

    අපගේ පෙම් පුරාවතින් දෙරණ හෙළු කඳුළු ගලා
    මැදුරත කිරිගරුඬ පවුරු පබා කැළුම් දේවා
    සනාතන වූ පෙම් සිතුවම් එහි සටහන් වේවා

    ආදර සැමරුම් කැටිවූ නෙතු කඳුළින් මුතු පබලින්
    නිමා කළෙමි සිහිවටනය යමුනා තීරේ..යමුනා තීරේ
    එවන් නිමල මැදුර බලා වඩින්න දේවියේ
    හෙටදින මා එනතුරු එහි නිදන්න දේවියේ
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    තරු එළියෙන් රුදු රාත්‍රිකාලයේ..
    දැඩි සිතකින් දුරු ගමන යමි ඉතින්..
    කිසිදින අප හමුනොවන බව දනිම්..
    සිහිනය මිය යාතුය මේ ලෙසින්..
     
    Status
    Not open for further replies.