anith photosuth dapan ela Rep+5 :D
Sachith777 Well-known member Nov 29, 2008 3,770 578 113 SL Jun 18, 2013 #41 anith photosuth dapan ela Rep+5
NUWAN BUWA Well-known member Jun 4, 2011 41,753 3,131 113 44 යටියන්තොට.. Jun 18, 2013 #42 ඇත්තටම ලොකු ආශ්වාදයක් ලැබුවා අපි වෙනුවෙන් කාලය කැපකරාට බොහෝම ස්තුතියි යාළුවා.... ,,,, +11 ,,,,
Xeroxeen Member May 20, 2013 1,935 73 0 ~Logical Address~ Jun 18, 2013 #45 Pattama patta machan.Uba photos aran thiyana angle eka nisa hithenne apith vehicle eke innawa wage Rep+
Pattama patta machan.Uba photos aran thiyana angle eka nisa hithenne apith vehicle eke innawa wage Rep+
wisal Member Jul 2, 2009 7,624 759 0 Israel Jun 18, 2013 #47 වැඩේ කදිමයි යාලුවා.. මහන්සියට දෙන්න තියෙන්නේ අරවා තමයි + 6
nalinweer Well-known member Sep 12, 2009 1,978 360 83 Jun 18, 2013 #48 Pattama Photo tika Ban....Api ithin Kawada Owa Ballana Yannada....?
Rockey_ssr Well-known member Sep 17, 2008 7,151 383 83 Jun 18, 2013 #51 fattai mcn godak thanks apitath balana share karata
polwattacom Well-known member Jul 19, 2008 5,989 1,039 113 USA Jun 18, 2013 #55 ගෙදර එන්න පිටත් උන ගමනේ පින්තුර ටික දාන්නයි හිතුවේ මෙතන. බලන්නකෝ එහෙනම් කට්ටියම. උදේ එන්න පිටත් උනා 9. 30 ට විතර. මේ පාරනම් කාලගුනෙට වැරදිලා නැහැ. උදේ ඉඳන් වැස්ස GPS අක්ක යන්න කියන්නේ ඊරි විල පාරේ. ඊරි විලට යන පාරෙන් ඉවතට අහෝ මගේ ඊරි සිහිනය බොඳ උන හැටි වැස්ස ටිකක් නැවතුනා. එත් තාම පාර තෙතයි ඇත පේන කඳු වැටිය හරහා ගමන ඔලුව වැදෙයිද මන්ද,,, මේක තියෙන්නේ හරි පහතින් වගේ RV පාර්ක් එකක්. RV කියන්නේ මොකක්ද කියල නොදන්නා උදවියට පෙන්නන්නම් තව පහලට යද්දී. පසුකරමින් පොඩි කඳුවැටි ඕවිටි .... ගම්මානයක් මැදින් හෙමින් හෙමින්. මට යන්න තියෙන්නේ 219 පාරේ වේගය උපරිම සැතපුම් 55යි ලු පරිසරය හරිම සුන්දරයි මේක තමයි භයානකම මාර්ග සඥඥාව. පාසල් බස් රථය පාරේ අනික් පැත්තේ ළමයි ගන්න හෝ බස්සන්න නවත්තුවත් බස් එක ළමය අරන් දොර වහගෙන Stop බෝර්ඩ් එක නවාගන්නකම් මේ පැත්තේ යන අපිත් වාහනේ නවත්තගෙන ඉන්න