පද පේලි .....

Status
Not open for further replies.

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    වෙරළ රළ හා තරහා වී නැත
    මියුරු සර වෙණ හා බිඳී නැත
    අහස සඳු හා උරණ වී නැත
    අතීතය මගෙ හදවතේ නැත..

     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඉර හඳ වැඳලා නෙත් දෙක ඇරලා
    අත ඔබෙ නලලේ තියා
    හදවත සපුරා පවසමි ඉඳුරා
    මම ආදරෙයි කියා
    මගෙ සිත සැනසී සැක බිය වැනසී
    ඝණදුර පහව ගියා
    මම ඔබ අදුනා පිලිගමි ඉඳුරා
    මට ආදරෙයි කියා

    සතර දිගන්තේ සොදුරු වසන්තේ
    ඔය මුහුණෙහි දකිමී
    ඇසිපිය නෙහැරා දෙනෙතෙහි සතපා
    ඔබෙ රුව මම රකිමී

    මුලු ලොව මත්තේ මගෙ යැයි කිව හැකි
    ඔබ පමණයි ඇත්තේ
    ඔබ මා ලග නම් ජීවිතයට වෙන
    කිසිවක් ඉඩ නැත්තේ


    :love::love:

    tfs oya song eke lyrics hariyatama dakke ada
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මිදුලේ අතන නංගෝ කව්ද හැංගි උන්නා වගේ.....
    සෙල්ලම් හැංගි මුත්තම් දන්නේ නැද්දෝ අයියා මගේ.....//

    පොඩි නංගියේ....ඔන්න දැන් ඔට්ටු නම්....
    හොයල මං එන්නදෝ....
    මිදුලේ අපේ යාළු ඇයි හැංගිලා....ඇවිදින් අල්ලන්නදෝ....

    තාම නෑ නෑ....ඔට්ටු නෑ නෑ....
    සෙල්ලම් බත් උයලා එකට බෙදලා කමුදෝ අපි....
    කවි ගී සින්දු වාරම් දෑත අල්ලා කියමු අපි....


    දැන් අම්මලා ඒවි දඟකාරකම්....
    හොඳ නෑ පොඩි නංගියේ....
    පාඩම් පොතේ රූප පැන්සල් අරන්
    අඳිමු අපි නංගියේ....

    පාට ගාලා....රූප අඳිමු....
    ගවුමේ දුලි ගැවී කිළුටු වීලා අම්මා බනියි.....
    නංගි ගෙදර ඉන්නා හොඳම ළමයා අයියා දනී....


    නංගි ගෙදර ඉන්නා හොඳම ළමයා අයියා දනී....//

    -Rookantha & Chandraleka-

     
    • Like
    Reactions: rcccc

    Ryleee

    Member
    Jan 13, 2013
    171
    16
    0
    somewhere
    රත්තරන් මා...ගේ - සුරඟනක් වා...ගේ
    ඇස්වලින් කී...දේ ආදරේ...
    හුරතලේ මූ...ණේ - මල්මිටක් වා...ගේ
    කම්මුලක් ගා...නේ හාදු ඕනේ...

    හිත්යායේ පෙම්මල් පීදී
    අමරසදෝ වෑහෙන්නේ
    වස්සානේ ඇවිදින් වාගේ නේ
    නෙතු මා හදේ

    නිල්මානෙල් පාටයි දෑසේ
    තුරුලේමයි මා ඉන්නේ
    ඉගිලෙන්නේ ඔබ හා තනියෙන් මා

    දුක්වින්දේ සුසුමක් ගානේ
    මා හැඩුවේ ඇල්ලක් වාගේ
    මුළු ලෝකේ එරෙහි වූ එදා

    දැනුනේ රස නොයිදුල් දීගේ
    හිනෙන් දුටු පාරාදීසේ
    පියවෙන්නේ පහසින් දෙනුවන් මා

    රත්තරන් මාගේ...

    නාදල්ලේ පාටයි වාගේ
    සිපගන්නත් ලෝබයි ඈගේ
    දෙතොලේමයි නැවතී ඉන්නේ මා
    මනමාලයි හැඟුමයි දෑසේ
    ගුලිවෙන්නයි හොරැහින් බැලුවේ
    ඔබ මාගෙ පණමයි සෑමදා

    රත්තරන් මාගේ...
     
    • Like
    Reactions: m3pium

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    සුළඟ ඔබද මගෙ සුසුම අරන් යන්න එනවද
    සුවඳ ඔබද මතකය ගෙන යන්න යනවද..
    තරුව ඔබද.. අහසේ තනි වෙන්න ඕ‍නැද..
    එයා ඔබද යලි හමුවෙන්න එනවද...

