සුන්දර ගීයක ඇරබුම,..

Nohim Ys

Well-known member
  • ඔන්න ආයෙත් මම ගීතයක් අරගෙන ආව..... දැන් ටිකකට කලින් යාළුවෙක්ගෙ ඉල්ලීමක් තමයි මම මේ දැන් දෙන්නෙ. අනේ යාළුවනේ කිහිපදෙනයි කමෙන්ට් දෙන්නෙ.... ඔයාලම හිතන්න මෙච්චර අමාරුවෙන් ටයිප් කරල අපි ආසාවෙන් බලාගෙන ඉන්නව ඔයාල අපේ විචාරය ගැන කියන අදහස් මොනවද කියලා... නමුත් විචාර දෙකක් අතර කමෙනට්ස් 5,6 කට වඩා නෑ. ඒකත් නිතරම එන අයගෙන්... 9000ට ආසන්න පිරිසක් මේ වනවිටත් බලල තියෙනවනම්........................ අනේ මන්ද................. හරි කමක් නෑ , අපි යමු ගීතයට.......

    ගහක මල් පිපිලා පිපෙන්නේ
    ඇයිද නොදන්නෙමී
    හිතක මල් පිපිලා පිපෙන්නේ
    ඇයිද නොදන්නෙමී
    නුඹට සිත බැදි කාරණේ මා
    තවම සොයන්නෙමී...


    හරි ලස්සන ප්‍රේමණීය සින්දුවක්.... ආදරවන්තයින් කී දෙනෙක් තමන්ගෙ පෙම් හසුන්වල, එස් එම් එස් වල, ඊමේල් වල මේ ගීතය ලියන්න ඇත්ද.....? ආදරවන්තියින් කීදෙනෙක් මේ ගීතය සිය සහකරු හෝ සහකාරිය ළග තියාගෙන ගායනා කරන්න ඇත්ද....? ඒ තරමටම ප්‍රේමණීයවූත්, සුන්දරවූත්, ඉත්මත් ඉක්මනින් සිත්තුල තැන්පත්වී ජනප්‍රිය වූත් ගීතයක් තමා මේ.

    ඒත් මේ ගීතය සමලිංගික ඇසුර සාධාරණයයි පවසමින් සමලිංගික ආදරය ගැන ප්‍රකාශකරන ගීතයක්... දැන් අපි බලමු කොහොමද එහෙම වෙන්නෙ කියල.....

    හැමෝම වගේ මේ ගීතයේ මුල් කොටසන්ම තීරණයකට ඇවිත් ඉවරයි ආදර වන්තයෙක් ආදර වන්තියකට කියන ගීතයක් කියල.... ඇත්ත ඕන කෙනෙකුට එහෙම හිතෙනව තමා .... මොකද සරලව පද ගැලපීමක් සිදුකරල තියෙනව ඒ මුල් කොටසෙ. මේ මුලු ලෝකයම සුවද කරන්නට ගස් වල මල් පිපෙන්නේ ඇයි කියල මට තාමත් තේරෙන්නෑ.. ඒ ගස් වලින් දෝරෙ ගලන මල් සුවද වගේම සුවදට.. (සමහරවිට ඒ සුවද ඊටත් වඩා වෙන්නැති ) මගේ සිතේ විකසිත වෙන මල් සුවද .. සුවදක් වෙන්නෙ ඇයි කියල මම දන්නෑ... ඒ මල් පිපෙන්නෙ ඇයි කියල දන්නෑ වගේම ඔබ වෙනුවෙන් මගෙ හිත ඇදුනෙ ඇයි කියලත් මම දන්නෑ...

    ගහක මල් පිපිලා පිපෙන්නේ
    ඇයිද නොදන්නෙමී
    හිතක මල් පිපිලා පිපෙන්නේ
    ඇයිද නොදන්නෙමී
    නුඹට සිත බැදි කාරණේ මා
    තවම සොයන්නෙමී...


