නයගරා ඇල්ල සංචාරය updated (with pics, page 1 & 6)
ගිය සති අන්තෙ නයගරා ඇල්ල බලන්න යන්න කියල යන්න සියලු දේ සැලසුම් කරේ සති දෙකක විතර කාලෙක ඉඳන්. ඉතින් ඔන්න දෙයියනේ කියල කාලගුණ අනාවැකි හෙම බලල සියලු කටයතු සුදානම් කරලා නවතින්න තැනකුත් හෙම වෙන් කරලා වැඩේ සැලසුම් කරා. කොටින්ම කියනවනම් කොයිතරම් සැලසුම් කරාද කිව්වොත් ඩොලර් 650 ක් දීල අලුත්ම නිකොන් D 5100 කැමරාවකුත් ගත්ත.
සැලසුමට අනුව අපි පිටත් වෙන්න තිබුනේ සෙනසුරාද උදේ 5 ට. සියලු සැලසුම් අනුව සිකුරාදා වැඩ කරලා ඉවරවෙලා ගෙදර ඇවිත් ගමන යන්න ඕනකරන බඩු ලැහැස්ති කරන අතරතුර නිකමට කියල කාලගුණ අනාවැකිය බැලුවාම තමයි තරු විසික් උනේ. සැලසුමට අනුව අපි නයගරා බලන්න යන්න හිටියේ ඉරිදා උදේ. සෙනසුරාද ට්‍රැවල් කරලා රෑට විවේක අරගෙන ඉරිදා උදේ නයගරා නරඹල හවස් වෙද්දී එහෙන් පිටත් වෙන්න තමයි සැලසුම තිබුනේ. මෙන්න දැන් කාලගුනේ කියනවා ඉරිදා එහෙට අම්බානෙකට වහිනවලු. අකුනුත් ගහනවලු. සියලු සැලසුම් වතුරේ යන්නයි හදන්නේ . කොහොම හරි කාලගුනේ අපේ ආතල් එක කන්න කලින් වැඩේ සිද්දවෙන්න එකම ක්‍රමයයි තිබුනේ. ඒ සිකුරාදා රෑම පිටත්වෙන එක.
කොහොමෙන් කොහොමහරි සියල අහුරගෙන පැක් කරගෙන සිකුරාදා රෑ 12 පහුවෙද්දී වගේ පිටත් උනා. සතියක් වැඩ කරලා හින්ද අදික වෙහෙස එක්ක යන්න අමාරු උනත් වෙන කරන්න දෙයක් තිබුනේ නැහැ.
Washington DC ඉඳල Niagara Falls වලට මුළු දුර සැතපුම් 400 ක් . එක දිගට Drive කරොත් පැය 7 කින් වගේ එහෙට යන්න පුළුවනි.
(මුළු ගමනටම ෆොටෝස් 1000 කට වැඩිය අරන් තිබුන. එළකිරි හිතවතුන්ට බලන්න කියල පින්තුර 350 කට අධික ප්‍රමාණයක් පුළුවන් විදිහට මේ ත්‍රෙඩ් එකේ පල කරන්නයි හිතුවේ. අපි ඉතින් වුර්තීය කමරාශිල්පියෝ නොවෙන හින්ද ගොඩක් අඩුපාඩු ඇති. ඔටෝ ෆෝකස් එකෙන් ගහපු ෆොටෝ සමහරක් ටිකක් අවුල් වගේ. පුළුවන් හැම ෆොටෝ එකෙක් යටින්ම ඒ ගැන විස්තරයක් ලියන්න උත්සහ කරන්නම්. මුළු ගමනම drive කරේ මම හින්ද යන එන ගමන් මම ගත්තු ෆොටෝ ඔක්කොම ගත්තේ ඔටෝ ෆෝකස් එකෙන්. D 5100 එකෙන් ගත්තු ෆොටෝස් ත්‍රෙඩ් එකට ලොකු වැඩි වෙන හින්ද රීසයිස් කරා. එකෙන් කොලිටි එක ටික අඩුවෙන්න ඇති. )
රෑ පිටත් උන හින්ද මගේ සහයක කැමරා ශිල්පිය හොඳ සැප පහසුවට පැය කීපයක් සීට් එක ඇල කරගෙන නිදාගත්තු හින්ද උදේ එලිය වැටෙනකම් චායාරූපකරණය සිද්ද උනේ නැහැ. මම ෆෝන් එකෙන් හිරු FM අහගෙන drive කරා තනියම.