ඕන. එකයි මෙහෙ නීතිය. මේ තවත් පාරකට අතුල්වීමක් අතින් පෙන්නේ "සලමන්කා" කියන නගරය. මගේ දකුණු පැත්තෙන් කොච්චි පාර පරිසරය හරිම නිසන්සලයි 219 දිගේ ඉදිරියට පොලිසියට යන්නත් පුළුවනි ඕනෙනම් කඳු හෙල් මැදින් ඉදිරියට ලංකාවේ විදුලිබල මණ්ඩලය වගේම තමයි. හුළඟක් ඇවිත් ගස් කඩන වැටුනොත් මේ පැතිවලට දවස් ගණන් විදුලිය නැති වෙනවා.ගිය අවුරුද්දේ සමර් එකේ අපිත් දවස් තුනක් විදුලිය නැතිව හිටිය නොලිය ආපු සුළි සුළඟක් නිසා. පුංචි නගරයක් මැදින් පාරේ යන්න හදපු බෝට්ටුවක්වත්ද? "Little house on the Prairie " මතකද? කඳු මුදුනෙ ධාවනය වෙන ට්‍රක් එක මමත් ඒ කන්ද මුදුනට ආවම මට පෙන්නේ මෙන්න මෙහෙම මෙතන තේ කඩයක් දාන්න අපුරු තැන නේද . මේ junk yard එකක්. ඔක්කොම තියෙන්නේ හැප්පිලා භාවිතයෙන් ඉවත්කරපු වාහන. අක්කර ගානක එකක්. වාහන දහ දාහක්වත් අඩුම තරමේ තිබුන. මගේ කැමරා ශිල්පියාට මේ පින්තුරේ නිවැරදි වෙලාවට ගන්න බැරි උනා. මොකද මගේ වේගය වැඩියි. http://www.imageshack.com/scaled/large/689/hurj.jpg ලස්සනයි නේද. මේ වංගුව ටිකක් දරුණුයි. පල්ලමත් එක්ක වංගුව හින්ද ට්‍රක් වලට අවවාදය දිගටම පල්ලම ගමේ කොල්ලන්ට වොලිබෝල් ගහන්න කියපු තැන නේද වේග සීමාව 55යි ලු අයෙත් පුංචි පොදක් යනවා 9 වසරේදී භූගෝල විද්‍යාවට උගන්නපු රැලි භූමිය මේක තමයි. මම අයෙත් හයිවේ එකක. අහල පහල විලක් තියනවා වගේ මම ඉන්නේ ට්‍රක් රියදුරාගේ blind spot එකේ. මෝටර් සයිකල් පිස්සෝ ලෝකේ කොහෙත් ඉන්නවා පුංචි නගරයක් මැදින් එළකිරියේ චිරි චිරි වැස්ස මෙහෙ ඇවිල්ලද මන්ද. නිව්යෝර්ක් ස්ටේට් එකෙන් පෙන්සිල්වේනියා ස්ටේට් එකට. තාම රැලි භූමියම තමයි. ඉස්සර කරන්නේ පරෙස්සමෙන්ලු පරිසරය හරිම සුන්දරයි. සුලන් විදුලි බලය උපද්දවන හුලන් මෝල් ඉදිරියට තවත් වංගුවක් වැඩිහරියක් පාරේ දුවන්නේ ඉතින් සුපිරිම වාහන තමයි බුලත් විටක් ගෙන්න කඩේට යන්නද කොහේ මු පාරට එන්නේ මම නැවතත් හයිවේ එන්ට්‍රන්ස් එකේ. ඇරපන් පුතා... පාරටම මම විතරයි. ටිකක් වමට වෙන්න ගන්න ඕන. ඔලුව වැදුනොත් එහෙම පුංචි නගරයක් මට විදානය කෙලින් පාරේ යන්න බර සැහැල්ලු කොරන්නයි කන්නයි කියල තමයි මෙතනට අවේ. මේ තෙල් ගහන්න නවත්තල තියෙන්නේ RV එකක් . මේක තනිකර ගෙයක්. පවුල පිටින් ට්‍රිප් යන්න සමහරු මේවා පුද්ගලික පාවිච්චියට