    නමුත් දෙවන කොටස ගැඹුරින් විශ්ලේෂණය කලොත් අපිට ගීතය තුල මුල් බැසගත් සැබෑ අර්ථය හොයාගන්න පුළුවන්.. සැබෑ අර්ථය බුද්ධිමත් ශ්‍රාවකයාට පමණක් තේරුම්ගැනීමට අවස්ථාවක් ලබාදීමටත් සාමාන්‍ය ශ්‍රාවක රසයෙන් එය වසන් කිරීමට මෙහි ගීත රචකයා ප්‍රභල සාර්ථක උත්සාහයක් දරල තියෙනව.

    ලෝක ස්වභාව අනුව පිරිමියෙක් ප්‍රේම කරන්නෙ කාන්තාවකට හරියට කාන්තාරය සූර්ය රශ්මියට ප්‍රේම කරනව වගේ. නමුත් කාන්තාරයට අවැසිනම් නිතරම නොලැබෙන වර්ෂාවට උනත් පණවගේ ආදරේ කරන්න පුළුවන්. අපූරු උපමා යොදාගනිමින් යමුනා මාලනී නම් පද රචිකාව ඉතාම සංයමයෙන් සමලින්ගික ප්‍රේමයක පැටලුනු අයෙකුගේ සිතුවිල්ලක් මෙහි ප්‍රකාශවෙනව. එනම් ලෝක ධර්මතාවයට අනුව ගැහැණියක් හා පිරිමියෙක් එකිනෙකාට ආලය කිරීම සිදුවූවත් විශම ලිංගිකත්වයෙන් ඔබ්බට ගොස් සමලිංගිකයන් කෙරේත් ආදරය නම් හැගීම ඇතිවිය හැකි බවයි. මෙම පදපෙල අවසානයේ රචකයා යොදා ඇති "ලොවට නොපෙනෙන අරුම සෙනෙහස ඒ වගෙයි මනරම්.. කරනු බැහැ තහනම්.." පද පෙලින් සමලිංගික ආදරය සම්මතයෙන් ඔබ්බට ගොස් අසම්මතයේ ක්‍රියාවක් බැවින් මෙකී සෙනෙහස ලොවෙන් සගවනා සෙනෙහසක් බවත් කිසිවෙකුට ඒ හැගීම යටපත් කරන්නට බැරි බවත් කියන්න උත්සාහ කරනව...

    "කතරෙ වැලි කැට හිරුට පෙම්බැද
    ඇතත් ලෝ දහමින්
    සොදුරු වැස්සට දැවෙන කතරත්
    ආදරෙයි පණමෙන් "


    ගීතයේ අවසන් කොටසෙදිත් පද රචකයා සිංහල භාෂාවේ තිබෙන හරිම සුන්දර වචන උපමා උපමේ යොදාගනිමින් තමා අපට මේ අසම්මත කතාව පැහැදිලි කරන්නෙ. "සදට සදහට සෙනේ පෑ මුත් උදුල තරු කැටයම්..." සද , තරු දෙකම අයිති රාත්‍රි අහසට ඒක තමා ලෝක සම්මතය.. සද තරුවටත්, තරුව සදටත් පෙම් කරනව ... ගැහැණිය පිරිමියටත් පිරිමිය ගැහැනියටත් වගේ... සම්මතය එපරිදි උනත් ඒ සම්මතයට එපිටින් ගිහින් සදට පෙම්බදින්නෙ නැතිව දිවා කාලයේ හිරුට පෙම්බදින අයත් ඉන්න පුළුවන් නේද.... ? කියල තමයි අවාසාන පදයෙන් අහන්නෙ.

