නයගරා ඇල්ල සංචාරය (චායාරූප 350)

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    නයගරා ඇල්ල සංචාරය updated (with pics, page 1 & 6)

    ගිය සති අන්තෙ නයගරා ඇල්ල බලන්න යන්න කියල යන්න සියලු දේ සැලසුම් කරේ සති දෙකක විතර කාලෙක ඉඳන්. ඉතින් ඔන්න දෙයියනේ කියල කාලගුණ අනාවැකි හෙම බලල සියලු කටයතු සුදානම් කරලා නවතින්න තැනකුත් හෙම වෙන් කරලා වැඩේ සැලසුම් කරා. කොටින්ම කියනවනම් කොයිතරම් සැලසුම් කරාද කිව්වොත් ඩොලර් 650 ක් දීල අලුත්ම නිකොන් D 5100 කැමරාවකුත් ගත්ත.

    සැලසුමට අනුව අපි පිටත් වෙන්න තිබුනේ සෙනසුරාද උදේ 5 ට. සියලු සැලසුම් අනුව සිකුරාදා වැඩ කරලා ඉවරවෙලා ගෙදර ඇවිත් ගමන යන්න ඕනකරන බඩු ලැහැස්ති කරන අතරතුර නිකමට කියල කාලගුණ අනාවැකිය බැලුවාම තමයි තරු විසික් උනේ. සැලසුමට අනුව අපි නයගරා බලන්න යන්න හිටියේ ඉරිදා උදේ. සෙනසුරාද ට්‍රැවල් කරලා රෑට විවේක අරගෙන ඉරිදා උදේ නයගරා නරඹල හවස් වෙද්දී එහෙන් පිටත් වෙන්න තමයි සැලසුම තිබුනේ. මෙන්න දැන් කාලගුනේ කියනවා ඉරිදා එහෙට අම්බානෙකට වහිනවලු. අකුනුත් ගහනවලු. සියලු සැලසුම් වතුරේ යන්නයි හදන්නේ . කොහොම හරි කාලගුනේ අපේ ආතල් එක කන්න කලින් වැඩේ සිද්දවෙන්න එකම ක්‍රමයයි තිබුනේ. ඒ සිකුරාදා රෑම පිටත්වෙන එක.

    කොහොමෙන් කොහොමහරි සියල අහුරගෙන පැක් කරගෙන සිකුරාදා රෑ 12 පහුවෙද්දී වගේ පිටත් උනා. සතියක් වැඩ කරලා හින්ද අදික වෙහෙස එක්ක යන්න අමාරු උනත් වෙන කරන්න දෙයක් තිබුනේ නැහැ.

    Washington DC ඉඳල Niagara Falls වලට මුළු දුර සැතපුම් 400 ක් . එක දිගට Drive කරොත් පැය 7 කින් වගේ එහෙට යන්න පුළුවනි.

    (මුළු ගමනටම ෆොටෝස් 1000 කට වැඩිය අරන් තිබුන. එළකිරි හිතවතුන්ට බලන්න කියල පින්තුර 350 කට අධික ප්‍රමාණයක් පුළුවන් විදිහට මේ ත්‍රෙඩ් එකේ පල කරන්නයි හිතුවේ. අපි ඉතින් වුර්තීය කමරාශිල්පියෝ නොවෙන හින්ද ගොඩක් අඩුපාඩු ඇති. ඔටෝ ෆෝකස් එකෙන් ගහපු ෆොටෝ සමහරක් ටිකක් අවුල් වගේ. පුළුවන් හැම ෆොටෝ එකෙක් යටින්ම ඒ ගැන විස්තරයක් ලියන්න උත්සහ කරන්නම්. මුළු ගමනම drive කරේ මම හින්ද යන එන ගමන් මම ගත්තු ෆොටෝ ඔක්කොම ගත්තේ ඔටෝ ෆෝකස් එකෙන්. D 5100 එකෙන් ගත්තු ෆොටෝස් ත්‍රෙඩ් එකට ලොකු වැඩි වෙන හින්ද රීසයිස් කරා. එකෙන් කොලිටි එක ටික අඩුවෙන්න ඇති. )