    ලැජ්ජාවට දෝ - අහක බලන්නේ
    හුරතලයට දෝ මුහුණ වහන්නේ
    තරහ වෙලාදෝ - හිනා නොවෙන්නේ
    යලි කවදාදෝ ආපසු එන්නේ..

    සැනසීමටදෝ - ඈත බලන්නේ
    ආදරයට දෝ මට රිදවන්නේ..
    කවුරු නිසා‍දෝ - ඔබ ලතැවෙන්නේ
    යලි ‍කවදා දෝ අපි හමුවන්නේ

    තනිය මටද මගෙ තනිය මකාලන්න එනවද
    සිහින මටද සිහිනෙන් දැක ගන්න එනවද
    කදුළු මටද දෑසේ වියැලෙන්න දෙනවද
    දුක මටද මගේ දුක විදගන්න දෙනවද..


    කසුන් කල්හාර
     
    • Like
    Reactions: rcccc

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    සඳ දිය දෙවුන සේ සිනහව පිපුනාම

    සඳ දිය දෙවුන සේ සිනහව පිපුනාම
    නුඹ කොයි තරම් සුවඳද මගෙ හිත ගාව
    දෑ කුල සිරිත් සිටි සද මග අවුරාන
    හමුවී වැලපෙමුද මෙලෙසින් හැමදාම

    නෑඹුල් පැතුම් අහසට නැග රහසේම
    දිලිසෙන්නේද පුර පස දිලි සඳ ගාව
    එ හද ඇයිද දියවක දී මුළු රෑම
    දියවී ගිහින් රැඳුනේ තරු ඇස ගාව

    ලය මත පිපුණු උණුසුම් සුසුමක සුවඳ
    සෝදා හල හැකිද ගැරහුම් රළ ගාව
    කඩ ඉම ළඟ ඉඳන්වත් නුඹ හැමදාම
    මට අත වන පන් නලියන නළ සේම

    අසංක ප්‍රියමන්ත.මාලනී බුලත්සිංහල
     
    • Like
    Reactions: m3pium and rcccc

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    මිදුලේ අතන නංගෝ කව්ද හැංගි උන්නා වගේ.....
    සෙල්ලම් හැංගි මුත්තම් දන්නේ නැද්දෝ අයියා මගේ.....//

    11.gif
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Bathiya & Santhush.......

    ඔය මන්දහාසයෙන් සැනහේවි ජීවිතේ~
    සෝතාප සඟවන්න ඔබ එන්න ආදරෙන්~
    චාන්දනී පායලා..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සුළං රොදක් සේ ඔබ වෙත ඇවිදින්

    සුළං රොදක් සේ ඔබ වෙත ඇවිදින්
    ළගින් සිටින්නම් සැනෙකින්
    පහන් වැටක් සේ ඔබ ළග හිදිමින්
    එළිය කරන්නම් සතුටින්


    ඔබ එක් වෙනවා දෝ
    ඔබ ළං වෙනවා දෝ
    ඔබ මා සතු වේ දෝ
    ඔබ මට හිමි වේ දෝ


    මා දෙස බලමින් පවසන්
    ඔබ මගේම යැයි කියලා
    මා වෙත අවිදින් මුමුණන්
    මුළු දිවියම ඔබෙ කියලා

    ඔබ එක් වෙනවා දෝ...

    සිහිනයකින් හෝ ඔබ ළග රැදෙමින්
    ඔය නෙතු අග දැවටෙන්නම්
    ඈත අහසේ තරු අතරින්
    ඔබ කැඳවාගෙන යන්නම්


    ඔබ එක් වෙනවා දෝ...

    ගායනය :Centigradez
     
    Last edited:
    • Like
    Reactions: Rex921

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඇය හද ගැස්මේ සඟවා

    ඇය හද ගැස්මේ සඟවා
    සිහිනයකට පෙම් කරලා
    දුක විතරක් තුරුලු කරන්
    ඔහු යනවා ඈ සොයලා...

    නුඹ වේ මා හිමි කාරියේ
    නුඹ වේ මා පැතු ලෝකයේ
    නුඹ වේ මා දුටු සිහිනයේ
    නුඹ වේ මගෙ මුලු ජීවිතේ

    සිත සැලුනා නුඹ හින්දා
    නෙතු හැඬුවා දුක හින්දා

    ඔය දෙතොලෙ ආදරෙන්
    සිප ගන්න දැවටෙන්න.
    පැහැදුල් නුවන් සඟලේ
    මට ඉන්න ඉඩ දෙන්න

    සියපතක පෙති අතරේ
    දැනෙන සුව විඳ ගන්න
    කවදාද ඔබ එන්නේ
    මගෙ හිතට සැනහෙන්න

    සිත සැලුනා නුඹ හින්දා...