    "සදට සදහට සෙනෙහෙ පෑමුත්
    උදුල තරු කැටයම්
    හිරුටපෙම් බැදි එකම තරුවක්
    සිටිය නොහැකිද යම් "

    සරලව පැහැදිලි කරන්න හරිම අපහසු ගීතයක් .... ඒත් ඉල්ලීමක් කල නිසා පුලුවන් තරම් සරලව විග්රසහ කලා.... දැන් අපේ යාළුවො තවමත් ඉන්නෙ ආදරවන්තයෙක් ආදරවන්තිට කියනවා කියන මතයේද.... ඔන්න දන්නකෙනෙකුට මම මුළින් සදහන් කලා වගේ ලියුම් වල ලියල යවන්න දෙන්න එපා හොදේ.... හිතන්න ඔබේ ප්‍රේමවන්තිය හෝ ප්‍රේමවන්තය දැන් ඔබට මේ ගීතය ලියල දුන්නොතින් වෙන දේ.......... හොදට අහගනී නේද යාළුවනේ..... සිංහල ගීතයේ තියෙන රසය ඒක තාමා කියන්නෙ එකක් නමුත් යටින් හැමෝටම හොරෙන් ගලාගෙන යන්නෙ තවත් අර්ථයක්..... ඒ යටි අර්ථය සැබෑවටම හදුනගන්නෙ ඔබ වගේ බුද්ධිමත් හා ඉහල රසයක් තියෙන සීමිත පිරිසක් පමණයි....

    කොහොම උනත් අපිට මේ ගීතය විවිධ පැතිකඩයන් හා විවිධ මාන ඔස්සේ හා විවිධ බුද්ධිමට්ටම් වලින් දකින්න විදින්න පුළුවන් කමක් තියෙනවා..... තවත් ගීතයක් තව ටිකකින් දෙන්නම්... දැනට නවතින්නම්..... කමෙන්ට්ස් ඕනී......

    ගහක මල් පිපිලා පිපෙන්නේ
    ඇයිද නොදන්නෙමී
    හිතක මල් පිපිලා පිපෙන්නේ
    ඇයිද නොදන්නෙමී
    නුඹට සිත බැදි කාරණේ මා
    තවම සොයන්නෙමී...

    කතරෙ වැලි කැට හිරුට පෙම්බැද
    ඇතත් ලෝ දහමින්
    සොදුරු වැස්සට දැවෙන කතරත්
    ආදරෙයි පණමෙන්
    ලොවට නොපෙනෙන අරුම සෙනෙහස
    ඒ වගෙයි මනරම්
    කරනුබැරි තහනම්

    සදට සදහට සෙනෙහෙ පෑමුත්
    උදුල තරු කැටයම්
    හිරුටපෙම් බැදි එකම තරුවක්
    සිටිය නොහැකිද යම්
    නුඹට නොහැගෙන මගේ ප්රේුමය
    ඒ වගේ මනරම්
    පුදුමවෙයි නුඹ නම්

    ගායනය - කරුනාරත්න දිවුල්ගනේ
    පද රචනය - යමුනා මාලනී පෙරේරා
    තනුව - ගුණදාස කපුගේ


    සිරාවටම බං....:shocked:
    දැන් තමයි මීටර් උනේ..:yes::yes:

    සදට සදහට සෙනෙහෙ පෑමුත්
    උදුල තරු කැටයම්
    හිරුටපෙම් බැදි එකම තරුවක්
    සිටිය නොහැකිද යම්

    ඔය වචන වලින් එහෙම උඹ කියන එක හොදටම අවධාරනය වෙනවා :yes:
    පට්ට බං !!