    රෑ පිටත් උන හින්ද මගේ සහයක කැමරා ශිල්පිය හොඳ සැප පහසුවට පැය කීපයක් සීට් එක ඇල කරගෙන නිදාගත්තු හින්ද උදේ එලිය වැටෙනකම් චායාරූපකරණය සිද්ද උනේ නැහැ. මම ෆෝන් එකෙන් හිරු FM අහගෙන drive කරා තනියම.


    h4su.jpg


    DC වල නාගරික තදබදයෙන් නින්දට ගිය මගේ කැමරාශිල්පියා අවදි උනේ මේ ලස්සන පරිසරයෙන්. ඒ හින්ද මීදුමත් එක්ක පොඩ්ඩක් අන්ද මන්ද වෙලා ඉන්නේ. උදේ පාන්දර ගහපු මුල්ම ෆොටෝ එක අවුට් ඔෆ් ෆෝකස් . සොරි වෙන්න ඕන ඉතින්. [/SIZE][/SIZE]

    th80.jpg

    මීදුම හින්ද පාර පේනවා අඩුයි.

    izay.jpg

    ඇතින් ඉර පායාගෙන එනවා.

    yyg1.jpg

    මීදුමත් එක්ක හැමෝම ගමන හෙමින්

    4heo.jpg

    මීදුම දැන් තදයි . ලංකාවේ නුවරඑළිය වගේ තමයි. එකම පාරේ දෙපැත්තට වාහන යන පාරක් හින්ද අනතුරක් වෙන්න තියන ඉඩකඩ වැඩියි .


    vm2s.jpg

    උපරිම visibility එක අඩි 25ක් විතර තමයි.

    ubdg.jpg

    ගමන බොහොම හෙමින් සහ පරෙස්සමෙන්.

    t1mx.jpg

    වෙලාව උදෑසන 6.55 යි. හෙමින් කිව්වට හෙමින්මත් නෙවෙයි. මගේ වේගය පැයට සැතපුම් 55ක්. GPS එක පාර කියන ගමන් ඒ පාරේ යන්න පුළුවන් උපරිම වේගයත් කියන හින්ද වේග සීමා මතක තියාගෙන ඉන්න ඕනෑකමක් නැහැ. සැතපුම් 20ක් ඉදිරියෙන් මට වමට හැරවුමක්.


    ek48.jpg

    i8vf.jpg

    ඉදිරියෙන් exit එකක්.

    i8en.jpg

    ටිකෙන් ටික මීදුම තුනී වේගෙන එනවා.

    lfl6.jpg

    v2t6.jpg

    බොහොම ග්‍රාමීය පරිසරයක් මැද්දෙන් යන හයිවේ එකක් හින්ද වැඩිය වාහන නැහැ.

    jsvi.jpg

    වෙලාව උදැසන 7.25යි.

    f7n.jpg

    හයිවේ එකට විතරක් මීදුම නැහැ. වටේම තවම මීදුම.

    5240.jpg

    වේගයෙන් ඉදිරියට

    w8c.jpg

    හයිවේ එකකින් ඉවතට. යාර තිහකින් හැරවුම දකුණට. විධානය GPS අක්කාගෙන්.

    rh5u.jpg

    නැවතත් ග්‍රාමීය පරිසරයක් මැදින් ... වේගය උපරිම 30 යි ලු. මේ විදිහ තැනක් නුවර කොහෙහරි තිබුන වගේ මතකයි.

    eu3b.jpg

    මුළු ගමම මීදුමෙන් වැහිලා තාම

    6ez4.jpg

    වේග සීමාව 55 උනාට මේ වගේ මීදුමත් එක්ක 55 ට ගිහින් පොලොසියට අහු උනොත් දඩයක් සහ ලයිසන් එකට ලකුණක් දෙකක් අනිවාර්යයි.


    l6dv.jpg

    ආයෙත් මීදුම වැඩි උනා.