    ගායනය :Centigradez
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඔයා දිහයි බලන් හිටියේ
    ඇස් පිය නොහෙලා මෙතෙක් වෙලා
    ලඟින් හිටිය නැති ටික කාලෙට
    ඔයා හුඟක් වෙනස් වෙලා
    අපේ හීන වලින් ඔයා ගියා කියා ඉවත් වෙලා
    සුසුම් හොරෙන් ලඟින් තියන්
    සිටියේ මං තිගැස්සිලා
    ඔයත් ටිකක් වෙනස් වෙලා...

    තනිවුන කුසුමක තනිකම මකුවෙත් ඔබ විතරම හන්දා
    දවසම හිනැහුණ හිත හැම රෑකම තනියෙන් ඉකිබින්දා
    අකලට කදුලින් නාකපනා වැහි වැස්සුවේ මං හින්දා
    ගෙන යන්නම් කැන්දා...........

    අපි වෙනුවෙන් අපි තනියෙන් හිටිහැටි අපිවත් දන්නෑ
    ලොවට හොරෙන් කල කී දේවල් කව්රුත් දන්නෑ
    මගේ ලොවට ඔබ හැර සැලසුම් මට කිසිවක් නෑ
    ආයෙත් අපි තනිවෙන්නෑ..............
     
    • Like
    Reactions: rcccc

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හැන්දෑකරේ අඹ මල් වට ඹබරු නටන්නා
    නින්ද නැතත් මං තනියෙන් හීන දකින්නා

    මලේ සුවඳ මත් ඹබරුන් මලට ගෙනාවේ
    සඳේ එළිය සඳ සෙවනට සිහිල ගෙනාවේ
    ගඟේ ඉවුර ගඟ දිය මුහුදට ගෙන ආවේ
    මගේ හිතට මේ තනිකම කවුරු ගෙනාවේ

    හැන්දෑකරේ අඹ මල් වට .....

    දොලේ හඬට ගී සීපද කොතැන ඇසේ දෝ
    දිවේ රහට ලුණු ඇඹුලක් බතට ලැබේ දෝ
    හිතට නුහුරු ආල හැඟුම් හිත උහුලා දෝ
    දුකට කියන මේ ගී පද කාට ඇහේ දෝ

    හැන්දෑකරේ අඹ මල් වට .....


    ගායනය :- රෝහණ වීරසිංහ
     
    • Like
    Reactions: rcccc

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    නිම් තෙරක් නුදුටු මේ ලෝකයේ
    රුදු සපුන් නිබද සරණා බිමේ...
    ඔබේ සිනාවත මගේ නවාතැන
    අරුණු විහිදුවා ලී ජීවිතයේ...
     

    Ryleee

    Member
    Jan 13, 2013
    171
    16
    0
    somewhere
    සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ
    නිදන නෙත් යුග සනසනා
    සිතුම් රැළි ඔබ තනිව හිඳි වේලේ
    නිහඬ මා හද සනසනා

    ඉරකි ඔබ මට සඳකි ඔබ මට
    කිසිදු කිසිවිට සමු නොගන්නා
    සයුරු රළ ඔබ ඈත සමුදුර
    සයුරු තෙර මා හමුවනා

    යුග ගණන් අප වෙන්ව ආ මග
    සොඳුරු නිම්නෙක එක්වෙලා
    දුක් සුසුම් නැති අපේ ලොව තුල
    සිනහ මල් පෙති විසිරිලා

    හිරුට තනි නැත සඳුත් නැත තනිවී
    එකම අහසක හමුවෙලා
    ලොවම සසලව බලා සිටියාවේ
    යළිදු අප අත් ළංවෙලා
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කඳුළ නිවන්නට සිනහ සොයනවා
    අහිමි වු ඔබ ළඟ සිත නැවතී
    අහස තරම් මහ ආදරෙන් සිටිය මට
    සයුර තරම් ඇත දුක හිමිවී

    ඇසිල්ලක්වත් නෙතින් දුර නොවු
    ඈත ජීවිතෙ දවසකට
    පියඹා එන්නට සිතෙනව රැයකදි
    දැවටී සැඟවී සිහිනයක
    එන්නෙ කොහොමද ඔබ ළඟට

    සසරෙ පුරුද්දක සෙනෙහස ලැබුනට
    පින්කර නෑ එක්වීලා ඉන්නට
    අපි දෙන්නාගේ මතකය සිහිකර
    සිතින් අඬනවා මා හැම රෑකම
    හුඟක් ළඟයි දුක ආදරෙට


    ගායනය :- හෂී කල්පනී
     
    Status
    Not open for further replies.