     

    Nohim Ys

    Well-known member
  • [FONT=&quot]සැදැ කලුවර කුර ග ගා විත් - ඔබේ පැල්පත මගේ දසුනින්[/FONT] [FONT=&quot]
    ඈත් වූ සද -මගෙ සරා සද
    තනිවෙලා මා තනි වෙලා............[/FONT]

    [FONT=&quot]ආ...ආ...ආ....ආ....ආ..........[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]සත්‍ය ලෙසටම මතු පිට පෙනෙන ආකාරයට මේ ගීතය විප්‍රලම්භ ශෘංගාරය දනවන්නක්. එකිනෙක පේන දුරින් සිටින යුවලක්, කළුවර වැටෙද්දී තමන් ගේ දර්ශනය මැකීයන බව සහ එයින් පසුව කාන්තාව තනි වී කරනා ලතැවිල්ලක්, දුටු වනින් ම අපේ සිත් තුළ ඇදෙනවා. කාරණය ඒ නම්, මාගේ සකියෙනි, මා ඔබෙන් පැණැසෙන්නේ මේ යෙදුමේ අර්ථය කුමක් ද යන්නය.......[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]“ගව් ගනන් දුර ජීවිතේ බර - මගේ හිස මත බර වෙලා....................”[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]ප්‍රේමයේ විරහවෙන් වේදනා විදින ඇයට එක්වන්ව ම ජීවිතේ බර හිස මත බර වී ඇති බව මතක් වන්නේ ඇයි? අප දන්නා පමණින් ප්‍රේමය නිසා ජීවිතේ බර මදක් සැහැල්ලුවනවා විනා වැඩි වීමක් නැත. එයින් අපට පෙනෙන කරුණ අප මේ ගීතයේ රසවින්දනාත්මක පාර්ශවය ලෙස යම් නොමග යාමක් ගොස් ඇති බව නොවේද?[/FONT]
    [FONT=&quot]මම අපේ සස්ලිට් සොයුරා සමග සිදුකල දීර්ඝ විග්‍රහයේ දී පෙන්වා දුන් කරුණ මෙසේ පළ කරමි...........[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]තම ආත්මය අලෙවි කරමින් තම සැමියා රකින බිරිදක ගේ ළතැවිල්ල[/FONT]

    [FONT=&quot]සැදැ කලුවර කුර ග ගා විත්[/FONT]





    [FONT=&quot]සැදැ කලුවර කුර ග ගා විත් - ඔබේ පැල්පත මගේ දසුනින්[/FONT]
    [FONT=&quot]ඈත් වූ සද -මගෙ සරා සද - තනිවෙලා මා තනි වෙලා............[/FONT]
    [FONT=&quot]ආ...ආ...ආ....ආ....ආ..........[/FONT]

    [FONT=&quot]වළාකුළකුදු නොමැති අහසේ - මළානික වූ මගේ සිතිවිළි[/FONT]
    [FONT=&quot]ගල් ගැසී ඇත පාළු වී ඇත - අදුර පමණක් රජවෙලා.........[/FONT]
    [FONT=&quot]ආ...ආ...ආ....ආ....ආ..........[/FONT]

    [FONT=&quot]ඔබේ ලෝකය මගේ ලෝකය අතර ඇත්තේ රැයක් පමණයි[/FONT]
    [FONT=&quot]ගව් ගණන් දුර ජීවිගේ බර - මගේ හිස මත බර වෙලා........[/FONT]
    [FONT=&quot]ආ...ආ...ආ....ආ....ආ..........[/FONT]

    [FONT=&quot]අදුර ගලා යන විට ඇය ඔහු ගෙන් සමුගෙන යා යුතුය. එනිසා කළුවර මෝරා එන විට ඇය ගේ දසුනින් ඔහු සිටින පැල්පත ඈත් වී යයි. එම දසුන ඈත් වූ විට ඇය මේ ලොව තනි වේ. ඒ තනි වීම ඇගේ සදවත විනිවිදින එකකි. ඒ ඇය සිය ස්වාමියා පෝෂණය කරනු පිණිස සිය සිරුර අළෙවි කරනා නිසාය. ඔහු ගේ පහස තරම් ආදරණිය පහසක් ඇයට ගණුදෙණුකරුවන් ගෙන් නොලැබේ. එනිසාය ඇය තනිවන්නේ..............[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]වළාකුළකුදු නොමැති අහසේ - මළානික වූ මගේ සිතිවිළි[/FONT]
    [FONT=&quot]ගල් ගැසී ඇත පාළු වී ඇත - අදුර පමණක් රජවෙලා.........[/FONT]

