ගොඩක් බෞද්ධ පොත් වල තියෙන්නෙ අතිශෝක්තියකින් බුදධ චරිතය වර්නනා කරපු එක. මේ පොත තමයි බුදධ චරිතය දැනට කියවපු දැනට මම කියවපු හොදම පොත. නිකන් බොරුවට NGO ගාව ගන්න එපා බන්...
මාර්ටින් වික්‍රමසින්හ මහත්තය කියන්නෙ ලන්කාවෙ පහල වුන හොදම බුද්දිමතෙක්. එතුමා හැම දෙයක්ම විද්‍යාත්මක ව Analyze කරපු කෙනෙක් . ඒකයි O/L වත් නොකර උනාට, පරිනාමය ගැන පලවෙනි සින්හල පොත ලියුවෙ "සත්ව සන්තතිය" කියල.
මම හිතන්නේ ඔය මට වඩා වැඩිමල් කෙනෙක්..අයියට පුලුවන්නම් ඔප්පු කරලා පෙන්නන්න අනිත් පොත්වල තියෙන බුද්ධ චරිතය අතිශෝක්තියෙන් පිරුණු එකක් කියන ..එතකොට මන් පිළිගන්නම්..මන් එතුමාගේ පොත් කියවල තියෙනව..නමුත් වැරදි දේ වැරදි කියල මන් දකින්නේ..මේක තරහකින් කියන දෙයක් නෙමෙයි..බුද්ධ චරිතය ට්‍රිපිටකයේ පන්සීය පනස් ජාතක පොතේ ඊටපස්සේ අටුවාවේ සදහන් විදියට අපි අද දකින්නේ..ඒ කලේ මිනිස්සු බුදුන් දැක්කට අපි දැන් දකින්නේ න..ඒ නිසා අපිට කියන බැහැ ඒවා අතිශෝක්තියක් කියල..නමුත් මම ඒ දේවල් පිළිගන්නේ ශ්‍රද්දව නිසා..අපි කෙනෙක්ට තාත්ත කිව්වට එය අපේ අම්මත් එක්ක අපිව වදනවා අපි දැකල නැනේ අයිය..නමුත් අපි තාත්ත කියනවා අම්ම අපිට පුරුදු කල නිසා..ඒ වගේ තමා..කවද හරි බුද්දාගම නැති වෙනවා කියල බුදුහාමුදුරුවෝ කියල තියෙනවනේ..ඔය එකට එක උදාහරණයක්..මාර්ටින් වික්‍රමසිංහ මහත්මය ගැන මන් පස්සේ වෙලාවක දන්වන්නම්..
ඉස්තුති
මම ලඟදි කියවපු හොඳ පොත් 3ක්
බුද්ධදාසි - සුනේත්‍රා රාජකරුණානායක
කවිකඳුර - සුනේත්‍රා රාජකරුණානායක
කරුමක්කාරයෝ - ගුණදාස අමරසේකර
ඔබගේ මතයට ගරු කරමි...
මේ ගැන පසුව වාද කරමු. අනිවා ...... ඕක ෆුල් සිරා මාතෘකාවක්.
දැනට තමුන් දන්න කියන හොද පොත් ගැන කතා කරමුද..
මම අයිය ඔයාල තරම් ගොඩක් පොත් කියවන්නේ නෑ..නමුත් සමාජයේ ප්රසිඉදියට පත් වෙච්ච ඒවා කියවල බලනවා..උදාහරණක් හරි පුදුම ඉස්කෝලේ පොත මන් පොඩි කලේ කියෙව්වේ..මන් වැඩියෙන් කැමැති චරිත කතා කියවන්න..මන් කියෙව්වා වීදිය බණ්ඩාර කියල පොතක්..එක කෝට්ටේ පැත්තේ හිටපු හොඳ රණකාමියෙක්ගේ කතාවක්..එය කොච්චර දක්ෂද ක්වොථ් රජතුමා එයාගේ දුවව පවා බැඳලා දෙනවා..පසේ කලෙක එය එයාගේ ගනිව..ඒ කියන්නේ කුමරියව මරනවා දියේ ගිල්වල..ලොකු කතාවක්..ජීවිතේට ගන්න පාඩම් එමටයි..මරණයත් වෙන්නේ අවාසනාවන්ත විදියකට..සිංහලයෙක් වශයෙන් මට ඒ කතාව කියවද්දී ඇහැට කදුලක් අවා..මන් ඒ කතාවේ සත්‍ය අසත්‍ය තාවත් ඉතිහාසය ගැන දන්නා මන් දන්නා කියන අයගෙන් අහල දැනගත්ත..මට එක පාරටම පොත හොයාගන්න බෑ..නමුත් මන් එකේ විස්තර ඔයාට දෙන්නම්..
ස්තුති
ela..mamath gatta..![]()

මාර්ටින් වික්‍රමසින්හ මහත්තය බුද්ධ චරිතය ගැන ලියපු පොතක්.
ගොඩක් බෞද්ධ පොත් වල තියෙන්නෙ අතිශෝක්තියකින් බුදධ චරිතය වර්නනා කරපු එක.
මේ පොත තමයි බුදධ චරිතය ගැන දැනට කියවපු හොදම පොත.

එල ... යමක් ඉගෙන ගන්න පුළුවන් පොතක්
![]()
![]()
මේක අරන් කියවල බලන්න ඕන![]()
The ODESSA FILE
හිට්ලර්ගේ SS හමුදාව
Written by: Frederick Forsyth
සිංහල පරිවර්ථනය: අභය හේවාවසම්
සූරිය ප්‍රකාශකයෝ
![]()
මේක මම කියවලා තියෙන පොත් වලින් හොදම එක. අවසානය අපි කවදාවත් නොහිතන විදිහේ එකක්. මේක දෙවන ලෝක සංග්රාමයෙන් පස්සේ ජර්මනියේ සිද්ධ වෙන කතාවක්. මිලර් කියන ජර්මානු පත්තර වාර්තා කරැවා SS කපිතාන් කෙනෙක් හොයාගෙන යන කථාවක් තියෙන්නේ. යුද්ධෙ කාලේ නාසි කදවුරැ වල යුදෙව්වන්ට සිද්ධ වුන මිලේච්ජ ක්‍රියාවන් ගැනත් හොද අවබෝධයක් ගන්න පුලුවන්. නවත්තන්නේ නැතුව එක දිගට කියවගෙන යන්න පුලුවන් කථාවක්.
මේක ගැන චිත්‍රපටියකුත් හැදිලා තියෙනවා 1974 දි
http://www.imdb.com/title/tt0071935
පොත් ප්‍රදර්ශනයේ සූරිය පොත් ප්රකාශකයින්ගේ Stall එකෙන් ගන්න පුලුවන් වෙයි. අනිවාර්්‍යෙයන්ම කියවන්න. වියදම් කරන මුදලට වඩා වටින පොතක්.
![]()
ටෙට්සුකෝ කුරයානගි ලියපු "A little girl at the window" කියන ජපන් පොතෙ Translation එක.
ගොඩක් උන් කියවල් ඇති. නැති උන් කියවපන්. නැත්නම් ලමයෙකුටවත් අරන් දීපන්.
අනිවාර්යෙන් ම කියවන්න ඕන පොතක්
මෙකත් සුපිරි පොතක්
![]()
"Psyco" කියලමයි සින්හලෙන් තියෙන්නෙත් Multiple Personality Disorder ගැන කියන පොතක්.
මෙකෙ Movie එකත් තියනව ඕනනම් දෙන්නම් PM කරපල්ල