DC වල නාගරික තදබදයෙන් නින්දට ගිය මගේ කැමරාශිල්පියා අවදි උනේ මේ ලස්සන පරිසරයෙන්. ඒ හින්ද මීදුමත් එක්ක පොඩ්ඩක් අන්ද මන්ද වෙලා ඉන්නේ. උදේ පාන්දර ගහපු මුල්ම ෆොටෝ එක අවුට් ඔෆ් ෆෝකස් . සොරි වෙන්න ඕන ඉතින්. [/SIZE][/SIZE]
මීදුම හින්ද පාර පේනවා අඩුයි.
ඇතින් ඉර පායාගෙන එනවා.
මීදුමත් එක්ක හැමෝම ගමන හෙමින්
මීදුම දැන් තදයි . ලංකාවේ නුවරඑළිය වගේ තමයි. එකම පාරේ දෙපැත්තට වාහන යන පාරක් හින්ද අනතුරක් වෙන්න තියන ඉඩකඩ වැඩියි .
උපරිම visibility එක අඩි 25ක් විතර තමයි.
ගමන බොහොම හෙමින් සහ පරෙස්සමෙන්.
වෙලාව උදෑසන 6.55 යි. හෙමින් කිව්වට හෙමින්මත් නෙවෙයි. මගේ වේගය පැයට සැතපුම් 55ක්. GPS එක පාර කියන ගමන් ඒ පාරේ යන්න පුළුවන් උපරිම වේගයත් කියන හින්ද වේග සීමා මතක තියාගෙන ඉන්න ඕනෑකමක් නැහැ. සැතපුම් 20ක් ඉදිරියෙන් මට වමට හැරවුමක්.
ඉදිරියෙන් exit එකක්.
ටිකෙන් ටික මීදුම තුනී වේගෙන එනවා.
බොහොම ග්‍රාමීය පරිසරයක් මැද්දෙන් යන හයිවේ එකක් හින්ද වැඩිය වාහන නැහැ.
වෙලාව උදැසන 7.25යි.
හයිවේ එකට විතරක් මීදුම නැහැ. වටේම තවම මීදුම.
වේගයෙන් ඉදිරියට
හයිවේ එකකින් ඉවතට. යාර තිහකින් හැරවුම දකුණට. විධානය GPS අක්කාගෙන්.
නැවතත් ග්‍රාමීය පරිසරයක් මැදින් ... වේගය උපරිම 30 යි ලු. මේ විදිහ තැනක් නුවර කොහෙහරි තිබුන වගේ මතකයි.
මුළු ගමම මීදුමෙන් වැහිලා තාම
වේග සීමාව 55 උනාට මේ වගේ මීදුමත් එක්ක 55 ට ගිහින් පොලොසියට අහු උනොත් දඩයක් සහ ලයිසන් එකට ලකුණක් දෙකක් අනිවාර්යයි.
ආයෙත් මීදුම වැඩි උනා.
මීදුම් ගලා කන්දේ. ඉවසන්න බෑ සීතේ...
බෆලෝ වලට තව සැතපුම් 45යි.
හන්දිය තවම පාලුයි සෙනසුරාද හින්ද වෙන්න ඇති.
මීදුම මැදින් ඉදිරියට
මිදුම හින්ද ගමන හෙමින්
ටිකෙන් ටික අවු රැල්ලක් වටිගෙනයි එන්නේ.
මිදුම තුනී වෙච්ච වෙලාවේ පල්ලම බැහැගන්න ටිකක් වේගෙන් යන්න පුළුවන්.
තාම ලී කණු හිටවලයි සමහර පැතිවල විදුලි කම්බි අදින්නේ.
මේක ඇතුලේ සිද්දවෙන්නේ මොනවද කියලනම් වැටහීමක් නැහැ. මහා මුසල පෙනුමයි.
උදේ අවුව පරිසරයේ සුන්දරකම වැඩිකරලා.
අපි දැන් ගමනාන්තයට ලඟයි.
දැන් ලඟා....යි
මේක තමයි parking lot 1. මේ ෆොටෝ එක නෙට් එකෙන් ගත්තේ. මෙතන වාහනේ දාල තමයි නයගරා බලන්න යන්න තියෙන්නේ. දවසටම ගාස්තුව ඩොලර් 10යි. ටිකට් එක ගන්නකොට දෙනවා නයගරා ඇල්ල අවට සිතියම සහ අවට නරබුම් ස්ථාන ගැන විස්තරය. නවත්තපු ගමන් කරේ බඩ පැලෙන්න කාල පැය දෙකක් විතර නිදාගත්තු එක.
මේක තමයි parking ටිකට් එක ගද්දි දෙන සිතියම.