    [FONT=&quot]සද වලාකුළින් වැසූ කල්හි දැනෙන රමණිය සුන්දර සිත්තම ඇය අත්දකින්නේ නැත. එනම් ස්ත්‍රී-පුරුෂ සම්භෝග සුවය ඇය විදින්නේ නැත. එනිසා ය ඇගේ සිතුවිළි මළානික වන්නේ. ප්‍රේමණිය හැගීම් උතුරා යා යුතු මොහොතක පවා ඇය ගේ සිතිවිලි මළානික වන්නේ ඇය ගේ ගණුදෙණුකරුවන් ඇයගෙන් ලබන්නේ ඇගේ තුණුසපුව පමණක් විනා, හැගීම් නොවන බැවිණි. මේ නිසාය මළිනික වූ ඇගේ සිතුවිළි ගල් ගැසෙන්නේ.......ඇය වටා සම්භෝග ප්‍රහර්ෂය නැත. ඇගේ ලොව ඇත්තේ මේ අවස්ථාවේ දී අදුරම පමණි.[/FONT]

    [FONT=&quot]ඔබේ ලෝකය මගේ ලෝකය අතර ඇත්තේ රැයක් පමණයි[/FONT]
    [FONT=&quot]ගව් ගණන් දුර ජීවිගේ බර - මගේ හිස මත බර වෙලා........[/FONT]

    [FONT=&quot]ඇය නිවෙසට එනවිට උදයයි. ඒ මිනිසුන්ට, සතුන්ට, ගහවැලකොළට උදයකි. නමුත් ඇය රාත්‍රීයේ කරන කටයුත්තේ වෙහෙස නිසා දිවා කළ නිදිදෙවිදුව සරණ යයි. එවිට ඇයට ඇත්තෙන් ම රාත්‍රිය වන්නේ අපේ දහවලය. සැමියා ගේ ලොව සහ ඇගේ ලොව අතර නිරතුරුව ඇත්තේ රැයකි. මේ සියළු ම වේදනා දරන්නේ ඇය ගව් ගණන් වූ මේ ජීවිතයේ බර දැරීමට බව අපට අවසානයේ දී කියා පායි.[/FONT]

    [FONT=&quot]රචකයා වූ මඩවල එස්. රත්නායකයන් කොතරම් සුක්ෂ්ම ලෙස මෙම පද පෙළ හසුරවා ඇතිද යන්න පිළිබද විශ්මයට පත්වීමෙන් වැළකීමට අපට නොහැකිය. එසේම බලන්න මේ ගීතයට යොදා ඇති මන්ද්‍ර ස්වර කලාපයේ සංගීතය. වස්දඩුව වුව වැයෙන්නේ මන්ද්‍ර ස්වරයෙනි. නන්දා ගේ විලිපීය කටහඩ, අවසන දී ඇය [/FONT][FONT=&quot]ආ...ආ...ආ....ආ....ආ.......... ලෙස ගායනා කරන [/FONT][FONT=&quot]අලප් කොටස මේ ගීතය අපේ හදවතේ ඇති ගැඹුරුතම තැන දක්වා මෙහි අර්ථය අතික්‍රමණය කරවයි. 1079 වසරේ සිට තවමත් පරම්පරා ගණනක් රසවතුන් ආනන්දයෙන් ප්‍රඥාව කරා එලඹවන මෙවන් ගීත අපට දායාද කළ සියළුම සුධීන් වෙත අපේ පින අනුමෝදන් කරවමු.!!!![/FONT]

    හුගක් ම ආසකරන සිංදුවක් බං !!
    තේරුම ඔය වගේ එකක් කියලා දැනගෙන හිටියේ නෑ.
    ගොඩක් ස්තුතියි විචාරයට :)
     

    dineshdias

    Member
    Feb 22, 2007
    156
    3
    0
    හරි ඔන්න මගෙන්ත් එකක්..
    රන්බන්ඩා සෙනවිරත්න මහත්තයා සරසවියෙ ඉගන ගන්න කාලෙ තිබුන එක කෑත පුරුද්දක් ඒ තාමා යාලුවො හතර දෙනාටම එක ගනිකාවක් ගෙනල්ල හතරදෙනාම ඈත් එක්ක එක් වීම සින්හලෙන් ම කියනවනම් පෝලිමක් දෑමීම..

