අම්පාර - දමනට පෙරේදා රාත්‍රි භූ චලන දෙකක්
සුසන්ත අමරබන්දු - අම්පාර විශේෂ
අම්පාර දමන ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ ගල්කන්ද, දේවාලහිඳ, පල්ලන්විල, කිත්සිරිගම, වටිනාගල යන ගම්මානවලට පෙරේදා (08 වැනිදා) රාත්‍රි 6.55 ට සහ රාත්‍රි 10.02 ට නැවත භූ චලනයන් දෙකක් සිදුවූ බව ප්‍රදේශවාසීහු පවසති.
විශාල ශබ්දයක් සමඟ පොළොව සෙළවුණු බව පවසන ඔවුහු පසුගිය දින කිහිපය තුළ 29 වතාවක් මේ අයුරින් සිදුවූ බවද පවසති.
මෙම ප්‍රදේශවලට පසුගිය 04 වැනිදා භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශයේ නිලධාරීන් පැමිණ පරීක්‍ෂණ ආරම්භ කළ අතර ඔවුන් සවිකළ භූ කම්පන උපකරණවලද මෙම භූ කම්පන පිළිබඳව සටහන් වී තිබේ.
පල්ලෙකැලේ හක්‌මන සහ මහකනදරාව යන භූ කම්පන මධ්‍යස්‌ථානවලද මෙම සුළු භූ චලනයක් පිළිබඳ සටහන් වී තිබුණද එය රිච්ටර් මාපක වශයෙන් ගණනය කිරීමට නොහැකි මට්‌ටමක තිබේ.
අපි 04 වැනිදා සිට මේ දක්‌වාම මේ ප්‍රදේශයේ පරීක්‍ෂණ ආරම්භ කළා. ඉන් පසු 08 වැනිදා රාත්‍රි තමයි මේ භූ කම්පන ඇතිවුණේ. මේ පිළිබඳව පරීක්‍ෂණ කිරීමේදී මෙය ස්‌වභාවික ක්‍රියාවලියක් නිසා නොව මිනිස් ක්‍රියාවලියක් බව සියයට අනූවක් පමණ අනුමාන කළ හැකි යෑයි එම නිලධාරීහු පැවසූහ. ඉදිරියටත් පරීක්‍ෂණ සිදුකරන බව භෞතික විද්‍යාඥ මහින්ද සෙනවිරත්න මහතා පැවැසීය.