පද පේලි .....

Status
Not open for further replies.

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
නැවතී මෙතෙකින්

නැගෙන බිඳෙන
හැම සමුදුරු රැලි මත
නුඹෙ මුව හිනැහෙනු
මා දුටුවා
නොදැනිම වාගේ
ඒ රුව බොඳ කර
කඳුලක් නෙත
තනියට නැගුනා...

මතකද හැම රෑ
පහන් වනතුරා
පැතූ පැතුම් කෙලි සිනා වදන්
දින ගෙවෙනා හැටි
අප දැන හිටියා...

අද නුඹ කොහිදැයි සිත ඇසුවත්....////

ඉරණම ලියැවී
අප වෙන් කලදා
දෙගුරුන් හමුවේ
සිත නිහඬයි
නුඹ මියැදෙන බව
දැන දැන සිතකින්...

නෙලාගම්ද සොඳුරේ කෙලෙසින්....////

මා තුරුලට ගෙන
සුරතල් කරනට
අහිමි උනත් මට
සොඳුරු වරම්
අන්සතු උයනක
නුඹ හිනැහෙනයුරු...

දැක තුටු වෙමි නැවතී මෙතෙකින්....////

ගායනය - කසුන් කල්හාර
2.gif
11.gif
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
මා තුරුලට ගෙන
සුරතල් කරනට
අහිමි උනත් මට
සොඳුරු වරම්
අන්සතු උයනක
නුඹ හිනැහෙනයුරු...
දැක තුටු වෙමි නැවතී මෙතෙකින් :oo:
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ප්‍රේම‍යේ මං තලාවේ...
    ප්‍රේම‍යේ මං තලාවේ...
    පා සටහන් අප දෙදෙනාගේ...
    බෝ දුර ඇදුන වග...

    ඔබට මතකද තවම...///
    තවම...තවම...

    පා සටහන් බෝ ගැඹුරු‍යි
    ආදරේ... ආදරේ
    පොලවටත් දැනෙන්නැති
    දුෂ්කරම කාල‍යෙත් එක ළඟම
    ඇවිද ගි‍ය...
    පාසටහන් අප දෙදෙනාගේ...

    ඔබට මතකද තවම...///
    තවම...

    නිදහසේ ඇවිද ‍යන හැඟීමෙන්
    පාර වරදින්න ඇති
    සමුගැනුමකට ගමන්මග අතරමග
    උමතු වී සැරිසැරූ...
    පා සටහන් අප දෙදෙනාගේ


    ඔබට මතකද තවම...///
    තවම...

    -කසුන් කල්හාර-
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    හීනයක් වගේ ඔබ ආවා
    හීනයක් දිගේ ඔබ ආවා
    ආදරෙන් මගේ හිස අත ගෑවා
    හීනයක්ද මේ හිත කීවා

    ඔබ ඉගිල ගියා
    අහස් යහනට වලාකුළකින් නම අසාගෙන එන්න
    ඔබ කිමිද ගියා
    සයුරු රළ මත සයුරු රළකින් නම අසාගෙන එන්න
    හිත නතර උනා
    ගීතයක් ළඟ නම නොදන්නා හීනයට ඉඩ දෙන්

    නම නොදන්නා මලක් පිපිලා
    හිතේ වන වදුලේ
    නම නොදන්නා මලක් පිපිලා
    නෙතේ ගං වතුරේ
    නම නොදන්නා මලක් පිපිලා
    වතේ ගන අඳුරේ
    නුඹ ඇවිත්දෝ හීනයක්දෝ
    මගේ නම ඇසුනේ


    අමල් පෙරේරා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හීන කතන්දර ඉවරයි
    මං ඔයාට පාර කියන්නම්
    මහ සයුරේ දිය ඉවරයි
    දිය උල්පත ළඟ මම නවතින්නම්

    ඇත්තයි මල් පරවෙනවා
    තරුකැට කඩා වෙනවා
    සරණයි කඳුළු වැටෙනවා
    තුරු හිස මත ආයෙ පිපෙනවා
    මං ඔය හිත සුවඳ කරනවා

    හීන කතන්දර ..................

    පුදුමයි තරු ඇහැරෙනවා
    අහස ම එළිය කරනවා
    විරලයි ඇස් දන් දෙනවා
    ඔය ඇස මට පාර කියනවා
    මම මඟෙ හිත ඔයාට දෙනවා

    හීන කතන්දර ..................