    ඔන්න එකසති අන්තයක කට්ටිය පුරුදු විදිහට පෝලිමේ වෑඩේ කරනව.. ඊටපස්සෙ පෝය.. මේ ගොල්ලොත් මොන බලු වෑඩේ කරත් පෝය දවසට දලදා හාමුදුරුවන් වදින්න මාලිගාවට යනව. මෙන්න මෙහෙම ගිහාම අර කලින් තමන් කාමරයට ගෙනා ගනිකාව තෙල්, මල් අරන් දලදාව වදින්න ඈවිත්.. කලින් සතුටින් සිනා සෙමින් ඈ සමග එක්වුන මේ පිරිස මෙතනදි ඈට රවනව.. ඒ ඈය වෑරදි කාරියෙක් නිසා.. ඒත් කාටද ඈ වරදක් කරල තියෙන්නෙ??? බලන්ගිහාම ඈ කූබියෙකුටවත් වරදක් කරල නෑ

    ඒත් ඈ වෑරදි කාරියක්.. පිරිමින්ගේ පහත් අශා නම් වූ පාප කදට දෝශ විදින පාප කාරියක්.. හෑම දෙනාම යෑහේ ලෑම දකිනව ඒත් කිසිම කෙනෙක් ඈහේ ලය බලන්නෙ නෑ..

    එතෙක් මෙතෙක් ගනිකාවන් පිලිබදව් අලියවුන අතිශයෙන්ම සානුකම්පිත ගීතය වන ලදුනේ ගීතයේ නිදාන කතාව මම අහල තිය්න විදිහට ඕකයි





    සමාවෙන්න යාළු. මේ ත්‍රෙඩ් එක කියවන්න ගත්තෙ ලගදි දැනට පේජස් 300 කට වඩා ගිහින්. ඒත් මේ ගීතයට පාදක වුනු දේ ගායකය විසින් විස්තර කරනවා මෙතනදී දැක්කා. මෙය නිවැරදි කිරීමක් ලෙස දක්වන්න කැමතියි. ස්තුතියි.
     

    Nohim Ys

    Well-known member
  • මම දන්න ඒ වගේ කෙනෙක් ඉන්නවා ධනුෂ්ක..........
    ඇය ඒ දේ කරන්නේ අනතුරකින් අබ්බගාක වුන තම සැමියා සහ පාසල් යන දරුවන් රකින්න පාට් ටයිම් ජොබ් එකක් විදියට.........!!!
    අපි නොදන්න සංවේදී දේවල් කොච්චර මිනිස්සුන් ගේ ජීවිතවල තියනව මචං.......!!!!!!
    :(:(:sorry:

    මචන් අර ලෙඩ මනුස්සය මේ ගැන දන්නවද බන්,,හතුරෙකුටවත් මෙහෙම දේවල් නම් වෙන්න එපා..:no::no:

    ඔහු දන්නවා....අවාසනාව ඒකයි..........
    හිතපං කන හැම බත් ඇටයක් ගානෙම මේ කන්නේ මගේ දරුවන්ගේ අම්ම ගේ ලේ මස් නේද කියල හිතෙද්දී.........
    ජීවිතේ අපි හිතන කරං සුන්දර නෑ ධනුෂ්ක.........
    ඒ අතිං අපි වාසනාවන්තයි.........

