පද පේලි .....

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    රෑට හීන මන්දාකිණි සඳවත සරසා
    ගැටිස්සියක් මගෙ ලෝකෙට හෙමිහිට වැඩියා
    පාට ගෑව පත්ඉරුවක ගීපද ලියලා
    ගැටවරයෙක් මට මංගල ඇරයුමක් කළා

    මගෙ නළලත සිපගන්නට තරම් ළංවෙලා
    දඟකළ නෙත් දැක්කම මගෙ සුසුම් නැවතුනා
    ඔයනෙත්වල උතුරායන සෙනෙහස දැකලා
    ඉවසුම් නෑ ළංවෙන්නට හද සලිතවෙලා

    රෑට හීන මන්දාකිණි ...............

    කතාකරන ඔය ඇස්දෙක කීව දේ අසා
    හිතාගන්න බැරි ලෙන්ගතු කමක් සැලකළා
    සදානන්ද සෙනෙහසකට ඇරයුමක් නිසා
    හිතාගන්න මං ඔබෙමයි සදහටම කියා

    රෑට හීන මන්දාකිණි ...............


    ගායනය :- සුරින් රතුගම හා රයි‍නි චාරුකා
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    M.S Fernando.........

    කෝප වී වෙන්වී යන්නෑ~
    හැමදාම එක වගේ..
    වේදනා වෙන්නේ නෑ~
    ආදරේ ඇතිනම්..
    මුතු මැණික් ආදරේ නොවේ~
    මිල මුදල් ආදරේ නොවේ..
    ආදරෙ එතරම් ලාභ නොවේ~
    ඔයා දන්නේ නෑ..
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සොදුරු අතීතයේ නිමල පෑතුම වී
    මගේ හද තුල ඔබ ඉන්න ඈතී...
    ඒ හින්දා යලි සෙනෙහෙ සිතින් අපි
    ආදරයෙන් හමු වෙන්න ඈතී...

    කදුලු සුසුම් මෑද සතුටු සිනා මෑද
    භවය පුරා ලග ඉන්න ඈතී...
    එදත් මගේ සිත අද මෙන් කෑපවී
    ඔබේ නමට පුද දෙන්න ඈතී.....

    නොසෑලී නොතෑවී බාධක හමුවේ
    ආ හින්දා ජය ගන්න ඈතී....
    ආත්ම ගනනේ පුරුදු ලෙසින් අපි
    මේ අයුරින් හමු වෙන්න ඈතී.....

    -T.M. Jayarathna-
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සෙනෙහස ඉල්ලා ලියතඹරා ලඟ
    හඬා වැටෙනවා මියැසි කැලක්
    කපුරු මලක පෙති සිඳ බිඳ දැම්මා
    මලට වඩා විෂ බඹර තුඩක්

    වැහි කළුවර ඇති හැන්දෑ සමයක
    තරු මල් පිපුනලු අහස ගැබේ
    දේව දූතයොත් හඬා වැටෙනවා
    පෙම් මල් ඉහිරුණු පර දිගේ

    යෞවනයේ සිත් විශකළ ප්‍රේමය
    කලියුගයේ ඇත පහල වේලා
    අසම්මතේ සිත් වැටහෙනු නොහැකිව
    පවිත්‍ර ප්‍රේමය මහළු වෙලා


    -මාලනී බුලත්සිංහල-
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    හරි ලස්සන සමනල තාලය
    මුමුනන තැන් ඕනෑ නම්
    ගග අද්දර මල් ගොමු ගාවට
    හද නැති රැයකදි එන්නම්
    හැරදමා යමි හිතුවක්කාරී
    වරදවා නොසිතන්න ඉතින්
     
    Last edited:

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    හිත දුරහන්දා නෙතු ලග හන්දා
    සිහින ගනින  හින්දා තනිකම හන්දා
    ඇතක රන්දා මතක හිත ඇහින්දා...
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Sanjeewa uyanhewa....