නයගරා ඇල්ල
නයගරා ඇල්ල පිහිටලා තියෙන්නේ කැනඩාව සහ ඇමෙරිකාව වෙන් කරන දේශසීමා අතර. අමෙරිකාවෙන් මේ නයගරාවට හිමිකම් කියන්නේ නිව්යෝර්ක් ප්‍රාන්තය. කැනඩාවෙන් හිමිකම කියන්නේ ඔන්ටාරියෝ දිස්ත්‍රික්කය. නයගරාව දියඇලි 3 කින් සමන්විතයි. නයගරා ඇල්ල නිර්මාණය වෙන නයගරා ගංගාව ගලන්නේ පංච මහා විල් වලින් එකක් වෙන ඊරි විලේ ඉඳන් ඔන්ටාරියෝ විල දක්වා. එකෙන් ලොකුම එක හඳුන්වන්නේ Horseshoe Falls කියල. මේ ඇල්ල වැටෙන්නේ අශ්ව ලාඩමක හැඩයෙන් . ඊළඟට ලොකුම එක තමයි American Falls . මේක පහලට වැටෙන්නේ ඇමෙරිකාව පැත්තෙන් හින්ද එහෙම හඳුන්වනවා. කුඩාම එක තමයි Bridal Veil Falls. මේක මේ නමින් හඳුන්වන්නේ මනමාලියෙකුගේ වේල් එක වගේ පහලට කඩාහැලෙන හින්ද.
මේ ඇලි තුනෙන් ලොකුම එක Horseshoe Falls අඩි 173 ක් උස සහ අඩි 2600 ක් පළල වෙනවා. American Falls උස අඩි 70-100 දක්වා අතින් තැනට වෙනස්වෙන උසක් සහ පළල අඩි 1600ක් ලු. කුඩාම එක තමයි Bridal Veil Falls උස වෙන්නේ අඩි 78 ක්.
මේ දියඇලි තුනෙන් American Falls / Bridal Veil Falls කියන දෙක නීතියෙන් අයිති වෙන්නේ ඇමෙරිකාවට. Horseshoe Falls අයිතිය කැනඩාවට.
දිය අලි තුනේම අයිතිය නයගරා ගංගාවට හින්ද ලෝකේ ලොකුම water flow rate එක තිඅන දිය අල්ල විදිහට තමයි හඳුන්වන්නේ.
ඔන්න ඕක තමයි සරලව තොරණේ විස්තරේ. තොරණ තව ලඟට ගිහින් බලන්න ඕනෙනම් මෙන්න ලින්ක් එක විකි උන්නැහේ සියලු විස්තර සපයල තියනවා.
http://en.wikipedia.org/wiki/Niagara_Falls
නයගරා ඇල්ල visitor center එක. මෙතනින් සියලු විස්තර ගන්න පුළුවන්.
visitor center පහු කරගෙන ඇල්ල බලන්න යනකොට හමුවෙන රතු ඉන්දියානු ප්‍රතිමාව
නයගරාව වටේ යන ට්‍රොලි (බස් ) සේවාව. ටිකට් එකක් අරන් මේකේ නැග්ගම වටේම එක්ක යනවා ගයිඩ් කෙනෙක් සියලු විස්තර සපයනවා.
ඇමෙරිකානු ඇල්ලෙන් පහලට වැටෙන්න ලහි ලහියේ ගලායන මහා වතුර කඳ
ඇමෙරිකානු ඇල්ලේ පටන්ගැන්ම. එහාපැත්තෙ පෙනෙන ගොඩනැගිලි තියෙන්නේ කැනඩාවේ .
ගෝට් අයිලන්ඩ් එකට යන පාලම. ඒ යටින් එන වතුර තමයි ඇමෙරිකානු ඇල්ලෙන් පහලට වැටෙන්නේ.
කැනඩාවේ පැත්තෙන් නයගරා ළඟටම යන බෝට්ටු සවාරි. අපේ කරුමෙට කාලගුණ තත්වය විස්වාස නැති හින්දද කොහේ ඇමෙරිකානු පැත්තෙන් බෝට්ටු සවාරිය අපි ගිය දවසේ අවලගුයි.
කැනඩාවට කිරි අපිට කැකිරි කිව්වලු. අවාසනාව කොයිතරම්ද කියනවනම් පාස්පෝර්ට් එක අරන් ගියේ නැහැ. එක අරන් ගියානම් කොහොමහරි කන්ද පැත්තෙන් බෝට්ටුවේ යන්න තිබුන.