තියාගෙන ඉන්නවා. මේ RV එක පිටිපස්සෙන් අමුණලා තියෙන්නේ එයාලගේ කාර් එක. මෙයාල යන්නේ කාර් එකත් ඇදගෙන තමයි. යන්න ඕන තැනට ගිහින් RV එක නවත්තල ඒ අවට තියන නැරඹුම් ස්ථාන බලන්න යන්න තමයි මෙයාල මේ කාර් එක ඇදගෙන යන්නේ. කාර් එක ඇදගෙන යන්නෙත් බාර් දෙකකින්. කොච්චි පෙට්ටියක් අමුණලා තියනවා වගේ තමයි. කාර් එක ගොනා පිටිපස්සේ එන ගැල සේ RV එක පස්සෙන් ලස්සනට ඇදිල එනවා. චිරි චිරි වැස්ස මෙහෙ ඇවිත් වෙන්නම ඕන කාලගුනේ මගේ කැමරා ශිල්පියාට තදින් හරස් වෙලා මට ගෙදරටම තව පය දෙකයි විනාඩි තිහක් යනවා. හතක්ම 156ක් තියෙනවා. මට යන්න පුළුවන් උපරිම වේගය පැ . සැතපුම් 65 යි. එත් මම යන්නේ 70 ට. 5ක් වැඩියෙන් ගියාට මෙහෙ ඒ තරම් එලවල දඩ ගහන්නේ නැහැ. drive කරන ගමන් මමත් ඔටෝ ෆෝකස් එකෙන් පුළුවන් විදිහට පින්තුර ගත්ත ඉතින් . ලංකාවේ උනානම් කොහොම වේගෙකින් යන්න තිබුනද? ගෙවන්න වෙයි වගේ ගෙවල තමයි මේ පාරේ යන්න වෙන්නේ අයියෝ සල්ලි ගෙවල ගියාට පාර හරි පටුයි. මොනවා කරන්නද ඉක්මනට යන්න එපයි. මේකත් RV එකක්. හැබැයි ඇදන් යන්නේ ඩබල් කැබ් එකෙන් අපේ ගමට දැන් ළඟයි මට යන්න තියෙන්නේ දකුණේ ලේන් එකේ තව ගානකට කෙලවෙන්නයි යන්නේ අයියෝ සල්ලි දැන්නම් ටිකක් ට්‍රැෆික් ගමේ නම තියන බෝර්ඩ් එක දැක්ක විතරයි ට්‍රැෆික් පටන්ගත්ත මෙව්වා ඔහෙත් තියනවනේ ඉතින් තව 127 යි ලු දැන් මොන රෙස්ට් ද බන් ආයේ පාර ටිකක් පැහැදිලියි ඉන්දියාවේ ගමක් වගේ නේද බලපු ගමන් දැනෙන්නේ මේ SUV දෙකක් හැප්පිලා නෙවෙයි. වාහන දෙකක් අරන් යන්න ඕන ගමනක් මෙහෙ උදවිය යන්නේ මෙහෙමයි. එකක ඉස්සරහ රෝද දෙක උස්සගෙන ඇදගෙන යන්න පුළුවන් එකක් තියනවා කුලියට ගන්න. අයින් එකක් අරන් එක වාහනයක් ඇදගෙන යනවා. අහස අඬන්න ඔන්න මෙන්න ඉන්නේ මේ කියන්නේ ෆොටෝ ගන්න ඕන උදවිය 55 ට වැඩියෙන් යන්න කියලයි. ෆොටෝ ගැසීම නොමිලේ. දඩ කොලය ගෙදරට තැපැල් මගින්. මෙන්න තවත් බෝට්ටුවක් පාරේ යනවා ගමට යන පාරේ ට්‍රැෆි එක තව විනාඩි 28 යි ගෙදරටම ඉදිරියෙන් හැරවුම දකුණට හයිවේ එකෙන් ඉවතට ඔන්න ගමට ආව මෙයා තමයි ආදරණීය ගමන් සගයා .. 