පද පේලි .....

Status
Not open for further replies.

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    සසල ලොව නිසල වෙමි
    වෙරළ ලෙස සයුර හිමි
    නොහිම් රළ පහරවැල් උහුලනා..
    ගිගුම් දෙන රුදුරු ගොස ඉවසනා...

    තිලිණ වෙයි මුතු ලෙසම
    කසළ සුන්බුන් සැවොම
    තුරුලු කර ගනිමි සම සිතකිනා..
    මවක මෙන් විඳින දුක් කුළුණිනා..

    පැමිණ යයි ඔබ සැවොම
    හිඳිමි නොසැලී මෙහිම
    පවුර වී බිම රකින සයුරිනා...
    එතෙරවන පයට මග සදමිනා..


    පද රචනය - කුලරත්න ආරියවංශ
    සංගීතය - විශාරද නන්දා මාලිනී
     
    • Like
    Reactions: twisted

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Under the spreading chestnut tree
    I sold you and you sold me
    There lie they, and here lie we
    Under the spreading chestnut tree

    it's not a song though..so surreal nevertheless
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එපා තවත් මගෙ හිත රිදවන්න....//
    ආල නුරා කම් පෑවට සොඳුරු....
    ප්‍රේම හැඟුම් මතකයි මට රුහිරුදුරු....
    ඔබ යන්න....ඔබ යන්න....

    හිත කීරි ගැහෙනවා....මගෙ වෙනදා විදියට....
    නුඹ මතක ලොවේ....සැරිසරණ වෙලාවට....
    නුඹ නැතිව බැරි වුනත්....උණුහුමකට මා ලඟ....
    පෙම් කරන්න බෑ....යළි ගොළුවූ හදකට....
    ඔබ යන්න...ඔබ යන්න...

    -MiLiN-


     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    You should feel alright
    Don’t want tears in your eyes

    Baby I never meant to hurt you
    Can’t you see I’m always around you
    I have let you down once I’m with you now you should feel alright
    Oh baby I will never make you cry
    But don’t want no tears in your eyes

    ආදරේටයි ඔච්චම් කලේ
    ඇයි ඇස් රතු කරගෙන තරහ උනේ
    නෙත් අඟින් ඔබේ
    ඡායා මැවේ
    ඔබේ කඳුලු දකින විට මටද රිදේ

    Baby believe me I love you truly I’ll never hurt you again

    Oho, yea, come on girl, you think I was note that just to feedback
    Nahh, I was playing ma life always mean that
    Wanna make you surprise some kindda smile
    I said nah to make you sad or drop yo tears up
    Sorry ma baby one million times
    Tie up for an any kindda lovely crime
    Let me breathe softly, Be ma everything
    Ma heart ma soul ma all in your name
    Touch ma heart and spend a precious moment
    Feel that ma fire will always be there for sure
    Like the old days girl hold ma hand
    Let’s bounce to the place where we love to joy come on…

    Baby I never meant to hurt you…

    කඳුලු පිරෙන ඔබේ දැස් බලා
    ඔබේ ආදරයෙන් සිත ඉති
    රිලා
    දෑත ඔ
    බේ නළලේ තියලා
    දිවුරන්නම් මා ඔබගේ කියලා

    Baby believe me I love you truly I’ll never hurt you again

    Baby I never meant to hurt you…

    ..3EC Crew..
     

    popular

    Member
    Jun 28, 2012
    24
    5
    0
    සඳ දිය ගලා හැලී ....ඔබ නැති පාලු දැනි ....
    මගේ ඇස් හඬන හැටි ....ඔබ තව දන්නේ නැති...
    ගියදා වෙන්වී සිත මා රැවටි ....
    සඳ දිය ගලා හැලී ....ඔබ නැති පාලු දැනි ....
    මගේ ඇස් හඬන හැටි ....ඔබ තව දන්නේ නැති...

    නිදි යහනේ මා තනි වී... පැතු සිහිනේ බොඳවී
    සිත තනිවී නෙතු නොපියා ඔබ ගැන සිහි කරමි ..
    ඔබේ ආදරයෙන් මා රවටා මට මාවම නැති වී....

    හිත අස්සේ දුක හංගා මැරි මැරි මම උපදී ....
    ආදරේ තරම් තියන හිතේ රත්තරනේ දන්නේ මමයි
    ඔබ නැති මගේ සේනේගේ කිසි කෙනෙකුට නැ දෙන්නේ
     

    Twinkle24

    Member
    Jul 12, 2013
    1,093
    25
    0
    ~upon a cloud~
    සිටිනා කොදෙව්වක නුඹ සැප විඳී නම්..
    මවෙතින් ලැබුනු ආදරයත් ලැබෙයි නම්..
    මතකය නුඹට හිරිහැරයක් නොවේ නම්..
    තව කුමකටද දුක් ගී කල්පනාවන්..
     