    8962.jpg

    මීදුම් ගලා කන්දේ. ඉවසන්න බෑ සීතේ...:oo:

    qehw.jpg

    බෆලෝ වලට තව සැතපුම් 45යි.

    uxet.jpg

    හන්දිය තවම පාලුයි සෙනසුරාද හින්ද වෙන්න ඇති.

    usc.jpg

    j1oq.jpg

    oqzx.jpg

    මීදුම මැදින් ඉදිරියට

    aynn.jpg

    මිදුම හින්ද ගමන හෙමින්

    doxq.jpg

    ටිකෙන් ටික අවු රැල්ලක් වටිගෙනයි එන්නේ. :D


    xjhq.jpg

    jqku.jpg

    මිදුම තුනී වෙච්ච වෙලාවේ පල්ලම බැහැගන්න ටිකක් වේගෙන් යන්න පුළුවන්.

    rpen.jpg

    xjxs.jpg

    තාම ලී කණු හිටවලයි සමහර පැතිවල විදුලි කම්බි අදින්නේ.

    8cwc.jpg

    මේක ඇතුලේ සිද්දවෙන්නේ මොනවද කියලනම් වැටහීමක් නැහැ. මහා මුසල පෙනුමයි.


    rfli.jpg

    උදේ අවුව පරිසරයේ සුන්දරකම වැඩිකරලා.

    i290nyexit3_03.JPG

    අපි දැන් ගමනාන්තයට ලඟයි.

    i290nyexit3_01.JPG

    දැන් ලඟා....යි

    55401434.jpg

    මේක තමයි parking lot 1. මේ ෆොටෝ එක නෙට් එකෙන් ගත්තේ. මෙතන වාහනේ දාල තමයි නයගරා බලන්න යන්න තියෙන්නේ. දවසටම ගාස්තුව ඩොලර් 10යි. ටිකට් එක ගන්නකොට දෙනවා නයගරා ඇල්ල අවට සිතියම සහ අවට නරබුම් ස්ථාන ගැන විස්තරය. නවත්තපු ගමන් කරේ බඩ පැලෙන්න කාල පැය දෙකක් විතර නිදාගත්තු එක.


    niagarafalls1.jpg

    මේක තමයි parking ටිකට් එක ගද්දි දෙන සිතියම.

    නයගරා ඇල්ල

    නයගරා ඇල්ල පිහිටලා තියෙන්නේ කැනඩාව සහ ඇමෙරිකාව වෙන් කරන දේශසීමා අතර. අමෙරිකාවෙන් මේ නයගරාවට හිමිකම් කියන්නේ නිව්යෝර්ක් ප්‍රාන්තය. කැනඩාවෙන් හිමිකම කියන්නේ ඔන්ටාරියෝ දිස්ත්‍රික්කය. නයගරාව දියඇලි 3 කින් සමන්විතයි. නයගරා ඇල්ල නිර්මාණය වෙන නයගරා ගංගාව ගලන්නේ පංච මහා විල් වලින් එකක් වෙන ඊරි විලේ ඉඳන් ඔන්ටාරියෝ විල දක්වා. එකෙන් ලොකුම එක හඳුන්වන්නේ Horseshoe Falls කියල. මේ ඇල්ල වැටෙන්නේ අශ්ව ලාඩමක හැඩයෙන් . ඊළඟට ලොකුම එක තමයි American Falls . මේක පහලට වැටෙන්නේ ඇමෙරිකාව පැත්තෙන් හින්ද එහෙම හඳුන්වනවා. කුඩාම එක තමයි Bridal Veil Falls. මේක මේ නමින් හඳුන්වන්නේ මනමාලියෙකුගේ වේල් එක වගේ පහලට කඩාහැලෙන හින්ද.