2013 TOYOTA CAMRY . මුළු දුර සැතපුම් 851 ක් දුවල තිබුන. ඩොලර් 90 ක තෙල් පිච්චිලා තිබුන. මෙන්න මේ රවුම් කරල තියන කෲස් කොන්ට්‍රෝල් මල්ලිට පින්සිද්ද වෙන්න ගමනෙන් 90% ක් ම වාහනේ drive කරේ කෲස් කොන්ට්‍රෝල් මල්ලි තමයි. ඒ හින්ද කිසිම මහන්සියක් නැහැ. විශේෂ ස්තුතිය මුළු ගමන පුරාම සීට් එකට හේත්තු වෙන්නේ නැතුව බොහොම උනන්දුවෙන් මහන්සියෙන් වටේටම කැමරාව මානපු මගේ කැමරා ශිල්පියාට හිමිවිය යුතුයි. Last edited: Jun 19, 2013 Reactions: lahiru2000, shean202, ir0n_guy and 8 others
ගෙදර එන්න පිටත් උන ගමනේ පින්තුර ටික දාන්නයි හිතුවේ මෙතන. බලන්නකෝ එහෙනම් කට්ටියම. උදේ එන්න පිටත් උනා 9. 30 ට විතර. මේ පාරනම් කාලගුනෙට වැරදිලා නැහැ. උදේ ඉඳන් වැස්ස GPS අක්ක යන්න කියන්නේ ඊරි විල පාරේ. ඊරි විලට යන පාරෙන් ඉවතට අහෝ මගේ ඊරි සිහිනය බොඳ උන හැටි වැස්ස ටිකක් නැවතුනා. එත් තාම පාර තෙතයි ඇත පේන කඳු වැටිය හරහා ගමන ඔලුව වැදෙයිද මන්ද,,, මේක තියෙන්නේ හරි පහතින් වගේ RV පාර්ක් එකක්. RV කියන්නේ මොකක්ද කියල නොදන්නා උදවියට පෙන්නන්නම් තව පහලට යද්දී. පසුකරමින් පොඩි කඳුවැටි ඕවිටි .... ගම්මානයක් මැදින් හෙමින් හෙමින්. මට යන්න තියෙන්නේ 219 පාරේ වේගය උපරිම සැතපුම් 55යි ලු පරිසරය හරිම සුන්දරයි මේක තමයි භයානකම මාර්ග සඥඥාව. පාසල් බස් රථය පාරේ අනික් පැත්තේ ළමයි ගන්න හෝ බස්සන්න නවත්තුවත් බස් එක ළමය අරන් දොර වහගෙන Stop බෝර්ඩ් එක නවාගන්නකම් මේ පැත්තේ යන අපිත් වාහනේ නවත්තගෙන ඉන්න ඕන. එකයි මෙහෙ නීතිය. මේ තවත් පාරකට අතුල්වීමක් අතින් පෙන්නේ "සලමන්කා" කියන නගරය. මගේ දකුණු පැත්තෙන් කොච්චි පාර පරිසරය හරිම නිසන්සලයි 219 දිගේ ඉදිරියට පොලිසියට යන්නත් පුළුවනි ඕනෙනම් කඳු හෙල් මැදින් ඉදිරියට ලංකාවේ විදුලිබල මණ්ඩලය වගේම තමයි. හුළඟක් ඇවිත් ගස් කඩන වැටුනොත් මේ පැතිවලට දවස් ගණන් විදුලිය නැති වෙනවා.ගිය අවුරුද්දේ සමර් එකේ අපිත් දවස් තුනක් විදුලිය නැතිව හිටිය නොලිය ආපු සුළි සුළඟක් නිසා. පුංචි නගරයක් මැදින් පාරේ යන්න හදපු බෝට්ටුවක්වත්ද? "Little house on the Prairie " මතකද? කඳු මුදුනෙ ධාවනය වෙන ට්‍රක් එක මමත් ඒ කන්ද මුදුනට ආවම මට පෙන්නේ මෙන්න මෙහෙම මෙතන තේ කඩයක් දාන්න අපුරු තැන නේද . මේ junk yard එකක්. ඔක්කොම තියෙන්නේ හැප්පිලා භාවිතයෙන් ඉවත්කරපු වාහන. අක්කර ගානක එකක්. වාහන දහ දාහක්වත් අඩුම තරමේ තිබුන. මගේ කැමරා ශිල්පියාට මේ පින්තුරේ නිවැරදි වෙලාවට ගන්න බැරි උනා. මොකද