ඔන්න මචන්ස්ලා අද ආවා තව අලුත් දේවල් ටිකක් අරගෙන......

.....
මම කලින් දාපු නූලෙන් කට්ටියට මේ මාතෘකාව ගැන පොඩි අවබෝධයක් ලැබෙන්න ඇති කියල මම හිතෙනවා......
ආහ්......ඒක දැකපු නැති අය ඉන්නවනම් මෙන්න ලින්කුව.....
Robotics and Automation...!!!
දැන් robo කෙනෙක් කියන්නේ මොනවගේ දෙයක්ද කියල පොඩි අවබෝධයක් ලැබෙන්න ඇති කියල හිතෙනවා හැමෝටම......අපේ එළකිරියේ කට්ටිය කැමති නැද්ද robo කෙනෙක් හදන්න.......
හැබැයි ඊට කලින් දැනගන්න දේවල් ගොඩක් තියෙනවා.......

බයවෙන්න එපා....robo කෙනෙක් හදන්න Electronics උපාධියක් ඕනේ නෑ........
අපි එහෙනම් අද මූලික විද්‍යුතය(Basic Electronics) පාඩම් මාලාව පටාන් ගම්මු...........
ඔයාලට මුලින්ම හොද අවබෝධයක් තියෙන්න ඕනේ පහත දේවල් ගැන.....
විදුලිය(Electricity)
වෝල්ටීයතාව(voltage)
ධාරාව(Current)
ප්‍රතිරෝධය(Resistance)
ඕම්ගේ නියමය(Ohm's Law)
හරි එහෙනම් එකින් එක පැහැදිලි කර ගනිමු.......
විදුලිය(Electricity)
පයිප්පයක් දිගේ ජලය ගමන් ගන්නවා වගේ තමා විදුලියටත් ගමන් කරන්න මාධ්‍යක් අවශ්‍යයි.
විදුලිය ගමන් කරන මාධ්‍යයට අපි කියන්නේ විද්‍යාවේදී විද්‍යුත් සන්නායක කියල.....විද්‍යුත් සන්නායකත් කොටස් කීපයකට බෙදෙනවා. අපි ඒ ගැන වැඩි විස්තර පස්සේ බලමු....
විද්‍යුත් සන්නායකයක් කියන්නේ නිදහස් ඉලෙක්ට්‍රෝන සහිත මාධ්‍යකට......ඉලෙක්ට්‍රෝනයකට තියෙන්නේ ඍණ විද්‍යුත් ආරෝපණයක්......
වෝල්ටීයතාව(voltage)
මේ සන්නායකයක යම්කිසි ස්ථානයක ඉලෙක්ට්‍රෝන ඝනත්වය තමා අපි වෝල්ටීයතාව ලෙස හඳුන්වන්නේ......ඉලෙක්ට්‍රෝන බහුල තැනකට සාපේක්ෂව ඉලෙක්ට්‍රෝන අඩු තැනක වෝල්ටීයතාව ධන කියල කියනවා ඒ වගේම ඉලෙක්ට්‍රෝන අඩු තැනකට සාපේක්ෂව ඉලෙක්ට්‍රෝන බහුල තැනක වෝල්ටීයතාව ඍණ කියල කියනවා...එතකොට අපි හැමෝම එදිනෙදා ජීවිතයේ භාවිතා කරන විද්‍යුත් කෝෂවල(Battery) + අග්‍රය කියන්නේ ඉලෙක්ට්‍රෝන අඩු තැන.... - අග්‍රය කියන්නේ ඉලෙක්ට්‍රෝන බහුල තැන.....වෝල්ටීයතාව මනින අන්තර්ජාතික ඒකකය තමා වොල්ටය(Volt ). මේක අපි V වලින් සංකේතවත් කරනවා.
ධාරාව(Current)
එතකොට අපි දන්නවා ඕන දෙයක් ගලන්නේ වැඩි තැන සිට අඩු තැනට.......ඒ වගේම මේ ඉලෙක්ට්‍රෝනත් වැඩි තැන (- අග්‍රය) සිට අඩු තැනට (+ අග්‍රය) ගමන් කරනවා....අන්න එතකොට තමයි ඉලෙක්ට්‍රෝන ගමන් කරන අතට විරුද්ධ දිශාවට (+ අග්‍රයේ සිට - අග්‍රයට) ධාරාවක් ගමන් කරන්නේ....ධාරාව මනින අන්තර්ජාතික ඒකකය තමා ඇම්පියරය(Ampere). මේක අපි A වලින් සංකේතවත් කරනවා.
ප්‍රතිරෝධය(Resistance)
මේකනම් අපේ රටේ ගොඩක් දෙනෙක් දන්නවා.....කකුලෙන් ඇදීම...