    මේ ඇලි තුනෙන් ලොකුම එක Horseshoe Falls අඩි 173 ක් උස සහ අඩි 2600 ක් පළල වෙනවා. American Falls උස අඩි 70-100 දක්වා අතින් තැනට වෙනස්වෙන උසක් සහ පළල අඩි 1600ක් ලු. කුඩාම එක තමයි Bridal Veil Falls උස වෙන්නේ අඩි 78 ක්.

    මේ දියඇලි තුනෙන් American Falls / Bridal Veil Falls කියන දෙක නීතියෙන් අයිති වෙන්නේ ඇමෙරිකාවට. Horseshoe Falls අයිතිය කැනඩාවට.

    දිය අලි තුනේම අයිතිය නයගරා ගංගාවට හින්ද ලෝකේ ලොකුම water flow rate එක තිඅන දිය අල්ල විදිහට තමයි හඳුන්වන්නේ.

    ඔන්න ඕක තමයි සරලව තොරණේ විස්තරේ. තොරණ තව ලඟට ගිහින් බලන්න ඕනෙනම් මෙන්න ලින්ක් එක විකි උන්නැහේ සියලු විස්තර සපයල තියනවා.


    http://en.wikipedia.org/wiki/Niagara_Falls

    lst7.jpg

    නයගරා ඇල්ල visitor center එක. මෙතනින් සියලු විස්තර ගන්න පුළුවන්.

    6k2w.jpg

    visitor center පහු කරගෙන ඇල්ල බලන්න යනකොට හමුවෙන රතු ඉන්දියානු ප්‍රතිමාව

    qqxg.jpg

    නයගරාව වටේ යන ට්‍රොලි (බස් ) සේවාව. ටිකට් එකක් අරන් මේකේ නැග්ගම වටේම එක්ක යනවා ගයිඩ් කෙනෙක් සියලු විස්තර සපයනවා.

    if25.jpg

    ඇමෙරිකානු ඇල්ලෙන් පහලට වැටෙන්න ලහි ලහියේ ගලායන මහා වතුර කඳ


    7cbl.jpg


    p381.jpg


    mmyi.jpg

    ඇමෙරිකානු ඇල්ලේ පටන්ගැන්ම. එහාපැත්තෙ පෙනෙන ගොඩනැගිලි තියෙන්නේ කැනඩාවේ .

    1byk.jpg

    ගෝට් අයිලන්ඩ් එකට යන පාලම. ඒ යටින් එන වතුර තමයි ඇමෙරිකානු ඇල්ලෙන් පහලට වැටෙන්නේ.

    s5hh.jpg

    කැනඩාවේ පැත්තෙන් නයගරා ළඟටම යන බෝට්ටු සවාරි. අපේ කරුමෙට කාලගුණ තත්වය විස්වාස නැති හින්දද කොහේ ඇමෙරිකානු පැත්තෙන් බෝට්ටු සවාරිය අපි ගිය දවසේ අවලගුයි.

    6ru8.jpg


    a1r.jpg

    කැනඩාවට කිරි අපිට කැකිරි කිව්වලු. අවාසනාව කොයිතරම්ද කියනවනම් පාස්පෝර්ට් එක අරන් ගියේ නැහැ. එක අරන් ගියානම් කොහොමහරි කන්ද පැත්තෙන් බෝට්ටුවේ යන්න තිබුන.


    8cp.jpg

    මේ ලඟින්ම තියෙන්නේ ඇමෙරිකානු ඇල්ල


    j8a6.jpg

    කැනඩ බෝට්ටුව වතුරේ පාවෙන සපත්තුවක් වගේ උඩට පෙන්නේ.