    ගායනය :- සංඛ දිනෙත්
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    ආදරයේ උණුසුම් සුසුම් සුවඳද මෙතරම්
    එහෙනම් සැලමුතු පෙම තුළ නිසසල වී
    ලොව නවතීවා සැනෙකින්
    ආදරයේ උණුසුම් සුසුම් සුවඳද‍ මෙතරම්

    දේදුණු දෙබැමින් ඉඟිකරමින් හිනැහෙන විට
    අනේ ලෙන්ගතුදැයි කෙතරම්
    බිළිඳකු‍ සේ ළමැදේ ගුලිවූ විටෙක ලොබින්
    සත්තයි ඒ හැඩිදැඩි නුඹදැයි සිතේ

    ආදරයේ උණුසුම්..

    සීතල දෙතොලින් සිසිල‍සකින් මුමුණනවිට
    අනේ හීනෙන් දැයි නෑ‍ගෙයි
    හාදු මතින් නළලේ උණුසුම් තිළක තියා
    පිදුවේ ඒ නුඹගේ සෙවනැල්ල තමයි...

    ආදරයේ උණුසුම්...

    අමරසිරි පීරිස් සමග නිරෝෂා විරාජිනී

     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නිහඬ ගමනේ මේ තරම් දුර ඇවිද අපි එක වාගේ
    මිහිරි මතකේ සැරිසරා ඔබ නවාතැන් ගෙන දෑසේ
    බඹර නාඳේ ඇසෙන මානේ
    රැඳෙනු මාගේ සුවඳ වාගේ

    ප්‍රාර්ථනා තවරා ආදරේ ඉන්න ඉඩදෙන්න තුරුළේ
    හිනහෙනා කල්පනා ඔබ නිසයි ජීවිතේ
    ඇඟිලිතුඩු තදකර මගෙ නළලේ
    සිඹින සියුමැලි නුඹෙ දෙතොලතරේ
    ගැඹුරු හද කැළඹුම ඔය කඳුළේ
    රහස නොහැඟේ මගෙ ම ළඳුනේ

    දෑත් විදා ළමැදේ ආදරේ දෙන්න විඳගන්න රිසිසේ
    නිම නොවේ කිසි දිනේ පෙම් පැතුම් මා හදේ
    ලබන හැම ආත්මය ම ඔබගේ
    ළඟ ම ඉන්නයි මමනම් පැතුවේ
    පණට පණ දී ඉමු දිවි කතරේ
    නොයමි රහසේ රකිමි පණ සේ

    නිහඬ ගමනේ ...............


    ගායනය :- බාචි සුසෑන් හා ශානිකා මධුමාලි
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    මිහිර මවන හංස ගීතයයි
    හෙමින් හෙමින් අසා ඉන්න
    ලොවම නිහඩ වෙලා වගෙයි
    හොරෙන් ඇවිත් ලඟින් ඉන්න
    ඉතින් ඊට පස්සේ ප්‍රාර්ථනා වැස්සේ
    මේ අපේම අපේම ලෝකයයි

    මල් පිපේවි පිපේවි මේ උයන් තෙරේ
    ගී ඇසේවි ඇසේවි බිඟු තුඩින් තුඩේ
    ජීවිතේම සුන්දරයි සිතේ
    ලඟින් ඉන්න ආදරෙන් ප්‍රියේ

    ගඟ ගලාවි ගලාවි ඔහෙ නිසොල්මනේ
    බිඟු ගයාවි ගයාවි හද පැතුම් අපේ
    පාට පිරුණු ලෝකයක් වගේ
    කියා දෙන්න ඔබේ ආදරේ

    "ඉතින් ඊට පස්සේ 2" ටෙලි ඩ්‍රාමා තේමා ගීතය
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තාමත් මුණ ගැහුණෙ නැතත් දෑස්දෙක ඔබේ
    හිතට හිතක් ළංවීලා කල්පයක් වගේ
    දැනෙන තරම් ළඟ නැති පාලුව අනන්තය වගේ
    තාමත් ඔබෙ හමුවීමත් මට හිනයක් වගේ

    මේ පිරිමි රළු පපුවෙ ගැස්මන් පවා
    ඔය හිතට කාවැදිලා සිහිනෙන් පවා
    දුරින් ඉන්න බෑ මටනම් එන්න පණ මගේ
    තාමත් ඔබෙ හමුවීමත් මට හීනයක් වගේ

    හිත් පොඩියේ තනිවෙච්ච පෙම් අඳෝනා
    පවසන්න හති ඇරලා තුරුළට වෙලා
    දුරින් ඉන්න බෑ මටනම් එන්න පණ මගේ
    තාමත් ඔබෙ හමුවීමත් මට හීනයක් වගේ

    තාමත් මුණ ගැහුණෙ .............


    ගායනය :- සුරේන්ද්‍ර පෙරේරා
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    හිතත අනන්තටය දුර රැගෙන ගිහින්..
    නෙතු පියන් පුරා ඹබේ රුවම ඇවිත්..
    මෘදු සිහිල් පවන් නුඹෙ සුවද ගෙනත්..
    නුඹ මටත් හොරෙන්.. මගේ හිතම අරන්..

    සේපාලිකා..

    සද මණ්ඩලේ සද කැන් මැදින්..
    නුඹ හිනැහුනා මතකයි සැරයක්..
    මුතු වැල් වගේ දිය රැල් දිගේ..
    නුඹ දුර ගියා.. තව එක දවසක්..

    නිල් අම්බරේ හැඩ හංගමින්..
    නුඹ හිනැහුනා මතකයි තවමත්..
    හද මන්දිරේ දොරගුල් හරිමින්..
    මං පෙම් කලේ.. නුඹටයි කවදත්..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔබේ ඇස් දකිනා තුරා
    ආදරේ සැඟවී උන්නා
    ඔබට පෙම් කරනා තුරා
    ජීවිතේ නැවතී උන්නා

    කඳුළු නෙත මැකිලා ගිහින්
    ඔබෙ සුවඳ දැනුනා
    ඔබට හිත ගිය දා ඉතින්
    ආදරේ හිනැහී උන්නා

    ඔබේ ඇස් ................

    සොඳුරු සිත සඟවා දුකින්
    ඔබ ඈත යනවා
    ඔබෙ සුවඳ නැතිදා ළඟින්
    ජීවිතේ නැවතී උන්නා

    ඔබේ ඇස් ................


    ගායනය :- සමන් ඉන්දික
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    මා සිතට අහම්බෙන් ඔබ එබිකම් කළ අරුමය රහසින්
    මුළු ලොවට මුවාවෙන් සගවා ගන්නෙද මතුදා කෙලෙසින්...

    අඳුර සඳක් වේවී
    ඒ එළියේ පෙනේ නේද අපගේ සක්මන්
    පින්න ගගක් වේවී
    ඒ වතුරේ නැගී ඒවි අපගේ හසකැන්

    මා සිතට අහම්බෙන් ඔබ එබිකම් කළ අරුමය රහසින්
    මුළු ලොවට මුවාවෙන් සගවා ගන්නෙද මතුදා කෙලෙසින්..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආදරේ ඔබේ දෑසේ
    සැඟවිලා හොරෙන් වාගේ
    මා දිහා බලා ඉන්නේ
    හිත පුදන්නදෝ මට රහසේ
    යෞවනේ නැවුම් ලෝකේ
    රන් සිනා ඔබෙන් දුටුවේ
    ආදරේ සොයා ඔබගේ
    දෑත ගන්න මේ මා ආවේ
    ඔබ පුන්සඳ වී පායා
    මා‍ගේ හද අහසේ දිළෙන්නේ

    ළංවුණා මා මුලින් දුටු දවසේ
    මා සිත ළඟ දැවටුණා කුළුඳුල් ප්‍රේමේ
    ලස්සනයි ඔබ මලක් සේ කෙල්ලේ
    සුරකින්නම් සැම දිනේ ආද‍ර සුදු කෙල්ලේ
    රිදී තරුවක් වී පායා ඔබ හද අහ‍සේ දිළෙන්නේ

    මා පැතූ මගේ සිහි‍නේ ඔබ තමා සුපෙම්වතියේ
    සුන්දරයි අපේ ලෝකේ වෙන්නොවන්න මේ ළංවූයේ
    මා භවෙන් භවේ මෙලෙසේ මල් පවන් රොදක් විලසේ
    පසුපසින් හඹා ආවේ ජීවිතය ‍වගේ ඔබ මාගේ
    ඔබ පුන්සඳ වී පායා මාගේ හද අහසේ දිළෙන්නේ

    ළංවුණා මා ............


    ගායනය :- නලින් පෙරේරා
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    අඳුර ගලා යන හෝරාවේ
    සඳවත පීදෙන මේ යාමේ
    මුව අග විකසිත උණුසුම් හැඟුමන්
    ඔබට කියන්නයි මා මේ....

    මා හද හැඟුමන් ඔබට කියනවද
    රහසින් කොඳුරාලා
    ප්‍රේමයෙ ගී පද සුළඟට මුසු කොට
    ඉමු අපි හිනැහීලා
    සුන්දර මේ සිහින ඔබේ පුබුදමි සෙනෙහෙ බලා

    රන්වන් පාටින් දිළිසෙන අහසට
    යමු අපි පියඹාලා
    ඔබ රුව දුටුවේ පින්බර සඳවත
    යළි අද පාවීලා
    ආදරයත් තරු වැල් වී මුතුකැට වැහි වැහැලා

    හෙක්ටර් ඩයස්

     
    • Like
    Reactions: prageeth119lk
    Status
    Not open for further replies.