    • Like
    Reactions: m3pium

    Twinkle24

    Member
    Jul 12, 2013
    1,093
    25
    0
    ~upon a cloud~
    මා සඳට කැමති බව දැනගෙන
    ඔබ සඳ අයින් කලා අහසින්..
    මා මලට කැමති බව දැනගෙන
    ඔබ මල අයින් කලා නටුවෙන්..

    නොයිදුල් තොල්පෙති අතරින්
    උදුරාගෙන සිනාව..
    සිත්පිත් නැති මිනිසා ඔබ..
    නෙත කඳුලැල් ගෙනාව..

    එක්ටැම්ගෙයි සිරගතකල
    සමනලියක අනාථ..
    ජීවිතයම ඔබ අරගෙන,
    ඇති දුන් වේදනාව..
    :(:(
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සීතල තවරා හමනා සුලඟේ
    මා ගත දැවටී පාවී ‍යන්....
    මුර මඩුවේ සිටිනා මගෙ තනි‍යට
    කන්ද කපා සඳ පා‍යාපන්....

    උද‍යට ඇවිදින් හවසට ‍යද්දී
    දෑසින් නුඹෙ තනිකම කි‍යැවේ....//
    මැණිකේ පුතුගේ තනි‍ය මකද්දී
    පොල් අතු මඩුවේ මා තනිවේ....

    සිහින ලොවේ සිටි‍යත් ඔබ සෙවනේ
    මටද දැනේ උණුසුම පුතුනේ....//
    නින්ද නැතිව සිටිනා තුන් ‍යාමේ
    සංගු හඬට කන් දෙනු මැණිකේ....

    -Bandara Athauda-
     

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    ආයෙත් හඩන්න කඳුලක් උනන්න ඇයි අපි මේ හමුවන්නේ
    හිමි නැති ඔයාව හිත යට තියාන දුක් විඳලයි හිත හැදුවේ
    ඔබ හිනැහෙන්න ඔබෙ රජදහනේ මං තාමත් මගෙ තනි හීනේ
    දුප්පත් කමට නෑ හිමි ප්‍රේමේ ඒකයි මං ඔබෙන් වෙන්වෙන්නේ

    ආඩම්බර රුව දැකලා සිත ආයෙත් උමතු වෙලා
    සඟවන්න බැහැ කිසිදා පුංචි පෙම්පත් කතා
    අපේම ලොවේදී අපි මුණ ගැසේවි
    සිතමින් පෙම්කරලා
    ඔබ දුර ඇදේවි මං ඉකිබිඳිවී
    අපි ඈතයි සැමදා

    ආයෙත් හඬන්න ....

    සදාතනික පෙම පතලා තනිකඩ සිත මුලා වෙලා
    ඇති නැති දුර දුරක තියා සත්තමයි පෙම් කළා
    අපේම ලොවේදී අපි මුණ ගැසේවි
    සිතමින් පෙම්කරලා
    ඔබ දුර ඇදේවි මං ඉකිබිඳිවී
    අපි ඈතයි සැමදා

    ආයෙත් හඬන්න .... :(


     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ආයෙත් හඩන්න කඳුලක් උනන්න ඇයි අපි මේ හමුවන්නේ
    හිමි නැති ඔයාව හිත යට තියාන දුක් විඳලයි හිත හැදුවේ
    ඔබ හිනැහෙන්න ඔබෙ රජදහනේ මං තාමත් මගෙ තනි හීනේ
    දුප්පත් කමට නෑ හිමි ප්‍රේමේ ඒකයි මං ඔබෙන් වෙන්වෙන්නේ



    බලු මිනිස්සු ඕයි:frown:
    මම නෙට් එකෙන් සර්ච් කරලා මෙකෙ අලවන්න බලද්දි මු වැඩෙ දිලා :oo:
    පට්ට සිංදුව
    11.gif

     
    • Like
    Reactions: Dulanzz

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඉස්සර සෙනෙහස

    official video eke inna kellawa dakkama adenawa neh :P

    උබට ඇඩුනද:P
    උබට මොන කෙල්ලොද බන් කන්නඩිය පැත්තක තියලා මගෙ කාර් එකත් හොදලා දාපන්:rofl:



    ඉස්සර සෙනෙහස, තිස්සෙම හදතුල
    මැරි මැරි රිද්දනවා
    ඇස් දෙක වස්සන, කඳුළැලි දුටුවම
    ඔබ මට හිනහෙනවා...//

    සුවඳක් දැනුනත්,තවමත් ආසයි
    පණ මෙන් පිදු හින්දා..
    මගෙ අහිංසක, හිත තැලුවත් නැ
    තරහක් මට දැනිලා

    ඉස්සර සෙනෙහස...