    8v2p.jpg

    lffw.jpg

    මිනිස්සු පෙන්නේ කුඹි රොත්තක් වගේ.


    u7hj.jpg

    tmcp.jpg

    මේ ඇමෙරිකානු ඇල්ල . සුද්දෝ දෙතුන්දෙනෙක් යන්තම් වැදිලා. මෙතන ඉන්දියන් කාරයෝ වැහි වැහැල . සත්තු වගේ. උන්ව මගෑරලා පින්තුරයක් ගන්න එක හරිම අමාරු වැඩක්.

    ed5t.jpg

    කැනඩාවේ තියන පාර්ක් එකක තඩි කතුරු ඔන්චිල්ලාවක් ඇමෙරිකාව පැත්තෙන් පේන හැටි.


    niagara-falls-canada.jpg

    මේක තමයි උඩ පින්තුරේ පෙන්නේ.

    kphp.jpg

    ඇමෙරිකානු ඇල්ල

    bdh.jpg

    ඇතින් පේන්නේ Horseshoe Falls

    xv0x.jpg

    පිළිවලින් American / Bridal Veil Falls / Horseshoe Falls

    7kra.jpg

    කැනඩාව සහ ඇමෙරිකාව යාකරන Rainbow Bridge


    o56n.jpg

    9k49.jpg

    යන්න ඕන තැන කාගෙන්වත් අහන්න ඕන නැහැ.

    qyvc.jpg

    ඊළඟට ගියේ මෙතනට.

    c7mn.jpg

    මේකේ වැඩකරන උදවිය හැමතැනම ඉන්න හින්ද කිසම වංචාවක් අතවරයක් වෙන්නේ නැහැ කිසිම කෙනෙකුට.

    95a9.jpg

    නීතිය කාටත් එක විදිහට ක්‍රියාත්මකයි.

    rwre.jpg

    ටෙස්ලා මහත්තයාගේ පිළිරුව. මෙතුමා ගැන ලොකු ත්‍රෙඩ් එකක් තිබුන එළකිරියේ.

    1c36.jpg

    නයගරාවෙන් විදුලිය උපද්දවපු ටෙස්ලා මහත්තයාගේ වැඩ

    vdfw.jpg

    Cave of the winds යන්න ටිකට් ගන්නේ මෙතනින්. හැතක්මක් විතර පෝලිම.

    cave_of_the_winds.jpg

    Cave of the winds යන්

    9ki3.jpg

    මෙතනින් තමයි Horseshoe Falls බලන්න යන්නේ

    menk.jpg

    මේ පේන්නෙ Horseshoe Falls

    i4g7.jpg

    Horseshoe Falls

    ciox.jpg

    Horseshoe Falls

    e6m2.jpg

    Horseshoe Falls

    i00f.jpg

    Horseshoe Falls


    n58d.jpg

    Horseshoe Falls

    m785.jpg

    Horseshoe Falls එකෙන් පහලට වැටෙන්න ගලාගෙන එන මගා ජලකඳ

    4gd1.jpg

    Horseshoe Falls

    i2k1.jpg

    ලස්සනයි. එත් පිටතට. මෙතනට ගියොත් කොයිතරම් භයන්කාර ඇතිද?


    s68g.jpg

    දිය ඇල්ල අස්සෙන් පේන කැනඩාවේ බෝට්ටු සවාරි කට්ටිය දියඇල්ල කිට්ටුවටම ඇවිත්.



    0ec2.jpg

    මේ තව ඉවෙන්ට් එකක්

    zy5h.jpg

    නයගරා බලල ඉවරයි. යන්නේ නවාතැනට.

    w99c.jpg

    බෆලෝ වලට තමයි යන්න ඕන .

    erh7.jpg

    හයිවේ 190 ගන්න තමයි GPS එක ඇතුලේ ඉන්න අක්කගෙන් අවවාදය.