    :sorry::sorry::sorry::sorry::sorry::sorry:
     

    dineshdias

    Member
    Feb 22, 2007
    156
    3
    0
    අද දවසේ දී ජනප්‍රිය ම ගීතයක්...........
    ඇරඹුම ම කදුළක් වෙලා..........


    arambumama-kandulak-wela-kasun-kalhara.jpg


    හැල හැප්පීමක් මැද්දෙන ඇරඹෙන පෙමක්??????? අන්තිම කෙළවරදී ඇති වුණ හැල හැප්පීම්....???
    කොහොම වුණත් ඇය යන්නේ අවසානයට පෙර වීම ඔහුට දරා ගන්නට බැරි දෙයක්. ඇය අවසානය තෙක් වත් සිටියා නම්....??
    ඒ ප්‍රේමය දුක්බර කවියක්. නමුත් එහිත් පද පෙලක් ඈ අඩුවෙන් තියන තරමට ඇයව ‍වටහා ගැනීම ඔහුට අපහසුයි. ප්‍රේමය බිද වැටෙන්නේ ඒනිසාමයි.......ඇට ගිය පසුත් මම ඒ අඩු පදයේ අරුත සොයනවා.........ඇත්තටම එය පසිදින්නට, වටහා ගන්නට බැරි හේතුවක්........
    මේ ප්‍රේමයේ අවසන ශෝකාන්තටන් බව ඇය දන්නා බව ඔහුත් දන්නවා. ඇය ඒ තුල රැදෙන්නේ නැති බවද ඔහු දන්නවා. නමුත් ඈ ඔහුව මේ ප්‍රේමයේ අනන්තය වෙත කැදවා අවසානයි. ඔහු මේ ප්‍රේමයේ අනන්තය තුළ නිරා දුක් විදිමින් පැසෙනවා. එයද ඇත්තම සෙනෙහස......??????
    ඔහුට විදවන්නට, දරන්නට, උහුලාගන්නට බැරි එකම කරුණ, ඇය අවසානය තෙක් නොසිට ම යාමයි.

    ප්‍රේමය පමණද???????
    කසුන් ගේ මෑණියන් ඔහු සංගීත ලොව දිග්විජය කරන්නට පෙරම අවසන් ගමන් ගියා. මේ ඇය වන්නට බැරිද? ප්‍රසව වේදනා දරා, ඇරඹුම කදුළකින් අරඹන ඇය, ආ දුර බොහෝ දුර වැඩි නිසා තම පුතනුවන් හැර ගියා ද?
    මවකගේ සෙනෙහස ඇත්තටම අරුත පසිදින්නට බැරි කවියක්, කිකලකවත්. ඔහු නොලද ඇගේ සෙනෙහස ද මේ පද පෙලේ අඩුව?
    කවදා මුත් මියන බව දැන, ඒ හෝකාන්තය එනතෙක් නොසිට ම මාලිනී බුලත්සිංහල සමුගෙන ගියාද? කසුන් ඒ වන විටත් මව් සෙනෙහේ අනන්තය ළග තනිව බව කියනවාද?

    විවිධ පැතිවලින් බලන කළ විවිධ පාටින් පෙනෙක පිරිසිදු දියමන්තියක් බදු මේ පබැදුම මනරම්. ඇත්තෙන් ම දලීප එය කෙලෙස ගොනු කලා ද යන්න මට නම් ප්‍රෙහේලිකාවක්......!!!

    නියම කලාකෘතියක ස්වභාවයත් එයමැයි. බුදුන් වදාල තෙවලා දහම සේමැ "තම තම නැන පමණින් දැන ගත යුත්" එකකි. තම තම අත්දැකීම් අනුව විද ගත් යුත් දෙයකි.......!!!!

    කිඹුල මම මේ නූලට (අළුතෙන්, මෙහිදී ඉගෙන ගත්තු වචනයක්) අළුතින් එක්වන්නෙ. ඔරියගෙ පිස්සු කියව කියව හිටපු මට මේක හමුවුනේ අහම්බෙන්. මේ 27 වැනි පිටුව. මේ වෙනකල් ඔයා දාපු දේවල් මම කියෙව්වා.