    සොඳුරු මතකයන් පිබිදුනා~
    දුර ඈත සිහිනයක දැවටුනා..
    ආදර සිහිනේ
    ~
    යළි ආයෙ ඒවිදෝ..

     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    කඳුළු දෙන්න මට හඬන්න
    සත් සමුදුරු ගොඩ ගලන්න
    සුසුම් දෙන්න මට හෙලන්න
    සක්වළ ගල සසලවන්න

    හිත උපන්න ආලවන්ත
    ඒ රුව කෝ මට කියන්න
    මගේ තනියට මා පමණයි
    ඇය එවන්න මා බලන්න

    ලිහිණියනේ පියාඹන්න
    ඈ ඇති තැන සොයා යන්න
    මා මිය යන බව පවසා
    ඇය එවන්න මා බලන්න

    ගායනය : සුනිල් එදිරීසිංහ
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    Jaimegr-300x300.jpg


    රෑ සිහිනෙන් මා නුඹ දකිනා සඳ

    නිදි දෙව්දුව ඊර්ශ්‍යා හිතෙනා බව
    දන්නවාද නුඹ මගේම ආලය
    නිදි දෙව්දුව මට අහිමි කරන බව...

    හැබැවින් නුඹෙ රුව අහිමි විනා සඳ
    තරුකැට පරදන නුඹේ නුවන් යුග
    ප්‍රථම ප්‍රේමයේ පිවිතුරු මුවාව
    සනසවන්න මට ඉඟි කරනා හැටි...

    සුරඟන කිරිල්ලියේ
    සඳු නුඹ ගැනමයි කතා කලේ
    නිල්වන් ගුවන් තලේ
    පියඹා යමු රෑ නිසංසලේ...//

    නුඹෙ වරලස සුදු මල් ගවසන්නට
    නුඹෙ උවනත සිප සනසාලන්නට
    නුඹෙ උනුහුම ලඟ ඉඳ විඳ ගන්නට
    ආසයි මට සිතුවමක් අඳින්නට...

    නුඹ ගැන මා හිත හිතන හිතුම් ගැන
    නුඹ ගැන මා හිත පතන පැතුම් ගැන
    මා ජීවිතයම නුඹ ලඟ තියාන
    හිනා පොදක් වී හිදින්න මා ලඟ...

    සුරඟන කිරිල්ලියේ
    සඳු නුඹ ගැනමයි කතා කලේ
    නිල්වන් ගුවන් තලේ
    පියඹා යමු රෑ නිසංසලේ...//

    සුරඟන කිරිල්ලියේ
    සඳු නුඹ ගැනමයි කතා කලේ
    නිල්වන් ගුවන් තලේ
    පියඹා යමු රෑ නිසංසලේ......////
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කුමරි බඹසර පරම පිවිතුරු
    කුවේරය දැන් තොපට බිලි දෙමි
    බිලි ගනින් මා බිලි ගනින්
    කුමරි බඹසර බිලි ගනින්

    ශිල්ප සඳහා ලැබූ සහතික
    හදේ ගින්නෙන් දවමි තොප ලඟ
    මුදල් අගයන තොපේ ලොවකට
    උගත්කම් ගුණ දහම් කුමටද

    තොපට බිලි වී තොපෙන් සුරැකී
    කාණු පල්ලේ පලි ගසන්නෙමි
    දිනෙක තොපගේ ලොවම බිලි ගෙන
    අපේ ලෝකය ගොඩනඟන්නෙමි

    -නන්දා මාලිනී-

     
    Last edited:

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    ආදරෙ කටු සටහන් අපේ
    ඉතිරි වී තියෙනවනම් හිතේ
    ආයෙමත් ආයෙමත් ආයෙමත් වෙමු අපි අපේ ...

