ත්රෙඩ් එක කෑමේ සම්ප්රදායක් මට නැති නිසා කියවල ලියන්නේ කියවපු ටිකට අදාල වෙන්න.............
මචංලා පොඩි උන්ට වයලන්ස් කාටූන් නම් පෙන්නන්න එපා මැරුවත්...ඔය බෙන්10 කියන ලබ්බ මම නම් පොඩි උන්ට පෙන්නන්නේ නෑ........අනික ගෙනත් දෙන්නෙත් නෑ.............
බිම පෙරලිලා ඇඩුවත්, නොගැලපෙන දේවල් දෙන්න එපා...ළමයින් ගේ ළමා විඥාණය මොට්ට කරන දේවල් සහ පැණි රස. දෙකට එක වගේ භයානකයි.
අනික දෙයක් ඉල්ලා දෙන්නේ නෑ කිව්වොත්, ආයෙ බිම පෙරලිලා ඇඩුවත් දෙන්න එපා! ළමයින් ගේ මනසට යන්න ඕන මගේ අම්මා/තාත්තා කියන වචනෙකට තියෙන්නේ එක තේරුමයි කියලා. නැත්තං උඩ පැනලා, නටල, ගයල ඇඩුවාම දුන්නොත් අර බෑ කිව්ව දේ, පොඩි උන් ගේ විඥාණෙට යනවා “බොලේ මේක තමා ලබා ගන්න කරමේ“ කියලා.
ඔය හැම දේම දෙන්න, ඕනම දෙයක් කරන්න දෙන්න කියන ගොංපාට් එක බටහිරින් අපට ආව දෙයක්. උන්ට ඕන ඕන **ක් විකුණන්න. එහෙම ළමයි හදල බටහිර දැන් තියන තැන පේනව නේ.
මම නම් පොඩි උන්ට පෙන්නන්නේ ඔය “ෆයින්ඩිං නීමෝ“ වගේ කාටූන්, හැබැයි උන් බලන කොට මමත් ඉදලා තේරුම් කරල දෙනවා, අම්මල ගේ තාත්තලා ගේ ආදරය, යාළුවො වෙනුවෙන් අපි තොහොමද උදව් කරන්න ඕන වගේ දේවල්. අපේ ලොකු හාදයා ගේ ඔළුවට නම් හොදට යනවා ඕවා. අනික ළමා ගීත නැත්නම් ටිකක් ක්ලැසිකල් මියුසික් අහන්න දීපල්ලා. (අපේ ලොක්ක ගේ මේ දවස් වල ප්රියතම ගීතය මොකක් ද දන්නවාද? කසුන් ගේ නැවතී මෙතෙකින්!! හාදය ඒක ගායනා කරනවත් එක්ක, එහෙන් මෙහෙන්

- අර ළමා ගීත ටික ලින්ක් ඇති කොස් ගාව...බා ගනිල්ලා...තව සෙට් උන ගමන් ම දෙන්නම් තව ලෝඩ් එකක්)