මේ විස්තරේ ගිහින් තිබුනේ 10-07-2013 "වෙනස " වැඩසටහනේ. මේ ටික බැලුවම පපුව කඩන් වැටෙන්න තරම් හිත අමාරුවක් දැනුනා මචන්ලා. අපි අපේ අවට ජීවත්වෙන අසරණ මිනිස්සු දිහා අවධානයෙන් බලල පුළුවන් යමක් ඔවුන් වෙනුවෙන් කල යුතුයි නේද කියල හිතුන අවන්කවම. අපි ඉපදිලා මැරිලා යන ටිකට මොනතරම් සල්ලි අනවශ්‍ය දේවල් වලට වියදම් කරනවද? මේ අම්ම සබන් කැටයක් ගත්තේ මාස 7 කින් කියල මේ වීඩියෝ එකේ එක තැනක කියවෙනවා. මේ වැඩසටහන කරන්න ගිය වෙනස උදවියටත් මේ විස්තරේ වෙනසට ලියල එවපු පුද්ගලයාටත් හුඟක් පින් සිද්ද වෙනවා. වෙනසට පින් සිද්ද වෙන්න මේ අම්මට දැන් හොඳ යමක් සිද්ද වෙයි කියල මම හිතනවා. එත් මේ වීඩියෝ එක බලද්දී මේ අම්ම වෙනුවෙන් මගේ ඇහෙන් කඳුලක් වැටුන.
ඇහෙන් කඳුලක් හෙලන්නේ නැතුව මේ අම්මව ඉන්ටව් කරන්න පුළුවන් උන ඒ මාද්යවෙදියාට මගේ උත්තමාචාරය පුදකරනවා.
ලංකාවේ ඉන්න අපේ එළකිරි සාමාජිකයෝ කව්රුහරි සන්විධානගතවෙලා මේ අම්ම වෙනුවෙන් මොකක්හරි යමක් කරන්න ඉදිරිපත්වෙනවානම් පිටරටවල ඉන්න අපේ එළකිරි සාමාජිකයෝ උදව් කරාවි කියල මම හිතනවා.
අපිටත් කවදාහරි මෙහෙම තැනකට වැටෙන්න සිද්ද නොවෙයි කියල හිතන්න පුලුවනිද??? ලංකාවේ මේ අවට ඉන්න එළකිරි කොල්ලෝ පුළුවන් යමක් කරපල්ලා... මමත් හැකි පමණින් සහයෝගය දෙන්නම්.
(ගත්තේ FB එකෙන් )