...අන්න ඒ වගේ මේ සන්නායකය මගින් ඉලෙක්ට්‍රෝනවල ගැලීමට කරන අවහිරය නැත්තම් බාධාව තමා අපි ප්‍රතිරෝධය(Resistance) කියල හඳුන්වන්නේ.....ප්‍රතිරෝධය මනින අන්තර්ජාතික ඒකකය තමා ඕමය(Ohm). මේක අපි Ω වලින් සංකේතවත් කරනවා.
ඕම්ගේ නියමය(Ohm's Law)
විද්‍යුතය පිලිබඳ පරීක්ෂණ කරමින් ලොවට ඉතා මහඟු සේවයක් කල භෞතික විද්‍යාඤයෙකු හා ගණිතාඤයෙකු වන Georg Simon Ohm කියන පුද්ගලයා තමා මේ නියමය ලොවට ඉදිරිපත් කලේ.....
මේ ඉන්න පුද්ගලයා.....

ඕම්ගේ නියමයෙන් කියන්නේ.....නියත උෂ්ණත්වයකදී සන්නායකයක් දිගේ විද්‍යුතය ගමන් කරද්දී....එම සන්නායකයේ දෙකෙළවර විභව අන්තරය එම සන්නායකය තුලින් ගලන ධාරාවට සමානුපාතික බවයි....

මේ සමානුපාතික නියතය තමා ප්‍රතිරෝධය කියන්නේ.....එහෙම තමයි V=IR කියන සමීකරණය නිර්මාණය වෙලා තියෙන්නේ......
හරි එහෙනම් ඔන්න අදට මේ ඇති.....දැන් යන්න ඕනේ පන්සලට.....අනික අද මගේ උපන්දිනේ....උපන්දිනේ දවසේ පිනක් දහමක් කරගන්න එක වටිනවනේ...

..මම ගියා....වැඩේ හොදයිද කියන්න...දිගටම කරන් යමු....

.....මම කලින් දාපු නූලෙන් කට්ටියට මේ මාතෘකාව ගැන පොඩි අවබෝධයක් ලැබෙන්න ඇති කියල මම හිතෙනවා......
ආහ්......ඒක දැකපු නැති අය ඉන්නවනම් මෙන්න ලින්කුව.....
Robotics and Automation...!!!
දැන් robo කෙනෙක් කියන්නේ මොනවගේ දෙයක්ද කියල පොඩි අවබෝධයක් ලැබෙන්න ඇති කියල හිතෙනවා හැමෝටම......අපේ එළකිරියේ කට්ටිය කැමති නැද්ද robo කෙනෙක් හදන්න.......
හැබැයි ඊට කලින් දැනගන්න දේවල් ගොඩක් තියෙනවා.......