    2ad2.jpg

    මේ පාලමෙන් එගොඩවෙලා තමයි යන්න වෙන්නේ.


    ctbt.jpg

    පාලමෙන් එගොඩට


    vsog.jpg

    ගෙවල තමයි යන්න තියෙන්නේ

    19mf.jpg

    ගෙවන්නම වෙනවා ඉතින්.

    gpa6.jpg

    E-Z Pass එකෙන් යන්න පුළුවන් මට easy pass transponder එකක් තියෙන හින්ද.

    hjai.jpg

    අයියෝ සල්ලි.

    rbvn.jpg

    ඉදිරියට වැඩි දුරක් නැහැ නවාතැනට .

    lw3z.jpg

    මේ කලින් පාලම නෙවෙයි. ඒ වගේම තව එකක් හොඳේ. පාලමේ වේගය පැ . සැ . 45යි.

    4xq7.jpg

    අපුරු නිර්මාණයක්.


    මේ පාලමෙන් එගොඩට ගිහින් විනාඩි 3ක් යන්නත් කලින් අපි නවාතැන්පොලට ආව. ඊයේ උදේට (සිකුරාදා)වැඩට යන්න අවදි උන ගමන් තාම හරි හමන් නින්දක් නැහැ. හෝටලේට ගිහින් නාල කාල හොඳ නින්දක් දැම්ම . පහුවදා ගෙදර එන ගමන් ගතපු පින්තුර ටික පස්සේ දාන්නම්. දවස් දෙකක් හැතැක්ම 851 drive කරාට වඩා මහන්සියක් ගත්ත පින්තුර resize කරගෙන ත්‍රෙඩ් එක ටයිප් කරන්න.

    ඉතිරි පින්තුර 6 වෙනි පිටුවේ .......
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නි‍යම‍යි.....:cool::cool::cool:
    ලංකාවේ අපිට මෙහෙම විස්තර‍යකින් ලෝකේ තොරතුරු දැනගන්න ලැබෙන එක ගොඩක් වටිනවා......
    :yes::yes::yes:
    Rep+

    මේ ගිහින් ති‍යෙන්නේ USA පැත්තෙන් නේද.......:rolleyes::rolleyes::rolleyes:
    h_abeysinghe මල්ලි දාලා තිබුනා කැනඩාව පැත්තෙන් ගි‍යපු හැටි......:yes::yes::yes:
    මේ ති‍යෙන්නේ ඒ thread එක......


    JOURNEY AROUND NIAGARA FALLS
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    නි‍යම‍යි.....:cool::cool::cool:
    ලංකාවේ අපිට මෙහෙම විස්තර‍යකින් ලෝකේ තොරතුරු දැනගන්න ලැබෙන එක ගොඩක් වටිනවා......
    :yes::yes::yes:
    Rep+

    මේ ගිහින් ති‍යෙන්නේ USA පැත්තෙන් නේද.......:rolleyes::rolleyes::rolleyes:
    h_abeysinghe මල්ලි දාලා තිබුනා කැනඩාව පැත්තෙන් ගි‍යපු හැටි......:yes::yes::yes:
    මේ ති‍යෙන්නේ ඒ thread එක......


    JOURNEY AROUND NIAGARA FALLS

    eke pics penne nahane ban.:confused:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    නි‍යම‍යි.....:cool::cool::cool:
    ලංකාවේ අපිට මෙහෙම විස්තර‍යකින් ලෝකේ තොරතුරු දැනගන්න ලැබෙන එක ගොඩක් වටිනවා......
    :yes::yes::yes:
    Rep+

    මේ ගිහින් ති‍යෙන්නේ USA පැත්තෙන් නේද.......:rolleyes::rolleyes::rolleyes:
    h_abeysinghe මල්ලි දාලා තිබුනා කැනඩාව පැත්තෙන් ගි‍යපු හැටි......:yes::yes::yes:
    මේ ති‍යෙන්නේ ඒ thread එක......


    JOURNEY AROUND NIAGARA FALLS

    ඔව් බන් මම ගියේ ඇමෙරිකා පැත්තෙන්. කැනඩාව පැත්තෙන් ගිය මල්ලිගේ ත්‍රෙඩ් එකේ පින්තුර පෙන්නේ නැහැ. මම හිතන්නේ links expire වෙලා වගේ.
     
    • Like
    Reactions: virajintel