    මට මේක ඔයාට ලියන්න හිතුනෙත් මේ ගීත නිර්මාණයත් ඔයා වගෙ නිසයි. ඔරියගෙ නූලෙදි ඔයා ලියන දේවල් දැකල ඔයා ගැන් තිබුනු පූර්ව නිගමනය මෙහිදී වෙනස් වෙන්නෙ හොද රසිකයෙක්, සන්වේදී මිනිහෙක් විදියට. මේ ගීතය සේම බලන කෝණය අනුව වෙනස්වන අයුරින්.

    මම දන්න ගීතත් තියෙනව. ඒවත් දාන්න හිතාගෙන ඉන්නෙ. නමුත් මුලින්ම ඔක්කොම පේජස් ටික කියවල ඉන්න ඕන. මේ නූලෙ දාලා නැති ගීත දාන්න ඕන නිසා.
     
    Last edited:

    dineshdias

    Member
    Feb 22, 2007
    156
    3
    0
    මේ හුය ඇරඹු *dhanushka* සොයුරාටත්, මෙයට විචාර, ප්‍රවාද සහ මතවාද එක් කරමින් එය පොහොණි කළ සකල එළකිරියන්ටත් එකසිය විස්සට දෙසිය විස්සක් ආවඩා ආයු බොහෝ මැ වේවා!!!!!
    වැඩකට නැති අමුම අමු කුණු හබ්බ කියැවෙන, බුද්ධියට නිගා දෙන, රසිකත්වයට නිගාදෙන, කියවන්නන් ගේ මනස් කාළකන්නි කරවන ත්‍රෙඩ් වැටෙන මේ කාලේ මේ ත්‍රෙඩ් එකේ වටිනකමට උපමා දෙන්න බෑ........

    අපේ මේ හෙළ බස කොතරම් රමණිය, අර්ථ පූර්ණ, භාව පූර්ණ එකක් දැයි මේ පෝස්ට් කියවද්දී තේරෙනවා. අධ්‍යාත්මය දැඩිව ග්‍රහණය කර ගන්නට සමත් මෙවන් බසක්, මව් බස වීම පිළිබද ව සකියනි, මට නම් ඇත්තේ සිරුරේ සෑම රෝම කූපයකට ම දැනෙන විදියේ ආඩම්බරයක්.........
    නුඹලාටත් එවන් හැගීමක් දැනෙනවා ඇති මෙය කියවද්දී...........

    :yes: :yes: :yes:
     

    nirwana2007

    Member
    Mar 21, 2011
    49
    6
    0
    කසාද බැදල අම්මටත් වඩා ගෑනිව ලොකු කරගෙන හිටිය.... හැබැයි ගෑනි කියන්නෙ කවුද කියල තේරුම් ගන්න , ගෑනිගෙ ආදරේ අම්මගෙ ආදරේට වඩා අඩුයි කියන්න ගොඩක් කාලයක් ගියා....
    හරියට යෝධ ඇලේ බැම්ම වගේ... මොකද සැතපුමක් ගියාම තමා තේරෙන්නෙ අගලක බැස්මක් මේකෙ තියෙනව කියලා......
    බිරිදකගේ සෙනෙහෙ ගියා... යෝද ඇලේ නැම්මේ...
    ඔබෙ සෙනෙහස සුවද දිදී.... දැනුනා මට අම්මෙ.....

    සින්දුව මොකද්ද කියල කියන්න ඕනෙ නෑනේ.....
    නොදුටු පෑත්තක් ලස්සන අදහසක්. ස්තුතිවෙනවා
     

    nirwana2007

    Member
    Mar 21, 2011
    49
    6
    0
    මෙක තමයි කොටි පොලිස්පතිගේ ප්‍රේම කතාව. මේ කොස්තාපල් තමයි නඩෙසන්