මෙතන හැමෝම ගාන අඩු වීම ගැන කතා කරන නිසයි කියන්නේ... අනිත් හැම ෆෝන් එකක් වගේම S4 එකත් ආවේ ලොකු ගානකට.. ඒ වගේම, මිල අඩු වීමත් එහෙමයි... හඳුන්වා දෙන මිලට වඩා පස්සේ මිල අඩු වෙනවා. නමුත් තාමත්, Samsung dealer කෙනෙක් ගෙන් ගත්තොත්, මිල පොඩ්ඩක් වත් අඩු නෑ.
හේතුව, අලුත් මිලත් එක්ක ෆොන් ලංකාවට සෑහෙන්න ගෙන්නනවා... ලංකාවේ, gray market එකේ ෆෝන් මිල, world market එකට සෑහෙන්න සමානව යනවා. ඒත්, ෆෝන් එකේ මිල ගොඩාක් ම අඩු නම්, ගන්නකොට පරිස්සම් වෙන්න... ඔය ලංකාවට එන ෆොන් අතරින්, ගොඩක් ඒවා fake... වෙනස හොයා ගන්න බැරි තරම් ම fake.... ඒවට නම් අහු වෙන්න එපා, සල්ලි ටික අපරාදේ... අනික් එක තමා, Korean phones.. ඒවාත් ලංකාවේ අඩු මිලට ගන්න තියෙනවා... ඒවාටත් යන්න එපා...
ෆෝන් එක ගන්නකොට හොඳට පරීක්ෂා කරලා, දන්න තැනකින් ගන්න... ගත්තට පස්සේ අනිවා, fake ද කියලා check කර ගන්න.