    දම් පැහැ ගවුමයි,රතු මල් කුඩයයි
    තාමත් තියෙනවද..?
    එපා උනත් මා, එපා දවන්නට..
    ඒ ආදරර තිලිණ...

    නාමල් උඩුගම
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    අනන්තයක්වී ඔබේ ආදරේ
    ඔබේ ආදරේ
    මේ සුරම්‍ය පාරාදීසේ
    හදවතින් උමතු වූ සදානන්ද කර සරාන සුවද විජිතයේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ මුළු අහස ම මට මදි ඔබ ගැන
    ‍මෙතුවක් නොලිවූ ගීය ලියන්නට
    පුංචි තාරකාවක් දැල්වෙන තැන
    ඇත ඉඩ ඔබ ගැන ගීය ලියන්නට

    සප්ත සමුදුරෙහි නිල් සායම් ඇත
    එක පැහැයක් මදි ඔබ රුව අඳිනට
    ඇසින් වැටෙන එක කඳුළු බිඳක් ඇති
    මට ඔබෙ පිළිරුව සිතුවම් කරනට

    මේ මුළු අහස ම ..............

    සිත් දහසක් මදි ඔබ ගැන සිතුමට
    එපමණ ගැඹුරක් ආදරයෙහි ඇත
    එක සිතකින් ඒ ගැන සිතියැකි මට
    ආදරයට සිත් දහසක් ලොව නැත

    මේ මුළු අහස ම ..............


    ගායනය :- වික්ටර් රත්නායක හා ශ්‍රීමතී තිලකරත්න
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    සදකට තහනම් අහසින් බැසයන්න

    සදකට තහනම් අහසින් බැසයන්න
    මලකට තහනම් නටුවෙන් ගිලිහෙන්න
    ඔබ මගෙ නාමෙන් මොහොතක්‌ ඉවසන්න
    සෙනෙහස වෙනුවෙන් කදුළැලි උහුලන්න ..//

    අමාවකට ඇති කළුවර අපමණය
    සමාව වෙනුවට අපි අද දෙතැනකය
    ඔයා නමට ලිව්වත් ඉම කවි පදය
    දරා ගන්න බැරි ගින්දර විතරමය ..//

    සදකට තහනම් …

    පුංචි පැටවුගේ ලෝකය බිදුනාම
    සොදුරු කැදැල්ලේ ලස්‌සන මැරුනාම
    හිතන්න රන් කද පෙම් කල හින්දාම
    පව් සිදු වෙන්නෙත් මේ අපි දෙන්නාට ..//

    සදකට තහනම් …


    නාමල් උඩුගම්ගෙ පරන සිංදු සෙට් එකක් අහු උනා :love:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    රුවක් ඇදෙනවා කවුදෝ එනවා
    මීවිත ඇඳිරිය දෑස වසනවා....

    හද පොදි බැදි රුව දියකර පා කර
    ඔබේ ලොවට මා...මොහොතින් එනවා....

    සොදුරු යොවුන්විය මල් මඟ මුල හිද
    කිම තොල මීවිත පොඟවන්නේ....//

    නුරා විරහ ගිනි නිවා දමන්නයි
    සුරා වෙතින් මා දෙතොල තෙමන්නේ....

    නැගුනු නුරා ගිනි මිනි පොද වැටිලා
    හතර අතින් දළුලා එනවා....//
    අවන්හලේ මීවිත තනිකරලා

    වරෙන් මලේ පියවර නගලා....
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    තුරුළු වෙමින් හෙමින් සැරේ මා ලඟින් :love:
    ආදරේ කියාලා දුන් ලඳේ :)
    ආයේමත් ඔබ එන්නේ නෑ ඉතින් :no:
    මේ රිදුම් ඔබ නිසයි හදේ... :(
    මා දුකින් තියලා වෙන්වුනේ....:growl::(

    ලං උනේ එදා ආයේ වෙන් නොවේ කියා :growl:
    ආදරේ දවලා ඈම වෙන් වෙලා ගියා:growl:
    ජීවීතේම පාරලා තියා :growl:
    ආදරේ සොයලා මං තැවේ :rolleyes:
    මේ භවේම මා ඔබේ...:no:

    ආදරේ කියා කීවේ ඇයි ලඳේ එදා :growl:
    සිහිනයේ පුරාම තවම පේනවා ඔයා :sorry:
    චෝදනාව වේදනත් නිසා :growl:
    කාරණේ සොයාලා මම තැවේ :dull:
    ඒ උනාට තාම මං ඔබේ...:no:


     
    • Like
    Reactions: rcccc

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Victor Rathnayake......

    හිරකර හසරැල්ලෙන් හැඬුම්~
    අපි හිනැහෙමු සපුරා පැතුම්..
    හඳපානේ මඳ අඳුරේ~
    අත් පටලා යමු ආයේ..
     
    • Like
    Reactions: m3pium
    Status
    Not open for further replies.