සඳේ ඔබ ඇයිද මේ යාමේ
අහස කරා නැඟුණේ
සිතේ දුක හිරු නිවා දැමුවේ
නැතුවද ඔබ දන්නේ
ගිනි හිරු පායා සොමි සඳ බැසලා
මගෙ ලොව එළිය වෙලා
අහස කරා නැඟුණේ
සිතේ දුක හිරු නිවා දැමුවේ
නැතුවද ඔබ දන්නේ
ගිනි හිරු පායා සොමි සඳ බැසලා
මගෙ ලොව එළිය වෙලා

හීන අග රැඳි හිත් කොනක
යලි ආදරේ අඳිමින්
මෘදු වලා සිප මතුපිටින් බිඟු
රොන් පුරෝ ගනිමින්
රෑ පුරාවට නිදිවැරූ නෙත්
ආදරේ බෙදමින්
ඉඟිමැරූ පද ගලපමින්
මගෙ පපුතුරේ රැඳෙමින්
සීත රැඳි නුඹෙ කොපුල් මත මගෙ
හිත නතර කරමින්
කඳුළු අමුණන දෙනෙත් තරුකැට
යලි මගේ මුවඟින්
ඈත නැති සඳ නිවි දිලෙන්නට
රැය පහන් කරමින්
සිහිකෙරූ ඔබ යලි ඇවිත් මගෙ
ජීවිතේ නවතින්
සීතලත් නැති උණුහුමක් මත
අතරමං කරමී
සසැලි යහනක සතපවන්නට
හද නතර කරමී
සිහින සියයක් අතරින් මාගේ
ආදරේ සොයමී
දොරට වැඩුමට අවසරයි හෙට
තෙලිතුඩින් ලියමී
හීන අග රැඳි .............
ගායනය :- දිනේෂ් ධනංජය
වෙහෙරක් වගේ පින් දුන් කෙනෙක්
දෙවොලක් වගේ දුක් ඇහු කෙනෙක්
කුඹුරක් වගේ බත් දුන් කෙනෙක්
වේ නම් ලොවේ
නුඹයි අපෙ අම්මේ
සයුරක් වගේ කිරි දුන් කෙනෙක්
වෙරළක් වගේ පණ දුන් කෙනෙක්
ඔරුවක් වගේ අත දුන් කෙනෙක්
වේ නම් ලොවේ
නුඹයි අපෙ අම්මේ
කඳුළක් වෙලා දුක් වූ කෙනෙක්
පියුමක් වෙලා තුටු වූ කෙනෙක්
ගඟුලක් වෙලා පැන් දුන් කෙනෙක්
වේ නම් ලොවේ
නුඹයි අපෙ අම්මේ
අතින් අල්ලා නුවන් දල්වා
හද සන්තකේ.. ඉඩ ඉල්ලා
මුලා කල මා ඔබත් ගිය දා
හිමි වෙන්නේ නැහැ තව
හිතකට මා ....
ඒ ..ඔබමද කියා ..නෑ ..පිළිගන්නේ මා ..
ආදරේ හොඩියේ ..බහ තෝරනා ..
නුබ මගේ ජිවිතේ.. සුවපත් කලා ..
ඒ ..ඔබමද කියා ..නෑ ..පිළිගන්නේ මා
අතින් අල්ලා නුවන් දල්වා
මග තොටේ ..හමු වුනේ ..කටත් හොරා
මතකයේ පැටලුනේ පෙර කී කතා ..
ඒ ..ඔබමද කියා ..නෑ ..පිළිගන්නේ මා ..
Kasun Madushanka..![]()
රාත්රිය උදා උනා
නින්ද ඇයි නොඑන්නේ..//
රාත්රිය උදා උනා
ඔබ හමු වූ දා පටන්
මා හදවත අවදියෙන් ...//
රැය පහන් වෙලා යයි
නොවී නිදි දැහැන්
ඔබ අවුදින් සිව් දිගින්
මා දෙනෙතේ දැවටෙමින් ...//
සිත් තැවුල් මවාලයි
පුරා රැය නිතින්...
ගායනය - ටී.එම්.ජයරත්න