මගේ වේගය වැඩියි. http://www.imageshack.com/scaled/large/689/hurj.jpg ලස්සනයි නේද. මේ වංගුව ටිකක් දරුණුයි. පල්ලමත් එක්ක වංගුව හින්ද ට්‍රක් වලට අවවාදය දිගටම පල්ලම ගමේ කොල්ලන්ට වොලිබෝල් ගහන්න කියපු තැන නේද වේග සීමාව 55යි ලු අයෙත් පුංචි පොදක් යනවා 9 වසරේදී භූගෝල විද්‍යාවට උගන්නපු රැලි භූමිය මේක තමයි. මම අයෙත් හයිවේ එකක. අහල පහල විලක් තියනවා වගේ මම ඉන්නේ ට්‍රක් රියදුරාගේ blind spot එකේ. මෝටර් සයිකල් පිස්සෝ ලෝකේ කොහෙත් ඉන්නවා පුංචි නගරයක් මැදින් එළකිරියේ චිරි චිරි වැස්ස මෙහෙ ඇවිල්ලද මන්ද. නිව්යෝර්ක් ස්ටේට් එකෙන් පෙන්සිල්වේනියා ස්ටේට් එකට. තාම රැලි භූමියම තමයි. ඉස්සර කරන්නේ පරෙස්සමෙන්ලු පරිසරය හරිම සුන්දරයි. සුලන් විදුලි බලය උපද්දවන හුලන් මෝල් ඉදිරියට තවත් වංගුවක් වැඩිහරියක් පාරේ දුවන්නේ ඉතින් සුපිරිම වාහන තමයි බුලත් විටක් ගෙන්න කඩේට යන්නද කොහේ මු පාරට එන්නේ මම නැවතත් හයිවේ එන්ට්‍රන්ස් එකේ. ඇරපන් පුතා... පාරටම මම විතරයි. ටිකක් වමට වෙන්න ගන්න ඕන. ඔලුව වැදුනොත් එහෙම පුංචි නගරයක් මට විදානය කෙලින් පාරේ යන්න බර සැහැල්ලු කොරන්නයි කන්නයි කියල තමයි මෙතනට අවේ. මේ තෙල් ගහන්න නවත්තල තියෙන්නේ RV එකක් . මේක තනිකර ගෙයක්. පවුල පිටින් ට්‍රිප් යන්න සමහරු මේවා පුද්ගලික පාවිච්චියට තියාගෙන ඉන්නවා. මේ RV එක පිටිපස්සෙන් අමුණලා තියෙන්නේ එයාලගේ කාර් එක. මෙයාල යන්නේ කාර් එකත් ඇදගෙන තමයි. යන්න ඕන තැනට ගිහින් RV එක නවත්තල ඒ අවට තියන නැරඹුම් ස්ථාන බලන්න යන්න තමයි මෙයාල මේ කාර් එක ඇදගෙන යන්නේ. කාර් එක ඇදගෙන යන්නෙත් බාර් දෙකකින්. කොච්චි පෙට්ටියක් අමුණලා තියනවා වගේ තමයි. කාර් එක ගොනා පිටිපස්සේ එන ගැල සේ RV එක පස්සෙන් ලස්සනට ඇදිල එනවා. චිරි චිරි වැස්ස මෙහෙ ඇවිත් වෙන්නම ඕන කාලගුනේ මගේ කැමරා ශිල්පියාට තදින් හරස් වෙලා මට ගෙදරටම තව පය දෙකයි විනාඩි තිහක් යනවා. හතක්ම 156ක් තියෙනවා. මට යන්න පුළුවන් උපරිම වේගය පැ . සැතපුම් 65 යි. එත් මම යන්නේ 70 ට. 5ක් වැඩියෙන් ගියාට මෙහෙ ඒ තරම් එලවල දඩ ගහන්නේ නැහැ. drive කරන ගමන් මමත් ඔටෝ ෆෝකස් එකෙන් පුළුවන් විදිහට පින්තුර ගත්ත ඉතින් . ලංකාවේ උනානම් කොහොම වේගෙකින් යන්න තිබුනද? ගෙවන්න වෙයි වගේ ගෙවල තමයි මේ පාරේ යන්න වෙන්නේ අයියෝ සල්ලි ගෙවල ගියාට පාර හරි පටුයි. මොනවා කරන්නද ඉක්මනට යන්න එපයි. මේකත් RV එකක්. හැබැයි ඇදන් යන්නේ ඩබල් කැබ් එකෙන් අපේ ගමට දැන් ළඟයි මට යන්න තියෙන්නේ දකුණේ ලේන් එකේ තව ගානකට කෙලවෙන්නයි යන්නේ අයියෝ සල්ලි දැන්නම් ටිකක් ට්‍රැෆික් ගමේ නම තියන බෝර්ඩ් එක දැක්ක විතරයි ට්‍රැෆික් පටන්ගත්ත මෙව්වා ඔහෙත් තියනවනේ ඉතින් තව 127 යි ලු දැන් මොන රෙස්ට් ද බන් ආයේ පාර ටිකක් පැහැදිලියි ඉන්දියාවේ ගමක් වගේ නේද බලපු ගමන් දැනෙන්නේ මේ SUV දෙකක් හැප්පිලා නෙවෙයි. වාහන දෙකක් අරන් යන්න ඕන ගමනක් මෙහෙ උදවිය යන්නේ මෙහෙමයි. එකක ඉස්සරහ රෝද දෙක උස්සගෙන ඇදගෙන යන්න පුළුවන් එකක් තියනවා කුලියට ගන්න. අයින් එකක් අරන් එක වාහනයක් ඇදගෙන යනවා. අහස අඬන්න ඔන්න මෙන්න ඉන්නේ මේ කියන්නේ ෆොටෝ ගන්න ඕන උදවිය 55 ට වැඩියෙන් යන්න කියලයි. ෆොටෝ ගැසීම නොමිලේ. දඩ කොලය ගෙදරට තැපැල් මගින්. මෙන්න තවත් බෝට්ටුවක් පාරේ යනවා ගමට යන පාරේ ට්‍රැෆි එක තව විනාඩි 28 යි ගෙදරටම ඉදිරියෙන් හැරවුම දකුණට හයිවේ එකෙන් ඉවතට ඔන්න ගමට ආව මෙයා තමයි ආදරණීය ගමන් සගයා .. 2013 TOYOTA CAMRY . මුළු දුර සැතපුම් 851 ක් දුවල තිබුන. ඩොලර් 90 ක තෙල් පිච්චිලා තිබුන. මෙන්න මේ රවුම් කරල තියන කෲස් කොන්ට්‍රෝල් මල්ලිට පින්සිද්ද වෙන්න ගමනෙන් 90% ක් ම වාහනේ drive කරේ කෲස් කොන්ට්‍රෝල් මල්ලි තමයි. ඒ හින්ද කිසිම මහන්සියක් නැහැ. විශේෂ ස්තුතිය මුළු ගමන පුරාම සීට් එකට හේත්තු වෙන්නේ නැතුව බොහොම උනන්දුවෙන් මහන්සියෙන් වටේටම කැමරාව මානපු මගේ කැමරා ශිල්පියාට හිමිවිය යුතුයි.
polwattacom Well-known member Jul 19, 2008 5,989 1,039 113 USA Jun 18, 2013 #56 රේප් දුන්න කොමෙන්ට් කරපු ත්‍රෙඩ් එක බලපු හැමෝටම ස්තුතියි. Reactions: ransing, jk perera and mano3989
Harsh7046 Well-known member Dec 8, 2009 5,980 1,058 113 Colombo Jun 18, 2013 #57 MAxxY machan Hugak mahansi wela. ithiri pics tikath dapan 5+
Thilantdm Well-known member Sep 15, 2010 22,608 5,867 113 අද නම් හදට ආවා Jun 18, 2013 #58 adoo maxxa machn rep++
sasliit Member Jun 12, 2007 36,024 1,538 0 ලොවෙත් නැති තැනක Jun 19, 2013 #59 adeee pattaaaa ban.... oya ekka apith giyaa onna trip eka