අයියෝ නම අහල තිබ්බට මේ drama එක නං බලල නෑ ....![]()

meke SLBlackNight dala thibba machan link tika.. mama nam okkoma download karan baluwa...
විශ්වයෙ සැමටම යුක්තිය ඉටුවන
ලස්සන ලොවක් සදම්....
ඒ ලොව සැදුමට ඇප කැප වී නිති
මුලු ශක්තිය යොදවම්....
![]()




මචන්ලා මතකද මේ මිලේනියම් කාර්ඩ් ..??
ඒ දවස් වල මටනම් මාර පිස්සුවක් තිබ්බේ මේවා එකතු කරන්න ම්ස්ට්ර් පොප් පැකට් වල තිබ්බේ මුලින්ම
පරන කාඩ් තුන හතරක් හමු උනා අද ඔන්න කස්ටියට මතක් වෙන්න පොටෝ එකක් ගත්තා
![]()

ඉස්සර උම්බල කඩ වඩ වල පත කෑල්ලක් තියනව. දැන් තියන උම්බල කඩ වඩ වල උම්බලකඩ හොයන්න අන්වීක්ෂයක් ගේන්න ඔනෙ.
ඒකනම් ඇත්ත


ඔය මිලේනියම් කාඩ් සීන් එකේ ස්වර්ණමය යුගයට එනකොට මම 7 වසරේ හිටියේ මට අද වගේ මතකයි..පුදුම පිස්සුවකින් එකතු කලේ..ඕවගෙත් නොම්බර සීන් එකක් තිබුනා..මගේ ගාව ඔය ජාතියේ 100කට එහා ගණනක් තිබුනා..ඒ වෙද්දි ඕක බිස්නස් එකක් වෙලා..අපි ගාව නැති නොම්බරයක් තිබ්බොත් කීය දීලා හරි ගන්නවා හෝ වෙන එකකට මාරු කර ගන්නවා..(රේසින් කාර් තමා..නැඟලම ගියේ...) අන්තිමට මම ගාව නොතිබුණ කාර් දෙකක් පොරක් ගාව තිබුනා..පොරට රු50ක් දුන්නොත් දෙන්නම් කියුවා..බොරු කියන්න ඕන නෑ.ඒ කාලේ ප`ර්ස් එකේ වැඩියෙන්ම තිබ්බොත් තියෙන්නේ රු.20ක් තමා..කොහ්න්ද දැන් රු50ක් හොයන්නේ.. කොහොම හරි හෙන ගේමක් දීලා තාත්තගෙන් රු50ක් ඉස්සුවා..මීට කලින් ඔය වැඩේ කරලත් නෑ..ඊට පස්සේ කලෙත් නෑ..මොකද රු50 මිසිං කියලා තාත්තට අහු උනා..වගේම රු 50 මගේ කලිසම් සාක්කුවේ තිබිලත් තාත්තට මාට්ටු..එදා ඉතින් ලොවෙත් කෑමක් කාලා තමා ඉස්කෝලේ ගියේ..කොහොම හරි මම අරුට සීන් එක කියුවම ඌ බය උන පාර මට සල්ලිත් නොගෙනම කාඩ් 2 දුන්නා..මොකටද සල්ලි ගත්තේ කියලා ඇහුවම කියුවා පොප් එකෙන් හම්බෙන රේසීන් ආර් දෙකක් ගන්න කියලා..
කරුමෙට සීන් එක උනාට පස්සේ සතියේ පන්ති කව...ඕවට අම්මලා තාත්තලා එක්ක යන්නේ අපි පුදුම සන්තෝසෙක්න් නේ.."මොකද කියන්නේ මම අර කේස් එක කියන්නද..."තාත්තා මගෙන් අහනවා..මම එපා කියලා තාත්ත වටේ ඇඹරෙනවා..අම්මටසිරි බලනකොට මම විතරක් නෙමෙයි කොල්ලො සෑහෙන ගානක් අම්මලා තාත්තලා වටේ ඇඹරෙනවා..අන්තිමට පොදු ප්රශ්නයක් විදියට ඔය කාර් සීන් එක ආවා..ඊට පස්සේ දවසේ ඉඳලා CID එකෙන් පැන්න වගේ පැනලා ඕවා ඇල්ලුවා..ඒ වෙද්දි මම පන්තියේ මොනිටර්..කොහොම හරි මට මතකයි අර මාරි බිස්කට් දාලා තියෙන පෙට්ටියකින් එකක් වෙන්න කාඩ් අල්ලලා තිබුනා..ඔක්කොම පිච්චුවා..
මම 9 වසරට වගේ එනකොට ආවා ඔය වගේම ඩේ-කාඩ් සීන් එකක්..අන්න ඒ එකතු කරපු කාඩ් මිටි නම් මම ගාව තියෙනවා..10ට එනකොට බුක්- මාක් පිස්සුවක් ආවා..WWE උන්ගේ රූප එකතු කිරිල්ල..ඕවා මේවා තමා අපේ තිබුනේ..11ට එනකන්ම එහෙමත් එකෙක්ට කෙල්ලෙක් ගේ සීන් එකක් තිබුනා..ඉතින් උගේ කෙල්ලට පන්තියම ලව්..හොඳටම චිත්ර අඳින්න පුලුවන් එකා චිත්ර ඇඳලා දෙනවා..අකුරු ලස්සනම එකා ලියුම ලියනවා..කවි හොඳටම ලියන්න පුලුවන් එකා කවිය ලියලා දෙනවා...ඒ කාලේ එකෙක්ගේ ලව් එකක් අරන් යන්න පන්ති පිටින් බැරි නම් සෙක්ෂන් පිටින් සප් එක දෙන්නේ..
යන්තම් 89 හින්ද පැන ගත්ත..