බයවෙන්න එපා....robo කෙනෙක් හදන්න Electronics උපාධියක් ඕනේ නෑ........
අපි එහෙනම් අද මූලික විද්‍යුතය(Basic Electronics) පාඩම් මාලාව පටාන් ගම්මු...........
ඔයාලට මුලින්ම හොද අවබෝධයක් තියෙන්න ඕනේ පහත දේවල් ගැන.....
විදුලිය(Electricity)
වෝල්ටීයතාව(voltage)
ධාරාව(Current)
ප්‍රතිරෝධය(Resistance)
ඕම්ගේ නියමය(Ohm's Law)
හරි එහෙනම් එකින් එක පැහැදිලි කර ගනිමු.......
විදුලිය(Electricity)
පයිප්පයක් දිගේ ජලය ගමන් ගන්නවා වගේ තමා විදුලියටත් ගමන් කරන්න මාධ්‍යක් අවශ්‍යයි.
විදුලිය ගමන් කරන මාධ්‍යයට අපි කියන්නේ විද්‍යාවේදී විද්‍යුත් සන්නායක කියල.....විද්‍යුත් සන්නායකත් කොටස් කීපයකට බෙදෙනවා. අපි ඒ ගැන වැඩි විස්තර පස්සේ බලමු....
විද්‍යුත් සන්නායකයක් කියන්නේ නිදහස් ඉලෙක්ට්‍රෝන සහිත මාධ්‍යකට......ඉලෙක්ට්‍රෝනයකට තියෙන්නේ ඍණ විද්‍යුත් ආරෝපණයක්......
වෝල්ටීයතාව(voltage)
මේ සන්නායකයක යම්කිසි ස්ථානයක ඉලෙක්ට්‍රෝන ඝනත්වය තමා අපි වෝල්ටීයතාව ලෙස හඳුන්වන්නේ......ඉලෙක්ට්‍රෝන බහුල තැනකට සාපේක්ෂව ඉලෙක්ට්‍රෝන අඩු තැනක වෝල්ටීයතාව ධන කියල කියනවා ඒ වගේම ඉලෙක්ට්‍රෝන අඩු තැනකට සාපේක්ෂව ඉලෙක්ට්‍රෝන බහුල තැනක වෝල්ටීයතාව ඍණ කියල කියනවා...එතකොට අපි හැමෝම එදිනෙදා ජීවිතයේ භාවිතා කරන විද්‍යුත් කෝෂවල(Battery) + අග්‍රය කියන්නේ ඉලෙක්ට්‍රෝන අඩු තැන.... - අග්‍රය කියන්නේ ඉලෙක්ට්‍රෝන බහුල තැන.....වෝල්ටීයතාව මනින අන්තර්ජාතික ඒකකය තමා වොල්ටය(Volt ). මේක අපි V වලින් සංකේතවත් කරනවා.
ධාරාව(Current)
එතකොට අපි දන්නවා ඕන දෙයක් ගලන්නේ වැඩි තැන සිට අඩු තැනට.......ඒ වගේම මේ ඉලෙක්ට්‍රෝනත් වැඩි තැන (- අග්‍රය) සිට අඩු තැනට (+ අග්‍රය) ගමන් කරනවා....අන්න එතකොට තමයි ඉලෙක්ට්‍රෝන ගමන් කරන අතට විරුද්ධ දිශාවට (+ අග්‍රයේ සිට - අග්‍රයට) ධාරාවක් ගමන් කරන්නේ....ධාරාව මනින අන්තර්ජාතික ඒකකය තමා ඇම්පියරය(Ampere). මේක අපි A වලින් සංකේතවත් කරනවා.
ප්‍රතිරෝධය(Resistance)
මේකනම් අපේ රටේ ගොඩක් දෙනෙක් දන්නවා.....කකුලෙන් ඇදීම...

...අන්න ඒ වගේ මේ සන්නායකය මගින් ඉලෙක්ට්‍රෝනවල ගැලීමට කරන අවහිරය නැත්තම් බාධාව තමා අපි ප්‍රතිරෝධය(Resistance) කියල හඳුන්වන්නේ.....ප්‍රතිරෝධය මනින අන්තර්ජාතික ඒකකය තමා ඕමය(Ohm). මේක අපි Ω වලින් සංකේතවත් කරනවා.ඕම්ගේ නියමය(Ohm's Law)
විද්‍යුතය පිලිබඳ පරීක්ෂණ කරමින් ලොවට ඉතා මහඟු සේවයක් කල භෞතික විද්‍යාඤයෙකු හා ගණිතාඤයෙකු වන Georg Simon Ohm කියන පුද්ගලයා තමා මේ නියමය ලොවට ඉදිරිපත් කලේ.....
මේ ඉන්න පුද්ගලයා.....

ඕම්ගේ නියමයෙන් කියන්නේ.....නියත උෂ්ණත්වයකදී සන්නායකයක් දිගේ විද්‍යුතය ගමන් කරද්දී....එම සන්නායකයේ දෙකෙළවර විභව අන්තරය එම සන්නායකය තුලින් ගලන ධාරාවට සමානුපාතික බවයි....

මේ සමානුපාතික නියතය තමා ප්‍රතිරෝධය කියන්නේ.....එහෙම තමයි V=IR කියන සමීකරණය නිර්මාණය වෙලා තියෙන්නේ......
හරි එහෙනම් ඔන්න අදට මේ ඇති.....දැන් යන්න ඕනේ පන්සලට.....අනික අද මගේ උපන්දිනේ....උපන්දිනේ දවසේ පිනක් දහමක් කරගන්න එක වටිනවනේ...

..මම ගියා....වැඩේ හොදයිද කියන්න...දිගටම කරන් යමු....වැඩේ හොදනම් දන්නවනේ මොකද කරන්න ඕනේ කියල.....