    පාළු කෙත්වල පියමන් කරපු අපි පිය සටහන්
    මතකෙ ඔබෙ තියෙනවනම්
    හමුවෙලා වෙන්නොවන ලෙස ආයේ කරමුද අපි පෙම්

    හදවතේ තව ඉඩ ඇත්නම් වෙනකෙනෙක් හෙම ලග නැත්නම්
    පෙම් ලොවට පා විස්කම් පෙර වගේ එක්වෙලා
    කරමු අපෙ පෙම ගෙත්තම්


    Vocal : Nalinda Ranasinghe
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිඳුනද අත් පා සටන් බිමේ හිඳ
    තනිවූවද ඔබ ගිලන් ඇඳේ
    තනිවූයේ නෑ සෙබල සොයුර ඔබ
    මලක් පිපේ හෙට උපන් බිමේ

    ලිවුවට කවි ගී ගැයුවට රණ ගී
    නුඹ අත රැඳි ගිනිඅවිය නිසා
    ගැයුවේ කවුරුද එක ගී පදයක්
    ගිලන් ඇඳේ නුඹෙ සුසුම අසා

    අහිමිව ගියමුත් යෞවනයේ නුඹ
    අත් පා නෙත් සිත් සටන් බිමේ
    අහිමිව ගියෙ නෑ නුඹ පෑ එඩිබල
    සෙබල සොයුර නුඹ උපන් දැයේ

    සිඳුනද අත් පා ..............


    ගායනය :- උපේඛ රුක්ෂාන්
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එක ‍යා‍යේ කකා වැටී එකා වගේ එකට හිටී
    එක පවුලේ උපන් ලෙසේ කල ආරක්සා
    නාස් ලණුව දමනවාලු කරත්ත‍යක බඳිනවාලු
    අපට හිටි‍ය ලපටි කැකුලු නාඹර වස්සා

    ගෙට ආ කල ටිකිරි ලි‍යා නුඹ වේවිලු කබරගො‍යා
    ලිඳට ගි‍යත් අවසර‍යක් ගන්නට වේවී
    දල ගලවා අතේ ති‍යා නුඹ නටව‍යි ඒ ළම‍යා
    පනවාලා දරුණු දණ්ඩ බන්ධන නීතී

    වලට වැටුනු එකා ‍යකා වලටම ඇදගනු මිසකා
    වලෙන් උඩට එන්නට අත දෙන්නට කැමති
    නෑදෑ හිතවතෙක් නැති ඒ ගැන හිතුවොත් ‍යෙහෙකි
    කසාදෙ නම් කසා‍ය හරි තිත්ත බෙහෙතකි

    -සුනිල් එදිරිසිංහ,බන්ධුල විජේවීර, එඩ්වඩ් ජ‍යකොඩි-

    (පදරචන‍ය- ප්‍රේමකීර්ති ද අල්විස්)
     
    Last edited:

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    එක ‍යා‍යේ කකා වැටී එකා වගේ එකට හිටී
    එක පවුලේ උපන් ලෙසේ කල ආරක්සා
    නාස් ලණුව දමනවාලු කරත්ත‍යක බඳිනවාලු
    අපට හිටි‍ය ලපටි කැකුලු නාඹර වස්සා

    ගෙට ආ කල ටිකිරි ලි‍යා නුඹ වේවිලු කබරගො‍යා
    ලිඳට ගි‍යත් අවසර‍යක් ගන්නට වේවී
    දල ගලවා අතේ ති‍යා නුඹ නටව‍යි ඒ ළම‍යා
    පනවාලා දරුණු දණ්ඩ බන්ධන නීතී

    වලට වැටුනු එකා ‍යකා වලටම ඇදගනු මිසකා
    වලෙන් උඩට එන්නට අත දෙන්නට කැමති
    නෑදෑ හිතවතෙක් නැති ඒ ගැන හිතුවොත් ‍යෙහෙකි
    කසාදෙ නම් කසා‍ය හරි තිත්ත බෙහෙතකි

    -සුනිල් එදිරිසිංහ,බන්ධුල විජේවීර, එඩ්වඩ් ජ‍යකොඩි-

    (පදරචන‍ය- ප්‍රේමකීර්ති ද අල්විස්)
    :rofl:
     
    Status
    Not open for further replies.