මේ ලඟින්ම තියෙන්නේ ඇමෙරිකානු ඇල්ල
කැනඩ බෝට්ටුව වතුරේ පාවෙන සපත්තුවක් වගේ උඩට පෙන්නේ.
මිනිස්සු පෙන්නේ කුඹි රොත්තක් වගේ.
මේ ඇමෙරිකානු ඇල්ල . සුද්දෝ දෙතුන්දෙනෙක් යන්තම් වැදිලා. මෙතන ඉන්දියන් කාරයෝ වැහි වැහැල . සත්තු වගේ. උන්ව මගෑරලා පින්තුරයක් ගන්න එක හරිම අමාරු වැඩක්.
කැනඩාවේ තියන පාර්ක් එකක තඩි කතුරු ඔන්චිල්ලාවක් ඇමෙරිකාව පැත්තෙන් පේන හැටි.
මේක තමයි උඩ පින්තුරේ පෙන්නේ.
ඇමෙරිකානු ඇල්ල
ඇතින් පේන්නේ Horseshoe Falls
පිළිවලින් American / Bridal Veil Falls / Horseshoe Falls
කැනඩාව සහ ඇමෙරිකාව යාකරන Rainbow Bridge
යන්න ඕන තැන කාගෙන්වත් අහන්න ඕන නැහැ.
ඊළඟට ගියේ මෙතනට.
මේකේ වැඩකරන උදවිය හැමතැනම ඉන්න හින්ද කිසම වංචාවක් අතවරයක් වෙන්නේ නැහැ කිසිම කෙනෙකුට.
නීතිය කාටත් එක විදිහට ක්‍රියාත්මකයි.
ටෙස්ලා මහත්තයාගේ පිළිරුව. මෙතුමා ගැන ලොකු ත්‍රෙඩ් එකක් තිබුන එළකිරියේ.
නයගරාවෙන් විදුලිය උපද්දවපු ටෙස්ලා මහත්තයාගේ වැඩ
Cave of the winds යන්න ටිකට් ගන්නේ මෙතනින්. හැතක්මක් විතර පෝලිම.
Cave of the winds යන්
මෙතනින් තමයි Horseshoe Falls බලන්න යන්නේ
මේ පේන්නෙ Horseshoe Falls
Horseshoe Falls
Horseshoe Falls
Horseshoe Falls
Horseshoe Falls
Horseshoe Falls
Horseshoe Falls එකෙන් පහලට වැටෙන්න ගලාගෙන එන මගා ජලකඳ
Horseshoe Falls
ලස්සනයි. එත් පිටතට. මෙතනට ගියොත් කොයිතරම් භයන්කාර ඇතිද?
දිය ඇල්ල අස්සෙන් පේන කැනඩාවේ බෝට්ටු සවාරි කට්ටිය දියඇල්ල කිට්ටුවටම ඇවිත්.
මේ තව ඉවෙන්ට් එකක්
නයගරා බලල ඉවරයි. යන්නේ නවාතැනට.
බෆලෝ වලට තමයි යන්න ඕන .
හයිවේ 190 ගන්න තමයි GPS එක ඇතුලේ ඉන්න අක්කගෙන් අවවාදය.
මේ පාලමෙන් එගොඩවෙලා තමයි යන්න වෙන්නේ.
පාලමෙන් එගොඩට
ගෙවල තමයි යන්න තියෙන්නේ
ගෙවන්නම වෙනවා ඉතින්.
E-Z Pass එකෙන් යන්න පුළුවන් මට easy pass transponder එකක් තියෙන හින්ද.
අයියෝ සල්ලි.
ඉදිරියට වැඩි දුරක් නැහැ නවාතැනට .
මේ කලින් පාලම නෙවෙයි. ඒ වගේම තව එකක් හොඳේ. පාලමේ වේගය පැ . සැ . 45යි.
අපුරු නිර්මාණයක්.
මේ පාලමෙන් එගොඩට ගිහින් විනාඩි 3ක් යන්නත් කලින් අපි නවාතැන්පොලට ආව. ඊයේ උදේට (සිකුරාදා)වැඩට යන්න අවදි උන ගමන් තාම හරි හමන් නින්දක් නැහැ. හෝටලේට ගිහින් නාල කාල හොඳ නින්දක් දැම්ම . පහුවදා ගෙදර එන ගමන් ගතපු පින්තුර ටික පස්සේ දාන්නම්. දවස් දෙකක් හැතැක්ම 851 drive කරාට වඩා මහන්සියක් ගත්ත පින්තුර resize කරගෙන ත්‍රෙඩ් එක ටයිප් කරන්න.
ඉතිරි පින්තුර 6 වෙනි පිටුවේ .......

Last edited: